Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මත්පැන් ඕනැමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්පැන් ඕනැමද?

උත්සව සමරන්න මත්පැන් ඕනැමද?

පිරිසක් එ්කරාශී වෙලා එක ම කාරණයක් නිමිති කරගෙන එක් ව කටයුතු කිරීම ‘උත්සවයක්’ ලෙස හඳුන්වන්න පුළුවන්. උත්සවවලින් කිසි අඩුවක් නැති රටක් තමයි අපේ රට.

උත්සවවලින් අඩුවක් නෑ වගේ ම අද වන විට උත්සවවලදි මත් වෙන එකෙනුත් අපට කිසි ම අඩුවක් නෑ…

ව්‍යවහාරික අවුරුද්දක ආරම්භක දිනයේ පටන් එ් අවුරුද්දේ අවසාන දිනය දක්වා ම උත්සවාකාරයෙන් සමරන දින ගණනාවක් අපට තියෙනවා. මංගල අවස්ථා වෙනුවෙන් විතරක් නෙමෙයි; අවමංගල අවස්ථා වෙනුවෙනුත් අපේ රටේ උත්සව සංවිධානය වෙනවා. එ් හැම අවස්ථාවක ම මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිත වීමත් නොවැරදී ම සිද්ධ වෙනවා. උත්සවත් එක්ක මේ මත් වීමට, ප්‍රමාදයට හේතු වන මත්පැන් එකතු වෙන්න පටන් ගත්තේ කොතැනින් ද? කොහොම ද? මේ කාරණය පිටුපස තිබෙන්නේ අප ව ආක්‍රමණය කරන්නට යෙදුණ සංස්කෘතික බලපෑමක්. කලින් කලට අන්‍ය වූ සංස්කෘතික බලපෑම්වලින් නො සෑහෙන්න බැට කාපු රටක් තමයි අපි…

උත්සව ගැන ම හිතා බලන්න. එ් එ් උත්සව අවස්ථාව අනුව යොදාගන්නා ආහාරපාන, ඇඳුම් පැලඳුම්, සංගීතය, නර්තනය, සැරසීම් ආදිය වෙනස් වනවා. බෞද්ධයන්ගේ නව වර්ෂයේ ඇරඹුම සනිටුහන් වන වෙසක් පුන් පොහෝ දිනයේ වටපිටාව සැරසෙන ආකාරය ව්‍යවහාරික වර්ෂයක ඇරඹුමේ දී වටපිටාව සැරසෙන ආකාරයෙන් සහමුලින් ම වෙනස්. එ් එ් උත්සවයන්ගේ ආගමික, සමාජයීය, සංස්කෘතික මූලබීජයන් අනුව තමයි එකී කාරණා තීරණය වන්නේ. හැබැයි, අද වෙනකල් එ් ආගමික, සමාජයීය, සංස්කෘතික මූලබීජයන් එ් අයුරින් ම ආරක්ෂා වෙලා තියෙනවා කියන්නට අපට හැකියාවක් නැහැ. කලින් කලට අප ව ආක්‍රමණය කළ සමාජ සංස්කෘතික ප්රවණතාවයන්ගේ අඩු වැඩි බලපෑම් අපට සෑම උත්සවයක දී ම දකින්නට පුළුවන්.

නිදසුනක් විදිහට, වෙස් මුහුණු බැඳගෙන ඔළුබක්කෝ නටවන එක වෙසක් උත්සව සමයට එකතු වුණේ අපරදිග හැලෝවියන් සංස්කෘතියෙන්. ව්‍යවහාරික වර්ෂය අලූත් වර්ෂයක ආරම්භය ලෙස සලකලා රතිඤ්ඤ පුපුරුවමින් එය සමරන එක අපි පටන් ගත්තේ පෘතුගී්රසි ආක්‍රමණයෙන් කලකට පස්සේ. අපේ‍්‍රල්වල නැකැත් ප්රමුඛ කොට ගත් අවුරුදු සමයක් සමරන්න අප පුරුදු වුණේ දකුණු ඉන්දීය ආක්රමණවල ප්‍රතිඵලයක් විදිහට. සිංහල ජාතිකත්වය ගැන අතිශය අභිමානයෙන් කථා බහ කරන බහුතරයක් සිංහලයන් නො දැන උන්නාට අද වන විට අප සමරන උත්සව සියල්ල ම පාහේ අපේ නො වන සංස්කෘතික බලපෑම්වලින් නොයෙකුත් වෙනස්කම්වලට ලක් වෙලා අවසන්.

එ් සියලූ වෙනස්කම් අතරින් අද වන විට කිසිදු උත්සවයක දී අත් නො හැරෙන අනිවාර්ය අංගයක් තමයි මත්පැන් කියන්නේ. අද වෙද්දි නැතිව ම බැරි වුණාට ව්‍යවහාරික වර්ෂවලිනුත් වසර 1700කට ආසන්න දීර්ඝ කාලයක් පුරා මත්පැන් අපේ රටට ආගන්තුක දෙයක් සහ පිළිකුල් සහගත දෙයක් බවට පත් වෙලයි තිබුණේ. 1660 වර්ෂයේ දී ලංකා රජුගේ සිරකරුවෙකු වූ රොබට් නොක්ස් එදා හෙළදිව කෘතියේ දී දක්වන්නේ ‘සිංහලයෝ මත්පැන් නොබොන්නෝ ය’ කියලයි. අපේකම, අපේ රට ගැන ජාත්‍යාලයෙන් කථා කරන පමණින් ම මේ විජාතික බලපෑම්වලින් නිදහස් වීම ගැනත් හැම කෙනෙක් ම සිතුවා නම් මත්පැන් නාමයක්වත් අපේ රටේ ඇහෙන්න ඉඩ ලැබෙන්නේ නෑ. එ්ත් ජාතිකත්වය ගැන කථා කළ පමණින් එහි අක්මුල් සුරක්ෂිත නොවන බව තහවුරු කරමින් 2015 වර්ෂයේ ලෝකයේ එ්කපුද්ගල මත්පැන් පරිභෝජනයෙන් සිව්වන ස්ථානයට පත් වුණේත් අපේ රට ම යි.

පුද්ගල එ්කරාශී වීමක් සිදු වන තැනක සිහියෙන් නුවණින් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එහෙම නො වුණොත් ගැටුම්, අර්බුද ඇති වීම ම යි සිද්ධ වෙන්නේ. මත්පැන්වලින් කෙරෙන්නේ සිිහිය විකෘති කිරීමක්. තැන නොතැන නො හඳුනන, කිවයුත්ත නොකිවයුත්ත නො හඳුනන, ස්වයං සංවරයක් ඇතිව හැසිරීම සිදු කළ නො හැකි වන බෙලහීන තත්ත්වයට කෙනෙකු ව ඇද දමන්න මත්පැන්වලට හැකියි. මත්පැන්වලින් ඇති කරවන්නේ අප්‍රසන්න දුගඳක් වහනය කරන ශරීර ස්වභාවයක් පමණක් නෙවෙයි; කයත්, වචනයත්, සිතත් දුගඳ හමන අපිරිසිදු භාවයකට පත් කරවීමත් මත්පැන්වලින් සිද්ධ වෙනවා. එවැනි එක පුද්ගලයෙකුගෙනුත් ඇති වන්නේ අප්‍රිය අප්‍රසන්න ස්වභාවයක් ම යි. එහෙම එකේ වැඩි පිරිසක් එ් තත්ත්වයට පත් වුණා ම ඇති වන කටුක, අප්‍රිය අමනාප වටපිටාව ගැන අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ.

සරලව ම සිද්ධ වෙන්නේ වගකීමෙන් කටයුතු කළ යුතු ස්ථානවල වගකීම් විරහිත ව කටයුතු කරන සහ සතුටින් සැහැල්ලූවෙන් කටයුතු කළ යුතු ස්ථානවල අතිශය දුෂ්කරතාවයන් යටතේ කටයුතු කරන තත්ත්වයන් ඇති වීම. අවසානයේ තමන්ට විතරක් නෙමෙයි, තමන්ගේ සමීපතමයන්ටත් උත්සව අවස්ථාව අහිමි වනවා. මංගල උත්සවවලත් අද කාලයේ වැඩි ම වියදමක් දරන අංගය බවට පත් වී තිබෙන්නේ මත්පැන් ලබා දීම. අවමංගල අවස්ථාවලත් මිය ගිය කෙනා හැරුණු විට අන් සියලූ ම පිරිමි උදවිය මත්පැන් පානය කරලා සිටින අවස්ථා විරල නැහැ.

මතක් කරලා බලන්න. පවුලේ හෝ ගමේ හෝ මත්පැන් පානයට යොමු වූවෙකු හෝ කිහිප දෙනෙකු නිසා ඇතැම් උත්සව අවස්ථා සහමුලින් ම දියාරු වී ගිය ආකාරය. මතක් කිරීමට පවා අප්‍රසන්න වූ සිදුවීම්වලට මුහුණපාන්නට වූ ආකාරය. පියවි සිහියත් අහිමි කරගෙන, ඉන්ද්රිය සංවරයත් අහිමි කරගෙන, මෙලොව සැපතත් අහිමි කරගෙන, පරලොව සැපතත් අහිමි කරගෙන මත්පැන් එක්ක අපි මොන සැපතක් බලාපොරොත්තු වෙන්න ද?

ළඟ ළඟ එන්නෙත් උත්සව සමයක්. මේ උත්සවශ්රීය මත්පැනින් විකෘති කර දමන්නන් ඕනෑ තරම් අපට මුණ ගැසේවි. වැඩි ම රිය අනතුරු ප්‍රමාණයට වගේ ම වැඩි ම අපරාධ ප්‍රමාණයටත්, වැඩි ම අපචාර ප්‍රමාණයටත් මෙවරත් වග කියන්න මත්පැන් පෙරමුණේ ඉඳීවි. රට, ජාතිය, ආගම ගැන හැබෑවට ම හිතනවා නම්, එහෙම හිතන්න ඍජු බවක් – කොන්දක් තිබෙනවා නම් ඔන්න මේ පාර ඔබට තීරණය කරන්න පුළුවන් උත්සවවලට මත්පැන් ඕනෙම ද කියලා…

සිල් පද තුළ සංවර වුණ – ජීවමාන ධර්මයක මළ කඳන් නො වුණ, සම්බුදුරජුන්ගේ සැබෑ ශ්‍රාවකයන් නම් උත්සව ඇතත් නැතත් මත්පැනින් වැළකෙනවා. එ් ශ්රාවකත්වය පිරිසිදු ව රැක ගත්ත ශ්‍රාවකයෝ නම් තමා එ් වරද නො කරනවා විතරක් නෙමෙයි; අන් අයට අනුබල දීමෙනුත් වළකිනවා. එවන් සත්පුරුෂ මිනිසුන් නිසා, උත්සවයක ඇවතුම් පැවතුම් අසංවර වීම වැළකෙනවා, ජනයා අපහසුවට ලක් වීම වැළකෙනවා, භෞතික – ආධ්‍යාත්මික වටිනාකම් නොකෙලෙසී ආරක්ෂා වෙනවා, සිහියෙන් නුවණින් කටයුතු කිරීම ප්රමුඛ කොට ගත්ත සුවිශිෂ්ට ජීවන සම්ප්රදායක අක්මුල් ආරක්ෂා වෙනවා, කුසල් මුල් රැකෙනවා, තමාටත් අනුන්ටත් යන දෙපිරිසට ම මෙලොව පරලොව යහපත සැලසෙනවා. හරියට හිතලා බැලූවොත් මත්පැනින් වැළකීම කියන මේ එක ම එක කාරණය බොහෝ යහපත උදා කරලන ධන නිධානයක් වගෙයි. ධන නිධානයක් අතේ තියාගෙන, සිතූ පැතූ ලෙස විය පැහැදම් කරමින් සැප සේ ජීවත් වෙන්න පුළුවන් එකේ එ් සැපය විකෘති මානසික ස්වභාවයකටත්, කායික රෝගී බවටත් පාවා දෙන්නට පෙළඹෙන්නේ නුවණ මඳ පිරිස් පමණ ම යි.

එ් නිසා, අවසන් වශයෙන් අපට සටහන් තබන්නට සිදු වන්නේ මෙවැන්නක්… නුවණ නැතියන්ගේ උත්සවවලට නම් මත්පැන් නැතිව බැහැ. නමුත්, නුවණැතියන් නම් කිසිදු දෙයකට කිසිදු මොහොතක මත්පැන් යොදා ගන්නේ නැහැ. තම තමන්ගේ නුවණ තම තමන්ට ම මැන ගන්නත් හොඳ ක්‍රමයක් තමයි මේ…!

(Mahamega)

[QUOTE="saturn, post: 19964246, member: 529032"] [b]මත්පැන් ඕනැමද?[/b] [SIZE=6][COLOR=Red][B]උත්සව සමරන්න මත්පැන් ඕනැමද?[/B][/COLOR][/SIZE][SIZE=6] [/SIZE] [IMG]http://mahamegha.lk/wp-content/uploads/2016/04/Medicinas-que-no-debemos-mezclar-con-alcohol-620x330.jpg[/IMG] [SIZE=4]පිරිසක් එ්කරාශී වෙලා එක ම කාරණයක් නිමිති කරගෙන එක් ව කටයුතු කිරීම ‘උත්සවයක්’ ලෙස හඳුන්වන්න පුළුවන්. උත්සවවලින් කිසි අඩුවක් නැති රටක් තමයි අපේ රට.[/SIZE] [SIZE=4]උත්සවවලින් අඩුවක් නෑ වගේ ම අද වන විට උත්සවවලදි මත් වෙන එකෙනුත් අපට කිසි ම අඩුවක් නෑ…[/SIZE] [SIZE=4]ව්‍යවහාරික අවුරුද්දක ආරම්භක දිනයේ පටන් එ් අවුරුද්දේ අවසාන දිනය දක්වා ම උත්සවාකාරයෙන් සමරන දින ගණනාවක් අපට තියෙනවා. මංගල අවස්ථා වෙනුවෙන් විතරක් නෙමෙයි; අවමංගල අවස්ථා වෙනුවෙනුත් අපේ රටේ උත්සව සංවිධානය වෙනවා. එ් හැම අවස්ථාවක ම මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිත වීමත් නොවැරදී ම සිද්ධ වෙනවා. උත්සවත් එක්ක මේ මත් වීමට, ප්‍රමාදයට හේතු වන මත්පැන් එකතු වෙන්න පටන් ගත්තේ කොතැනින් ද? කොහොම ද? මේ කාරණය පිටුපස තිබෙන්නේ අප ව ආක්‍රමණය කරන්නට යෙදුණ සංස්කෘතික බලපෑමක්. කලින් කලට අන්‍ය වූ සංස්කෘතික බලපෑම්වලින් නො සෑහෙන්න බැට කාපු රටක් තමයි අපි…[/SIZE] [SIZE=4]උත්සව ගැන ම හිතා බලන්න. එ් එ් උත්සව අවස්ථාව අනුව යොදාගන්නා ආහාරපාන, ඇඳුම් පැලඳුම්, සංගීතය, නර්තනය, සැරසීම් ආදිය වෙනස් වනවා. බෞද්ධයන්ගේ නව වර්ෂයේ ඇරඹුම සනිටුහන් වන වෙසක් පුන් පොහෝ දිනයේ වටපිටාව සැරසෙන ආකාරය ව්‍යවහාරික වර්ෂයක ඇරඹුමේ දී වටපිටාව සැරසෙන ආකාරයෙන් සහමුලින් ම වෙනස්. එ් එ් උත්සවයන්ගේ ආගමික, සමාජයීය, සංස්කෘතික මූලබීජයන් අනුව තමයි එකී කාරණා තීරණය වන්නේ. හැබැයි, අද වෙනකල් එ් ආගමික, සමාජයීය, සංස්කෘතික මූලබීජයන් එ් අයුරින් ම ආරක්ෂා වෙලා තියෙනවා කියන්නට අපට හැකියාවක් නැහැ. කලින් කලට අප ව ආක්‍රමණය කළ සමාජ සංස්කෘතික ප්රවණතාවයන්ගේ අඩු වැඩි බලපෑම් අපට සෑම උත්සවයක දී ම දකින්නට පුළුවන්.[/SIZE] [SIZE=4]නිදසුනක් විදිහට, වෙස් මුහුණු බැඳගෙන ඔළුබක්කෝ නටවන එක වෙසක් උත්සව සමයට එකතු වුණේ අපරදිග හැලෝවියන් සංස්කෘතියෙන්. ව්‍යවහාරික වර්ෂය අලූත් වර්ෂයක ආරම්භය ලෙස සලකලා රතිඤ්ඤ පුපුරුවමින් එය සමරන එක අපි පටන් ගත්තේ පෘතුගී්රසි ආක්‍රමණයෙන් කලකට පස්සේ. අපේ‍්‍රල්වල නැකැත් ප්රමුඛ කොට ගත් අවුරුදු සමයක් සමරන්න අප පුරුදු වුණේ දකුණු ඉන්දීය ආක්රමණවල ප්‍රතිඵලයක් විදිහට. සිංහල ජාතිකත්වය ගැන අතිශය අභිමානයෙන් කථා බහ කරන බහුතරයක් සිංහලයන් නො දැන උන්නාට අද වන විට අප සමරන උත්සව සියල්ල ම පාහේ අපේ නො වන සංස්කෘතික බලපෑම්වලින් නොයෙකුත් වෙනස්කම්වලට ලක් වෙලා අවසන්.[/SIZE] [SIZE=4]එ් සියලූ වෙනස්කම් අතරින් අද වන විට කිසිදු උත්සවයක දී අත් නො හැරෙන අනිවාර්ය අංගයක් තමයි මත්පැන් කියන්නේ. අද වෙද්දි නැතිව ම බැරි වුණාට ව්‍යවහාරික වර්ෂවලිනුත් වසර 1700කට ආසන්න දීර්ඝ කාලයක් පුරා මත්පැන් අපේ රටට ආගන්තුක දෙයක් සහ පිළිකුල් සහගත දෙයක් බවට පත් වෙලයි තිබුණේ. 1660 වර්ෂයේ දී ලංකා රජුගේ සිරකරුවෙකු වූ රොබට් නොක්ස් එදා හෙළදිව කෘතියේ දී දක්වන්නේ ‘සිංහලයෝ මත්පැන් නොබොන්නෝ ය’ කියලයි. අපේකම, අපේ රට ගැන ජාත්‍යාලයෙන් කථා කරන පමණින් ම මේ විජාතික බලපෑම්වලින් නිදහස් වීම ගැනත් හැම කෙනෙක් ම සිතුවා නම් මත්පැන් නාමයක්වත් අපේ රටේ ඇහෙන්න ඉඩ ලැබෙන්නේ නෑ. එ්ත් ජාතිකත්වය ගැන කථා කළ පමණින් එහි අක්මුල් සුරක්ෂිත නොවන බව තහවුරු කරමින් 2015 වර්ෂයේ ලෝකයේ එ්කපුද්ගල මත්පැන් පරිභෝජනයෙන් සිව්වන ස්ථානයට පත් වුණේත් අපේ රට ම යි.[/SIZE] [SIZE=4]පුද්ගල එ්කරාශී වීමක් සිදු වන තැනක සිහියෙන් නුවණින් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එහෙම නො වුණොත් ගැටුම්, අර්බුද ඇති වීම ම යි සිද්ධ වෙන්නේ. මත්පැන්වලින් කෙරෙන්නේ සිිහිය විකෘති කිරීමක්. තැන නොතැන නො හඳුනන, කිවයුත්ත නොකිවයුත්ත නො හඳුනන, ස්වයං සංවරයක් ඇතිව හැසිරීම සිදු කළ නො හැකි වන බෙලහීන තත්ත්වයට කෙනෙකු ව ඇද දමන්න මත්පැන්වලට හැකියි. මත්පැන්වලින් ඇති කරවන්නේ අප්‍රසන්න දුගඳක් වහනය කරන ශරීර ස්වභාවයක් පමණක් නෙවෙයි; කයත්, වචනයත්, සිතත් දුගඳ හමන අපිරිසිදු භාවයකට පත් කරවීමත් මත්පැන්වලින් සිද්ධ වෙනවා. එවැනි එක පුද්ගලයෙකුගෙනුත් ඇති වන්නේ අප්‍රිය අප්‍රසන්න ස්වභාවයක් ම යි. එහෙම එකේ වැඩි පිරිසක් එ් තත්ත්වයට පත් වුණා ම ඇති වන කටුක, අප්‍රිය අමනාප වටපිටාව ගැන අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ.[/SIZE] [SIZE=4]සරලව ම සිද්ධ වෙන්නේ වගකීමෙන් කටයුතු කළ යුතු ස්ථානවල වගකීම් විරහිත ව කටයුතු කරන සහ සතුටින් සැහැල්ලූවෙන් කටයුතු කළ යුතු ස්ථානවල අතිශය දුෂ්කරතාවයන් යටතේ කටයුතු කරන තත්ත්වයන් ඇති වීම. අවසානයේ තමන්ට විතරක් නෙමෙයි, තමන්ගේ සමීපතමයන්ටත් උත්සව අවස්ථාව අහිමි වනවා. මංගල උත්සවවලත් අද කාලයේ වැඩි ම වියදමක් දරන අංගය බවට පත් වී තිබෙන්නේ මත්පැන් ලබා දීම. අවමංගල අවස්ථාවලත් මිය ගිය කෙනා හැරුණු විට අන් සියලූ ම පිරිමි උදවිය මත්පැන් පානය කරලා සිටින අවස්ථා විරල නැහැ.[/SIZE] [SIZE=4]මතක් කරලා බලන්න. පවුලේ හෝ ගමේ හෝ මත්පැන් පානයට යොමු වූවෙකු හෝ කිහිප දෙනෙකු නිසා ඇතැම් උත්සව අවස්ථා සහමුලින් ම දියාරු වී ගිය ආකාරය. මතක් කිරීමට පවා අප්‍රසන්න වූ සිදුවීම්වලට මුහුණපාන්නට වූ ආකාරය. පියවි සිහියත් අහිමි කරගෙන, ඉන්ද්රිය සංවරයත් අහිමි කරගෙන, මෙලොව සැපතත් අහිමි කරගෙන, පරලොව සැපතත් අහිමි කරගෙන මත්පැන් එක්ක අපි මොන සැපතක් බලාපොරොත්තු වෙන්න ද?[/SIZE] [SIZE=4]ළඟ ළඟ එන්නෙත් උත්සව සමයක්. මේ උත්සවශ්රීය මත්පැනින් විකෘති කර දමන්නන් ඕනෑ තරම් අපට මුණ ගැසේවි. වැඩි ම රිය අනතුරු ප්‍රමාණයට වගේ ම වැඩි ම අපරාධ ප්‍රමාණයටත්, වැඩි ම අපචාර ප්‍රමාණයටත් මෙවරත් වග කියන්න මත්පැන් පෙරමුණේ ඉඳීවි. [B]රට, ජාතිය, ආගම ගැන හැබෑවට ම හිතනවා නම්, එහෙම හිතන්න ඍජු බවක් – කොන්දක් තිබෙනවා නම් ඔන්න මේ පාර ඔබට තීරණය කරන්න පුළුවන් උත්සවවලට මත්පැන් ඕනෙම ද කියලා…[/B][/SIZE] [SIZE=4]සිල් පද තුළ සංවර වුණ – ජීවමාන ධර්මයක මළ කඳන් නො වුණ, සම්බුදුරජුන්ගේ සැබෑ ශ්‍රාවකයන් නම් උත්සව ඇතත් නැතත් මත්පැනින් වැළකෙනවා. එ් ශ්රාවකත්වය පිරිසිදු ව රැක ගත්ත ශ්‍රාවකයෝ නම් තමා එ් වරද නො කරනවා විතරක් නෙමෙයි; අන් අයට අනුබල දීමෙනුත් වළකිනවා. එවන් සත්පුරුෂ මිනිසුන් නිසා, උත්සවයක ඇවතුම් පැවතුම් අසංවර වීම වැළකෙනවා, ජනයා අපහසුවට ලක් වීම වැළකෙනවා, භෞතික – ආධ්‍යාත්මික වටිනාකම් නොකෙලෙසී ආරක්ෂා වෙනවා, සිහියෙන් නුවණින් කටයුතු කිරීම ප්රමුඛ කොට ගත්ත සුවිශිෂ්ට ජීවන සම්ප්රදායක අක්මුල් ආරක්ෂා වෙනවා, කුසල් මුල් රැකෙනවා, තමාටත් අනුන්ටත් යන දෙපිරිසට ම මෙලොව පරලොව යහපත සැලසෙනවා. හරියට හිතලා බැලූවොත් මත්පැනින් වැළකීම කියන මේ එක ම එක කාරණය බොහෝ යහපත උදා කරලන ධන නිධානයක් වගෙයි. ධන නිධානයක් අතේ තියාගෙන, සිතූ පැතූ ලෙස විය පැහැදම් කරමින් සැප සේ ජීවත් වෙන්න පුළුවන් එකේ එ් සැපය විකෘති මානසික ස්වභාවයකටත්, කායික රෝගී බවටත් පාවා දෙන්නට පෙළඹෙන්නේ නුවණ මඳ පිරිස් පමණ ම යි.[/SIZE] [SIZE=4]එ් නිසා, අවසන් වශයෙන් අපට සටහන් තබන්නට සිදු වන්නේ මෙවැන්නක්… නුවණ නැතියන්ගේ උත්සවවලට නම් මත්පැන් නැතිව බැහැ. නමුත්, නුවණැතියන් නම් කිසිදු දෙයකට කිසිදු මොහොතක මත්පැන් යොදා ගන්නේ නැහැ. තම තමන්ගේ නුවණ තම තමන්ට ම මැන ගන්නත් හොඳ ක්‍රමයක් තමයි මේ…![/SIZE] ([I]Mahamega[/I]) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom