Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
15 minutes ago
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මනස සිත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනස, සිත, විඤ්ඤාණය එකක් ද..?

බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය ගැන දේශනා කරලා තියෙන්නේ ‘(ඡයිමේ භික්ඛවේ විඤ්ඤාණකායා) මහණෙනි, මේ විඤ්ඤාණකාය හයකි. ඒ තමයි චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය’ කියලා. අපි අද මේ කතා කරන්න හදන්නේ ගොඩක් ගැඹුරු මාතෘකාවක් වුණාට මේක අපේ ජීවිතයේ ප්‍රධාන ම මර්මස්ථානය වගේ, එහෙම නැත්නම් කේන්ද්‍රස්ථානය, න්‍යෂ්ටිය වගේ ප්‍රබල දෙයක්. මේ විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය අපේ පාලනයට අයිති නෑ. අපි ඒක ඉස්සර වෙලා ම තේරුම් ගන්න ඕන. මෙහි දී අපි පළමුවෙන් ම සිත හා විඤ්ඤාණය කියන වචන දෙකේ වෙනස් තේරුම් ගන්න ඕන.

බුදුරජාණන් වහන්සේ හැමතැන ම සිත (මනස) ගැන දේශනා කරලා තියෙන්නේ ‘(මනසා සංවරෝ සාධු) මනස සංවර කිරීම යහපති. (චිත්තං රක්ඛේථ මේධාවී) ප්‍රඥාවන්තයා සිත රකී. (චිත්තං ගුත්තං සුඛාවහං) සිත රැකගත් විට සැප ලැබේ…’ ආදී වශයෙන්. භාවනා කිරීමේදීත් ප්‍රථම ධ්‍යානාදී සමාධි ගත්තොත් ඒ තුළ වැඩෙන්නේ සිත මිස විඤ්ඤාණය නෙවෙයි. නමුත් අපි සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් බුදුරජාණන් වහන්සේ සිත, මනස හා විඤ්ඤාණය ගැන විස්තර කරන්නේ මේ සියල්ල ම වහා වෙනස්වන සුලුයි කියලයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ‘විඤ්ඤාණය අවබෝධ කරන්න ඕන එකක්. මනස පාලනය කරන්න ඕන එකක්’ කියලයි. අපි ඒ දෙකේ වෙනස තේරුම්ගන්න ඕන. එහෙම නම් මනස දමනය කළ යුතු එකක්. විඤ්ඤාණය අවබෝධ කළ යුතු එකක්. ඒ කියන්නේ ප්‍රඥාවෙන් දැක්ක යුතු එකක්.

එහෙම නම් මේ දේවල් දකින්න ඕන විඤ්ඤාණයෙන් නෙවෙයි ප්‍රඥාවෙන්. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණාට පස්සේ වදාළේ ‘චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි’ කියලා. එතකොට අපි ප්‍රඥාවෙන් දැක්ක යුතුයි. මනස දමනය කළ යුතුයි. විඤ්ඤාණයඅවබෝධ කළ යුතුයි. මේ කරුණු දෙක හරියට තෝරබේර ගත්තේ නැත්නම් අන්තිමට අපි හිතන්නේ දැනගන්නේ විඤ්ඤාණයෙන් කියලයි. නමුත් අප ඒක යථාභූත ඤාණ දර්ශනයක් හැටියට ඒ ආකාරයෙන් ම දැකීම සිදුකරන්නේ විඤ්ඤාණයෙන් නෙවෙයි, ප්‍රඥාවෙන්. එතකොට ප්‍රඥාව කියන්නේ සංස්කාරයක්.

බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය තෝරලා තියෙන්නේ ‘(විජානාතීති ඛෝ භික්ඛවේ, තස්මා විඤ්ඤාණන්ති වුච්චති) පින්වත් මහණෙනි, වෙනස දකින, වෙනස හඳුනාගන්නා, වෙනස දැනගන්න ස්වභාවය විඤ්ඤාණය’ කියලයි. උදාහරණයක් හැටියට තියෙන්නේ ලුණු, ඇඹුල්, තිත්ත, කහට මේවා ඔක්කෝම අපි හඳුනාගන්නේ විඤ්ඤාණයෙන් කියලයි. සාමාන්‍යයෙන් විඤ්ඤාණය අපට සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොම ද කියන එක මෙන්න මෙහෙම තේරුම් ගනිමු. අපි මනුෂ්‍ය ලෝකයට ආවානේ. ඒ කියන්නේ අපි කලින් ආත්මයක කොහේ හරි ඉපදිලා ඉඳලා චුතවුණා. චුත වූ ගමන් යළි උපතකට අදාළ කර්ම විපාක හැදිලා නැත්නම් අපි උපදින්නේ නෑනේ. නමුත් අපි චුතවෙන්නේ කර්ම විපාකයකට අනුවයි.

හැම තිස්සේ ම පවතින්නේ කර්මානුරූපී විඤ්ඤාණයක්…

බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ‘චුතූපපාත ඤාණය’ කියලා ඤාණයක් විස්තර කරනවා. ඒ කියන්නේ සත්වයා කර්මානුරූපව උපදින ආකාරයත්, කර්මානුරූපව චුතවන ආකාරයත් දකිනා නුවණ. එහෙම නම් අපි සියලු දෙනාම මේ ජීවත්වෙන ජීවිත තුළින් (රහත්වෙලා නැති තාක්) විඤ්ඤාණය චුතවෙන්නේ කර්මානුරූපීවයි. අපි ගත්තොත් ක්ෂණික මරණ සිද්ධ වෙනවානේ. ඔන්න කෙනෙක් ගුවන් යානාවක යනවා. ඒක කඩාගෙන වැටෙනවා කියමු. එක්කෝ අනපේක්ෂිත විදිහට කෝච්චියකට අහුවෙනවා. ඒ විදිහට ක්ෂණික මරණ සිද්ධ වෙනවා. සමහර අවස්ථාවල දී ‘කෝමා’ එක වගේ හැදිලා ඉස්පිරිතාලේ ඉඳලා මැරෙනවා. ඒ මොන විදිහට මරණය සිද්ධ වුණත්, වර්තමානයේ විඤ්ඤාණ ක්රියාකාරීත්වයක් යම් විදිහකින් තියෙනවා ද ඒ තියෙන්නේම කර්මානුරූපව. ඒ නිසා අවසාන මොහොතේ පවා තියෙන්නේ කර්මානුරූපව සැකසුණු විඤ්ඤාණයක්. මේක වෙන්නේ කොහොම ද?

අපි විඤ්ඤාණය හය ආකාරයයි කියලා කිව්වනේ. මේ හය ආකාර විඤ්ඤාණයක් ඇතිවෙන්න වුවමනා කරන පදනම අපි ඉස්සර වෙලා විග්රහ කර ගන්න ඕන. මේ කාරණය විග්රහ කර ගත්තොත් තමන්ට හරිම ප්‍රයෝජනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘(නාමරූප පච්චයා සළායතනං) ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන හය තියෙන්නේ නාමරූප ප්‍රත්‍යයෙන්’ කියලා. එහෙම නම් අපි තේරුම්ගන්න ඕන, ඇස කියන්නේ නාමරූප නිසා හැදුණු එකක්. කන නාමරූප නිසා හැදුණු එකක්. නාසය නාමරූපයෙන් හැදුණු එකක්. දිව නාමරූපයෙන් හැදුණු එකක්. කය නාමරූපයෙන් හැදුණු එකක්. මනස නාමරූපයෙන් හැදුණු එකක්.

මේක තවත් තේරුම් කර ගන්න බැලුවොත්, මව්කුසක විඤ්ඤාණයක් පිහිටනවා කියමු. අපි අනිත් සත්ව ලෝක ගැන කතා නොකර මනුස්ස ලෝකයේ විඤ්ඤාණය ගැන කතා කරමු. ඔන්න මනුස්ස ලෝකයේ මව්කුසක විඤ්ඤාණයක් පිහිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට විඤ්ඤාණයක් පිහිටියාම උපතක් සිද්ධ වෙන්න නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ කියන ධාතු හය ම පිහිටන්න ඕන’ කියලා. සාමාන්‍යයෙන් අපට පඨවි, ආපෝ, තේජෝ, වායෝ තේරෙනවානේ. අපි ඒ ගැන සතර මහා ධාතු කියලා ඉගෙනගෙන තියෙනවානේ. ‘ආකාස’ කියලා කියන්නේ එතැන තියෙන ඉඩකඩ. ඒ කියන්නේ විඤ්ඤාණ ධාතුව මව්කුසේ අවකාශය තුළ පිහිටියා. ඊට පස්සේ මේ විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ තනිකර ම කර්මානුරූප බලපෑමකින්. මොකද, කර්මානුරූපවනේ චුතවුණේ. ඒ වගේ ම කර්මානුරූපව ම යි උපන්නේ.

එතකොට එයාගේ භවයට අදාළ ව තිබුණු යම් අංගයන් ඇද්ද, යම් ගති ලක්ෂණයන් ඇද්ද, විඤ්ඤාණයත් එක්ක ඔක්කොම එතැනට යනවා. මොකද, විඤ්ඤාණය හුදෙකලා නෑනේ. සතර මහා ධාතුත් එක්ක එකතුවෙලයි යන්නේ. එතැන තමයි නාමරූප වැඩෙන්නේ. නාමරූප ලෙස වැඩෙන්නේ නාමරූප ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් ටික. ඒ තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. ඔන්න දැන් විඤ්ඤාණය මව්කුසක පිහිටියා. අපි දැනට ඒක මතක තියාගමුකෝ. ඔන්න දැන් මව්කුසේ දරුවෙක් හැදෙනවා. දරුවා කියලා කියන්නේ නාමරූපයන්ගේ වර්ධනය. නාමරූපවල වර්ධනය කියලා වෙන්නේ ආයතන හය හැදෙන එක. ඒ කියන්නේ මව්කුසක ඇස් දෙකක් හැදෙනවා, කන් දෙකක් හැදෙනවා, නාසයක් හැදෙනවා, දිවක් හැදෙනවා, කයක් හැදෙනවා, මනසක් හැදෙනවා. ඒ විදිහට විඤ්ඤාණය පිහිටියාට පස්සේ ආයතන හයකින් යුක්ත දරුවා උපන්නා කියමු.

විඤ්ඤාණය පිහිටන්නේ කොහේ ද…?

අපි ආයෙමත් මුල මතක තියාගන්න ඕන. ඒ තමයි සතර මහා ධාතුත් එක්ක අවකාශය තුළ විඤ්ඤාණයක් පිහිටියා. ඒකේ නාමරූප හැදුණා. ආයතන හය හැදුණා. එහෙම නම් ආයතන හයට ම විඤ්ඤාණයේ බලපෑම තමයි තියෙන්නේ. භවයේ අංගයන් සහිතව, භවයේ ගති ලක්ෂණ සහිතව, කර්මානුරූපව හැදුණු විඤ්ඤාණය ආයතන හයේ ම පිහිටනවා. දැන් එයා ඉන්නේ කාම භවයේ නිසා කාම භවයට අයිති ගති ලක්ෂණ සහිත විඤ්ඤාණයක් තමයි තියෙන්නේ. ඒ විඤ්ඤාණය පාදක කරගෙන තමයි මෙයාගේ ඇස, කන, නාසය, දිව, කය, මනස හැදුණේ. ඒ නිසා ඇහෙත් විඤ්ඤාණය පිහිටනවා. කනෙත් විඤ්ඤාණය පිහිටනවා. නාසයෙත් පිහිටනවා. දිවෙත් පිහිටනවා. කයෙත් පිහිටනවා. මනසෙත් පිහිටනවා.

විඤ්ඤාණය පිහිටන ස්වභාවය ගැන ගත්තොත් ඇස, කන, නාසය, දිව, ශරීරය යන පහයි මනසයි හයයිනේ. එතකොට මනස මේ පහට ම සම්බන්ධයි. ඒ කියන්නේ මනස ඇහැටත් සම්බන්ධයි. කනටත් සම්බන්ධයි. නාසයටත් මනස සම්බන්ධයි. දිවටත් මනස සම්බන්ධයි. කයටත් මනස සම්බන්ධයි. මනසේ ක්‍රියාකාරීත්වය මනසට ම අයිති එකක්. මනසේ ක්‍රියාකාරීත්වයට ‘මනසිකාරය’ කියලා කියනවා. මනසිකාර වීම ඇසට සම්බන්ධ වෙලා තිබුණේ නැත්නම් විඤ්ඤාණය වැඩකරන්නේ නෑ. ඔය කාරණය සාරිපුත්ත මහරහතන් වහන්සේ ‘මහාහත්ථිපදෝපම සූත්‍රයේ දී’ හරි ලස්සනට විග්රහ කරනවා. ඒකෙ දී සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට විග්රහ කරනවා, ‘ආයුෂ්මත් මහණෙනි, ඇස් හමුවට රූපය ආවේ නැත්නම්, ඇස පෙනුණත් විඤ්ඤාණය හටගන්නේ නෑ…’ කියලා. ඊ ළඟට කියනවා ‘රූපය ඇස් හමුවේ තියෙනවා. නමුත් ඇහැ බිඳිලා නම් ඒත් විඤ්ඤාණය හටගන්නේ නෑ’ කියලා. මොකද, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් හටගත්තු නාමරූප එතැන වැඩකරන්නේ නෑ. විඤ්ඤාණය හටගන්න නම් ඇසයි, රූපයයි එකට එකතු වෙන්න ඕන. එකතු වුණ ගමන් විඤ්ඤාණය පහළ වෙනවා. ඒ විදිහට විඤ්ඤාණය පහළ වූ ගමන් ආයෙමත් එයා තුළ අර පරණ ලෝකයට වුවමනා දේ හැදුණා වෙනවා. ඒකට කියන්නේ ස්පර්ශය කියලා.

මෑත ව්‍යවහාරයේ ස්පර්ශයට ‘ගැටීම’ කියන වචනය පාවිච්චි වෙනවනේ. නමුත් ගැටීම කියන වචනය ඒකට සම්බන්ධ කරන්න බෑ. ඒකේ තියෙන්නේ ‘(ඉමේසං තිණ්ණං ධම්මානං සංගති සන්නිපාතෝ සමවායෝ) එකට එකතු වීම, එකට සම්බන්ධ වීම ස්පර්ශය’ කියලයි. ඇසයි, රූපයයි එකතු වූ ගමන් විඤ්ඤාණය පහළ වෙනවා. එතකොට ඇසයි, රූපයයි විඤ්ඤාණයයි තමයි එතැන තියෙන්නේ. කනයි, ශබ්දයයි එකතු වූ ගමන් විඤ්ඤාණය පහළ වෙනවා. එතකොට විඤ්ඤාණයයි, කනයි, ශබ්දයයි තමයි තියෙන්නේ. මේ විදිහට ඇසෙත් විඤ්ඤාණය හටගන්නවා. කනෙත් හටගන්නවා. නාසයෙත් හටගන්නවා. දිවෙත් හටගන්නවා. කයෙත් හටගන්නවා. මනසෙත් හටගන්නවා.

විඤ්ඤාණය හටගන්නේ මේ ඉන්ද්රිය හය තුළයි, වෙන තැනක නොවෙයි. සමහරු කියනවානේ ‘හිත තියෙන්නේ හෘදය වස්තුවෙයි’ කියලා. ඒකට හේතුව මේකයි. සිත පවතින තැන් ගැන අභිධර්මයේ කියනවා වස්තු රූප හයක් ගැන. ඒකට ඇස, කන, නාසය, දිව, කය, හෘදය කියලා කියනවා. සිත පවතින තැන් හයක් තමයි ඒ කියන්නේ. ගොඩක් අයට වෙන්නේ ඇස, කන, නාසය, දිව, කය කියන පහ අත්හැරලා හෘදය ගන්නවා. එතැනින් තමයි අර්බුදය හටගන්නේ. එතැන වස්තුරූප හයක් තියෙනවා, එකක් නෙවෙයි. ඔතන තමයි වරදින්නේ. හෘදය පමණක් වස්තුරූපයක් කියලා ගන්නවා. චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය කියන ඒවා අමතක වෙනවා. ඒවත් වස්තුරූප. මේක කල්පනාවෙන් ඉගෙනගන්න ඕන වැදගත් කාරණයක්.

මහා මේඝ වෙබ්අඩවිය ඇසුරෙනි

[QUOTE="Rakza28, post: 22836868, member: 560952"] [COLOR="Black"][SIZE="4"]මනස, සිත, විඤ්ඤාණය එකක් ද..?[/SIZE][/COLOR] [SIZE="3"]බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය ගැන දේශනා කරලා තියෙන්නේ ‘(ඡයිමේ භික්ඛවේ විඤ්ඤාණකායා) මහණෙනි, මේ විඤ්ඤාණකාය හයකි. ඒ තමයි චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය’ කියලා. අපි අද මේ කතා කරන්න හදන්නේ ගොඩක් ගැඹුරු මාතෘකාවක් වුණාට මේක අපේ ජීවිතයේ ප්‍රධාන ම මර්මස්ථානය වගේ, එහෙම නැත්නම් කේන්ද්‍රස්ථානය, න්‍යෂ්ටිය වගේ ප්‍රබල දෙයක්. මේ විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය අපේ පාලනයට අයිති නෑ. අපි ඒක ඉස්සර වෙලා ම තේරුම් ගන්න ඕන. මෙහි දී අපි පළමුවෙන් ම සිත හා විඤ්ඤාණය කියන වචන දෙකේ වෙනස් තේරුම් ගන්න ඕන.[/SIZE] [IMG]https://i.imgur.com/XiunCxg.jpg[/IMG] [SIZE="3"]බුදුරජාණන් වහන්සේ හැමතැන ම සිත (මනස) ගැන දේශනා කරලා තියෙන්නේ ‘(මනසා සංවරෝ සාධු) මනස සංවර කිරීම යහපති. (චිත්තං රක්ඛේථ මේධාවී) ප්‍රඥාවන්තයා සිත රකී. (චිත්තං ගුත්තං සුඛාවහං) සිත රැකගත් විට සැප ලැබේ…’ ආදී වශයෙන්. භාවනා කිරීමේදීත් ප්‍රථම ධ්‍යානාදී සමාධි ගත්තොත් ඒ තුළ වැඩෙන්නේ සිත මිස විඤ්ඤාණය නෙවෙයි. නමුත් අපි සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් බුදුරජාණන් වහන්සේ සිත, මනස හා විඤ්ඤාණය ගැන විස්තර කරන්නේ මේ සියල්ල ම වහා වෙනස්වන සුලුයි කියලයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ‘විඤ්ඤාණය අවබෝධ කරන්න ඕන එකක්. මනස පාලනය කරන්න ඕන එකක්’ කියලයි. අපි ඒ දෙකේ වෙනස තේරුම්ගන්න ඕන. එහෙම නම් මනස දමනය කළ යුතු එකක්. විඤ්ඤාණය අවබෝධ කළ යුතු එකක්. ඒ කියන්නේ ප්‍රඥාවෙන් දැක්ක යුතු එකක්. එහෙම නම් මේ දේවල් දකින්න ඕන විඤ්ඤාණයෙන් නෙවෙයි ප්‍රඥාවෙන්. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණාට පස්සේ වදාළේ ‘චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි’ කියලා. එතකොට අපි ප්‍රඥාවෙන් දැක්ක යුතුයි. මනස දමනය කළ යුතුයි. විඤ්ඤාණයඅවබෝධ කළ යුතුයි. මේ කරුණු දෙක හරියට තෝරබේර ගත්තේ නැත්නම් අන්තිමට අපි හිතන්නේ දැනගන්නේ විඤ්ඤාණයෙන් කියලයි. නමුත් අප ඒක යථාභූත ඤාණ දර්ශනයක් හැටියට ඒ ආකාරයෙන් ම දැකීම සිදුකරන්නේ විඤ්ඤාණයෙන් නෙවෙයි, ප්‍රඥාවෙන්. එතකොට ප්‍රඥාව කියන්නේ සංස්කාරයක්. බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය තෝරලා තියෙන්නේ ‘(විජානාතීති ඛෝ භික්ඛවේ, තස්මා විඤ්ඤාණන්ති වුච්චති) පින්වත් මහණෙනි, වෙනස දකින, වෙනස හඳුනාගන්නා, වෙනස දැනගන්න ස්වභාවය විඤ්ඤාණය’ කියලයි. උදාහරණයක් හැටියට තියෙන්නේ ලුණු, ඇඹුල්, තිත්ත, කහට මේවා ඔක්කෝම අපි හඳුනාගන්නේ විඤ්ඤාණයෙන් කියලයි. සාමාන්‍යයෙන් විඤ්ඤාණය අපට සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොම ද කියන එක මෙන්න මෙහෙම තේරුම් ගනිමු. අපි මනුෂ්‍ය ලෝකයට ආවානේ. ඒ කියන්නේ අපි කලින් ආත්මයක කොහේ හරි ඉපදිලා ඉඳලා චුතවුණා. චුත වූ ගමන් යළි උපතකට අදාළ කර්ම විපාක හැදිලා නැත්නම් අපි උපදින්නේ නෑනේ. නමුත් අපි චුතවෙන්නේ කර්ම විපාකයකට අනුවයි. හැම තිස්සේ ම පවතින්නේ කර්මානුරූපී විඤ්ඤාණයක්… බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ‘චුතූපපාත ඤාණය’ කියලා ඤාණයක් විස්තර කරනවා. ඒ කියන්නේ සත්වයා කර්මානුරූපව උපදින ආකාරයත්, කර්මානුරූපව චුතවන ආකාරයත් දකිනා නුවණ. එහෙම නම් අපි සියලු දෙනාම මේ ජීවත්වෙන ජීවිත තුළින් (රහත්වෙලා නැති තාක්) විඤ්ඤාණය චුතවෙන්නේ කර්මානුරූපීවයි. අපි ගත්තොත් ක්ෂණික මරණ සිද්ධ වෙනවානේ. ඔන්න කෙනෙක් ගුවන් යානාවක යනවා. ඒක කඩාගෙන වැටෙනවා කියමු. එක්කෝ අනපේක්ෂිත විදිහට කෝච්චියකට අහුවෙනවා. ඒ විදිහට ක්ෂණික මරණ සිද්ධ වෙනවා. සමහර අවස්ථාවල දී ‘කෝමා’ එක වගේ හැදිලා ඉස්පිරිතාලේ ඉඳලා මැරෙනවා. ඒ මොන විදිහට මරණය සිද්ධ වුණත්, වර්තමානයේ විඤ්ඤාණ ක්රියාකාරීත්වයක් යම් විදිහකින් තියෙනවා ද ඒ තියෙන්නේම කර්මානුරූපව. ඒ නිසා අවසාන මොහොතේ පවා තියෙන්නේ කර්මානුරූපව සැකසුණු විඤ්ඤාණයක්. මේක වෙන්නේ කොහොම ද? අපි විඤ්ඤාණය හය ආකාරයයි කියලා කිව්වනේ. මේ හය ආකාර විඤ්ඤාණයක් ඇතිවෙන්න වුවමනා කරන පදනම අපි ඉස්සර වෙලා විග්රහ කර ගන්න ඕන. මේ කාරණය විග්රහ කර ගත්තොත් තමන්ට හරිම ප්‍රයෝජනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘(නාමරූප පච්චයා සළායතනං) ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන හය තියෙන්නේ නාමරූප ප්‍රත්‍යයෙන්’ කියලා. එහෙම නම් අපි තේරුම්ගන්න ඕන, ඇස කියන්නේ නාමරූප නිසා හැදුණු එකක්. කන නාමරූප නිසා හැදුණු එකක්. නාසය නාමරූපයෙන් හැදුණු එකක්. දිව නාමරූපයෙන් හැදුණු එකක්. කය නාමරූපයෙන් හැදුණු එකක්. මනස නාමරූපයෙන් හැදුණු එකක්. මේක තවත් තේරුම් කර ගන්න බැලුවොත්, මව්කුසක විඤ්ඤාණයක් පිහිටනවා කියමු. අපි අනිත් සත්ව ලෝක ගැන කතා නොකර මනුස්ස ලෝකයේ විඤ්ඤාණය ගැන කතා කරමු. ඔන්න මනුස්ස ලෝකයේ මව්කුසක විඤ්ඤාණයක් පිහිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට විඤ්ඤාණයක් පිහිටියාම උපතක් සිද්ධ වෙන්න නම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ කියන ධාතු හය ම පිහිටන්න ඕන’ කියලා. සාමාන්‍යයෙන් අපට පඨවි, ආපෝ, තේජෝ, වායෝ තේරෙනවානේ. අපි ඒ ගැන සතර මහා ධාතු කියලා ඉගෙනගෙන තියෙනවානේ. ‘ආකාස’ කියලා කියන්නේ එතැන තියෙන ඉඩකඩ. ඒ කියන්නේ විඤ්ඤාණ ධාතුව මව්කුසේ අවකාශය තුළ පිහිටියා. ඊට පස්සේ මේ විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ තනිකර ම කර්මානුරූප බලපෑමකින්. මොකද, කර්මානුරූපවනේ චුතවුණේ. ඒ වගේ ම කර්මානුරූපව ම යි උපන්නේ. එතකොට එයාගේ භවයට අදාළ ව තිබුණු යම් අංගයන් ඇද්ද, යම් ගති ලක්ෂණයන් ඇද්ද, විඤ්ඤාණයත් එක්ක ඔක්කොම එතැනට යනවා. මොකද, විඤ්ඤාණය හුදෙකලා නෑනේ. සතර මහා ධාතුත් එක්ක එකතුවෙලයි යන්නේ. එතැන තමයි නාමරූප වැඩෙන්නේ. නාමරූප ලෙස වැඩෙන්නේ නාමරූප ප්‍රත්‍යයෙන් හටගන්න දේවල් ටික. ඒ තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. ඔන්න දැන් විඤ්ඤාණය මව්කුසක පිහිටියා. අපි දැනට ඒක මතක තියාගමුකෝ. ඔන්න දැන් මව්කුසේ දරුවෙක් හැදෙනවා. දරුවා කියලා කියන්නේ නාමරූපයන්ගේ වර්ධනය. නාමරූපවල වර්ධනය කියලා වෙන්නේ ආයතන හය හැදෙන එක. ඒ කියන්නේ මව්කුසක ඇස් දෙකක් හැදෙනවා, කන් දෙකක් හැදෙනවා, නාසයක් හැදෙනවා, දිවක් හැදෙනවා, කයක් හැදෙනවා, මනසක් හැදෙනවා. ඒ විදිහට විඤ්ඤාණය පිහිටියාට පස්සේ ආයතන හයකින් යුක්ත දරුවා උපන්නා කියමු. විඤ්ඤාණය පිහිටන්නේ කොහේ ද…? අපි ආයෙමත් මුල මතක තියාගන්න ඕන. ඒ තමයි සතර මහා ධාතුත් එක්ක අවකාශය තුළ විඤ්ඤාණයක් පිහිටියා. ඒකේ නාමරූප හැදුණා. ආයතන හය හැදුණා. එහෙම නම් ආයතන හයට ම විඤ්ඤාණයේ බලපෑම තමයි තියෙන්නේ. භවයේ අංගයන් සහිතව, භවයේ ගති ලක්ෂණ සහිතව, කර්මානුරූපව හැදුණු විඤ්ඤාණය ආයතන හයේ ම පිහිටනවා. දැන් එයා ඉන්නේ කාම භවයේ නිසා කාම භවයට අයිති ගති ලක්ෂණ සහිත විඤ්ඤාණයක් තමයි තියෙන්නේ. ඒ විඤ්ඤාණය පාදක කරගෙන තමයි මෙයාගේ ඇස, කන, නාසය, දිව, කය, මනස හැදුණේ. ඒ නිසා ඇහෙත් විඤ්ඤාණය පිහිටනවා. කනෙත් විඤ්ඤාණය පිහිටනවා. නාසයෙත් පිහිටනවා. දිවෙත් පිහිටනවා. කයෙත් පිහිටනවා. මනසෙත් පිහිටනවා. විඤ්ඤාණය පිහිටන ස්වභාවය ගැන ගත්තොත් ඇස, කන, නාසය, දිව, ශරීරය යන පහයි මනසයි හයයිනේ. එතකොට මනස මේ පහට ම සම්බන්ධයි. ඒ කියන්නේ මනස ඇහැටත් සම්බන්ධයි. කනටත් සම්බන්ධයි. නාසයටත් මනස සම්බන්ධයි. දිවටත් මනස සම්බන්ධයි. කයටත් මනස සම්බන්ධයි. මනසේ ක්‍රියාකාරීත්වය මනසට ම අයිති එකක්. මනසේ ක්‍රියාකාරීත්වයට ‘මනසිකාරය’ කියලා කියනවා. මනසිකාර වීම ඇසට සම්බන්ධ වෙලා තිබුණේ නැත්නම් විඤ්ඤාණය වැඩකරන්නේ නෑ. ඔය කාරණය සාරිපුත්ත මහරහතන් වහන්සේ ‘මහාහත්ථිපදෝපම සූත්‍රයේ දී’ හරි ලස්සනට විග්රහ කරනවා. ඒකෙ දී සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට විග්රහ කරනවා, ‘ආයුෂ්මත් මහණෙනි, ඇස් හමුවට රූපය ආවේ නැත්නම්, ඇස පෙනුණත් විඤ්ඤාණය හටගන්නේ නෑ…’ කියලා. ඊ ළඟට කියනවා ‘රූපය ඇස් හමුවේ තියෙනවා. නමුත් ඇහැ බිඳිලා නම් ඒත් විඤ්ඤාණය හටගන්නේ නෑ’ කියලා. මොකද, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් හටගත්තු නාමරූප එතැන වැඩකරන්නේ නෑ. විඤ්ඤාණය හටගන්න නම් ඇසයි, රූපයයි එකට එකතු වෙන්න ඕන. එකතු වුණ ගමන් විඤ්ඤාණය පහළ වෙනවා. ඒ විදිහට විඤ්ඤාණය පහළ වූ ගමන් ආයෙමත් එයා තුළ අර පරණ ලෝකයට වුවමනා දේ හැදුණා වෙනවා. ඒකට කියන්නේ ස්පර්ශය කියලා. මෑත ව්‍යවහාරයේ ස්පර්ශයට ‘ගැටීම’ කියන වචනය පාවිච්චි වෙනවනේ. නමුත් ගැටීම කියන වචනය ඒකට සම්බන්ධ කරන්න බෑ. ඒකේ තියෙන්නේ ‘(ඉමේසං තිණ්ණං ධම්මානං සංගති සන්නිපාතෝ සමවායෝ) එකට එකතු වීම, එකට සම්බන්ධ වීම ස්පර්ශය’ කියලයි. ඇසයි, රූපයයි එකතු වූ ගමන් විඤ්ඤාණය පහළ වෙනවා. එතකොට ඇසයි, රූපයයි විඤ්ඤාණයයි තමයි එතැන තියෙන්නේ. කනයි, ශබ්දයයි එකතු වූ ගමන් විඤ්ඤාණය පහළ වෙනවා. එතකොට විඤ්ඤාණයයි, කනයි, ශබ්දයයි තමයි තියෙන්නේ. මේ විදිහට ඇසෙත් විඤ්ඤාණය හටගන්නවා. කනෙත් හටගන්නවා. නාසයෙත් හටගන්නවා. දිවෙත් හටගන්නවා. කයෙත් හටගන්නවා. මනසෙත් හටගන්නවා. විඤ්ඤාණය හටගන්නේ මේ ඉන්ද්රිය හය තුළයි, වෙන තැනක නොවෙයි. සමහරු කියනවානේ ‘හිත තියෙන්නේ හෘදය වස්තුවෙයි’ කියලා. ඒකට හේතුව මේකයි. සිත පවතින තැන් ගැන අභිධර්මයේ කියනවා වස්තු රූප හයක් ගැන. ඒකට ඇස, කන, නාසය, දිව, කය, හෘදය කියලා කියනවා. සිත පවතින තැන් හයක් තමයි ඒ කියන්නේ. ගොඩක් අයට වෙන්නේ ඇස, කන, නාසය, දිව, කය කියන පහ අත්හැරලා හෘදය ගන්නවා. එතැනින් තමයි අර්බුදය හටගන්නේ. එතැන වස්තුරූප හයක් තියෙනවා, එකක් නෙවෙයි. ඔතන තමයි වරදින්නේ. හෘදය පමණක් වස්තුරූපයක් කියලා ගන්නවා. චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය කියන ඒවා අමතක වෙනවා. ඒවත් වස්තුරූප. මේක කල්පනාවෙන් ඉගෙනගන්න ඕන වැදගත් කාරණයක්.[/SIZE] [URL="https://mahamegha.lk/2017/02/12/sitha-manasa-vinnanaya/"]මහා මේඝ වෙබ්අඩවිය ඇසුරෙනි[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom