මත්පැනෙහි හපන්කම්..

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මත්පැනෙහි හපන්කම්..


    ඉතා බහුලව කථා කෙරෙන මාතෘකාවක් වුවත්. මත්පැන් භාවිතයේ අඩුවක් නම්
    දක්නට නෑ නේද?
    මොකක්ද මේකට හේතුව?
    එයට බොහෝ දෙන දකින හා නොදකින හේතු ගණනාවක් තියෙනවා.

    141489009_how_to_live_with_an_alcoholic_answer_2_xlarge.jpeg



    1. මත්ද්‍රව්‍යය වලට ඇති ඒවාටම ආවේණික වූ ඇබ්බැහි කර ගැනීමේ හැකියාව.
    2. මත්ද්‍රව්‍යය අලෙවිකරණය සඳහා ගෙන යන සූක්ෂම ප්‍රචාරණ ක්‍රම.
    3. මත්ද්‍රව්‍යය පිළිබඳ හා ඒවායින් වන හානිය පිළිබඳ නිවරැදි අවබෝධයක් නොමැති
    වීම.

    මත්ද්‍රව්‍යය වල ඇති ඇබ්බැහි කර ගැනීමේ ලක්ෂණය අපට නැති කල නොහැක.
    නමුත් සමූහයක් ලෙස බලපෑම් කිරීමෙන් මත්පැන් අලෙවිකරණය සඳහා ගෙන යන
    ප්‍රචාරණ නැවැත්වීමට හා ඒවා සමාජයෙන් ඈත් කිරීමට උත්සාහ ගත හැක.
    ඒ සියල්ලටම පෙර මත්පැන්, මත්පැන් වලින් වන හානිය හා මත්පැන් සම්බන්ධ
    අසත්‍යය මත මොනවාද යන්න මනාව වටහා ගත යුතුය.

    කොටින්ම කිවහොත් "මේ තරමට බොන්න එපාය කියන්නෙ කුමක් හෝ සාධාරන හේතූන් තිබෙන නිසා බව" තම සිත තමන්ම රවටා ගෙන මත්පැන් පානය කරන අය වටහා ගත යුතුය.

    වර්ථමානයේ ගොඩනගා ගෙන ඇති තවත් එක්තරා නිදහසට කරුණකි මේ
    "අර අහවලාගේ අක්මාව නරක් වෙලාලුනෙ" "ඔන්න අරක්කු ටිකක් කටේවත් තියපු
    නැති එකාට වෙච්ච දේ!, නොබීත් ඕව හැදෙන එකේ බීල හදා ගත්තහම මොකද
    නේද මචං"

    ඔබත් මේ නිදහසට කරුණ අසා ඇති. නමුත් මෙය කෙතරම් මෝඩ වටහා ගැනීමක්ද!
    මත්පැන් නොගත් කෙනෙක්ට මෙම රෝගය ඇති වීමට ඇති සම්භාවිතාව ඉතාම සුළු
    අගයකි. නමුත් මත්පැනට ඇබ්බැහි වූවනට එය ඉතා ඉහල අගයකි.

    මෙය වටහා ගැනීමට රජයේ රෝහලක කායික රෝග (Medicine ward) පිරිමි
    වාට්ටුවකට යාමෙන් පුලුවන්. ඕනෑම දිනයක මෙම වාට්ටුව තුල තුන් හතර දෙනෙක්
    වත් අක්මාව විනාශ වීම නිසා උදර කුහරය තුල එකතු වන ස්‍රාවය ඉවත් කර ගැනීමට
    පැමිණ සිටී, ඒ සියලු දෙනාම මත්පැනට ඇබ්බැහි වූවන්ය. මාසයකට වරක් පමණ
    වෙනත් හේතුවක් නිසා අක්මාව විනාශ වීමේ තත්වයට පත් වූ අයෙක් දැකිය හැක.

    ඉතිං එහෙන් මෙහෙන් ඇසුණු දේවල් පසෙකලා අපි බලමු ඇත්තටම මත්පැන් අපේ
    සිරුරට ඇතුලු වුන පසු වන හානිය.


    පානය කරන මත්පැන් වලින් බොහොමයක් කුඩා බඩවැ‍ලෙන් සිරුරට අවශෝෂණය
    වන අතර ආමාශයේදීද අවශෝෂණය සීදු වෙනවා. එම ඇතුලු වන මත්පැන් රැධිරය
    ඔස්සේ ශරීරයේ සියල්ලක්ම වගේ අවයව වල සෛල වෙත ගෙන යනවා, මෙහිදී මේ
    මත්පැන් වලින් 91% පමණ අකමාවේදී බිඳ හෙලා විශහරණයට ලක් කරනවා.
    කොහොමද මේ මත්පැන් සිරුරට හානි කරන්නේ?

    ආහාර ජීර්න පද්ධතිය.

    1. ආමාශයේ තුවාල වර්ධනය කිරීම (gastritis / peptic ulcer disease)

    මෙය ඇති වීමට හේතු ගණනාවක් බලපානවා. මද්‍යයසාර යනු එක්තරා විදිහක
    අම්ලයක්, ප්‍රබල අම්ලයක් නොවුනද ඉන් ආමාශයික යුශයේ ආම්ලිකතාව තවත් වැඩි
    කරනවා. අනික් කරුණ මත්පැන් පානය නිසා ආහාර ගැනීම මග හැරීමෙන් ආමාශයේ
    ආම්ලිකතාව ඉහල අගයක වැඩි වේලාවක් පැවතීම. මෙලෙස ඇතිවන තුවාල තවත්
    සාර්ථකව වර්ධනය කිරීමට මත්පැන් පානයේදී ගන්නා තෙල් අධික කටගැස්මට හැකි
    වෙනවා!

    2. ක්ෂණික හා දිගුකාලීන අග්න්‍යාශයික ප්‍රදාහය. (acute and chronic pancreatitis)

    අප ගන්නා අහාරයේ අඩංගු මේදය, ප්‍රෝටීන් හා පිෂ්ඨය ජීරනයට අවශ්‍යය එන්සයිම
    ස්‍රාවය කරනු ලබන්නේ අග්න‍යාශයෙනි. මද්‍යසාර මගින් මෙම අග්න‍යාශයේ සෛල
    වලට හානි කිරීම නිසා මෙම අවයවයේ සමාන්‍යය ව්‍යූහය බිඳ දමනවා. මෙහිදී
    ප්‍රෝටීන ජීරණයට අදාල වන එන්සයිම එම අවයවය තුලම ක්‍රියාකාරී වීම නිසා
    අග්න‍යාශයේ සෛල සීඝ්‍රයෙන් විනාශ වීම සිදු වේ. මෙලෙස ක්ශණික අග්න‍යාශයික
    ප්‍රදාහය ඇති වෙනව. එවැනි අවසථා වරින් වර ඇති වීමෙන් පසුකාලීනව එය
    දිගුකාලීන අග්න‍යාශයික ප්‍රදාහයක් බවට පත් වෙනවා. මෙය අතිශය වේදනාකාරී
    රෝගී තත්වයක්.

    අක්මාව විනාශ වීම (cirrhosis)


    සිරුර තුල ඇති අති විශාල රාජකාරී ප්‍රමාණයක් ඉටු කරන මෙම අවයවය ඉතා
    ක්‍රියාශීලීය. සිරුරේ විශහරණය සිදු කරන අවයවය බැවින් එම ක්‍රියාවලිය නිසාම
    අක්මාවට හානි සිදු වන අවස්ථාද ඇත. නමුත් ක්ෂණිකව විනාශ වූ සිය සෛල නැවත
    වර්ධනය කර ගැනීමේ හැකියාව මෙයට ඇත. මෙතරම් ප්‍රබල අවයවයක් වුවද
    මත්පැන් ඉදිරියේ පරාජයට ලක් වේ. මක් නිසාද, දීර්ඝ කාලීනව මත්පැන් වල
    විශහරණයේදී එහි සෛල විඩාවට පත්වීමයි. මත්පැන් නිසා එහි සෛල නිපදවීමේ
    වේගයට වඩා සෛල මිය යාමේ වේගය වැඩි වේ. සෛල අඩු වන විට විශහරණයද
    අඩාල වේ. එවිට විශ සාන්ද්‍රණය ඉහල යාම නිසා සෛල මියයාම වේගවත් වේ. මින්
    අක්මාව විනාශ වීම වේගවත් කරයි.
    මද්‍යසාර නිසා අක්මාව තුල මේදය අස්වාභාවික ලෙස තැම්පත් වීම සිදුවේ (fatty
    liver), මින් අක්මාව තුල ඇති නාලමය ව්‍යූහයන් අවහිර වීමෙන් අක්මාව ඉදිමීමට
    ලක්වේ. මේත් සමගම නොයෙක් විශ හා වෙනත් අපද්‍රව්‍යය අක්මාව තුල එකතු
    වීමෙන් අකමාව අසාදනයට ලක් වීම සිදු වේ.

    8849.jpg


    අක්මාව ඉදිමුමට ලක් වීමත් සමඟ ඒ හරහා ගමන් ගන්නා රුධිර නාල අවහිර වේ.
    මින් සිදු වන්නේ අක්මාවේ රුධිර සංසරනයට අසල්වාසිකම් කියන රුධිර නාල
    ඉදිමීමට පටන් ගැනීමයි. කාලයත් සමඟ අන්නශ්‍රෝතයේ (oesophagus) රුධිර නාල
    ඉදිමී එවා අහාර අමාශය වෙත ගෙන යන මාර්ගය තුලට නෙරා රුධිර ගෙඩි බවට පත්
    වේ. එම ගෙඩි පිපිරීමෙන් ලේ වමනය සිදු වේ.

    අක්මාවේ විනාශය එක දිගටම සිදු වුවහොත් ක්‍රමයෙන් එහි කාර්‍යයක්ශමතාව අඩුවී
    සිරුරට අවශ්‍යය නොයෙක් ප්‍රෝටීන වර්ග නිශ්පාදනය අඩු වේ. මින් සිරුරේ තරල
    පරිපාලනය අවුල් වේ. ඉන්පසු ආමාශ කුටීරය තුල තරල එකතු වීම කකුල් හා මුහුණ
    ඉඳිමීම සිදු වේ.

    ස්නායු පද්ධතිය

    එක දිගටම ස්නායු සෛල මද්‍යසාර වලට නිරාවරණය වීමෙන් එවායේ ජීව කාලය
    අඩු වීම හා අවසානයේ එම සෛල මිය යාම සිදු වේ. ස්නායු සෛල විනාශ වූ විට
    නැවත අලුතෙන් නිපදවීමක් සිදු නොවේ. මේ නිසා සිරුර පුරා පණිවිඩ හුවමාරුවේ
    හා සිරුර පරිපාලනයේ දුර්වලතා ඇති වේ. එමෙන්ම දිගු කල් පවතින ස්නායු
    සම්බන්ධ රෝග පැන නගී.
    images

    - අත පය වල හිරි වැටීම ඇති වීම හා දැනීම අඩු වීම.
    - කුඩා මොළයේ සෛල විනාශ වීම (cerebeller degerenaration) නිසා සිරුරේ
    සමබරතාව පාලනය හා තවත් සිරුරේ සියුම් යාන්ත්‍රන ඇන හිටීම.
    - ඇස් පෙනීම දුර්වල වීම.
    - ලිංගික බෙල හීනතාව ඇති වීම.
    - මතකය දුර්වල වීම (dementia)
    - වලිප්පුව ඇති වීම.

    රුධිර සංසරණ පද්ධතිය

    රුධිර ගත මේදය වැඩි වීමට මද්‍යසාර හේතු වන බැවින් අධිරුධිර පීඩනය හා රුධිර
    නාල සිහින් වීමත් කුඩා මේද හා රුධිර කැටි මගින් නාල අවහිර වීමත් නිසා ආඝාතය
    (heart attacks / myocardial infarction) හා අංශභාග (stroke) තත්වයට පත් වීමේ
    අවදානම ඉහල යයි.

    මද්‍යසාර වල ඇති පිළිකා කාරක ලක්ෂණය.

    මද්‍යසාර මඟින් මුඛ පිලිකා, අන්නශෝතය ආශ්‍රිත පිළිකා හා අක්මාව ආශ්‍රිත පිළිකා
    ඇති කිරීමට හේතු වේ.

    මද්‍යසාර මගින් සිරුරට සිදු කරන ප්‍රධාන හානීන් මෙසේය. මේ හැරුණු කොට ඉහත
    හාණීන් හා බැඳී දම් වැලක් සේ පැමිණෙන ලෙඩ රෝග ගණනාවක් ඇති බව සිහි
    තබා ගන්න.

    මීට අමතරව ක්ශණිකව මද්‍යසාර විශ වීම යනු කුමක්ද යන්න කෙටියෙන් සඳහන්
    කරන්නම්. මෙම විශ වීම රුධිරයේ ඇති මද්‍යසාර සාන්ද්‍රනය අනුව සිදු වන හානිය
    පහත පරිදි කාණ්ඩ කල හැක.

    රුධිර ගත මද්‍යසාර ප්‍රමාණය 20 - 99 mg/dl
    - තම සිරුර පාලනය කර ගැනීම අපහසු වීම
    - අනවශ්‍යය ලෙස සිනාසීම, කතා කිරීම, අස්වාභාවිකව හැසිරීම (euphoria)

    රුධිර ගත මද්‍යසාර ප්‍රමාණය 100 - 199 mg/dl
    - තනිව සිටගෙන සිටීමට නොහැකිය
    - තීරණ ගැනීමේ හැකියාව අඩු වේ.
    - ක්ශණිකව හැඟීම් ප්‍රකාශ කිරීම වෙනස් වීම එනම් එක වරම හැඬීම සිනාසීම වැනි
    අස්වාභාවික ස්භාවය.
    රුධිර ගත මද්‍යසාර ප්‍රමාණය 200 - 299 mg/dl
    - කතාව අපහැදිලි වීම හා වචන පෙල ගැසීම අපහසුවීම හා පාලනයෙන් තොර වී
    ඔහේ දෙඩවීම.

    රුධිර ගත මද්‍යසාර ප්‍රමාණය 300 - 399 mg/dl
    - මතකය ඇණ හිටීම (memory loss)
    - සිහි විසඥ්ය වීම

    රුධිර ගත මද්‍යසාර ප්‍රමාණය 400 mg/dl ට වැඩි
    - ශ්වසනය ඇණ හිටීම
    - දිගු කාලීන සිහි විසඥ්ය වීම (coma)
    - මරණය

    මීට අමතරව අධිකව මත්පැන් පානයෙන්
    - ශ්වසනය ඇණ හිටීම
    - ගිලීමේ හා හුස්ම ගැනීමේ යාන්ත්‍රනය අවුල් වීමෙන් වමනයේදී ශ්වසන පද්ධතිය

    අවහිර වීමේ අවදානම
    - ක්ශණිකව රුධිර ගත ග්ලූකෝස් ප්‍රමාණය පහල බැසීමෙන් මොළයේ ස්නායු
    සෛල මිය යාම.


    images


    පාලනයක් රහිතව මත්පැන් පානයට ඇබ්බැහි වුවෙකුගේ ශරීර අභ්‍යන්තරයේ සිදුවන
    දේවල් ගැන යම් අවබෝධයක් දැන් ඔබට ඇත. පැහැදිලිව පෙනෙන රෝගයක්
    නොමැති වුවද මත්පැන් පානය කරන්නන්ගේ සිරුර නිරෝගී නැත. සිරුරට ඇතුලු
    වන සෑම මත්පැන් බිඳුවක්ම සිරුරේ සෛලයෙන් සෛලයට හානි කර සිරුර අඩපණ
    කරයි. සාමාන්‍ය මිනිසෙකු විඳින නිරෝගී සුවය ඔවුන්ගේ සිරුර තුල නැත.
    නමුත්,ඉතා සෙමෙන් ඇස් පෙනීම දුර්වල වෙන අයෙකුට එම දුර්වලතාවය ඇස් ඉතා
    දුර්වල තත්වයට පැමිණෙන තෙක් නොතේරෙන්නාක් මෙන් මත්පැනට ඇබ්බැහි
    වූවන්ටද සිරුර දරුණු ලෙස හානි වන තෙක් තම දුර්වල බව නොතේරේ. එම
    දුර්වලතාවය දැනෙන විට ඔවුන් කරන්නේ තව තවත් මත්පැන් පානය කිරීමෙන්
    ශරීරයේ ස්නායු අඩපන කිරීමෙන් දුර්වලතා හා වේදනාවන් දැනීම අත්හිටුවීමයි.

    හැකි නම් මත්පැන් වලින් ඔබේ හිතවතා මුදවා ගන්න. මත්පැන් පානය නතර කර
    සතියක් යන විට, සිරුරේ සෛල වලින් මද්‍යසාර හා එවායේ විශ කොටස් ඉවත් වන
    විට ඔවුන් නිරෝගී සිරුරක පහසුව වටහා ගැනීම ආරම්භ කරයි. මාස 6ක වසරක
    පමණ කාලයකට පසු ඔවුනට මත්පැන් නොබිව්වෙකු හා සමානව නිරෝගී සිරුරකට
    හිමිකම් කියනු ඇත.
    එවිට ඇසි පෙනිම දුර්වලව සිටි අයෙකු නිරෝගී ඇස් යුගලක් ලැබීමෙන් සතුටු
    වන්නාක් මෙන් නිරෝගී කයක සතුට විඳිනු ඇති.

    ඉතිං පමා නොවන්න නිවරැදි කිරීමට බැරි තරමට පත් වීමට පෙර ඔබේ ආදරණීය
    පියා, සහෝදරයා, සැමියා, මිතුරා බේරා ගන්න.



    http://gimanhalablog.blogspot.com/2012/06/blog-post_27.html