මන්ත්‍රී වැටුප වැඩි කළ යුත්තේ ඇයි #පැතුනොමික්ස්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ප්‍රාදේශීය සභා මංත්‍රීවරයෙකු ගේ වැටුප රුපියල් 15,000/= යි. ඔව් එච්චරයි.

    ඉතිං මේ මංත්‍රීවරයෙකුට ජීවත් වෙන්න ඕනේ නම් මුදලක් හොයා ගන්න වෙන්නේ එක්කෝ දීමනා වලින්. නැත්නම් කොමිස්, එහෙමත් නැත්නම් හොරා කාලා.

    අනිත් ක්‍රමය තමයි ගරු සේවයක් විදියට මේක කරන්න ඕනේ. වෙන ආදායම් තියෙන අය මේකට එන්න ඕනේ කියලා. එහෙම නැත්නම් පක්ෂය විසින් බලා ගන්නවා කියලත් කියන්න පුළුවන්.

    නමුත් වංචා දූෂණ නතර කරනවා නම් වැදගත් පියවරක් තමයි සේවය සළසන්නාට ජීවත් වෙන්න තරම් ප්‍රමාණවත් වැටුපක් ලබා දීම.

    උදාහරණයක් විදියට මේ අලුත් බදු ක්‍රමය නිසා අධිකරණ වල විනිසුරුවරුන් ට අමාරුයි කියලා බද්දෙන් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය තීරණයක් ගෙන තිබුනා. විනිසුරුවරුන් කියන්නේ බොහෝම ස්වාධීනව ජීවත් වෙන්න ඕන පිරිසක්. අමතර රැකියා කරන්න බෑ. කොමිස් ගන්න බෑ. දූෂිත වෙන්න බෑ. එහෙනම් ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලක් ඔවුන්ට ලැබිය යුතුයි. ඒ නිසා මොන අර්බුදය ආවත් ඔවුන්ට ගැලපෙන ආදායමක් එන වැටුපක් සැකසීම රට පවත්වා ගෙන යෑමට අත්‍යාවශ්‍යයි.

    දැන් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකු ගේ වැටුප මාසෙකට ලක්ෂ එකහාමාරක් පමණ වෙනවා. ඒත් එක්කම අපි කියනවා උගත් බුද්ධිමත් වෘත්තීය මට්ටමේ මිනිස්සු පාර්ලිමේන්තුවේ යවන්න කියලා. ඒ මට්ටමේ මිනිස්සු දැනටමත් ලක්ෂ 5 ක හයක වැටුපක් ගන්න රැකියා කරනවා. දැන් ඒ අයට දේශපාලනයට එන්න කියලා මංත්‍රී වෙලා පාර්ලිමේන්තුවේ ගියොත් වැටුප ලක්ෂ එකහාමාරයි. එතකොට කොහොමද ජීවත් වෙන්නේ. තමන් හිටපු තැනින් ගොඩක් පහළ බහින්න වෙනවා. නැත්නම් හොරා කන්න වෙනවා. වෙන ආදායම් හැමෝටම නෑනේ.

    ඒ නිස වංචා දූෂණ වලින් තොර රටක හදන්න ඕනේ නම්, වෘත්තීය දේශපාලනයක් හදන්න ඕනේ නම්, මංත්‍රීවරුන් සඳහා නියමිත වැටුපක් ලබා දීම අත්‍යාවශ්‍යයි. සුළු දීමනාවක් දීලා ගරු සේවය ලබා ගන්නවා, පක්ෂයෙන් බලා ගන්නවා වගේ දේවල් ප්‍රායෝගික තත්ත්වයක් නෙවෙයි. එහෙම වැඩපිළිවෙලක් සාර්ථක වෙන්නේ නෑ.

    රට හැදෙන දවසක මේ දේවල් වෙනස් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. ධනය ජනිත වෙන රටක, ප්‍රමාණවත් වැටුප් මිනිස්සුන්ට ලැබෙන නිසා තමයි හොරා කන්න බැරි සිස්ටම් හදන්න පුළුවන් වෙලා තියෙන්නේ. නැත්නම් කොච්චර දේවල් කළත් මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි නම් ඉබේම හොරු දූෂිතයෝ බිහි වෙනවා.

    හොරෙක් ආවත් හොරා කන්න බැරි සිස්ටම් එකක් හැදෙන කොට, වෘත්තීය දේශපාලකයෝ හැදෙන කොට සියළු මංත්‍රී වැටුප්, විනිසුරු වැටුප්, පොලීසියේ වැටුප් , බන්ධනාගාර වැටුප් ආදිය වැඩි විය යුතු මයි. වැටුප් වැඩි කරන්න නම් ධනය ජනිත වෙන ආර්ථිකයක් හදන්න ඕනේ. ඒකට අපිට මේ ආර්ථික ක්‍රමය වෙනස් කර ගන්න වෙනවා.

    අලුතින් හිතන්න.
    වෙනස් වෙන්න.
    අපිට පුළුවන්.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්