Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාරමිතා කාලය

පාරමිතා කාලය කොටස් තුනකි. ඒ මනෝ ප්‍රණීධානය, වාග් ප්‍රණීධානය සහ කායවාග් ප්‍රණීධානය වශයෙනි. මනෝ ප්රණිධානය සහ වාග් ප්රණිධානය පිලිවෙලින් කල්ප අසංඛ්‍ය සතක් සහ නවයක් වෙයි. නමුත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය යන කාලය ගනින්නේ කායවාග් ප්රණීධානයේ සිටය. කායවාග් ප්‍රණීධානය ඇරඹෙන්නේ පළමු නියත විවරණ ගැනීමෙනි. ඒ අනුව අප මහා බෝධිසත්වයන් වහන්සේ කල්ප අසංඛ්‍ය සතරක් සහ අමතර තවත් කල්ප ලක්ෂ්‍යයක් පාරමී පුරන ලද සේක. (මුළු පාරමිතා කාලය වශයෙන් ගත්විට කල්ප අසංඛ විස්සකි.)

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය = (කල්පය x4 xඅසංඛ්‍යය) + (කල්පය x ලක්ෂය)

කල්පය යනු ඉතා දීර්ඝ කාලයක් බව ඔබට දැන් වැටහෙනවා ඇති. එවන් කල්පම අසංඛ්‍ය සතරක් යනු පුහුදුන් ඔබට මට සිතින් කල්පනා කිරීමටවත් නොහැකි ඇති දීර්ඝ කාලයක් බව ඔබට පැහැදිලි විය යුතුය. භාග්‍යවතුන් වහන්සේ එවන් අප්‍රමාණ කාලයක් ඔබ අප වෙනුවෙන් සසරෙහි කැපකිරීම් සිදුකොට, මහත් වීර්යයෙන් යුතුව අවබෝධ කර ගත් ධර්මය ඔබට මට සුළුවෙන් තැකීමට කිසිදු කරුණක් නැත. එනිසා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිත් ධර්මය කෙරෙහිත් අප්‍රමාණ ගෞරවයක් අප සිතෙහි තහවුරු කරගැනීමට ක්‍රියා කල යුතුයි. භාග්‍යවතුන් වහන්සේ ධර්මය අවබෝධ කර ගැනීම උදෙසා සිදු නොකළ කැපකිරීමක් නැත. උන්වහන්සේ අප එක් එක් ශ්රාවකයා වෙනුවෙන්ම සසරෙහි කල කැපවීම අප විසින්ම අපගේ යහපත උදෙසා සසරෙහි කල කැපවීමට වඩා අතිමහත්ය. මේ ලිපිය කියවන ඔබ අතරින් එක් අයෙක් උදෙසා පමණක් උන්වහසේ සසරෙහි අනන්ත ගුණ සමුදායක් වඩා ඇති බව, ඇස් ,ඉස්, මස්, ලේ, ධන ධාන්‍ය, රාජ්‍යය , අඹු දරුවන් සිය දහස් වාර ගණනින් කැප කර තිබෙන බව සත්‍යයකි. එනිසා තනි තනිව පුද්ගලිකවම ඔබ අප සැම භාග්‍යවතුන් වහන්සේට ණයගැතිය. ලොවට ණය නැති යමෙක්හු වෙත් නම් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලාමය. අන් සියල්ලෝම උන්වහන්සේලාට ණයගැති වෙති. එනිසා භාග්‍යවතුන් වහන්සේ සහ උන්වහන්සේගේ ධර්මය විෂයෙහි අපමණ ගෞරවයෙන් කටයුතු කිරීමට උත්සහ ගන්න.

දහම් ගුණ දැනගනිමු.

ධර්ම ගරුත්වය ඇති කරගැනීමට ඔබ දහම් ගුණ දැන ගත යුතුය. මෙසේ අනන්ත ගුණ සහිතව අපට දායාද වූ සද්ධර්මයේ ගුණ සැකෙවින් මෙහි දක්වනු සුදුසු යයි සිතමි. මේ ගුණ විග්‍රහය ඔබේ ශ්‍රද්ධාව සහ නුවණ දියුණු වීම පිණිසම වේවා!!!

මාගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මැනවින් අවබෝධ කරන ලද ආර්ය වූ, ආශ්චර්යමත් වූ, දුකින් මිදීම පිණිස පවතින උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා..!!! මාගේ වන්දනාව වේවා…!!!

දෙවනුවද,

උතුම් වූ ආර්ය මාර්ග සමාධියෙහි මනාව පිහිටි සිත් ඇති ශාක්‍යමුනි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් “කෙලෙසුන් කෙරෙන් දුරුවූ හෙයින් විරාග නම් වූද , ක්ලේශ ක්ෂය වූ, අමෘත වූ, ප්‍රණීත වූද” , යම් නිවනක් අවබෝධ කලේද, ඒ උතුම් වූ නිර්වාණ ධර්මයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා…!!! මාගේ වන්දනාව වේවා…!!!

තෙවනුවද,

ධර්මරාජ වූ, ධර්මස්වාමී වූ, සම්මා සම්බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් “කෙලෙස් මල දුරු කරන බැවින් අතිශයින් ප්‍රසංශා කරන ලද”, යම් මාර්ග පල සමාධියක් වේද, සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අරහත් යන ඒ උතුම් වූ සතර මාර්ගපල සමාධියට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා…!!! මාගේ වන්දනාව වේවා…!!!

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය වනාහි මැනවින් දේශනා කරන ලද්දකි. මුල, මැද, අග යන සියලු තන්හි මනාව කේවල පරිපුර්ණව දේශනා කරන ලද්දකි. සෑම තන්හිම පිරිසිඳු කල්‍යාණ බැවින් යුතු වෙයි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් උතුම් වූ සර්වඥතා ඥානයෙන් මැනවින් දැන, මැනවින් දැක, ප්රත්යක්ෂයෙන්ම දේශනා කරන ලද්දේ වෙයි. ප්රාතිහාර්ය සහිතවම දේශනා කරන ලද්දකි. ප්රාතිහාර්ය රහිතව දේශනා කරන ලද්දේ නොවෙයි. හේතු සහිතවම දේශනා කරන ලද්දකි. හේතු රහිතව දේශනා කරන ලද්දේ නොවෙයි. බැහැර කල යුත්තක් නැති වූ, අර්ථ සහිත, ව්‍යංජන සහිත (මැනවින් පැහැදිලි කරන ලද ), කේවල පරිපුර්ණ වූ, පිරිසිඳු වූ, මාර්ග බ්‍රහ්ම චර්ය දක්වන ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන් “ස්වාක්ඛාත” වන සේක.

භාග්‍යවතුන් වහන්සේ විසින් ප්රත්යක්ෂ කරන ලද, සාක්ෂාත් කරන ලද, ශ්‍රී සද්ධර්මය වනාහි, මෙලොවදීම ප්‍රතිවිපාක ලබාදෙන බවින් යුක්ත වෙයි. ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කල හැකිය. තමා විසින්ම දැකිය යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ධර්ම විනය ඇසීමෙන් දැරීමෙන් අවබෝධ කිරීමෙන් අප්‍රමාණ වූ දෙව් මිනිසුන් මෙලොවදීම, තම අත්බව්හිදීම උතුම් වූ මාර්ග පල ධර්මයන් අවබෝධ කරන ලද බැවින් විමුක්තිය ලබන ලද බැවින්, ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන් “සන්දිට්ඨික” වන සේක.

භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය වනාහි කල් නොයවා විපාක දෙන බැවින්ද සෑම කාලයට සුදුසු බැවින්ද “අකාලික” වන සේක. උතුම් වූ ලෝකෝත්තර ධර්මයන් වන සෝවාන් මාර්ගය උපදවනු සමගම එකෙනෙහිම අතරක් නැතිව කල් නොයවාම සෝවාන් පලයට පත්වන සේක. එසේම සකෘදාගාමී මාර්ගය උපදවනු සමගම සකෘදාගාමී පලයටද අනාගාමී මාර්ගය උපදවනු සමගම අනාගාමි පලයටද අරහත් මාර්ගය උපදවනු සමගම අරහත් පලයටද පත්වන සේක. නිවන් මග වඩා, උතුම් වූ ආර්ය බවට පත්වනු සමගම නැවත කිසි දිනෙක සතර අපායෙහි නුපදින තත්වයට පත්වෙයි. සෝවාන් පලයට පත්වනු සමගම සතර අපායෙන් මුළුමනින්ම නිදහස් බවට පත්වන බැවින් එකෙනෙහිම නැවත සත් වතාවකට වඩා සසරෙහි නුපදින බවට පත් වන බැවින්ද ධර්මය අකාලික වෙයි. සකෘදාගාමී පලයට පත්වනු සමගම නැවත සසරෙහි දෙවතාවකට වඩා නුපදින බවට එකෙනෙහිම පත් වන බැවින් ධර්මය අකාලික වෙයි. උතුම් වූ අනාගාමී පලයට පත්වනු සමගම නැවත මෙලොවට නොපැමිණෙන බවට එකෙනෙහිම පත් වන බැවින් ධර්මය අකාලික වෙයි. උතුම් වූ අරහත් පලයට පැමිණෙනු සමගම එකෙනෙහිම සසර දුකින් මිදුණු නිවී සැනසුණු බවට නැවත නුපදින බවට පත්වෙයි. එබැවින් ධර්මය අකාලික වන සේක. තවද භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය වන්නාහි සෑම කාලයකටම සුදුසුය. යමෙක් ධර්මය අනුව පිළිපදීද කවර කාලයක වුවද ධර්මය විසින් ඔහු රැකෙයි. අතීත වර්තමාන අනාගත කවර කාලයක වුවද ධර්මය අනුව පිළිපදින්නාට නිසි පල ලැබෙයි. කවර යුගයක වුවද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුව පිළිපැදීමෙන් විමුක්තිය සාක්ෂාත් කල හැකිය.

භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ධර්මය වනාහි “එන්න බලන්න” යයි අන්‍යයන්ට දැක්විය හැකි දැන්විය හැකි වන බැවින් “ඒහිපස්සික” වන සේක. උතුම් වූ ධර්ම රත්නය වනාහි අසන්නවුන්ට, පැහැදෙන්නවුනට, දරන්නවුනට, ඒ අනුව පිලිපදින්නවුනට මහත් වූ සෙත සලසන බැවින්, ඒකාන්ත වූ ආරක්ෂාව වන බැවින්ද, ස්ථිරසාර වූ පිහිට වන බැවින්ද, දුකින් මුදවන බැවින්ද, සුගතියට මෙහෙයවන බැවින්ද, නියත විමුක්ති මග දක්වන බැවින්ද ඕනෑම කෙනෙකුට “එව බලව” යි දැක්වීමට සුදුසු වන සේක.

භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී “සද්ධර්මය වනාහි සිතට පමුණුවා ගැනීමට සුදුසු” වන සේක. ශ්‍රී සද්ධර්මය වනාහි තමා විසින්ම විමසා බැලිය හැකිය.වැඩිය හැකිය. ධර්මය තමා තුලට පමුණුවා ගත යුතු වන සේක. තමා තුලට පමුණුවා ගැනීමට හැකි වන සේක. කවර කටයුත්තක් පසෙකලා වුවද කවර සම්පත්තියක් හැරදා වුවද තම සිතට පමුණුවා ගැනීමට, අවබෝධ කිරීම උදෙසා යොමුවීමට, සුදුසු බැවින් ධර්මය වනාහි “ඕපනයික” වන සේක. ධර්මය තමා විසින්ම අවබෝධ කල යුතුය. තමා තුලටම පමුණුවා ගත හැකි බැවින් නිවනට පමුණුවන ශ්‍රී සද්ධර්මය “ඕපනයික” වන සේක. ධර්මය තම සිත තුලට පමුණුවා ගැනීමෙන්, ධර්මය අවබෝධ කිරීමෙන් සියලු මනුෂ්‍ය දිව්‍ය ඇතුළු සකල ලෞකික සම්පත්ද අනුත්තරීය වූ විමුක්තිදායක වූ ලෝකෝත්තර සම්පත්ද සාක්ෂාත් කල හැකි බැවින් ධර්මය “ඕපනයික” වන සේක.

භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය වනාහි නුවණැතියන් විසින් සිය සිතින්ම අවබෝධ කර ගත හැකි වන සේක. ධර්මයෙහි ගුණ ඒ අනුව පිළිපැදීමෙහි ආනිසංස තම තමන් විසින්ම ස්වසන්තානයෙන්ම දැකිය හැකි වනසේක. ප්‍රඥාවන්තයින් විසින්ම සිය සිතින් දරා දැන ගත හැකි අවබෝධ කල හැකි බැවින් යුක්ත වන නිසා ධර්මය “පච්චත්තං වේදිතබ්බෝ විඤඤූහි” යයි කියන සේක.

ධර්ම සන්නිවේදනය.

ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය යනු භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත අවබෝධයයි. එය අතිශය ගැඹුරුය. අතිශය ප්‍රණීතය. ශ්‍රද්ධා සම්පන්න නුවණැතියන් හට විෂය වන්නකි. එය මැනෙන්නේ භාෂා නුවණ, විෂය දැනුම හෝ උගත් කම යයි අප සලකන මිනුම් දඬු වලින් නොවේ. ඔබ අප සැමට ධර්මය ඇසුරු කිරීමෙන් සහ පින් වඩා ගැනීමෙන් ඒ උතුම් නුවණ දියුණු කර ගත හැකිය. නමුත්, ධර්මය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම යනු අතිශය භාරදුර වගකීම් සහගත කටයුත්තකි. උතුම් පාලි ත්‍රිපිටක භාෂාවෙහි යෙදුම් ධර්මයෙහි අරුත නොනසා නිරුක්තිය නොනසා මතු කරලීමට සුදුසුම භාෂා ශෛලියක් යොදා ගැනීම පින්වත් ස්වාමීන්වහන්සේලා සිය පරිවර්තන කාර්යයේදී සිදුකර ඇත. සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන භාෂාව ඔබට එකවර පහසුවෙන් තේරුම ගත හැකි ව්‍යවහාර භාෂා ශෛලියක් නොවනවා වන්නට පුළුවන. පසුගිය දශක කිහිපය තුල සිංහල අපේ භාෂා ව්‍යවහාර ඥානය මහත්සේ පරිහානියට පත්වූ යුගයකි. අද මාධ්‍ය ආයතන , බොහෝ පොතපත ආදියෙන් යොදා ගැනෙන ව්‍යවහාර භාෂාව අනුව බලන විට ඉදිරියේදී ධර්මය විග්රහ කොට කියා දීමට නොහැකි තරම් තව තවත් ව්‍යවහාර භාෂාව ගැඹුරින් සහ හරයෙන් පිරිහී යනු ඇත. එවිට අද වඩා සරල ලෙස දැනෙන දහම් පොත පත පවා ඔබට නොතෙරෙන්නට සහ කියවීමට අපහසු වන්නට පුළුවන. ධර්මය සරල බසින් විස්තර කිරීම කියා දීම අතිශය ප්‍රසංශා කටයුතු මහත් පුණ්‍යකර්මයකි. එය සිදුවිය යුත්තකි. නමුත් සැමවිටම සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් මාලාව මුල් තැනෙහි ලා කටයුතු කලයුතුය. එහි බස් වහර යෙදී ඇත්තේ මුල් පාලි ව්‍යවහාරයට හැකිතාක් සමීප වන අයුරිනි. එය ඉතාම වැදගත් කරුණකි.

ඔබ ගණිතය, බටහිර විද්‍යා, වෙනත් භාෂා ආදිය, පරිඝනක තාක්ෂණය වැනි විෂයන් ඉගෙනීමෙහි යෙදෙන විට කොතරම් පරිශ්‍රමයකින් ඊට අදාළ පාරිභාෂික වචන, වෙනත් භාෂාවන් ව්‍යවහාරයන් ඉගෙනීමට උනන්දු වෙනවාද? ඔබ කිසිවිටෙක පරිඝනකයේ වචන සරල සිංහල භාෂාවෙන් නොතිබේ යයි එම නිෂ්පාදන ආයතන වලට දොස් නගන්නේ නැත. භෞතික, ජීව, රසායන විද්‍යා ආදිය, ඉංග්‍රීසි භාෂාව ආදිය ඉගෙනීමට ඔබ දක්වන කැපවීම උතුම් ත්‍රිපිටක ධර්මය ඉගෙනීමට නොයොදා විටෙක එම උතුම් කටයුතු වලට සිය ජීවිතයම කැප කල ස්වාමීන් වහන්සේලාට දොස් නගනු මම දැක ඇත්තෙමි. ධර්ම ගරුත්වය ඇති මහා ශ්‍රාවකයෝ විටෙක රාජ්‍ය සැප හැරදමා, ජීවිතයද පරිත්‍යාග කොට ධර්මය ඉගෙනීමට එය අරුත සහිතව මතක තබා ගැනීමට, කැපවූහ. නමුත් ඔබ අතරින් සමහරෙක් උතුම් ත්‍රිපිටක ධර්මය ඔබේම මවු බසින් ලියා තිබියදී ඔබේ දුර්වලතා මගහරවා වීර්යයෙන් එය ඉගෙනගනු වෙනුවට භාෂා ව්‍යවහාරයට දොස් නගමින් ධර්මය සරල බසින් නොකියන්නේ යයි දොස් නගති. ධර්මයේ සමහර කරුණු ඊට අදාළ පාලි පාඨ වලින්ම මිසක සිංහල බසින් සෘජුවම දක්විය නොහැකි අවස්ථාද තිබේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කොතරම් සරල කරන්නට උත්සහ කලද එක්තරා පමණකින් එහාට එය සරල කර දැක්වීමට අන් කිසිවකුට නොහැකිය. “ආර්යසත්‍යය”, පටිච්ච සමුත්පාදය, පටිසම්භිදා වැනි බොහෝ යෙදුම් වලට සරල සිංහල යෙදුම් යෙදීම උගහටය. එනිසා කලයුත්තේ ධර්ම ගෞරවය ඇති කරගෙන උත්සාහයෙන් ධර්මය ඉගෙනීමයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා මහත් වීර්යයෙන් සාක්ෂාත් කොටගත් අසීමිත සම්බුද්ධ ඥානයට ගෞරවය ඇත්තේ නම් ඔබට මවු බසින්ම ඇති භාෂා ව්‍යවහාරය මදක් උත්සහ කොටම තේරුම ගත හැකිය. උතුම් වූ පින්වත් ස්වාමීන් වහන්සේලා සරල බසින් මෑතකදී ලියා ඇති පොතපතද මහත් ගෞරවයෙන් ඉගෙන ගන්න. ඒ අතරම පාලි භාෂාවෙහි යෙදුම් ආදිය සහිතව ක්‍රමයෙන් සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක පොත්පෙලට මුල් තැන දී පරිශීලනය කරන්නට උනන්දු වන්න. ක්‍රමයෙන් ඔබේ ධර්මාවබෝධය දියුණු වන සැටි ඔබටම වැටහේවි. අවශ්‍ය වන්නේ වීර්යයත් ධර්ම ගෞරවයත්, සුදුසු ගුරුවරුන් සොයායාමට, ඇසුරට ඔබ දරන උත්සාහයත් පමණි.

අටුවා සාහිත්‍ය ගැනද විවිධ විවේචන එල්ල කරමින් සමහර විටෙක ඉතා අනුවණ ලෙස ඒ බැහැර කරන අවස්ථාද මම දැක ඇත්තෙමි. අටුවා සාහිත්‍ය සහ “මහා අට්ඨකථාව” පිළිබඳව බොහෝ දෙනෙකුට ඇත්තේ අවුල් සහගත අවබෝධයකි. අටුවාව යනු කුමක්ද යන්නත් එහි ප්රභවය පිළිබඳව කරුණුත් නිරවුල් කර ගැනීමෙන් ඔබට ඇති සැක සංකා දුරුකර ගත හැකිය. ලිපිය ඉතා දිග වී ඇති බැවින් මෙහි ඒ ගැන විග්රහ කරන්නට නොසිතමි. නමුත් අටුවාව කෙරෙහි අතිශය ගෞරව සම්ප්රයුක්තව ධර්ම ගෞරවයෙන්ම ගරු කරමින් ක්‍රියාකල යුතු බව අවසන් වශයෙන් මෙහි සඳහන් කරමි. ඉඩ ලැබෙන පරිදි අට්ඨකථා පිළිබඳව විග්‍රහයක් ඉදිරියේදී සිදු කිරීමට උත්සහ කරමි.

සමස්ත ත්‍රිපිටක ධර්මයම, එනම් සුත්‍ර විනය අභිධර්ම සහිත සියලු ත්‍රිපිටකය කොටස් අඩු නොකර ධර්ම රත්නය ලෙස සරණ යමු. උතුම් වූ අටුවාව සැඳැහැ සිතින් පිළිගනිමු. ඒ උගනිමු. භාග්‍යවතුන් වහන්සේගෙන් පසුව අපට ශාස්තෘ වන්නේ උතුම් ධර්මයයි. ඉන් කොටසක් හෝ බැහැර කරන ඔබ භාග්‍යවතුන් වහන්සේගේ අපරිමිත අවබෝධයෙන් කොටසක් බැහැර කරයි. එවිට ඔබ තිසරණයෙහි නොපිහිටයි. එවිට ඔබ සරණ ගොස් ඇත්තේ තිසරණය නොව පුද්ගල වාදයකි. තමාට අවශ්‍ය පරිදි ධර්මය කොටස් වශයෙන් වෙන් කරගැනීමකි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දායාදයට උරුමකරුවෝ වෙමු. අනවශ්‍ය වාද පසෙකලා ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් ධර්මය උගනිමු. මෛත්‍රී කරුණා සිතින් අන්‍යයන්ට කියාදෙමු. හැකි තාක් පින් පුරමු. අප තුල ඇති අඩුපාඩු නිහතමානීව පිළිගෙන ඒ නිවැරදි කරගනිමු. මතු පරපුරට ධර්ම දායාදය තිලිණ කර, ඒ උතුම් මහා සඟ රුවන ගිය මග ගොස් නිවී සැනසෙමු.

මූලාශ්‍ර:

ඛුද්දක නිකාය: සුත්ත නිපාතය (ස.ජ.ත්‍රි.ග්‍ර.මා.)

දීඝ නිකාය, (ස.ජ.ත්‍රි.ග්‍ර.මා)

සූවිසි මහගුණය- පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

ආතාපි වෙබ් අඩවියේ ධර්මදේශනා (aathaapi.org)

ඔබ සැමට තෙරුවන් සරණයි..!!!

- සසිත් රාජසූරිය

උපුටාගත්තේ මෙතනින්

http://lankacnews.com/sinhala/main-news/87837/

[QUOTE="polwattacom, post: 14219007, member: 114075"] [SIZE="5"]පාරමිතා කාලය පාරමිතා කාලය කොටස් තුනකි. ඒ මනෝ ප්‍රණීධානය, වාග් ප්‍රණීධානය සහ කායවාග් ප්‍රණීධානය වශයෙනි. මනෝ ප්රණිධානය සහ වාග් ප්රණිධානය පිලිවෙලින් කල්ප අසංඛ්‍ය සතක් සහ නවයක් වෙයි. නමුත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය යන කාලය ගනින්නේ කායවාග් ප්රණීධානයේ සිටය. කායවාග් ප්‍රණීධානය ඇරඹෙන්නේ පළමු නියත විවරණ ගැනීමෙනි. ඒ අනුව අප මහා බෝධිසත්වයන් වහන්සේ කල්ප අසංඛ්‍ය සතරක් සහ අමතර තවත් කල්ප ලක්ෂ්‍යයක් පාරමී පුරන ලද සේක. (මුළු පාරමිතා කාලය වශයෙන් ගත්විට කල්ප අසංඛ විස්සකි.) සාරාසංඛ්‍ය කල්ප ලක්ෂය = (කල්පය x4 xඅසංඛ්‍යය) + (කල්පය x ලක්ෂය) කල්පය යනු ඉතා දීර්ඝ කාලයක් බව ඔබට දැන් වැටහෙනවා ඇති. එවන් කල්පම අසංඛ්‍ය සතරක් යනු පුහුදුන් ඔබට මට සිතින් කල්පනා කිරීමටවත් නොහැකි ඇති දීර්ඝ කාලයක් බව ඔබට පැහැදිලි විය යුතුය. භාග්‍යවතුන් වහන්සේ එවන් අප්‍රමාණ කාලයක් ඔබ අප වෙනුවෙන් සසරෙහි කැපකිරීම් සිදුකොට, මහත් වීර්යයෙන් යුතුව අවබෝධ කර ගත් ධර්මය ඔබට මට සුළුවෙන් තැකීමට කිසිදු කරුණක් නැත. එනිසා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිත් ධර්මය කෙරෙහිත් අප්‍රමාණ ගෞරවයක් අප සිතෙහි තහවුරු කරගැනීමට ක්‍රියා කල යුතුයි. භාග්‍යවතුන් වහන්සේ ධර්මය අවබෝධ කර ගැනීම උදෙසා සිදු නොකළ කැපකිරීමක් නැත. උන්වහන්සේ අප එක් එක් ශ්රාවකයා වෙනුවෙන්ම සසරෙහි කල කැපවීම අප විසින්ම අපගේ යහපත උදෙසා සසරෙහි කල කැපවීමට වඩා අතිමහත්ය. මේ ලිපිය කියවන ඔබ අතරින් එක් අයෙක් උදෙසා පමණක් උන්වහසේ සසරෙහි අනන්ත ගුණ සමුදායක් වඩා ඇති බව, ඇස් ,ඉස්, මස්, ලේ, ධන ධාන්‍ය, රාජ්‍යය , අඹු දරුවන් සිය දහස් වාර ගණනින් කැප කර තිබෙන බව සත්‍යයකි. එනිසා තනි තනිව පුද්ගලිකවම ඔබ අප සැම භාග්‍යවතුන් වහන්සේට ණයගැතිය. ලොවට ණය නැති යමෙක්හු වෙත් නම් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලාමය. අන් සියල්ලෝම උන්වහන්සේලාට ණයගැති වෙති. එනිසා භාග්‍යවතුන් වහන්සේ සහ උන්වහන්සේගේ ධර්මය විෂයෙහි අපමණ ගෞරවයෙන් කටයුතු කිරීමට උත්සහ ගන්න. දහම් ගුණ දැනගනිමු. ධර්ම ගරුත්වය ඇති කරගැනීමට ඔබ දහම් ගුණ දැන ගත යුතුය. මෙසේ අනන්ත ගුණ සහිතව අපට දායාද වූ සද්ධර්මයේ ගුණ සැකෙවින් මෙහි දක්වනු සුදුසු යයි සිතමි. මේ ගුණ විග්‍රහය ඔබේ ශ්‍රද්ධාව සහ නුවණ දියුණු වීම පිණිසම වේවා!!! මාගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මැනවින් අවබෝධ කරන ලද ආර්ය වූ, ආශ්චර්යමත් වූ, දුකින් මිදීම පිණිස පවතින උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා..!!! මාගේ වන්දනාව වේවා…!!! දෙවනුවද, උතුම් වූ ආර්ය මාර්ග සමාධියෙහි මනාව පිහිටි සිත් ඇති ශාක්‍යමුනි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් “කෙලෙසුන් කෙරෙන් දුරුවූ හෙයින් විරාග නම් වූද , ක්ලේශ ක්ෂය වූ, අමෘත වූ, ප්‍රණීත වූද” , යම් නිවනක් අවබෝධ කලේද, ඒ උතුම් වූ නිර්වාණ ධර්මයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා…!!! මාගේ වන්දනාව වේවා…!!! තෙවනුවද, ධර්මරාජ වූ, ධර්මස්වාමී වූ, සම්මා සම්බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් “කෙලෙස් මල දුරු කරන බැවින් අතිශයින් ප්‍රසංශා කරන ලද”, යම් මාර්ග පල සමාධියක් වේද, සෝවාන්, සකෘදාගාමී, අනාගාමි, අරහත් යන ඒ උතුම් වූ සතර මාර්ගපල සමාධියට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා…!!! මාගේ වන්දනාව වේවා…!!! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය වනාහි මැනවින් දේශනා කරන ලද්දකි. මුල, මැද, අග යන සියලු තන්හි මනාව කේවල පරිපුර්ණව දේශනා කරන ලද්දකි. සෑම තන්හිම පිරිසිඳු කල්‍යාණ බැවින් යුතු වෙයි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් උතුම් වූ සර්වඥතා ඥානයෙන් මැනවින් දැන, මැනවින් දැක, ප්රත්යක්ෂයෙන්ම දේශනා කරන ලද්දේ වෙයි. ප්රාතිහාර්ය සහිතවම දේශනා කරන ලද්දකි. ප්රාතිහාර්ය රහිතව දේශනා කරන ලද්දේ නොවෙයි. හේතු සහිතවම දේශනා කරන ලද්දකි. හේතු රහිතව දේශනා කරන ලද්දේ නොවෙයි. බැහැර කල යුත්තක් නැති වූ, අර්ථ සහිත, ව්‍යංජන සහිත (මැනවින් පැහැදිලි කරන ලද ), කේවල පරිපුර්ණ වූ, පිරිසිඳු වූ, මාර්ග බ්‍රහ්ම චර්ය දක්වන ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන් “ස්වාක්ඛාත” වන සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ප්රත්යක්ෂ කරන ලද, සාක්ෂාත් කරන ලද, ශ්‍රී සද්ධර්මය වනාහි, මෙලොවදීම ප්‍රතිවිපාක ලබාදෙන බවින් යුක්ත වෙයි. ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කල හැකිය. තමා විසින්ම දැකිය යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ධර්ම විනය ඇසීමෙන් දැරීමෙන් අවබෝධ කිරීමෙන් අප්‍රමාණ වූ දෙව් මිනිසුන් මෙලොවදීම, තම අත්බව්හිදීම උතුම් වූ මාර්ග පල ධර්මයන් අවබෝධ කරන ලද බැවින් විමුක්තිය ලබන ලද බැවින්, ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන් “සන්දිට්ඨික” වන සේක. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය වනාහි කල් නොයවා විපාක දෙන බැවින්ද සෑම කාලයට සුදුසු බැවින්ද “අකාලික” වන සේක. උතුම් වූ ලෝකෝත්තර ධර්මයන් වන සෝවාන් මාර්ගය උපදවනු සමගම එකෙනෙහිම අතරක් නැතිව කල් නොයවාම සෝවාන් පලයට පත්වන සේක. එසේම සකෘදාගාමී මාර්ගය උපදවනු සමගම සකෘදාගාමී පලයටද අනාගාමී මාර්ගය උපදවනු සමගම අනාගාමි පලයටද අරහත් මාර්ගය උපදවනු සමගම අරහත් පලයටද පත්වන සේක. නිවන් මග වඩා, උතුම් වූ ආර්ය බවට පත්වනු සමගම නැවත කිසි දිනෙක සතර අපායෙහි නුපදින තත්වයට පත්වෙයි. සෝවාන් පලයට පත්වනු සමගම සතර අපායෙන් මුළුමනින්ම නිදහස් බවට පත්වන බැවින් එකෙනෙහිම නැවත සත් වතාවකට වඩා සසරෙහි නුපදින බවට පත් වන බැවින්ද ධර්මය අකාලික වෙයි. සකෘදාගාමී පලයට පත්වනු සමගම නැවත සසරෙහි දෙවතාවකට වඩා නුපදින බවට එකෙනෙහිම පත් වන බැවින් ධර්මය අකාලික වෙයි. උතුම් වූ අනාගාමී පලයට පත්වනු සමගම නැවත මෙලොවට නොපැමිණෙන බවට එකෙනෙහිම පත් වන බැවින් ධර්මය අකාලික වෙයි. උතුම් වූ අරහත් පලයට පැමිණෙනු සමගම එකෙනෙහිම සසර දුකින් මිදුණු නිවී සැනසුණු බවට නැවත නුපදින බවට පත්වෙයි. එබැවින් ධර්මය අකාලික වන සේක. තවද භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය වන්නාහි සෑම කාලයකටම සුදුසුය. යමෙක් ධර්මය අනුව පිළිපදීද කවර කාලයක වුවද ධර්මය විසින් ඔහු රැකෙයි. අතීත වර්තමාන අනාගත කවර කාලයක වුවද ධර්මය අනුව පිළිපදින්නාට නිසි පල ලැබෙයි. කවර යුගයක වුවද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුව පිළිපැදීමෙන් විමුක්තිය සාක්ෂාත් කල හැකිය. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ධර්මය වනාහි “එන්න බලන්න” යයි අන්‍යයන්ට දැක්විය හැකි දැන්විය හැකි වන බැවින් “ඒහිපස්සික” වන සේක. උතුම් වූ ධර්ම රත්නය වනාහි අසන්නවුන්ට, පැහැදෙන්නවුනට, දරන්නවුනට, ඒ අනුව පිලිපදින්නවුනට මහත් වූ සෙත සලසන බැවින්, ඒකාන්ත වූ ආරක්ෂාව වන බැවින්ද, ස්ථිරසාර වූ පිහිට වන බැවින්ද, දුකින් මුදවන බැවින්ද, සුගතියට මෙහෙයවන බැවින්ද, නියත විමුක්ති මග දක්වන බැවින්ද ඕනෑම කෙනෙකුට “එව බලව” යි දැක්වීමට සුදුසු වන සේක. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී “සද්ධර්මය වනාහි සිතට පමුණුවා ගැනීමට සුදුසු” වන සේක. ශ්‍රී සද්ධර්මය වනාහි තමා විසින්ම විමසා බැලිය හැකිය.වැඩිය හැකිය. ධර්මය තමා තුලට පමුණුවා ගත යුතු වන සේක. තමා තුලට පමුණුවා ගැනීමට හැකි වන සේක. කවර කටයුත්තක් පසෙකලා වුවද කවර සම්පත්තියක් හැරදා වුවද තම සිතට පමුණුවා ගැනීමට, අවබෝධ කිරීම උදෙසා යොමුවීමට, සුදුසු බැවින් ධර්මය වනාහි “ඕපනයික” වන සේක. ධර්මය තමා විසින්ම අවබෝධ කල යුතුය. තමා තුලටම පමුණුවා ගත හැකි බැවින් නිවනට පමුණුවන ශ්‍රී සද්ධර්මය “ඕපනයික” වන සේක. ධර්මය තම සිත තුලට පමුණුවා ගැනීමෙන්, ධර්මය අවබෝධ කිරීමෙන් සියලු මනුෂ්‍ය දිව්‍ය ඇතුළු සකල ලෞකික සම්පත්ද අනුත්තරීය වූ විමුක්තිදායක වූ ලෝකෝත්තර සම්පත්ද සාක්ෂාත් කල හැකි බැවින් ධර්මය “ඕපනයික” වන සේක. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය වනාහි නුවණැතියන් විසින් සිය සිතින්ම අවබෝධ කර ගත හැකි වන සේක. ධර්මයෙහි ගුණ ඒ අනුව පිළිපැදීමෙහි ආනිසංස තම තමන් විසින්ම ස්වසන්තානයෙන්ම දැකිය හැකි වනසේක. ප්‍රඥාවන්තයින් විසින්ම සිය සිතින් දරා දැන ගත හැකි අවබෝධ කල හැකි බැවින් යුක්ත වන නිසා ධර්මය “පච්චත්තං වේදිතබ්බෝ විඤඤූහි” යයි කියන සේක. ධර්ම සන්නිවේදනය. ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය යනු භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත අවබෝධයයි. එය අතිශය ගැඹුරුය. අතිශය ප්‍රණීතය. ශ්‍රද්ධා සම්පන්න නුවණැතියන් හට විෂය වන්නකි. එය මැනෙන්නේ භාෂා නුවණ, විෂය දැනුම හෝ උගත් කම යයි අප සලකන මිනුම් දඬු වලින් නොවේ. ඔබ අප සැමට ධර්මය ඇසුරු කිරීමෙන් සහ පින් වඩා ගැනීමෙන් ඒ උතුම් නුවණ දියුණු කර ගත හැකිය. නමුත්, ධර්මය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම යනු අතිශය භාරදුර වගකීම් සහගත කටයුත්තකි. උතුම් පාලි ත්‍රිපිටක භාෂාවෙහි යෙදුම් ධර්මයෙහි අරුත නොනසා නිරුක්තිය නොනසා මතු කරලීමට සුදුසුම භාෂා ශෛලියක් යොදා ගැනීම පින්වත් ස්වාමීන්වහන්සේලා සිය පරිවර්තන කාර්යයේදී සිදුකර ඇත. සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන භාෂාව ඔබට එකවර පහසුවෙන් තේරුම ගත හැකි ව්‍යවහාර භාෂා ශෛලියක් නොවනවා වන්නට පුළුවන. පසුගිය දශක කිහිපය තුල සිංහල අපේ භාෂා ව්‍යවහාර ඥානය මහත්සේ පරිහානියට පත්වූ යුගයකි. අද මාධ්‍ය ආයතන , බොහෝ පොතපත ආදියෙන් යොදා ගැනෙන ව්‍යවහාර භාෂාව අනුව බලන විට ඉදිරියේදී ධර්මය විග්රහ කොට කියා දීමට නොහැකි තරම් තව තවත් ව්‍යවහාර භාෂාව ගැඹුරින් සහ හරයෙන් පිරිහී යනු ඇත. එවිට අද වඩා සරල ලෙස දැනෙන දහම් පොත පත පවා ඔබට නොතෙරෙන්නට සහ කියවීමට අපහසු වන්නට පුළුවන. ධර්මය සරල බසින් විස්තර කිරීම කියා දීම අතිශය ප්‍රසංශා කටයුතු මහත් පුණ්‍යකර්මයකි. එය සිදුවිය යුත්තකි. නමුත් සැමවිටම සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක පොත් මාලාව මුල් තැනෙහි ලා කටයුතු කලයුතුය. එහි බස් වහර යෙදී ඇත්තේ මුල් පාලි ව්‍යවහාරයට හැකිතාක් සමීප වන අයුරිනි. එය ඉතාම වැදගත් කරුණකි. ඔබ ගණිතය, බටහිර විද්‍යා, වෙනත් භාෂා ආදිය, පරිඝනක තාක්ෂණය වැනි විෂයන් ඉගෙනීමෙහි යෙදෙන විට කොතරම් පරිශ්‍රමයකින් ඊට අදාළ පාරිභාෂික වචන, වෙනත් භාෂාවන් ව්‍යවහාරයන් ඉගෙනීමට උනන්දු වෙනවාද? ඔබ කිසිවිටෙක පරිඝනකයේ වචන සරල සිංහල භාෂාවෙන් නොතිබේ යයි එම නිෂ්පාදන ආයතන වලට දොස් නගන්නේ නැත. භෞතික, ජීව, රසායන විද්‍යා ආදිය, ඉංග්‍රීසි භාෂාව ආදිය ඉගෙනීමට ඔබ දක්වන කැපවීම උතුම් ත්‍රිපිටක ධර්මය ඉගෙනීමට නොයොදා විටෙක එම උතුම් කටයුතු වලට සිය ජීවිතයම කැප කල ස්වාමීන් වහන්සේලාට දොස් නගනු මම දැක ඇත්තෙමි. ධර්ම ගරුත්වය ඇති මහා ශ්‍රාවකයෝ විටෙක රාජ්‍ය සැප හැරදමා, ජීවිතයද පරිත්‍යාග කොට ධර්මය ඉගෙනීමට එය අරුත සහිතව මතක තබා ගැනීමට, කැපවූහ. නමුත් ඔබ අතරින් සමහරෙක් උතුම් ත්‍රිපිටක ධර්මය ඔබේම මවු බසින් ලියා තිබියදී ඔබේ දුර්වලතා මගහරවා වීර්යයෙන් එය ඉගෙනගනු වෙනුවට භාෂා ව්‍යවහාරයට දොස් නගමින් ධර්මය සරල බසින් නොකියන්නේ යයි දොස් නගති. ධර්මයේ සමහර කරුණු ඊට අදාළ පාලි පාඨ වලින්ම මිසක සිංහල බසින් සෘජුවම දක්විය නොහැකි අවස්ථාද තිබේ. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කොතරම් සරල කරන්නට උත්සහ කලද එක්තරා පමණකින් එහාට එය සරල කර දැක්වීමට අන් කිසිවකුට නොහැකිය. “ආර්යසත්‍යය”, පටිච්ච සමුත්පාදය, පටිසම්භිදා වැනි බොහෝ යෙදුම් වලට සරල සිංහල යෙදුම් යෙදීම උගහටය. එනිසා කලයුත්තේ ධර්ම ගෞරවය ඇති කරගෙන උත්සාහයෙන් ධර්මය ඉගෙනීමයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා මහත් වීර්යයෙන් සාක්ෂාත් කොටගත් අසීමිත සම්බුද්ධ ඥානයට ගෞරවය ඇත්තේ නම් ඔබට මවු බසින්ම ඇති භාෂා ව්‍යවහාරය මදක් උත්සහ කොටම තේරුම ගත හැකිය. උතුම් වූ පින්වත් ස්වාමීන් වහන්සේලා සරල බසින් මෑතකදී ලියා ඇති පොතපතද මහත් ගෞරවයෙන් ඉගෙන ගන්න. ඒ අතරම පාලි භාෂාවෙහි යෙදුම් ආදිය සහිතව ක්‍රමයෙන් සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක පොත්පෙලට මුල් තැන දී පරිශීලනය කරන්නට උනන්දු වන්න. ක්‍රමයෙන් ඔබේ ධර්මාවබෝධය දියුණු වන සැටි ඔබටම වැටහේවි. අවශ්‍ය වන්නේ වීර්යයත් ධර්ම ගෞරවයත්, සුදුසු ගුරුවරුන් සොයායාමට, ඇසුරට ඔබ දරන උත්සාහයත් පමණි. අටුවා සාහිත්‍ය ගැනද විවිධ විවේචන එල්ල කරමින් සමහර විටෙක ඉතා අනුවණ ලෙස ඒ බැහැර කරන අවස්ථාද මම දැක ඇත්තෙමි. අටුවා සාහිත්‍ය සහ “මහා අට්ඨකථාව” පිළිබඳව බොහෝ දෙනෙකුට ඇත්තේ අවුල් සහගත අවබෝධයකි. අටුවාව යනු කුමක්ද යන්නත් එහි ප්රභවය පිළිබඳව කරුණුත් නිරවුල් කර ගැනීමෙන් ඔබට ඇති සැක සංකා දුරුකර ගත හැකිය. ලිපිය ඉතා දිග වී ඇති බැවින් මෙහි ඒ ගැන විග්රහ කරන්නට නොසිතමි. නමුත් අටුවාව කෙරෙහි අතිශය ගෞරව සම්ප්රයුක්තව ධර්ම ගෞරවයෙන්ම ගරු කරමින් ක්‍රියාකල යුතු බව අවසන් වශයෙන් මෙහි සඳහන් කරමි. ඉඩ ලැබෙන පරිදි අට්ඨකථා පිළිබඳව විග්‍රහයක් ඉදිරියේදී සිදු කිරීමට උත්සහ කරමි. සමස්ත ත්‍රිපිටක ධර්මයම, එනම් සුත්‍ර විනය අභිධර්ම සහිත සියලු ත්‍රිපිටකය කොටස් අඩු නොකර ධර්ම රත්නය ලෙස සරණ යමු. උතුම් වූ අටුවාව සැඳැහැ සිතින් පිළිගනිමු. ඒ උගනිමු. භාග්‍යවතුන් වහන්සේගෙන් පසුව අපට ශාස්තෘ වන්නේ උතුම් ධර්මයයි. ඉන් කොටසක් හෝ බැහැර කරන ඔබ භාග්‍යවතුන් වහන්සේගේ අපරිමිත අවබෝධයෙන් කොටසක් බැහැර කරයි. එවිට ඔබ තිසරණයෙහි නොපිහිටයි. එවිට ඔබ සරණ ගොස් ඇත්තේ තිසරණය නොව පුද්ගල වාදයකි. තමාට අවශ්‍ය පරිදි ධර්මය කොටස් වශයෙන් වෙන් කරගැනීමකි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දායාදයට උරුමකරුවෝ වෙමු. අනවශ්‍ය වාද පසෙකලා ශ්‍රද්ධාවෙන් වීර්යයෙන් ධර්මය උගනිමු. මෛත්‍රී කරුණා සිතින් අන්‍යයන්ට කියාදෙමු. හැකි තාක් පින් පුරමු. අප තුල ඇති අඩුපාඩු නිහතමානීව පිළිගෙන ඒ නිවැරදි කරගනිමු. මතු පරපුරට ධර්ම දායාදය තිලිණ කර, ඒ උතුම් මහා සඟ රුවන ගිය මග ගොස් නිවී සැනසෙමු. මූලාශ්‍ර: ඛුද්දක නිකාය: සුත්ත නිපාතය (ස.ජ.ත්‍රි.ග්‍ර.මා.) දීඝ නිකාය, (ස.ජ.ත්‍රි.ග්‍ර.මා) සූවිසි මහගුණය- පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ආතාපි වෙබ් අඩවියේ ධර්මදේශනා (aathaapi.org) ඔබ සැමට තෙරුවන් සරණයි..!!! - සසිත් රාජසූරිය උපුටාගත්තේ මෙතනින් [url]http://lankacnews.com/sinhala/main-news/87837/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom