Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට කෙලවුනා.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරදුන් දෙව්රමෙහි වැඩසිටින සමයෙක පාප කර්මයෙන් සොරකමට යොමු වූ එක්තරා සොර කණ්ඩායමක් රාත්‍රියක නගරයෙහි ජලය බැහැරට ගලා යන කාණුවක් දිගේ රහසින් පැමිණ, මහා ධනවතකුගේ නිවසට ඇතුළු වූහ. එහි තිබූ බොහෝ රන් රිදී මසු කහවණු සියල්ල පැහැර පැමිණි මග දිගේම ආපසු පිටත්ව ගියහ. ඔවුහු රාත්‍රියෙහි කුඹුරක් අසලට ගොස් මෙම සොරා ගත් දෑ බෙදා හදා ගන්නට වූහ.

මෙම සොරුන් අතරෙහි වූ එක් නීච හොරෙක් අනෙක් සොරුන්ට නොදැනෙන සේ කහවණු දහසක් වෙනම පොට්ටනියක් සේ බැඳ තම උකුලෙහි තබා ගනිමින් අනෙක් රන්මිණි මුතු මැණික් බෙදාලීමෙහි යෙදුණේ ය. උදෑසන පහන් වන්නට ආසන්න වූ හෙයින් ඔවුහු ධනය කොටස් කොට ගෙන ඉක්මණින්ම යාමට පිටත් වූහ. කහවණු දහසේ පොදිය උකුලෙහි තබා සිටි නීච සොරා නැගිටින විට එය අමතක වී බිමට වැටිණි. එය ආපසු ගන්නට ඔහුට නොහැකි විය. ඒ බව නොදත් සොරු තම තමන්ගේ ගම් බිම් වෙත ළඟා වූහ.

එදින අලුයම් වේලෙහි ලොව බලා වදාරන බුදුරදුනට මේ මුදල් තොගය වැටී තිබූ තැන ඇති කුඹුරෙහි සී සාන්නට එන ගොවියෙකු මේ මුදල් ටික අහුලා ගැනීම නිසා සොරෙකු ලෙස චෝදනාවට ලක්වන අයුරු දැක මෙම ගොවියාට සෝවාන් වීමේ වාසනා මහිමයද ඇති හෙයින් මොහු එයින් මුදා ගනිමියි සිතා බුදුපියාණෝ අනඳ තෙරුන් සමඟ මෙම කුඹුර දෙසට වඩින්නට වූහ. පාන්දරින් ම කුඹුරට එන්නට පුරුදුව සිටි ගොවියා එදිනද වෙනදා මෙන්ම සී සෑම උදෙසා කුඹුරට ළඟා විය. සී සාන්නට කුඹුරට බට ගොවියාට තම කුඹුර අසලින් බුදුහිමියන් වඩින බව දැක සී සෑම නතර කොට වහාම ගොඩට විත් බුදුරදුන්ට නමස්කාර දක්වා ආපසු සීසාන්නට වූහ.

මේ අතරෙහි ඒ ආසන්නයෙහිම වැටී තිබූ කහවණු පොදිය දුටු බුදුපියාණෝ ගොවියාට ඇසෙන්නට ‘ආනන්දය සර්පයා දුටුවෙහිදැයි’ කිහිප විටක්ම ඇසූහ. ස්වාමීනි ඒ විෂ ඝෝර සර්පයා දුටුවෙමි’යි ආනන්ද තෙරණුවෝද කිහිප විටක් පිළිතුරු දුන්හ. අනතුරුව මේ ප්‍රකාශයෙන් මෙම ගොවියාට මහත් සෙතක් වන බව දත් බුදුපියාණෝ එතැනින් නික්ම ගියහ. බුදුහිමියන්ගේ මෙම කතාව අසා සිටි ගොවියා සී සෑම නතර කොට තම කුඹුරෙහි කවර තැනෙක හෝ විෂඝෝර සර්පයෙකු වෙති’ යි සිතා ඌ මරා දමමි’යි මුගුරක් ද රැගෙන කුඹුරෙන් ගොඩට පැමිණ ඔබ මොබ සොයන්නට විය. එහෙත් සර්පයෙකු නොදුටු ඔහුට කාසි පොදිය හමුවිය. විශාල මුදලක් හිමි වූ බව සිතා ගත් ගොවියා තම පාදයෙන් වළක් කැණු එහි මසුරන් පොදිය බහා පසින් වසා ආපසු කුඹුරට බැස සී සාන්නට විය.

සොරුන් බිඳි ධනවත් නිවසෙහි ඇත්තෝ උදෑසන පිබිද තමන්ට සිදුව ඇති විපත දැක මහත්සේ කම්පාවට පත්වූහ. අනතුරුව නිවැස්සෝ සොරුන් පැමිණ ඇති මාර්ගය පා සටහන් ඔස්සේ සොයන්නට වූහ. එම පා සටහන් ඔස්සේ සොයා ගෙන පැමිණි ගෙහිමියනට සොරුන් නැවතී මුදල් බෙදා ගත් තැන හමු විය. එතැනින් සොරුන් විසිරී ගිය හෙයින් පා සටහන් සෙවිය නොහැකි විය. ධනවතුන් කල්පනා කළේ මෙම කුඹුරෙහි සී සානු ලබන්නේ ඒකාන්තයෙන් ම මෙම සොරා විය යුතුය කියාය. ඔවුන් තවදුරටත් පා සටහන් විමස විමසා යද්දී ගොවියාගේ පාදයෙන් පොළව සාරා තිබූ ස්ථානය හසු විය. එය කැණ බැලූ විට කහවණු පොදිය හමු විය. ගොවියා සොරා බවට පත්විය. රාත්‍රියෙහි තම නිවස බිඳ ධනය සොරකම් කොට රැගෙන විත් දහවල ගොවියෙකු සේ රඟ දක්වන්නේ යයි චෝදනා කොට තලා පෙළා රජතුමන් ඉදිරියට රැගෙන ගියේ ය.

සියල්ල රජු හමුවට ඉදිරිපත් කළ විට ඒකාන්තයෙන්ම මොහු සොරා යයි නිශ්චය කොට මරණ දඬුවම නියම කළේ ය. රාජ පුරුෂයෝ ඔහු අල්වා බැඳ කසවලින් පහර දිදී වධ බන්ධනයට ලක් කරමින් මරණයට රැගෙන ගියහ. කසයෙන් තැලුම් කන ගොවියා කිසිත් නොකියා බුදුරදුන් වදාළ ‘ආනන්ද සර්පයා දැක්කෙහිද? එසේය ස්වාමීනි විෂඝෝර සර්පයා දුටුවෙමි” යන්න පමණක් කාටත් ඇසෙන ලෙස කියන්නට විය. මේ කවර කතාවක්දැයි රාජපුරුෂයන් විමසූ විට ගොවියා පළ කළේ එය බුදුරදුන්ගේ කතාවක් බවයි. එය කවරක්දැයි විමසූ විට එය රජුන් හමුවේ පමණක් කියන්නෙමි’යි කීය. එවිට රාජපුරුෂයෝ මෙම ගොවියා නොතලා ආපසු රජුන් හමුවට රැගෙන විත් මොහු මෙවන් දෙයක් කියන්නේ යයි පැමිණිලි කළෝ ය.

ඒ කියන කතාව කිමෙක්දැයි රජතුමා ගොවියාගෙන් ප්‍රශ්න කළේ ය. එවිට තමා සොරෙකු නොවන බවත් අහිංසක ගොවියෙකු වන බවත් උදෑසනම කුඹුරට පැමිණ, සී සෑමෙහි දී යෙදුණු බවත් එදින සිදු වූ සිදුවීමත් රජතුමාට කියා සිටියේ ය. රජතුමා මොහුගේ කතාව පරීක්ෂා කරමි’යි සිතා එදින සවස් යාමෙහි ගොවියාද රැගෙන දෙව්රම් වෙහෙරට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්ස, අද උදයෙහි ඔබවහන්සේ අනඳ තෙරුන් ද සමඟ මේ ගොවියා සී සාන කුඹුර අසළට වැඩි සේක්දැයි විමසා සිටියේ ය. එසේය මහරජ තමන් වහන්සේ වැඩියෙමි යි පිළිවදන් දුන්හ. එහිදී ‘යමක් දුටුවෙහිද? භාග්‍යවතුන් වහන්ස’ යනුවෙන් රජතුමා නැවත ඇසීය. එසේය මහරජ තමන් දහසින් බැඳි පියල්ලක් වැටී තිබෙනු දැක මෙම ගොවියා ඒ ඔස්සේ විපතට වැටෙනු දැන’ ආනන්දය සර්පයා දුටුවෙහිද?’ යනුවෙන් කී බවත් ආනන්ද තෙරුන් එයට දුන් පිළිතුරත් බුදුහිමියෝ රජුට වදාළහ.

ඒ ඇසූ රජතුමා මෙම ගොවියා ගැන මහත් සේ සතුටුව ඔහු සොරෙකු නොවන බව දැන තථාගතයන් වහන්සේ කී වචනම එලෙසම කිය කියා මරණයට ගිය හෙයින් එම වචනයේ බලයෙන් ම ජීවිතය ලද බවත් නැතහොත් මොහු සොරෙකු සේ සලකා මරණයට ලක් වන අයුරුත් රජතුමා බුදුහිමියන්ට කියා සිටියේ ය. එවිට බුදුහිමියන් වදාළේ යම් නුවණැත්තෙකු යමක් කොට එයින් පසුතැවිල්ලට හේතු වන්නේ ද එවන් දෑ කිසි විටෙකත් නොකළ යුතු බවයි. මේ දහම ඇසූ ගොවියා සෝවාන් වී සසර කෙටිකර ගත්තේ ය.

අන්‍යයන්ගේ මුදල් සර්පයෙකු වූයේ පෙර අතීතයෙහි පමණක් නොවේ. මේ දහම සාර්වත්‍රිකය. කවර කාලයක වුව අන්‍යයන්ගේ මුදල් නොනිසි මාවත් ඔස්සේ තමා සතු කර ගන්නට කුමන්ත්‍රණ කරන කවරෙකුට වුව ගොවියා විඳි දුක් ගැහැට විඳින්නට සිදුවනු ඒකාන්තය.

www.budusarana.lk

[QUOTE="dmtx, post: 28682404, member: 382996"] [JUSTIFY] බුදුරදුන් දෙව්රමෙහි වැඩසිටින සමයෙක පාප කර්මයෙන් සොරකමට යොමු වූ එක්තරා සොර කණ්ඩායමක් රාත්‍රියක නගරයෙහි ජලය බැහැරට ගලා යන කාණුවක් දිගේ රහසින් පැමිණ, මහා ධනවතකුගේ නිවසට ඇතුළු වූහ. එහි තිබූ බොහෝ රන් රිදී මසු කහවණු සියල්ල පැහැර පැමිණි මග දිගේම ආපසු පිටත්ව ගියහ. ඔවුහු රාත්‍රියෙහි කුඹුරක් අසලට ගොස් මෙම සොරා ගත් දෑ බෙදා හදා ගන්නට වූහ. මෙම සොරුන් අතරෙහි වූ එක් නීච හොරෙක් අනෙක් සොරුන්ට නොදැනෙන සේ කහවණු දහසක් වෙනම පොට්ටනියක් සේ බැඳ තම උකුලෙහි තබා ගනිමින් අනෙක් රන්මිණි මුතු මැණික් බෙදාලීමෙහි යෙදුණේ ය. උදෑසන පහන් වන්නට ආසන්න වූ හෙයින් ඔවුහු ධනය කොටස් කොට ගෙන ඉක්මණින්ම යාමට පිටත් වූහ. කහවණු දහසේ පොදිය උකුලෙහි තබා සිටි නීච සොරා නැගිටින විට එය අමතක වී බිමට වැටිණි. එය ආපසු ගන්නට ඔහුට නොහැකි විය. ඒ බව නොදත් සොරු තම තමන්ගේ ගම් බිම් වෙත ළඟා වූහ. එදින අලුයම් වේලෙහි ලොව බලා වදාරන බුදුරදුනට මේ මුදල් තොගය වැටී තිබූ තැන ඇති කුඹුරෙහි සී සාන්නට එන ගොවියෙකු මේ මුදල් ටික අහුලා ගැනීම නිසා සොරෙකු ලෙස චෝදනාවට ලක්වන අයුරු දැක මෙම ගොවියාට සෝවාන් වීමේ වාසනා මහිමයද ඇති හෙයින් මොහු එයින් මුදා ගනිමියි සිතා බුදුපියාණෝ අනඳ තෙරුන් සමඟ මෙම කුඹුර දෙසට වඩින්නට වූහ. පාන්දරින් ම කුඹුරට එන්නට පුරුදුව සිටි ගොවියා එදිනද වෙනදා මෙන්ම සී සෑම උදෙසා කුඹුරට ළඟා විය. සී සාන්නට කුඹුරට බට ගොවියාට තම කුඹුර අසලින් බුදුහිමියන් වඩින බව දැක සී සෑම නතර කොට වහාම ගොඩට විත් බුදුරදුන්ට නමස්කාර දක්වා ආපසු සීසාන්නට වූහ. මේ අතරෙහි ඒ ආසන්නයෙහිම වැටී තිබූ කහවණු පොදිය දුටු බුදුපියාණෝ ගොවියාට ඇසෙන්නට ‘ආනන්දය සර්පයා දුටුවෙහිදැයි’ කිහිප විටක්ම ඇසූහ. ස්වාමීනි ඒ විෂ ඝෝර සර්පයා දුටුවෙමි’යි ආනන්ද තෙරණුවෝද කිහිප විටක් පිළිතුරු දුන්හ. අනතුරුව මේ ප්‍රකාශයෙන් මෙම ගොවියාට මහත් සෙතක් වන බව දත් බුදුපියාණෝ එතැනින් නික්ම ගියහ. බුදුහිමියන්ගේ මෙම කතාව අසා සිටි ගොවියා සී සෑම නතර කොට තම කුඹුරෙහි කවර තැනෙක හෝ විෂඝෝර සර්පයෙකු වෙති’ යි සිතා ඌ මරා දමමි’යි මුගුරක් ද රැගෙන කුඹුරෙන් ගොඩට පැමිණ ඔබ මොබ සොයන්නට විය. එහෙත් සර්පයෙකු නොදුටු ඔහුට කාසි පොදිය හමුවිය. විශාල මුදලක් හිමි වූ බව සිතා ගත් ගොවියා තම පාදයෙන් වළක් කැණු එහි මසුරන් පොදිය බහා පසින් වසා ආපසු කුඹුරට බැස සී සාන්නට විය. සොරුන් බිඳි ධනවත් නිවසෙහි ඇත්තෝ උදෑසන පිබිද තමන්ට සිදුව ඇති විපත දැක මහත්සේ කම්පාවට පත්වූහ. අනතුරුව නිවැස්සෝ සොරුන් පැමිණ ඇති මාර්ගය පා සටහන් ඔස්සේ සොයන්නට වූහ. එම පා සටහන් ඔස්සේ සොයා ගෙන පැමිණි ගෙහිමියනට සොරුන් නැවතී මුදල් බෙදා ගත් තැන හමු විය. එතැනින් සොරුන් විසිරී ගිය හෙයින් පා සටහන් සෙවිය නොහැකි විය. ධනවතුන් කල්පනා කළේ මෙම කුඹුරෙහි සී සානු ලබන්නේ ඒකාන්තයෙන් ම මෙම සොරා විය යුතුය කියාය. ඔවුන් තවදුරටත් පා සටහන් විමස විමසා යද්දී ගොවියාගේ පාදයෙන් පොළව සාරා තිබූ ස්ථානය හසු විය. එය කැණ බැලූ විට කහවණු පොදිය හමු විය. ගොවියා සොරා බවට පත්විය. රාත්‍රියෙහි තම නිවස බිඳ ධනය සොරකම් කොට රැගෙන විත් දහවල ගොවියෙකු සේ රඟ දක්වන්නේ යයි චෝදනා කොට තලා පෙළා රජතුමන් ඉදිරියට රැගෙන ගියේ ය. සියල්ල රජු හමුවට ඉදිරිපත් කළ විට ඒකාන්තයෙන්ම මොහු සොරා යයි නිශ්චය කොට මරණ දඬුවම නියම කළේ ය. රාජ පුරුෂයෝ ඔහු අල්වා බැඳ කසවලින් පහර දිදී වධ බන්ධනයට ලක් කරමින් මරණයට රැගෙන ගියහ. කසයෙන් තැලුම් කන ගොවියා කිසිත් නොකියා බුදුරදුන් වදාළ ‘ආනන්ද සර්පයා දැක්කෙහිද? එසේය ස්වාමීනි විෂඝෝර සර්පයා දුටුවෙමි” යන්න පමණක් කාටත් ඇසෙන ලෙස කියන්නට විය. මේ කවර කතාවක්දැයි රාජපුරුෂයන් විමසූ විට ගොවියා පළ කළේ එය බුදුරදුන්ගේ කතාවක් බවයි. එය කවරක්දැයි විමසූ විට එය රජුන් හමුවේ පමණක් කියන්නෙමි’යි කීය. එවිට රාජපුරුෂයෝ මෙම ගොවියා නොතලා ආපසු රජුන් හමුවට රැගෙන විත් මොහු මෙවන් දෙයක් කියන්නේ යයි පැමිණිලි කළෝ ය. ඒ කියන කතාව කිමෙක්දැයි රජතුමා ගොවියාගෙන් ප්‍රශ්න කළේ ය. එවිට තමා සොරෙකු නොවන බවත් අහිංසක ගොවියෙකු වන බවත් උදෑසනම කුඹුරට පැමිණ, සී සෑමෙහි දී යෙදුණු බවත් එදින සිදු වූ සිදුවීමත් රජතුමාට කියා සිටියේ ය. රජතුමා මොහුගේ කතාව පරීක්ෂා කරමි’යි සිතා එදින සවස් යාමෙහි ගොවියාද රැගෙන දෙව්රම් වෙහෙරට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්ස, අද උදයෙහි ඔබවහන්සේ අනඳ තෙරුන් ද සමඟ මේ ගොවියා සී සාන කුඹුර අසළට වැඩි සේක්දැයි විමසා සිටියේ ය. එසේය මහරජ තමන් වහන්සේ වැඩියෙමි යි පිළිවදන් දුන්හ. එහිදී ‘යමක් දුටුවෙහිද? භාග්‍යවතුන් වහන්ස’ යනුවෙන් රජතුමා නැවත ඇසීය. එසේය මහරජ තමන් දහසින් බැඳි පියල්ලක් වැටී තිබෙනු දැක මෙම ගොවියා ඒ ඔස්සේ විපතට වැටෙනු දැන’ ආනන්දය සර්පයා දුටුවෙහිද?’ යනුවෙන් කී බවත් ආනන්ද තෙරුන් එයට දුන් පිළිතුරත් බුදුහිමියෝ රජුට වදාළහ. ඒ ඇසූ රජතුමා මෙම ගොවියා ගැන මහත් සේ සතුටුව ඔහු සොරෙකු නොවන බව දැන තථාගතයන් වහන්සේ කී වචනම එලෙසම කිය කියා මරණයට ගිය හෙයින් එම වචනයේ බලයෙන් ම ජීවිතය ලද බවත් නැතහොත් මොහු සොරෙකු සේ සලකා මරණයට ලක් වන අයුරුත් රජතුමා බුදුහිමියන්ට කියා සිටියේ ය. එවිට බුදුහිමියන් වදාළේ යම් නුවණැත්තෙකු යමක් කොට එයින් පසුතැවිල්ලට හේතු වන්නේ ද එවන් දෑ කිසි විටෙකත් නොකළ යුතු බවයි. මේ දහම ඇසූ ගොවියා සෝවාන් වී සසර කෙටිකර ගත්තේ ය. අන්‍යයන්ගේ මුදල් සර්පයෙකු වූයේ පෙර අතීතයෙහි පමණක් නොවේ. මේ දහම සාර්වත්‍රිකය. කවර කාලයක වුව අන්‍යයන්ගේ මුදල් නොනිසි මාවත් ඔස්සේ තමා සතු කර ගන්නට කුමන්ත්‍රණ කරන කවරෙකුට වුව ගොවියා විඳි දුක් ගැහැට විඳින්නට සිදුවනු ඒකාන්තය. [URL="http://www.budusarana.lk"]www.budusarana.lk[/URL][/JUSTIFY] [HR][/HR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom