Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්ම රත්නය

අප තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයෙන් අවබෝධ කොට වදාළ උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ සියලු දේ ධර්ම රත්නයයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුව ආර්ය ශ්‍රාවකයන් විසින් දේශනා කොට වදාළ දේශනාද, ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කොට භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාළ දේශනා සහ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුව දේශනා ක්‍රමය අනුව විස්තර වශයෙන් කරන ලද ධර්ම සංග්‍රහ කිරීමද ධර්ම රත්නයටම අයත් වෙයි. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙහි හරයයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සියලු දුක් නැති කොට විමුක්තිය සාක්ෂාත් කල හැකිය. එසේ විමුක්තිය සාක්ෂාත් කරන සසර බැමි සිඳ බිඳ දමන උතුම් වූ මාර්ග ඥානයන් සතරක් වෙයි. ධර්මයෙහි සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, අරහත් යනුවෙන් දක්වන්නේ මේ උතුම් මාර්ග ඥානයන් සතරයි. දුක් කෙලවර කරන මෙම උතුම් මාර්ග ඥානයන් එකිනෙක ලබනු සමගම අතරක් නොතබාම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන පල නුවණද ලැබෙයි. අවසන් වශයෙන් උතුම් අරහත් මගපල නුවණ ලබනු සමගම නිවන, නිර්වාණය, විමුක්තිය ප්රත්යක්ෂ කෙරෙයි. ඒ අනුව ලොවෙන් එතෙර කරවන ධර්මයෝය, යන අදහසින් සතර මාර්ග පල (සෝවාන් මාර්ගය, සෝවාන් පලය, සකෘදාගාමි මාර්ගය, සකෘදාගාමි පලය, අනාගාමි මාර්ගය, අනාගාමී පලය, අරහත් මාර්ගය, අරහත් පලය) සහ නිර්වාණය යන මේ ධර්ම නවය නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය යයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේගේ සියලු දේශනා අවසන් වශයෙන් අරමුණු කරන්නේ මෙම උතුම් නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සාක්ෂාත් කිරීම සඳහා චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමය. එනිසා ලෝකෝත්තර මාර්ගය හෙළි කරන අනුත්තරීය ධර්ම චක්‍රය වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය උතුම් වූ ධර්ම රත්නය වෙයි. පින්වත් බොදු ඔබ සැම සරණ ගියේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම රත්නයයි. මේ ලිපිය ලියන මාගේ, මෙය කියවන ඔබගේ, මෙය නොකියවන අන් සැමගේ දුක් නිවීම පිණිස, සැපය පිණිස, පහසු විහරණය පිණිස, අභියෝග ජය ගැනීම පිණිස එකම, සුදුසුම, ඒකායන මගද නොවරදින මගද පිහිටද ධර්මයයි.

නමුත් අවාසනාවකට, උතුම් වූ ධර්ම රත්නය අසා එහි පිහිට ලබා ගැනීමට හැකි වාසනාව තිබියදී ධර්ම රත්නය පිළිබඳව නිරවුල් අවබෝධයක් නොමැති කමින් ධර්ම රත්නය පිළිබඳව වරදවා පිළිපැදීමෙන් ඔබ අප බොහෝ දෙනා නොමග යන බවට කරුණු පෙනෙන්නට තිබේ. උතුම් වූ ත්‍රිපිටක ධර්මය, ත්‍රිපිටක ධර්මය සංග්‍රහ වී ඇති ආකාරය, ධර්මය අසන ඉගෙන ගන්නා පිළිවෙල පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ උපදේශයන්, ධර්මය අනුව පිළිපැදීමට යොමු විය යුතු ආකාරය, උතුම් වූ අට්ඨකථා (අටුවා) සාහිත්‍ය ආදිය ගැන නිරවුල් අවබෝධයක් නොමැති වීමෙන් ඉතා අවුල් සහගත මතවාද සහ විටෙක ධර්ම විරෝධී අදහස් බෞද්ධ අප වෙතින්ම පැන නගින බව පෙනෙන්නට තිබේ. එනිසා දුෂ්කර කාර්යයක් වුවද අපේ ශක්ති ප්‍රමාණයෙන් උතුම් වූ ත්‍රිපිටක ධර්මය, එය සංග්‍රහ වීම, අටුවා සාහිත්‍යය මෙන්ම විශේෂයෙන් ධර්ම ගරුත්වය සහිතව ධර්ම රත්නය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය ගැන නිරවුල් කරුණු දැක්වීමක් කිරීම අරමුණු කරගෙන මෙම ලිපිය ලියන්නට සිත්විය. මෙම අරමුණට අදාල සියලු කරුණු එක ලිපියකින් සංග්‍රහ කිරීම කිසිසේත්ම කල හැක්කක් නොවන බවත්, එවැනි පරිපූර්ණ විග්‍රහයක් කිරීමට තරම් විශද නුවණක් හෝ බහුශ්‍රැත බවක් අප සතු නොවන බවත් නිහතමානීව පළමුව දක්වා සිටිමි. නමුත් ධර්මය ඇසුරින්ම කරනු දක්වමින් නිරවුල් විය යුතු තැන් කිහිපයක් දක්වා යම් මග පෙන්වීමක් කිරීමට අපට හැකිය. අප සඳහන් කරන කරුණු වල යම් වරදක් වෙතොත් අප කෙරෙහි කරුණාවෙන් මෙත් සිතැතිව ඒ පෙන්වා දෙන කලණ මිතුරන්ට පින්දෙමි. සියලු කරුණු භාග්‍යවතුන් වහන්සේගේ දේශනා සමග සසඳා ශ්‍රද්ධාවෙන්ද නුවණින්ද යුත් ධර්මධරයන් සමග සාකච්ඡා කරනු ලබන මෙන් පළමුව ඉල්ලා සිටිමි.

භාග්‍යවතුන් වහන්සේගේ සියලුම දේශනා පොදුවේ “ධර්මය” නමින් හැඳින්වෙයි. ධර්මය නැවත “ධර්ම” සහ “විනය” වශයෙන් කොටස් දෙකකි. එයින් “ධර්ම” යන්න “සූත්‍ර” සහ “අභිධර්ම” යනුවෙන් කොටස් දෙකකි. ත්‍රිපිටකය යනුවෙන් අප දක්වන්නේ සූත්‍ර, විනය,අභිධර්ම යන මේ කොටස් තුන බව ඔබ සම දනිතියි සිතමි. ත්‍රිපිටකය සහ එහි අන්තර්ගතය පිළිබඳව අමුතුවෙන් කරුණු දැක්වීම මෙහි අරමුණ නොවෙයි. නමුත් බෞද්ධ පින්වත් සමහර දෙනෙකු ත්‍රිපිටකය සහ එය සංග්‍රහ වීමත් එය පැවත ආ ආකාරයත් ගැන ඇති අනවබෝධය නිසා අවුලට පත්ව තිබෙනු පෙනෙයි. දැන් දැන් සමහරෙක් අති උතුම් වූ ත්‍රිපිටක ධර්මය පිළිබඳවත් සැක කිරීමටත් කරුණු නොදැනම ඒ පිලිබඳ විවේචන කිරීමටත් යාමෙන් තිසරණයම අහිමි කරගනිති. කල්ප කෝටි කාලාන්තරයකින් ලැබෙන අති දුර්ලභ මේ ධර්ම දායාදය තමනුත් නොලබා අන්‍යයන්ටද එය අහිමි කොට දුකට හේතු වන පව් රැස් කර ගනිති. සමහරෙක් අනවශ්‍ය වාද විවාද කරලීමෙහි අදහසින් දහම් කරුණු උපුටා දක්වා තමාගේ වාදයෙහි ජය පතති. එක් තැනෙක උත්තම වූ “ධම්ම පදයෙහි” බාල වර්ගයෙහි ගාථාවක් ගෙන එහි අරුත නොවිමසා අන්‍යයන්ට ගරහනු පිණිස යොදා ගනු දිටිමි. ඒ අතර තිසරණයට නොපැමිණි, භාග්‍යවතුන් වහන්සේටත් ධර්මයටත් සංඝයාටත් එරෙහිව වෛරයෙන් අදහස් දක්වන පිරිස්, මිත්‍යාව වැළඳ ගත් පිරිස් තිසරණයට පහර දීමෙන් සිය නිරය ගමන සහතික කරගනිති. පින් ඇති ඔබ, තිසරණ සරණ ගිය ඔබ මෙවැනි විටක ඉතාම ප්‍රවේශම් විය යුතුය. ගොඩ නැගිය නොහැකි ලෙස මිත්යාවෙහිම ගැලුණු පිරිසට කරුණු පහදා දී ධර්මයට ගැනීම පහසු නොවෙයි. කෙලෙස් මල යටපත් නොකර ඔබත් මමත් ඔවුන් සමග වාදයට යාමෙන් ද්වේශයටත්, මිත්‍යාවෙහි ගැලී නගන සමහර ගැටළු වලට ඉවසිලිවන්ත නොවී නුවණින් නොවිමසා පිළිතුරු දීමට යාමෙන් ධර්මයටත් විශේෂයෙන්ම සංඝ රත්නය විෂයෙහිත් වැරදි කරුණු දැක්වීමෙන් බොහෝ පව් සිදුවිය හැකිය. ඔබේ සරණ නැති කර ඔබ අසරණ කිරීමට ඉඩ නොදෙන්න. මුනින් අතට හරවා ඇති බඳුනකට දිය වත් කල නොහැකිය. ඔවුන්ට කරුණාවෙන් අනුකම්පා කරන්න, ඔවුන් සමග අනවශ්‍ය පරිදි වාදයට නොගොස් පරාජය වන්න. එයින්ම මෙලොව පරලොව දිනන්න. ඒ සඳහා ඔබට නුවණ තිබේ.

අද තිබෙන ත්‍රිපිටකය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන්ගෙන්ම (ප්‍රධාන වශයෙන්) සමන්විත නිවැරදි ථෙරවාද ත්‍රිපිටකය බවට කරුණු.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් තෙමසකින්, ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනයෙහි තෘතීය ශ්‍රාවක වූ, මහෝත්තම වූ, භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර, සසුනෙහි ධුතාංගධාරීන් අතරින් අග තැන්පත් මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේත් මහෝත්තම වූ, අභිඥා ලාභීන් අතර අග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර අනුරුද්ධ මහා රහතන් වහන්සේගේත් ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවති බව අපි දනිමු. එහිදී මහෝත්තම වූ, බහුශ්‍රැතයන් අතරින්ද, ස්මෘති ශක්තිය ඇත්තන් අතරින්ද, සිහි නුවණ ඇත්තන් අතරින්ද අග්‍ර වූ ධර්ම භාණ්ඩාගාරික වූ, අග්‍ර උපස්ථායක වූ ආනන්ද මහා රහතන් වහන්සේත්, මහෝත්තම වූ විනය ධරයන් අතරින් අග්‍ර වූ උපාලි මහා රහතන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන් ඒ අයුරින්ම දේශනා කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ඒ තැන දේශනා කරන ලද සියලු ධර්මය නැවත සංක්ෂිප්ත වශයෙන් ආනන්ද මහා රහතන් වහන්සේට දේශනා කොට තිබුන බව අපි මතක තබා ගත යුතුයි. තවද, මෙහිදී ධර්ම සංගායනාවට ඒ වන විට වැඩ සිටි ශ්‍රී ගෞතම බුදු සසුනෙහි මහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළුව මහෝත්තම වූ, සිව්පිළිසිඹියාපත් මහා රහතන් වහන්සේලා පන්සීය නමක් සහභාගී වූ බව සඳහන් කල යුතුයි. මෙහිදී පැහැදිලිවම සූත්‍ර, අභිධර්ම සහ විනය යන පිටක තුනම සංගායනා වූ බවට පැහැදිලි සාක්ෂි තිබේ. සමහරෙක් අභිධර්ම පිටකය සංගායනා වීම පිළිබඳව ප්‍රශ්න නැගුවත් අභිධර්මය සම්බුද්ධ භාෂිතයක් බවට ඉතාම නිරවුල් සාක්ෂි ඇත.. (අභිධර්ම පිටකය පිළිබඳව විග්‍රහයක් වෙනම ලිපියකින් සිදු කල යුතුය).

පලමු සංගායනාවෙන් සංගායනා කල අත්‍යුත්තම ත්‍රිපිටකය ඒ අයුරින්ම අපට දායාද වූ අයුරු දැනගනිමු.

සම්බුද්ධ පරිනිර්වාණය වන විට සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලාද, රාහුල මහා රහතන් වහන්සේ ඇතුළු අසූ මහා ශ්‍රාවකයන් අතරින් බොහෝ නමක්ද පිරිනිවන්පා තිබිණි. මහෝත්තම වූ මහාකාශ්‍යප, අනුරුද්ධ, උපාලි, ආනන්ද ආදී මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකින් පළමු ධර්ම සංගායනාව පවත්වන ලදුව බොහෝ මහා ශ්‍රාවකයන් වහන්සේලා විසින් සිය දහස් ගණනින් ශිෂ්‍ය සංඝයා වහන්සේලා හට ත්‍රිපිටක ධර්මය උගන්වා තිබිණ. මහෝත්තම අග්‍රශ්‍රාවක වූ ධම්ම සේනාපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව විශේෂයෙන් අභිධර්ම පිටකය විශේෂ කොට ත්‍රිපිටක ධර්මය උගෙන තිබිණ. මේ අතරින් පෙර දක්වන ලද උපාලි මහා රහතන් වහන්සේ ගණනය කල නොහැකි තරම් මහත් වූ ශිෂ්‍ය පිරිසකට ත්‍රිපිටක ධර්මය උගැන්වූ බව දක්වා තිබේ. උන්වහන්සේගේ මහත් වූ ශිෂ්‍ය පිරිසෙන් අග්‍ර වූ මහරහතන් වහන්සේලා දහසකට මූලික වූ “දාසක මහා රහතන් වහන්සේ” විශේෂයෙන් උන්වහන්සේගෙන් පසුව ශිෂ්‍ය පරම්පරාවට පළමු ධර්ම සංගායනාව පරිදිම ත්‍රිපිටක ධර්මය උගන්වා ඇත. එම ශිෂ්‍ය පරම්පරාවේ මූලිකයා වූ “සෝණක මහා රහතන් වහන්සේ” විසින් තමන් වෙත පැමිණ පන්සියයක් පිරිස සමග පැවිදි වූ “සිග්ගව සහ චණ්ඩවග්ගී” යන ශිෂ්‍ය රහතන් වහන්සේලාට ත්‍රිපිටක ධර්මය උගන්වා පරිපූර්ණ කොට ඇත. මේ වන විට සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ඉක්මී තිබිණ. එකල භාග්‍යවතුන් වහන්සේ සියැසින් දුටු උත්තම ශ්‍රාවකයෝ අට දෙනෙක් වැඩ වාසය කරන ලද අතර ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය නමක් වූ රේවත මහා රහතන් වහන්සේ ඉන් ප්‍රධාන විය. දෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට මූලික වූයේද මෙම රේවත මහරහතන් වහන්සේය. එවකට ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනයෙහි වැඩසිටි ජ්‍යෙෂ්ඨයා ලෙස මතු බුදු සසුනෙහි ආරක්ෂාව පිරික්සන උන් වහන්සේ නැවත තෙවන ධර්ම සංගායනාවක් පැවැත්වෙන කාලය උතුම් වූ නුවණින් විමසා බලන්නේ එය සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය තිස් හයේදී සිදු වන බව දැන, මතු සසුනේ දියුණුව සලකමින් එම ධර්ම සංගායනාව පැවැත්වීමට සුදුස්සා විමසා බැලූ සේක. එවිට මහත් පින් ඇති ධර්මාවබෝධයට සරිලන නුවණ ඇති බ්‍රහ්ම ලෝකයෙහි වසන ආයුෂ පිරිහුණු “තිස්ස” නම් බ්‍රහ්මයෙක් දැක බඹ ලොවට වැඩ බුදුසසුනේ චිරස්ථිතිය පිණිස මනු ලොව උපදින්නට ආරාධනා කරනලදී. තවද මැනවින් විමසා, බලා පෙර සඳහන් කරන ලද උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවෙන් පවත එන සිග්ගව, චණ්ඩවග්ගී යන මහරහතන් වහන්සේලා වෙත එළඹ, තිස්ස බ්‍රහ්මයා මනුලොව ඉපදීමෙන් පසුව උන්වහන්සේ පැවිදි කොට උතුම් වූ ත්‍රිපිටක ධර්මය ඉගැන්වීමට භාර කරන ලදී.

තුන්වන ධර්ම සංගායනාවට මුල් වූ උත්තම වූ, “මොග්ගලීපුත්ත තිස්ස” මහරහතන් වහන්සේ යනු එම තිස්ස බ්‍රහ්මයාය. උන්වහන්සේගේ චරිත කථාව ශාසන ඉතිහාසය දනු කැමති පින්වත් පිරිස කියවා බලන්නේ නම් මැනවි. තවද චණ්ඩාශෝක අධිරාජ්‍යයාගේ සිත පහන් කොට ධර්මාශෝක බවට පෙරලීමට මුල් වූ “නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ” මෙම මොග්ගලී පුත්තතිස්ස තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය නමකි. තවද සිංහල අපට අනුබුදු වූ, අප කෙරෙහි මහත් කරුණාවෙන් අප දිවයිනට පැමිණ බුදුසසුන පිහිටවා මුළුමහත් ජාතියත් ශිෂ්ටාචාරයත් සම්බුදු දහමින් සුවපත් කල, උත්තම වූ මිහිඳු මහරහතන් වහන්සේ වූ කලී මෙම මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානම ශිෂ්‍ය රත්නයකි. අපට උතුම් සද්ධර්මය ලැබුනේ උන්වහන්සේගෙනි. තෙවන ධර්ම සංගායනාවෙන් පසු ලොව පුරා ධර්ම ප්‍රචාරය කරවීමට සැලසූ ධර්මාශෝක රාජ්‍ය සමයෙන් පසුවද තවත් වසර සිය ගණනක් දඹදිව බුදුසසුන විරාජමානව පැවතිණි. ග්‍රීසියේ මිලිඳු (මිලැන්ඩර් නමින් හඳුනාගෙන ඇති) රජු සමග දාර්ශනික ධර්ම සංවාදයක් කල “නාගසේන” නම් උතුම් වූ මහරහතන් වහන්සේ පවා දඹදිව වැඩ සිටියේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයකටත් පසුවය. ලොව පුරා දේශයන්හි බුදුසසුන මෙසේ මැනවින් පැතිර බොහෝ මහරහතන් වහන්සේලා වැඩ සිටියදී මිහිදු මහා රහතන් වහන්සේගෙන් පසුව ඉතා ශීඝ්‍රයෙන් ලංකාවේද බුදු සසුන මුල් බැසගෙන පැතිර ගියේය. ලක්දිව උතුම් වූ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කරන්නට යෙදුනේ මෙලෙස දඹදිව පවා මහරහතන් වහන්සේලා වැඩ සිටි මැනවින් බුදුසසුන ප්‍රචලිතව පැවති බුද්ධ වර්ෂ (456) හාරසිය පනස් හයේ දීය. එනිසා වර්තමානයේ අප සතුව පවතින නිර්මල ත්‍රිපිටක ධර්මය පිළිබඳව සැක කරන්නට කිසිදු සාධාරණ කරුණක් නැත්තේමය. තවද ධර්මාශෝක රජතුමා ලංකාවට මෙන්ම පෙරදිග කෙලවරින් ග්‍රීසිය ආදී බටහිර රටවල් දක්වාම ධර්ම ප්‍රචාර කටයුතු කල බවට සාධක තිබේ. අද ථෙරවාද ධර්මයේ ප්‍රාමාණික ග්‍රන්ථාවලිය (නිවැරදිම සහ ප්‍රධානම) ලෙස සැලකෙන්නේ මෙසේ ග්‍රන්ථාරූඪ කරන ලදුව රැකගෙන ආ ත්රිපිටකයයි. “ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටකය” නමින් ක්‍රිස්තු වර්ෂ 1956, නොහොත් 2500 බුද්ධ ජයන්ති වර්ෂයේදී යෝජනා කොට සිංහල පරිවර්තනය සහිතව පාලි ත්‍රිපිටකය මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කොට මේ වන විට එය අප අතට පත් වී ඇත. එම කටයුත්ත සිදු කරන ලද්දේ පුළුල් ධර්මධර සංඝ මණ්ඩලයක් විසින් ලංකාවේ, බුරුමයේ, තායිලන්තයේ සහ ඉන්දියාවේ රැකගෙන ආ ත්‍රිපිටක තල් පත්‍ර පිටපත් මැනවින් සංසන්දනය කරමිනි. එම පිටපත් කොතරම් නිවැරදිද කිවහොත් එකී බුරුම තායි පිටපත් සහ ලංකාවේ පිටපත් මැනවින් එකිනෙකට සමානව දක්නට තිබිණ. සමහර සූත්‍ර වල ඉතාම සුළු වශයෙන් වචනයක ඉස්පිල්ලක, පාපිල්ලක, වචනයක කොටසක ආදී වශයෙන් අරුතට හානි නොවන දුලබ වෙනස්කමක් හැරුනුකොට නියම පාලි ත්‍රිපිටකය නොවෙනස්ව මනාව ආරක්ෂා වී තිබිණ. වසර දහස් ගණනක් තිස්සේ ථෙරවාදී සංඝ පරම්පරාව මා වැන්නෙකුට වචනයෙන් කිසිසේත්ම කිව නොහැකි තරම් මහත් පරිශ්‍රමයෙන් කැපවීමෙන් අප වෙත මේ මහඟු ධර්ම දායාදය නිරුපද්‍රිතව පරිපූර්ණව ශේෂ කොට ඇති බව සඳහන් කරන්නේ උත්තම වූ සංඝ රත්නයට සිතින් කයින් වචනයෙන් මාගේ අත්‍යන්ත නමස්කාරයද ගෞරවයද දක්වමිනි. අද බොහෝ බොදුනුවන්ට අමතක වී තිබෙන නමුත් බැමිණිතියාසාය වැනි ස්වභාවික උවදුරු, එළාර, කාලිංඝ මාඝ, චෝල ආදී මෙන්ම ඉංග්‍රීසීන් දක්වාම විවිධ ආක්‍රමණයන් සහිත උපද්‍රව කාලයන්හි අප මහා සංඝ රත්නය මේ උතුම් ධර්මය දායාදය අප වෙනුවෙන්ම ආරක්ෂා කරන්නට සිය ජීවිත කැප කොට කටයුතු කර ඇත. මේ කරුණු දැනගැනීමට උනන්දු පින්වතුන් අඩුම තරමින් අතිශය ගෞරවාර්හ රේරුකානේ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සේ විසින් ලියන ලද “සූවිසි මහගුණය” තෙරුවන් ගුණ විස්තර දක්වන ග්‍රන්ථය කියවන ලෙස මතක් කරමි. තෙරුවන් ගුණ දැන ඒ කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගැනීමට මහත් රුකුලක්ද එම මහානර්ඝ දහම් පොතින් ඔබට ලබා ගත හැකිය.

ධර්ම ගරුත්වය ඇති කරගනිමු.

ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ පිළිබඳව ඇති වැටහීමත් ශ්රද්ධාවත් සමග වෙන් කල නොහැකි ලෙස අත්‍යන්තයෙන් බැඳී පවතී. අප බොහෝ දෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ ගැන යම් ශ්‍රද්ධාවක් පැහැදීමක් ඇති බව සැබෑය. නමුත් අනුරාධපුර යුගයෙන් පසු සමස්තයක් ලෙස තිසරණය විෂයෙහි අපේ පැහැදීම යම් පිරිහීමකට පත්ව ඇති බව මගේ විශ්වාසයයි. භාග්‍යවතුන් වහන්සේ ගැන ඇති වැටහීම වැඩි වන තරමට ඔබ තුල ධර්මය කෙරෙහි ඇති වන අවබෝධය දියුණු වෙයි. බෞද්ධ සාසන ප්‍රතිපදාව ආරම්භ වන්නේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති වන පැහැදීමෙනි, ශ්‍රද්ධාවෙනි. සාසනයෙහි මුල ශ්රද්ධාවයි. බුදු ගුණ අනන්තය, අචින්ත්‍යය. අප වැනි ගුණ හීන පෘථග්ජනයන් තබා, මහෝත්තම වූ සැරියුත් දම් සෙනෙවියන් වහන්සේ පවා බුදු ගුණයෙන් දන්නේ යම් ප්‍රමාණයක් පමණි. ඒ බව සැරියුත් මහරහතෙන් වහන්සේම පැහැදිලිව සඳහන් කර ඇත. එනිසා බුදු ගුණයෙහි අනන්ත බව තේරුම ගෙන භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් පිළිපදින්න. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නිගරු ලෙස සිතීමෙන්, වචන භාවිතයෙන් සහ හැසිරීමෙන් වලකින්න. භාග්‍යවතුන් වහන්සේ පිලිබඳ සඳහන් කිරීමේදී සුදුසුම ගෞරවනීය වචන හැර හුදු ආමන්ත්‍රණවාචී වචන සහ යෙදුම් භාවිතා නොකරන්න. භාග්‍යවතුන් වහන්සේ පමණක් නොව උන්වහන්සේ සුමේධ තාපසතුමා ලෙස දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හමුයෙහි නියත විවරණ ලබන දින පවා අෂ්ට සමාපත්ති ලාභී අභිඥා ඇති මහත් ගුණවතෙක් වූ බව සිහිකරන්න. කොටින්ම දීපංකර භාග්‍යවතුන් වහන්සේ පවා සුමේධ තාපසයන් වහන්සේ කෙරෙහි ගෞරව කල බව සිහිතබා ගන්න. අසම සම සම්මා සම්බුදු රජාණන් වහන්සේලා පවා, උන්වහන්සේලාට වඩා ගුණයෙන් පහල සිටියද ගුණවතුන් කෙරෙහි ගරු කල බව දක්වා තිබේ. ඉතින් කෙලෙසුන් සහිත අප වැනි ගුණ හීනයන් අසම සම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි කවර නම් ගෞරවයක් ඇතිව ක්‍රියා කල යුතුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වනාහි අනන්ත කාලයක් සසරෙහි බ්‍රහ්ම ලෝකයන්හි ඉපිද සිටි, මහත් පින් ඇති මහා ගුණවත් උත්තමයෙකි. උන්වහන්සේ ගිහිගෙය හැර පැවිදි වන විට මහපොලව කම්පා විය. නමුත්, උන්වහන්සේ පවා අප භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ නැවි නැවී, දුර සිටම මහත් ගෞරවයෙන් වන්දනා කරමින් අතිශය ගෞරව සම්පන්නවය. ඉතින් ඔබ මම වැනියන් ගැන කවර කතාද? දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මිනිසුන් සහිත ලෝකධාතූන්හි සම්බුද්ධත්වය ලබන භවයෙහි මහා බෝධිසත්වයන්ට ගුණයෙන් සම කල හැකි වෙනත් අයෙක් නැත.

ලොවට ධර්ම දායාදය ලබා දුන් භාග්‍යවතුන් වහන්සේගේ පාරමිතා කාලය

අප බොහෝ දෙනෙක්ට ධර්මය සුලභව අසන්නට දකින්නට ලැබුණු නිසාදෝ එහි දුලභ බවත් එහි අත්‍යන්ත වටිනාකමත් නොදැනෙන බව විටෙක සිතේ. එනිසා මේ උතුම් ධර්මය අවබෝධ කරගැනීමට භාග්‍යවතුන් වහන්සේ දරන ලද අනන්ත පරිශ්‍රමයත් මහා බෝධිසත්වයන් වහන්සේ ලෙස සසරෙහි කරන ලද අප්‍රමාණ පුණ්‍ය සම්භාරයත් ගැන අදහසක් අවශ්‍යමය. අප බෝධිසත්වයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පුරන ලද බව අපි අසා ඇත. නමුත් මෙම දීර්ඝ කාල ප්‍රමාණය ගැන බොහෝ දෙනෙකුට නිරවුල් අවබෝධයක් නැති බව පෙනෙන බැවින් ඒ ගැන විග්රහ කිරීම සුදුසු යයි සිතමි.

කල්පය සහ අසංඛ්‍ය වටහා ගනිමු.

කල්පය.

ලෝකධාතුන් වල හටගැනීම පැවැත්ම විනාශය සැලකීමේදීත් සංසාරය ගැන සඳහන් කිරීමේදීත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා විසින් දක්වන ඇති දීර්ඝ කාල මිනුමකි “කල්පය”. භාග්‍යවතුන් වහන්සේ බොහෝ විට කල්පය දක්වා ඇත්තේ උපමාවලිනි. බොහෝ දෙනෙකු අසා ඇති “අබ ඇට වල උපමාව මෙහි දක්වමි” .

යොදුනක් දිග (සැතපුම් දහසයක්), යොදුනක් පළල, යොදුනක් ගැඹුරු සතරැස් වලක් හෝ අගාධයක් හෝ අවකාශයක් සිතන්න. මේ ඝන යොදුන් අවකාශය මුළුමනින්ම අබ ඇටවලින් පුරවා ඇති බව සිතන්න. පසුව මනුෂ්‍ය වර්ෂ සියයකට එක අබ ඇටය බැගින් මෙම අබ ඇට ඉවත් කලහොත් සියලුම අබ ඇට ඉවත් කිරීමට ගත වනු ඇති කාලයට වඩා “කල්පය” දිග බව දක්වා තිබේ. කල්පය එතරම් අති දීර්ඝ කාලයකි.

අසංඛ්‍යය

අසංඛ්‍යය යනු ඉලක්කමකි. දහය, සියය, දහස, මිලියනය, බිලියනය වැනි ඊට වඩා අතිශය විශාල ඉලක්කමකි. දහසට එකයි බින්දු තුනකි. අසංඛ්‍ය ට එකයි බින්දු එකසිය හතළිහකි. පුරාණ බෞද්ධ සාහිත්‍යයෙහි දක්වෙන පිළිගත් සංඛ්‍යා ක්‍රමය අනුව මෙසේ එය දක්වමු. ලක්ෂ සියය කෝටියකි. කෝටි ලක්ෂ සියය ප්‍රකෝටියකි. ප්‍රකෝටි ලක්ෂ සියය නහුතයකි. නහුත ලක්ෂ සියය නින්නහුතයකි. නින්නහුත ලක්ෂ සියය අක්ෂෞභිණියකි. අක්ෂෞභිණි ලක්ෂ සියය බින්දුවකි. බින්දු ලක්ෂ සියය අබ්බුදයකි. අබ්බුද ලක්ෂ සියය නිරබ්බුදයකි. නිරබ්බුද ලක්ෂ සියය අහහ යකි. අහහ ලක්ෂ සියය අබබයකි. අබ්බ ලක්ෂ සියය අටට යකි. අටට ලක්ෂ සියය සෝගන්ධිකයකි. සෝගන්ධික ලක්ෂ සියය උප්පලයකි. උප්පල ලක්ෂ සියය කුමුදයකි. කුමුද ලක්ෂ සියය පුණ්ඩරික යකි. පුණ්ඩරික ලක්ෂ සියය පදුමයකි. පදුම ලක්ෂ සියය කථානයකි. කථාන ලක්ෂ සියය මහා කථානයකි. මහා කථාන ලක්ෂ සියය අසංඛ්‍යයකි.

ඊළඟ පොස්ට් එක හා සම්භන්ධයි (එක වරකට දාන්න පුළුවන් අකුරු 20000 ය ලු )

උපුටාගත්තේ මෙතනින්

http://lankacnews.com/sinhala/main-news/87837/[/SIZE]

[QUOTE="polwattacom, post: 14219005, member: 114075"] [SIZE="5"]ධර්ම රත්නය අප තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයෙන් අවබෝධ කොට වදාළ උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ සියලු දේ ධර්ම රත්නයයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුව ආර්ය ශ්‍රාවකයන් විසින් දේශනා කොට වදාළ දේශනාද, ශ්‍රාවකයන් වහන්සේලා විසින් දේශනා කොට භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාළ දේශනා සහ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුව දේශනා ක්‍රමය අනුව විස්තර වශයෙන් කරන ලද ධර්ම සංග්‍රහ කිරීමද ධර්ම රත්නයටම අයත් වෙයි. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙහි හරයයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සියලු දුක් නැති කොට විමුක්තිය සාක්ෂාත් කල හැකිය. එසේ විමුක්තිය සාක්ෂාත් කරන සසර බැමි සිඳ බිඳ දමන උතුම් වූ මාර්ග ඥානයන් සතරක් වෙයි. ධර්මයෙහි සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, අරහත් යනුවෙන් දක්වන්නේ මේ උතුම් මාර්ග ඥානයන් සතරයි. දුක් කෙලවර කරන මෙම උතුම් මාර්ග ඥානයන් එකිනෙක ලබනු සමගම අතරක් නොතබාම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන පල නුවණද ලැබෙයි. අවසන් වශයෙන් උතුම් අරහත් මගපල නුවණ ලබනු සමගම නිවන, නිර්වාණය, විමුක්තිය ප්රත්යක්ෂ කෙරෙයි. ඒ අනුව ලොවෙන් එතෙර කරවන ධර්මයෝය, යන අදහසින් සතර මාර්ග පල (සෝවාන් මාර්ගය, සෝවාන් පලය, සකෘදාගාමි මාර්ගය, සකෘදාගාමි පලය, අනාගාමි මාර්ගය, අනාගාමී පලය, අරහත් මාර්ගය, අරහත් පලය) සහ නිර්වාණය යන මේ ධර්ම නවය නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය යයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේගේ සියලු දේශනා අවසන් වශයෙන් අරමුණු කරන්නේ මෙම උතුම් නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සාක්ෂාත් කිරීම සඳහා චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමය. එනිසා ලෝකෝත්තර මාර්ගය හෙළි කරන අනුත්තරීය ධර්ම චක්‍රය වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය උතුම් වූ ධර්ම රත්නය වෙයි. පින්වත් බොදු ඔබ සැම සරණ ගියේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම රත්නයයි. මේ ලිපිය ලියන මාගේ, මෙය කියවන ඔබගේ, මෙය නොකියවන අන් සැමගේ දුක් නිවීම පිණිස, සැපය පිණිස, පහසු විහරණය පිණිස, අභියෝග ජය ගැනීම පිණිස එකම, සුදුසුම, ඒකායන මගද නොවරදින මගද පිහිටද ධර්මයයි. නමුත් අවාසනාවකට, උතුම් වූ ධර්ම රත්නය අසා එහි පිහිට ලබා ගැනීමට හැකි වාසනාව තිබියදී ධර්ම රත්නය පිළිබඳව නිරවුල් අවබෝධයක් නොමැති කමින් ධර්ම රත්නය පිළිබඳව වරදවා පිළිපැදීමෙන් ඔබ අප බොහෝ දෙනා නොමග යන බවට කරුණු පෙනෙන්නට තිබේ. උතුම් වූ ත්‍රිපිටක ධර්මය, ත්‍රිපිටක ධර්මය සංග්‍රහ වී ඇති ආකාරය, ධර්මය අසන ඉගෙන ගන්නා පිළිවෙල පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ උපදේශයන්, ධර්මය අනුව පිළිපැදීමට යොමු විය යුතු ආකාරය, උතුම් වූ අට්ඨකථා (අටුවා) සාහිත්‍ය ආදිය ගැන නිරවුල් අවබෝධයක් නොමැති වීමෙන් ඉතා අවුල් සහගත මතවාද සහ විටෙක ධර්ම විරෝධී අදහස් බෞද්ධ අප වෙතින්ම පැන නගින බව පෙනෙන්නට තිබේ. එනිසා දුෂ්කර කාර්යයක් වුවද අපේ ශක්ති ප්‍රමාණයෙන් උතුම් වූ ත්‍රිපිටක ධර්මය, එය සංග්‍රහ වීම, අටුවා සාහිත්‍යය මෙන්ම විශේෂයෙන් ධර්ම ගරුත්වය සහිතව ධර්ම රත්නය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය ගැන නිරවුල් කරුණු දැක්වීමක් කිරීම අරමුණු කරගෙන මෙම ලිපිය ලියන්නට සිත්විය. මෙම අරමුණට අදාල සියලු කරුණු එක ලිපියකින් සංග්‍රහ කිරීම කිසිසේත්ම කල හැක්කක් නොවන බවත්, එවැනි පරිපූර්ණ විග්‍රහයක් කිරීමට තරම් විශද නුවණක් හෝ බහුශ්‍රැත බවක් අප සතු නොවන බවත් නිහතමානීව පළමුව දක්වා සිටිමි. නමුත් ධර්මය ඇසුරින්ම කරනු දක්වමින් නිරවුල් විය යුතු තැන් කිහිපයක් දක්වා යම් මග පෙන්වීමක් කිරීමට අපට හැකිය. අප සඳහන් කරන කරුණු වල යම් වරදක් වෙතොත් අප කෙරෙහි කරුණාවෙන් මෙත් සිතැතිව ඒ පෙන්වා දෙන කලණ මිතුරන්ට පින්දෙමි. සියලු කරුණු භාග්‍යවතුන් වහන්සේගේ දේශනා සමග සසඳා ශ්‍රද්ධාවෙන්ද නුවණින්ද යුත් ධර්මධරයන් සමග සාකච්ඡා කරනු ලබන මෙන් පළමුව ඉල්ලා සිටිමි. භාග්‍යවතුන් වහන්සේගේ සියලුම දේශනා පොදුවේ “ධර්මය” නමින් හැඳින්වෙයි. ධර්මය නැවත “ධර්ම” සහ “විනය” වශයෙන් කොටස් දෙකකි. එයින් “ධර්ම” යන්න “සූත්‍ර” සහ “අභිධර්ම” යනුවෙන් කොටස් දෙකකි. ත්‍රිපිටකය යනුවෙන් අප දක්වන්නේ සූත්‍ර, විනය,අභිධර්ම යන මේ කොටස් තුන බව ඔබ සම දනිතියි සිතමි. ත්‍රිපිටකය සහ එහි අන්තර්ගතය පිළිබඳව අමුතුවෙන් කරුණු දැක්වීම මෙහි අරමුණ නොවෙයි. නමුත් බෞද්ධ පින්වත් සමහර දෙනෙකු ත්‍රිපිටකය සහ එය සංග්‍රහ වීමත් එය පැවත ආ ආකාරයත් ගැන ඇති අනවබෝධය නිසා අවුලට පත්ව තිබෙනු පෙනෙයි. දැන් දැන් සමහරෙක් අති උතුම් වූ ත්‍රිපිටක ධර්මය පිළිබඳවත් සැක කිරීමටත් කරුණු නොදැනම ඒ පිලිබඳ විවේචන කිරීමටත් යාමෙන් තිසරණයම අහිමි කරගනිති. කල්ප කෝටි කාලාන්තරයකින් ලැබෙන අති දුර්ලභ මේ ධර්ම දායාදය තමනුත් නොලබා අන්‍යයන්ටද එය අහිමි කොට දුකට හේතු වන පව් රැස් කර ගනිති. සමහරෙක් අනවශ්‍ය වාද විවාද කරලීමෙහි අදහසින් දහම් කරුණු උපුටා දක්වා තමාගේ වාදයෙහි ජය පතති. එක් තැනෙක උත්තම වූ “ධම්ම පදයෙහි” බාල වර්ගයෙහි ගාථාවක් ගෙන එහි අරුත නොවිමසා අන්‍යයන්ට ගරහනු පිණිස යොදා ගනු දිටිමි. ඒ අතර තිසරණයට නොපැමිණි, භාග්‍යවතුන් වහන්සේටත් ධර්මයටත් සංඝයාටත් එරෙහිව වෛරයෙන් අදහස් දක්වන පිරිස්, මිත්‍යාව වැළඳ ගත් පිරිස් තිසරණයට පහර දීමෙන් සිය නිරය ගමන සහතික කරගනිති. පින් ඇති ඔබ, තිසරණ සරණ ගිය ඔබ මෙවැනි විටක ඉතාම ප්‍රවේශම් විය යුතුය. ගොඩ නැගිය නොහැකි ලෙස මිත්යාවෙහිම ගැලුණු පිරිසට කරුණු පහදා දී ධර්මයට ගැනීම පහසු නොවෙයි. කෙලෙස් මල යටපත් නොකර ඔබත් මමත් ඔවුන් සමග වාදයට යාමෙන් ද්වේශයටත්, මිත්‍යාවෙහි ගැලී නගන සමහර ගැටළු වලට ඉවසිලිවන්ත නොවී නුවණින් නොවිමසා පිළිතුරු දීමට යාමෙන් ධර්මයටත් විශේෂයෙන්ම සංඝ රත්නය විෂයෙහිත් වැරදි කරුණු දැක්වීමෙන් බොහෝ පව් සිදුවිය හැකිය. ඔබේ සරණ නැති කර ඔබ අසරණ කිරීමට ඉඩ නොදෙන්න. මුනින් අතට හරවා ඇති බඳුනකට දිය වත් කල නොහැකිය. ඔවුන්ට කරුණාවෙන් අනුකම්පා කරන්න, ඔවුන් සමග අනවශ්‍ය පරිදි වාදයට නොගොස් පරාජය වන්න. එයින්ම මෙලොව පරලොව දිනන්න. ඒ සඳහා ඔබට නුවණ තිබේ. අද තිබෙන ත්‍රිපිටකය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන්ගෙන්ම (ප්‍රධාන වශයෙන්) සමන්විත නිවැරදි ථෙරවාද ත්‍රිපිටකය බවට කරුණු. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් තෙමසකින්, ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනයෙහි තෘතීය ශ්‍රාවක වූ, මහෝත්තම වූ, භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර, සසුනෙහි ධුතාංගධාරීන් අතරින් අග තැන්පත් මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේත් මහෝත්තම වූ, අභිඥා ලාභීන් අතර අග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර අනුරුද්ධ මහා රහතන් වහන්සේගේත් ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවති බව අපි දනිමු. එහිදී මහෝත්තම වූ, බහුශ්‍රැතයන් අතරින්ද, ස්මෘති ශක්තිය ඇත්තන් අතරින්ද, සිහි නුවණ ඇත්තන් අතරින්ද අග්‍ර වූ ධර්ම භාණ්ඩාගාරික වූ, අග්‍ර උපස්ථායක වූ ආනන්ද මහා රහතන් වහන්සේත්, මහෝත්තම වූ විනය ධරයන් අතරින් අග්‍ර වූ උපාලි මහා රහතන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන් ඒ අයුරින්ම දේශනා කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ඒ තැන දේශනා කරන ලද සියලු ධර්මය නැවත සංක්ෂිප්ත වශයෙන් ආනන්ද මහා රහතන් වහන්සේට දේශනා කොට තිබුන බව අපි මතක තබා ගත යුතුයි. තවද, මෙහිදී ධර්ම සංගායනාවට ඒ වන විට වැඩ සිටි ශ්‍රී ගෞතම බුදු සසුනෙහි මහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුළුව මහෝත්තම වූ, සිව්පිළිසිඹියාපත් මහා රහතන් වහන්සේලා පන්සීය නමක් සහභාගී වූ බව සඳහන් කල යුතුයි. මෙහිදී පැහැදිලිවම සූත්‍ර, අභිධර්ම සහ විනය යන පිටක තුනම සංගායනා වූ බවට පැහැදිලි සාක්ෂි තිබේ. සමහරෙක් අභිධර්ම පිටකය සංගායනා වීම පිළිබඳව ප්‍රශ්න නැගුවත් අභිධර්මය සම්බුද්ධ භාෂිතයක් බවට ඉතාම නිරවුල් සාක්ෂි ඇත.. (අභිධර්ම පිටකය පිළිබඳව විග්‍රහයක් වෙනම ලිපියකින් සිදු කල යුතුය). පලමු සංගායනාවෙන් සංගායනා කල අත්‍යුත්තම ත්‍රිපිටකය ඒ අයුරින්ම අපට දායාද වූ අයුරු දැනගනිමු. සම්බුද්ධ පරිනිර්වාණය වන විට සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලාද, රාහුල මහා රහතන් වහන්සේ ඇතුළු අසූ මහා ශ්‍රාවකයන් අතරින් බොහෝ නමක්ද පිරිනිවන්පා තිබිණි. මහෝත්තම වූ මහාකාශ්‍යප, අනුරුද්ධ, උපාලි, ආනන්ද ආදී මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකින් පළමු ධර්ම සංගායනාව පවත්වන ලදුව බොහෝ මහා ශ්‍රාවකයන් වහන්සේලා විසින් සිය දහස් ගණනින් ශිෂ්‍ය සංඝයා වහන්සේලා හට ත්‍රිපිටක ධර්මය උගන්වා තිබිණ. මහෝත්තම අග්‍රශ්‍රාවක වූ ධම්ම සේනාපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව විශේෂයෙන් අභිධර්ම පිටකය විශේෂ කොට ත්‍රිපිටක ධර්මය උගෙන තිබිණ. මේ අතරින් පෙර දක්වන ලද උපාලි මහා රහතන් වහන්සේ ගණනය කල නොහැකි තරම් මහත් වූ ශිෂ්‍ය පිරිසකට ත්‍රිපිටක ධර්මය උගැන්වූ බව දක්වා තිබේ. උන්වහන්සේගේ මහත් වූ ශිෂ්‍ය පිරිසෙන් අග්‍ර වූ මහරහතන් වහන්සේලා දහසකට මූලික වූ “දාසක මහා රහතන් වහන්සේ” විශේෂයෙන් උන්වහන්සේගෙන් පසුව ශිෂ්‍ය පරම්පරාවට පළමු ධර්ම සංගායනාව පරිදිම ත්‍රිපිටක ධර්මය උගන්වා ඇත. එම ශිෂ්‍ය පරම්පරාවේ මූලිකයා වූ “සෝණක මහා රහතන් වහන්සේ” විසින් තමන් වෙත පැමිණ පන්සියයක් පිරිස සමග පැවිදි වූ “සිග්ගව සහ චණ්ඩවග්ගී” යන ශිෂ්‍ය රහතන් වහන්සේලාට ත්‍රිපිටක ධර්මය උගන්වා පරිපූර්ණ කොට ඇත. මේ වන විට සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ඉක්මී තිබිණ. එකල භාග්‍යවතුන් වහන්සේ සියැසින් දුටු උත්තම ශ්‍රාවකයෝ අට දෙනෙක් වැඩ වාසය කරන ලද අතර ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය නමක් වූ රේවත මහා රහතන් වහන්සේ ඉන් ප්‍රධාන විය. දෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට මූලික වූයේද මෙම රේවත මහරහතන් වහන්සේය. එවකට ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනයෙහි වැඩසිටි ජ්‍යෙෂ්ඨයා ලෙස මතු බුදු සසුනෙහි ආරක්ෂාව පිරික්සන උන් වහන්සේ නැවත තෙවන ධර්ම සංගායනාවක් පැවැත්වෙන කාලය උතුම් වූ නුවණින් විමසා බලන්නේ එය සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසිය තිස් හයේදී සිදු වන බව දැන, මතු සසුනේ දියුණුව සලකමින් එම ධර්ම සංගායනාව පැවැත්වීමට සුදුස්සා විමසා බැලූ සේක. එවිට මහත් පින් ඇති ධර්මාවබෝධයට සරිලන නුවණ ඇති බ්‍රහ්ම ලෝකයෙහි වසන ආයුෂ පිරිහුණු “තිස්ස” නම් බ්‍රහ්මයෙක් දැක බඹ ලොවට වැඩ බුදුසසුනේ චිරස්ථිතිය පිණිස මනු ලොව උපදින්නට ආරාධනා කරනලදී. තවද මැනවින් විමසා, බලා පෙර සඳහන් කරන ලද උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවෙන් පවත එන සිග්ගව, චණ්ඩවග්ගී යන මහරහතන් වහන්සේලා වෙත එළඹ, තිස්ස බ්‍රහ්මයා මනුලොව ඉපදීමෙන් පසුව උන්වහන්සේ පැවිදි කොට උතුම් වූ ත්‍රිපිටක ධර්මය ඉගැන්වීමට භාර කරන ලදී. තුන්වන ධර්ම සංගායනාවට මුල් වූ උත්තම වූ, “මොග්ගලීපුත්ත තිස්ස” මහරහතන් වහන්සේ යනු එම තිස්ස බ්‍රහ්මයාය. උන්වහන්සේගේ චරිත කථාව ශාසන ඉතිහාසය දනු කැමති පින්වත් පිරිස කියවා බලන්නේ නම් මැනවි. තවද චණ්ඩාශෝක අධිරාජ්‍යයාගේ සිත පහන් කොට ධර්මාශෝක බවට පෙරලීමට මුල් වූ “නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ” මෙම මොග්ගලී පුත්තතිස්ස තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය නමකි. තවද සිංහල අපට අනුබුදු වූ, අප කෙරෙහි මහත් කරුණාවෙන් අප දිවයිනට පැමිණ බුදුසසුන පිහිටවා මුළුමහත් ජාතියත් ශිෂ්ටාචාරයත් සම්බුදු දහමින් සුවපත් කල, උත්තම වූ මිහිඳු මහරහතන් වහන්සේ වූ කලී මෙම මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානම ශිෂ්‍ය රත්නයකි. අපට උතුම් සද්ධර්මය ලැබුනේ උන්වහන්සේගෙනි. තෙවන ධර්ම සංගායනාවෙන් පසු ලොව පුරා ධර්ම ප්‍රචාරය කරවීමට සැලසූ ධර්මාශෝක රාජ්‍ය සමයෙන් පසුවද තවත් වසර සිය ගණනක් දඹදිව බුදුසසුන විරාජමානව පැවතිණි. ග්‍රීසියේ මිලිඳු (මිලැන්ඩර් නමින් හඳුනාගෙන ඇති) රජු සමග දාර්ශනික ධර්ම සංවාදයක් කල “නාගසේන” නම් උතුම් වූ මහරහතන් වහන්සේ පවා දඹදිව වැඩ සිටියේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයකටත් පසුවය. ලොව පුරා දේශයන්හි බුදුසසුන මෙසේ මැනවින් පැතිර බොහෝ මහරහතන් වහන්සේලා වැඩ සිටියදී මිහිදු මහා රහතන් වහන්සේගෙන් පසුව ඉතා ශීඝ්‍රයෙන් ලංකාවේද බුදු සසුන මුල් බැසගෙන පැතිර ගියේය. ලක්දිව උතුම් වූ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කරන්නට යෙදුනේ මෙලෙස දඹදිව පවා මහරහතන් වහන්සේලා වැඩ සිටි මැනවින් බුදුසසුන ප්‍රචලිතව පැවති බුද්ධ වර්ෂ (456) හාරසිය පනස් හයේ දීය. එනිසා වර්තමානයේ අප සතුව පවතින නිර්මල ත්‍රිපිටක ධර්මය පිළිබඳව සැක කරන්නට කිසිදු සාධාරණ කරුණක් නැත්තේමය. තවද ධර්මාශෝක රජතුමා ලංකාවට මෙන්ම පෙරදිග කෙලවරින් ග්‍රීසිය ආදී බටහිර රටවල් දක්වාම ධර්ම ප්‍රචාර කටයුතු කල බවට සාධක තිබේ. අද ථෙරවාද ධර්මයේ ප්‍රාමාණික ග්‍රන්ථාවලිය (නිවැරදිම සහ ප්‍රධානම) ලෙස සැලකෙන්නේ මෙසේ ග්‍රන්ථාරූඪ කරන ලදුව රැකගෙන ආ ත්රිපිටකයයි. “ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටකය” නමින් ක්‍රිස්තු වර්ෂ 1956, නොහොත් 2500 බුද්ධ ජයන්ති වර්ෂයේදී යෝජනා කොට සිංහල පරිවර්තනය සහිතව පාලි ත්‍රිපිටකය මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කොට මේ වන විට එය අප අතට පත් වී ඇත. එම කටයුත්ත සිදු කරන ලද්දේ පුළුල් ධර්මධර සංඝ මණ්ඩලයක් විසින් ලංකාවේ, බුරුමයේ, තායිලන්තයේ සහ ඉන්දියාවේ රැකගෙන ආ ත්‍රිපිටක තල් පත්‍ර පිටපත් මැනවින් සංසන්දනය කරමිනි. එම පිටපත් කොතරම් නිවැරදිද කිවහොත් එකී බුරුම තායි පිටපත් සහ ලංකාවේ පිටපත් මැනවින් එකිනෙකට සමානව දක්නට තිබිණ. සමහර සූත්‍ර වල ඉතාම සුළු වශයෙන් වචනයක ඉස්පිල්ලක, පාපිල්ලක, වචනයක කොටසක ආදී වශයෙන් අරුතට හානි නොවන දුලබ වෙනස්කමක් හැරුනුකොට නියම පාලි ත්‍රිපිටකය නොවෙනස්ව මනාව ආරක්ෂා වී තිබිණ. වසර දහස් ගණනක් තිස්සේ ථෙරවාදී සංඝ පරම්පරාව මා වැන්නෙකුට වචනයෙන් කිසිසේත්ම කිව නොහැකි තරම් මහත් පරිශ්‍රමයෙන් කැපවීමෙන් අප වෙත මේ මහඟු ධර්ම දායාදය නිරුපද්‍රිතව පරිපූර්ණව ශේෂ කොට ඇති බව සඳහන් කරන්නේ උත්තම වූ සංඝ රත්නයට සිතින් කයින් වචනයෙන් මාගේ අත්‍යන්ත නමස්කාරයද ගෞරවයද දක්වමිනි. අද බොහෝ බොදුනුවන්ට අමතක වී තිබෙන නමුත් බැමිණිතියාසාය වැනි ස්වභාවික උවදුරු, එළාර, කාලිංඝ මාඝ, චෝල ආදී මෙන්ම ඉංග්‍රීසීන් දක්වාම විවිධ ආක්‍රමණයන් සහිත උපද්‍රව කාලයන්හි අප මහා සංඝ රත්නය මේ උතුම් ධර්මය දායාදය අප වෙනුවෙන්ම ආරක්ෂා කරන්නට සිය ජීවිත කැප කොට කටයුතු කර ඇත. මේ කරුණු දැනගැනීමට උනන්දු පින්වතුන් අඩුම තරමින් අතිශය ගෞරවාර්හ රේරුකානේ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සේ විසින් ලියන ලද “සූවිසි මහගුණය” තෙරුවන් ගුණ විස්තර දක්වන ග්‍රන්ථය කියවන ලෙස මතක් කරමි. තෙරුවන් ගුණ දැන ඒ කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගැනීමට මහත් රුකුලක්ද එම මහානර්ඝ දහම් පොතින් ඔබට ලබා ගත හැකිය. ධර්ම ගරුත්වය ඇති කරගනිමු. ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ පිළිබඳව ඇති වැටහීමත් ශ්රද්ධාවත් සමග වෙන් කල නොහැකි ලෙස අත්‍යන්තයෙන් බැඳී පවතී. අප බොහෝ දෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ ගැන යම් ශ්‍රද්ධාවක් පැහැදීමක් ඇති බව සැබෑය. නමුත් අනුරාධපුර යුගයෙන් පසු සමස්තයක් ලෙස තිසරණය විෂයෙහි අපේ පැහැදීම යම් පිරිහීමකට පත්ව ඇති බව මගේ විශ්වාසයයි. භාග්‍යවතුන් වහන්සේ ගැන ඇති වැටහීම වැඩි වන තරමට ඔබ තුල ධර්මය කෙරෙහි ඇති වන අවබෝධය දියුණු වෙයි. බෞද්ධ සාසන ප්‍රතිපදාව ආරම්භ වන්නේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති වන පැහැදීමෙනි, ශ්‍රද්ධාවෙනි. සාසනයෙහි මුල ශ්රද්ධාවයි. බුදු ගුණ අනන්තය, අචින්ත්‍යය. අප වැනි ගුණ හීන පෘථග්ජනයන් තබා, මහෝත්තම වූ සැරියුත් දම් සෙනෙවියන් වහන්සේ පවා බුදු ගුණයෙන් දන්නේ යම් ප්‍රමාණයක් පමණි. ඒ බව සැරියුත් මහරහතෙන් වහන්සේම පැහැදිලිව සඳහන් කර ඇත. එනිසා බුදු ගුණයෙහි අනන්ත බව තේරුම ගෙන භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් පිළිපදින්න. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නිගරු ලෙස සිතීමෙන්, වචන භාවිතයෙන් සහ හැසිරීමෙන් වලකින්න. භාග්‍යවතුන් වහන්සේ පිලිබඳ සඳහන් කිරීමේදී සුදුසුම ගෞරවනීය වචන හැර හුදු ආමන්ත්‍රණවාචී වචන සහ යෙදුම් භාවිතා නොකරන්න. භාග්‍යවතුන් වහන්සේ පමණක් නොව උන්වහන්සේ සුමේධ තාපසතුමා ලෙස දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හමුයෙහි නියත විවරණ ලබන දින පවා අෂ්ට සමාපත්ති ලාභී අභිඥා ඇති මහත් ගුණවතෙක් වූ බව සිහිකරන්න. කොටින්ම දීපංකර භාග්‍යවතුන් වහන්සේ පවා සුමේධ තාපසයන් වහන්සේ කෙරෙහි ගෞරව කල බව සිහිතබා ගන්න. අසම සම සම්මා සම්බුදු රජාණන් වහන්සේලා පවා, උන්වහන්සේලාට වඩා ගුණයෙන් පහල සිටියද ගුණවතුන් කෙරෙහි ගරු කල බව දක්වා තිබේ. ඉතින් කෙලෙසුන් සහිත අප වැනි ගුණ හීනයන් අසම සම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි කවර නම් ගෞරවයක් ඇතිව ක්‍රියා කල යුතුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වනාහි අනන්ත කාලයක් සසරෙහි බ්‍රහ්ම ලෝකයන්හි ඉපිද සිටි, මහත් පින් ඇති මහා ගුණවත් උත්තමයෙකි. උන්වහන්සේ ගිහිගෙය හැර පැවිදි වන විට මහපොලව කම්පා විය. නමුත්, උන්වහන්සේ පවා අප භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ නැවි නැවී, දුර සිටම මහත් ගෞරවයෙන් වන්දනා කරමින් අතිශය ගෞරව සම්පන්නවය. ඉතින් ඔබ මම වැනියන් ගැන කවර කතාද? දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මිනිසුන් සහිත ලෝකධාතූන්හි සම්බුද්ධත්වය ලබන භවයෙහි මහා බෝධිසත්වයන්ට ගුණයෙන් සම කල හැකි වෙනත් අයෙක් නැත. ලොවට ධර්ම දායාදය ලබා දුන් භාග්‍යවතුන් වහන්සේගේ පාරමිතා කාලය අප බොහෝ දෙනෙක්ට ධර්මය සුලභව අසන්නට දකින්නට ලැබුණු නිසාදෝ එහි දුලභ බවත් එහි අත්‍යන්ත වටිනාකමත් නොදැනෙන බව විටෙක සිතේ. එනිසා මේ උතුම් ධර්මය අවබෝධ කරගැනීමට භාග්‍යවතුන් වහන්සේ දරන ලද අනන්ත පරිශ්‍රමයත් මහා බෝධිසත්වයන් වහන්සේ ලෙස සසරෙහි කරන ලද අප්‍රමාණ පුණ්‍ය සම්භාරයත් ගැන අදහසක් අවශ්‍යමය. අප බෝධිසත්වයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පුරන ලද බව අපි අසා ඇත. නමුත් මෙම දීර්ඝ කාල ප්‍රමාණය ගැන බොහෝ දෙනෙකුට නිරවුල් අවබෝධයක් නැති බව පෙනෙන බැවින් ඒ ගැන විග්රහ කිරීම සුදුසු යයි සිතමි. කල්පය සහ අසංඛ්‍ය වටහා ගනිමු. කල්පය. ලෝකධාතුන් වල හටගැනීම පැවැත්ම විනාශය සැලකීමේදීත් සංසාරය ගැන සඳහන් කිරීමේදීත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා විසින් දක්වන ඇති දීර්ඝ කාල මිනුමකි “කල්පය”. භාග්‍යවතුන් වහන්සේ බොහෝ විට කල්පය දක්වා ඇත්තේ උපමාවලිනි. බොහෝ දෙනෙකු අසා ඇති “අබ ඇට වල උපමාව මෙහි දක්වමි” . යොදුනක් දිග (සැතපුම් දහසයක්), යොදුනක් පළල, යොදුනක් ගැඹුරු සතරැස් වලක් හෝ අගාධයක් හෝ අවකාශයක් සිතන්න. මේ ඝන යොදුන් අවකාශය මුළුමනින්ම අබ ඇටවලින් පුරවා ඇති බව සිතන්න. පසුව මනුෂ්‍ය වර්ෂ සියයකට එක අබ ඇටය බැගින් මෙම අබ ඇට ඉවත් කලහොත් සියලුම අබ ඇට ඉවත් කිරීමට ගත වනු ඇති කාලයට වඩා “කල්පය” දිග බව දක්වා තිබේ. කල්පය එතරම් අති දීර්ඝ කාලයකි. අසංඛ්‍යය අසංඛ්‍යය යනු ඉලක්කමකි. දහය, සියය, දහස, මිලියනය, බිලියනය වැනි ඊට වඩා අතිශය විශාල ඉලක්කමකි. දහසට එකයි බින්දු තුනකි. අසංඛ්‍ය ට එකයි බින්දු එකසිය හතළිහකි. පුරාණ බෞද්ධ සාහිත්‍යයෙහි දක්වෙන පිළිගත් සංඛ්‍යා ක්‍රමය අනුව මෙසේ එය දක්වමු. ලක්ෂ සියය කෝටියකි. කෝටි ලක්ෂ සියය ප්‍රකෝටියකි. ප්‍රකෝටි ලක්ෂ සියය නහුතයකි. නහුත ලක්ෂ සියය නින්නහුතයකි. නින්නහුත ලක්ෂ සියය අක්ෂෞභිණියකි. අක්ෂෞභිණි ලක්ෂ සියය බින්දුවකි. බින්දු ලක්ෂ සියය අබ්බුදයකි. අබ්බුද ලක්ෂ සියය නිරබ්බුදයකි. නිරබ්බුද ලක්ෂ සියය අහහ යකි. අහහ ලක්ෂ සියය අබබයකි. අබ්බ ලක්ෂ සියය අටට යකි. අටට ලක්ෂ සියය සෝගන්ධිකයකි. සෝගන්ධික ලක්ෂ සියය උප්පලයකි. උප්පල ලක්ෂ සියය කුමුදයකි. කුමුද ලක්ෂ සියය පුණ්ඩරික යකි. පුණ්ඩරික ලක්ෂ සියය පදුමයකි. පදුම ලක්ෂ සියය කථානයකි. කථාන ලක්ෂ සියය මහා කථානයකි. මහා කථාන ලක්ෂ සියය අසංඛ්‍යයකි. ඊළඟ පොස්ට් එක හා සම්භන්ධයි (එක වරකට දාන්න පුළුවන් අකුරු 20000 ය ලු ) උපුටාගත්තේ මෙතනින් [url]http://lankacnews.com/sinhala/main-news/87837/[/url][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom