Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මඩකළපුවේ ලන්දේසි බළකොටුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මඩකළපුවේ ලන්දේසි බළකොටුව

මඩකළපුවේ ලන්දේසි බළකොටුව

සිහිවටනයක පසුබිම් කතාව

බලකොටුවට ඇතුල්වන ප්‍රධාන දොරටුව

පෘතුගීසීන් විසින් රාජසිංහ රජුට අභියෝගයක් වන පරිදි රට පුරා බළකොටු හයක් ඉදිකිරීමත්, රජතුමා බාහිර ලෝකය සමග කරගෙන ගිය වෙළෙඳාම හා වෙනත් ගනුදෙනු පෘතුගීසීන් විසින් පාලනය කිරීමත් නිසා රජු හා පෘතුගීසීන් අතර විරසකයක් නිර්මාණය විය. පෘතුගීසීන් මෙරට වෙරළබඩ කලාපය සම්පූර්ණයෙන්ම අත්පත් කර නොගෙන සිටිය ද මඩකළපුවේ හා ත්‍රිකුණාමලය බළකොටුවල සිට කුඩා නැව් මෙහෙයවීමෙන් රජුගේ වෙළෙඳාම හා බාහිර ලෝකය සමග ඔහු පවත්වා ගත් සම්බන්ධකම් ද ඔවුන්ගේ මතය අනුව සාර්ථක ලෙස පාලනය කළ හැකිවිය.

මේ තත්ත්වය නොඉවසූ රාජසිංහ රජතුමා පෘතුගීසීන් මුළුමනින්ම පලවා හැරීමේ කාර්යය සඳහා තමාගේ මුළු ශක්තියම යෙදවීමට අධිෂ්ඨාන කරගත්තේය. පෘතුගීසීන් ට වඩා බලවත් වූ නාවික බලයක ආධාරය නොමැතිව මේ කාර්යය සාර්ථක කරගත නොහැකි බව සීතාවක රාජසිංහ රජතුමාගේ අවධියේ සිටම අත්දැකීමෙන් ඔප්පු වී තිබිණි. එබැවින් පෘතුගීසීන් ජයගත හැකි ඔවුන්ගේ සතුරා ලෙස මුළු මහත් පෙරදිගම ප්‍රසිද්ධියට පත්වූ එකම ජාතිය වූයේ ලන්දේසීන්ය.

1636 සැප්තැම්බර් 09 දින රාජසිංහ රජු ලන්දේසි අාධාර ඉල්ලා පුලිකට්හි ආණ්ඩුකාර කැරල් රිජ්නියර්ස් වෙත ලිපියක් යැවීය. පෘතුගීසීන් විසින් ලංකාවේ මුහුදු තීරය සාර්ථක ලෙස මුර කිරීම නිසා මේ ලිපිය රිජ්නියර්ස්ට භාරදීමට අවුරුද්දක් පමණ කාලයක් ගතවිය. පෘතුගීසීන් එළවා දැමීමට අවශ්‍ය සහාය දෙන්නේ නම් ත්‍රිකුණාමලයේ හෝ මඩකළපුවේ ලන්දේසි බළකොටුවක් ඉදිකිරීමට අවශ්‍ය සියලු උපකරණ ලබාදීමට ද මේ ලිපිය මගින් රජතුමා පොරොන්දු වී තිබිණි.

1637 අගෝස්තු මස අවසානයේ දී බතාවියෙන් නික්මුණු ලන්දේසි නැව් හමුදාවේ අණදෙන නිලධාරී වූ අඩම් වෙස්ටර්වල්ට් පෘතුගීසීන්ගේ මූලස්ථානය වූ ගෝව වැටලීමට ගොස් ආපසු එන ගමනේ දී සෙබළුන් 250ක් හා නැව් හතක් ලංකාවට පැමිණෙන ලදී.

1637 දෙසැම්බර් 23 දින වෙස්ටර්වල්ට් රජතුමාගේ තානාපතිවරු හමුවූහ. මේ සියලුදෙනා සාකච්ඡා කිරීමෙන් අනතුරුව වෙස්ට්වර්වල්ට් තීරණය කළේ පළමුව මඩකළපුවට පහරදීමටය. ඒ අනුව මෙරට පිහිටුවා තිබූ පෘතුගීසි බළකොටු අතුරින් ලන්දේසීන් විසින් පළමුව පහරදීමට තීරණය කළේ මඩකළපුවටය. හමුදාවේ දෙවන අණදෙන නිලධාරී විලම් ජේකබ්ස් කොස්ටර් ද මේ කාර්ය සඳහා නැව් තුනක් සමග කලින්ම පිටත්වී ගියේය. රජතුමාගේ තානාපතිවරු ද කස්ටර් සමග ගමන් කළේය.

රාජසිංහ රජු තම සතුරා වූ ලන්දේසීන් සමග සාකච්ඡා පැවැත්වීම ආරම්භ කළ බව කපිතන් ජනරාල් දියෝගු ද මේලෝගේ කන වැටුණුවිට ලංකාවේ පෘතුගීසි බලය ආරක්ෂා කිරීමට වහාම ක්‍රියා කළ යුතු බවට ඔහු තීරණය කළේය. ජනරාල් දියෝගුට ද 1638 මුල් භාගයේ දී ආධාරක බලඇණි සැලකිය යුතු සංඛ්‍යාවක් ලැබිණි. සිංහලයින් හා ලන්දේසීන් අතර ඇතිවන්නට යන දීගය වැළැක්වීමේ අරමුණින් ඔහු විශාල සේනාවක් සමග මහනුවර ආක්‍රමණය කළේය.

යුද්ධ කිරීමට සූදානම් නැති බව හැඟී ගිය රාජසිංහ රජු සාමදානය ඇතිකර ගැනීමට කැමැත්ත දැක්වූ නමුත් කපිතාන් ජනරාල් දියෝගු ද මේලෝ ඊට කන් දුන්නේ නැත. ඔහු මහනුවර ආක්‍රමණය කර නගරය ගිනිබත් කළේය. එහෙත් තමා කළ වරද වැටහෙනවිට බොහෝ වේලා ඉක්ම ගොස් තිබූ බව පෘතුගීසි ජනරාල්වරයාට අවබෝධ වූයේ පසුවය.

රාජසිංහ රජුගේ හා විජයපාල කුමරාගේ හමුදා ඉදිරියට පැමිණ කපිතන් ජනරාල්වරයාට හදිසියේ පසුබැසීමට සිදුවිය. සෑම අතින්ම පෘතුගීසි හමුදාව වෙහෙසට පත්ව සිටි අතර ගන්නෝරුවේ දී මුහුණට මුහුණ ලා සටන් කොට එහිදී ඔහු සමග ගිය කාපිරියන්, කනාර ජාතිකයින් ඇතුළු පෘතුගීසීන් 900ක් මරණයට පත් කළහ. නැතහොත් අල්ලා ගත්හ. 1638 මාර්තු 23 හා 24 දින දෙකෙහි පැවැති මෙම සටනේ දී මියගිය අය අතර ජනරාල් දියෝගෝ ද මේලෝ සහ ඔහුගේ නිලධාරීහු ද වූහ.

මඩකළපුවට පහරදීමට කොස්ටර් අැතුළු භට පිරිස් කල්මුනේ ප්‍රදේශයේ රැස්ව සිටියහ. අප්‍රේල් 04 දින කොස්ටර්ට ලද ප්‍රීතිමත් ප්‍රවෘත්තිය එය විය. රාජසිංහ රජු කොළඹ වැටලීම පිණිස හමුදාවක් යැවූ බව ද කොස්ටර්ට දැනගන්නට ලැබිණි. මේ අනුව කොළඹ පෘතුගීසි මධ්‍යස්ථානයෙන් මඩකළපුවේ ආරක්ෂක භට පිරිසට කිසිදු ආධාරයක් නොලැබෙන බව නිශ්චිත වශයෙන්ම කොස්ටර් දැන ගත්තේය. අප්‍රේල් 09 දින කොස්ටර් මඩකළපුවට පැමිණ රජතුමාගේ ප්‍රාදේශීය ආණ්ඩුකාරයින් විසින් සපයන ලද මිනිසුන්ගේ ද ආධාර ඇතිව කාලතුවක්කු එසවීම අාරම්භ කළේය. තමා ද ඉක්මනින් මඩකළපුවට එන බවට රාජසිංහ රජු විසින් එවන ලද පණිවිඩයක් ද ඔහුට ලැබිණි.

රාජසිංහ රජතුමා පෘතුගීසීන් මුළුමනින්ම පලවා හැරීමේ කාර්යය සඳහා තමාගේ මුළු ශක්තියම යෙදවීමට අධිෂ්ඨාන කරගත්තේය. පෘතුගීසීන් ට වඩා බලවත් වූ නාවික බලයක ආධාරය නොමැතිව මේ කාර්යය සාර්ථක කරගත නොහැකි බව සීතාවක රාජසිංහ රජතුමාගේ අවධියේ සිටම අත්දැකීමෙන් ඔප්පු වී තිබිණි. එබැවින් පෘතුගීසීන් ජයගත හැකි ඔවුන්ගේ සතුරා ලෙස මුළු මහත් පෙරදිගම ප්‍රසිද්ධියට පත්වූ එකම ජාතිය වූයේ ලන්දේසීන්ය.

1636 සැප්තැම්බර් 09 දින රාජසිංහ රජු ලන්දේසි අාධාර ඉල්ලා පුලිකට්හි ආණ්ඩුකාර කැරල් රිජ්නියර්ස් වෙත ලිපියක් යැවීය. පෘතුගීසීන් විසින් ලංකාවේ මුහුදු තීරය සාර්ථක ලෙස මුර කිරීම නිසා මේ ලිපිය රිජ්නියර්ස්ට භාරදීමට අවුරුද්දක් පමණ කාලයක් ගතවිය. පෘතුගීසීන් එළවා දැමීමට අවශ්‍ය සහාය දෙන්නේ නම් ත්‍රිකුණාමලයේ හෝ මඩකළපුවේ ලන්දේසි බළකොටුවක් ඉදිකිරීමට අවශ්‍ය සියලු උපකරණ ලබාදීමට ද මේ ලිපිය මගින් රජතුමා පොරොන්දු වී තිබිණි. 1637 අගෝස්තු මස අවසානයේ දී බතාවියෙන් නික්මුණු ලන්දේසි නැව් හමුදාවේ අණදෙන නිලධාරී වූ අඩම් වෙස්ටර්වල්ට් පෘතුගීසීන්ගේ මූලස්ථානය වූ ගෝව වැටලීමට ගොස් ආපසු එන ගමනේ දී සෙබළුන් 250ක් හා නැව් හතක් ලංකාවට පැමිණෙන ලදී.

ගෝවේ සිට ලංකාවට ඒම සඳහා හික්මුණු වෙස්ටර්වල්ට් නැව් පහක් ද සමග මඩකළපුවට ළඟාවිය. ඒ මැයි මස 10 වැනිදාය. 14 දින වන විට රජතුමා ද එහි පැමිණියේය. ඒ 15000 කින් පමණ වූ භට පිරිසක් සමගය. මුලින්ම කාලතුවක්කුවලින් පහරදීමටත්, පසුව වැරෙන් පහරදීමටත් තීරණය කෙරිණි. එක් පැත්තකින් කොස්ටර් හා ඔහුගේ සෙබළු ද අනෙක් පසින් රාජසිංහ රජුගේ සේනාව ද බළ කොටුවට පහරදීමට සූදානමින් සිටියහ.

එහෙත් මඩකළපුව බළකොටුවේ සිටි පෘතුගීසි සෙබළුන් යටත්වන බව හැඟවීමට ශ්වේතවර්ණ සහිත ධජය ඔසවන ලදී. එහෙත් කාලතුවක්කු ප්‍රහාරවලින් බළකොටුව බලවත් ලෙස විනාශ විය.

මේ ජයග්‍රහණය නිසා රාජසිංහ රජු ප්‍රීතියෙන් ඉපිළ ගියේය. රජුගේ ප්‍රීතිය අඩුවීමට පෙර වෙස්ටර්වල්ට් ගිවිසුම් කෙටුම්පතක කොන්දේසි රජුට ඉදිරිපත් කළේය. රජතුමා තම ප්‍රධානීන් සමග දින කිහිපයක් සාකච්ඡා කිරීමෙන් පසුව අවසානයේ දී ලන්දේසීන් විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසිවලට එකඟ වූයේය. වර්ෂ 1638 මැයි 23 දින මේ ගිවිසුමේ පිටපත් දෙකක් පෘතුගීසි භාෂාවෙන් ලියන ලදුව එක් පක්ෂයක් වෙනුවෙන් රාජසිංහ රජු ද අනෙක් පක්ෂය වෙනුවෙන් වෙස්ටර්වල්ට් ද අත්සන් තබන ලදී. දෙපක්ෂය මුල් පිටපත්වලින් එක බැගින් තබාගත්හ.

මෙම ගිවිසුම ලන්දේසීන්ට ඉතා වාසිසහගත බව පසුව ලබාගත් පරිවර්තනවලින් පෙනේ.

ෙම් ගිවිසුම අනුව ඇතුන් හැර අන් සියලුම ඉතාම වැදගත් වෙළෙඳ භාණ්ඩ පිළිබඳ ඒකාධිකාරය ලන්දේසීන් සතුවිය. ඇතුන් සම්බන්ධයෙන් පවා යටත් පිරිසෙයින් පිටතින් පැමිණි අයට විකුණන සතුන් සංඛ්‍යාව වත් රජතුමා විසින් සමාගමට විකිණිය යුතු බව නියම විය. රජතුමාට ආධාර කිරීමේදී ලන්දේසීන් විසින් දරන ලද වියදම් වෙනුවට එසේ නැතහොත් ලන්දේසීන්ට දැරීමට සිදුවන වියදම් වෙනුවට රජතුමා විසින් කුරුඳු, ගම්මිරිස්, ඉටි සහ වෙනත් වෙළෙඳ භාණ්ඩ සපයා දිය යුතු බව ද නියම විය.

මෙහි සඳහන් වෙළඳාම පිළිබඳ ඒකාධිකාරය සහ රජතුමාට ආධාර කිරීමේදී යන සියලු වියදම ආපසු ගෙවීම යන කරුණු දෙකම රාජසිංහ රජතුමා විසින් කලින් දෙන ලද පොරොන්දු විය. මේ ගිවිසුමට අලුතින් එකතු කරන ලද පුදුම සහගත වගන්ති වූයේ අංක තුන සහ හතරය.

අංක තුන දරන වගන්තියෙන් කියැවුණේ අල්ලා ගනු ලබන සියලුම බළකොටුවල ලන්දේසීන් ආරක්ෂා සේනා නතර කළ යුතු බවය. තවද මේ බළකොටු සඳහා නියම ලෙස ආරක්ෂා සංවිධාන සලසා නැති බව ඔවුන් කල්පනා කළහොත්, ඔවුන් පෙන්වා දෙන පරිදි රජතුමා විසින් ආරක්ෂා සංවිධාන සැලසිය යුතුය. හතරවන වගන්තිය බොහෝදුරට තුන්වන වගන්තියට සම්බන්ධ විය.

මේ වගන්තිය අනුව අල්ලා ගන්නා ලද කවර බළකොටුවක වුවද, ලන්දේසි ආරක්ෂක සේනා නතර කළහොත් ආරක්ෂක සේනාවෙහි භටයින්ට අවශ්‍ය ආහාරපාන සැපයීමත්, ඔවුන්ගේ වැටුප් ගෙවීමත් රජතුමා විසින් කළ යුතු විය.

රාජසිංහ රජු මේ වගන්ති දෙක විශේෂයෙන්ම තුන් වැනි වගන්තිය පිළිගැනීමට කැමතිවීම විශ්වාස කළ නොහැකි තරම්ය. තුන්වන වගන්තිය ක්‍රියාත්මක කළ විට සිදුවන්නේ හුදෙක් එතෙක් නතර කොට සිටි පෘතුගීසි සේනාව වෙනුවට ලන්දේසි සේනාව නතර කර ගැනීම පමණක් බවත් රාජසිංහ රජු දැන සිටියේය.

මේ ගිවිසුම අනුව, ඔහුට මීට විරුද්ධව කිසිවක් කිව නොහැකිවා මෙන්ම බළකොටු අල්ලා ගැනීමේදී ලන්දේසීන්ට දැරීමට සිදුවූ සියලුම වියදම් ගෙවා දැමීමටත් ආරක්ෂක භටයින්ට අවශ්‍ය මාසික සලාක සහ වැටුප් දිගටම ගෙවීමටත්, අවසාන වශයෙන් තමාගේ වියදමින් ලන්දේසීන් කැමති පරිදි බළකොටු සඳහා ආරක්ෂාව සැපයීමටත් සිදුවනු ඇත.

රාජසිංහ රජතුමා මේ ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව මඩකළපුව ආරක්ෂා කිරීම සඳහා ලන්දේසීන් 100 කගෙන් යුත් භට පිරිසක් එහි නවත්වන ලෙස වෙස්ටර්වල්ට් ගෙන් ඉල්ලා සිටියේය. ඒ ඉල්ලීමට අනුව කොස්ටර් ඇතුළු සෙබලුන් 100ක් එහි නැවැත්වීය. වෙස්ටර්වල්ට් බතාවිය බලා පිටත්විය.

වෙස්ටර්වල්ට් නික්ම ගිය විට කොස්ටර් මඩකළපුවේ නවත්වා යන ලද නැව්වලට කුරුඳු, ගම්මිරිස්, මීඉටි සහ වෙනත් වෙළෙඳ භාණ්ඩ තොග රජතුමාගේ නිලධාරීන්ගෙන් ලබාගැනීමේ කාර්යය ආරම්භ කළේය. ඔහුට මේ භාණ්ඩ සැලකිය යුතු ප්‍රමාණයක් ලබාගත හැකිවූ නමුත් ඔහුට වුවමනා වූ තරම් විශාල ප්‍රමාණයක් නොලැබිණි. රජතුමා වෙනුවෙන් කළ සේවය සඳහා මෙතෙක් ලන්දේසීන් අතින් වැය වූ සියලුම වියදම් පියවා ගැනීමට මේ වන විටත් තිබුණු වෙළෙඳ භාණ්ඩ තොගය සෑහෙන බව උඩරැටියන් කල්පනා කළ බව ඔවුන්ගේ ක්‍රියා කලාපයෙන් වෙස්ටර්වල්ට්ට බොහෝදුරට අවබෝධ විය. එහෙත් තමාට ලැබුණු වෙළෙඳ භාණ්ඩ තොගයෙහි වටිනාකම රජතුමා වෙනුවෙන් සමාගමට දැරීමට සිදුවූ වියදම් පියවීමට කිසිසේත්ම නොසෑහෙන බව කොස්ටර් තරයේම කියා සිටියේය.

මෙය තරමක් බරපතළ වූ මතභේදයක් විය. එබැවින් නිවැරදි මතය කුමක් වීදැයි සොයා ගැනීම දෙපාර්ශ්වයටම වැදගත් විය. කොස්ටර්ගේ ප්‍රකාශය අනුව කුරුඳු බහාර් 143 කුත් රාත්තල් 269 ක්ද ඉටි බහාර් 21 කුත් රාත්තල් 421 ක්ද ගම්මිරිස් බහාර් 06 කුත් රාත්තල් 179 ක්ද ලන්දේසීන්ට ලැබිණි. බතාවියෙන් පසුව ඉදිරිපත් කරන ලද ගණන් හිලව් අනුව ලන්දේසීන්ට දැරීමට සිදුවූ වියදම් ප්ලෝරීන් 53750 නොඉක්ම වූ අතර, රජතුමා ගෙන් ලැබුණු කුරුඳු තොගය පමණක් විකිණීමෙන් නෙදර්ලන්තයේ දී ප්ලෝරීන් ලක්ෂයකට වැඩි මුදලක් උපයා ගැනීමට ඔවුන්ට හැකි වීමෙන් මෙම ගනුදෙනුවේ නියම තත්ත්වය හෙළිවෙයි. ප්‍රවාහන වියදම් හා වෙනත් වියදම් ද ගණන් ගත් කල්හි පවා කුරුඳු විකිණීමෙන් පමණක් ලන්දේසීන් රජතුමා වෙනුවෙන් කළ වියදම් පියවා ගන්නට ඇති බව පමණක් නොව ඉන් ලාභයක් ද ලබා ගන්නට ඇති බව ද පැහැදිලිය.

බලකොටුවට පෙනෙන ලංකාවේ දිගම පාලම - කල්අඩි පාලම

රජතුමාට මේ බව සඳහන් කරමින් කොස්ටර් ඉල්ලා සිටියේ කුරුඳුවල හා අනෙකුත් භාණ්ඩවල මිල ගණන් සාධාරණ ලෙස ගෙවීමට නියම කරන ලෙසය. රාජසිංහ රජු 1638 සැප්තැම්බර් 08 දින ඒ ලිපියට පිළිතුරු යැව්වේය. පුලිකට්හි ආණ්ඩුකාරයා එදා පොරොන්දු වූයේ පෘතුගීසීන්ටත් වඩා වැඩි මිලක් කුරුඳු හා අනෙකුත් භාණ්ඩවලට ගෙවන බව ඒ මගින් සිහිපත් කර තමා නියම කළ මිල ගණන්වලට එකඟ නොවන්නේ නම් ඔවුන්ගේ වියදම් සම්පූර්ණ වශයෙන් මුදලින් ගෙවීමට හැකි බව රජුගේ ලිපිය මගින් දන්වා තිබිණි. රජුට එරෙහිව නිරන්තරයෙන් කටයුතු කළ කොස්ටර් පසුව උඩරට ප්‍රදේශයේ දී සිංහල ජනතාව අතින් මරණයට පත්විය.

කොස්ටර්ගෙන් පසුව මඩකළපුව බළකොටුව මර්චන්ට් ජේකබ් කොම්පෝල්ස් ද පසුව ඇන්ටෝනියෝ කේන් ද පාලනය කළහ. පසුව මඩකළපුව භාර අධිපති ලෙස ජැන් තිප්සන් පත්විය. තිප්සන්ගේ නායකත්වයෙන් ත්‍රිකුණාමලය හා යාපනය පෘතුගීසි බළකොටු අල්ලා ගැනීමට සැළසුම් සකස් කරන ලද්දේ මඩකළපුව බළකොටුවේ සිටය. 1639 මැයි 01 දින ත්‍රිකුණාමලය බළකොටුවට පහර දී එය තමන් සතුකර ගැනීමට ලන්දේසීහු සමත් වූහ.

කොළඹ, ගාල්ල, මීගමුව තරම් වැදගත් නොවූ බැවින් මඩකළපුවට යළි පහර දී අල්ලා ගැනීමේ වුවමනාවක් පෘතුගීසීන්ට නොතිබිණි.

ලන්දේසීන්ගෙන් පසුව ඉංග්රීසිහු නැගෙනහිර පළාතේ තම ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය කරගන්නේ මඩකළපුව බළකොටුවයි. වර්තමානයේ මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පිහිටා ඇත්තේ ඒ තුළය. පැරණි ලී තරප්පු පෙළවල් හා පැරණි ගොඩනැගිලි ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගනිමින් දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රාජ්‍ය ආයතන බළකොටුව තුළම පිහිටා තිබීම එක්තරා අතකින් අගය කළ යුත්තකි.

දොම්පේ - අජිත් මදුරප්පෙරුම

[QUOTE="araki, post: 23631264, member: 360239"] [b]මඩකළපුවේ ලන්දේසි බළකොටුව[/b] [B][SIZE=5]මඩකළපුවේ ලන්දේසි බළකොටුව[/SIZE][/B][SIZE=5] [COLOR=#ffffff][B]සිහිවටනයක පසුබිම් කතාව[/B][/COLOR] [IMG]https://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_4796ea7c16.jpg[/IMG] [B]බලකොටුවට ඇතුල්වන ප්‍රධාන දොරටුව[/B] [B]පෘතුගීසීන් විසින් රාජසිංහ රජුට අභියෝගයක් වන පරිදි රට පුරා බළකොටු හයක් ඉදිකිරීමත්, රජතුමා බාහිර ලෝකය සමග කරගෙන ගිය වෙළෙඳාම හා වෙනත් ගනුදෙනු පෘතුගීසීන් විසින් පාලනය කිරීමත් නිසා රජු හා පෘතුගීසීන් අතර විරසකයක් නිර්මාණය විය. පෘතුගීසීන් මෙරට වෙරළබඩ කලාපය සම්පූර්ණයෙන්ම අත්පත් කර නොගෙන සිටිය ද මඩකළපුවේ හා ත්‍රිකුණාමලය බළකොටුවල සිට කුඩා නැව් මෙහෙයවීමෙන් රජුගේ වෙළෙඳාම හා බාහිර ලෝකය සමග ඔහු පවත්වා ගත් සම්බන්ධකම් ද ඔවුන්ගේ මතය අනුව සාර්ථක ලෙස පාලනය කළ හැකිවිය. [/B] මේ තත්ත්වය නොඉවසූ රාජසිංහ රජතුමා පෘතුගීසීන් මුළුමනින්ම පලවා හැරීමේ කාර්යය සඳහා තමාගේ මුළු ශක්තියම යෙදවීමට අධිෂ්ඨාන කරගත්තේය. පෘතුගීසීන් ට වඩා බලවත් වූ නාවික බලයක ආධාරය නොමැතිව මේ කාර්යය සාර්ථක කරගත නොහැකි බව සීතාවක රාජසිංහ රජතුමාගේ අවධියේ සිටම අත්දැකීමෙන් ඔප්පු වී තිබිණි. එබැවින් පෘතුගීසීන් ජයගත හැකි ඔවුන්ගේ සතුරා ලෙස මුළු මහත් පෙරදිගම ප්‍රසිද්ධියට පත්වූ එකම ජාතිය වූයේ ලන්දේසීන්ය. 1636 සැප්තැම්බර් 09 දින රාජසිංහ රජු ලන්දේසි අාධාර ඉල්ලා පුලිකට්හි ආණ්ඩුකාර කැරල් රිජ්නියර්ස් වෙත ලිපියක් යැවීය. පෘතුගීසීන් විසින් ලංකාවේ මුහුදු තීරය සාර්ථක ලෙස මුර කිරීම නිසා මේ ලිපිය රිජ්නියර්ස්ට භාරදීමට අවුරුද්දක් පමණ කාලයක් ගතවිය. පෘතුගීසීන් එළවා දැමීමට අවශ්‍ය සහාය දෙන්නේ නම් ත්‍රිකුණාමලයේ හෝ මඩකළපුවේ ලන්දේසි බළකොටුවක් ඉදිකිරීමට අවශ්‍ය සියලු උපකරණ ලබාදීමට ද මේ ලිපිය මගින් රජතුමා පොරොන්දු වී තිබිණි. 1637 අගෝස්තු මස අවසානයේ දී බතාවියෙන් නික්මුණු ලන්දේසි නැව් හමුදාවේ අණදෙන නිලධාරී වූ අඩම් වෙස්ටර්වල්ට් පෘතුගීසීන්ගේ මූලස්ථානය වූ ගෝව වැටලීමට ගොස් ආපසු එන ගමනේ දී සෙබළුන් 250ක් හා නැව් හතක් ලංකාවට පැමිණෙන ලදී. 1637 දෙසැම්බර් 23 දින වෙස්ටර්වල්ට් රජතුමාගේ තානාපතිවරු හමුවූහ. මේ සියලුදෙනා සාකච්ඡා කිරීමෙන් අනතුරුව වෙස්ට්වර්වල්ට් තීරණය කළේ පළමුව මඩකළපුවට පහරදීමටය. ඒ අනුව මෙරට පිහිටුවා තිබූ පෘතුගීසි බළකොටු අතුරින් ලන්දේසීන් විසින් පළමුව පහරදීමට තීරණය කළේ මඩකළපුවටය. හමුදාවේ දෙවන අණදෙන නිලධාරී විලම් ජේකබ්ස් කොස්ටර් ද මේ කාර්ය සඳහා නැව් තුනක් සමග කලින්ම පිටත්වී ගියේය. රජතුමාගේ තානාපතිවරු ද කස්ටර් සමග ගමන් කළේය. රාජසිංහ රජු තම සතුරා වූ ලන්දේසීන් සමග සාකච්ඡා පැවැත්වීම ආරම්භ කළ බව කපිතන් ජනරාල් දියෝගු ද මේලෝගේ කන වැටුණුවිට ලංකාවේ පෘතුගීසි බලය ආරක්ෂා කිරීමට වහාම ක්‍රියා කළ යුතු බවට ඔහු තීරණය කළේය. ජනරාල් දියෝගුට ද 1638 මුල් භාගයේ දී ආධාරක බලඇණි සැලකිය යුතු සංඛ්‍යාවක් ලැබිණි. සිංහලයින් හා ලන්දේසීන් අතර ඇතිවන්නට යන දීගය වැළැක්වීමේ අරමුණින් ඔහු විශාල සේනාවක් සමග මහනුවර ආක්‍රමණය කළේය. යුද්ධ කිරීමට සූදානම් නැති බව හැඟී ගිය රාජසිංහ රජු සාමදානය ඇතිකර ගැනීමට කැමැත්ත දැක්වූ නමුත් කපිතාන් ජනරාල් දියෝගු ද මේලෝ ඊට කන් දුන්නේ නැත. ඔහු මහනුවර ආක්‍රමණය කර නගරය ගිනිබත් කළේය. එහෙත් තමා කළ වරද වැටහෙනවිට බොහෝ වේලා ඉක්ම ගොස් තිබූ බව පෘතුගීසි ජනරාල්වරයාට අවබෝධ වූයේ පසුවය. රාජසිංහ රජුගේ හා විජයපාල කුමරාගේ හමුදා ඉදිරියට පැමිණ කපිතන් ජනරාල්වරයාට හදිසියේ පසුබැසීමට සිදුවිය. සෑම අතින්ම පෘතුගීසි හමුදාව වෙහෙසට පත්ව සිටි අතර ගන්නෝරුවේ දී මුහුණට මුහුණ ලා සටන් කොට එහිදී ඔහු සමග ගිය කාපිරියන්, කනාර ජාතිකයින් ඇතුළු පෘතුගීසීන් 900ක් මරණයට පත් කළහ. නැතහොත් අල්ලා ගත්හ. 1638 මාර්තු 23 හා 24 දින දෙකෙහි පැවැති මෙම සටනේ දී මියගිය අය අතර ජනරාල් දියෝගෝ ද මේලෝ සහ ඔහුගේ නිලධාරීහු ද වූහ. මඩකළපුවට පහරදීමට කොස්ටර් අැතුළු භට පිරිස් කල්මුනේ ප්‍රදේශයේ රැස්ව සිටියහ. අප්‍රේල් 04 දින කොස්ටර්ට ලද ප්‍රීතිමත් ප්‍රවෘත්තිය එය විය. රාජසිංහ රජු කොළඹ වැටලීම පිණිස හමුදාවක් යැවූ බව ද කොස්ටර්ට දැනගන්නට ලැබිණි. මේ අනුව කොළඹ පෘතුගීසි මධ්‍යස්ථානයෙන් මඩකළපුවේ ආරක්ෂක භට පිරිසට කිසිදු ආධාරයක් නොලැබෙන බව නිශ්චිත වශයෙන්ම කොස්ටර් දැන ගත්තේය. අප්‍රේල් 09 දින කොස්ටර් මඩකළපුවට පැමිණ රජතුමාගේ ප්‍රාදේශීය ආණ්ඩුකාරයින් විසින් සපයන ලද මිනිසුන්ගේ ද ආධාර ඇතිව කාලතුවක්කු එසවීම අාරම්භ කළේය. තමා ද ඉක්මනින් මඩකළපුවට එන බවට රාජසිංහ රජු විසින් එවන ලද පණිවිඩයක් ද ඔහුට ලැබිණි. [INDENT][COLOR=#b22222][B]රාජසිංහ රජතුමා පෘතුගීසීන් මුළුමනින්ම පලවා හැරීමේ කාර්යය සඳහා තමාගේ මුළු ශක්තියම යෙදවීමට අධිෂ්ඨාන කරගත්තේය. පෘතුගීසීන් ට වඩා බලවත් වූ නාවික බලයක ආධාරය නොමැතිව මේ කාර්යය සාර්ථක කරගත නොහැකි බව සීතාවක රාජසිංහ රජතුමාගේ අවධියේ සිටම අත්දැකීමෙන් ඔප්පු වී තිබිණි. එබැවින් පෘතුගීසීන් ජයගත හැකි ඔවුන්ගේ සතුරා ලෙස මුළු මහත් පෙරදිගම ප්‍රසිද්ධියට පත්වූ එකම ජාතිය වූයේ ලන්දේසීන්ය. [/B][/COLOR] [COLOR=#b22222] [B]1636 සැප්තැම්බර් 09 දින රාජසිංහ රජු ලන්දේසි අාධාර ඉල්ලා පුලිකට්හි ආණ්ඩුකාර කැරල් රිජ්නියර්ස් වෙත ලිපියක් යැවීය. පෘතුගීසීන් විසින් ලංකාවේ මුහුදු තීරය සාර්ථක ලෙස මුර කිරීම නිසා මේ ලිපිය රිජ්නියර්ස්ට භාරදීමට අවුරුද්දක් පමණ කාලයක් ගතවිය. පෘතුගීසීන් එළවා දැමීමට අවශ්‍ය සහාය දෙන්නේ නම් ත්‍රිකුණාමලයේ හෝ මඩකළපුවේ ලන්දේසි බළකොටුවක් ඉදිකිරීමට අවශ්‍ය සියලු උපකරණ ලබාදීමට ද මේ ලිපිය මගින් රජතුමා පොරොන්දු වී තිබිණි. 1637 අගෝස්තු මස අවසානයේ දී බතාවියෙන් නික්මුණු ලන්දේසි නැව් හමුදාවේ අණදෙන නිලධාරී වූ අඩම් වෙස්ටර්වල්ට් පෘතුගීසීන්ගේ මූලස්ථානය වූ ගෝව වැටලීමට ගොස් ආපසු එන ගමනේ දී සෙබළුන් 250ක් හා නැව් හතක් ලංකාවට පැමිණෙන ලදී. [/B][/COLOR] [/INDENT][IMG]https://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_e151aa1776.jpg[/IMG]ගෝවේ සිට ලංකාවට ඒම සඳහා හික්මුණු වෙස්ටර්වල්ට් නැව් පහක් ද සමග මඩකළපුවට ළඟාවිය. ඒ මැයි මස 10 වැනිදාය. 14 දින වන විට රජතුමා ද එහි පැමිණියේය. ඒ 15000 කින් පමණ වූ භට පිරිසක් සමගය. මුලින්ම කාලතුවක්කුවලින් පහරදීමටත්, පසුව වැරෙන් පහරදීමටත් තීරණය කෙරිණි. එක් පැත්තකින් කොස්ටර් හා ඔහුගේ සෙබළු ද අනෙක් පසින් රාජසිංහ රජුගේ සේනාව ද බළ කොටුවට පහරදීමට සූදානමින් සිටියහ. එහෙත් මඩකළපුව බළකොටුවේ සිටි පෘතුගීසි සෙබළුන් යටත්වන බව හැඟවීමට ශ්වේතවර්ණ සහිත ධජය ඔසවන ලදී. එහෙත් කාලතුවක්කු ප්‍රහාරවලින් බළකොටුව බලවත් ලෙස විනාශ විය. මේ ජයග්‍රහණය නිසා රාජසිංහ රජු ප්‍රීතියෙන් ඉපිළ ගියේය. රජුගේ ප්‍රීතිය අඩුවීමට පෙර වෙස්ටර්වල්ට් ගිවිසුම් කෙටුම්පතක කොන්දේසි රජුට ඉදිරිපත් කළේය. රජතුමා තම ප්‍රධානීන් සමග දින කිහිපයක් සාකච්ඡා කිරීමෙන් පසුව අවසානයේ දී ලන්දේසීන් විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසිවලට එකඟ වූයේය. වර්ෂ 1638 මැයි 23 දින මේ ගිවිසුමේ පිටපත් දෙකක් පෘතුගීසි භාෂාවෙන් ලියන ලදුව එක් පක්ෂයක් වෙනුවෙන් රාජසිංහ රජු ද අනෙක් පක්ෂය වෙනුවෙන් වෙස්ටර්වල්ට් ද අත්සන් තබන ලදී. දෙපක්ෂය මුල් පිටපත්වලින් එක බැගින් තබාගත්හ. මෙම ගිවිසුම ලන්දේසීන්ට ඉතා වාසිසහගත බව පසුව ලබාගත් පරිවර්තනවලින් පෙනේ. ෙම් ගිවිසුම අනුව ඇතුන් හැර අන් සියලුම ඉතාම වැදගත් වෙළෙඳ භාණ්ඩ පිළිබඳ ඒකාධිකාරය ලන්දේසීන් සතුවිය. ඇතුන් සම්බන්ධයෙන් පවා යටත් පිරිසෙයින් පිටතින් පැමිණි අයට විකුණන සතුන් සංඛ්‍යාව වත් රජතුමා විසින් සමාගමට විකිණිය යුතු බව නියම විය. රජතුමාට ආධාර කිරීමේදී ලන්දේසීන් විසින් දරන ලද වියදම් වෙනුවට එසේ නැතහොත් ලන්දේසීන්ට දැරීමට සිදුවන වියදම් වෙනුවට රජතුමා විසින් කුරුඳු, ගම්මිරිස්, ඉටි සහ වෙනත් වෙළෙඳ භාණ්ඩ සපයා දිය යුතු බව ද නියම විය. මෙහි සඳහන් වෙළඳාම පිළිබඳ ඒකාධිකාරය සහ රජතුමාට ආධාර කිරීමේදී යන සියලු වියදම ආපසු ගෙවීම යන කරුණු දෙකම රාජසිංහ රජතුමා විසින් කලින් දෙන ලද පොරොන්දු විය. මේ ගිවිසුමට අලුතින් එකතු කරන ලද පුදුම සහගත වගන්ති වූයේ අංක තුන සහ හතරය. අංක තුන දරන වගන්තියෙන් කියැවුණේ අල්ලා ගනු ලබන සියලුම බළකොටුවල ලන්දේසීන් ආරක්ෂා සේනා නතර කළ යුතු බවය. තවද මේ බළකොටු සඳහා නියම ලෙස ආරක්ෂා සංවිධාන සලසා නැති බව ඔවුන් කල්පනා කළහොත්, ඔවුන් පෙන්වා දෙන පරිදි රජතුමා විසින් ආරක්ෂා සංවිධාන සැලසිය යුතුය. හතරවන වගන්තිය බොහෝදුරට තුන්වන වගන්තියට සම්බන්ධ විය. මේ වගන්තිය අනුව අල්ලා ගන්නා ලද කවර බළකොටුවක වුවද, ලන්දේසි ආරක්ෂක සේනා නතර කළහොත් ආරක්ෂක සේනාවෙහි භටයින්ට අවශ්‍ය ආහාරපාන සැපයීමත්, ඔවුන්ගේ වැටුප් ගෙවීමත් රජතුමා විසින් කළ යුතු විය. රාජසිංහ රජු මේ වගන්ති දෙක විශේෂයෙන්ම තුන් වැනි වගන්තිය පිළිගැනීමට කැමතිවීම විශ්වාස කළ නොහැකි තරම්ය. තුන්වන වගන්තිය ක්‍රියාත්මක කළ විට සිදුවන්නේ හුදෙක් එතෙක් නතර කොට සිටි පෘතුගීසි සේනාව වෙනුවට ලන්දේසි සේනාව නතර කර ගැනීම පමණක් බවත් රාජසිංහ රජු දැන සිටියේය. මේ ගිවිසුම අනුව, ඔහුට මීට විරුද්ධව කිසිවක් කිව නොහැකිවා මෙන්ම බළකොටු අල්ලා ගැනීමේදී ලන්දේසීන්ට දැරීමට සිදුවූ සියලුම වියදම් ගෙවා දැමීමටත් ආරක්ෂක භටයින්ට අවශ්‍ය මාසික සලාක සහ වැටුප් දිගටම ගෙවීමටත්, අවසාන වශයෙන් තමාගේ වියදමින් ලන්දේසීන් කැමති පරිදි බළකොටු සඳහා ආරක්ෂාව සැපයීමටත් සිදුවනු ඇත. රාජසිංහ රජතුමා මේ ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව මඩකළපුව ආරක්ෂා කිරීම සඳහා ලන්දේසීන් 100 කගෙන් යුත් භට පිරිසක් එහි නවත්වන ලෙස වෙස්ටර්වල්ට් ගෙන් ඉල්ලා සිටියේය. ඒ ඉල්ලීමට අනුව කොස්ටර් ඇතුළු සෙබලුන් 100ක් එහි නැවැත්වීය. වෙස්ටර්වල්ට් බතාවිය බලා පිටත්විය. වෙස්ටර්වල්ට් නික්ම ගිය විට කොස්ටර් මඩකළපුවේ නවත්වා යන ලද නැව්වලට කුරුඳු, ගම්මිරිස්, මීඉටි සහ වෙනත් වෙළෙඳ භාණ්ඩ තොග රජතුමාගේ නිලධාරීන්ගෙන් ලබාගැනීමේ කාර්යය ආරම්භ කළේය. ඔහුට මේ භාණ්ඩ සැලකිය යුතු ප්‍රමාණයක් ලබාගත හැකිවූ නමුත් ඔහුට වුවමනා වූ තරම් විශාල ප්‍රමාණයක් නොලැබිණි. රජතුමා වෙනුවෙන් කළ සේවය සඳහා මෙතෙක් ලන්දේසීන් අතින් වැය වූ සියලුම වියදම් පියවා ගැනීමට මේ වන විටත් තිබුණු වෙළෙඳ භාණ්ඩ තොගය සෑහෙන බව උඩරැටියන් කල්පනා කළ බව ඔවුන්ගේ ක්‍රියා කලාපයෙන් වෙස්ටර්වල්ට්ට බොහෝදුරට අවබෝධ විය. එහෙත් තමාට ලැබුණු වෙළෙඳ භාණ්ඩ තොගයෙහි වටිනාකම රජතුමා වෙනුවෙන් සමාගමට දැරීමට සිදුවූ වියදම් පියවීමට කිසිසේත්ම නොසෑහෙන බව කොස්ටර් තරයේම කියා සිටියේය. මෙය තරමක් බරපතළ වූ මතභේදයක් විය. එබැවින් නිවැරදි මතය කුමක් වීදැයි සොයා ගැනීම දෙපාර්ශ්වයටම වැදගත් විය. කොස්ටර්ගේ ප්‍රකාශය අනුව කුරුඳු බහාර් 143 කුත් රාත්තල් 269 ක්ද ඉටි බහාර් 21 කුත් රාත්තල් 421 ක්ද ගම්මිරිස් බහාර් 06 කුත් රාත්තල් 179 ක්ද ලන්දේසීන්ට ලැබිණි. බතාවියෙන් පසුව ඉදිරිපත් කරන ලද ගණන් හිලව් අනුව ලන්දේසීන්ට දැරීමට සිදුවූ වියදම් ප්ලෝරීන් 53750 නොඉක්ම වූ අතර, රජතුමා ගෙන් ලැබුණු කුරුඳු තොගය පමණක් විකිණීමෙන් නෙදර්ලන්තයේ දී ප්ලෝරීන් ලක්ෂයකට වැඩි මුදලක් උපයා ගැනීමට ඔවුන්ට හැකි වීමෙන් මෙම ගනුදෙනුවේ නියම තත්ත්වය හෙළිවෙයි. ප්‍රවාහන වියදම් හා වෙනත් වියදම් ද ගණන් ගත් කල්හි පවා කුරුඳු විකිණීමෙන් පමණක් ලන්දේසීන් රජතුමා වෙනුවෙන් කළ වියදම් පියවා ගන්නට ඇති බව පමණක් නොව ඉන් ලාභයක් ද ලබා ගන්නට ඇති බව ද පැහැදිලිය. [IMG]https://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_ba63a00358.jpg[/IMG] [B]බලකොටුවට පෙනෙන ලංකාවේ දිගම පාලම - කල්අඩි පාලම[/B] රජතුමාට මේ බව සඳහන් කරමින් කොස්ටර් ඉල්ලා සිටියේ කුරුඳුවල හා අනෙකුත් භාණ්ඩවල මිල ගණන් සාධාරණ ලෙස ගෙවීමට නියම කරන ලෙසය. රාජසිංහ රජු 1638 සැප්තැම්බර් 08 දින ඒ ලිපියට පිළිතුරු යැව්වේය. පුලිකට්හි ආණ්ඩුකාරයා එදා පොරොන්දු වූයේ පෘතුගීසීන්ටත් වඩා වැඩි මිලක් කුරුඳු හා අනෙකුත් භාණ්ඩවලට ගෙවන බව ඒ මගින් සිහිපත් කර තමා නියම කළ මිල ගණන්වලට එකඟ නොවන්නේ නම් ඔවුන්ගේ වියදම් සම්පූර්ණ වශයෙන් මුදලින් ගෙවීමට හැකි බව රජුගේ ලිපිය මගින් දන්වා තිබිණි. රජුට එරෙහිව නිරන්තරයෙන් කටයුතු කළ කොස්ටර් පසුව උඩරට ප්‍රදේශයේ දී සිංහල ජනතාව අතින් මරණයට පත්විය. කොස්ටර්ගෙන් පසුව මඩකළපුව බළකොටුව මර්චන්ට් ජේකබ් කොම්පෝල්ස් ද පසුව ඇන්ටෝනියෝ කේන් ද පාලනය කළහ. පසුව මඩකළපුව භාර අධිපති ලෙස ජැන් තිප්සන් පත්විය. තිප්සන්ගේ නායකත්වයෙන් ත්‍රිකුණාමලය හා යාපනය පෘතුගීසි බළකොටු අල්ලා ගැනීමට සැළසුම් සකස් කරන ලද්දේ මඩකළපුව බළකොටුවේ සිටය. 1639 මැයි 01 දින ත්‍රිකුණාමලය බළකොටුවට පහර දී එය තමන් සතුකර ගැනීමට ලන්දේසීහු සමත් වූහ. කොළඹ, ගාල්ල, මීගමුව තරම් වැදගත් නොවූ බැවින් මඩකළපුවට යළි පහර දී අල්ලා ගැනීමේ වුවමනාවක් පෘතුගීසීන්ට නොතිබිණි. ලන්දේසීන්ගෙන් පසුව ඉංග්රීසිහු නැගෙනහිර පළාතේ තම ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය කරගන්නේ මඩකළපුව බළකොටුවයි. වර්තමානයේ මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පිහිටා ඇත්තේ ඒ තුළය. පැරණි ලී තරප්පු පෙළවල් හා පැරණි ගොඩනැගිලි ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගනිමින් දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රාජ්‍ය ආයතන බළකොටුව තුළම පිහිටා තිබීම එක්තරා අතකින් අගය කළ යුත්තකි. [B]දොම්පේ - අජිත් මදුරප්පෙරුම [/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom