Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට මේ තැනට එන්න කොච්චර 'ලේසි' උනාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේ තැනට එන්න කොච්චර 'ලේසි' උනාද?

ඇමරිකාවට ගිහින් භෞතික විද්‍යාඥයෙක් වෙන්න 2003 මැයි මාසේදි මට එක හීනයක් ඇතිවෙනවා. මේ කාලෙදිම තාත්තගෙ රස්සාව නැතිවෙනවා. ගෙදර ආර්ථිකය තත්වය පහළටම වැටෙනවා. ඒ කාලේ අපේ ගෙදර ලොකුම ප්රශ්නය උනේ ඊළග කෑම වේලට සල්ලි හොයාගන්නෙ කොහොමද කියන එක. අම්මා, නංගි, මම ඇර හැම දේම වගේ තාත්තට නැති වෙනවා. ගෙදර ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙනවා. තාත්තාට ප්‍රශ්න පිට ප්‍රශ්න එද්දි, ගෙදර රෝල ගෙනියන්නෙ තාත්තා ගොඩක් අමාරුවෙන්, මට තාත්තගේ මූණ බලාගෙන මගෙ වියදමට සල්ලි ඉල්ලන්න හයියක් තිබුනෙ නෑ. මගෙ ජීවිතේ පටන් ගන්නකොටම තාත්තාගෙ ජීවිතේ අමාරුම කාලෙ එනවා.

2006 මුල සමහර දවස් තිබුනා මට ඉස්කෝලේ යන්නවත් සල්ලි තිබුනෙ නැති. පොත්, සපත්තු නැතුව ඉස්කෝලේ ගියපු නැති. ඊට පස්සෙ මන් මගෙ වියදම් තනියෙන් බලාගන්න හිතාගන්නවා. මට අවුරුදු 10ක් වෙද්දි තනියම සල්ලි හොයන්න පටන් ගන්නවා මගෙ වියදමට. 2006 අප්‍රේල් වලදි මන් කුකුල්ලු ඇති කරන්න පටන් ගන්නවා. ගම් බිත්තරයක් විකුණන්නෙ රු. 12කට. ඒකෙන් ලැබෙන ආදයමෙන් මන් ඉස්කෝලේ වියදම හොයාගන්නවා. ඒක මදි නිසා 2007 අවුරුද්ද ලබද්දි කළුකුන්, තාරාවෝ, ගිනි කුකුල්ලු ගෙනත් මගෙ කුකුලු ගොවිපල තව ලොකු කරනවා. ඒ අවුරුද්දෙම මැයි මාසේ කෙසෙල්, අමු මිරිස්, කොච්චි, වම්බටු, බණ්ඩක්කා වගේ වගා කරලා ගානක් හොයාගන්නවා. මේවගෙන් තමයි ඉස්කෝලෙන් අවුට් වෙනකල් මගෙ වියදම හොයාගන්නෙ. ඒත් ඉස්කෝලේ කාලෙ ගොඩක් දවස්වලට මන් උදේට කන්නෙ දවල් ගෙදර ගිහින්. අද කැන්ටිමෙන් කෑවොත් හෙට ඉස්කෝලෙ එන්න සල්ලි තියෙයිද කියන ප්‍රශ්නෙ මගෙ ඔලුවෙ තිබුණා. තුන්වේලම කාපු දවසක් මට මතක නැහැ. බඩගින්නෙ ඉන්න පුරුදුවුනේ මේ කාලෙදි. අමතර පංති යන්න සල්ලි තිබුනෙ නැති නිසා මන් හැමදාම ඉස්කෝලේ ගියා.

ඉස්කෝලෙදි මන් සම්පූර්ණ කාලයම වගේ පාවිච්චි කරන්නෙ පාඩම් වැඩ වලට. ගෙදර වැඩ ඔක්කොම වගේ ඉවර කරනව ඉස්කෝලෙදිම. ගෙදර ඇවිත් මගෙ පොඩි බිස්නස් වැඩ ටික කරනවා. ඉස්කෝලෙන් පස්සෙ මට වෙනස්ම සමාජයක් ආශ්ර්ය කරන්න ලැබෙන්නෙ. මේ දවස් වල මගෙ හැසිරීම ගොඩක්ම නරකයි. අවුල්ම හිතුවක්කාර චරිතයක්. ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන තමයි මගේ ඉස්කෝලේ වෙන්නෙ. ඉස්කෝලේ පරිවේණාධිපති පානකාවේ ප්‍රේමරතන හාමුදුරුවන්ගේ මඟ පෙන්වීමත් එක්ක මන් මගේ හැසිරීම හදා ගන්නවා. මෙතනදි තමයි බෞද්ධ දර්ශනය ගැන මට මුලින්ම අවබෝධයක් එන්නෙ.

මං O/L වලට අමතර පංති යන්නෙ නෑ. හේතු දෙකයි. සල්ලි නෑ. හොඳ ඇදුමක් නෑ. ඉස්කෝලෙන් හතර වෙනියට හොඳම රිසාල්ට් එක අරන් O/L පාස්වෙනවා.

A/L වලට කරන්නෙ මැත්ස්. මෙතනදි මට අමතර පංති වලට යන්න වෙනවා. ඒක එච්චර ලේසි වෙන්නෙ නෑ. මාසේ මුල පංති වලට සල්ලි හොයාගන්න මට ගොඩක් අමාරු වෙනවා. අද මන් මෙතනට ආව කියන්න ආච්චි මන් ළඟ නැතත්, එයා මට ගොඩක් වෙලාවල් වලදි උදව් කරනවා. නෑදෑ අයියා කෙනෙක්ගෙන් පරණ කලිසමකුයි, කමිස දෙකකුයි ඉල්ලගන්නවා පංති යන්න. මං කන්න අරන් යන සල්ලි ඉතුරු කරනවා පංති වලට. සමහර දවස් වලට පංති යන්න වෙන්නෙ නෑ. මේ කාලෙදි මට ඉස්කෝලේ නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන්, මගෙ තත්වය ගැන දන්න සර්ලගෙ මගපෙන්වීමෙන් සවනි [USER=22242]@savani[/USER] Chandrathilaka අක්කාගෙන් ශිෂ්‍යාධාරයක් ලැබෙනවා. ඒකෙන් ප්‍රශ්න ටිකක් අඩු කරගන්න මට පුලුවන් වෙනවා. ගෙදර ප්‍රශ්න වැඩි නිසා මං A/L වලට පාඩම් කරන්නෙ පන්සලේ බණ මඩුවේ.

මේ කාලෙදි අසනීප වෙලා මට මාස ගානක් හොස්පිටල් එකේ නේවාසිකව බෙහෙත් ගන්න වෙනවා. ආර්ථික ප්‍රශ්න, අසනීප, ගෙදර ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හිටපු කාලයක් ඒක. පළවෙනි සැරේ A/L ෆේල් වෙනවා. දෙවෙනි සැරෙත් මට ඕනේ ප්‍රතිඵලය ගන්න බැරි වෙනවා. තුන්වෙනි සැරේ රිසාල්ට්ස් වලින් තමයි මන් කැලණි විශ්වවිද්‍යාලයට තේරෙන්නෙ.

A/L ඉවර වෙලා ඇලුමිනියම් ෆැක්ටරියක සාමාන්‍ය කර්මාන්තශාලා සේවකයෙක් විදිහට මාස 15 (දවස් 462)ක් වැඩ කරනවා. ඒක වෙනස්ම සමාජයක්. වෙනස් අත්දැකීම් තියෙන මිනිස්සු ගොඩක් ආශ්‍රය කරන්න ලැබෙනවා. මෙතනදි මන් අවසර ඇතුව මගේ සාමාන්‍ය පැය 8 ශිෆ්ට් එකට අමතරව තව පැය 8 ක් OT කරනවා. ඇලුමිනියම් මෙලෙක් කරලා බාර් හදන, රස්නයක් තියෙන මැෂින් එකක් ලඟ දවසට පැය 16ක් වැඩ කරන එක ලේසි උනේ නෑ මට. මේ කාලෙ මන් නිදාගත්තෙ පැය 4ක් වගේ. තාත්තා ගෙදර රෝල අරන් ගියේ ගොඩක් අමාරුවෙන්, අසනීප මැද්දෙ නිසා මන් ගෙදර වගකීම සම්පූර්ණයෙන් භාර අරන්, තාත්තට විවේක ගන්න කියනවා. එදා ඉදන් මේ වෙනකල් මගෙ වැඩත් එක්කම ගෙදර වගකීම අරගෙන යන්නෙ මම. ඒත් තාත්තා කැමති උනේ නැහැ මන් වැඩට යනවටවත්. මෙතන තියෙන කතා ගොඩක් මන් තාත්තටවත් තාම කියලා නැහැ. එදා ඒවා කිව්වා නම් තාත්තා කොච්චර දුක් වෙයිද කියලා මන් දන්නවා. මගේ තාත්තා, ළමයෙක්ට කලාතුරකින් හම්බවෙන, මනුස්සයෙක්ට තියෙන්න පුලුවන් හොඳම ගතිගුණ තියෙන කෙනෙක්. ඒ නිසා මට තාත්තාගෙන් ගොඩක් දේවල් හංගන්න වෙනවා. මේ මාස 15දී මම හොයන්නෙ මගේ වියදම, ගෙදර වියදම සහ මගෙ ඉස්සරහ විශ්ව විද්‍යාල ගමනට ඕනේ වියදම.

2018 පෙබරවාරියේ මන් විශ්ව විද්‍යාල ගමන පටන් ගන්නවා. දෙපාරක් හිතන්නෙ නැතුව භෞතික විද්‍යාව තෝරගන්නවා. රැයක් දවාලක් නැතුව නිදිමරලා සෑහෙන කට්ටක් කාල බැජ් එකෙන්ම වැඩිම ලකුණු අරන් භෞතික විද්‍යා ගෞරව උපාධියට තේරෙනවා. මෙතනදි මගෙ බැජ් එකේ, පහළ බැජ් වල ළමයින්ට භෞතික විද්‍යාවෙ, ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙ අමාරු සංකල්ප ඉගෙනගන්න උදව් කරන්න මට අවස්ථාව ලැබෙනවා. ඒක මං ගොඩක් කැමැත්තෙන් කරපු දෙයක්.

විශ්ව විද්‍යාලෙ ඉන්න කාලෙ සමහර අමාරු දවස් වලට මන් වියදම හොයාගන්න කුලී වැඩ, බදාම අනන වැඩ, වඩු වැඩ වගේ දේවලුත් කරනවා. ඊට පස්සෙ මන් ඉගෙනගන්න ගමන් A/L වලට පංති කරන්න පටන් ගන්නවා. සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව කියන විශයන් වලට ඉංග්‍රීසි, සිංහල මාධ්‍ය වලින්. ශානක [USER=878]@shanaka[/USER] sammandapperuma, මෙවන් [USER=12603]@mewan[/USER] Adhishtan කියන යාලුවො දෙන්නා තමයි පංති හොයලා දෙන්න උදව් කරන්නෙ. මේ කාලෙදි මට ශිෂ්‍යාධාරයක් ලැබෙනවා ජයන්ත සර්(maths department)සහ සුජීවා මැඩම්ගෙ(chemistry department) මූලිකත්වයෙන් දමිත් සර්, කමල් සර් ගෙන්. මේ නිසා මගෙ වැඩ ටිකක් ලේසි වෙනවා. භෞතික විද්‍යාවට වැඩිම ලකුණු අරන් 2022 ජූලි වලදි මන් පාස් අවුට් වෙනවා. කැම්පස් කාලෙදි මන් නිදාගන්නෙ පැය 4ක් වගේ. සමහර දවස් වලට ඒකත් නෑ.

පාස් අවුට් උනාට පස්සෙ කැම්පස් එකේ ආචාර්ය සහායකයෙක් විදිහට වැඩ කරනවා. එතනදිත් මට ළමයින්ට උගන්වන්න, අමාරු සංකල්ප තේරුම් කරවන ගමන් ජීවිතේ කොහොමද ප්ලෑන් එකක් ඇතුව ලස්සනට හදාගන්නෙ කියලා කියල දෙන්න පුලුවන් වෙනවා. ඒක මන් ලොකු තෘප්තියකින් කරපු දෙයක්. මේ කාලේ උදේ ගෙදරින් ගියාට පස්සෙ මන් ගෙදර එන්නෙ ගොඩක් රෑ වෙලා පංති කරලා. ඊළඟ දවසෙ පංතියට ලැහැස්ති වෙලා නිදාගද්දි පැය 4ක් වගේ තමයි නිදා ගන්නෙ. මගෙ වියදම, ගෙදර වියදම, ඇමරිකා ගමනට ඕනෙ වියදම මෙතනින් මන් හොයාගන්නෙ.

2016 ෆැක්ටරියෙ වැඩ කරපු කාලෙදි, ආපු මහන්සිය, තනිකම නිසා මන් ආදරයක් හොයාගෙන යන්න පටන් ගන්නවා. සම්බන්ධතා පටන්ගත්තත් ඒවා වැඩිකල් පවතින්නෙ නෑ. ඒවා කඩාවැටෙන්න, ප්‍රතික්ෂේප වෙන්න මූලික හේතුව වෙන්නෙ මගේ ආර්ථික ප්‍රශ්න සහ දුප්පත්කම. ඊටපස්සෙ අවුරුදු ගානක් මහන්සි වෙලා මගෙ ආර්ථික තත්වයයි ගෙදර තත්වයයි ගොඩ ගන්නවා. මං මාවම හදාගන්නවා. කාලයක් ගියාට පස්සෙ සම්බන්ධතාවයක් ඇති වෙනවා. ගොඩක් ඉස්සරහට යනවා. ඒත් ආදරේ කියල, මාව ගොඩක් රවට්ටලා, පාවිච්චි කරලා කියලා හරියටම තේරුම් ගනිද්දි මන් ගොඩක් පරක්කු වැඩියි. අත්හරිනවා ඇර වෙන විකල්පයක් නැහැ. බලාපොරොත්තු, හීන අත්හරින එක, මන් රැවටුනා කියලා තේරුම් ගන්න එක මට ගොඩක්ම අමාරු වෙනවා. මට එයාව ඕනෙම කාලෙදි හිස් අතින්, අත් ඇරලා යන්න වෙනවා. ඊට පස්සෙ මන් තීරණයක් ගන්නවා. මේ ගමනෙ මෙච්චර දුරක් තනියෙන් ආව වගේම ඉතුරු දුරත් තනියෙන්ම යනවා කියලා. ඒක මං හිතපු තරම් ලේසි උනේ නෑ. ලංකාවෙන් ගොඩක් දුර රටකට ගිහින් දන්න අඳුරන කවුරුත් නැතිව තනිකම, පාළුවත් එක්ක දැනෙන ඒ වේදනාව මට තනියම දරාගන්න වෙනවා මගෙ අසනීප සහ අනිත් ප්‍රශ්නත් එක්කම.

කැලණි විශ්වවිද්‍යාලයේදී මගේ ප්‍රථිපල නිසා 2023 පෙබරවාරියේදි ඇමරිකාවෙ වර්ජීනියා විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යා ආචාර්ය උපාධිය සඳහා පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබෙනවා.

2003 මැයි මාසෙන් පටන් අරන් අවුරුදු 20යි මාස දෙකකට පස්සෙ, 2023 අගෝස්තු 01 මන් ඇමරිකාවට එනවා.

ඊට පස්සෙ ජීවිතය ලේසි වෙයි කියල හිතුවත් ඒක එහෙම වෙන්නෙ නෑ. මෙහෙට ඇවිත් මාස දෙකක් යද්දි 2023 ඔක්තෝම්බර් මාසයේදි මන් අසනීප වෙන්න ගන්නවා. මාස 10ක් විතර එක දිගට බෙහෙත් ගන්න වෙනවා. මගෙ ජීවිතේවත් විශ්වාස නැති දවස් වලට තනියෙන් මූන දෙන්න වෙනවා. සැලසුම් කරපු හැම වැඩක්ම අවුල් වෙනවා. ලොකු කඩාවැටීම් එක්ක මට තනියෙම මන් ගැන බලාගන්න වෙනවා. මගේ කාර්යක්ශමතාව අඩුම වෙනවා. මගෙ තත්වය ගෙදරින් හංඟගෙන ගෙදර ප්‍රශ්න මෙහෙ ඉඳන් විසඳන්න වෙනවා. ඒත් අම්මාගෙන් මට හංඟගන්න බැරි වෙනවා. පුලුවන් හැම වෙලාවකම අම්මා මට කෝල් කරනවා. එයාට පුලුවන් හැමවිදිහකින්ම මන් ලඟින් ඉන්නවා. මේ ගමන එද්දි මට මගෙ අම්මාව ගොඩක් තැන් වලදි මඟ ඇරෙනවා. මං ගොඩක්ම හිටියෙ ගෙදරින් පිට. අවුරුදු 9න් පස්සෙ මට අම්මාව ගොඩක්ම දැනෙන්නෙ මෙහෙ ආවට පස්සෙ.

අසනීප වෙනවත් එක්කම මට පාලනය කරන්න බැරි ප්‍රශ්න පිට පිට එනවා, මට පුලුවන් දේවල් පවා බැරි වෙනවා. අවුරුදු 10කට පස්සෙ මන් ආයෙත් අසාර්ථක වෙනවා. කරන කියන දේවල් අසාර්ථක වෙද්දි මට හිතෙනවා මේවා ඔක්කොම අතඇරලා ලංකාවට යන්න. ඒත් අවුරුදු 20ක මහන්සිය, කැපකිරීම් එක්ක කාපු කට්ට සහ පටන් ගත්ත වැඩේ හරියට ඉවර කරන්නෙ නැතුව හිස් අතින් අතඇරලා යන්න මන් කැමති නෑ. මන් තීරණය කරනවා මේ ගේම් එක හරි විදිහට ඉවර කරල මිසක් මන් ලංකාවට ආයෙ යන්නෙ නෑ කියලා. අසනීප, ප්‍රශ්න, කඩාවැටීම් දරාගෙන වැඩ කරන්න වෙනවා. මගෙ ජීවිතයෙ අමාරුම දවස් මන් ගෙවනවා. මගෙ කාර්යශමතාවය අඩු, අසාර්ථක දවස් 318ක් අමාරුවෙන් වැඩ කරලා භෞතික විද්‍යාවෙන් ආචාර්ය උපාධිය ලබාගැනීමට සුදුසුකම සම්පූර්ණ කරගන්නවා.

කිලෝමීටර් දහස් ගානක් ඈත හිටියත් ඒ අමාරුම කාලේ මගෙ ළඟ ඉන්නෙ අම්මා, තාත්තා, නංගි සහ නුවන් අයියා [USER=91921]@NUWAN C[/USER] Perera විතරයි. නුවන් අයියා කියන්නෙ මනුස්සයෙකුට ගොඩක්ම කලාතුරකින් තියෙන්න පුලුවන් හොඳම ගතිගුණ තියෙන කෙනෙක්. ඒ මනුස්සයා වැඩ ගොඩක් මැද්දෙ පුලුවන් හැම වෙලාවකම මං ගැන හොයලා බලනවා. ගොඩක් උදව් කරනවා.

අද මන් පර්යේෂකයෙක් විදිහට Fermi lab එකට එන මුල්ම දවස.

එදා මන් හිටියා වගේම ලංකාවෙ ලොකු හීන තියෙන, ගොඩක් ප්‍රශ්න තියෙන ළමයි ඉන්නවා. ඒ ප්‍රශ්න නිසාම ගොඩක් ළමයි තමන්ගෙ හීන අතඅරිනවා. මගෙ කතාව post කිරීමේ එකම අරමුණ වෙන්නෙ ඒ ළමයින්ට, පරම්පරාවට පණිවිඩයක් දෙන එක.

ඔයා කරන දේවල් වලින් කාටවත් ප්‍රශ්නයක් වෙන්නෙ නැත්නම්, ඔයාගෙ සීමාවන් ගැන දන්නවා නම් 'බහුතරයක් මිනිස්සු' කියන දේවල් ගනන් ගන්නෙ නැතුව ඉස්සරහට යන්න, ඕන කෙනෙක්ට ඕනෙම දෙයක් කියන්න, හිනා වෙන්න පුලුවන්, ඔයා කොච්චරක් ඔයා ගැන දන්නවද කියන එකයි වැදගත්. අලුත් විදිහට හිතන්නෙ නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. මිනිස්සු මොනවා හිතයිද කියන එක උඩ අලුත් විදිහට හිතන එක නවත්තන්න එපා. අද ලෝකය ගොඩක් ඉස්සරහින් තියෙන්නෙ; වේගයෙන් වෙනස් වෙනවා, ඒකත් වෙනස් වෙනවා. සර්ව සම්පූර්ණ මිනිස්සු මේ ලෝකෙ නෑ. අපි හැමෝටම අඩුපාඩු තියෙනවා, අමාරු කාල එනවා, වරදිනවා, අපි නොදන්න දේවල් එක්ක ගත්තාම දන්න දෙයක් නැති තරම්. ඔයා ඔයාවම හදාගෙන යන ගමනක් මේක. ඔයාව හරියටම තේරුම් ගන්න පුලුවන් ඔයාටම විතරයි.

අවුරුදු 21ක් තිස්සෙ හීන වලින් විතරක් දැක්ක දේවල් අද මං ඇත්තටම අත්විඳිනවා. මන් ඇවිදන් ආවෙ අපායක් මැද්දෙන් වැටුණු අඳුරු පාරක් දිගේ. ඒ පාරට එළිය වැටුනෙ මගේම කැපකිරීම්, මහන්සිවීම් සහ දරාගැනීම්; ඒ නිසා මන් මට ගොඩක් ආදරය කරනවා.

- නිසල් ගීමල් විස්මිත්.

PC : [USER=2352]@harsha[/USER] Kaluarachchi

[QUOTE="Fox Mulder89, post: 30482496, member: 454953"] මට මේ තැනට එන්න කොච්චර 'ලේසි' උනාද? ඇමරිකාවට ගිහින් භෞතික විද්‍යාඥයෙක් වෙන්න 2003 මැයි මාසේදි මට එක හීනයක් ඇතිවෙනවා. මේ කාලෙදිම තාත්තගෙ රස්සාව නැතිවෙනවා. ගෙදර ආර්ථිකය තත්වය පහළටම වැටෙනවා. ඒ කාලේ අපේ ගෙදර ලොකුම ප්රශ්නය උනේ ඊළග කෑම වේලට සල්ලි හොයාගන්නෙ කොහොමද කියන එක. අම්මා, නංගි, මම ඇර හැම දේම වගේ තාත්තට නැති වෙනවා. ගෙදර ප්‍රශ්න එන්න එන්නම වැඩි වෙනවා. තාත්තාට ප්‍රශ්න පිට ප්‍රශ්න එද්දි, ගෙදර රෝල ගෙනියන්නෙ තාත්තා ගොඩක් අමාරුවෙන්, මට තාත්තගේ මූණ බලාගෙන මගෙ වියදමට සල්ලි ඉල්ලන්න හයියක් තිබුනෙ නෑ. මගෙ ජීවිතේ පටන් ගන්නකොටම තාත්තාගෙ ජීවිතේ අමාරුම කාලෙ එනවා. 2006 මුල සමහර දවස් තිබුනා මට ඉස්කෝලේ යන්නවත් සල්ලි තිබුනෙ නැති. පොත්, සපත්තු නැතුව ඉස්කෝලේ ගියපු නැති. ඊට පස්සෙ මන් මගෙ වියදම් තනියෙන් බලාගන්න හිතාගන්නවා. මට අවුරුදු 10ක් වෙද්දි තනියම සල්ලි හොයන්න පටන් ගන්නවා මගෙ වියදමට. 2006 අප්‍රේල් වලදි මන් කුකුල්ලු ඇති කරන්න පටන් ගන්නවා. ගම් බිත්තරයක් විකුණන්නෙ රු. 12කට. ඒකෙන් ලැබෙන ආදයමෙන් මන් ඉස්කෝලේ වියදම හොයාගන්නවා. ඒක මදි නිසා 2007 අවුරුද්ද ලබද්දි කළුකුන්, තාරාවෝ, ගිනි කුකුල්ලු ගෙනත් මගෙ කුකුලු ගොවිපල තව ලොකු කරනවා. ඒ අවුරුද්දෙම මැයි මාසේ කෙසෙල්, අමු මිරිස්, කොච්චි, වම්බටු, බණ්ඩක්කා වගේ වගා කරලා ගානක් හොයාගන්නවා. මේවගෙන් තමයි ඉස්කෝලෙන් අවුට් වෙනකල් මගෙ වියදම හොයාගන්නෙ. ඒත් ඉස්කෝලේ කාලෙ ගොඩක් දවස්වලට මන් උදේට කන්නෙ දවල් ගෙදර ගිහින්. අද කැන්ටිමෙන් කෑවොත් හෙට ඉස්කෝලෙ එන්න සල්ලි තියෙයිද කියන ප්‍රශ්නෙ මගෙ ඔලුවෙ තිබුණා. තුන්වේලම කාපු දවසක් මට මතක නැහැ. බඩගින්නෙ ඉන්න පුරුදුවුනේ මේ කාලෙදි. අමතර පංති යන්න සල්ලි තිබුනෙ නැති නිසා මන් හැමදාම ඉස්කෝලේ ගියා. ඉස්කෝලෙදි මන් සම්පූර්ණ කාලයම වගේ පාවිච්චි කරන්නෙ පාඩම් වැඩ වලට. ගෙදර වැඩ ඔක්කොම වගේ ඉවර කරනව ඉස්කෝලෙදිම. ගෙදර ඇවිත් මගෙ පොඩි බිස්නස් වැඩ ටික කරනවා. ඉස්කෝලෙන් පස්සෙ මට වෙනස්ම සමාජයක් ආශ්ර්ය කරන්න ලැබෙන්නෙ. මේ දවස් වල මගෙ හැසිරීම ගොඩක්ම නරකයි. අවුල්ම හිතුවක්කාර චරිතයක්. ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන තමයි මගේ ඉස්කෝලේ වෙන්නෙ. ඉස්කෝලේ පරිවේණාධිපති පානකාවේ ප්‍රේමරතන හාමුදුරුවන්ගේ මඟ පෙන්වීමත් එක්ක මන් මගේ හැසිරීම හදා ගන්නවා. මෙතනදි තමයි බෞද්ධ දර්ශනය ගැන මට මුලින්ම අවබෝධයක් එන්නෙ. මං O/L වලට අමතර පංති යන්නෙ නෑ. හේතු දෙකයි. සල්ලි නෑ. හොඳ ඇදුමක් නෑ. ඉස්කෝලෙන් හතර වෙනියට හොඳම රිසාල්ට් එක අරන් O/L පාස්වෙනවා. A/L වලට කරන්නෙ මැත්ස්. මෙතනදි මට අමතර පංති වලට යන්න වෙනවා. ඒක එච්චර ලේසි වෙන්නෙ නෑ. මාසේ මුල පංති වලට සල්ලි හොයාගන්න මට ගොඩක් අමාරු වෙනවා. අද මන් මෙතනට ආව කියන්න ආච්චි මන් ළඟ නැතත්, එයා මට ගොඩක් වෙලාවල් වලදි උදව් කරනවා. නෑදෑ අයියා කෙනෙක්ගෙන් පරණ කලිසමකුයි, කමිස දෙකකුයි ඉල්ලගන්නවා පංති යන්න. මං කන්න අරන් යන සල්ලි ඉතුරු කරනවා පංති වලට. සමහර දවස් වලට පංති යන්න වෙන්නෙ නෑ. මේ කාලෙදි මට ඉස්කෝලේ නායක හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන්, මගෙ තත්වය ගැන දන්න සර්ලගෙ මගපෙන්වීමෙන් සවනි [USER=22242]@savani[/USER] Chandrathilaka අක්කාගෙන් ශිෂ්‍යාධාරයක් ලැබෙනවා. ඒකෙන් ප්‍රශ්න ටිකක් අඩු කරගන්න මට පුලුවන් වෙනවා. ගෙදර ප්‍රශ්න වැඩි නිසා මං A/L වලට පාඩම් කරන්නෙ පන්සලේ බණ මඩුවේ. මේ කාලෙදි අසනීප වෙලා මට මාස ගානක් හොස්පිටල් එකේ නේවාසිකව බෙහෙත් ගන්න වෙනවා. ආර්ථික ප්‍රශ්න, අසනීප, ගෙදර ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හිටපු කාලයක් ඒක. පළවෙනි සැරේ A/L ෆේල් වෙනවා. දෙවෙනි සැරෙත් මට ඕනේ ප්‍රතිඵලය ගන්න බැරි වෙනවා. තුන්වෙනි සැරේ රිසාල්ට්ස් වලින් තමයි මන් කැලණි විශ්වවිද්‍යාලයට තේරෙන්නෙ. A/L ඉවර වෙලා ඇලුමිනියම් ෆැක්ටරියක සාමාන්‍ය කර්මාන්තශාලා සේවකයෙක් විදිහට මාස 15 (දවස් 462)ක් වැඩ කරනවා. ඒක වෙනස්ම සමාජයක්. වෙනස් අත්දැකීම් තියෙන මිනිස්සු ගොඩක් ආශ්‍රය කරන්න ලැබෙනවා. මෙතනදි මන් අවසර ඇතුව මගේ සාමාන්‍ය පැය 8 ශිෆ්ට් එකට අමතරව තව පැය 8 ක් OT කරනවා. ඇලුමිනියම් මෙලෙක් කරලා බාර් හදන, රස්නයක් තියෙන මැෂින් එකක් ලඟ දවසට පැය 16ක් වැඩ කරන එක ලේසි උනේ නෑ මට. මේ කාලෙ මන් නිදාගත්තෙ පැය 4ක් වගේ. තාත්තා ගෙදර රෝල අරන් ගියේ ගොඩක් අමාරුවෙන්, අසනීප මැද්දෙ නිසා මන් ගෙදර වගකීම සම්පූර්ණයෙන් භාර අරන්, තාත්තට විවේක ගන්න කියනවා. එදා ඉදන් මේ වෙනකල් මගෙ වැඩත් එක්කම ගෙදර වගකීම අරගෙන යන්නෙ මම. ඒත් තාත්තා කැමති උනේ නැහැ මන් වැඩට යනවටවත්. මෙතන තියෙන කතා ගොඩක් මන් තාත්තටවත් තාම කියලා නැහැ. එදා ඒවා කිව්වා නම් තාත්තා කොච්චර දුක් වෙයිද කියලා මන් දන්නවා. මගේ තාත්තා, ළමයෙක්ට කලාතුරකින් හම්බවෙන, මනුස්සයෙක්ට තියෙන්න පුලුවන් හොඳම ගතිගුණ තියෙන කෙනෙක්. ඒ නිසා මට තාත්තාගෙන් ගොඩක් දේවල් හංගන්න වෙනවා. මේ මාස 15දී මම හොයන්නෙ මගේ වියදම, ගෙදර වියදම සහ මගෙ ඉස්සරහ විශ්ව විද්‍යාල ගමනට ඕනේ වියදම. 2018 පෙබරවාරියේ මන් විශ්ව විද්‍යාල ගමන පටන් ගන්නවා. දෙපාරක් හිතන්නෙ නැතුව භෞතික විද්‍යාව තෝරගන්නවා. රැයක් දවාලක් නැතුව නිදිමරලා සෑහෙන කට්ටක් කාල බැජ් එකෙන්ම වැඩිම ලකුණු අරන් භෞතික විද්‍යා ගෞරව උපාධියට තේරෙනවා. මෙතනදි මගෙ බැජ් එකේ, පහළ බැජ් වල ළමයින්ට භෞතික විද්‍යාවෙ, ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙ අමාරු සංකල්ප ඉගෙනගන්න උදව් කරන්න මට අවස්ථාව ලැබෙනවා. ඒක මං ගොඩක් කැමැත්තෙන් කරපු දෙයක්. විශ්ව විද්‍යාලෙ ඉන්න කාලෙ සමහර අමාරු දවස් වලට මන් වියදම හොයාගන්න කුලී වැඩ, බදාම අනන වැඩ, වඩු වැඩ වගේ දේවලුත් කරනවා. ඊට පස්සෙ මන් ඉගෙනගන්න ගමන් A/L වලට පංති කරන්න පටන් ගන්නවා. සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව කියන විශයන් වලට ඉංග්‍රීසි, සිංහල මාධ්‍ය වලින්. ශානක [USER=878]@shanaka[/USER] sammandapperuma, මෙවන් [USER=12603]@mewan[/USER] Adhishtan කියන යාලුවො දෙන්නා තමයි පංති හොයලා දෙන්න උදව් කරන්නෙ. මේ කාලෙදි මට ශිෂ්‍යාධාරයක් ලැබෙනවා ජයන්ත සර්(maths department)සහ සුජීවා මැඩම්ගෙ(chemistry department) මූලිකත්වයෙන් දමිත් සර්, කමල් සර් ගෙන්. මේ නිසා මගෙ වැඩ ටිකක් ලේසි වෙනවා. භෞතික විද්‍යාවට වැඩිම ලකුණු අරන් 2022 ජූලි වලදි මන් පාස් අවුට් වෙනවා. කැම්පස් කාලෙදි මන් නිදාගන්නෙ පැය 4ක් වගේ. සමහර දවස් වලට ඒකත් නෑ. පාස් අවුට් උනාට පස්සෙ කැම්පස් එකේ ආචාර්ය සහායකයෙක් විදිහට වැඩ කරනවා. එතනදිත් මට ළමයින්ට උගන්වන්න, අමාරු සංකල්ප තේරුම් කරවන ගමන් ජීවිතේ කොහොමද ප්ලෑන් එකක් ඇතුව ලස්සනට හදාගන්නෙ කියලා කියල දෙන්න පුලුවන් වෙනවා. ඒක මන් ලොකු තෘප්තියකින් කරපු දෙයක්. මේ කාලේ උදේ ගෙදරින් ගියාට පස්සෙ මන් ගෙදර එන්නෙ ගොඩක් රෑ වෙලා පංති කරලා. ඊළඟ දවසෙ පංතියට ලැහැස්ති වෙලා නිදාගද්දි පැය 4ක් වගේ තමයි නිදා ගන්නෙ. මගෙ වියදම, ගෙදර වියදම, ඇමරිකා ගමනට ඕනෙ වියදම මෙතනින් මන් හොයාගන්නෙ. 2016 ෆැක්ටරියෙ වැඩ කරපු කාලෙදි, ආපු මහන්සිය, තනිකම නිසා මන් ආදරයක් හොයාගෙන යන්න පටන් ගන්නවා. සම්බන්ධතා පටන්ගත්තත් ඒවා වැඩිකල් පවතින්නෙ නෑ. ඒවා කඩාවැටෙන්න, ප්‍රතික්ෂේප වෙන්න මූලික හේතුව වෙන්නෙ මගේ ආර්ථික ප්‍රශ්න සහ දුප්පත්කම. ඊටපස්සෙ අවුරුදු ගානක් මහන්සි වෙලා මගෙ ආර්ථික තත්වයයි ගෙදර තත්වයයි ගොඩ ගන්නවා. මං මාවම හදාගන්නවා. කාලයක් ගියාට පස්සෙ සම්බන්ධතාවයක් ඇති වෙනවා. ගොඩක් ඉස්සරහට යනවා. ඒත් ආදරේ කියල, මාව ගොඩක් රවට්ටලා, පාවිච්චි කරලා කියලා හරියටම තේරුම් ගනිද්දි මන් ගොඩක් පරක්කු වැඩියි. අත්හරිනවා ඇර වෙන විකල්පයක් නැහැ. බලාපොරොත්තු, හීන අත්හරින එක, මන් රැවටුනා කියලා තේරුම් ගන්න එක මට ගොඩක්ම අමාරු වෙනවා. මට එයාව ඕනෙම කාලෙදි හිස් අතින්, අත් ඇරලා යන්න වෙනවා. ඊට පස්සෙ මන් තීරණයක් ගන්නවා. මේ ගමනෙ මෙච්චර දුරක් තනියෙන් ආව වගේම ඉතුරු දුරත් තනියෙන්ම යනවා කියලා. ඒක මං හිතපු තරම් ලේසි උනේ නෑ. ලංකාවෙන් ගොඩක් දුර රටකට ගිහින් දන්න අඳුරන කවුරුත් නැතිව තනිකම, පාළුවත් එක්ක දැනෙන ඒ වේදනාව මට තනියම දරාගන්න වෙනවා මගෙ අසනීප සහ අනිත් ප්‍රශ්නත් එක්කම. කැලණි විශ්වවිද්‍යාලයේදී මගේ ප්‍රථිපල නිසා 2023 පෙබරවාරියේදි ඇමරිකාවෙ වර්ජීනියා විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යා ආචාර්ය උපාධිය සඳහා පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබෙනවා. 2003 මැයි මාසෙන් පටන් අරන් අවුරුදු 20යි මාස දෙකකට පස්සෙ, 2023 අගෝස්තු 01 මන් ඇමරිකාවට එනවා. ඊට පස්සෙ ජීවිතය ලේසි වෙයි කියල හිතුවත් ඒක එහෙම වෙන්නෙ නෑ. මෙහෙට ඇවිත් මාස දෙකක් යද්දි 2023 ඔක්තෝම්බර් මාසයේදි මන් අසනීප වෙන්න ගන්නවා. මාස 10ක් විතර එක දිගට බෙහෙත් ගන්න වෙනවා. මගෙ ජීවිතේවත් විශ්වාස නැති දවස් වලට තනියෙන් මූන දෙන්න වෙනවා. සැලසුම් කරපු හැම වැඩක්ම අවුල් වෙනවා. ලොකු කඩාවැටීම් එක්ක මට තනියෙම මන් ගැන බලාගන්න වෙනවා. මගේ කාර්යක්ශමතාව අඩුම වෙනවා. මගෙ තත්වය ගෙදරින් හංඟගෙන ගෙදර ප්‍රශ්න මෙහෙ ඉඳන් විසඳන්න වෙනවා. ඒත් අම්මාගෙන් මට හංඟගන්න බැරි වෙනවා. පුලුවන් හැම වෙලාවකම අම්මා මට කෝල් කරනවා. එයාට පුලුවන් හැමවිදිහකින්ම මන් ලඟින් ඉන්නවා. මේ ගමන එද්දි මට මගෙ අම්මාව ගොඩක් තැන් වලදි මඟ ඇරෙනවා. මං ගොඩක්ම හිටියෙ ගෙදරින් පිට. අවුරුදු 9න් පස්සෙ මට අම්මාව ගොඩක්ම දැනෙන්නෙ මෙහෙ ආවට පස්සෙ. අසනීප වෙනවත් එක්කම මට පාලනය කරන්න බැරි ප්‍රශ්න පිට පිට එනවා, මට පුලුවන් දේවල් පවා බැරි වෙනවා. අවුරුදු 10කට පස්සෙ මන් ආයෙත් අසාර්ථක වෙනවා. කරන කියන දේවල් අසාර්ථක වෙද්දි මට හිතෙනවා මේවා ඔක්කොම අතඇරලා ලංකාවට යන්න. ඒත් අවුරුදු 20ක මහන්සිය, කැපකිරීම් එක්ක කාපු කට්ට සහ පටන් ගත්ත වැඩේ හරියට ඉවර කරන්නෙ නැතුව හිස් අතින් අතඇරලා යන්න මන් කැමති නෑ. මන් තීරණය කරනවා මේ ගේම් එක හරි විදිහට ඉවර කරල මිසක් මන් ලංකාවට ආයෙ යන්නෙ නෑ කියලා. අසනීප, ප්‍රශ්න, කඩාවැටීම් දරාගෙන වැඩ කරන්න වෙනවා. මගෙ ජීවිතයෙ අමාරුම දවස් මන් ගෙවනවා. මගෙ කාර්යශමතාවය අඩු, අසාර්ථක දවස් 318ක් අමාරුවෙන් වැඩ කරලා භෞතික විද්‍යාවෙන් ආචාර්ය උපාධිය ලබාගැනීමට සුදුසුකම සම්පූර්ණ කරගන්නවා. කිලෝමීටර් දහස් ගානක් ඈත හිටියත් ඒ අමාරුම කාලේ මගෙ ළඟ ඉන්නෙ අම්මා, තාත්තා, නංගි සහ නුවන් අයියා [USER=91921]@NUWAN C[/USER] Perera විතරයි. නුවන් අයියා කියන්නෙ මනුස්සයෙකුට ගොඩක්ම කලාතුරකින් තියෙන්න පුලුවන් හොඳම ගතිගුණ තියෙන කෙනෙක්. ඒ මනුස්සයා වැඩ ගොඩක් මැද්දෙ පුලුවන් හැම වෙලාවකම මං ගැන හොයලා බලනවා. ගොඩක් උදව් කරනවා. අද මන් පර්යේෂකයෙක් විදිහට Fermi lab එකට එන මුල්ම දවස. --------------------------------------------------------- එදා මන් හිටියා වගේම ලංකාවෙ ලොකු හීන තියෙන, ගොඩක් ප්‍රශ්න තියෙන ළමයි ඉන්නවා. ඒ ප්‍රශ්න නිසාම ගොඩක් ළමයි තමන්ගෙ හීන අතඅරිනවා. මගෙ කතාව post කිරීමේ එකම අරමුණ වෙන්නෙ ඒ ළමයින්ට, පරම්පරාවට පණිවිඩයක් දෙන එක. ඔයා කරන දේවල් වලින් කාටවත් ප්‍රශ්නයක් වෙන්නෙ නැත්නම්, ඔයාගෙ සීමාවන් ගැන දන්නවා නම් 'බහුතරයක් මිනිස්සු' කියන දේවල් ගනන් ගන්නෙ නැතුව ඉස්සරහට යන්න, ඕන කෙනෙක්ට ඕනෙම දෙයක් කියන්න, හිනා වෙන්න පුලුවන්, ඔයා කොච්චරක් ඔයා ගැන දන්නවද කියන එකයි වැදගත්. අලුත් විදිහට හිතන්නෙ නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. මිනිස්සු මොනවා හිතයිද කියන එක උඩ අලුත් විදිහට හිතන එක නවත්තන්න එපා. අද ලෝකය ගොඩක් ඉස්සරහින් තියෙන්නෙ; වේගයෙන් වෙනස් වෙනවා, ඒකත් වෙනස් වෙනවා. සර්ව සම්පූර්ණ මිනිස්සු මේ ලෝකෙ නෑ. අපි හැමෝටම අඩුපාඩු තියෙනවා, අමාරු කාල එනවා, වරදිනවා, අපි නොදන්න දේවල් එක්ක ගත්තාම දන්න දෙයක් නැති තරම්. ඔයා ඔයාවම හදාගෙන යන ගමනක් මේක. ඔයාව හරියටම තේරුම් ගන්න පුලුවන් ඔයාටම විතරයි. අවුරුදු 21ක් තිස්සෙ හීන වලින් විතරක් දැක්ක දේවල් අද මං ඇත්තටම අත්විඳිනවා. මන් ඇවිදන් ආවෙ අපායක් මැද්දෙන් වැටුණු අඳුරු පාරක් දිගේ. ඒ පාරට එළිය වැටුනෙ මගේම කැපකිරීම්, මහන්සිවීම් සහ දරාගැනීම්; ඒ නිසා මන් මට ගොඩක් ආදරය කරනවා. - නිසල් ගීමල් විස්මිත්. PC : [USER=2352]@harsha[/USER] Kaluarachchi [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom