මම සතුන් වෙනුවෙන් මරණයට කැපවෙනවා-ඇමති මර&#

33000W

Member
මම සතුන් වෙනුවෙන් මරණයට කැපවෙනවා-ඇමති මර&#


Mervin-munneshwaram-2.jpg
අමාත්‍ය මර්වින් සිල්වා මහතාට "කාලි දෙවගනගේ ශාපය" වැදී ඇති බවට මුන්නේශ්වරම් කාලි දේවාලයේ පුජකතුමා කරලැබූ ප්‍රකාශනයට අමාත්‍ය මර්වින් සිල්වා මහතා පිළිතුරු දී තිබෙනවා.

ඔබලාට ලේ අවශ්‍ය නම් මාගේ ලේ දෙන්නම්. ඔබලාට ශරීරය අවශ්‍ය නම් මාගේ ශරීරය දෙන්නම්.සතුන් වෙනුවෙන් මම මරණයට කැපවෙන්නම්.-ඇමති මර්වින්

සම්පුර්ණ නිවේදය මෙසේය.-
මර්වින්ට සහ ගෝලයන්ට කාලි මෑණියන්ගේ ශාපය වැදුණා යන මැයෙන් ඊයේ (12 වැනිදා) දින ජාතික පුවත්පත් කිහිපයක කාලි දේවාලයේ පූජකතුමා විසින් ප්‍රකාශ කර තිබූ වගකීමකින් තොර ප්‍රකාශ මා දුටුවෙමි. සතුන් මරණ ලේ තැවරුණු අපිරිසිදු ස්‌ථානවලට දෙවියන් පැමිණෙන බවට හිංදු ආගමේ කිසිම තැනක සඳහන් වී නොමැති අතර, සත්ත්ව බිලි පූජා පවත්වන්නන්ට දේව ආශිර්වාදය ලැබෙන බවට මා කිසි විටෙකත් විශ්වාස නොකරමි. බිලි පූජාවන්ගෙන් සතුන් බේරා ගැනීමට කැප වී කටයුතු කරන පුද්ගලයන් හට දේව ශාපය වදින බවට මා කිසිදු ආගමකින් හෝ දර්ශනයකින් දැනුවත් වී නැත.

මා විසින් ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමෙන් අනුරාධපුර රාජධානියේ රුවන්වැලිසෑය, මිරිසවැටිය, ථූපාරාමය, ලංකාරාමය යන චතුර්සෑයන් සහ කැලණි විහාරය සුදු හුණු පිරියම් කර කොත්වහන්සේ රන් ආලේප කරන ලදී. ඉන් නොනැවතී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට උතුම් වූ පැන් පූජා කිරීම සඳහා නිම කරන ලද ජල නල නිමැයුම් සහ කැලණිය ශ්‍රී උත්පලවන්නා මහා විෂ්ණු දේවාලය මා සහ මගේ යහළුවන් සමඟ කරන ලද ශාසනික මෙහෙවරයන් කිහිපයකි.


කාලි දේවාලයේ හිටපු ප්‍රධාන පූජකතුමා වන කාලිමුත්තු පූජකතුමා කරදරවලට මුහුණ දුන් අවස්‌ථාවලදී කතරගම දෙවියන් ඇතුළු වෙනත් දෙවිවරුන්ගෙන් ආශිර්වාදය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මා විසින් සම්පාදනය කර දෙන ලදී. කාලිමුත්තු පූජකතුමාගේ මස්‌සිනා වන දැනට කාලි දේවාලයේ පූජකතුමා තමන්ගේ කාර්ය නිසියාකාරව ඉටු නොකර කුමන්ත්‍රණකරුවන් සමඟ සම්බන්ධ වී මෙවැනි ප්‍රකාශ නිකුත් කළ ද මා හට කිසිදු ශාපයක්‌ වැදී නොමැති අතර මා නිරන්තරයෙන් ප්‍රධාන ආගම්වලට ගරු කරන බව කැලණියේ ඇතුළු රටේ ජනතාව හොඳින්ම දන්නා කරුණකි.

තුන් වතාවක්‌ බුදුන් වැඩිය ශ්‍රී ලංකාවේ කතරගම, විෂ්ණු, විභීෂණ, සුමනසමන් දෙවියන් ඇතුළු සියලුම සම්‍යක්‌දෘෂ්ඨික දෙවි දේවතාවන් වැඩ සිටින රටේ අයුක්‌තියට අසාධාරණයට එරෙහිව කවදත් නැගී සිටින මා රුහුණු පුරවරයේ සිට ඩී. ඒ. රාජපක්‍ෂ පවුලේ දරුවන් සමඟ කොළඹට පැමිණි බවත්, මා කිසි විටෙක කාලි දේවාලයේ ප්‍රධාන කපු මහතා විසින් කරන ලද වගකීමෙන් තොර ශාපලත් ප්‍රකාශ සඳහා බිය නොවන බව තරයේ ප්‍රකාශ කර සිටිමි. ශාප කරන්නන්ට බිය වනවා නම් මම මෙවැනි ප්‍රකාශ කරන්නේ නැත. මා මිනිස්‌ ලොව තුළ ජීවත් වන තුරු කිසිම බිලි පූජාවක්‌ කිරීමට ඉඩ නොදෙන බවට වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි.

ඔබලාට ලේ අවශ්‍ය නම් මාගේ ලේ දෙන්නම්. ඔබලාට ශරීරය අවශ්‍ය නම් මාගේ ශරීරය දෙන්නම්. ඔබලාට මරණය අවශ්‍ය නම් සතුන්ගේ ජීවිත වෙනුවෙන් මම මරණයට කැපවෙන බව දන්වා සිටින අතර තුන්වරක්‌ බුදුන් වැඩිය භූමිය අහිංසක සතුන්ගේ ලේ වලින් අපවිත්‍ර කිරීමට මා කිසිවකුට ඉඩ නොදෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිමි.

මහා භද්‍රකාලී දේව මෑණියනි, ඔබ වහන්සේට සතුන්ගේ ලේ වුවමනා නැත. මේ පූජකයන්ගේ බඩ වඩා ගැනීම සඳහා කරන කාර්යයන් පමණි. මීට වඩා කිසිවක්‌ ප්‍රකාශ කළ යුතු නැත.

සම්බන්ධිත පුවත්-
මර්වින්ට වැදුනේ කාලි මෑණියන්ගේ සාපයද?


උපුටා ගැනීමකි.
http://www.**Please do not spam****...2/01/blog-post_7587.html?utm_source=BP_recent
 

33000W

Member
මර්වින් මොනවගේ මිනිහෙක් උනත් මම නම් කියන්නෙ අපි මේ වෙලාවෙ මර්වින්ගෙ පැත්ත ගන්න ඕන.:(:(:( මෙහෙම හරි දෙයක් කරද්දී මිනිස්සු මිනිහත් එක්ක ඉන්න ඕන. එතකොට අනිත් අයත් තවත් මේකට උනන්දු වෙලා මේක නවත්තන්න උත්සහ ගන්නව.:frown::frown::frown:
 

krish69

Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මර්වින් මොනවගේ මිනිහෙක් උනත් මම නම් කියන්නෙ අපි මේ වෙලාවෙ මර්වින්ගෙ පැත්ත ගන්න ඕන.:(:(:( මෙහෙම හරි දෙයක් කරද්දී මිනිස්සු මිනිහත් එක්ක ඉන්න ඕන. එතකොට අනිත් අයත් තවත් මේකට උනන්දු වෙලා මේක නවත්තන්න උත්සහ ගන්නව.:frown::frown::frown:

    :yes:
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    මර්වින් මොනවගේ මිනිහෙක් උනත් මම නම් කියන්නෙ අපි මේ වෙලාවෙ මර්වින්ගෙ පැත්ත ගන්න ඕන. මෙහෙම හරි දෙයක් කරද්දී මිනිස්සු මිනිහත් එක්ක ඉන්න ඕන. :) :)