Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මනාපදායී ලභතේ මනාප’න්ති - මනාප දේ දන් දෙන්නා මනාප දේ ලබයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දානය දීමේ දී හරියට එ් ගැන දැනුම් තේරුම්කමක් තියෙන්න ඕන. අපි දන්නවා සමහර තැන්වල කියනවා, ‘‘දානය දීමේ දී එළවළුයි, බතුයි විතරක් දෙන්න ඕන.. මස් මාළු දෙන්න එපා, අපාගත වෙනවා..” කියලා. එ්ක තනිකර බොරු කතාවක්. එහෙම කිව්වාම පව් සිදුවෙනවා. මොකද අපි සංඝයාට ලැබෙන දේ වළක්වන්න හොඳ නෑ. අපි දෘෂ්ටියකට හිරවෙලා සංඝයාට ලැබෙන දේ වැළැක්වුවොත් එ් වළක්වපු අකුසලය අපි අරන් යන්න ඕන.

ඉතින් එ් නිසා යම්කිසි කෙනෙක් සංඝයාට ප්‍රණීත ආකාරයට දානයක් දෙන්න ලෑස්ති වෙනවා නම්, අපි කරන්න ඕන එ්ක වළක්වන එක නෙවෙයි, එ්ක අනුමෝදන් වෙන එකයි. දානය සම්බන්ධයෙන් අනුමෝදන් වීමේ හැකියාව ගොඩාක් උපකාරී වෙනවා. එහෙම නැත්නම් ‘මේවා දෙන්න හොඳ නෑ.. අරක දෙන්න හොඳ නෑ.. මේක දෙන්න හොඳ නෑ..’ කියලා වළක්වනවා. සමහර අය එක්කෝ භය කරනවා. අපහාස කරනවා. එහෙම කළාට පස්සේ තියෙන්නේ සිත පහදවාගෙන දෙන එක නෙවෙයි. මම එ් සඳහා හොඳ ම උදාහරණයක් කියන්නම්.

මේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදු වූ එකක්. මේ සිද්ධිය සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ තියෙන බුද්ධ දේශනාවක. දවසක් ‘උග්ග’ කියලා සෝතාපන්න වුණු කෙනෙක් බුදුරජාණන් වහන්සේට කියනවා ‘‘භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන හතරනමක් පුළුවන් නම් අපේ නිවසේ දානයට වඩින සේක්වා..!” කියලා.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ් ගොඩක් දුරට තම තමන්ට පුළුවන් විදිහට හතරනම, පස්නම වශයෙන් වඩම්මවා ගන්නවා. ඉතින් පසුදින බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මේ උග්ග සිටුතුමා එ් වෙනකොට සෝතාපන්න වුණු කෙනෙක්. මෙයා කියනවා, ‘‘භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළා නේ, ‘(මනාපදායී ලභතේ මනාප’න්ති) මනාප දේ දෙන්නා මනාප දේ ලබයි’ කියලා. භාග්‍යවතුන් වහන්ස, මම එ් වචනයට හරියට පැහැදුණා. එ් නිසා මම අද මට මනාප දේවල් ඔක්කෝම දානයට ලෑස්ති කළා. භාග්‍යවතුන් වහන්ස, මම හරි කැමතියි ‘සල්ඵුප්වලට’. (මම හිතන්නේ කැවුම් වගයක් වෙන්න ඇති). එ් නිසා මම භාග්‍යවතුන් වහන්සේට එ්වා ලෑස්ති කළා. කැමති දේ දුන්නා ම කැමති දේ ලැබෙනවා කියන කරුණ සිහිකරමින් මම එ්වා පූජා කරන්න කැමතියි. භාග්‍යවතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා..!” (හරි අහිංසක අදහසක් නේ ද?) ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. ඊට පස්සේ ආයෙමත් කියනවා, ‘‘භාග්‍යවතුන් වහන්ස, එ් වගේ ම මම හරි කැමතියි ඇල් හාලේ බත් එක්ක ඩෙබර ඵල දාලා හදපු ළපටි ඌරුමස්වලට. (ඩෙබරඵල කියන්නේ මසන් ගෙඩි). භාග්‍යවතුන් වහන්ස, එ් නිසා මම එ් දේවල් භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා.” කියලා. එතකොට බලන්න, මෙහෙම කියන්නේ සෝතාපන්න වූ ශ්‍රාවකයෙක්.

‘‘හොඳයි..” කියලා භාග්‍යවතුන් වහන්සේ පිළිගත්තා. ඊට පස්සේ දානය වළඳලා ඉවරවුණාට පස්සේ මෙයා ආයෙමත් කියනවා ‘‘භාග්‍යවතුන් වහන්ස, මම හරි කැමතියි කසීසළුවලට. නමුත් එ්ක භාග්‍යවතුන් වහන්සේට කැප නැති නිසා මම සාමාන්‍ය වස්ත්‍රයක් පිළියෙල කළා” කියලා එ්කත් පූජා කළා. ‘‘එ් වගේ ම භාග්‍යවතුන් වහන්ස, මම හරි කැමතියි වාඩිවුණා ම හොඳට එරෙන පුටුවලට. එ්වා අයිති උච්චාසයන මහාසයනවලට නිසා භාග්‍යවතුන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් සාමාන්‍ය පුටුවක් සූදානම් කළා..‘‘බුදුරජාණන් වහන්සේ එ් සියල්ල පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ එහි දී ලස්සන ගාථාවක් දේශනා කරනවා. ”(මනාප දායී ලභතේ මනාපං) කැමති දේ දෙන කෙනා කැමති දේ ලබනවා. (අග්ගස්ස දාතා ලභතේ පුනග්ගං) අග්‍ර වූ දේ දෙන කෙනා අග්‍ර වූ දේ ලබනවා. (වරස්ස දාතා වරලාභි හෝතී) උතුම් දේ දෙන කෙනා උතුම් දේ ලබනවා. (සෙට්ඨන්දදෝ සෙට්ඨමුපේති ඨානං) ශ්‍රේෂ්ඨ වූ දේ දෙන කෙනා උතුම් ස්වර්ගයේ උපදිනවා.”

එයින් සුළු කලක දී උග්ග සිටුතුමා මියගියා. දවසක් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩසිටිද්දී ආලෝකයක් පහළ වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා,

‘‘කවුද මේ…?”

‘‘ස්වාමීනී, මම මේ උග්ග.”

‘හා.. උග්ග ඔබ එදා පැතූ ආකාරයට ලැබුණද?’

‘‘අනේ ස්වාමීනී, මම හිතූ ආකාරයට ම මට ඔක්කොම ලැබුණා.”

එතකොට බලන්න, මාර්ගඵල ලාභී උපාසකයෙක් තමයි, ශාස්තෘන් වහන්සේට එ් විදිහට දානයක් පූජා කළේ.

අනෙක් කාරණය තමයි, සමහර අය කල්පනා කරනවා දානයක් සාංඝික වීම පිණිස ස්වාමීන් වහන්සේලා හතරනමක් ම සිටිය යුතුයි කියලා. එහෙම එකක් නෑ. ඇත්තෙන්ම ස්වාමීන් වහන්සේලා හතරනමක් ඕන වෙන්නේ විනය කර්මයකට. සාංඝික දානයක් දෙනවා කියන්නේ විනය කර්මයක් නෙවෙයි. විනය කර්මය කියලා කියන්නේ සංඝයාගේ කටයුත්තක්. සංඝයාගේ කටයුත්තක දී සමූහයක් නියෝජනය වෙන්නේ හතරනමකට වඩා ඉහළින් කියලයි භාග්‍යවතුන් වහන්සේ සම්මත කළේ. එ් විදිහට සමූහයා නියෝජනය කරන්නේ විනය කර්මයකට. අපි කියමු, ඔන්න සාමාන්‍ය භික්ෂූන් වහන්සේනමක් පිණ්ඩපාතයේ වඩිනවා. එතකොට කෙනෙක් දන් පිඩක් අරගෙන ‘‘සංඝයා උදෙසා පූජා කරමි.. පූජා වේවා..” කියලා දුන්නොත් එ්ක අයිති සංඝයාට. අපි දානය සාංඝික කරද්දී කියනවානේ ”(ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම) මේ භික්ෂාව භික්ෂු සංඝයාට දෙමි” කියලා. අපි එ්ක පාළියෙන් කියවනවා. නමුත් එයා ‘‘ස්වාමීනී, මම මේ දානය සංඝයා උදෙසා පූජා කරමි. පූජා වේවා..” කියලා සිංහලෙන් කිව්වත් එ්ක සංඝයා උදෙසා පූජා වුණා වෙනවා. අපි එ්ගොල්ලන්ට කියලා ‘‘සංඝයා උදෙසා..” කියලා කියෙව්වාට එ්ක විනය කර්මයක් නෙවෙයි. එ්කට කියන්නේ ‘සංඝයා උදෙසා දානය දීම.’

දන් දීම කළ යුතු දෙයක් ම යි – පින් කිරීම කළ යුතු දෙයක් ම යි…

දීම ගැන කතා කරද්දී සමහර අය කියනවනේ ‘‘අපට පින් කර ගන්න ඕන නෑ.. අපට විශේෂයෙන් දන් දෙන්න ඕන නෑ. අපි කාටවත් වරදක් කරන්නේ නෑ..” කියලා. එ් විදිහට දන්දීම අත්හරින අය ඕනතරම් ඉන්නවා. එ්ක එ්ගොල්ලන්ට හරි පාඩුවක්. එ්කට හොඳ සාධකයක් ‘සුමනා සූත්‍රයේ’ සඳහන් වෙනවා, මේ දේශනාවත් ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායට යි. ‘සුමනා’ කියන්නේ අනාථපිණ්ඩික සිටුතුමාගේ දුවක්. දවසක් මේ සුමනා කුමාරිය බුදුරජාණන් වහන්සේට දානයකට ආරාධනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ දානමාන දුන්නට පස්සේ මෙයා පැත්තකින් වාඩිවෙලා කියනවා, ‘‘භාග්‍යවතුන් වහන්ස, මට මේ දානය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මම එ්ක ඇහුවට කමක් නැද්ද?” බුදුරජාණන් වහන්සේ ‘‘අහන්න” කිව්වා. ‘‘භාග්‍යවතුන් වහන්ස, ඔන්න ශ්‍රද්ධාවෙනුත් සමාන, සීලයෙනුත් සමාන, ප්‍රඥාවෙනුත් සමාන දෙන්නෙක් ඉන්නවා. හැබැයි (එ්කෝ දායකෝ, එ්කෝ අදායකෝ) එයින් එක්කෙනෙක් දන් දෙන කෙනෙක්. අනෙකා නො දෙන කෙනෙක්. භාග්‍යවතුන් වහන්ස, මේ දෙන්නා මනුෂ්‍ය ලෝකයේ ඉඳලා පරලොව ගියාට පස්සේ දෙවියන් අතර උපන්නොත් මේ දෙන්නගේ යම්කිසි විවිධත්වයක් වෙනසක් පෙනේවි ද..?” බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘සුමනාවෙනි, වෙනසක් තියෙනවා. අර දීපු කෙනා නො දීපු කෙනාට වඩා අග්‍ර වශයෙන් දිව්‍ය ආනුභාවයෙන්, දිව්‍ය අධිපතිභාවයෙන්, දිව්‍ය ආයුෂයෙන් යුක්තයි.”

ඊට පස්සේ මෙයා බොහෝම සතුටු වෙලා ‘‘භාග්‍යවතුන් වහන්ස, මම එහෙම නම්, ඊ ළඟ ප්රශ්නය අහන්න ද?” කියලා ඇහුවා. ‘‘අහන්න සුමනා..” කිව්වා. ‘‘එතකොට භාග්‍යවතුන් වහන්ස, මේ දෙන්නා එ් දිව්‍ය ලෝකයෙන් චුතවෙලා ආයෙමත් මනුෂ්‍ය ලෝකයට ආවොත්, දීපු නො දීපු එකේ බලපෑම මනුස්ස ලෝකයට ආවාට පස්සෙත් තියෙනව ද?” ‘‘සුමනාවෙනි, වෙනසක් තියෙනවා. දීපු කෙනා අග්‍ර මනුෂ්‍ය සම්පත්, අග්‍ර මනුෂ්‍ය ආයු, වර්ණ, සැප අනුභව කරනවා. නො දීපු කෙනාට එ්ක නෑ.” ‘‘එහෙම නම් භාග්‍යවතුන් වහන්ස, මේ දෙන්නා පැවිදි වුණොත්, (බලන්න සුමනගේ බුද්ධිය) පැවිදි වුණාට පස්සෙත් දීපු එකයි, නො දීපු එකයි බලපානව ද?” ‘‘සුමනාවෙනි, බලපානවා. සසරේ දීපු කෙනාට පැවිදි වුණාට පස්සෙත් දීපු එකේ බලපෑමෙන් අග්‍ර වශයෙන් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ලැබෙනවා. නො දීපු කෙනාට එහෙම නෑ.” ඊට පස්සේ සුමනා අහනවා, ‘‘එහෙම නම් භාග්‍යවතුන් වහන්ස, මේ දෙන්නා අරහත්වයට පත් වුණොත්… එ් අරහත් ඵලයෙත් වෙනසක් තිබේ ද..?” එ් වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා. ‘‘සුමනාවෙනි, අරහත් ඵලයේ නම් කිසිම වෙනසක් නෑ. අරහත් ඵල විමුක්තිය එක සමානයි.”

එතකොට සුමනා බොහෝම සතුටට පත්වෙලා කියනවා ‘‘(අලමේව දානානි දාතුං, අලං පුඤ්ඤානි කාතුං, යත්ර හි නාම දේවභූතස්සපි උපකාරානි පුඤ්ඤානි, මනුස්සභූතස්සපි උපකාරානි පුඤ්ඤානි, පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි) එහෙම නම් භාග්‍යවතුන් වහන්ස, දන්දීම කළ යුතු ම එකක්මනේ… පින් කිරීම කළ යුතු එකක්මනේ… දෙවියන් වෙලා උපන්නාමත් උපකාරී වෙන්නේ පින ම යි… මනුෂ්‍යයෙක් වෙලා උපන්නත් උපකාරී වෙන්නේ පින ම යි… මහණ වුණත් උපකාරී වෙන්නේ පින ම යි…” ඉතින් එ් වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘(එ්වමේතං සුමනේ, එ්වමේතං සුමනේ) සුමනාවෙනි, එ්ක එහෙම ම යි… සුමනාවෙනි, එ්ක එහෙම ම යි. (අලං හි සුමනේ දානාති දාතුං) දන්දීම කළ යුතු දෙයක් ම යි… (අලං පුඤ්ඤානි කාතුං) පින් කිරීම කළ යුතු දෙයක් ම යි… (දේවභූතස්සපි උපකාරානි පුඤ්ඤානි) දෙවියන් වෙලා උපන්නත් උපකාරී වෙන්නේ පින ම යි… මිනිසුන් වෙලා උපන්නත් උපකාරී වෙන්නේ පින ම යි… පැවිදි වුණත් උපකාරී වෙන්නේ පින ම යි…”

[QUOTE="asliyanage, post: 29146540, member: 8764"] දානය දීමේ දී හරියට එ් ගැන දැනුම් තේරුම්කමක් තියෙන්න ඕන. අපි දන්නවා සමහර තැන්වල කියනවා, ‘‘දානය දීමේ දී එළවළුයි, බතුයි විතරක් දෙන්න ඕන.. මස් මාළු දෙන්න එපා, අපාගත වෙනවා..” කියලා. එ්ක තනිකර බොරු කතාවක්. එහෙම කිව්වාම පව් සිදුවෙනවා. මොකද අපි සංඝයාට ලැබෙන දේ වළක්වන්න හොඳ නෑ. අපි දෘෂ්ටියකට හිරවෙලා සංඝයාට ලැබෙන දේ වැළැක්වුවොත් එ් වළක්වපු අකුසලය අපි අරන් යන්න ඕන. ඉතින් එ් නිසා යම්කිසි කෙනෙක් සංඝයාට ප්‍රණීත ආකාරයට දානයක් දෙන්න ලෑස්ති වෙනවා නම්, අපි කරන්න ඕන එ්ක වළක්වන එක නෙවෙයි, එ්ක අනුමෝදන් වෙන එකයි. දානය සම්බන්ධයෙන් අනුමෝදන් වීමේ හැකියාව ගොඩාක් උපකාරී වෙනවා. එහෙම නැත්නම් ‘මේවා දෙන්න හොඳ නෑ.. අරක දෙන්න හොඳ නෑ.. මේක දෙන්න හොඳ නෑ..’ කියලා වළක්වනවා. සමහර අය එක්කෝ භය කරනවා. අපහාස කරනවා. එහෙම කළාට පස්සේ තියෙන්නේ සිත පහදවාගෙන දෙන එක නෙවෙයි. මම එ් සඳහා හොඳ ම උදාහරණයක් කියන්නම්. මේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදු වූ එකක්. මේ සිද්ධිය සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ තියෙන බුද්ධ දේශනාවක. දවසක් ‘උග්ග’ කියලා සෝතාපන්න වුණු කෙනෙක් බුදුරජාණන් වහන්සේට කියනවා ‘‘භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන හතරනමක් පුළුවන් නම් අපේ නිවසේ දානයට වඩින සේක්වා..!” කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ් ගොඩක් දුරට තම තමන්ට පුළුවන් විදිහට හතරනම, පස්නම වශයෙන් වඩම්මවා ගන්නවා. ඉතින් පසුදින බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මේ උග්ග සිටුතුමා එ් වෙනකොට සෝතාපන්න වුණු කෙනෙක්. මෙයා කියනවා, ‘‘භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළා නේ, ‘(මනාපදායී ලභතේ මනාප’න්ති) මනාප දේ දෙන්නා මනාප දේ ලබයි’ කියලා. භාග්‍යවතුන් වහන්ස, මම එ් වචනයට හරියට පැහැදුණා. එ් නිසා මම අද මට මනාප දේවල් ඔක්කෝම දානයට ලෑස්ති කළා. භාග්‍යවතුන් වහන්ස, මම හරි කැමතියි ‘සල්ඵුප්වලට’. (මම හිතන්නේ කැවුම් වගයක් වෙන්න ඇති). එ් නිසා මම භාග්‍යවතුන් වහන්සේට එ්වා ලෑස්ති කළා. කැමති දේ දුන්නා ම කැමති දේ ලැබෙනවා කියන කරුණ සිහිකරමින් මම එ්වා පූජා කරන්න කැමතියි. භාග්‍යවතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා..!” (හරි අහිංසක අදහසක් නේ ද?) ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. ඊට පස්සේ ආයෙමත් කියනවා, ‘‘භාග්‍යවතුන් වහන්ස, එ් වගේ ම මම හරි කැමතියි ඇල් හාලේ බත් එක්ක ඩෙබර ඵල දාලා හදපු ළපටි ඌරුමස්වලට. (ඩෙබරඵල කියන්නේ මසන් ගෙඩි). භාග්‍යවතුන් වහන්ස, එ් නිසා මම එ් දේවල් භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා.” කියලා. එතකොට බලන්න, මෙහෙම කියන්නේ සෝතාපන්න වූ ශ්‍රාවකයෙක්. ‘‘හොඳයි..” කියලා භාග්‍යවතුන් වහන්සේ පිළිගත්තා. ඊට පස්සේ දානය වළඳලා ඉවරවුණාට පස්සේ මෙයා ආයෙමත් කියනවා ‘‘භාග්‍යවතුන් වහන්ස, මම හරි කැමතියි කසීසළුවලට. නමුත් එ්ක භාග්‍යවතුන් වහන්සේට කැප නැති නිසා මම සාමාන්‍ය වස්ත්‍රයක් පිළියෙල කළා” කියලා එ්කත් පූජා කළා. ‘‘එ් වගේ ම භාග්‍යවතුන් වහන්ස, මම හරි කැමතියි වාඩිවුණා ම හොඳට එරෙන පුටුවලට. එ්වා අයිති උච්චාසයන මහාසයනවලට නිසා භාග්‍යවතුන් වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් සාමාන්‍ය පුටුවක් සූදානම් කළා..‘‘බුදුරජාණන් වහන්සේ එ් සියල්ල පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ එහි දී ලස්සන ගාථාවක් දේශනා කරනවා. ”(මනාප දායී ලභතේ මනාපං) කැමති දේ දෙන කෙනා කැමති දේ ලබනවා. (අග්ගස්ස දාතා ලභතේ පුනග්ගං) අග්‍ර වූ දේ දෙන කෙනා අග්‍ර වූ දේ ලබනවා. (වරස්ස දාතා වරලාභි හෝතී) උතුම් දේ දෙන කෙනා උතුම් දේ ලබනවා. (සෙට්ඨන්දදෝ සෙට්ඨමුපේති ඨානං) ශ්‍රේෂ්ඨ වූ දේ දෙන කෙනා උතුම් ස්වර්ගයේ උපදිනවා.” එයින් සුළු කලක දී උග්ග සිටුතුමා මියගියා. දවසක් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩසිටිද්දී ආලෝකයක් පහළ වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, ‘‘කවුද මේ…?” ‘‘ස්වාමීනී, මම මේ උග්ග.” ‘හා.. උග්ග ඔබ එදා පැතූ ආකාරයට ලැබුණද?’ ‘‘අනේ ස්වාමීනී, මම හිතූ ආකාරයට ම මට ඔක්කොම ලැබුණා.” එතකොට බලන්න, මාර්ගඵල ලාභී උපාසකයෙක් තමයි, ශාස්තෘන් වහන්සේට එ් විදිහට දානයක් පූජා කළේ. අනෙක් කාරණය තමයි, සමහර අය කල්පනා කරනවා දානයක් සාංඝික වීම පිණිස ස්වාමීන් වහන්සේලා හතරනමක් ම සිටිය යුතුයි කියලා. එහෙම එකක් නෑ. ඇත්තෙන්ම ස්වාමීන් වහන්සේලා හතරනමක් ඕන වෙන්නේ විනය කර්මයකට. සාංඝික දානයක් දෙනවා කියන්නේ විනය කර්මයක් නෙවෙයි. විනය කර්මය කියලා කියන්නේ සංඝයාගේ කටයුත්තක්. සංඝයාගේ කටයුත්තක දී සමූහයක් නියෝජනය වෙන්නේ හතරනමකට වඩා ඉහළින් කියලයි භාග්‍යවතුන් වහන්සේ සම්මත කළේ. එ් විදිහට සමූහයා නියෝජනය කරන්නේ විනය කර්මයකට. අපි කියමු, ඔන්න සාමාන්‍ය භික්ෂූන් වහන්සේනමක් පිණ්ඩපාතයේ වඩිනවා. එතකොට කෙනෙක් දන් පිඩක් අරගෙන ‘‘සංඝයා උදෙසා පූජා කරමි.. පූජා වේවා..” කියලා දුන්නොත් එ්ක අයිති සංඝයාට. අපි දානය සාංඝික කරද්දී කියනවානේ ”(ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම) මේ භික්ෂාව භික්ෂු සංඝයාට දෙමි” කියලා. අපි එ්ක පාළියෙන් කියවනවා. නමුත් එයා ‘‘ස්වාමීනී, මම මේ දානය සංඝයා උදෙසා පූජා කරමි. පූජා වේවා..” කියලා සිංහලෙන් කිව්වත් එ්ක සංඝයා උදෙසා පූජා වුණා වෙනවා. අපි එ්ගොල්ලන්ට කියලා ‘‘සංඝයා උදෙසා..” කියලා කියෙව්වාට එ්ක විනය කර්මයක් නෙවෙයි. එ්කට කියන්නේ ‘සංඝයා උදෙසා දානය දීම.’ [B]දන් දීම කළ යුතු දෙයක් ම යි – පින් කිරීම කළ යුතු දෙයක් ම යි…[/B] දීම ගැන කතා කරද්දී සමහර අය කියනවනේ ‘‘අපට පින් කර ගන්න ඕන නෑ.. අපට විශේෂයෙන් දන් දෙන්න ඕන නෑ. අපි කාටවත් වරදක් කරන්නේ නෑ..” කියලා. එ් විදිහට දන්දීම අත්හරින අය ඕනතරම් ඉන්නවා. එ්ක එ්ගොල්ලන්ට හරි පාඩුවක්. එ්කට හොඳ සාධකයක් ‘සුමනා සූත්‍රයේ’ සඳහන් වෙනවා, මේ දේශනාවත් ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායට යි. ‘සුමනා’ කියන්නේ අනාථපිණ්ඩික සිටුතුමාගේ දුවක්. දවසක් මේ සුමනා කුමාරිය බුදුරජාණන් වහන්සේට දානයකට ආරාධනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ දානමාන දුන්නට පස්සේ මෙයා පැත්තකින් වාඩිවෙලා කියනවා, ‘‘භාග්‍යවතුන් වහන්ස, මට මේ දානය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මම එ්ක ඇහුවට කමක් නැද්ද?” බුදුරජාණන් වහන්සේ ‘‘අහන්න” කිව්වා. ‘‘භාග්‍යවතුන් වහන්ස, ඔන්න ශ්‍රද්ධාවෙනුත් සමාන, සීලයෙනුත් සමාන, ප්‍රඥාවෙනුත් සමාන දෙන්නෙක් ඉන්නවා. හැබැයි (එ්කෝ දායකෝ, එ්කෝ අදායකෝ) එයින් එක්කෙනෙක් දන් දෙන කෙනෙක්. අනෙකා නො දෙන කෙනෙක්. භාග්‍යවතුන් වහන්ස, මේ දෙන්නා මනුෂ්‍ය ලෝකයේ ඉඳලා පරලොව ගියාට පස්සේ දෙවියන් අතර උපන්නොත් මේ දෙන්නගේ යම්කිසි විවිධත්වයක් වෙනසක් පෙනේවි ද..?” බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘සුමනාවෙනි, වෙනසක් තියෙනවා. අර දීපු කෙනා නො දීපු කෙනාට වඩා අග්‍ර වශයෙන් දිව්‍ය ආනුභාවයෙන්, දිව්‍ය අධිපතිභාවයෙන්, දිව්‍ය ආයුෂයෙන් යුක්තයි.” ඊට පස්සේ මෙයා බොහෝම සතුටු වෙලා ‘‘භාග්‍යවතුන් වහන්ස, මම එහෙම නම්, ඊ ළඟ ප්රශ්නය අහන්න ද?” කියලා ඇහුවා. ‘‘අහන්න සුමනා..” කිව්වා. ‘‘එතකොට භාග්‍යවතුන් වහන්ස, මේ දෙන්නා එ් දිව්‍ය ලෝකයෙන් චුතවෙලා ආයෙමත් මනුෂ්‍ය ලෝකයට ආවොත්, දීපු නො දීපු එකේ බලපෑම මනුස්ස ලෝකයට ආවාට පස්සෙත් තියෙනව ද?” ‘‘සුමනාවෙනි, වෙනසක් තියෙනවා. දීපු කෙනා අග්‍ර මනුෂ්‍ය සම්පත්, අග්‍ර මනුෂ්‍ය ආයු, වර්ණ, සැප අනුභව කරනවා. නො දීපු කෙනාට එ්ක නෑ.” ‘‘එහෙම නම් භාග්‍යවතුන් වහන්ස, මේ දෙන්නා පැවිදි වුණොත්, (බලන්න සුමනගේ බුද්ධිය) පැවිදි වුණාට පස්සෙත් දීපු එකයි, නො දීපු එකයි බලපානව ද?” ‘‘සුමනාවෙනි, බලපානවා. සසරේ දීපු කෙනාට පැවිදි වුණාට පස්සෙත් දීපු එකේ බලපෑමෙන් අග්‍ර වශයෙන් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස ලැබෙනවා. නො දීපු කෙනාට එහෙම නෑ.” ඊට පස්සේ සුමනා අහනවා, ‘‘එහෙම නම් භාග්‍යවතුන් වහන්ස, මේ දෙන්නා අරහත්වයට පත් වුණොත්… එ් අරහත් ඵලයෙත් වෙනසක් තිබේ ද..?” එ් වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා. ‘‘සුමනාවෙනි, අරහත් ඵලයේ නම් කිසිම වෙනසක් නෑ. අරහත් ඵල විමුක්තිය එක සමානයි.” එතකොට සුමනා බොහෝම සතුටට පත්වෙලා කියනවා ‘‘(අලමේව දානානි දාතුං, අලං පුඤ්ඤානි කාතුං, යත්ර හි නාම දේවභූතස්සපි උපකාරානි පුඤ්ඤානි, මනුස්සභූතස්සපි උපකාරානි පුඤ්ඤානි, පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි) එහෙම නම් භාග්‍යවතුන් වහන්ස, දන්දීම කළ යුතු ම එකක්මනේ… පින් කිරීම කළ යුතු එකක්මනේ… දෙවියන් වෙලා උපන්නාමත් උපකාරී වෙන්නේ පින ම යි… මනුෂ්‍යයෙක් වෙලා උපන්නත් උපකාරී වෙන්නේ පින ම යි… මහණ වුණත් උපකාරී වෙන්නේ පින ම යි…” ඉතින් එ් වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘(එ්වමේතං සුමනේ, එ්වමේතං සුමනේ) සුමනාවෙනි, එ්ක එහෙම ම යි… සුමනාවෙනි, එ්ක එහෙම ම යි. (අලං හි සුමනේ දානාති දාතුං) දන්දීම කළ යුතු දෙයක් ම යි… (අලං පුඤ්ඤානි කාතුං) පින් කිරීම කළ යුතු දෙයක් ම යි… (දේවභූතස්සපි උපකාරානි පුඤ්ඤානි) දෙවියන් වෙලා උපන්නත් උපකාරී වෙන්නේ පින ම යි… මිනිසුන් වෙලා උපන්නත් උපකාරී වෙන්නේ පින ම යි… පැවිදි වුණත් උපකාරී වෙන්නේ පින ම යි…” [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom