මත්පැන් බලපත්‍ර නිකුත් කරමින් රජය
කෝටි හයලක්‌ෂ හතරක් උපයයි
අජිත් අලහකෝන්
මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් 2009 සහ 2010 වසර දෙකේදී රජය රුපියල් කෝටි හයලක්‌ෂ පනස් අටදහස් හයසිය හැත්තෑ දෙකක ආදායමක් උපයා ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා විසින් ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක සඳහන් වේ.
2009 වසරේදී රුපියල් කෝටි දෙලක්‌ෂ තිස් හතර දහස් හතළිස් හතරක් ද 2010 වසරේදී රුපියල් කෝටි හාරලක්‌ෂ විසිහතර දහස් හයසිය විසි හතක්‌ද මෙසේ උපයාගෙන ඇතැයි එම ලේඛනයේ දැක්‌වේ.
සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් හෝටල් සඳහා බලපත්‍ර 87 ක් එම වසර දෙකේදී නිකුත් කර ඇතැයිද එම පිළිතුරේ සඳහන් වේ.
කොළඹ දිස්‌ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ පැනයකට අදාළව මෙම පිළිතුර සභාගත කළේය.
http://www.divaina.com/2011/09/24/news21.html