Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
මතකද බලන්න මේ කැසට් කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලාංකීය සංගීතයේ ඉතිහාස කතාව පිළිබද විමසීමේදි, එය බොහෝ ඈතට ගමන් කරයි.සිංහල ජන ගී, කවි විවිධ මුලාශ්‍රයන් පදනම් කරගෙන (උදා: විවිධ වෘත්තීන්) බිහි වී ඇති අතර, සංගීත භාණ්ඩ භාවිතා කරමින් ගීත නිර්මාණය සදහා මෙරටට විශේෂයෙන් ඉන්දියානු රාගධාරි සංගීතයේ බලපෑම ප්‍රබල විය.ශ්‍රී ලාංකීය සංගීතය මුල් වරට මෙතැකින් ආරම්භ වූවා යැයි පැවසීමට තරම් නිශ්චිත මුලාශ්‍රයක් නොමැතිය.එය 1940 දශකයෙන් පසු මෙරට බිහිවූ ප්‍රථම චිත්‍රපටිය කඩවුණු පොරොන්දුව සමග සිංහල ගීත කලාව මෙහි ජනප්‍රිය වූවා යැයි සිතිය හැක.ඒ වන විටත් හින්දි චිත්‍රපටි ගීත මෙරට ඉහළ ජනප්‍රියතාවයක් ඇති කරගෙන තිබුනු අතර, අපගේ චිත්‍රපටිවලද ජනප්‍රියතාවය රැදී පැවතුනේ එහි අඩංගු ගීත නිසාවෙනි.බොහෝවිට මිනිසුන් එම ගීත ඇසීමට වෙනත් මාධ්‍යක් නොමැති නිසා දෙතුන් වර එකම චිත්‍රපටිය නැරඹීමට යන ලදි.එකල රේඩියෝ සිලෝන් මගින් විකාශය වූයේද වෙනත් භාෂාවල ගීතයි.

ඉහත සදහන් වන ආරම්භයෙන් අප උත්සාහ ගනු ලබන්නේ මෙවර ශ්‍රී ලංකීය සංගීතයේ එක් සුවිශේෂී කඩිනමක් සම්බන්ධව සවිස්තරාත්මක විමර්ශනයක් ඉදිරිපත් කිරීමටයි. ඒ කැසට් පටි ගීත කලාව පිළිබදවයි.එය මෙරට තුළට පිවිසුනේ කෙසේද යන්නත්, එහි විකාශනයත්, අප කතා කිරිමට බලාපොරොත්තු වෙමු.

ඉහත සදහන් කළ ආකාරයට හින්දි ගීත ආභාෂයෙන් නිර්මාණය වූ, චිත්‍රපටි ගීත ප්රකටව පැවැති යුගයේ,අපටම අනන්‍ය වූ දේශීය සංගීයක් නිර්මාණය කීරිම වෙනුවෙන් එකල සංගීත විශාරදරයන් කිහිප දෙනෙකු පුරෝගාමි විය.ඒ අතරින්, ආනන්ද සමරකෝන්, ඩබ්ලිව්.ඩී.අමරදේව,සුනිල් ශාන්ත වැනි ප්‍රතිභාපූර්ණ සංගීතඥයන් ජන නාද රටා ආශ්රයෙන් දේශීය සංගීතයක් නිමැවීමට මහත් වෙහෙසක් දැරීය.ඔවුන්ගේ උත්සාහයන්ට ගැලපෙනම නිසිලෙස බස හසුරුවපු අරිසෙන් අහුබුදු,ආනන්ද සමරකෝන්,ඩෝල්ටන් අල්විස් වැනි ගේය පද රචකයන්ද එකල විය.

මෙකල වඩාත්ම ජනප්‍රියම සංගීත භාණ්ඩය වූ ග්රැමෆෝනය,ප්‍රදර්ශන භාණ්ඩයක් මෙන් සැම තැනකම සංගීත රසාස්වාදය සදහා අතෙහි රැගෙන යන ලදි.ඉන් කලක් ගතවන්නට මෙරට ආර්ථිකය වඩාත් ලෝකයට විවෘත වන්නට පටන් ගැනීමත් සමග අපේ රටින් මැදපෙරදිග රටවල් සදහා බොහෝ පිරිස් රැකියා සදහා යන ලදි. මෙයින් මැදපෙරදිග රටවල් සදහා රැකියාවට ගිය ශ්‍රමිකයන් බොහොමයක් නව විදුලි උපකරණ/ ඉලෙක්ට්‍රොනික් උපකරණ මෙරටට රැගෙන එන ලදි. ඒ අතර වූ, ” ටූ ඉන් වන් ” රේඩියෝවේ,ගීත වාදනය කර ශ්‍රවණය කිරීමේ හැකියාව හා පටිගත කිරිමේ හැකියාව තිබුනි.නමුත් එහි වාදනය කිරිමට සිදුවූයේ විදෙස් රටවලින් ගෙන ආ හින්දි, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් යුත් ගීතයි.

මෙම කාලයේ ලේක් හවුස් ආයතනයේ වෙළද දැන්වීම් නියෝජිතයකු ලෙස සේවය කල විජය රාමනායක මහතා ගීත තැටි නිෂ්පාදනය කර බෙදාහැරීමේ සමාගමක් ” තරංගා රෙකොඩ්බාර්” නමින් රීගල් සිනමාහල අසල පවත්වා ගෙන ගියේය.එක්තරා දිනක ඔහුට ඉහත සදහන් කල “ටූ ඉන් වන්” රේඩියෝවක් දැකගන්නට ලැබුනු අතර කෙසේ හෝ සිංහල කැසට්පටි නිර්මාණය කලහොත් එය මෙරට ගීත කලාවට මහත් ප්‍රයෝජනයක් මෙන්ම විශාල ව්‍යාපාර අවස්ථාවක් බවද තේරුම් ගත්හ. මේ පිළිබද අධ්‍යනයක් කිරිමෙන් පසුව ඔහු විසින් ජනප්‍රිය ගායක මිල්ටන් මල්ලව ආරච්චි සමගින් එක්ව ගීත 12කින් යුක්ත ” සදෙන් එහා” නමින් තරංගා ලේබලය යටතේ කැසට්පටියක් නිෂ්පාදනය කරන ලදි.ඒ අනුව ලංකා ඉතිහාසයේ ප්‍රථම කැසට්පටිය වන්නේ මිල්ටන් මල්ලව ආරච්චිගේ “සදෙන් එහා” කැසට් පටියයි.එහි “Anytime Anywhere” ලෙසද සදහන්ව තිබුණි.

එම කැසට්පටිය නිපදවා එය අලෙවි කිරිමට සංගීත තැටි අලෙව්හල්වලට ගියද, ඔවුන් එම අලුත් භාණ්ඩය විකිණිමට මැලිවූයේන්, රාමනායක මහතා, ඉන්ධන් පිරවුම්හල්,පොත් සාප්පුවල තබා අලෙවි කිරිම ආරම්භ කළහ.නොබෝ දිනකින් ඉතා සීඝ්රයෙන් එම කැසට්පටිය අලෙවි වීම සිදු විය.ඒ අනුව මෙරටට කැසට්පටි අලෙවිසැල් නොහොත් රෙකොඩ් බාර් සංස්කෘතිය පැමිණීම සනිටුහන් විය.

අනතුරුව ඔහු විසින් එකල ජනප්‍රිය ගායකයන් වූ කැලැරන්ස් විජේවර්ධන,නිහාල් නෙල්සන්,ප්‍රියා සූරියසේන.ඩෙස්මන්ඩ් සිල්වා ආදීන්ට කැසට්පටි නිෂ්පාදනය කළ අතර ඒවා අලෙවි වාර්තා තබමින් අලෙවි විය.තරංගාහි ගීත පටිගත කිරිමට කොළඹ තිබු පටිගත කිරීමේ ශබ්දාගාර පහම යොදා ගැණුනි.ඒ තරමට කැසට්පටි ජනප්‍රිය වූ අතර ඉහළ ආදායම් ලබන මාර්ගයක්ද විය.පසුකාලීනව මෙය ලාභදායි කර්මාන්තයක් වූ බැවින් අලුත් රෙකොඩ් බාර් බොහෝ ප්‍රමාණයක් බිහිවිය.සිල්වර්ලයින් රෙකෝඩ්බාර්, සාරංගා, සින්කොබා, රන්සිළු, ප්‍රියංකා, රත්නසිරි රෙකෝඩ්බාර්, ඊගල් ඕඩියෝ, එන්.ආර්. එන්ටප්‍රයිසස්, ෆැල්බන් ඕඩියෝ, බෙග් මියුසික් සෙන්ටර්, නිසා එන්ටර්ටේන්මන්ට්, සෙත්සිරි මියුසික් සෙන්ටර්, එම්. එන්ටර්ටේන්ට්මන්ට්, සොනික් එන්ටර්ටේන්මන්ට්, ඉන්දික මියුසික් සෙන්ටර්, ජයනන්ද ස්ටෝර්ස්, විජිත ට්‍රේඩ් සෙන්ටර්, නිල්වලා කැසට්, සජින්ද්‍ර ඕඩියෝ, සවන රෙකෝඩ්බාර්, සී.එස්. ඕඩියෝ ක්‍රියේෂන්, සාගර ෆැන්සි පැලස්, සිතාරා මියුසික් සෙන්ටර් ආදී කැසට් ව්‍යාපාරිකයෝ බිහි වූහ.

මේ සමගම සංගීත ක්ෂෙත්රයේ විශාල වෙනසක් සිදුවන්නට විය.ගායක ගායිකාවන්, ගීපද රචකයින්, සංගීතඥයන් සදහා ඉමහත් ඉල්ලුමක් ඇතිවිය.එපමණක් නොව, වාදක ශිල්පීන් සදහාද හොද ඉල්ලුමක් ඇතිවිය.සෑම දිනකම නොනවත්වා ගීත පටිගත කිරීම් ශබ්දාගාරවල සිදුවිය.කැසට්පටි නිෂ්පාදනය,අලෙවිය ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්න මෙය ඉතා ලාභදායි ව්‍යාපාරයක් විය.එමනිසා කලින් සදහන් කල පරිදි නව කැසට්පටි නිෂ්පාදකයන් , නව ශබ්දාගාර පමණක් නොව නව කැසට්පටි අලෙවිහල්ද රටපුරා ඇතිවූහ.පිටකොටුව මල්වත්ත පාරේ එකල වූයේ කැසට්පටි අලෙවිහල් පමණි.එමනිසා එම පාර “මියුසික් රෝඩ්” ලෙසද හදුන්වන්නට විය.මේ කාලයේදී රටපුරා සංගීත සංදර්ශන පැවැත්වීමත් ආරම්භ්වූ අතර සංගීත කණ්ඩායම්ද බිහිවිය.මෙම සංගීත සංදර්ශනද පටිගත කර, කැසට්පටිවල අලෙවි කිරිම ආරම්භ විය.

කණ්ඩායම් සංගීතය සමගින් නවක ගායක ගායිකාවන් විශාල වශයෙන් රසිකයන් අතර ජනප්‍රිය වූවා පමණක් නොව ඔවුන්ගේ කැසට්පටි අලෙවියද විශාල වශයෙන් සිදුවිය.අදටද එකලෙස ජනප්‍රිය ෂර්ලි වෛජයන්ත, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, චන්ද්‍රලේකා පෙරේරා, මරියසෙල් ගුණතිලක, ඉන්ද්‍රාණි පෙරේරා, ප්‍රින්ස් උදය ප්‍රියන්ත,ග්‍රේෂන් ජයමහ, අතුල ශ්‍රී ගමගේ, ආත්මා ලියනගේ, චන්දන ලියනාරච්චි, අසංක ප්‍රියමන්ත පීරිස්,සංජීවනී වීරසිංහ, චම්පා කල්හාරි, සමිතා එරන්දතී මුදුන්කොටුව වැනි බොහෝ ගායක ගායිකාවන් එකල කැසට්පටි සදහා ඉමහත් ඉල්ලුමක් තිබු ගායක ගායිකාවන් වේ.

80 දශකයේ ආරම්භයේ සිට අවසානය තෙක් මෙරට සංගීත ක්ෂෙත්රයේ මුදුනින්ම සිටි එච්.ආර්.ජෝතිපාලයන්ගේ කැසට්පටි මෙරට වැඩිපුරම අලෙවිවූ කැසට්පටි බවට විවාදයක් නැත.අදටද ඔහුගේ ගීත එකලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියය.ඔහුගේ හදිසි අභාවයෙන් පසුව, 90 දශකය මැද භාගය වන්නට එම ජනප්‍රියත්වයට කිට්ටුවට පැමිණි ගායකයා වූයේ නාමල් උඩුගමයි.ඔහුගේ නිල්වලා නිෂ්පාදනයක් වූ ” සමුගන්නේ නෑ” කැසට්පටිය ආදායම් වාර්තා තබමින් එකල අලෙවිවූ අතර යොවුන් තරුණියන්ගේ සිහින කුමරා බවට එකල නාමල් උඩුගම පත්විය.

කණ්ඩායම් සංගීත කණ්ඩායම් හා එළිමහන් සංගීත සංදර්ශන ඒ දිනවල වඩාත් ප්‍රකට මිනිසුන්ට නැතුවම බැරි දෙයක් විය.80 දශකයේ අග භාගයේ ඉහළින්ම සිටියේ ජිප්සීස් සංගීත කණ්ඩායමයි.ඉන්පසුව 90 දශකයේදි නීල් වර්ණකුලසූරිය පුමුඛ සන්ෆලවර් සංගීත කණ්ඩායම පෙරට ආ අතර ඔවුන්ගේ ” සලාදේ 1,2,3,4,5 ” කැසට්පටි විශාල වශයෙන් අලෙවි විය.ඉන්පසුව එම ස්ථානයට නලින් පෙරේරා පුමුඛ මේරියන්ස් කණ්ඩායම පැමිණි අතර මෙම කණ්ඩායම් තුන අදටද සංගීත කණ්ඩායම් අතර පළමු පෙළේ කණ්ඩායම් වේ.

ශ්‍රි ලංකාවේ කැසට්පටි කතාව ඉතිහාසයට එක් වෙමින් කෙමෙන් නිමා වන්නට ආරම්භ වූයේ ,90 දශකය අග භාගය වන විටය.ඒ ඉතා සීඝ්රයෙන් දියුණු වන නූතන තාක්ෂණයට අනුව ගීත පටිගතකිරිම හා ගබඩා කිරීමට නවීන ක්‍රම පැමිණීමත් සමගයි.ගීත ගබඩා කර තැන්පත් කිරිම සදහා CD, DVD, FLASH DRIVE ආදිය ඇති වීමත් සමග කැසට්පටි සදහා තිබුණ ඉල්ලුම අහෝසි වන ලදි.එමෙන්ම හඩ සකස් කර ගායනා කිරීමට හැකි වීමත් සමග මුදල් තිබෙන ඕනෑම අයෙකුට ගීත ගායනා කිරිමේ අවස්ථාව ලැබුනි.ඉන් කලක් ගතවන්නට CD, DVD, FLASH DRIVE යල් පැණගොස් Pen drive ආදියේ ගීත ගබඩා කර තබා ගන්නට විය.මේ වනවිට ඩිජිටල් තාක්ෂණය නිසා ගායක ගායිකාවන් තම නව නිර්මාණ YouTube හෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයන් වෙත මුදාහරින අතර Smart Phone, Laptop, Tab හරහා පුද්ගලයින්ට ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයක සිට ගීත රසවිදිය හැකියි.

එලෙස මෙරට කැසට්පටි කතාව ඉතිහාසගතවූ අතර, මෙරට සංගීත ක්ෂේත්රයේ තවත් සුන්දර යුගයක් ඒ ආකරයෙන් නිමාවට පත්විය.

[QUOTE="caltonhp, post: 26904223, member: 557464"] [IMG alt="මතකද බලන්න මේ කැසට් කතාව"]https://throwbackceylon.com/wp-content/uploads/2021/01/Cassets.jpg[/IMG] ශ්‍රී ලාංකීය සංගීතයේ ඉතිහාස කතාව පිළිබද විමසීමේදි, එය බොහෝ ඈතට ගමන් කරයි.සිංහල ජන ගී, කවි විවිධ මුලාශ්‍රයන් පදනම් කරගෙන (උදා: විවිධ වෘත්තීන්) බිහි වී ඇති අතර, සංගීත භාණ්ඩ භාවිතා කරමින් ගීත නිර්මාණය සදහා මෙරටට විශේෂයෙන් ඉන්දියානු රාගධාරි සංගීතයේ බලපෑම ප්‍රබල විය.ශ්‍රී ලාංකීය සංගීතය මුල් වරට මෙතැකින් ආරම්භ වූවා යැයි පැවසීමට තරම් නිශ්චිත මුලාශ්‍රයක් නොමැතිය.එය 1940 දශකයෙන් පසු මෙරට බිහිවූ ප්‍රථම චිත්‍රපටිය කඩවුණු පොරොන්දුව සමග සිංහල ගීත කලාව මෙහි ජනප්‍රිය වූවා යැයි සිතිය හැක.ඒ වන විටත් හින්දි චිත්‍රපටි ගීත මෙරට ඉහළ ජනප්‍රියතාවයක් ඇති කරගෙන තිබුනු අතර, අපගේ චිත්‍රපටිවලද ජනප්‍රියතාවය රැදී පැවතුනේ එහි අඩංගු ගීත නිසාවෙනි.බොහෝවිට මිනිසුන් එම ගීත ඇසීමට වෙනත් මාධ්‍යක් නොමැති නිසා දෙතුන් වර එකම චිත්‍රපටිය නැරඹීමට යන ලදි.එකල රේඩියෝ සිලෝන් මගින් විකාශය වූයේද වෙනත් භාෂාවල ගීතයි. [IMG]https://throwbackceylon.com/wp-content/uploads/2021/01/Dec-image-04.jpg[/IMG] ඉහත සදහන් වන ආරම්භයෙන් අප උත්සාහ ගනු ලබන්නේ මෙවර ශ්‍රී ලංකීය සංගීතයේ එක් සුවිශේෂී කඩිනමක් සම්බන්ධව සවිස්තරාත්මක විමර්ශනයක් ඉදිරිපත් කිරීමටයි. ඒ කැසට් පටි ගීත කලාව පිළිබදවයි.එය මෙරට තුළට පිවිසුනේ කෙසේද යන්නත්, එහි විකාශනයත්, අප කතා කිරිමට බලාපොරොත්තු වෙමු. ඉහත සදහන් කළ ආකාරයට හින්දි ගීත ආභාෂයෙන් නිර්මාණය වූ, චිත්‍රපටි ගීත ප්රකටව පැවැති යුගයේ,අපටම අනන්‍ය වූ දේශීය සංගීයක් නිර්මාණය කීරිම වෙනුවෙන් එකල සංගීත විශාරදරයන් කිහිප දෙනෙකු පුරෝගාමි විය.ඒ අතරින්, ආනන්ද සමරකෝන්, ඩබ්ලිව්.ඩී.අමරදේව,සුනිල් ශාන්ත වැනි ප්‍රතිභාපූර්ණ සංගීතඥයන් ජන නාද රටා ආශ්රයෙන් දේශීය සංගීතයක් නිමැවීමට මහත් වෙහෙසක් දැරීය.ඔවුන්ගේ උත්සාහයන්ට ගැලපෙනම නිසිලෙස බස හසුරුවපු අරිසෙන් අහුබුදු,ආනන්ද සමරකෝන්,ඩෝල්ටන් අල්විස් වැනි ගේය පද රචකයන්ද එකල විය. මෙකල වඩාත්ම ජනප්‍රියම සංගීත භාණ්ඩය වූ ග්රැමෆෝනය,ප්‍රදර්ශන භාණ්ඩයක් මෙන් සැම තැනකම සංගීත රසාස්වාදය සදහා අතෙහි රැගෙන යන ලදි.ඉන් කලක් ගතවන්නට මෙරට ආර්ථිකය වඩාත් ලෝකයට විවෘත වන්නට පටන් ගැනීමත් සමග අපේ රටින් මැදපෙරදිග රටවල් සදහා බොහෝ පිරිස් රැකියා සදහා යන ලදි. මෙයින් මැදපෙරදිග රටවල් සදහා රැකියාවට ගිය ශ්‍රමිකයන් බොහොමයක් නව විදුලි උපකරණ/ ඉලෙක්ට්‍රොනික් උපකරණ මෙරටට රැගෙන එන ලදි. ඒ අතර වූ, ” ටූ ඉන් වන් ” රේඩියෝවේ,ගීත වාදනය කර ශ්‍රවණය කිරීමේ හැකියාව හා පටිගත කිරිමේ හැකියාව තිබුනි.නමුත් එහි වාදනය කිරිමට සිදුවූයේ විදෙස් රටවලින් ගෙන ආ හින්දි, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් යුත් ගීතයි. [IMG]https://throwbackceylon.com/wp-content/uploads/2021/01/Dec-image.jpg[/IMG] මෙම කාලයේ ලේක් හවුස් ආයතනයේ වෙළද දැන්වීම් නියෝජිතයකු ලෙස සේවය කල විජය රාමනායක මහතා ගීත තැටි නිෂ්පාදනය කර බෙදාහැරීමේ සමාගමක් ” තරංගා රෙකොඩ්බාර්” නමින් රීගල් සිනමාහල අසල පවත්වා ගෙන ගියේය.එක්තරා දිනක ඔහුට ඉහත සදහන් කල “ටූ ඉන් වන්” රේඩියෝවක් දැකගන්නට ලැබුනු අතර කෙසේ හෝ සිංහල කැසට්පටි නිර්මාණය කලහොත් එය මෙරට ගීත කලාවට මහත් ප්‍රයෝජනයක් මෙන්ම විශාල ව්‍යාපාර අවස්ථාවක් බවද තේරුම් ගත්හ. මේ පිළිබද අධ්‍යනයක් කිරිමෙන් පසුව ඔහු විසින් ජනප්‍රිය ගායක මිල්ටන් මල්ලව ආරච්චි සමගින් එක්ව ගීත 12කින් යුක්ත ” සදෙන් එහා” නමින් තරංගා ලේබලය යටතේ කැසට්පටියක් නිෂ්පාදනය කරන ලදි.ඒ අනුව ලංකා ඉතිහාසයේ ප්‍රථම කැසට්පටිය වන්නේ මිල්ටන් මල්ලව ආරච්චිගේ “සදෙන් එහා” කැසට් පටියයි.එහි “Anytime Anywhere” ලෙසද සදහන්ව තිබුණි. [IMG]https://throwbackceylon.com/wp-content/uploads/2021/01/Dec-image-01.jpg[/IMG] එම කැසට්පටිය නිපදවා එය අලෙවි කිරිමට සංගීත තැටි අලෙව්හල්වලට ගියද, ඔවුන් එම අලුත් භාණ්ඩය විකිණිමට මැලිවූයේන්, රාමනායක මහතා, ඉන්ධන් පිරවුම්හල්,පොත් සාප්පුවල තබා අලෙවි කිරිම ආරම්භ කළහ.නොබෝ දිනකින් ඉතා සීඝ්රයෙන් එම කැසට්පටිය අලෙවි වීම සිදු විය.ඒ අනුව මෙරටට කැසට්පටි අලෙවිසැල් නොහොත් රෙකොඩ් බාර් සංස්කෘතිය පැමිණීම සනිටුහන් විය. අනතුරුව ඔහු විසින් එකල ජනප්‍රිය ගායකයන් වූ කැලැරන්ස් විජේවර්ධන,නිහාල් නෙල්සන්,ප්‍රියා සූරියසේන.ඩෙස්මන්ඩ් සිල්වා ආදීන්ට කැසට්පටි නිෂ්පාදනය කළ අතර ඒවා අලෙවි වාර්තා තබමින් අලෙවි විය.තරංගාහි ගීත පටිගත කිරිමට කොළඹ තිබු පටිගත කිරීමේ ශබ්දාගාර පහම යොදා ගැණුනි.ඒ තරමට කැසට්පටි ජනප්‍රිය වූ අතර ඉහළ ආදායම් ලබන මාර්ගයක්ද විය.පසුකාලීනව මෙය ලාභදායි කර්මාන්තයක් වූ බැවින් අලුත් රෙකොඩ් බාර් බොහෝ ප්‍රමාණයක් බිහිවිය.සිල්වර්ලයින් රෙකෝඩ්බාර්, සාරංගා, සින්කොබා, රන්සිළු, ප්‍රියංකා, රත්නසිරි රෙකෝඩ්බාර්, ඊගල් ඕඩියෝ, එන්.ආර්. එන්ටප්‍රයිසස්, ෆැල්බන් ඕඩියෝ, බෙග් මියුසික් සෙන්ටර්, නිසා එන්ටර්ටේන්මන්ට්, සෙත්සිරි මියුසික් සෙන්ටර්, එම්. එන්ටර්ටේන්ට්මන්ට්, සොනික් එන්ටර්ටේන්මන්ට්, ඉන්දික මියුසික් සෙන්ටර්, ජයනන්ද ස්ටෝර්ස්, විජිත ට්‍රේඩ් සෙන්ටර්, නිල්වලා කැසට්, සජින්ද්‍ර ඕඩියෝ, සවන රෙකෝඩ්බාර්, සී.එස්. ඕඩියෝ ක්‍රියේෂන්, සාගර ෆැන්සි පැලස්, සිතාරා මියුසික් සෙන්ටර් ආදී කැසට් ව්‍යාපාරිකයෝ බිහි වූහ. [IMG]https://throwbackceylon.com/wp-content/uploads/2021/01/DEc-image-09.jpg[/IMG] මේ සමගම සංගීත ක්ෂෙත්රයේ විශාල වෙනසක් සිදුවන්නට විය.ගායක ගායිකාවන්, ගීපද රචකයින්, සංගීතඥයන් සදහා ඉමහත් ඉල්ලුමක් ඇතිවිය.එපමණක් නොව, වාදක ශිල්පීන් සදහාද හොද ඉල්ලුමක් ඇතිවිය.සෑම දිනකම නොනවත්වා ගීත පටිගත කිරීම් ශබ්දාගාරවල සිදුවිය.කැසට්පටි නිෂ්පාදනය,අලෙවිය ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්න මෙය ඉතා ලාභදායි ව්‍යාපාරයක් විය.එමනිසා කලින් සදහන් කල පරිදි නව කැසට්පටි නිෂ්පාදකයන් , නව ශබ්දාගාර පමණක් නොව නව කැසට්පටි අලෙවිහල්ද රටපුරා ඇතිවූහ.පිටකොටුව මල්වත්ත පාරේ එකල වූයේ කැසට්පටි අලෙවිහල් පමණි.එමනිසා එම පාර “මියුසික් රෝඩ්” ලෙසද හදුන්වන්නට විය.මේ කාලයේදී රටපුරා සංගීත සංදර්ශන පැවැත්වීමත් ආරම්භ්වූ අතර සංගීත කණ්ඩායම්ද බිහිවිය.මෙම සංගීත සංදර්ශනද පටිගත කර, කැසට්පටිවල අලෙවි කිරිම ආරම්භ විය. කණ්ඩායම් සංගීතය සමගින් නවක ගායක ගායිකාවන් විශාල වශයෙන් රසිකයන් අතර ජනප්‍රිය වූවා පමණක් නොව ඔවුන්ගේ කැසට්පටි අලෙවියද විශාල වශයෙන් සිදුවිය.අදටද එකලෙස ජනප්‍රිය ෂර්ලි වෛජයන්ත, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, චන්ද්‍රලේකා පෙරේරා, මරියසෙල් ගුණතිලක, ඉන්ද්‍රාණි පෙරේරා, ප්‍රින්ස් උදය ප්‍රියන්ත,ග්‍රේෂන් ජයමහ, අතුල ශ්‍රී ගමගේ, ආත්මා ලියනගේ, චන්දන ලියනාරච්චි, අසංක ප්‍රියමන්ත පීරිස්,සංජීවනී වීරසිංහ, චම්පා කල්හාරි, සමිතා එරන්දතී මුදුන්කොටුව වැනි බොහෝ ගායක ගායිකාවන් එකල කැසට්පටි සදහා ඉමහත් ඉල්ලුමක් තිබු ගායක ගායිකාවන් වේ. [IMG]https://throwbackceylon.com/wp-content/uploads/2021/01/Dec-image-06.jpg[/IMG] 80 දශකයේ ආරම්භයේ සිට අවසානය තෙක් මෙරට සංගීත ක්ෂෙත්රයේ මුදුනින්ම සිටි එච්.ආර්.ජෝතිපාලයන්ගේ කැසට්පටි මෙරට වැඩිපුරම අලෙවිවූ කැසට්පටි බවට විවාදයක් නැත.අදටද ඔහුගේ ගීත එකලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියය.ඔහුගේ හදිසි අභාවයෙන් පසුව, 90 දශකය මැද භාගය වන්නට එම ජනප්‍රියත්වයට කිට්ටුවට පැමිණි ගායකයා වූයේ නාමල් උඩුගමයි.ඔහුගේ නිල්වලා නිෂ්පාදනයක් වූ ” සමුගන්නේ නෑ” කැසට්පටිය ආදායම් වාර්තා තබමින් එකල අලෙවිවූ අතර යොවුන් තරුණියන්ගේ සිහින කුමරා බවට එකල නාමල් උඩුගම පත්විය. [IMG]https://throwbackceylon.com/wp-content/uploads/2021/01/Dec-image-07.jpg[/IMG] කණ්ඩායම් සංගීත කණ්ඩායම් හා එළිමහන් සංගීත සංදර්ශන ඒ දිනවල වඩාත් ප්‍රකට මිනිසුන්ට නැතුවම බැරි දෙයක් විය.80 දශකයේ අග භාගයේ ඉහළින්ම සිටියේ ජිප්සීස් සංගීත කණ්ඩායමයි.ඉන්පසුව 90 දශකයේදි නීල් වර්ණකුලසූරිය පුමුඛ සන්ෆලවර් සංගීත කණ්ඩායම පෙරට ආ අතර ඔවුන්ගේ ” සලාදේ 1,2,3,4,5 ” කැසට්පටි විශාල වශයෙන් අලෙවි විය.ඉන්පසුව එම ස්ථානයට නලින් පෙරේරා පුමුඛ මේරියන්ස් කණ්ඩායම පැමිණි අතර මෙම කණ්ඩායම් තුන අදටද සංගීත කණ්ඩායම් අතර පළමු පෙළේ කණ්ඩායම් වේ. [IMG]https://throwbackceylon.com/wp-content/uploads/2021/01/Dec-image-08.jpg[/IMG] ශ්‍රි ලංකාවේ කැසට්පටි කතාව ඉතිහාසයට එක් වෙමින් කෙමෙන් නිමා වන්නට ආරම්භ වූයේ ,90 දශකය අග භාගය වන විටය.ඒ ඉතා සීඝ්රයෙන් දියුණු වන නූතන තාක්ෂණයට අනුව ගීත පටිගතකිරිම හා ගබඩා කිරීමට නවීන ක්‍රම පැමිණීමත් සමගයි.ගීත ගබඩා කර තැන්පත් කිරිම සදහා CD, DVD, FLASH DRIVE ආදිය ඇති වීමත් සමග කැසට්පටි සදහා තිබුණ ඉල්ලුම අහෝසි වන ලදි.එමෙන්ම හඩ සකස් කර ගායනා කිරීමට හැකි වීමත් සමග මුදල් තිබෙන ඕනෑම අයෙකුට ගීත ගායනා කිරිමේ අවස්ථාව ලැබුනි.ඉන් කලක් ගතවන්නට CD, DVD, FLASH DRIVE යල් පැණගොස් Pen drive ආදියේ ගීත ගබඩා කර තබා ගන්නට විය.මේ වනවිට ඩිජිටල් තාක්ෂණය නිසා ගායක ගායිකාවන් තම නව නිර්මාණ YouTube හෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයන් වෙත මුදාහරින අතර Smart Phone, Laptop, Tab හරහා පුද්ගලයින්ට ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයක සිට ගීත රසවිදිය හැකියි. [IMG]https://throwbackceylon.com/wp-content/uploads/2021/01/Dec-image-10.jpg[/IMG] එලෙස මෙරට කැසට්පටි කතාව ඉතිහාසගතවූ අතර, මෙරට සංගීත ක්ෂේත්රයේ තවත් සුන්දර යුගයක් ඒ ආකරයෙන් නිමාවට පත්විය. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom