Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට නෑ, මට බෑ කියලා හිතෙන අයට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නෑ, මට බෑ කියලා හිතෙන අයට...

උපුල් ශාන්ත සන්නස්ගල මේ රටේ ජනප්‍රිය උසස් පෙළ සිංහල ගුරුවරයකු බව අවිවාදිත කරුණකි. එසේම විදග්ධ සංස්කෘතිය යනු කුමක්දැයි යන විනිශ්චයේ දී බොහෝ කොට බැණුම් අසන ලද්දෙකි.

මුල් කාලයේ අතිශය දරිද්‍රතාවෙන් පෙළුණු සන්නස්ගල කොළොම්තොට පාදඩයන් අතරේ ද කලක් ජීවත් විය. ලෝකය හා ජීවිතය වඩාත් සුන්දර තැනක් කිරීම අරබයා අදත් වැර වෑයමක යෙදෙන ඔහු තම මෑණියන් පිළිබඳ ‘මතකය’ මෙසේ අව්‍යාජව හෙළිකරයි. අපි සරල කටවහරින් කැරෙන මෙබසට ඇහුම්කන් දෙමු.

මම අදත් විශ්වාස කරනවා මගේ ජීවිතය නිර්මාණය කෙළේ ආදරය සහ කුසගින්න කියලා. හරියට වම් අත යි, දකුණු අතයි වගේ. ‘මැක්සිම් ගෝර්කි’ කියලා තියෙනවා ‘ලොව සියල්ල නිර්මාණය වන්නේ මවගේ කිරිවලින් සහ හිරුගේ රැස්වලිනි’ කියලා. ඒ වගේ මගේ ජීවිතේ නිර්මාණය කරන්නෙ ආදරය සහ කුසගින්න.

අම්මා පිළිබඳව මට මුලින්ම මතක් වෙන්නෙ, අපි ඔක්කො ම අම්මගෙ චීත්තෙ පොරවගෙන රෑට නිදාගන්න එක. අපේ පැත්ත සීතලයි. අපේ නිවෙස්වල පොරවන්න රෙදි තිබුණෙ නෑ. ඒ නිසා අම්මගේ චීත්තයට පොරකනවා ඒක පොරවගන්න. අපේ පවුලේ දහදෙනයි. අම්මගෙ උණුසුම දැනෙන නිසා සුවඳ දැනෙන නිසා ඒක ලබාගන්න අපි පොර කනවා.

මට පස්සෙ කාලේ අවබෝධ වුණා අම්මගෙ චීත්තය කියන්නෙ බොහෝ ම සුවඳ වස්ත්‍රයක් නෙමෙයි කියලා. ඒ වගේම අම්මගෙ සුවඳ කියලා අපි කියන්නෙ අම්මගෙ සොටු, දහදිය, උයලා පිහලා ඉඳුල් දැලි ගෑවුණ සුවඳට. අපි එතකොට ආදරෙයෙන් වැලඳගෙන තියෙන්නෙ අම්මගෙ වේදනාව. අම්මගේ චීත්තය එයින් අපිට අම්මගෙ සුවඳ දැනෙනවා.

මම උපන් දා ඉඳන් අම්මගේ ආදරය මට ලැබුණා. මම උපදින කොට අපේ අම්මට 48යි. මම පවුලේ 11 වැනියා. අවු. 6දී මම පාසල් ගිහින් ආවා ම මම මව්කිරි බිව්වා. මට තවම හොඳට මතකයි ගමේ ගෑනියෙක් කිව්වා “ඕකෙ කොහොඹ ගාපං කියලා” ඒ මම හැමතිස්සෙම අම්මගෙ තනය උරන නිසා. මම තනයෙ එල්ලිලා මව්කිරි බිව්වට අපේ අම්මගෙ තනයේ මට දෙන්න මව්කිරි තිබිලා නෑ.

ඒ නිසා අම්මා කරන්නෙ කහට කෝප්පයක් හදාගෙන තියන් කහට බිංදු ඇඟිල්ලට අරන් මගෙ කටේ තියන එක. ඒ මගේ බඩගිනි නිවන්න. කිරි නැති වෙන්න හේතුව අපේ පවුලෙ 10 දෙනෙක්. මම 11 වැනියා. මට අවු.12 වෙනකොට අම්මට 60ක් විතර. මට මතකයි ඉස්සර අම්ම ඉස්කෝලෙට එනකොට යාළුවො කියනවා Qමේ එන්නෙ උඹෙ අම්ම නෙවෙයි ආච්චි’ කියලා. නිකං හරි උර උර ඉන්න අම්ම තනය දුන්න එකෙන් මා අදහස් කරන්නේ අම්ම මට තිබුණු ආදරේ තරම.

අප්පච්චි ගොවියෙක් වුණත් අපි දරිද්‍රතාවේ පතුළට ම ගියා. මට තවමත් හොඳට දැනෙනවා මැටි මුට්ටියේ බත ඉදෙන සුවඳ. තියෙන අප්‍රමාණ කුසගින්න නිසා ලුණු ටිකක් ඉහලා ඉක්මනට බත් කනවා.

මිනිස්සු ලුණුයි බතුයි කන්නෙ හීල් බත් එක්ක නෙමෙයි. උණු බත් එක්ක. දැඩි ම කුසගින්න නිසා ලුණුයි බතුයි කෑවා. දුප්පත් මිනිස්සු ලුණුයි බතුයි කනවා කියන කතාව ඇත්ත.

අපේ පවුලෙ පිරිමි 05යි. ගැහැනු 05යි. දුප්පත්කම කොච්චර වුණත් අම්මා කතරගම දෙවියන්ට ගිහින් බාර වුණාලු ඊළඟ එකා පුතෙක් වෙන්න කියලා. දරුවො සමාන වෙන්න.

ඊළඟට මට තියෙන මතකය චූටි කුස්සියේ අපි දහදෙනා පෝළිමට වාඩි වෙනවා. කෑම කන්න. අපි කන්නෙ බෙලෙක් පිඟන්වල. එක එක්කෙනාගෙ පිඟන් එක එක තරමෙ. ලොකු අයියට ගොඩක් කන්න ඕනෙ. මොකද ඌ කුඹුරෙ යනවා.

මහන්සි වෙන නිසා. ඒගොල්ලන්ගෙ පිඟාන ගැඹුරුයි. අම්මා මුලින් ම බෙදන්නෙ අප්පච්චිට. ඊට පස්සෙ අපිට. පිඟන් අඩු වුණා ම අක්කලා කන්නෙ මඩක්කුවේ. (අඩි වළඳේ) හැමෝට ම බෙදලා අම්මා කවදාවත් බෙදාගන්නෙ නෑ. අපි 10 හරි 8 හරි ඉන්න අය කනතුරු අපේ අම්මා බත් බෙදාගන්නෙ නෑ.

අපි බත් ටික මුලින් ම වේගෙන් කාලා අන්තිමට ඇටේ ඇටේ කනවා. අපි දෙවෙනි පාර කන්න ආස වුණත් බෙදා ගන්නෙ නැත්තෙ අපෙ අම්ම කෑවෙ නැති නිසා. අම්මට කන්න තරම් බත් මුට්ටියේ තියෙනවද කියලා දන්නෙ නැති නිසා. එතකොට අම්මා දන්නවා අපි නොකා ඉන්නෙ අම්මට නැති නිසා කියලා. අන්න ඒ වෙලාවට බත් මුට්ටිය පෙන්නලා අම්මා ලස්සන වචනයක් කියනවා.

”මට තියෙනවා මයෙ පුතේ, උඹලා තව චුට්ටක් කාපං” කියලා.

දැන් අප්‍රමාණව අම්මට තියෙන ආදරය වැඩිවෙනවා. බඩගින්න ජීවිතය උගන්වනවා. අන්න එහෙම තමයි කුසගින්න එක්ක ආදරේ ගොඩනැඟෙන්නේ.

රෑට හිල්වෙච්ච ටකරං අස්සෙන් එළිය වැටෙනවා ‘ටෝච්’ එක ගැහුවා වාගේ ගොම පොළොවට. අපි අඟුරු කෑලි අරන් ඒවා රවුම් කරනවා. එතකොට ටික වෙලාවක් ගියා ම ගොම පොළොවෙ ලස්සන රටාවක් මැවෙනවා. අපිට බිම අඳින්න අඟුරු කෑල්ල දෙන්නෙ අම්මා. අම්මට අකුරක්වත් බෑ.

මෙහෙම යනකොට ශිෂ්‍යත්වේ පාස්වෙනවා මම. යහළබැද්ද කනිටු විදුහලින්. ඒ කාලයේ මගේ ශිෂ්‍යත්ව පන්තියේ ගුරුවරු වුණේ කරුණාරත්න ගුරුතුමා සහ මල්ලිකා දාබරේ ගුරුතුමිය. ඈ දැන් වත්තල පැත්තේ ඉන්නවා.

මම හපුතලේ නගරයේ. ගම යහළබැද්ද. අම්මගේ නම පුංචි මැණිකා.

දරුවෙක්ට තියෙන ලොකු ම ආසාව තමයි තමාව අගය කිරීම. හැබැයි ජප්පත් අකුරු නූගත් දෙමව්පියෝ දරුවා රටේ නායකයා වුණත් ඇත්තද බොල? කියලා අහයි. ඉතින්, ශිෂ්‍යත්වෙ පාස් වුණාම අම්මා මාව අගය කළා.

ගෙවල් ගාව හිටියා මනි අම්මා කියලා ගෑනියෙක්. ඒ කාලේ එයා බිත්තර විකිණුවා. බිත්තරයක් සත හතළිහයි. ඒ කාලේ බිත්තර හරියට අධිනිශ්චය වෙලා තිබ්බේ. අපේ අම්මා එක බිත්තරයක් ගෙනල්ලා තම්බලා බත් එකේ හංගලා මට දීලා කියනවා

”පුතේ, ඕක අයිනට ගිහින් කාපං” කියලා. ශිෂ්‍යත්වෙ පාස්වීම නිසාත්, මම පවුලේ බඩපිස්සා නිසාත් ඒ බිත්තරේ මට ලැබුණා වෙන්න පුළුවන්. අම්මා අනිත් අයටත් බිත්තර අරන් දෙන්න පුළුවන් නම් අරන් දෙනවා. ඒත් දුප්පත්කම ඒ සියල්ල මඬිනවා. අනික මට පොඩි කාලේ මන්දපෝෂණය හැදුණා. මම පස්ස පැත්තෙන් ගියා කියලා තමයි කට්ටිය කිව්වෙ.

ගමේ කට්ටිය කිව්වෙ ඔළුව ලොකු කොල්ලා කියලා. ගමේ එවුන් එහෙම කිව්වෙ මට මන්දපෝෂණය හැදුණා ම ඔළුව ලොකුªවෙලා ඇඟ පුංචි වුණ නිසා. ඒ කාලේ මට ඇවිදින්න බැරි නිසා මාව කරත්තයක දාගෙන තල්ලු කරගෙන ගියේ ජයන්ත කුමාර බන්දුලාච්චි කියන මගේ යාළුවා. දැන් හලාවත නල්ලදරංකට්ටුවේ පදිංචි වෙලා ඉන්නේ. මට ඒ යාළුවා දවසක් මුණගැහුණ ම කියනවා,

”උපුල් ඔයාට පොඩි කාලේ මන්ද පෝෂණයනේ. මම තමයි ඔයාව කරත්තෙ තියාගෙන තල්ලු කරන් ගියේ” කියලා.

ඒ නිසා අම්මා බත් එකේ හංගලා බිත්තරයක් දෙන එක ඇතුළේ ‘පෝෂණය මදි’ කියන අර්ථයත් තියෙනවා. අම්මා මෙතැන දී ආදරය, මාතෘත්වය, අගය කිරීම උගන්වනවා.

උඩරට පළාත්වල සිරික් තියෙනවා සාමාන්‍යයෙන් කෝඩුකාරයෝ සිරීපාදේ නැඟල ආවාම උණු කැවුමක් හදාගෙන

”මයෙ අප්පා, කිරි කෝඩු කකුල්වලින් මහගිරිදඹේ නැංගද”

කිය කියා උණු කැවුමෙන් කකුල් තවනවා. ඒක අපේ අම්මා මටත් වෙනත් විදියකට කළා. අපෙ අම්මා මම ශිෂ්‍යත්වෙ පාස් වුණා ම පොඩි කැවුමක් හදාගෙන මගෙ අත් දෙකම තවන ගමන් අම්මා කියනවා;

”පුතේ, උඹ විභාගයක් පාස් ලු. මයෙ අප්පට කෝටියක් දේවල් ලියන්න ශක්තිය ලැබෙන්න ඕන. මහ මුහුද ගොඩ ගලනවා වාගේ සම්පත් ලැබෙන්න ඕක.”

කිලා අම්මා සිරීපාදේ ගිය එකෙක්ගෙ කකුල් තවන විදියට මගෙ අත් දෙකම තවනවා.

ඒ දවස්වල ඇතිවෙනවා මහා දුර්භික්ෂයක්. වර්ෂ වශයෙන් කිව්වොත් මට අවු.09දී විතර. 73 විතර. විශාල දුර්භික්ෂයක්. මේ ගැන මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතාගේ ‘සිංහල සාහිත්‍ය වංශය’ කියන පොතේ විශාල වශයෙන් දක්වල තිබ්බා. නමුත්, පසුකාලීනව දේශපාලන ආදී වූ විවිධ බලපෑම් නිසා ඒක ඉවත් කළා.

මේ දුර්භික්ෂයේ තරම කොයිතරම් ද කිව්වොත් පාන් කෑල්ලක් ගන්න පෝලිම්වල හිටපු මිනිස්සු ඇදගෙන වැටුණා. ඒ තරම් කුසගින්න. අපේ ගම්වල මිනිස්සු හබරල අල තම්බලා කෑවා. කෙසෙල්බඩ තම්බලා කෑවා බඩගින්නට. මේ කාලේ අපි දවස් 02ක් 03ක් විතර බඩගින්නෙ හිටියා.

මේ කාලේ අපි අක්කලා එක්ක ගිහින් එහා පැත්තෙ වත්තෙ වැවිලා තිබ්බා ‘බුත්සරණ’ කියලා අල ජාතියක්. මේ බුත්සරණ අල තම්බලා කෑවා. මේවා ගොඩක් කෑවම මත්වෙනව. මම අදටත් ආසාවට කන්න මේ පැළ ටිකක් හිටවගෙන තියෙනවා. මේ දවස්වල අපි වේල් 10,15 ඉරිඟු තම්බලා කෑවා.

එක දවසක් උදේක තුවායක් කරේ දාගෙන අම්මා උදේ 6ට 6.30ට විතර හපුතලේ කන්ද මුදුනෙන් ඉර පායනකොටම වගේ ගෙදරින් පිටත් වෙලා යනවා. ළමයින්ට කන්න දෙන්න කෑම හොයන්න.

අපි අඳුර වැටෙනකං බලන් හිටියා. අම්මා ආවෙ නෑ. රෑ 7.30ට 8ට විතර හපුතලේ කෝච්චිය හූවක් කියාගෙන පහළට බහිනවා ඇහෙනවා. ඒක තමයි සංඥාව අපි වෙලාව දැනගන්න. අම්මා තවම නෑ. අපි ඇඬුවා. හපුතලේ පහුකරගෙන ඉදල්ගස්හින්න පැත්තට බඩු කෝච්චිය ගියා ම අපි දන්නවා දැන් මධ්‍යම රාත්‍රියට ළඟයි කියලා. ඒක මුළු ගමට ම සංඥාවක්.

ඊට පස්සෙ රෑ 12.00ට විතර අම්මා ආවා ගෙදර. අම්මා උදේ ඉඳන් හපුතලේ ගම, වෙලන්හින්න, පහළ කඳුරුගමුව, විහාර කැලේ, දියතලාව, හපුතලේ, තංගමලේ කියන මේ හැම තැනකම ගෙවල් ගානේ ගිහින් ළමයින්ට කන්න මොනවා හරි අරන් එන්න. හැතැප්ම 10 – 15ක් උදේ ඉඳන් ඇවිදලා අම්මා අරං ආවේ එක පිටි ගුලියක්.

ඒ ගෙදර රොටි හදන්න අනපු පිටි ගුලියක් අම්මා අරන් ආවා. අම්මට ඒ පිටි ගුලිය දීලා තියෙන්නෙ පොඩිහාමිනේ නැන්දා. ඉතින් අම්මා මේකෙන් රොටියක් හදලා දීලා හැමෝටම කෑල්ල කෑල්ල කන්න දීලා අපිව නිදි කෙරෙව්වා.

ඒ තරමට මහා දුර්භික්ෂයක් තිබුණ කාලයක් ඒ.

ඊට පස්සෙ මට අම්මා ගැන කම්පාවෙන දවසක් එනකොට මම කැම්පස් එකේ දෙවන වසරේ. නිවාඩුවට ගමේ ගිය කාලෙක. ඒ දවස්වල ඉතින් ගමේ කොල්ලොත් එක්ක රස්තියාදු ගහලා, කෙල්ලො බලන්න ගිහිල්ලා, චිත්‍රපටි බලලා ඇවිල්ලා නිදාගන්නවා. ඒ කාලෙ හරියට සිගරට් බොනවා. මේ කාලේ මහ තක්කඩි කාලයක් විදියට මම දකින්නේ. ඉතින් මෙහෙම ගිහිල්ලා ඇවිත් නිදාගත්තම උදේට නැගිටින්න පරක්කු වෙනවා.

තරුණ වයසනේ. ඉතින් එක දවසක් උදේ නැගිටිනකොට හොඳට ම පරක්කුවෙලා චිත්‍රපටිය බලන්න යන්න. ඒ කාලේ රීගල් ශාලාවෙ තමයි අපි චිත්‍රපටි බලන්න ගියේ. ඒ නිසා ඉක්මනට මුහුණකට හෝදගෙන බැලුවා කන්න මොනවද තියෙන්නෙ කියලා. රොටියක් තිබ්බා. දඩබඩ ගාලා රොටිය කාල ඇඳගෙන මිදුලට බහිනකොට අම්මා වත්තෙ තේ දළු කඩ කඩ හිටියෙ. (වත්තෙ කිව්වෙ අපේ ගේ ඉස්සරහ වවලා තිබ්බ තේ පාත්ති කිහිපයේ) මම එළියට බහිනකොට ම අම්මා ඈත ඉඳන් කෑ ගහලා මට කියනවා;

”මයෙ පුතේ, කුස්සියේ රොටියක් හදලා ඇති. මටත් කෑල්ලක් තියලා කාපං මයෙ අප්පා” කියලා.

අම්මා මේක කියනකොට මම මුළු රොටියම කාලා ඉවරයි.

දැන් අර සුගතපාල ද සිල්වා ගේ ‘මරාසාද්’ නාට්‍යයේ කියනවා වාගේ තමන්ගෙ ම කෙස් වල්ලෙන් තමන්ව ම අල්ලන් කණපිට ගහනවා වාගේ හැඟීමක් ඇතිවුණා. මම මොහොතක්වත් ගෙදර හිටියෙ නෑ. ඒ වෙලොවෙ ම ගියා චිත්‍රපටිය බලන්න.

දැන් මට මගේ බඩවැල් ටික අල්ලලා වමාරන්න තරමෙ ශක්තියක් ඇතිවුණා. ඇයි? අම්මට නොතියා මුළු රොටියම මම කෑවට.

මිනිස්සු ස්වයං දඬුවම් දී ගන්නවනේ. මමත් එදා දවල්, රෑ, පහුවදා උදේ දවල්, රෑ කෑවේ නෑ. මම කුසගින්නේ සිටිය හැකි ප්‍රමාණය කොතරම් ද මම එතරම් හිටියා අර වරදට වන්දි ගෙවන්න. ඒක තක්කඩි රොටි කෑමක් විදියට මට පෙනෙන්නෙ.

පහෙන් පස්සෙ මම ජනානන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ කරනවා. ඊට පස්සෙ මම ගෙදරින් පැනලා යනවා. ඊට පස්සෙ තමයි මම තර්ස්ටන් යන්නෙ.

පිංපියොත් එක්ක, ගණිකාවෝ එක්ක, කුඩුකාරයො, ගංජා කාරයෝ, රස්තියාදුකාරයෝ, සමලිංගිකයෝ, තක්කඩියොත් එක්ක හිටපු එකේ ප්‍රතිඵලය තමයි මම කොළඹ සරසවියට යන්නෙ. ඒ කාලෙ මං ගාලු මුවදොර පිටියේ බණ්ඩාරනායක ප්‍රතිමාව යට නිදාගත් දවස් තියෙනවා.

කෝච්චි පෙට්ටිවල නිදාගත්තා. තර්ස්ටන් වලට එන්නේ විවිධ උපක්‍රම යොදලා. ඒක හෙළි කරන්න බෑ. තර්ස්ටන් එකේ යාළුවො ඒක දන්නවා. ඒ වගේ ම මා ගාව තියෙන සහතික මිටියත් ඒකට සාක්ෂි.

ඒ කාලේ (කොළඹ ඉන්න කාලේ) මම වියදමට සල්ලි හොයාගත්තෙ ගල්කිස්සෙ බෞද්ධ බාලිකාව ළඟ තිබ්බ පොළේ ඉරිදා සෙනසුරාදා ක්‍රෝටන් වගේ පැළ විකුණලා. තර්ස්ටන් එකේ ඉන්නකොට මගේ කෑම බිල ගෙව්වෙ දැන් ඇමෙරිකාවෙ ඉන්න මගෙ යාළුවා.

පියල් සසංක තවම බත්තරමුල්ලේ ඉන්න ගිහාන් ශ්‍රීනාත් අල්විස් මගේ යාළුවෝ තමයි ඒ කාලේ මගේ රැකවරණ යාළුවෝ. එතකොට බ්‍රිගේඩියර් සත්‍යප්‍රිය ලියනගේ, මේජර් සමුදය, මහේන්ද්‍ර, මදන් මේ ඔක්කොම තර්ස්ටන් එකේ මගේ යාළුවෝ. තර්ස්ටන් එකේ්දී මගේ පෞරුෂය හැදුවෙ මේ යාළුවෝ.

මම විශ්වවිද්‍යාලෙට ගිහින් ලියනවා මගේ මුල් ම පොත ‘සරසවි දියණියෝ’. ඒක එළිදක්වන දවසෙ අම්මවයි, තාත්තවයි දෙන්නව ම මම කොළඹ එක්කන් එනවා. අම්මට අකුරක්වත් බෑ. අප්පච්චි අන්ධයි. ඉතින් මම මගේ මුල් ම පොතේ ‘පිදුම’ ලියන්නෙ අම්මටයි. අප්පච්චිටයි.

”දෑස නොපෙනෙනා හින්දා

මගේ පොතේ අකුරක්වත්

අප්පච්චී දකිනු කොයි ලෙසින්

අකුරු නොදන්නා හින්දා

අප්පච්චිට අහන් ඉන්න

අම්මා කියවන්නෙ කොයි ලෙසින්”

(සරසවි දියණියෝ පිදුම)

රංග කලංසූරිය තමයි මගෙ අම්මවයි අප්පච්චිවයි වේදිකාවට අරන් එන්නෙ. ඒ කාලේ රංග ආනන්දේ A/L ලියනවා.

අප්පච්චි ගැන මුල් කාලයේ මට තිබ්බෙ ද්වේෂයක්. අම්මා දුක් විඳින ස්වරූපය පෙනෙන්න පෙනෙන්න දරුවෙකුගෙ හිතේ තාත්තට තියෙන ආදරය නැතිවෙනවා. වෛරයක් ඇතිවෙනවා. මට මගේ ජීවිතේ අපේ අප්පච්චි අවස්ථා දෙක තුනකදී හැර පැන්සලක් පෑනක් අරන් දුන්න කෙනෙක් නෙවෙයි. අම්මාගේ දුක් විඳින ස්වරූපය වැඩිවෙන්න වැඩිවෙන්න තාත්තා ගැන තියෙන වෛරය වැඩිවෙනවා. ඒක සාමාන්‍යයි.

මගේ අප්පච්චිට ඇස් දෙක පේන්නෙ නෑ කිව්වම මම එයාව නයනාරෝග්‍ය ශාලාවට ගේනවා කොළඹ. මම හැමදා ම යුනිෆෝම් එක ගහගෙන යනවා අප්පච්චි බලන්න. අප්පච්චිට වෙන ම ඇඳක් තිබුණෙ නෑ. ඇස්වාට්ටුවේ වැසිකිළිය ගාව පැදුරක් දාගෙන අප්පච්චි නිදි. මම යුනිෆෝම් ඇඳලා යන නිසා ඩොක්ටර් එක දවසක් මට කතා කරලා කියනවා;

පුතා, ඔයාගෙ තාත්තගෙ ඇස්වල ස්නායු මැරිලා තියෙන්නෙ. ලෝකෙ කොහේ රටක ගියත් මේක හොඳ කරන්න බෑ. මෙතනින් එහාට අප්පච්චිව හොඳින් බලාගන්න.”

ඊට පස්සෙ ඒ දෙන්නා ජීවතුන් අතර ඉන්නා තාක් කල් මම ඒ දෙන්නව කොළඹ ගෙනල්ලා තියෙනවා මගේ හැම පොතක් ම එළිදක්වද්දි.

අප්පච්චි බුද්ධි ගෝචර චරිතයක්. අම්මා භාව ගෝචර චරිතයක්.

ඊට පස්සෙ කාලෙදි, අවුරුදු පහක විතර කාලයක් මට අම්මව මගහැරෙනවා. ඒ නගරෙ ඇතුළෙ මම තනිවෙච්ච කාලයේ. ඕන ම කෙනෙකුට අම්මව මඟහැරෙන කාලයක් තියෙනවා. ඒක සාමාන්‍යයි. ඇත්තට ම මේ මගහැරීම එන්නෙ කාර්ය බහුල ජීවිතෙත් එක්ක. ගෙවල් හදන්න පටන් අරන්, ආර්ථිකය ගොඩනඟාගන්න කාලයේ දී මට අම්මව මග හැරෙනවා. හැබැයි ඒක අමතක වීම නෙමෙයි. මග හැරීමක්. ‘ලතා මංගේශ්කාර්’ කියනවනේ ‘කසාද බඳින්න අමතක වුණා’ කියලා. ඒ නිසා අතිශය කාර්ය බහුලත්වය කාලකණ්ණි මගහැරීමක් කරනවා.

මේ කාලය ගැන මම කාරණා 2ක් මතක් කරන්න කැමැතියි.

1. මේ කාලයේ මත්තෙගොඩ ගෙදර හදන කොට අම්මටයි, අප්පච්චිටයි වෙන වෙන ම කාමර 2ක් හදනවා. මං ගාව ගෙනැල්ලා තියාගන්න. තවමත් මගේ ගෙදර ඒ කාමර දෙක තියෙනවා.

2. අම්මාට තරම් ම මම අදත් ගරු කරනවා බිබිලේ ඉන්න මගෙ ප්‍රේමා අක්කාට. එයා විවාහ වෙලා ඉන්නෙ ඇන්ටන් කෲස් මරියදාස කියන ද්‍රවිඩ වෛද්‍යවරයෙක් එක්ක. අක්කට මම ණයගැති වෙන්න හේතුව මගේ ඇල්ම බැල්ම තියෙන කාලයේ නෙමෙයි මට අම්මව මගහැරුණු කාලයේ අම්මව හොඳින් බලාගත්ත එක ගැන.

ඒ මඟහැරුණු කාලයේ ඒ කිව්වෙ අක්කා ගාව අම්මා හිටිය කාලේ හිටපු ගමන් අම්මා කඳුළක් හලල කියනවලු

”මට පොඩි එකා බලන්න යන්න ඕන” කියල.

අම්මා ගැන කියනකොට මට මතක් වෙන අනෙක් ලස්සන ම සිද්ධිය තමයි පොඩි කාලේ අපේ අම්මා අක්කලාටයි අයියලාටයි උගන්වන්න අම්මගෙ සාරි විකුණලා තියෙනවා. කුලී වැඩ කරලා තියෙනවා. කරාබු, මාල විකුණලා තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා මම උපදිද්දී අම්මා කණකර ආයිත්තම් කිසිවක් නැති ගැහැනියක්. ඒ නිසා අම්මා හරි ආසාවෙන් හිටියා ‘අගස්ති මාලයක්’ පළඳින්න.

අම්මා කියනවා ‘පොඩි එකා කවදහරි ඉගෙනගෙන මට අගස්ති මාලයක් ගෙනැල්ලා දෙයි’ කියලා.

අගස්ති මාලය තමයි අම්මාගේ හිතේ අධිනිශ්චය වෙලා තිබුණේ. ඒ තුළ තිබුණේ අගස්ති මාලයක් ලබාගැනීම ම නෙමෙයි. ඌ හොඳට ඉගෙන ගනියි කියලා. අගස්ති මාලය තුළ මේ පැනනඟින්නේ අම්මා තුළ මා ගැන තිබූ විශ්වාසය. අනික අම්මා බලාපොරොත්තුවෙන් හිටියා කවදාහරි දඹදිව යන්න.

බිබිලේ අක්කා බැන්දේ කතෝලිකයෙක්. ඒ නිසා එයා නත්තලට වෑන් එකේ කොළඹ එනවා පල්ලියට. මේ ගමන් අම්මයි අක්කයි අයියයි අපේ ගෙදර එන නිසා මමත් ලෑස්ති වුණා අම්මට සැපදෙන්න. කට්ටිය දැන් කෙසෙල් කැන් අරගෙන මුං ඇට කැවුම් අරගෙන ආස්මී, කැවුම් අරගෙන එන්න ලෑස්තිය.

බිබිලේ අය මෙහේ එද්දි බිබිලේ ගේ බලාගන්න කවුරුත් නැති නිසා හපුතලේ කට්ටිය බිබිලෙ ගෙදරට එනවා ගේ බලාගන්න කියලා. වෑන් එකේ මෝටරේ බුෂ් ගිහින් කියලා අක්කයි අයියයි ගරාජයට ගිහින් තියෙනවා වාහනෙත් අරන් බුෂ් එක හදන් එන්න කියලා.

මේ නිසා හිටපු අනිත් අය අම්මට විහිළු කළා

”හූ, හූ, අපි කිව්වනේ අම්මව එක්කන් යන්නෙ නෑ කියලා. ඒ දෙන්නා තනියම ගියා.”

අම්මා හෙමිහිට නැගිටලා අතගගා ගිහිල්ලා බැලුවා. පහල වාහනේ නෑ. එකපාරටම අම්මගෙ මොළයේ නහරයක් පිපිරුවා.

එදා මම මහනුවර පන්ති. කැප්පෙටිපොළ ශාලාවේ. මම පන්ති ඉවර වෙලා පේරාදෙණියෙ මල්වත්ත පහුකරනවත් එක්ක ම මට දුරකතන ඇමතුමක් ලැබෙනවා. අම්මට අසනීප වෙලා ඉස්පිරිතාලෙට ඇතුළු කළා කියලා. අසනීප වුණා කියපු ගමන් ම අවිඥානිකව මගේ හිතේ ඇතිවෙනවා අම්මා මැරුණා කියලා. මම ඒ වෙලාවෙම වාහනේ හරවගෙන බිබිලෙ යනවා. දහඅට වංගු පැනලා බිබිලෙට යද්දී එදා මධ්‍යම රාත්‍රිය විතර වෙනවා.

මම ගෙදර ගියා ම මම කිව්වා මට අම්මව බලන්න ඕන කියලා. කට්ටිය කිව්වා බෑ දැන් යන්න වෙන්නෙ නෑ හෙට උදේ තමයි ආයෙ ලෙඩ්ඩු බලන්න පුළුවන් කියලා. මම කොහොම හරි අම්මව බලනවයි කියලා හිතාගෙන තව දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක ඉස්පිරිතාලෙ තාප්පෙන් පැනලා ගියා වාට්ටුවට අම්මව බලන්න. ඒ වෙද්දි අම්මා හුස්ම ගන්නවා පේන්නේ නෑ. ඇස් වැහිලා. ඇඟ හොඳටෝම සීතල වෙලා. බෙහෙත් පොවන්නත් බෑ. හැබැයි හෘද ස්පන්දනය වැඩ කරනවා. අම්මා මැරුණේ නැති මළ මිනියක් වෙලා.

අනික් අය වටවෙලා ‘අම්මා’ ‘අම්මා’ කියලා කෑ ගහනවා. ඒත් අම්මා ඇස් ඇරලා බැලුවෙ නෑ. මම හෙමිහිට අම්මා ළඟට ගිහිල්ලා ‘අම්මා, අම්මා’ කියලා දෙපාරයි කතාකෙරුවෙ. අම්මගේ හෘද ස්පන්දනය එක පාර ම වැඩිවුණා. අම්මා හෙමින් සැරේ ඇස් ඇරලා යන්තම් අත උස්සලා මගේ අත අල්ල ගත්ත. මෘත දේහවලටත් දරුපෙම නිසා පණ එනව‘යි කියන කතාවත් ඇත්ත.

1997.12.26 දා ඒ කියන්නෙ ඊට පස්සෙ දවසෙ අම්මා මැරෙනවා. ඒ වෙද්දි අම්මට වයස අවුරුදු 81යි. අම්මට උප්පැන්නයක් නැති නිසා මං ඉපැදුණු වසරෙදි අම්මට 48යි කියන මතකයෙන් තමයි වයස හැදුවෙ.

අම්මව වළේ දානකං මම ගියේ නෑ අම්මගේ මෘත දේහය බලන්න. කොටින්ම කිව්වොත් මම අම්මගේ මෘත දේහය බලන්න ආසවුණේ නෑ. අම්මා පවුලේ වැඩිපුර ම ආදරේ මට කියන එක මම තහවුරු කරගත්තා අම්මා මැරෙන්න මොහොතකට පෙර හරි. මම කැමැති වුණේ නෑ අඬලා දුක්වෙලා ඒ මතකය නැතිකර ගන්න. ඒ නිසා මම අම්මගේ මෘත දේහය බැලුවෙ නෑ.

අම්මාට තාත්තාට ණය ගෙවන ක්‍රම තියෙනවා.

1. මානසික ලෙස

2. භෞතික ලෙස

මම මානසික ණය ගෙව්වා. ශිෂ්‍යත්වය පාස් වුණා. පොත් ලිව්වා. ‘සන්නස්ගල’ කියලා පත්තරේක තිබ්බත් ඒ මගේ පුතා කියලා සතුටු වෙන්න, ආඩම්බර වෙන්න පුළුවන්කම ඇති කළා. නමුත්, මට භෞතික ණය ගෙවන්න බැරිවුණා.

අම්මට අගස්ති මාලයක් අරන් දෙන්න මට බැරිවුණා. අම්මට අඳින්න සාරි ගෙනැත් දෙන්න අම්මව දඹදිව එක්ක යන්න මට බැරිවුණා. ඊට පස්සෙ කාලෙක මම ඉන්දියාවෙ ගියාම අගස්ති මාල 50ක් බෙදුවා. සාරි බෙදුවා. 2007 ජනානන්ද පිංකමේ දී ගමේ ගෑනුන්ට සාරි දුන්නා.

දෙමාපියො මැරුණම දරුවො පශ්චාත්තාප වෙන්නෙ අර මගහැරුණු කාලෙ ගැන විතරයි. අපි කිසිවිටෙක හිතන්නෙ නෑ අම්ම තාත්තා දැන් මැරෙයි කියලා. මොහොතකටවත් අම්මා තාත්තා අතාරින්න එපා ඒ මොහොතෙදි අම්මා තාත්තා මැරේවි.

එතකොට තමයි හිතෙන්නෙ ‘ෂඞ මට මොකුත් කරන්න බැරිවුණානේ’ කියලා ඒ නිසා මගේ මේ ජීවන අත්දැකීම ගැන යම් කෙනෙක් හරි හිතනව නම් මොහොතකටවත් අම්මා තාත්තා අතාරින්න, මඟහරින්න එපා කියලයි කියන්න තියෙන්නෙ.

ආදරය, සෙනෙහස වගේ දේවල් කිසිවිටෙක මඟහරින්න එපා. ආදරය මඟහැරුනම මරණය ළං වෙනවා. ආදරය අපිව දාලා යනවා. මගේ පපුව තවමත් කැක්කුම තියෙන්නේ අම්මව මට මඟහැරුණ නිසා. ඒක මේ ආත්මයේ ගෙවලා ඉවර කරන්න බෑ.

සටහන - උපාලි සමරසිංහ

Source [code] www.facebook.com/lifeisbeautiful.jiwithayasundarai [/code]

[QUOTE="Blog Buster, post: 15003879, member: 471247"] [b]මට නෑ, මට බෑ කියලා හිතෙන අයට...[/b] [CENTER] [IMG]http://www.rupavahini.lk/jathika_pasala/images/stories/teachers/uipul_shantha.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Navy"]උපුල් ශාන්ත සන්නස්ගල මේ රටේ ජනප්‍රිය උසස් පෙළ සිංහල ගුරුවරයකු බව අවිවාදිත කරුණකි. එසේම විදග්ධ සංස්කෘතිය යනු කුමක්දැයි යන විනිශ්චයේ දී බොහෝ කොට බැණුම් අසන ලද්දෙකි. මුල් කාලයේ අතිශය දරිද්‍රතාවෙන් පෙළුණු සන්නස්ගල කොළොම්තොට පාදඩයන් අතරේ ද කලක් ජීවත් විය. ලෝකය හා ජීවිතය වඩාත් සුන්දර තැනක් කිරීම අරබයා අදත් වැර වෑයමක යෙදෙන ඔහු තම මෑණියන් පිළිබඳ ‘මතකය’ මෙසේ අව්‍යාජව හෙළිකරයි. අපි සරල කටවහරින් කැරෙන මෙබසට ඇහුම්කන් දෙමු. මම අදත් විශ්වාස කරනවා මගේ ජීවිතය නිර්මාණය කෙළේ ආදරය සහ කුසගින්න කියලා. හරියට වම් අත යි, දකුණු අතයි වගේ. ‘මැක්සිම් ගෝර්කි’ කියලා තියෙනවා ‘ලොව සියල්ල නිර්මාණය වන්නේ මවගේ කිරිවලින් සහ හිරුගේ රැස්වලිනි’ කියලා. ඒ වගේ මගේ ජීවිතේ නිර්මාණය කරන්නෙ ආදරය සහ කුසගින්න. අම්මා පිළිබඳව මට මුලින්ම මතක් වෙන්නෙ, අපි ඔක්කො ම අම්මගෙ චීත්තෙ පොරවගෙන රෑට නිදාගන්න එක. අපේ පැත්ත සීතලයි. අපේ නිවෙස්වල පොරවන්න රෙදි තිබුණෙ නෑ. ඒ නිසා අම්මගේ චීත්තයට පොරකනවා ඒක පොරවගන්න. අපේ පවුලේ දහදෙනයි. අම්මගෙ උණුසුම දැනෙන නිසා සුවඳ දැනෙන නිසා ඒක ලබාගන්න අපි පොර කනවා. මට පස්සෙ කාලේ අවබෝධ වුණා අම්මගෙ චීත්තය කියන්නෙ බොහෝ ම සුවඳ වස්ත්‍රයක් නෙමෙයි කියලා. ඒ වගේම අම්මගෙ සුවඳ කියලා අපි කියන්නෙ අම්මගෙ සොටු, දහදිය, උයලා පිහලා ඉඳුල් දැලි ගෑවුණ සුවඳට. අපි එතකොට ආදරෙයෙන් වැලඳගෙන තියෙන්නෙ අම්මගෙ වේදනාව. අම්මගේ චීත්තය එයින් අපිට අම්මගෙ සුවඳ දැනෙනවා. මම උපන් දා ඉඳන් අම්මගේ ආදරය මට ලැබුණා. මම උපදින කොට අපේ අම්මට 48යි. මම පවුලේ 11 වැනියා. අවු. 6දී මම පාසල් ගිහින් ආවා ම මම මව්කිරි බිව්වා. මට තවම හොඳට මතකයි ගමේ ගෑනියෙක් කිව්වා “ඕකෙ කොහොඹ ගාපං කියලා” ඒ මම හැමතිස්සෙම අම්මගෙ තනය උරන නිසා. මම තනයෙ එල්ලිලා මව්කිරි බිව්වට අපේ අම්මගෙ තනයේ මට දෙන්න මව්කිරි තිබිලා නෑ. ඒ නිසා අම්මා කරන්නෙ කහට කෝප්පයක් හදාගෙන තියන් කහට බිංදු ඇඟිල්ලට අරන් මගෙ කටේ තියන එක. ඒ මගේ බඩගිනි නිවන්න. කිරි නැති වෙන්න හේතුව අපේ පවුලෙ 10 දෙනෙක්. මම 11 වැනියා. මට අවු.12 වෙනකොට අම්මට 60ක් විතර. මට මතකයි ඉස්සර අම්ම ඉස්කෝලෙට එනකොට යාළුවො කියනවා Qමේ එන්නෙ උඹෙ අම්ම නෙවෙයි ආච්චි’ කියලා. නිකං හරි උර උර ඉන්න අම්ම තනය දුන්න එකෙන් මා අදහස් කරන්නේ අම්ම මට තිබුණු ආදරේ තරම. අප්පච්චි ගොවියෙක් වුණත් අපි දරිද්‍රතාවේ පතුළට ම ගියා. මට තවමත් හොඳට දැනෙනවා මැටි මුට්ටියේ බත ඉදෙන සුවඳ. තියෙන අප්‍රමාණ කුසගින්න නිසා ලුණු ටිකක් ඉහලා ඉක්මනට බත් කනවා. මිනිස්සු ලුණුයි බතුයි කන්නෙ හීල් බත් එක්ක නෙමෙයි. උණු බත් එක්ක. දැඩි ම කුසගින්න නිසා ලුණුයි බතුයි කෑවා. දුප්පත් මිනිස්සු ලුණුයි බතුයි කනවා කියන කතාව ඇත්ත. අපේ පවුලෙ පිරිමි 05යි. ගැහැනු 05යි. දුප්පත්කම කොච්චර වුණත් අම්මා කතරගම දෙවියන්ට ගිහින් බාර වුණාලු ඊළඟ එකා පුතෙක් වෙන්න කියලා. දරුවො සමාන වෙන්න. ඊළඟට මට තියෙන මතකය චූටි කුස්සියේ අපි දහදෙනා පෝළිමට වාඩි වෙනවා. කෑම කන්න. අපි කන්නෙ බෙලෙක් පිඟන්වල. එක එක්කෙනාගෙ පිඟන් එක එක තරමෙ. ලොකු අයියට ගොඩක් කන්න ඕනෙ. මොකද ඌ කුඹුරෙ යනවා. මහන්සි වෙන නිසා. ඒගොල්ලන්ගෙ පිඟාන ගැඹුරුයි. අම්මා මුලින් ම බෙදන්නෙ අප්පච්චිට. ඊට පස්සෙ අපිට. පිඟන් අඩු වුණා ම අක්කලා කන්නෙ මඩක්කුවේ. (අඩි වළඳේ) හැමෝට ම බෙදලා අම්මා කවදාවත් බෙදාගන්නෙ නෑ. අපි 10 හරි 8 හරි ඉන්න අය කනතුරු අපේ අම්මා බත් බෙදාගන්නෙ නෑ. අපි බත් ටික මුලින් ම වේගෙන් කාලා අන්තිමට ඇටේ ඇටේ කනවා. අපි දෙවෙනි පාර කන්න ආස වුණත් බෙදා ගන්නෙ නැත්තෙ අපෙ අම්ම කෑවෙ නැති නිසා. අම්මට කන්න තරම් බත් මුට්ටියේ තියෙනවද කියලා දන්නෙ නැති නිසා. එතකොට අම්මා දන්නවා අපි නොකා ඉන්නෙ අම්මට නැති නිසා කියලා. අන්න ඒ වෙලාවට බත් මුට්ටිය පෙන්නලා අම්මා ලස්සන වචනයක් කියනවා. ”මට තියෙනවා මයෙ පුතේ, උඹලා තව චුට්ටක් කාපං” කියලා. දැන් අප්‍රමාණව අම්මට තියෙන ආදරය වැඩිවෙනවා. බඩගින්න ජීවිතය උගන්වනවා. අන්න එහෙම තමයි කුසගින්න එක්ක ආදරේ ගොඩනැඟෙන්නේ. රෑට හිල්වෙච්ච ටකරං අස්සෙන් එළිය වැටෙනවා ‘ටෝච්’ එක ගැහුවා වාගේ ගොම පොළොවට. අපි අඟුරු කෑලි අරන් ඒවා රවුම් කරනවා. එතකොට ටික වෙලාවක් ගියා ම ගොම පොළොවෙ ලස්සන රටාවක් මැවෙනවා. අපිට බිම අඳින්න අඟුරු කෑල්ල දෙන්නෙ අම්මා. අම්මට අකුරක්වත් බෑ. මෙහෙම යනකොට ශිෂ්‍යත්වේ පාස්වෙනවා මම. යහළබැද්ද කනිටු විදුහලින්. ඒ කාලයේ මගේ ශිෂ්‍යත්ව පන්තියේ ගුරුවරු වුණේ කරුණාරත්න ගුරුතුමා සහ මල්ලිකා දාබරේ ගුරුතුමිය. ඈ දැන් වත්තල පැත්තේ ඉන්නවා. මම හපුතලේ නගරයේ. ගම යහළබැද්ද. අම්මගේ නම පුංචි මැණිකා. දරුවෙක්ට තියෙන ලොකු ම ආසාව තමයි තමාව අගය කිරීම. හැබැයි ජප්පත් අකුරු නූගත් දෙමව්පියෝ දරුවා රටේ නායකයා වුණත් ඇත්තද බොල? කියලා අහයි. ඉතින්, ශිෂ්‍යත්වෙ පාස් වුණාම අම්මා මාව අගය කළා. ගෙවල් ගාව හිටියා මනි අම්මා කියලා ගෑනියෙක්. ඒ කාලේ එයා බිත්තර විකිණුවා. බිත්තරයක් සත හතළිහයි. ඒ කාලේ බිත්තර හරියට අධිනිශ්චය වෙලා තිබ්බේ. අපේ අම්මා එක බිත්තරයක් ගෙනල්ලා තම්බලා බත් එකේ හංගලා මට දීලා කියනවා ”පුතේ, ඕක අයිනට ගිහින් කාපං” කියලා. ශිෂ්‍යත්වෙ පාස්වීම නිසාත්, මම පවුලේ බඩපිස්සා නිසාත් ඒ බිත්තරේ මට ලැබුණා වෙන්න පුළුවන්. අම්මා අනිත් අයටත් බිත්තර අරන් දෙන්න පුළුවන් නම් අරන් දෙනවා. ඒත් දුප්පත්කම ඒ සියල්ල මඬිනවා. අනික මට පොඩි කාලේ මන්දපෝෂණය හැදුණා. මම පස්ස පැත්තෙන් ගියා කියලා තමයි කට්ටිය කිව්වෙ. ගමේ කට්ටිය කිව්වෙ ඔළුව ලොකු කොල්ලා කියලා. ගමේ එවුන් එහෙම කිව්වෙ මට මන්දපෝෂණය හැදුණා ම ඔළුව ලොකුªවෙලා ඇඟ පුංචි වුණ නිසා. ඒ කාලේ මට ඇවිදින්න බැරි නිසා මාව කරත්තයක දාගෙන තල්ලු කරගෙන ගියේ ජයන්ත කුමාර බන්දුලාච්චි කියන මගේ යාළුවා. දැන් හලාවත නල්ලදරංකට්ටුවේ පදිංචි වෙලා ඉන්නේ. මට ඒ යාළුවා දවසක් මුණගැහුණ ම කියනවා, ”උපුල් ඔයාට පොඩි කාලේ මන්ද පෝෂණයනේ. මම තමයි ඔයාව කරත්තෙ තියාගෙන තල්ලු කරන් ගියේ” කියලා. ඒ නිසා අම්මා බත් එකේ හංගලා බිත්තරයක් දෙන එක ඇතුළේ ‘පෝෂණය මදි’ කියන අර්ථයත් තියෙනවා. අම්මා මෙතැන දී ආදරය, මාතෘත්වය, අගය කිරීම උගන්වනවා. උඩරට පළාත්වල සිරික් තියෙනවා සාමාන්‍යයෙන් කෝඩුකාරයෝ සිරීපාදේ නැඟල ආවාම උණු කැවුමක් හදාගෙන ”මයෙ අප්පා, කිරි කෝඩු කකුල්වලින් මහගිරිදඹේ නැංගද” කිය කියා උණු කැවුමෙන් කකුල් තවනවා. ඒක අපේ අම්මා මටත් වෙනත් විදියකට කළා. අපෙ අම්මා මම ශිෂ්‍යත්වෙ පාස් වුණා ම පොඩි කැවුමක් හදාගෙන මගෙ අත් දෙකම තවන ගමන් අම්මා කියනවා; ”පුතේ, උඹ විභාගයක් පාස් ලු. මයෙ අප්පට කෝටියක් දේවල් ලියන්න ශක්තිය ලැබෙන්න ඕන. මහ මුහුද ගොඩ ගලනවා වාගේ සම්පත් ලැබෙන්න ඕක.” කිලා අම්මා සිරීපාදේ ගිය එකෙක්ගෙ කකුල් තවන විදියට මගෙ අත් දෙකම තවනවා. ඒ දවස්වල ඇතිවෙනවා මහා දුර්භික්ෂයක්. වර්ෂ වශයෙන් කිව්වොත් මට අවු.09දී විතර. 73 විතර. විශාල දුර්භික්ෂයක්. මේ ගැන මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතාගේ ‘සිංහල සාහිත්‍ය වංශය’ කියන පොතේ විශාල වශයෙන් දක්වල තිබ්බා. නමුත්, පසුකාලීනව දේශපාලන ආදී වූ විවිධ බලපෑම් නිසා ඒක ඉවත් කළා. මේ දුර්භික්ෂයේ තරම කොයිතරම් ද කිව්වොත් පාන් කෑල්ලක් ගන්න පෝලිම්වල හිටපු මිනිස්සු ඇදගෙන වැටුණා. ඒ තරම් කුසගින්න. අපේ ගම්වල මිනිස්සු හබරල අල තම්බලා කෑවා. කෙසෙල්බඩ තම්බලා කෑවා බඩගින්නට. මේ කාලේ අපි දවස් 02ක් 03ක් විතර බඩගින්නෙ හිටියා. මේ කාලේ අපි අක්කලා එක්ක ගිහින් එහා පැත්තෙ වත්තෙ වැවිලා තිබ්බා ‘බුත්සරණ’ කියලා අල ජාතියක්. මේ බුත්සරණ අල තම්බලා කෑවා. මේවා ගොඩක් කෑවම මත්වෙනව. මම අදටත් ආසාවට කන්න මේ පැළ ටිකක් හිටවගෙන තියෙනවා. මේ දවස්වල අපි වේල් 10,15 ඉරිඟු තම්බලා කෑවා. එක දවසක් උදේක තුවායක් කරේ දාගෙන අම්මා උදේ 6ට 6.30ට විතර හපුතලේ කන්ද මුදුනෙන් ඉර පායනකොටම වගේ ගෙදරින් පිටත් වෙලා යනවා. ළමයින්ට කන්න දෙන්න කෑම හොයන්න. අපි අඳුර වැටෙනකං බලන් හිටියා. අම්මා ආවෙ නෑ. රෑ 7.30ට 8ට විතර හපුතලේ කෝච්චිය හූවක් කියාගෙන පහළට බහිනවා ඇහෙනවා. ඒක තමයි සංඥාව අපි වෙලාව දැනගන්න. අම්මා තවම නෑ. අපි ඇඬුවා. හපුතලේ පහුකරගෙන ඉදල්ගස්හින්න පැත්තට බඩු කෝච්චිය ගියා ම අපි දන්නවා දැන් මධ්‍යම රාත්‍රියට ළඟයි කියලා. ඒක මුළු ගමට ම සංඥාවක්. ඊට පස්සෙ රෑ 12.00ට විතර අම්මා ආවා ගෙදර. අම්මා උදේ ඉඳන් හපුතලේ ගම, වෙලන්හින්න, පහළ කඳුරුගමුව, විහාර කැලේ, දියතලාව, හපුතලේ, තංගමලේ කියන මේ හැම තැනකම ගෙවල් ගානේ ගිහින් ළමයින්ට කන්න මොනවා හරි අරන් එන්න. හැතැප්ම 10 – 15ක් උදේ ඉඳන් ඇවිදලා අම්මා අරං ආවේ එක පිටි ගුලියක්. ඒ ගෙදර රොටි හදන්න අනපු පිටි ගුලියක් අම්මා අරන් ආවා. අම්මට ඒ පිටි ගුලිය දීලා තියෙන්නෙ පොඩිහාමිනේ නැන්දා. ඉතින් අම්මා මේකෙන් රොටියක් හදලා දීලා හැමෝටම කෑල්ල කෑල්ල කන්න දීලා අපිව නිදි කෙරෙව්වා. ඒ තරමට මහා දුර්භික්ෂයක් තිබුණ කාලයක් ඒ. ඊට පස්සෙ මට අම්මා ගැන කම්පාවෙන දවසක් එනකොට මම කැම්පස් එකේ දෙවන වසරේ. නිවාඩුවට ගමේ ගිය කාලෙක. ඒ දවස්වල ඉතින් ගමේ කොල්ලොත් එක්ක රස්තියාදු ගහලා, කෙල්ලො බලන්න ගිහිල්ලා, චිත්‍රපටි බලලා ඇවිල්ලා නිදාගන්නවා. ඒ කාලෙ හරියට සිගරට් බොනවා. මේ කාලේ මහ තක්කඩි කාලයක් විදියට මම දකින්නේ. ඉතින් මෙහෙම ගිහිල්ලා ඇවිත් නිදාගත්තම උදේට නැගිටින්න පරක්කු වෙනවා. තරුණ වයසනේ. ඉතින් එක දවසක් උදේ නැගිටිනකොට හොඳට ම පරක්කුවෙලා චිත්‍රපටිය බලන්න යන්න. ඒ කාලේ රීගල් ශාලාවෙ තමයි අපි චිත්‍රපටි බලන්න ගියේ. ඒ නිසා ඉක්මනට මුහුණකට හෝදගෙන බැලුවා කන්න මොනවද තියෙන්නෙ කියලා. රොටියක් තිබ්බා. දඩබඩ ගාලා රොටිය කාල ඇඳගෙන මිදුලට බහිනකොට අම්මා වත්තෙ තේ දළු කඩ කඩ හිටියෙ. (වත්තෙ කිව්වෙ අපේ ගේ ඉස්සරහ වවලා තිබ්බ තේ පාත්ති කිහිපයේ) මම එළියට බහිනකොට ම අම්මා ඈත ඉඳන් කෑ ගහලා මට කියනවා; ”මයෙ පුතේ, කුස්සියේ රොටියක් හදලා ඇති. මටත් කෑල්ලක් තියලා කාපං මයෙ අප්පා” කියලා. අම්මා මේක කියනකොට මම මුළු රොටියම කාලා ඉවරයි. දැන් අර සුගතපාල ද සිල්වා ගේ ‘මරාසාද්’ නාට්‍යයේ කියනවා වාගේ තමන්ගෙ ම කෙස් වල්ලෙන් තමන්ව ම අල්ලන් කණපිට ගහනවා වාගේ හැඟීමක් ඇතිවුණා. මම මොහොතක්වත් ගෙදර හිටියෙ නෑ. ඒ වෙලොවෙ ම ගියා චිත්‍රපටිය බලන්න. දැන් මට මගේ බඩවැල් ටික අල්ලලා වමාරන්න තරමෙ ශක්තියක් ඇතිවුණා. ඇයි? අම්මට නොතියා මුළු රොටියම මම කෑවට. මිනිස්සු ස්වයං දඬුවම් දී ගන්නවනේ. මමත් එදා දවල්, රෑ, පහුවදා උදේ දවල්, රෑ කෑවේ නෑ. මම කුසගින්නේ සිටිය හැකි ප්‍රමාණය කොතරම් ද මම එතරම් හිටියා අර වරදට වන්දි ගෙවන්න. ඒක තක්කඩි රොටි කෑමක් විදියට මට පෙනෙන්නෙ. පහෙන් පස්සෙ මම ජනානන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ කරනවා. ඊට පස්සෙ මම ගෙදරින් පැනලා යනවා. ඊට පස්සෙ තමයි මම තර්ස්ටන් යන්නෙ. පිංපියොත් එක්ක, ගණිකාවෝ එක්ක, කුඩුකාරයො, ගංජා කාරයෝ, රස්තියාදුකාරයෝ, සමලිංගිකයෝ, තක්කඩියොත් එක්ක හිටපු එකේ ප්‍රතිඵලය තමයි මම කොළඹ සරසවියට යන්නෙ. ඒ කාලෙ මං ගාලු මුවදොර පිටියේ බණ්ඩාරනායක ප්‍රතිමාව යට නිදාගත් දවස් තියෙනවා. කෝච්චි පෙට්ටිවල නිදාගත්තා. තර්ස්ටන් වලට එන්නේ විවිධ උපක්‍රම යොදලා. ඒක හෙළි කරන්න බෑ. තර්ස්ටන් එකේ යාළුවො ඒක දන්නවා. ඒ වගේ ම මා ගාව තියෙන සහතික මිටියත් ඒකට සාක්ෂි. ඒ කාලේ (කොළඹ ඉන්න කාලේ) මම වියදමට සල්ලි හොයාගත්තෙ ගල්කිස්සෙ බෞද්ධ බාලිකාව ළඟ තිබ්බ පොළේ ඉරිදා සෙනසුරාදා ක්‍රෝටන් වගේ පැළ විකුණලා. තර්ස්ටන් එකේ ඉන්නකොට මගේ කෑම බිල ගෙව්වෙ දැන් ඇමෙරිකාවෙ ඉන්න මගෙ යාළුවා. පියල් සසංක තවම බත්තරමුල්ලේ ඉන්න ගිහාන් ශ්‍රීනාත් අල්විස් මගේ යාළුවෝ තමයි ඒ කාලේ මගේ රැකවරණ යාළුවෝ. එතකොට බ්‍රිගේඩියර් සත්‍යප්‍රිය ලියනගේ, මේජර් සමුදය, මහේන්ද්‍ර, මදන් මේ ඔක්කොම තර්ස්ටන් එකේ මගේ යාළුවෝ. තර්ස්ටන් එකේ්දී මගේ පෞරුෂය හැදුවෙ මේ යාළුවෝ. මම විශ්වවිද්‍යාලෙට ගිහින් ලියනවා මගේ මුල් ම පොත ‘සරසවි දියණියෝ’. ඒක එළිදක්වන දවසෙ අම්මවයි, තාත්තවයි දෙන්නව ම මම කොළඹ එක්කන් එනවා. අම්මට අකුරක්වත් බෑ. අප්පච්චි අන්ධයි. ඉතින් මම මගේ මුල් ම පොතේ ‘පිදුම’ ලියන්නෙ අම්මටයි. අප්පච්චිටයි. ”දෑස නොපෙනෙනා හින්දා මගේ පොතේ අකුරක්වත් අප්පච්චී දකිනු කොයි ලෙසින් අකුරු නොදන්නා හින්දා අප්පච්චිට අහන් ඉන්න අම්මා කියවන්නෙ කොයි ලෙසින්” (සරසවි දියණියෝ පිදුම) රංග කලංසූරිය තමයි මගෙ අම්මවයි අප්පච්චිවයි වේදිකාවට අරන් එන්නෙ. ඒ කාලේ රංග ආනන්දේ A/L ලියනවා. අප්පච්චි ගැන මුල් කාලයේ මට තිබ්බෙ ද්වේෂයක්. අම්මා දුක් විඳින ස්වරූපය පෙනෙන්න පෙනෙන්න දරුවෙකුගෙ හිතේ තාත්තට තියෙන ආදරය නැතිවෙනවා. වෛරයක් ඇතිවෙනවා. මට මගේ ජීවිතේ අපේ අප්පච්චි අවස්ථා දෙක තුනකදී හැර පැන්සලක් පෑනක් අරන් දුන්න කෙනෙක් නෙවෙයි. අම්මාගේ දුක් විඳින ස්වරූපය වැඩිවෙන්න වැඩිවෙන්න තාත්තා ගැන තියෙන වෛරය වැඩිවෙනවා. ඒක සාමාන්‍යයි. මගේ අප්පච්චිට ඇස් දෙක පේන්නෙ නෑ කිව්වම මම එයාව නයනාරෝග්‍ය ශාලාවට ගේනවා කොළඹ. මම හැමදා ම යුනිෆෝම් එක ගහගෙන යනවා අප්පච්චි බලන්න. අප්පච්චිට වෙන ම ඇඳක් තිබුණෙ නෑ. ඇස්වාට්ටුවේ වැසිකිළිය ගාව පැදුරක් දාගෙන අප්පච්චි නිදි. මම යුනිෆෝම් ඇඳලා යන නිසා ඩොක්ටර් එක දවසක් මට කතා කරලා කියනවා; පුතා, ඔයාගෙ තාත්තගෙ ඇස්වල ස්නායු මැරිලා තියෙන්නෙ. ලෝකෙ කොහේ රටක ගියත් මේක හොඳ කරන්න බෑ. මෙතනින් එහාට අප්පච්චිව හොඳින් බලාගන්න.” ඊට පස්සෙ ඒ දෙන්නා ජීවතුන් අතර ඉන්නා තාක් කල් මම ඒ දෙන්නව කොළඹ ගෙනල්ලා තියෙනවා මගේ හැම පොතක් ම එළිදක්වද්දි. අප්පච්චි බුද්ධි ගෝචර චරිතයක්. අම්මා භාව ගෝචර චරිතයක්. ඊට පස්සෙ කාලෙදි, අවුරුදු පහක විතර කාලයක් මට අම්මව මගහැරෙනවා. ඒ නගරෙ ඇතුළෙ මම තනිවෙච්ච කාලයේ. ඕන ම කෙනෙකුට අම්මව මඟහැරෙන කාලයක් තියෙනවා. ඒක සාමාන්‍යයි. ඇත්තට ම මේ මගහැරීම එන්නෙ කාර්ය බහුල ජීවිතෙත් එක්ක. ගෙවල් හදන්න පටන් අරන්, ආර්ථිකය ගොඩනඟාගන්න කාලයේ දී මට අම්මව මග හැරෙනවා. හැබැයි ඒක අමතක වීම නෙමෙයි. මග හැරීමක්. ‘ලතා මංගේශ්කාර්’ කියනවනේ ‘කසාද බඳින්න අමතක වුණා’ කියලා. ඒ නිසා අතිශය කාර්ය බහුලත්වය කාලකණ්ණි මගහැරීමක් කරනවා. මේ කාලය ගැන මම කාරණා 2ක් මතක් කරන්න කැමැතියි. 1. මේ කාලයේ මත්තෙගොඩ ගෙදර හදන කොට අම්මටයි, අප්පච්චිටයි වෙන වෙන ම කාමර 2ක් හදනවා. මං ගාව ගෙනැල්ලා තියාගන්න. තවමත් මගේ ගෙදර ඒ කාමර දෙක තියෙනවා. 2. අම්මාට තරම් ම මම අදත් ගරු කරනවා බිබිලේ ඉන්න මගෙ ප්‍රේමා අක්කාට. එයා විවාහ වෙලා ඉන්නෙ ඇන්ටන් කෲස් මරියදාස කියන ද්‍රවිඩ වෛද්‍යවරයෙක් එක්ක. අක්කට මම ණයගැති වෙන්න හේතුව මගේ ඇල්ම බැල්ම තියෙන කාලයේ නෙමෙයි මට අම්මව මගහැරුණු කාලයේ අම්මව හොඳින් බලාගත්ත එක ගැන. ඒ මඟහැරුණු කාලයේ ඒ කිව්වෙ අක්කා ගාව අම්මා හිටිය කාලේ හිටපු ගමන් අම්මා කඳුළක් හලල කියනවලු ”මට පොඩි එකා බලන්න යන්න ඕන” කියල. අම්මා ගැන කියනකොට මට මතක් වෙන අනෙක් ලස්සන ම සිද්ධිය තමයි පොඩි කාලේ අපේ අම්මා අක්කලාටයි අයියලාටයි උගන්වන්න අම්මගෙ සාරි විකුණලා තියෙනවා. කුලී වැඩ කරලා තියෙනවා. කරාබු, මාල විකුණලා තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා මම උපදිද්දී අම්මා කණකර ආයිත්තම් කිසිවක් නැති ගැහැනියක්. ඒ නිසා අම්මා හරි ආසාවෙන් හිටියා ‘අගස්ති මාලයක්’ පළඳින්න. අම්මා කියනවා ‘පොඩි එකා කවදහරි ඉගෙනගෙන මට අගස්ති මාලයක් ගෙනැල්ලා දෙයි’ කියලා. අගස්ති මාලය තමයි අම්මාගේ හිතේ අධිනිශ්චය වෙලා තිබුණේ. ඒ තුළ තිබුණේ අගස්ති මාලයක් ලබාගැනීම ම නෙමෙයි. ඌ හොඳට ඉගෙන ගනියි කියලා. අගස්ති මාලය තුළ මේ පැනනඟින්නේ අම්මා තුළ මා ගැන තිබූ විශ්වාසය. අනික අම්මා බලාපොරොත්තුවෙන් හිටියා කවදාහරි දඹදිව යන්න. බිබිලේ අක්කා බැන්දේ කතෝලිකයෙක්. ඒ නිසා එයා නත්තලට වෑන් එකේ කොළඹ එනවා පල්ලියට. මේ ගමන් අම්මයි අක්කයි අයියයි අපේ ගෙදර එන නිසා මමත් ලෑස්ති වුණා අම්මට සැපදෙන්න. කට්ටිය දැන් කෙසෙල් කැන් අරගෙන මුං ඇට කැවුම් අරගෙන ආස්මී, කැවුම් අරගෙන එන්න ලෑස්තිය. බිබිලේ අය මෙහේ එද්දි බිබිලේ ගේ බලාගන්න කවුරුත් නැති නිසා හපුතලේ කට්ටිය බිබිලෙ ගෙදරට එනවා ගේ බලාගන්න කියලා. වෑන් එකේ මෝටරේ බුෂ් ගිහින් කියලා අක්කයි අයියයි ගරාජයට ගිහින් තියෙනවා වාහනෙත් අරන් බුෂ් එක හදන් එන්න කියලා. මේ නිසා හිටපු අනිත් අය අම්මට විහිළු කළා ”හූ, හූ, අපි කිව්වනේ අම්මව එක්කන් යන්නෙ නෑ කියලා. ඒ දෙන්නා තනියම ගියා.” අම්මා හෙමිහිට නැගිටලා අතගගා ගිහිල්ලා බැලුවා. පහල වාහනේ නෑ. එකපාරටම අම්මගෙ මොළයේ නහරයක් පිපිරුවා. එදා මම මහනුවර පන්ති. කැප්පෙටිපොළ ශාලාවේ. මම පන්ති ඉවර වෙලා පේරාදෙණියෙ මල්වත්ත පහුකරනවත් එක්ක ම මට දුරකතන ඇමතුමක් ලැබෙනවා. අම්මට අසනීප වෙලා ඉස්පිරිතාලෙට ඇතුළු කළා කියලා. අසනීප වුණා කියපු ගමන් ම අවිඥානිකව මගේ හිතේ ඇතිවෙනවා අම්මා මැරුණා කියලා. මම ඒ වෙලාවෙම වාහනේ හරවගෙන බිබිලෙ යනවා. දහඅට වංගු පැනලා බිබිලෙට යද්දී එදා මධ්‍යම රාත්‍රිය විතර වෙනවා. මම ගෙදර ගියා ම මම කිව්වා මට අම්මව බලන්න ඕන කියලා. කට්ටිය කිව්වා බෑ දැන් යන්න වෙන්නෙ නෑ හෙට උදේ තමයි ආයෙ ලෙඩ්ඩු බලන්න පුළුවන් කියලා. මම කොහොම හරි අම්මව බලනවයි කියලා හිතාගෙන තව දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක ඉස්පිරිතාලෙ තාප්පෙන් පැනලා ගියා වාට්ටුවට අම්මව බලන්න. ඒ වෙද්දි අම්මා හුස්ම ගන්නවා පේන්නේ නෑ. ඇස් වැහිලා. ඇඟ හොඳටෝම සීතල වෙලා. බෙහෙත් පොවන්නත් බෑ. හැබැයි හෘද ස්පන්දනය වැඩ කරනවා. අම්මා මැරුණේ නැති මළ මිනියක් වෙලා. අනික් අය වටවෙලා ‘අම්මා’ ‘අම්මා’ කියලා කෑ ගහනවා. ඒත් අම්මා ඇස් ඇරලා බැලුවෙ නෑ. මම හෙමිහිට අම්මා ළඟට ගිහිල්ලා ‘අම්මා, අම්මා’ කියලා දෙපාරයි කතාකෙරුවෙ. අම්මගේ හෘද ස්පන්දනය එක පාර ම වැඩිවුණා. අම්මා හෙමින් සැරේ ඇස් ඇරලා යන්තම් අත උස්සලා මගේ අත අල්ල ගත්ත. මෘත දේහවලටත් දරුපෙම නිසා පණ එනව‘යි කියන කතාවත් ඇත්ත. 1997.12.26 දා ඒ කියන්නෙ ඊට පස්සෙ දවසෙ අම්මා මැරෙනවා. ඒ වෙද්දි අම්මට වයස අවුරුදු 81යි. අම්මට උප්පැන්නයක් නැති නිසා මං ඉපැදුණු වසරෙදි අම්මට 48යි කියන මතකයෙන් තමයි වයස හැදුවෙ. අම්මව වළේ දානකං මම ගියේ නෑ අම්මගේ මෘත දේහය බලන්න. කොටින්ම කිව්වොත් මම අම්මගේ මෘත දේහය බලන්න ආසවුණේ නෑ. අම්මා පවුලේ වැඩිපුර ම ආදරේ මට කියන එක මම තහවුරු කරගත්තා අම්මා මැරෙන්න මොහොතකට පෙර හරි. මම කැමැති වුණේ නෑ අඬලා දුක්වෙලා ඒ මතකය නැතිකර ගන්න. ඒ නිසා මම අම්මගේ මෘත දේහය බැලුවෙ නෑ. අම්මාට තාත්තාට ණය ගෙවන ක්‍රම තියෙනවා. 1. මානසික ලෙස 2. භෞතික ලෙස මම මානසික ණය ගෙව්වා. ශිෂ්‍යත්වය පාස් වුණා. පොත් ලිව්වා. ‘සන්නස්ගල’ කියලා පත්තරේක තිබ්බත් ඒ මගේ පුතා කියලා සතුටු වෙන්න, ආඩම්බර වෙන්න පුළුවන්කම ඇති කළා. නමුත්, මට භෞතික ණය ගෙවන්න බැරිවුණා. අම්මට අගස්ති මාලයක් අරන් දෙන්න මට බැරිවුණා. අම්මට අඳින්න සාරි ගෙනැත් දෙන්න අම්මව දඹදිව එක්ක යන්න මට බැරිවුණා. ඊට පස්සෙ කාලෙක මම ඉන්දියාවෙ ගියාම අගස්ති මාල 50ක් බෙදුවා. සාරි බෙදුවා. 2007 ජනානන්ද පිංකමේ දී ගමේ ගෑනුන්ට සාරි දුන්නා. දෙමාපියො මැරුණම දරුවො පශ්චාත්තාප වෙන්නෙ අර මගහැරුණු කාලෙ ගැන විතරයි. අපි කිසිවිටෙක හිතන්නෙ නෑ අම්ම තාත්තා දැන් මැරෙයි කියලා. මොහොතකටවත් අම්මා තාත්තා අතාරින්න එපා ඒ මොහොතෙදි අම්මා තාත්තා මැරේවි. එතකොට තමයි හිතෙන්නෙ ‘ෂඞ මට මොකුත් කරන්න බැරිවුණානේ’ කියලා ඒ නිසා මගේ මේ ජීවන අත්දැකීම ගැන යම් කෙනෙක් හරි හිතනව නම් මොහොතකටවත් අම්මා තාත්තා අතාරින්න, මඟහරින්න එපා කියලයි කියන්න තියෙන්නෙ. ආදරය, සෙනෙහස වගේ දේවල් කිසිවිටෙක මඟහරින්න එපා. ආදරය මඟහැරුනම මරණය ළං වෙනවා. ආදරය අපිව දාලා යනවා. මගේ පපුව තවමත් කැක්කුම තියෙන්නේ අම්මව මට මඟහැරුණ නිසා. ඒක මේ ආත්මයේ ගෙවලා ඉවර කරන්න බෑ. සටහන - උපාලි සමරසිංහ[/COLOR][/SIZE] [SIZE="3"]Source[/SIZE] [code] www.facebook.com/lifeisbeautiful.jiwithayasundarai [/code] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom