Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මදුනාගල උණුදිය උල්පත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දකුණු පළාතේ සංචාරයේ යෙදෙන හෝ කතරගම වන්දනාවේ යන ඔබට එහි යන අතරතුර පහසුවෙන් යාහැකි, නමුත් බොහෝ දෙනා නොයන තැනක් තමයි මදුනාගල උණුදිය ළිං කියන්නේ. මේ ආසන්නයේ අලි ඇතුන් අවසන් ගමන් යන අලි සොහොනක් පිහිටි බව ඉංග්‍රීසි ලේඛකයන් ලියා තිබෙනවා.

ඉතා සුන්දර පරිසරයක පිහිටා ඇති මදුනාගල උණුදිය ළිං වෙතට ඇඹිලිපිටිය හරහා හෝ අම්බලන්තොට හරහා පහසුවෙන් ළඟාවීමට පුළුවන්.

ඇඹිලිපිටිය හා හම්බන්තොට නගරවලට මැදිව, සූරියවැව නගරයට ආසන්න ව මෙම ස්ථානය පිහිටා තිබෙනවා. උණු දිය උල්පත් නැරැඹීම සඳහා, ඇඹිලිපිටිය සිට පදලංගල හරහා සූරියවැව මාර්ගයේ කිලෝ මීටර් 9 ක් පමණ සූරියවැව දෙසට පැමිණිවිට විහාරගල හතරමං හන්දියෙන් හැරී දකුණට හැරී කිලෝ මීටර් 04 ක් පමණ ගිය විට එහි ළගාවීමට පුළුවන්.

මෑත අතීතයේ දී එයට ළඟාවීම සඳහා නිසි මාර්ග පහසුකම් තිබුණේ නැහැ. එකල අම්බලන්තොට – රිදියගම රජයේ ගොවිපොළේ සිට මදුනාගල ආරණ්‍යය පසු කරමින් ගුරු පාරක් ඔස්සේ මේ ස්ථානයට ළඟා විය හැකි ව තිබුණා. 1900 ආසන්න කාලයේ මේ වෙත ගමන් කර ඇත්තේ ලියන්ගස්තොට වැව් අමුණ අසලින් බෝට්ටුවකට නැග වලවේ ගඟ ඔස්සේ බැදිගංතොටට පැමිණ එහි සිට දිවුල් ගසින් ගහණ කැළෑවක් මැදින් සැතැපුම් දෙක තුනක් පමණ ගමන් කිරීමෙන් පසුව බව පැරණි ලේඛකයන්ගේ සටහන්වලින් පේනවා.

පොළොව අභ්‍යන්තරයේ ඇති උණුසුම් ලාවා (ලෝදිය) තට්ටුවලින් උණුසුම ලබා ගෙන ඉන්පසු අවසාදිත පාෂාණයක් වන හුණුගල් තට්ටුව හරහා උල්පත පොළොව මතුපිටට පැමිණීමෙන් උණුදිය උල්පත් නිර්මාණය වෙනවා. හුණුගල් හරහා පැමිණීමෙන් එම ජලයට ඛනිජ ලවණ ගණනාවක් එකතු වෙනවා. ලොව පුරා පිහිටි උණුදිය උල්පත් සැලකනේනේ ඔසු ගුණය පිරි තැන් ලෙස යි.

එම ජලයට ඖෂධීය ගුණයක් ලැබෙන්නේ හුණුගල් හරහා පැමිණීමෙන්. මෙම ඖෂධීය ජලය ස්නානය කිරීමෙන් සමේ ඇති වන දිලීර රෝග (අළුහම්, කුෂ්ඨ , බිබිලි, දද) ඇතුළු රෝග ගණනාවකට සුවය ලැබෙන බවටත් ශරීරයේ ඇතිවන වාත වේදනා රැසක් සුවපත් වන බවටත් විශ්වාස කෙරෙනවා. ලංකාවේ උණුදිය උල්පත් 10ක් පමණ පිහිටා ඇති අතර ඒ අතර වඩාත් ප්‍රකට ව ඇත්තේ කින්නියා, මහඔය සහ මදුනාගල යි.

අතීතයේ දී මහ වන මැද අප්‍රකට ස්ථානයක් ලෙස පැවතුණු උණුදිය උල්පත නැරඹීමට හෝ ඉන් ස්නානය කිරීමට කිසිවකු පැමිණියේ කලාතුරකින්. එය රට පුරා ප්‍රකට සංචාරක ස්ථානයක් බවට පත්වූයේ මෑතකදි යි. පොළොව මට්ටමේ දිය වළකින් උඩට මතු ව එන දිය ගොබයක් ලෙස පැවති උල්පත වටා 1960 ගණන්වලින් පසු අඩි භාගයක් උස ගල් පාදමක් බැඳ සතරැස් පොකුණු පහක් ලෙස සංවර්ධනය කෙරුණා.

ඒ මහවැලි සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහයෙන්. මෙහි ස්නානය සඳහා පහසුකම් සැලසුණේ, ඉන් අනතුරුව යි. එසේ ම, උණුදිය ළිං වෙත පිවිසීම සඳහා ක්‍රමවත් මාර්ග පද්ධතියක් ද ඉදි කෙරුණා. පසුව මහවැලියේ වලව විශේෂ බල ප්‍රදේශයට උණුදිය ළීං ද අයත් වූ අතර ඒ මඟින් සංචාරක ආකර්ෂණය සඳහා සැලසුමක් ද සකස් කෙරුණා.

වල් අලින්ගේ පැමිණීම වැලැක්වීම සඳහා 1980 වසරේ දී උල්පත වටා තිබූ ගල් තාප්පය උසට ඉදි කෙරුණා. පසුව එම ස්ථානය නැවතත් අභාවයට ලක් වුව ද, 2004 වසරේදී දකුණු පළාත් සභාවේ දකුණු පළාත් සංචාරක කාර්යාංශය මඟින්සංචාරක ආකර්ශනය ළගා කර ගැනීමට මෙහි සංවර්ධන සැලසුමක් යළිත් ක්‍රියාත්මක කළා. මදුනාගල උණුදිය උල්පත් වෙත යාම සඳහා එදා පැවැති දුෂ්කර මඟ වෙනුවට, මේ වනවිට සංවර්ධනයට ලක්වූ මහා මාර්ගයක් ඉදි කර තිබෙනවා.

පුරාතනයේ දී මදුනාගල උණුදිය උල්පතට සමීප ව පිහිටා තිබූ වනගත ආරණ්‍යවල ලෙන්වල බවුන් වැඩූ භික්ෂූන් මෙම උණුදිය උල්පතේ ඇති ජලයේ සමේ රෝග හා වාත රෝග නිවාරණය කිරීමේ බලයක් ඇති බව හොඳින් දැන සිටි බවත්, මේ නිසා උන් වහන්සේලා උණු දිය ස්නානය කිරීමට මෙම ස්ථානයට නිතර පැමිණි බවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා.

1900 මුල් කාලයේ හම්බන්තොට දිසාපති ව සිටි ලෙනාඩ් වුල්ෆ් උණු දිය උල්පතින් ලබා ගත් ජලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා තිබෙනවා. ඔහු එම වසරේ අගෝස්තු මාසයේ 8 වැනි දා තැබූ දින සටහනින් රස පරීක්ෂකවරයා එවා ඇති ජල සංයුතිය ගැන ලියා තිබෙනවා. ඔහුගේ වාර්තාවේ හැටියට ජල කොටස් 10,000 ක් ගත්තොත් එයින් කොටස් 534ක ඝන ද්‍රව්‍ය අඩංගු බව දක්වලා තියෙනවා. ක්ලෝරින්, මැග්නීසියම්, ලයිම් (හුණු) හා සල්පේට් ද සුළු වශයෙන් එහි අඩංගු බව එහි දැක්වෙනවා. එසේ ම මේ උල්පත්වල, හයිඩ්රජන්, ඔක්සිජන්, නයිට්රජන්, කාබන්ඩයොක්සයිඩ් වැනි වායු ද අඩංගුව පවතින බව සඳහන්.

‘Seeing Ceylon’ ග්‍රන්ථය ලියූ , මෙරට සිටි වාරි ඉංජිනේරුවකු වූ ආර්.එල්. බ්‍රොහියර් පවසන්නේ පුරාණයේ අලි ඇතුන් අවසන් හුස්ම හෙළන අලි සොහොනක් මහපැලැස්සේ උණුදිය උල්පතට නුදුරුව පැවති බව ඔහුට අසන්නට ලැබුණු බව යි.

අලි ඇතුන් ජීවිතයේ අවසන් කාලය ළඟා වූ විට එහි පැමිණ අවසන් හුස්ම හෙළන බව ඔහුට ගැමියන් පවසා තිබුණු අතර ඔහු එවැනි ස්ථානයකට පැමිණි බව සිය කෘතියේ සඳහන් කරනවා. ඒ අවට මිය ගිය අලින්ගේ ඇටකටු රාශියක් ඔහුට දකින්නට ලැබී තිබෙනවා.

මදුනාගල උණුදිය උල්පත්වල ඇත්තේ ඖෂධීය ජලය බව පැවෙසනවා. තමන් කැමති උණුසුම් මට්ටමක ජලයෙන් ස්නානය කිරීමට, මෙය නැරැඹීමට පැමිණෙන සංචාරකයන්ට හැකියාව තිබෙනවා. මෙහි ජලයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 44ක් පමණ වන බව සඳහන් වෙනවා. මේ වනවිට මේ ස්ථානයේ ඇති උණු දිය උල්පත වටකර, ජල ටැංකි පහක් ඉදිකර තිබෙනවා. මේවායේ උෂ්ණත්වය එකින් එකට වෙනස්.

උණු දිය උල්පත වටා බැඳ ඇති ජල ටැංකිය තමයි වැඩි ම උෂ්ණත්වයක් ඇති ටැංකිය වන්නේ. මේ ජලයේ ඇති දැඩි උණුසුම නිසා, දිය බුබුළු මතුපිටට මතුවනු දැකීමට පුළුවන්. එහි ජලය ටැංකියෙන් ටැංකියට ගලා යමින්, ක්‍රමයෙන් උෂ්ණත්වය අඩු වන ආකාරයට සකස් කර තිබෙනවා. උණුදිය උල්පත පිහිටි ළිඳෙන් ගන්නා ජලය භාවිත කර බත් පිස ගතහොත්, එම බත පිළුණු නොවී කාලයක් තබා ගත හැකි බව ගැමියන්ගේ අදහස යි.

විශාල වාහන නැවතුම්පළක්, ප්‍රවේශ පත්‍ර අලෙවි කුටියක් හා වැසිකිළි ද මෙහි ඉදි කර තිබෙනවා. ස්නානය කරන ස්ථානයට සමීප ව ඇඳුම් මාරු කරන කුටි දෙකක් ද තනා තිබෙනවා. විවිධ භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ සල් කිහිපයක් ද මෙහි දැකගත හැකි යි.

දකුණු පළාත් සංචාරක කාර්යංශය මේ වනවිට මේ ස්ථානයෙහි කුරුළු උයනක්, මින් මැදුරක් හා ළමා උයනක් ද ඉදි කර තිබෙනවා. මදුනාගල සංචාරය කරන කාටත් ඒ ආසන්නයේ ම පිහිටි රිදියගම සෆාරි උද්‍යානය, රම්බා විහාර පුරාවිද්‍යා භූමිය, මදුනාගල ආරණ්‍යය සහ කරඹගල ලෙන් ආදිය නැරඹීටත් හැකි යි.

මූලාශ්‍ර:

Dinamina.lk

Seeing Ceylon- R.T. Brohier

Roarmedia - K. Wijewardhana

Leonard Wolf- Diaries in Ceylon- 1908-1911

MagamaTV youtube channel

bandi42.com

Pictures From Internet

[QUOTE="NRTG, post: 29334332, member: 573158"] [SIZE=4]දකුණු පළාතේ සංචාරයේ යෙදෙන හෝ කතරගම වන්දනාවේ යන ඔබට එහි යන අතරතුර පහසුවෙන් යාහැකි, නමුත් බොහෝ දෙනා නොයන තැනක් තමයි මදුනාගල උණුදිය ළිං කියන්නේ. මේ ආසන්නයේ අලි ඇතුන් අවසන් ගමන් යන අලි සොහොනක් පිහිටි බව ඉංග්‍රීසි ලේඛකයන් ලියා තිබෙනවා. ඉතා සුන්දර පරිසරයක පිහිටා ඇති මදුනාගල උණුදිය ළිං වෙතට ඇඹිලිපිටිය හරහා හෝ අම්බලන්තොට හරහා පහසුවෙන් ළඟාවීමට පුළුවන්. [IMG width="683px"]https://i.imgur.com/WtNiMPw.jpg[/IMG] ඇඹිලිපිටිය හා හම්බන්තොට නගරවලට මැදිව, සූරියවැව නගරයට ආසන්න ව මෙම ස්ථානය පිහිටා තිබෙනවා. උණු දිය උල්පත් නැරැඹීම සඳහා, ඇඹිලිපිටිය සිට පදලංගල හරහා සූරියවැව මාර්ගයේ කිලෝ මීටර් 9 ක් පමණ සූරියවැව දෙසට පැමිණිවිට විහාරගල හතරමං හන්දියෙන් හැරී දකුණට හැරී කිලෝ මීටර් 04 ක් පමණ ගිය විට එහි ළගාවීමට පුළුවන්. [IMG]https://i.imgur.com/rvxZy39.png[/IMG] මෑත අතීතයේ දී එයට ළඟාවීම සඳහා නිසි මාර්ග පහසුකම් තිබුණේ නැහැ. එකල අම්බලන්තොට – රිදියගම රජයේ ගොවිපොළේ සිට මදුනාගල ආරණ්‍යය පසු කරමින් ගුරු පාරක් ඔස්සේ මේ ස්ථානයට ළඟා විය හැකි ව තිබුණා. 1900 ආසන්න කාලයේ මේ වෙත ගමන් කර ඇත්තේ ලියන්ගස්තොට වැව් අමුණ අසලින් බෝට්ටුවකට නැග වලවේ ගඟ ඔස්සේ බැදිගංතොටට පැමිණ එහි සිට දිවුල් ගසින් ගහණ කැළෑවක් මැදින් සැතැපුම් දෙක තුනක් පමණ ගමන් කිරීමෙන් පසුව බව පැරණි ලේඛකයන්ගේ සටහන්වලින් පේනවා. [IMG width="576px"]https://i.imgur.com/S78fr93.jpg[/IMG] [IMG width="292px"]https://i.imgur.com/Jqw9N5a.jpg[/IMG] පොළොව අභ්‍යන්තරයේ ඇති උණුසුම් ලාවා (ලෝදිය) තට්ටුවලින් උණුසුම ලබා ගෙන ඉන්පසු අවසාදිත පාෂාණයක් වන හුණුගල් තට්ටුව හරහා උල්පත පොළොව මතුපිටට පැමිණීමෙන් උණුදිය උල්පත් නිර්මාණය වෙනවා. හුණුගල් හරහා පැමිණීමෙන් එම ජලයට ඛනිජ ලවණ ගණනාවක් එකතු වෙනවා. ලොව පුරා පිහිටි උණුදිය උල්පත් සැලකනේනේ ඔසු ගුණය පිරි තැන් ලෙස යි. [IMG width="427px"]https://i.imgur.com/rJMAXZY.jpg[/IMG] [IMG width="474px"]https://i.imgur.com/6k2ZHsN.jpg[/IMG] එම ජලයට ඖෂධීය ගුණයක් ලැබෙන්නේ හුණුගල් හරහා පැමිණීමෙන්. මෙම ඖෂධීය ජලය ස්නානය කිරීමෙන් සමේ ඇති වන දිලීර රෝග (අළුහම්, කුෂ්ඨ , බිබිලි, දද) ඇතුළු රෝග ගණනාවකට සුවය ලැබෙන බවටත් ශරීරයේ ඇතිවන වාත වේදනා රැසක් සුවපත් වන බවටත් විශ්වාස කෙරෙනවා. ලංකාවේ උණුදිය උල්පත් 10ක් පමණ පිහිටා ඇති අතර ඒ අතර වඩාත් ප්‍රකට ව ඇත්තේ කින්නියා, මහඔය සහ මදුනාගල යි.[/SIZE] [IMG width="405px"]https://i.imgur.com/qPpMelC.jpg[/IMG] [IMG width="400px"]https://i.imgur.com/z5VvQ4E.jpg[/IMG] [SIZE=4]අතීතයේ දී මහ වන මැද අප්‍රකට ස්ථානයක් ලෙස පැවතුණු උණුදිය උල්පත නැරඹීමට හෝ ඉන් ස්නානය කිරීමට කිසිවකු පැමිණියේ කලාතුරකින්. එය රට පුරා ප්‍රකට සංචාරක ස්ථානයක් බවට පත්වූයේ මෑතකදි යි. පොළොව මට්ටමේ දිය වළකින් උඩට මතු ව එන දිය ගොබයක් ලෙස පැවති උල්පත වටා 1960 ගණන්වලින් පසු අඩි භාගයක් උස ගල් පාදමක් බැඳ සතරැස් පොකුණු පහක් ලෙස සංවර්ධනය කෙරුණා.[/SIZE] [IMG width="782px"]https://i.imgur.com/0Q0QW5X.jpg[/IMG] [SIZE=4]ඒ මහවැලි සංවර්ධන මණ්ඩලයේ අනුග්‍රහයෙන්. මෙහි ස්නානය සඳහා පහසුකම් සැලසුණේ, ඉන් අනතුරුව යි. එසේ ම, උණුදිය ළිං වෙත පිවිසීම සඳහා ක්‍රමවත් මාර්ග පද්ධතියක් ද ඉදි කෙරුණා. පසුව මහවැලියේ වලව විශේෂ බල ප්‍රදේශයට උණුදිය ළීං ද අයත් වූ අතර ඒ මඟින් සංචාරක ආකර්ෂණය සඳහා සැලසුමක් ද සකස් කෙරුණා.[/SIZE] [IMG width="447px"]https://i.imgur.com/C4e5cz2.jpg[/IMG] [IMG width="464px"]https://i.imgur.com/tQIML5y.jpg[/IMG] [SIZE=4]වල් අලින්ගේ පැමිණීම වැලැක්වීම සඳහා 1980 වසරේ දී උල්පත වටා තිබූ ගල් තාප්පය උසට ඉදි කෙරුණා. පසුව එම ස්ථානය නැවතත් අභාවයට ලක් වුව ද, 2004 වසරේදී දකුණු පළාත් සභාවේ දකුණු පළාත් සංචාරක කාර්යාංශය මඟින්සංචාරක ආකර්ශනය ළගා කර ගැනීමට මෙහි සංවර්ධන සැලසුමක් යළිත් ක්‍රියාත්මක කළා. මදුනාගල උණුදිය උල්පත් වෙත යාම සඳහා එදා පැවැති දුෂ්කර මඟ වෙනුවට, මේ වනවිට සංවර්ධනයට ලක්වූ මහා මාර්ගයක් ඉදි කර තිබෙනවා. [IMG width="401px"]https://i.imgur.com/1jC1gEd.jpg[/IMG] [IMG width="455px"]https://i.imgur.com/FqEn56h.jpg[/IMG] පුරාතනයේ දී මදුනාගල උණුදිය උල්පතට සමීප ව පිහිටා තිබූ වනගත ආරණ්‍යවල ලෙන්වල බවුන් වැඩූ භික්ෂූන් මෙම උණුදිය උල්පතේ ඇති ජලයේ සමේ රෝග හා වාත රෝග නිවාරණය කිරීමේ බලයක් ඇති බව හොඳින් දැන සිටි බවත්, මේ නිසා උන් වහන්සේලා උණු දිය ස්නානය කිරීමට මෙම ස්ථානයට නිතර පැමිණි බවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. [/SIZE] [IMG]https://i.imgur.com/oFFIxyi.jpg[/IMG] [SIZE=4]1900 මුල් කාලයේ හම්බන්තොට දිසාපති ව සිටි ලෙනාඩ් වුල්ෆ් උණු දිය උල්පතින් ලබා ගත් ජලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා තිබෙනවා. ඔහු එම වසරේ අගෝස්තු මාසයේ 8 වැනි දා තැබූ දින සටහනින් රස පරීක්ෂකවරයා එවා ඇති ජල සංයුතිය ගැන ලියා තිබෙනවා. ඔහුගේ වාර්තාවේ හැටියට ජල කොටස් 10,000 ක් ගත්තොත් එයින් කොටස් 534ක ඝන ද්‍රව්‍ය අඩංගු බව දක්වලා තියෙනවා. ක්ලෝරින්, මැග්නීසියම්, ලයිම් (හුණු) හා සල්පේට් ද සුළු වශයෙන් එහි අඩංගු බව එහි දැක්වෙනවා. එසේ ම මේ උල්පත්වල, හයිඩ්රජන්, ඔක්සිජන්, නයිට්රජන්, කාබන්ඩයොක්සයිඩ් වැනි වායු ද අඩංගුව පවතින බව සඳහන්. [IMG width="572px"]https://i.imgur.com/w5NVQ9l.jpg[/IMG] [IMG width="317px"]https://i.imgur.com/867sWcu.jpg[/IMG][/SIZE] [SIZE=4]‘Seeing Ceylon’ ග්‍රන්ථය ලියූ , මෙරට සිටි වාරි ඉංජිනේරුවකු වූ ආර්.එල්. බ්‍රොහියර් පවසන්නේ පුරාණයේ අලි ඇතුන් අවසන් හුස්ම හෙළන අලි සොහොනක් මහපැලැස්සේ උණුදිය උල්පතට නුදුරුව පැවති බව ඔහුට අසන්නට ලැබුණු බව යි. [IMG width="391px"]https://i.imgur.com/rj9Csmw.jpg[/IMG] [IMG width="456px"]https://i.imgur.com/EgkOp2w.gif[/IMG] අලි ඇතුන් ජීවිතයේ අවසන් කාලය ළඟා වූ විට එහි පැමිණ අවසන් හුස්ම හෙළන බව ඔහුට ගැමියන් පවසා තිබුණු අතර ඔහු එවැනි ස්ථානයකට පැමිණි බව සිය කෘතියේ සඳහන් කරනවා. ඒ අවට මිය ගිය අලින්ගේ ඇටකටු රාශියක් ඔහුට දකින්නට ලැබී තිබෙනවා.[/SIZE] [IMG width="436px"]https://i.imgur.com/t6h6X9n.jpg[/IMG] [IMG width="405px"]https://i.imgur.com/EaUECnC.jpg[/IMG] [SIZE=4]මදුනාගල උණුදිය උල්පත්වල ඇත්තේ ඖෂධීය ජලය බව පැවෙසනවා. තමන් කැමති උණුසුම් මට්ටමක ජලයෙන් ස්නානය කිරීමට, මෙය නැරැඹීමට පැමිණෙන සංචාරකයන්ට හැකියාව තිබෙනවා. මෙහි ජලයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 44ක් පමණ වන බව සඳහන් වෙනවා. මේ වනවිට මේ ස්ථානයේ ඇති උණු දිය උල්පත වටකර, ජල ටැංකි පහක් ඉදිකර තිබෙනවා. මේවායේ උෂ්ණත්වය එකින් එකට වෙනස්. [IMG width="428px"]https://i.imgur.com/8OV2cs9.jpg[/IMG] [IMG width="431px"]https://i.imgur.com/8Js7NlH.jpg[/IMG] උණු දිය උල්පත වටා බැඳ ඇති ජල ටැංකිය තමයි වැඩි ම උෂ්ණත්වයක් ඇති ටැංකිය වන්නේ. මේ ජලයේ ඇති දැඩි උණුසුම නිසා, දිය බුබුළු මතුපිටට මතුවනු දැකීමට පුළුවන්. එහි ජලය ටැංකියෙන් ටැංකියට ගලා යමින්, ක්‍රමයෙන් උෂ්ණත්වය අඩු වන ආකාරයට සකස් කර තිබෙනවා. උණුදිය උල්පත පිහිටි ළිඳෙන් ගන්නා ජලය භාවිත කර බත් පිස ගතහොත්, එම බත පිළුණු නොවී කාලයක් තබා ගත හැකි බව ගැමියන්ගේ අදහස යි. [IMG width="727px"]https://i.imgur.com/Um7L2IE.jpg[/IMG] විශාල වාහන නැවතුම්පළක්, ප්‍රවේශ පත්‍ර අලෙවි කුටියක් හා වැසිකිළි ද මෙහි ඉදි කර තිබෙනවා. ස්නානය කරන ස්ථානයට සමීප ව ඇඳුම් මාරු කරන කුටි දෙකක් ද තනා තිබෙනවා. විවිධ භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ සල් කිහිපයක් ද මෙහි දැකගත හැකි යි. [IMG width="439px"]https://i.imgur.com/N8T5WBZ.jpg[/IMG] [IMG width="405px"]https://i.imgur.com/FHaRjaN.jpg[/IMG] දකුණු පළාත් සංචාරක කාර්යංශය මේ වනවිට මේ ස්ථානයෙහි කුරුළු උයනක්, මින් මැදුරක් හා ළමා උයනක් ද ඉදි කර තිබෙනවා. මදුනාගල සංචාරය කරන කාටත් ඒ ආසන්නයේ ම පිහිටි රිදියගම සෆාරි උද්‍යානය, රම්බා විහාර පුරාවිද්‍යා භූමිය, මදුනාගල ආරණ්‍යය සහ කරඹගල ලෙන් ආදිය නැරඹීටත් හැකි යි.[/SIZE] මූලාශ්‍ර: Dinamina.lk Seeing Ceylon- R.T. Brohier Roarmedia - K. Wijewardhana Leonard Wolf- Diaries in Ceylon- 1908-1911 MagamaTV youtube channel bandi42.com Pictures From Internet [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom