Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මනුෂ්‍යයා ලැබිය යුතු දුර්ලභ කරුණු සතරක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනුෂ්‍යයා ලැබිය යුතු දුර්ලභ කරුණු සතරක්

මනුෂ්‍යයා ලැබිය යුතු දුර්ලභ කරුණු සතරක්

කිවෙඡා මනුස්ස පටිලාභෝ

කිච්ඡං මච්ඡාන ජීවිතං

කිච්ඡං සද්ධම්ම සවණං

කිච්ඡො බුද්ධානං උප්පාදොති

පින්වත්නි,

අපට නිරතුරුව අසන්නට ලැබෙන දෙයක් තමයි සමහර පින්වතුන් කියනවා ලෝකයේ හැම ආගමක්ම උගන්වන්නෙ හොඳයි නරකයි දෙක නොවේද කියා. පින්වත්නි , හැම ආගමක්ම කෙසේ වුවත් බුදුරජාණන් වහන්සේගේ බුදුදහම නම් ඔය කවුරුත් කියන හොඳ නරක දෙකට වඩා එහාට යනවා. හැම ආගමක්ම හොඳ නරක දෙක නොවැ උගන්වන්නේ කියල කිව්වත් හරිහැටි විමසා බැලුවොත් හොඳින් පැහැදිලි වෙනවා. ඒ ඒ ආගම්වල උගන්වන හොඳ නරක දෙක වෙනස්කම් තිබෙනවා කියල.කෙසේ වෙතත් අපි බෞද්ධයන් වශයෙන් හොඳට සිත්හි ධාරණය කර ගත යුතු දෙයක් තමයි,

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වන්නේ ඔය කියන ආකාරයට හොඳ නරක දෙක කියලා දෙන්නටම නොවෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙන්නේ ඇයි කියල බුදු වදනකින්ම මේ විධියට ප්‍රකාශ වෙනවා. උප්පාදොවා භික්ඛවෙ තථාගතාණං අනුප්පාදොවා තථාගතාණං චිතාවසා ධාතො ධම්මකඛිත්තා ධම්ම කියාමතා සබෙබ සංඛාරා අනිච්ඡා සබෙබ සංඛාරා දුක්ඛා සබෙබ ධමමා අනන්තා, මේ අදහස පින්වත්නි තථාගත සම්මා සම්බුදුවරු ලෝකයට පහළ වුණේ නැතත් ලෝකයේ ලෝක ධර්මතාවක් කියල දෙයක් තිබෙනවා. ධර්ම නියාමයක් තිබෙනවා. සම්මා සම්බුදු රජාණන් වහන්ස්ලා දේශනා කරන්නේ ‘සබෙබ සංඛාරා අනිච්චා ‘ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයයි. සියලු ධර්මයන් දුකයි. සියලු ධර්මයන් අනාත්මයි කියල ප්‍රකාශ කිරීම එය ලොවට වටහා දෙනවා.

තං තථාගතො අභිසම්බුජ්ජති අභිසම්බුජෙත්වා අභිසමෙත ‘ ඒ තථාගතයන් වහන්සේ අවබෝධ කරනවා. අවබෝධ කරලා වටහාගෙන ලෝකයාට ප්‍රකට කරනවා. ලෝකයාව ඒ ත්‍රී ලක්ෂණයෙහි පිහිටුවනවා. එයින් බුදුරජාණන් වහන්සේගේ බුදු මුවෙන්ම දේශිතය. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලෝකයේ ත්රිලක්ෂණය ලෝකයාට වටහා දෙන්නට බව,අපි බෞද්ධයන් යැයි කියා ප්‍රතිඥා දෙනවා නම් අපි හැම දෙනාගේම අරමුණ වෙන්නට ඕනෑ මේ ත්රිලක්ෂණය වටහා ගැනීම, නිකම් හොඳ නරක දෙක තේරුම් අරගෙන ජීවත්වීම නෙවෙයි. ඊට වඩා එහාට යන්නට තිබෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මා මාතෘකා කළ මේ ගාථා පාඨයේ අපට ඒ හොඳ නරක දෙකින් එහාට යන්නට ටිකක් හිතා බැලිය යුතු කාරණා කීපයක් විග්රහ වෙනවා. ‘කිවෙඡා මනුස්ස පටිලාභො ‘ මනුස්ස ප්‍රතිලාභය මනුෂ්‍ය ආත්මයක් ලබනවාය කියන එක කිවෙඡා , දුර්ලභයි, ‘කිච්ඡං මච්ඡාන ජීවිතං සත්වයාගේ ජීවිතයත් දුක් සහිතය. ‘කිච්ඡං සද්ධම්ම සවණ’මේ මිනිසත් බවක් ලබාගෙන සිටින මිනිසාට ජීවිතයේ තිබෙන යථා ස්වභාවය, අනිත්‍ය ,දුක්ඛ,අනාත්ම කියන මෙ ත්රිලක්ෂණය වටහා දෙන සුළු සද්ධර්මයක් තිබෙනවා නම් සම්මා සම්බුදුවරයකුගේ , ඒ සද්ධර්මය ශ්‍රවණය කරනවා කියන කාරණයත් දුර්ලභ කාරණයක්, කිචෙඡා බුද්ධානං උප්පාදො, ඒ ලෝකයට ත්රිලක්ෂණය ප්‍රකාශ කරන්නා වූ සම්මා සම්බුදුවරයෙකුගේ උපතක් තිබෙනවා නම් අන්න ඒ බුදු උපතත් දුර්ලභ කාරණයක්. එතකොට අපට දුර්ලභ කාරණා තුනක් ගැන උගන්වනවා. ඒ වාගේම සත්ත්වයාගේ ජීවිතයෙහි යථා ස්වභාවය පෙන්වා දෙනවා.

අප මේ කාරණා හතර පිළිබඳව ටිකක් විමසා බලමු. පළමුවෙන්ම ‘කිචෙඡා මනුස්ස පටිලාභෝ, මනුස්ස ප්‍රතිලාභය දුර්ලභයි කියන කාරණය. මෙහෙම කියන කොටත් සමහර දෙනා නිතර නඟන ප්‍රශ්නයක් තමයි මිනිසෙක් වෙලා නැත්නම් මනුෂ්‍ය ආත්මභාවයක් ලබාගෙන උප්පත්තියක් ලබනවා කියන එක ඔය තරම් දුර්ලභ නම් මේ ජනගහණය වැඩ වීම මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ කෙසේද යන කාරණය. පින්වතුනි, කවුරු හරි හිතුවොත් මේ මිනිස්සුම මැරිලා ඔක්කොම මිනිස්සුම වෙනවාය කියල.එතකොට නම් ටිකක් ප්‍රශ්නයක් මතුවෙනවා. නමුත් බුදු දහමෙ එහෙම දෙයක් ගැන උගන්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේදී එන හැටියට ‘සත්ව‘ කියල කියන්නෙ මනුෂ්‍යයන්ට විතරක් නොවෙයි. මේ කුරා කූඹීන් පවා සතුන්, සමහර සතුන් ඊටත් වඩා කුඩා වෙන්නටත් පුළුවන්. ඊටත් වැඩියෙන් ලොකු වෙන්නටත් පුළුවන්. මනුෂ්‍යයන්ටත් වඩා ලොකු සතුන් ඉන්නවා. අලි ඇතුන් පවා ඉන්නවා. ඒ හැම දෙනාම සතුන්, ඒ වාගේම දෙව් මිනිසුන් වගේම තිරිසන් සතුන්,පේ‍්‍රතයන්, තිරිසනුන් හැම කෙනෙක්ම සතෙක් තමයි. දැන් ඊළඟට කෙනෙක් අහන්නට පුළුවන් හාමුදුරුවනේ ඔය කුරා කූඹියෙකුටත් මේ මිනහෙකුට තිබෙන තත්ත්වයම සම කරන්නට පුළුවන්ද කියල. පින්වත්නි, සත්ව කියන සම්මුතියෙන් ගත්තොත් හැම සත්වයෙකුටම තිබෙන්නේ ස්කන්ධ පහක්,රූප වේදනා, සංඥා සංඛාර , විඤ්ඤාන කියන මේ ස්කන්ධ පංචකයයි. මනුෂ්‍යයෙක් ගත්තත්, මනුෂ්‍යයෙකුට වැඩිය ලොකු කෙනෙකු ගත්තත් දෙවියෙක් ගත්තත් කුරා කූඹියෙක් ගත්තත් මේ හැම දෙනෙකුටම තිබෙන්නේ ස්කන්ධ පංචකයක්, රූපස්කන්ධය වශයෙන් වෙනස් වෙනවා. නාම ස්කන්ධය දිහා බැලුවාම නාමස්කන්ධයේ ක්‍රියාවලිය එක සමානයි වගේ තමයි වැටහෙන්නේ, උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු හොඳ පිරිසුදු ස්ථානයක, කිසිම සතෙක් නැති ස්ථානයකට අපි පැණි ටිකක් දමනවා. ටික වෙලාවක් ගිහිල්ලා බැලුවොත් ඔතැනට කුහුඹුවන් එකා දෙන්නා ළං වෙනවා අපිට දකින්නට පුළුවනි. කලින් කුහුඹුවන් හිටියෙ නැහැ. නමුත් ක්‍රමක්‍රමයෙන් එකා දෙන්නා ළංවෙලා සිය ගණනක් වෙන්නටත් පුළුවන්. එතකොට මේ කුහුඹුවන්ට කවුද මෙතැන මේ පැණි දමලා තිබෙනවාය කියල කිව්වේ. කවුරුත් නොකිව්වත් ඒ කුහුඹුවන්ට එක්තරා සංඥාවක් ලැබුණා.ඒ සංඥාව තුළින් ඒ කුහුඹුව. අවබෝධ කර ගත්තා මට ආහාරයක් තිබෙනවා කියල. ආහාරය හඳුනා ගන්නවාත් එක්කම ඒ සතාට රස තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව කියල කියනකොට එතැනද සංස්කාරයන් රැස්වීමක් සිද්ධ වෙනවා. ඒ එක්කම සුඛවේදනාවක් ඇති වෙනවා. ඒ වාගේම හඳුනා ගැනීමේ සංඥාවක් තිබෙනවා. ඒකට කියනවා විඤ්ඤාණය කියල. හඳුනා ගන්නා යම් ලක්ෂණයක යම් අරමුණක් තිබෙනවා නම් විඤ්ඤාණය කියල කියනවා . මෙහිදී මනෝ විඤා්ඤාණය ප්‍රධානයි. මෙ විධියට කුරා කූඹියෙකුට වුණත් රූප, විඤ්ඤාණය ප්‍රධානයි. මේ විධියට කුරා කුඹියෙකුට වුවත් රූප,වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, කියන පංචස්කන්දයයි තිබෙන්නේ. මනුෂ්‍යයෙකුට වුණත් ඒ පංචස්කන්ධය එහෙමමයි. කලින් කිව්වා වගේ දෙවියකුට, බ්‍රහ්මයකුට වුණත් ඒ පංචස්කන්ධය පවතිනවා. රූපස්කන්ධය බොහොම සියුම් වෙන්න පුළුවන්. රූපස්කන්ධය ඕලාරික වෙන්නට පුළුවන්. මේ ආකාරයෙන් හිතද්දි අපි දන්නවා එහෙනම් සත්ව විෂයය කියන එකට අපට සීමාවක් පනවන්නට බැහැ කියල. සත්වයන් කියන අය මේ ලෝකයෙ පමණක් නොවෙයි. අපට බලපු ගමන් එකපාරට වැටහෙන්නෙ මේ මනුෂ්‍ය ලෝකයෙ සිටින සත්ව ප්‍රජාව ගැන තමයි. පින්වතුනි, මනුෂ්‍ය ලෝකයට පමණක් සත්ත්වයන් සීමා කරන්නට එපා .මේ විශ්වයට පමණක් සීමා කරන්නටත් එපා. තවත් විශ්ව තල බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරල තිබෙනවා. ලෝක ධාතු වශයෙන් දේශනා කරල තිබෙනවා.

එක වේලාවක ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහනසේ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා,ස්වාමීනි මම කලින් වතාවකදී ඔබ වහන්සේගෙන් අහල තිබෙනවා, ඉස්සර හිටියා ‘සිඛී’ කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අභිභු කියලා ශ්‍රාවකයෙක් හිටියා. මේ අභිභු කියන ශ්රාවකයා බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා මනුෂ්‍ය ලෝකයට ඇහෙන්නට , මිනිස්සුන්ටත් ඇහෙන්නට දේශනා කරනවාය, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! ඒ ශ්රාවකයාට එතරම් ශක්තියක් තිබෙනවා නම් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශක්තිය කොපමණද කියල අහනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනව, ආනන්ද දන්නවද සහශ්‍ර ලෝක ධාතුව කියන්නෙ මොකක්ද කියල? එතකොට ආනන්ද හාමුදරුවෝ කියනවා. ස්වාමීනි ඒක ඔබ වහන්සේගේ විෂයය. ඒ සිංහ නාදය මේ වෙලාවේ පවත්වන්න ඔබ වහන්සේගෙන් එය මේ භික්ෂූන් වටහා ගන්නවා ඇති කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආනන්ද මෙ ඉර, හඳ ,දෙදෙනා ද සිය ආලෝක කිරණයන් පතුරුවාගෙන යන මේ ලෝක ධාතුවෙහි තවත් පෘථිවි දහසක් තිබෙනවා. මේ ආදි වශයෙන් තවත් අනෙක් ග්‍රහලෝක පිළිබඳවත් විග්රහ කරනවා. මෙහෙම දහස දහස බැගින් ගත්තාම මේකට කියනවා සහ ශි‍්‍ර ලෝක ධාතුවය කියල, ඊළඟට ඒකත් දහසකින් වැඩි වෙනවාය. ඒකට කියනවා ත්රිසහශ්රීය,මහසහශ්රීය, ලෝකධාතුවය කියල, එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,ආනන්ද තථාගතයාණන් වහන්සේට අවශ්‍ය නම් අධිෂ්ඨාන කරලා මේ ත්රිසහශ්රීයේ , මහාසහශ්රීයේ සිටින සත්ත්වයන්ට ඇහෙන්ටත් ධර්මය දේශනා කරන්නට පුළුවන් කියල. අවශ්‍ය නම් ඊටත් එහාට දේශනා කරන්නට පුළුවන් කියනවා.

එතකොට පින්වත්නි දැන් පැහැදිලියි ඒ තරම් දුරටත් සත්ත්වයන්ගේ වාසය පවතින බව. එය මෙහිදී බුදු මුවින්ම ප්රකාශිතය. එතකොට සත්ත්ව විෂය අපට සීමාවක් කරන්නට බැහැ පෘථග්ජන මනසින් හිතල. ඒක බුද්ධ විෂයයක්. ඉතින් අපි හිතනවා නම් මනුෂ්‍යත්වය දිහා බලලා, කොහොමද මේ මිනිසුන් වැඩි වෙන්නේ කියල, ඒක ඒ තරම් අරුමයක් නොවෙයි. මොකද? තිරිසන් ලෝකයෙන් මනුෂ්‍යත්වයට එන්නට පුළුවන්. ඊළඟට දෙවියන් අතරින් බ්‍රහ්මයන් අතරින් මනුෂ්‍යත්වයට එන්නටත් පුළුවන්. සමහරවිට වෙනත් සත්ව ආත්මවලින් වුවත් මනුෂ්‍ය ආත්මභාවයකට එන්නට බැරිකමක් නැහැ..මෙහෙන් ඒ ඒ තැන්වලට යන්නට බැරිකමකුත් නැහැ. ඉතින් ඒ නිසා මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ගේ ප්‍රමාණයෙහි අඩු වැඩි වීමක් වෙනවාය කියන එකේ පුදුමයක් වෙන්නට දෙයක් නැහැ.සමහර කාලවලට මිනිසුන්ගේ ප්‍රමාණය අඩු වෙන්නට පුළුවන්. සමහර කාලවලට මිනිසුන්ගේ ප්‍රමාණය වැඩි වෙන්නට පුළුවන්. නමුත් එහෙම වුණත් අර සත්ත්ව විෂය දිහා කල්පනා කරලා බලනකොට තමයි තේරෙන්නෙ මනුෂ්‍ය ආත්මභාවයක් ලබන එක කොයි තරම් දුර්ලභ කාරණයක්ද කියල.

පින්වත්නි, තවත් පැත්තකින් හිතන්න තිබෙනවා. බලන්න මනුෂ්‍ය ලෝකය පිළිබඳවම ටිකක් හිතන්න. කොච්චර මිනිසුන් අන්ධද? කොරුන් බිහිරන් කොච්චර සිටිනවාද? හරියට හොඳ නරක වටහා ගන්නට බැරි මන්දබුද්ධිකයන් කොපමණ සිටිනවාද? ලෝකයේ මොකක්වත් කර ගන්නට බැරි අසරණ පුද්ගලයන් කොපමණ සිටිනවාද? බලන්න, සාමාන්‍යයෙන් හිතලා අද අපේ මවුබිම ගැන හිතුවත් තවමත් අපි එතරම් අභාග්‍යසම්පන්න නැහැ.අපි තවමත් වාසනාවන්තයි. මේ බණ අහගෙන ඉන්න පින්වතුන් තමන් ගැනම හිතන්න, හොඳට ඇස්දෙක පෙනෙනවා,හොඳට කන් දෙක ඇහෙනවා. හොඳට හිතන්නට බුද්ධියක් තිබෙනවා. බලන්න මේ වගේ පරමාර්ථ මනුෂ්‍ය ජීවිතයක් වේලක් හැර වේලක් කාලා ජීවත් වෙන්නට පුළුවන් සමහර දෙනාට එහෙම අවස්ථාවල් තිබෙන්නට පුළුවන් සමහර දෙනා හොඳට කාලා බීලා ඉන්නවා වෙන්නට පුළුවන්. කවුරු වුවත් තමන්ගේ ඉන්ද්රියයන් ටික හොඳට තිබෙනවා නම්, ප්‍රසන්න ඉන්ද්‍රියන් සහිතව තමා ජීවත්වෙනවා නම් සම්පූර්ණ අංග ප්රත්යාංගයන්ගෙන් යුක්තව ජීවත් වෙනවා නම් හොඳට හිතන්න පුළුවන් බුද්ධියක් තිබෙනවා නම් දැනගන්න මෙන්න මේ ලබපු මිනිසත් බව තමයි පරමාර්ථ මිනිස් ජීවිතය කියල. මේක තමයි පින්වත්නි, දුර්ලභ ඒ මනුෂ්‍ය ආත්මභාවය ඔබ අප සියලු දෙනාම ලබාගෙන ඉන්නවා. ‘කිච්චං මච්චාන ජීවිතං’ එහෙම වුවත් ඒ ජීවිතයත් සැපදායක එකක් නොවෙයි. ඒකත් දුක් සහිතයි. දුක්වලින් පිරිලා. ඒ ජීවිතයේ තිබෙන දුක්ඛිත භාවය බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් කොටස් එකොළහකට දක්වලා තිබෙනවා.

ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො , මරණංපි දුක්ඛා , පියෙහි විප්පයොගො දුක්ඛො ‘ යනාදි වශයෙන් එකොළොස් ආකාරයකින් පෙන්නලා අවසානයේදි කියනවා. සංඛීත්තෙන පංචුපාදානක්ඛන්ධා දුක්ඛා කොටින්ම කියනවා නම් මේ උපාදානස්කන්ධ පංචකයම තමයි දුක කියලා කියෙන්නේ. ඒම ‘ජාතිපි දුක්ඛා ‘ කියල පළමුවෙන් දක්වනවා.මේ ඉපදී ඉපදී මැරී මැරී යන ගමනම තමයි දුක. ඒ නිසා තමයි අනෙක් හැම දුකක්ම මෙහෙම කියනකොට සමහර දෙනෙකුට හිතෙන්නට පුළුවන්. සමහර දෙනා කථා කරනවා ඇයි මේ දුක දුක ගැනම කතා කරන්නේ කියල. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ එහෙම දුක දුක කියන එක ගැනම කතා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආශ්වාදයක් ගැනත් දේශනා කළා. අත්ථි භික්ඛවෙ රූපස්ස අස්සාදො මහණෙනි, මේ රූපයේ ආශ්වාදයක් තිබෙනවා. නොවෙතං භික්ඛවෙ රූපස්ස අස්සාදො අභවිස්ස යම් ආකාරයකින් මේ රූපයේ ආශ්වාදය කියල එකක් නැත්නම් නහිදං සත්තාරූපෙ සාරජ්ජෙය්යුං’මේ සත්ත්වයො රූපයට ඇලෙන්නේ නැහැ.

දැන් බලන්න සත්වයෙක් ගත්තොත් සාමාන්‍යයෙන් හැම සතෙක්ම වගේ රූප ,ශබ්ද, ගන්ධ,රස,ස්පරශ කියන මේවාට ඇලිලයි තිබෙන්නේ. මේ නිසාම තමයි සත්ත්වයා කියල කියන්නේ. මේ රූප ,ශබ්ද, ගන්ධ,රස , ස්පර්ශ කියන මේ අරමුණ කෙරෙහි නිරතුරුවම ඇලි සිටින බැවින් තමයි සතෙතා කියල විග්රහ කළේ. ඉතින් මේ අරමුණවලට ඇලී තිබෙන සත්වයා නිරතුරුවම එහි ආශ්වාදය භුක්ති විඳින්නට උත්සාහ ගන්නවා. ඒ ආශ්වාදයක් තිබෙන නිසා. නමුත් ඒ ආශ්වාදය විතරක් නොවෙයි. මේකේ ආදීනවයකුත් තිබෙනවාය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආදීනවයක් නැත්නම් සත්වයෝ මේ ලෝකයේදී කලකිරෙන්නේ නැහැයි කියල ප්‍රකාශ කරනවා. ඉතින් මෙහෙම දුක විතරක් නොවෙයි.ආශ්වාදය ගැනත් දේශනා කළා. හැබැයි ආශ්වාදයේ ආදීනවය ගැනත් දේශනා කළා.ආශ්වාදයට වැඩිය ආදීනවය කියන එක මහ දරුණුයි. ආදීනවය කියන එකේ ඒ දුක්ඛිතභාවය, දරුණු බව හිතන්නටවත් බැහැ. මේ සසර හැම දුකක්ම දිදී ඉදිරියට ගෙන යන්නේ වෙන කිසිම දෙයක් නොවෙයි. මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ ආදින් කෙරෙහි ආශ්වාදනය නිසාමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවකදි දේශනා කරනවා, මහණෙනි ඇහෙන් රූපයක් දැකලා ඒ රූපය මමය, මගේය කියල ආශ්වාදනය කරනවාට වඩා , රතු වෙන්නට රත් වෙච්ච යකඩ කැබැල්ලක් අරගෙන ඒකෙන් තමන්ගේ ඇහැ පිරිමැදගන්න. ඒක ඊට වඩා හොඳයි කියනවා. එහෙම කරගන්න කියන එක නොවෙයි අදහස් කරන්නේ. ආදීනවය පිළිබඳවයි. ඒ නිසා පින්වත්නි, ඉඳුරන් පිනවීම මේ ලෝකයේ තිබෙන දුක් සමුදාය රැස් කරන්නට ප්‍රධාන හේතුව බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දුක ගැන වටහා ගන්නට තව තව ගොඩාක් සූත්‍රවල නොයෙක් අන්දමින් දේශනා කරලා තිබෙනවා.සමහර විට දෙතිස් වධයක් ගැන දේශනා කරනවා. ඒ දෙතිස් වධය සමහර තැන්වල මෙන්න මෙහෙම කියනවා. හිස් කබල උඩින් වටේට කපලා අයින් කරනවා.අයින් කරලා රත් වෙච්ච යකඩ කුට්ටියක් තබනවා. මොළය චිරි චිරි යන අනුකරණයෙන් දියවි යනවාය කිියල කියනවා. ඊළඟට කන්වලට උල් ගහනවා. හන්දිවලට උල් ගහනවා. හමගහනවා.ඉනේ ඉඳලා උඩට හම ගහනවා.ඉනේ ඉඳලා පහළට හම රැලිගහනවා. උතුරන තෙල් ඉහිනවා. සම්පූර්ණයෙන් හමගහලා අව්වේ තියනවා.මේ ආකාරයේ මේ සසර ගමනේදි නොයෙන් වධ වේදනා විඳින හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට කියනවා, මහණෙනි! දැන ගන්නට ඔබත් මමත් මේ සසර එන ගමනේ මෙවැනි දුක්ඛිත අවස්ථාවලට අපි එක්කෙනෙක්වත් මුහුණ නොදී සිටියා කියලා නම් හිතන්නට එපා. අප හැම දෙනෙක්ම මේ දුක් සමුදායට මුහුණ දීලා තිබෙනවා කියලා දේශනා කළා.

නිකම් හිතන්න පින්වත්නි, අද ලෝකය ගැන. අම්මලා දරුවන් මරන්නේ නැද්ද? දරුවන් අම්මලා තාත්තලා මරන්නේ නැද්ද? තාත්තලා දූපුතුන් මරන්නේ නැද්ද? ස්වාමිවරුන් භාර්යාවන් මරන්නේ නැද්ද? භාර්යාවන් ස්වාමිපුරුෂයන් මරන්නේ නැද්ද? අදත් මේක ලෝකයේ අපෙ ඇස් ඉදිරිපිට සිද්ධ වෙනවා නම් අතීතයේත් මෙහෙම සිද්ධ වුණ බව දැනගන්න. අනාගතයේත් කෙළවරක් නැතිව මේ දේ සිද්ධවෙනවා. එහෙම නම් අපිට මෙහෙම ඇස පනාපිට මේ දෙය දකින්නට ලැබෙනවා නම් යම් අවස්ථාවකදී අපි ගොදුරක් නොවී සිටියාද කියල කල්පනාවට ගන්න. ඒ විතරක් නොවෙයි,මේ මිනිස්සුන්ට හැදෙන රෝග ගැන හිතන්න.

ඔය කිසිම රෝගයකින් අප නිදහස්ද කියල හිතන්න. පින්වත්නි, නුවණින් කල්පනා කරලා බැලුවොත් මේ යන ගමනේ දුක් කොච්චරද කියලා තේරේවි. බලන්න,, බඩගින්නේ මැරෙන මිනිස්සු ලෝකයේ ඉන්නවා.

ඒ විතරක් නොවෙයි, මේ සසරේ යන ගමනේ අපට අම්මා නොවෙච්ච, තාත්තා නොවෙච්ච, සහෝදර සහෝදරියන් නොවෙච්ච කෙනෙක් හොයා ගන්නවා කියන එකත් අපහසු කාරණයක් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔය යන ගමනේ එකිනෙකා මරාගෙන බෙලිකැපුම් කාපු වාරවල් වල, අපි එක්කෙනෙක් ඒ විධියට මැරුම්කාලා ලේ ගැලු අවස්ථාවල, කොටින්ම කියනවා නම් එකම සතෙක් වෙලා බෙලිකැපුම් කාපු වාරවල්වල ලේ ටික එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩියි කියනවා. එකම දරුවෙක් එක අම්මට දරුව වෙලා, ඒ දරුවා නිසා ඒ අම්මා හඬපු කඳුළු ටික එකතු කළා නම් ඒත් සතර මහා සාගරයේ ජලයට වැඩියි කියනවා. එහෙම නම් පින්වත්නි, මෙ දිග සසර ගමනක් එන අප ටිකක් සිහියෙන් නුවණින් මේ ලබා ගත් මිනිසත් බව ගැන හිතන්නට ඕනෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,මේ සසර කොයි වගේ එකක්ද කියල අහපුවාම , මේ සසර පිළිබඳව කියන්නේ, අනමතගෙගායං භීක්ඛවෙ සංසාරො පුබ්බාකොටි නපඤ්ඤායති, කෙළවරක් නැහැ මහණෙනි මේ සසර . ඒක පෙන්වන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ සසර පෙනෙන්නෙ නැහැ දකින්නේ නැහැ කියලා දේශනා කළා නොවෙයි, සසර කෙළවර කොතැනකද කියල බුදුරජාණන් වහන්සේ දන්නවා, සසර ආරම්භය කොතැනද කියල බුදුරජාණන් වහන්සේ දන්නවා දකිනවා. නමුත් පෙන්වන්නට බැහැයි කියලයි දේශනා කළේ. ඒකට උදාහරණයක් වශයෙන් කියනවා, මහණෙනි මේ දඹදිව් තලයේ තිබෙන ගස්වැල් ටික අඟල් හතරේ කෑලිවලට කපලා ගොඩක් ගහන්න. ඊට පස්සේ ඒ ගොඩෙන් එක එක අරගෙන මේ මගේ අම්මා, මේ ඒ අම්මගේ අම්මා කිය කියා මේ ගොඩෙන් එක එක කෑලි අයින් කරන්න. එතකොට මේ කෑලි ටික ඉවර වෙනවා. නමුත් අම්මලාගේ අම්මලා ඉවර වෙන්නේ නැහැ. ඒ ගොඩම ආයෙත් අනික් පැත්තටත් ගනින්නට පුළුවන්. ඒ වාගේ උදාහරණයකින් සසර කෙළවරක් නැති බව පේනවා. ඉතින් මෙහෙම එන ගමනක් අපි හිතලා බැලුවොත් මේ ගමනේ තව තවත් අපි යනවාද? තථාගතයාණන් විසින් දේශනා කරන ලද ඒ සද්ධර්මය ගැන පොඩ්ඩක් කල්පනා කරලා ජීවිතයට සම්බන්ධ කරගෙන මේ දුක් සහිත ගමන කෙළවර? මේක තම තමාට අයිති කාරණයක්.

පින්වත්නි, බෞද්ධයාය කියන ලේබලය ගහගෙන හිටියාට නම් වැඩක් වෙන්නේ නැහැ.ඒ ලේබලයෙන් ස්වර්ගයට යන්නට පුළුවන්කමක් නැහැ.ඒ ලේබලයෙන් නිවනට යන්නට පුළුවන් කමකුත් නැහැ.බෞද්ධ කියන නාමය කිසිවිටකත් තමන්ගේ යහපත පිණිස ප්‍රයෝජන වෙන්නේ නැහැ. බෞද්ධ ප්‍රතිපදාව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගන්නට ඕනෑ. තමන් ලබපු මනුෂ්‍ය ආත්මභාවය ගැන හිතලා, ඒ මනුෂ්‍ය ආත්මභාවය ලැබුවා විතරක් නොවෙයි, කිසි කෙනෙªකට මේක මෙහෙම නොවෙයි කියලා කියන්නට බැරි මහා සිංහ නාදයක් වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මය අපිට අසන්නට ලැබිලා, ඒ ආර්යෂ්ඨාංගික මාර්ගය අපට අසන්නට ලැබිලා. ඒ මාර්ගයේ ගමන් කරන්නට අවස්ථාව ලැබිලා. ඉන්න වේලාවේදි ලබා ගත් මිනිස් ජීවිතය ගැන හිතුවොත් මේ මිනිස් ජීවිතයෙන් මේ වෙලාවේ ප්‍රයෝජනය ගන්නට ඥානවන්තයෙක් නම් පසුබට වන්නේ නැහැ . ඒ නිසා හැකි ආකාරයකින් ප්‍රමාද නොවී නිදහසට කරුණු ඉදිරිපත් කරන්නේ නැතිව,මේ මිනිසත් බව ලබාගෙන තිබෙන වේලාවේදි මේකෙන් ප්‍රයෝජන ගන්නට අධිෂ්ඨාන කරන්නට ඕනෑ.

වැරදිලාවත් මේ අවස්ථාව ගිලිහිලා ගියොත් ආයෙත් මිනිසත් බවක් ලබනවා කියන එක හිතන්නට අමාරුයි.මෙතැනින්ම තමන්ගේ යහපත සිද්ධ කර ගන්නට ඥානවන්ත මනුෂ්‍යයින් කල්පනා කරන්නට ඕනෑ.

පින්වත්නි කොහොමද අපි මේ දෙය කර ගන්නේ. දහසක් වැඩ එදිනෙදා ජීවිතයේ තිබෙනවා. හුඟාක් අය කියනවා වැඩ ,වැඩ, වැඩ කියල,කෙළවරක් නැහැ වැඩ. පින්වත්නි මේ වැඩ මේ ආත්මභාවයේ විතරක් නොවෙයි,අතීතයේත් වැඩ කළා. කෙළවරක් නැහැ. දැනුත් මේ වැඩ කරනවා, කෙළවරක් නැහැ. අනාගතයේදිත් ඔය වැඩවල කෙළවරක් නැහැ. හැමදාම මොනවද කරන්නේ? තෘෂ්ණාව රැස් කරනවා. තෘෂ්ණාව රැස් කර කර දුක් විඳ විඳ යනවා. ඒත් තෘප්තියක් නැහැ. ලබා ගත්ත මනුෂ්‍ය ආත්මභාවයේ ඉඳුරන් පිනවීම පැත්තට යන්නේ නැතිව,ඉඳුරන් දමනය කිරීම පුරුදු පුහුණු කරන්නට උත්සාහ ගන්න ඕනෑ.

පින්වත්නි, ඉඳුරන් දමනය කිරීම කියනකොට හිතන්න එපා මේ ඔක්කෝටෝම මහණ වෙන්නට කියනවාය කියල ඒක නොවෙයි අදහස් කරන්නේ. ඒ දමනය කරන එක් එක් ක්‍රම තිබෙනවා. ගිහි ජීවිතයක් ගත කරන කෙනාටත් ඉඳුරන් දමනය කිරීමේ සීමාවක් තිබෙනවා. බලන්න, පංචශීල රාමුව ඇතුළට එන්න පුළුවන්. පංචශීල රාමුව ඇතුළට ආවම ගිහි ජීවිතයක් ගත කරන ගිහියාගේ මට්ටමින් එක්තරා ප්‍රමාණයකට ඉන්ද්රිය දමනය සිද්ධවෙලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පන්සිල් රකින ගිහියාට වරින් වර පොහොය පෙහෙවස් සමාදන් වෙන්න කියනවා. එතකොට ඉන්ද්රිය දමනය තව ටිකක් එහාට යනවා. නිවන් දකින්නට බලාපොරොත්තු වෙනවා නම් දුකින් මිදෙන්නට බලාපොරොත්තු වෙනවා නම් ටික ටික ඉස්සරහට එන්නට ඕනෑ.අඩුගණනේ මාසේ එක් පොහොයකටවත් පෙහෙවස් සමාදන් වෙන්න ඕනෑ. අඩු තරමින් තමන්ගේ ඉන්ද්රිය දමනය ඇති කර ගන්නට මහන්සි ගන්නවා නම් ඒකත් එක්තරා විධියකට මේ ලැබුවා වූ මිනිසත් බවින් ප්‍රයෝජන ගත්තා වනවා. ඒ විතරක් නොවෙයි, තව තවත් බොහෝ කරුණු තිබෙනවා. මේ පින්වතුන්ට විග්රහ කරලා දෙන්නට නමුත් ලැබී තිබෙන කාල සීමාව ඉතාම සුළුයි. ඒ නිසා මේ පින්වතුන් මේ ජීවිතයේ බලාපොරොත්තු වන අකාරයේ යපතක් තිබෙනවා නම් ඒ යහපත සිද්ධ කර ගන්නට තවත් කාරණා ස්වල්පයක් විස්තර කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා.

පින්වත්නි, අප හැම දෙනාම මේ ලෝකයේ ඉන්න මනුෂ්‍යයන් වශයෙන් බලාපොරෙත්තු වන කාරණා පහක් තිබෙනවා. ඒ කාරණා පහ තමයි. ආයුෂ, වර්ණ , සැප, යසස,ස්වර්ගය කියන මේ කාරණා පහ.කොච්චර දුකයි කිව්වත් මිනිසත් බව දුර්ලභයි. කියල කිව්වත්, සද්ධර්මය දුර්ලභයි කියල කිව්වත්,මේ සංසාරය ගැන කොච්චර කිව්වත් සාමාන්‍ය පෘථග්ජනයෙක් ලෝකයේ මේ කාරණා පහ ලැබීමට පි‍්‍රය කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ‘පංචකො ගහපති ධම්මා ඉට්ඨා’ කන්තා , මනාපා, දුල්ලභා ලොකස්මිං’ මේ ලෝකයේ මනුෂ්‍යයන්ට ඉෂ්ට කාන්ත මනාප ධර්ම පහක් තිබෙනවා. හැබැයි දුර්ලභයි. මා කලින් මතක් කළ පරිදි ආයුංඛො ගහපති ඉටෙඨා කනෙතා මනපො දුල්ලභො ලොකස්මිං ,ගෘහපතිය ආයුෂ කියන එක ඉෂ්ටයි. කාන්තයි, මනාපයි, දුර්ලභයි. මේ ලෝකයේ ආයුෂ කියල කිව්වත් බොහොම සැප සේ දීර්ඝායුෂ භුක්ති විඳිනවායි කියල ප්‍රාර්ථනා කරනවා නම් ඒක තමයි දුර්ලභයි කියල කිව්වේ. ඊළඟට වර්ණය, වයසට යන කල්ම තමන්ගේ වර්ණය අනුන්ට අපි‍්‍රය නොවි,අඟපසඟ දුර්වලතාවයක් නැතිව ප්‍රසන්නව ජීවත්වන්නට තිබෙනවා නම් ඒක තමයි වර්ණ සම්පත්තිය.

මේක ඇතිව දිගු කාලයක් ජීවත් වන්නට ලැබෙනවා නම් කාටත් පි‍්‍රයයි, මනාපයි. නමුත් මේ කාරණයත් ලෝකයේ දුර්ලභයි කියල දේශනා කළා. ඊළඟට ඇහැ , කන, දිව,මනස කියන ඒවා පිනවමින් හොඳට ජීවත් වෙන්නට පුළුවන් නම් ඒ කියන්නේ, කායික සැප සහ මානසික සැප විඳින්නට පුළුවන් නම්, වයසට ගිහිල්ලත් මැරෙන කල්ම ඔය තත්ත්වයෙන් ඉන්න පුළුවන් නම් ඒකත් ඉෂ්ටයි ,කාන්තයි, මනාපයි . ඒත් බුදුරජාණන් වහන්සේ ඒක දුර්ලභ කාරණයක් කියල දේශනා කරනවා.

ඊළඟට යසස,හොඳ අඹුදරුවන් ඇතුව, යාන වාහන, ගේ දොර ඉඩකඩම් ඇතුව කීර්ති ප්‍රශංසා, නම්බුනාම ඇතුව ලෝකයේ හොඳට පැතිරිලා ජීවත් වෙන්නට පුළුවන් නම් ඒක තමයි යසස කියල කියන්නේ. ඉතින් ඒකත් ඉෂ්ටයි, කාන්තයි, මනාපයි.

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ දහම් දෙසුමක් ඇසුරෙන් මෙම ලිපිය ‘බුදුසරණ’ පුවත්පතට සැපයු මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ මහඔය අනුරුද්ධ ස්වාමින් වහන්සේ කෘතවේදීව සිහිපත් කරමු.

[QUOTE="Lewke, post: 16846746, member: 510552"] [b]මනුෂ්‍යයා ලැබිය යුතු දුර්ලභ කරුණු සතරක්[/b] [B][CENTER][SIZE="4"]මනුෂ්‍යයා ලැබිය යුතු දුර්ලභ කරුණු සතරක්[/SIZE][/CENTER][/B] [SIZE="3"][CENTER]කිවෙඡා මනුස්ස පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවණං කිච්ඡො බුද්ධානං උප්පාදොති [/CENTER] පින්වත්නි, අපට නිරතුරුව අසන්නට ලැබෙන දෙයක් තමයි සමහර පින්වතුන් කියනවා ලෝකයේ හැම ආගමක්ම උගන්වන්නෙ හොඳයි නරකයි දෙක නොවේද කියා. පින්වත්නි , හැම ආගමක්ම කෙසේ වුවත් බුදුරජාණන් වහන්සේගේ බුදුදහම නම් ඔය කවුරුත් කියන හොඳ නරක දෙකට වඩා එහාට යනවා. හැම ආගමක්ම හොඳ නරක දෙක නොවැ උගන්වන්නේ කියල කිව්වත් හරිහැටි විමසා බැලුවොත් හොඳින් පැහැදිලි වෙනවා. ඒ ඒ ආගම්වල උගන්වන හොඳ නරක දෙක වෙනස්කම් තිබෙනවා කියල.කෙසේ වෙතත් අපි බෞද්ධයන් වශයෙන් හොඳට සිත්හි ධාරණය කර ගත යුතු දෙයක් තමයි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වන්නේ ඔය කියන ආකාරයට හොඳ නරක දෙක කියලා දෙන්නටම නොවෙයි. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙන්නේ ඇයි කියල බුදු වදනකින්ම මේ විධියට ප්‍රකාශ වෙනවා. උප්පාදොවා භික්ඛවෙ තථාගතාණං අනුප්පාදොවා තථාගතාණං චිතාවසා ධාතො ධම්මකඛිත්තා ධම්ම කියාමතා සබෙබ සංඛාරා අනිච්ඡා සබෙබ සංඛාරා දුක්ඛා සබෙබ ධමමා අනන්තා, මේ අදහස පින්වත්නි තථාගත සම්මා සම්බුදුවරු ලෝකයට පහළ වුණේ නැතත් ලෝකයේ ලෝක ධර්මතාවක් කියල දෙයක් තිබෙනවා. ධර්ම නියාමයක් තිබෙනවා. සම්මා සම්බුදු රජාණන් වහන්ස්ලා දේශනා කරන්නේ ‘සබෙබ සංඛාරා අනිච්චා ‘ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයයි. සියලු ධර්මයන් දුකයි. සියලු ධර්මයන් අනාත්මයි කියල ප්‍රකාශ කිරීම එය ලොවට වටහා දෙනවා. තං තථාගතො අභිසම්බුජ්ජති අභිසම්බුජෙත්වා අභිසමෙත ‘ ඒ තථාගතයන් වහන්සේ අවබෝධ කරනවා. අවබෝධ කරලා වටහාගෙන ලෝකයාට ප්‍රකට කරනවා. ලෝකයාව ඒ ත්‍රී ලක්ෂණයෙහි පිහිටුවනවා. එයින් බුදුරජාණන් වහන්සේගේ බුදු මුවෙන්ම දේශිතය. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලෝකයේ ත්රිලක්ෂණය ලෝකයාට වටහා දෙන්නට බව,අපි බෞද්ධයන් යැයි කියා ප්‍රතිඥා දෙනවා නම් අපි හැම දෙනාගේම අරමුණ වෙන්නට ඕනෑ මේ ත්රිලක්ෂණය වටහා ගැනීම, නිකම් හොඳ නරක දෙක තේරුම් අරගෙන ජීවත්වීම නෙවෙයි. ඊට වඩා එහාට යන්නට තිබෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත මා මාතෘකා කළ මේ ගාථා පාඨයේ අපට ඒ හොඳ නරක දෙකින් එහාට යන්නට ටිකක් හිතා බැලිය යුතු කාරණා කීපයක් විග්රහ වෙනවා. ‘කිවෙඡා මනුස්ස පටිලාභො ‘ මනුස්ස ප්‍රතිලාභය මනුෂ්‍ය ආත්මයක් ලබනවාය කියන එක කිවෙඡා , දුර්ලභයි, ‘කිච්ඡං මච්ඡාන ජීවිතං සත්වයාගේ ජීවිතයත් දුක් සහිතය. ‘කිච්ඡං සද්ධම්ම සවණ’මේ මිනිසත් බවක් ලබාගෙන සිටින මිනිසාට ජීවිතයේ තිබෙන යථා ස්වභාවය, අනිත්‍ය ,දුක්ඛ,අනාත්ම කියන මෙ ත්රිලක්ෂණය වටහා දෙන සුළු සද්ධර්මයක් තිබෙනවා නම් සම්මා සම්බුදුවරයකුගේ , ඒ සද්ධර්මය ශ්‍රවණය කරනවා කියන කාරණයත් දුර්ලභ කාරණයක්, කිචෙඡා බුද්ධානං උප්පාදො, ඒ ලෝකයට ත්රිලක්ෂණය ප්‍රකාශ කරන්නා වූ සම්මා සම්බුදුවරයෙකුගේ උපතක් තිබෙනවා නම් අන්න ඒ බුදු උපතත් දුර්ලභ කාරණයක්. එතකොට අපට දුර්ලභ කාරණා තුනක් ගැන උගන්වනවා. ඒ වාගේම සත්ත්වයාගේ ජීවිතයෙහි යථා ස්වභාවය පෙන්වා දෙනවා. අප මේ කාරණා හතර පිළිබඳව ටිකක් විමසා බලමු. පළමුවෙන්ම ‘කිචෙඡා මනුස්ස පටිලාභෝ, මනුස්ස ප්‍රතිලාභය දුර්ලභයි කියන කාරණය. මෙහෙම කියන කොටත් සමහර දෙනා නිතර නඟන ප්‍රශ්නයක් තමයි මිනිසෙක් වෙලා නැත්නම් මනුෂ්‍ය ආත්මභාවයක් ලබාගෙන උප්පත්තියක් ලබනවා කියන එක ඔය තරම් දුර්ලභ නම් මේ ජනගහණය වැඩ වීම මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ කෙසේද යන කාරණය. පින්වතුනි, කවුරු හරි හිතුවොත් මේ මිනිස්සුම මැරිලා ඔක්කොම මිනිස්සුම වෙනවාය කියල.එතකොට නම් ටිකක් ප්‍රශ්නයක් මතුවෙනවා. නමුත් බුදු දහමෙ එහෙම දෙයක් ගැන උගන්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේදී එන හැටියට ‘සත්ව‘ කියල කියන්නෙ මනුෂ්‍යයන්ට විතරක් නොවෙයි. මේ කුරා කූඹීන් පවා සතුන්, සමහර සතුන් ඊටත් වඩා කුඩා වෙන්නටත් පුළුවන්. ඊටත් වැඩියෙන් ලොකු වෙන්නටත් පුළුවන්. මනුෂ්‍යයන්ටත් වඩා ලොකු සතුන් ඉන්නවා. අලි ඇතුන් පවා ඉන්නවා. ඒ හැම දෙනාම සතුන්, ඒ වාගේම දෙව් මිනිසුන් වගේම තිරිසන් සතුන්,පේ‍්‍රතයන්, තිරිසනුන් හැම කෙනෙක්ම සතෙක් තමයි. දැන් ඊළඟට කෙනෙක් අහන්නට පුළුවන් හාමුදුරුවනේ ඔය කුරා කූඹියෙකුටත් මේ මිනහෙකුට තිබෙන තත්ත්වයම සම කරන්නට පුළුවන්ද කියල. පින්වත්නි, සත්ව කියන සම්මුතියෙන් ගත්තොත් හැම සත්වයෙකුටම තිබෙන්නේ ස්කන්ධ පහක්,රූප වේදනා, සංඥා සංඛාර , විඤ්ඤාන කියන මේ ස්කන්ධ පංචකයයි. මනුෂ්‍යයෙක් ගත්තත්, මනුෂ්‍යයෙකුට වැඩිය ලොකු කෙනෙකු ගත්තත් දෙවියෙක් ගත්තත් කුරා කූඹියෙක් ගත්තත් මේ හැම දෙනෙකුටම තිබෙන්නේ ස්කන්ධ පංචකයක්, රූපස්කන්ධය වශයෙන් වෙනස් වෙනවා. නාම ස්කන්ධය දිහා බැලුවාම නාමස්කන්ධයේ ක්‍රියාවලිය එක සමානයි වගේ තමයි වැටහෙන්නේ, උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු හොඳ පිරිසුදු ස්ථානයක, කිසිම සතෙක් නැති ස්ථානයකට අපි පැණි ටිකක් දමනවා. ටික වෙලාවක් ගිහිල්ලා බැලුවොත් ඔතැනට කුහුඹුවන් එකා දෙන්නා ළං වෙනවා අපිට දකින්නට පුළුවනි. කලින් කුහුඹුවන් හිටියෙ නැහැ. නමුත් ක්‍රමක්‍රමයෙන් එකා දෙන්නා ළංවෙලා සිය ගණනක් වෙන්නටත් පුළුවන්. එතකොට මේ කුහුඹුවන්ට කවුද මෙතැන මේ පැණි දමලා තිබෙනවාය කියල කිව්වේ. කවුරුත් නොකිව්වත් ඒ කුහුඹුවන්ට එක්තරා සංඥාවක් ලැබුණා.ඒ සංඥාව තුළින් ඒ කුහුඹුව. අවබෝධ කර ගත්තා මට ආහාරයක් තිබෙනවා කියල. ආහාරය හඳුනා ගන්නවාත් එක්කම ඒ සතාට රස තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව කියල කියනකොට එතැනද සංස්කාරයන් රැස්වීමක් සිද්ධ වෙනවා. ඒ එක්කම සුඛවේදනාවක් ඇති වෙනවා. ඒ වාගේම හඳුනා ගැනීමේ සංඥාවක් තිබෙනවා. ඒකට කියනවා විඤ්ඤාණය කියල. හඳුනා ගන්නා යම් ලක්ෂණයක යම් අරමුණක් තිබෙනවා නම් විඤ්ඤාණය කියල කියනවා . මෙහිදී මනෝ විඤා්ඤාණය ප්‍රධානයි. මෙ විධියට කුරා කූඹියෙකුට වුණත් රූප, විඤ්ඤාණය ප්‍රධානයි. මේ විධියට කුරා කුඹියෙකුට වුවත් රූප,වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, කියන පංචස්කන්දයයි තිබෙන්නේ. මනුෂ්‍යයෙකුට වුණත් ඒ පංචස්කන්ධය එහෙමමයි. කලින් කිව්වා වගේ දෙවියකුට, බ්‍රහ්මයකුට වුණත් ඒ පංචස්කන්ධය පවතිනවා. රූපස්කන්ධය බොහොම සියුම් වෙන්න පුළුවන්. රූපස්කන්ධය ඕලාරික වෙන්නට පුළුවන්. මේ ආකාරයෙන් හිතද්දි අපි දන්නවා එහෙනම් සත්ව විෂයය කියන එකට අපට සීමාවක් පනවන්නට බැහැ කියල. සත්වයන් කියන අය මේ ලෝකයෙ පමණක් නොවෙයි. අපට බලපු ගමන් එකපාරට වැටහෙන්නෙ මේ මනුෂ්‍ය ලෝකයෙ සිටින සත්ව ප්‍රජාව ගැන තමයි. පින්වතුනි, මනුෂ්‍ය ලෝකයට පමණක් සත්ත්වයන් සීමා කරන්නට එපා .මේ විශ්වයට පමණක් සීමා කරන්නටත් එපා. තවත් විශ්ව තල බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරල තිබෙනවා. ලෝක ධාතු වශයෙන් දේශනා කරල තිබෙනවා. [CENTER][IMG]http://www.lakehouse.lk/budusarana/2014/04/22/z_p10-manu1.jpg[/IMG] [/CENTER] එක වේලාවක ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහනසේ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා,ස්වාමීනි මම කලින් වතාවකදී ඔබ වහන්සේගෙන් අහල තිබෙනවා, ඉස්සර හිටියා ‘සිඛී’ කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අභිභු කියලා ශ්‍රාවකයෙක් හිටියා. මේ අභිභු කියන ශ්රාවකයා බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා මනුෂ්‍ය ලෝකයට ඇහෙන්නට , මිනිස්සුන්ටත් ඇහෙන්නට දේශනා කරනවාය, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස! ඒ ශ්රාවකයාට එතරම් ශක්තියක් තිබෙනවා නම් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශක්තිය කොපමණද කියල අහනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනව, ආනන්ද දන්නවද සහශ්‍ර ලෝක ධාතුව කියන්නෙ මොකක්ද කියල? එතකොට ආනන්ද හාමුදරුවෝ කියනවා. ස්වාමීනි ඒක ඔබ වහන්සේගේ විෂයය. ඒ සිංහ නාදය මේ වෙලාවේ පවත්වන්න ඔබ වහන්සේගෙන් එය මේ භික්ෂූන් වටහා ගන්නවා ඇති කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආනන්ද මෙ ඉර, හඳ ,දෙදෙනා ද සිය ආලෝක කිරණයන් පතුරුවාගෙන යන මේ ලෝක ධාතුවෙහි තවත් පෘථිවි දහසක් තිබෙනවා. මේ ආදි වශයෙන් තවත් අනෙක් ග්‍රහලෝක පිළිබඳවත් විග්රහ කරනවා. මෙහෙම දහස දහස බැගින් ගත්තාම මේකට කියනවා සහ ශි‍්‍ර ලෝක ධාතුවය කියල, ඊළඟට ඒකත් දහසකින් වැඩි වෙනවාය. ඒකට කියනවා ත්රිසහශ්රීය,මහසහශ්රීය, ලෝකධාතුවය කියල, එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,ආනන්ද තථාගතයාණන් වහන්සේට අවශ්‍ය නම් අධිෂ්ඨාන කරලා මේ ත්රිසහශ්රීයේ , මහාසහශ්රීයේ සිටින සත්ත්වයන්ට ඇහෙන්ටත් ධර්මය දේශනා කරන්නට පුළුවන් කියල. අවශ්‍ය නම් ඊටත් එහාට දේශනා කරන්නට පුළුවන් කියනවා. එතකොට පින්වත්නි දැන් පැහැදිලියි ඒ තරම් දුරටත් සත්ත්වයන්ගේ වාසය පවතින බව. එය මෙහිදී බුදු මුවින්ම ප්රකාශිතය. එතකොට සත්ත්ව විෂය අපට සීමාවක් කරන්නට බැහැ පෘථග්ජන මනසින් හිතල. ඒක බුද්ධ විෂයයක්. ඉතින් අපි හිතනවා නම් මනුෂ්‍යත්වය දිහා බලලා, කොහොමද මේ මිනිසුන් වැඩි වෙන්නේ කියල, ඒක ඒ තරම් අරුමයක් නොවෙයි. මොකද? තිරිසන් ලෝකයෙන් මනුෂ්‍යත්වයට එන්නට පුළුවන්. ඊළඟට දෙවියන් අතරින් බ්‍රහ්මයන් අතරින් මනුෂ්‍යත්වයට එන්නටත් පුළුවන්. සමහරවිට වෙනත් සත්ව ආත්මවලින් වුවත් මනුෂ්‍ය ආත්මභාවයකට එන්නට බැරිකමක් නැහැ..මෙහෙන් ඒ ඒ තැන්වලට යන්නට බැරිකමකුත් නැහැ. ඉතින් ඒ නිසා මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ගේ ප්‍රමාණයෙහි අඩු වැඩි වීමක් වෙනවාය කියන එකේ පුදුමයක් වෙන්නට දෙයක් නැහැ.සමහර කාලවලට මිනිසුන්ගේ ප්‍රමාණය අඩු වෙන්නට පුළුවන්. සමහර කාලවලට මිනිසුන්ගේ ප්‍රමාණය වැඩි වෙන්නට පුළුවන්. නමුත් එහෙම වුණත් අර සත්ත්ව විෂය දිහා කල්පනා කරලා බලනකොට තමයි තේරෙන්නෙ මනුෂ්‍ය ආත්මභාවයක් ලබන එක කොයි තරම් දුර්ලභ කාරණයක්ද කියල. පින්වත්නි, තවත් පැත්තකින් හිතන්න තිබෙනවා. බලන්න මනුෂ්‍ය ලෝකය පිළිබඳවම ටිකක් හිතන්න. කොච්චර මිනිසුන් අන්ධද? කොරුන් බිහිරන් කොච්චර සිටිනවාද? හරියට හොඳ නරක වටහා ගන්නට බැරි මන්දබුද්ධිකයන් කොපමණ සිටිනවාද? ලෝකයේ මොකක්වත් කර ගන්නට බැරි අසරණ පුද්ගලයන් කොපමණ සිටිනවාද? බලන්න, සාමාන්‍යයෙන් හිතලා අද අපේ මවුබිම ගැන හිතුවත් තවමත් අපි එතරම් අභාග්‍යසම්පන්න නැහැ.අපි තවමත් වාසනාවන්තයි. මේ බණ අහගෙන ඉන්න පින්වතුන් තමන් ගැනම හිතන්න, හොඳට ඇස්දෙක පෙනෙනවා,හොඳට කන් දෙක ඇහෙනවා. හොඳට හිතන්නට බුද්ධියක් තිබෙනවා. බලන්න මේ වගේ පරමාර්ථ මනුෂ්‍ය ජීවිතයක් වේලක් හැර වේලක් කාලා ජීවත් වෙන්නට පුළුවන් සමහර දෙනාට එහෙම අවස්ථාවල් තිබෙන්නට පුළුවන් සමහර දෙනා හොඳට කාලා බීලා ඉන්නවා වෙන්නට පුළුවන්. කවුරු වුවත් තමන්ගේ ඉන්ද්රියයන් ටික හොඳට තිබෙනවා නම්, ප්‍රසන්න ඉන්ද්‍රියන් සහිතව තමා ජීවත්වෙනවා නම් සම්පූර්ණ අංග ප්රත්යාංගයන්ගෙන් යුක්තව ජීවත් වෙනවා නම් හොඳට හිතන්න පුළුවන් බුද්ධියක් තිබෙනවා නම් දැනගන්න මෙන්න මේ ලබපු මිනිසත් බව තමයි පරමාර්ථ මිනිස් ජීවිතය කියල. මේක තමයි පින්වත්නි, දුර්ලභ ඒ මනුෂ්‍ය ආත්මභාවය ඔබ අප සියලු දෙනාම ලබාගෙන ඉන්නවා. ‘කිච්චං මච්චාන ජීවිතං’ එහෙම වුවත් ඒ ජීවිතයත් සැපදායක එකක් නොවෙයි. ඒකත් දුක් සහිතයි. දුක්වලින් පිරිලා. ඒ ජීවිතයේ තිබෙන දුක්ඛිත භාවය බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් කොටස් එකොළහකට දක්වලා තිබෙනවා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො , මරණංපි දුක්ඛා , පියෙහි විප්පයොගො දුක්ඛො ‘ යනාදි වශයෙන් එකොළොස් ආකාරයකින් පෙන්නලා අවසානයේදි කියනවා. සංඛීත්තෙන පංචුපාදානක්ඛන්ධා දුක්ඛා කොටින්ම කියනවා නම් මේ උපාදානස්කන්ධ පංචකයම තමයි දුක කියලා කියෙන්නේ. ඒම ‘ජාතිපි දුක්ඛා ‘ කියල පළමුවෙන් දක්වනවා.මේ ඉපදී ඉපදී මැරී මැරී යන ගමනම තමයි දුක. ඒ නිසා තමයි අනෙක් හැම දුකක්ම මෙහෙම කියනකොට සමහර දෙනෙකුට හිතෙන්නට පුළුවන්. සමහර දෙනා කථා කරනවා ඇයි මේ දුක දුක ගැනම කතා කරන්නේ කියල. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ එහෙම දුක දුක කියන එක ගැනම කතා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ ආශ්වාදයක් ගැනත් දේශනා කළා. අත්ථි භික්ඛවෙ රූපස්ස අස්සාදො මහණෙනි, මේ රූපයේ ආශ්වාදයක් තිබෙනවා. නොවෙතං භික්ඛවෙ රූපස්ස අස්සාදො අභවිස්ස යම් ආකාරයකින් මේ රූපයේ ආශ්වාදය කියල එකක් නැත්නම් නහිදං සත්තාරූපෙ සාරජ්ජෙය්යුං’මේ සත්ත්වයො රූපයට ඇලෙන්නේ නැහැ. දැන් බලන්න සත්වයෙක් ගත්තොත් සාමාන්‍යයෙන් හැම සතෙක්ම වගේ රූප ,ශබ්ද, ගන්ධ,රස,ස්පරශ කියන මේවාට ඇලිලයි තිබෙන්නේ. මේ නිසාම තමයි සත්ත්වයා කියල කියන්නේ. මේ රූප ,ශබ්ද, ගන්ධ,රස , ස්පර්ශ කියන මේ අරමුණ කෙරෙහි නිරතුරුවම ඇලි සිටින බැවින් තමයි සතෙතා කියල විග්රහ කළේ. ඉතින් මේ අරමුණවලට ඇලී තිබෙන සත්වයා නිරතුරුවම එහි ආශ්වාදය භුක්ති විඳින්නට උත්සාහ ගන්නවා. ඒ ආශ්වාදයක් තිබෙන නිසා. නමුත් ඒ ආශ්වාදය විතරක් නොවෙයි. මේකේ ආදීනවයකුත් තිබෙනවාය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආදීනවයක් නැත්නම් සත්වයෝ මේ ලෝකයේදී කලකිරෙන්නේ නැහැයි කියල ප්‍රකාශ කරනවා. ඉතින් මෙහෙම දුක විතරක් නොවෙයි.ආශ්වාදය ගැනත් දේශනා කළා. හැබැයි ආශ්වාදයේ ආදීනවය ගැනත් දේශනා කළා.ආශ්වාදයට වැඩිය ආදීනවය කියන එක මහ දරුණුයි. ආදීනවය කියන එකේ ඒ දුක්ඛිතභාවය, දරුණු බව හිතන්නටවත් බැහැ. මේ සසර හැම දුකක්ම දිදී ඉදිරියට ගෙන යන්නේ වෙන කිසිම දෙයක් නොවෙයි. මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ ආදින් කෙරෙහි ආශ්වාදනය නිසාමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවකදි දේශනා කරනවා, මහණෙනි ඇහෙන් රූපයක් දැකලා ඒ රූපය මමය, මගේය කියල ආශ්වාදනය කරනවාට වඩා , රතු වෙන්නට රත් වෙච්ච යකඩ කැබැල්ලක් අරගෙන ඒකෙන් තමන්ගේ ඇහැ පිරිමැදගන්න. ඒක ඊට වඩා හොඳයි කියනවා. එහෙම කරගන්න කියන එක නොවෙයි අදහස් කරන්නේ. ආදීනවය පිළිබඳවයි. ඒ නිසා පින්වත්නි, ඉඳුරන් පිනවීම මේ ලෝකයේ තිබෙන දුක් සමුදාය රැස් කරන්නට ප්‍රධාන හේතුව බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දුක ගැන වටහා ගන්නට තව තව ගොඩාක් සූත්‍රවල නොයෙක් අන්දමින් දේශනා කරලා තිබෙනවා.සමහර විට දෙතිස් වධයක් ගැන දේශනා කරනවා. ඒ දෙතිස් වධය සමහර තැන්වල මෙන්න මෙහෙම කියනවා. හිස් කබල උඩින් වටේට කපලා අයින් කරනවා.අයින් කරලා රත් වෙච්ච යකඩ කුට්ටියක් තබනවා. මොළය චිරි චිරි යන අනුකරණයෙන් දියවි යනවාය කිියල කියනවා. ඊළඟට කන්වලට උල් ගහනවා. හන්දිවලට උල් ගහනවා. හමගහනවා.ඉනේ ඉඳලා උඩට හම ගහනවා.ඉනේ ඉඳලා පහළට හම රැලිගහනවා. උතුරන තෙල් ඉහිනවා. සම්පූර්ණයෙන් හමගහලා අව්වේ තියනවා.මේ ආකාරයේ මේ සසර ගමනේදි නොයෙන් වධ වේදනා විඳින හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට කියනවා, මහණෙනි! දැන ගන්නට ඔබත් මමත් මේ සසර එන ගමනේ මෙවැනි දුක්ඛිත අවස්ථාවලට අපි එක්කෙනෙක්වත් මුහුණ නොදී සිටියා කියලා නම් හිතන්නට එපා. අප හැම දෙනෙක්ම මේ දුක් සමුදායට මුහුණ දීලා තිබෙනවා කියලා දේශනා කළා. නිකම් හිතන්න පින්වත්නි, අද ලෝකය ගැන. අම්මලා දරුවන් මරන්නේ නැද්ද? දරුවන් අම්මලා තාත්තලා මරන්නේ නැද්ද? තාත්තලා දූපුතුන් මරන්නේ නැද්ද? ස්වාමිවරුන් භාර්යාවන් මරන්නේ නැද්ද? භාර්යාවන් ස්වාමිපුරුෂයන් මරන්නේ නැද්ද? අදත් මේක ලෝකයේ අපෙ ඇස් ඉදිරිපිට සිද්ධ වෙනවා නම් අතීතයේත් මෙහෙම සිද්ධ වුණ බව දැනගන්න. අනාගතයේත් කෙළවරක් නැතිව මේ දේ සිද්ධවෙනවා. එහෙම නම් අපිට මෙහෙම ඇස පනාපිට මේ දෙය දකින්නට ලැබෙනවා නම් යම් අවස්ථාවකදී අපි ගොදුරක් නොවී සිටියාද කියල කල්පනාවට ගන්න. ඒ විතරක් නොවෙයි,මේ මිනිස්සුන්ට හැදෙන රෝග ගැන හිතන්න. ඔය කිසිම රෝගයකින් අප නිදහස්ද කියල හිතන්න. පින්වත්නි, නුවණින් කල්පනා කරලා බැලුවොත් මේ යන ගමනේ දුක් කොච්චරද කියලා තේරේවි. බලන්න,, බඩගින්නේ මැරෙන මිනිස්සු ලෝකයේ ඉන්නවා. ඒ විතරක් නොවෙයි, මේ සසරේ යන ගමනේ අපට අම්මා නොවෙච්ච, තාත්තා නොවෙච්ච, සහෝදර සහෝදරියන් නොවෙච්ච කෙනෙක් හොයා ගන්නවා කියන එකත් අපහසු කාරණයක් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔය යන ගමනේ එකිනෙකා මරාගෙන බෙලිකැපුම් කාපු වාරවල් වල, අපි එක්කෙනෙක් ඒ විධියට මැරුම්කාලා ලේ ගැලු අවස්ථාවල, කොටින්ම කියනවා නම් එකම සතෙක් වෙලා බෙලිකැපුම් කාපු වාරවල්වල ලේ ටික එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩියි කියනවා. එකම දරුවෙක් එක අම්මට දරුව වෙලා, ඒ දරුවා නිසා ඒ අම්මා හඬපු කඳුළු ටික එකතු කළා නම් ඒත් සතර මහා සාගරයේ ජලයට වැඩියි කියනවා. එහෙම නම් පින්වත්නි, මෙ දිග සසර ගමනක් එන අප ටිකක් සිහියෙන් නුවණින් මේ ලබා ගත් මිනිසත් බව ගැන හිතන්නට ඕනෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,මේ සසර කොයි වගේ එකක්ද කියල අහපුවාම , මේ සසර පිළිබඳව කියන්නේ, අනමතගෙගායං භීක්ඛවෙ සංසාරො පුබ්බාකොටි නපඤ්ඤායති, කෙළවරක් නැහැ මහණෙනි මේ සසර . ඒක පෙන්වන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ සසර පෙනෙන්නෙ නැහැ දකින්නේ නැහැ කියලා දේශනා කළා නොවෙයි, සසර කෙළවර කොතැනකද කියල බුදුරජාණන් වහන්සේ දන්නවා, සසර ආරම්භය කොතැනද කියල බුදුරජාණන් වහන්සේ දන්නවා දකිනවා. නමුත් පෙන්වන්නට බැහැයි කියලයි දේශනා කළේ. ඒකට උදාහරණයක් වශයෙන් කියනවා, මහණෙනි මේ දඹදිව් තලයේ තිබෙන ගස්වැල් ටික අඟල් හතරේ කෑලිවලට කපලා ගොඩක් ගහන්න. ඊට පස්සේ ඒ ගොඩෙන් එක එක අරගෙන මේ මගේ අම්මා, මේ ඒ අම්මගේ අම්මා කිය කියා මේ ගොඩෙන් එක එක කෑලි අයින් කරන්න. එතකොට මේ කෑලි ටික ඉවර වෙනවා. නමුත් අම්මලාගේ අම්මලා ඉවර වෙන්නේ නැහැ. ඒ ගොඩම ආයෙත් අනික් පැත්තටත් ගනින්නට පුළුවන්. ඒ වාගේ උදාහරණයකින් සසර කෙළවරක් නැති බව පේනවා. ඉතින් මෙහෙම එන ගමනක් අපි හිතලා බැලුවොත් මේ ගමනේ තව තවත් අපි යනවාද? තථාගතයාණන් විසින් දේශනා කරන ලද ඒ සද්ධර්මය ගැන පොඩ්ඩක් කල්පනා කරලා ජීවිතයට සම්බන්ධ කරගෙන මේ දුක් සහිත ගමන කෙළවර? මේක තම තමාට අයිති කාරණයක්. පින්වත්නි, බෞද්ධයාය කියන ලේබලය ගහගෙන හිටියාට නම් වැඩක් වෙන්නේ නැහැ.ඒ ලේබලයෙන් ස්වර්ගයට යන්නට පුළුවන්කමක් නැහැ.ඒ ලේබලයෙන් නිවනට යන්නට පුළුවන් කමකුත් නැහැ.බෞද්ධ කියන නාමය කිසිවිටකත් තමන්ගේ යහපත පිණිස ප්‍රයෝජන වෙන්නේ නැහැ. බෞද්ධ ප්‍රතිපදාව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගන්නට ඕනෑ. තමන් ලබපු මනුෂ්‍ය ආත්මභාවය ගැන හිතලා, ඒ මනුෂ්‍ය ආත්මභාවය ලැබුවා විතරක් නොවෙයි, කිසි කෙනෙªකට මේක මෙහෙම නොවෙයි කියලා කියන්නට බැරි මහා සිංහ නාදයක් වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මය අපිට අසන්නට ලැබිලා, ඒ ආර්යෂ්ඨාංගික මාර්ගය අපට අසන්නට ලැබිලා. ඒ මාර්ගයේ ගමන් කරන්නට අවස්ථාව ලැබිලා. ඉන්න වේලාවේදි ලබා ගත් මිනිස් ජීවිතය ගැන හිතුවොත් මේ මිනිස් ජීවිතයෙන් මේ වෙලාවේ ප්‍රයෝජනය ගන්නට ඥානවන්තයෙක් නම් පසුබට වන්නේ නැහැ . ඒ නිසා හැකි ආකාරයකින් ප්‍රමාද නොවී නිදහසට කරුණු ඉදිරිපත් කරන්නේ නැතිව,මේ මිනිසත් බව ලබාගෙන තිබෙන වේලාවේදි මේකෙන් ප්‍රයෝජන ගන්නට අධිෂ්ඨාන කරන්නට ඕනෑ. වැරදිලාවත් මේ අවස්ථාව ගිලිහිලා ගියොත් ආයෙත් මිනිසත් බවක් ලබනවා කියන එක හිතන්නට අමාරුයි.මෙතැනින්ම තමන්ගේ යහපත සිද්ධ කර ගන්නට ඥානවන්ත මනුෂ්‍යයින් කල්පනා කරන්නට ඕනෑ. පින්වත්නි කොහොමද අපි මේ දෙය කර ගන්නේ. දහසක් වැඩ එදිනෙදා ජීවිතයේ තිබෙනවා. හුඟාක් අය කියනවා වැඩ ,වැඩ, වැඩ කියල,කෙළවරක් නැහැ වැඩ. පින්වත්නි මේ වැඩ මේ ආත්මභාවයේ විතරක් නොවෙයි,අතීතයේත් වැඩ කළා. කෙළවරක් නැහැ. දැනුත් මේ වැඩ කරනවා, කෙළවරක් නැහැ. අනාගතයේදිත් ඔය වැඩවල කෙළවරක් නැහැ. හැමදාම මොනවද කරන්නේ? තෘෂ්ණාව රැස් කරනවා. තෘෂ්ණාව රැස් කර කර දුක් විඳ විඳ යනවා. ඒත් තෘප්තියක් නැහැ. ලබා ගත්ත මනුෂ්‍ය ආත්මභාවයේ ඉඳුරන් පිනවීම පැත්තට යන්නේ නැතිව,ඉඳුරන් දමනය කිරීම පුරුදු පුහුණු කරන්නට උත්සාහ ගන්න ඕනෑ. පින්වත්නි, ඉඳුරන් දමනය කිරීම කියනකොට හිතන්න එපා මේ ඔක්කෝටෝම මහණ වෙන්නට කියනවාය කියල ඒක නොවෙයි අදහස් කරන්නේ. ඒ දමනය කරන එක් එක් ක්‍රම තිබෙනවා. ගිහි ජීවිතයක් ගත කරන කෙනාටත් ඉඳුරන් දමනය කිරීමේ සීමාවක් තිබෙනවා. බලන්න, පංචශීල රාමුව ඇතුළට එන්න පුළුවන්. පංචශීල රාමුව ඇතුළට ආවම ගිහි ජීවිතයක් ගත කරන ගිහියාගේ මට්ටමින් එක්තරා ප්‍රමාණයකට ඉන්ද්රිය දමනය සිද්ධවෙලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පන්සිල් රකින ගිහියාට වරින් වර පොහොය පෙහෙවස් සමාදන් වෙන්න කියනවා. එතකොට ඉන්ද්රිය දමනය තව ටිකක් එහාට යනවා. නිවන් දකින්නට බලාපොරොත්තු වෙනවා නම් දුකින් මිදෙන්නට බලාපොරොත්තු වෙනවා නම් ටික ටික ඉස්සරහට එන්නට ඕනෑ.අඩුගණනේ මාසේ එක් පොහොයකටවත් පෙහෙවස් සමාදන් වෙන්න ඕනෑ. අඩු තරමින් තමන්ගේ ඉන්ද්රිය දමනය ඇති කර ගන්නට මහන්සි ගන්නවා නම් ඒකත් එක්තරා විධියකට මේ ලැබුවා වූ මිනිසත් බවින් ප්‍රයෝජන ගත්තා වනවා. ඒ විතරක් නොවෙයි, තව තවත් බොහෝ කරුණු තිබෙනවා. මේ පින්වතුන්ට විග්රහ කරලා දෙන්නට නමුත් ලැබී තිබෙන කාල සීමාව ඉතාම සුළුයි. ඒ නිසා මේ පින්වතුන් මේ ජීවිතයේ බලාපොරොත්තු වන අකාරයේ යපතක් තිබෙනවා නම් ඒ යහපත සිද්ධ කර ගන්නට තවත් කාරණා ස්වල්පයක් විස්තර කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, අප හැම දෙනාම මේ ලෝකයේ ඉන්න මනුෂ්‍යයන් වශයෙන් බලාපොරෙත්තු වන කාරණා පහක් තිබෙනවා. ඒ කාරණා පහ තමයි. ආයුෂ, වර්ණ , සැප, යසස,ස්වර්ගය කියන මේ කාරණා පහ.කොච්චර දුකයි කිව්වත් මිනිසත් බව දුර්ලභයි. කියල කිව්වත්, සද්ධර්මය දුර්ලභයි කියල කිව්වත්,මේ සංසාරය ගැන කොච්චර කිව්වත් සාමාන්‍ය පෘථග්ජනයෙක් ලෝකයේ මේ කාරණා පහ ලැබීමට පි‍්‍රය කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ‘පංචකො ගහපති ධම්මා ඉට්ඨා’ කන්තා , මනාපා, දුල්ලභා ලොකස්මිං’ මේ ලෝකයේ මනුෂ්‍යයන්ට ඉෂ්ට කාන්ත මනාප ධර්ම පහක් තිබෙනවා. හැබැයි දුර්ලභයි. මා කලින් මතක් කළ පරිදි ආයුංඛො ගහපති ඉටෙඨා කනෙතා මනපො දුල්ලභො ලොකස්මිං ,ගෘහපතිය ආයුෂ කියන එක ඉෂ්ටයි. කාන්තයි, මනාපයි, දුර්ලභයි. මේ ලෝකයේ ආයුෂ කියල කිව්වත් බොහොම සැප සේ දීර්ඝායුෂ භුක්ති විඳිනවායි කියල ප්‍රාර්ථනා කරනවා නම් ඒක තමයි දුර්ලභයි කියල කිව්වේ. ඊළඟට වර්ණය, වයසට යන කල්ම තමන්ගේ වර්ණය අනුන්ට අපි‍්‍රය නොවි,අඟපසඟ දුර්වලතාවයක් නැතිව ප්‍රසන්නව ජීවත්වන්නට තිබෙනවා නම් ඒක තමයි වර්ණ සම්පත්තිය. මේක ඇතිව දිගු කාලයක් ජීවත් වන්නට ලැබෙනවා නම් කාටත් පි‍්‍රයයි, මනාපයි. නමුත් මේ කාරණයත් ලෝකයේ දුර්ලභයි කියල දේශනා කළා. ඊළඟට ඇහැ , කන, දිව,මනස කියන ඒවා පිනවමින් හොඳට ජීවත් වෙන්නට පුළුවන් නම් ඒ කියන්නේ, කායික සැප සහ මානසික සැප විඳින්නට පුළුවන් නම්, වයසට ගිහිල්ලත් මැරෙන කල්ම ඔය තත්ත්වයෙන් ඉන්න පුළුවන් නම් ඒකත් ඉෂ්ටයි ,කාන්තයි, මනාපයි . ඒත් බුදුරජාණන් වහන්සේ ඒක දුර්ලභ කාරණයක් කියල දේශනා කරනවා. ඊළඟට යසස,හොඳ අඹුදරුවන් ඇතුව, යාන වාහන, ගේ දොර ඉඩකඩම් ඇතුව කීර්ති ප්‍රශංසා, නම්බුනාම ඇතුව ලෝකයේ හොඳට පැතිරිලා ජීවත් වෙන්නට පුළුවන් නම් ඒක තමයි යසස කියල කියන්නේ. ඉතින් ඒකත් ඉෂ්ටයි, කාන්තයි, මනාපයි.[/SIZE] [RIGHT][IMG]http://www.lakehouse.lk/budusarana/2014/04/22/z_p10-manu2.jpg[/IMG] අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ දහම් දෙසුමක් ඇසුරෙන් මෙම ලිපිය ‘බුදුසරණ’ පුවත්පතට සැපයු මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ මහඔය අනුරුද්ධ ස්වාමින් වහන්සේ කෘතවේදීව සිහිපත් කරමු.[/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom