මයිත්‍රී - තිරුපති - මහින්ද

earthbender

Active member
  • Dec 26, 2010
    394
    124
    43
    මයිත්‍රී - තිරුපති - මහින්ද

    තිරුපති කෝවිල කියන්නේ ඉන්දියාවේ පිහිටා තිබෙන ලෝක ප්‍රසිද්ධ, ඓතිහාසික වටිනාකමක් ඇති හින්දු සිද්ධස්ථානයක්. මෙහි බොහෝ හාස්කම් ඇති ස්ථානයක් ලෙස හින්දු මැතිමතුන් විශ්වාස කරනවා. මේ ගැන අප බොහෝ කාලයක සිට යම් යම් කරුණු දැන සිටියත් පසුගිය ජනාධිපතිවරණය සමයේ වැඩි දෙනෙක් මේ ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු වස් පූජා පවත්වා බාරහාරවීමට නාම යෝජනා දුන් සැනින් මෙම කෝවිලට ගොස් තිබූ නිසයි. ඔහු එහි පූජාවන්ට සහභාගි වී සිටින ආකාරය පිළිබඳව විවිධ ඡායාරූප අන්තර්ජාලයේ පළවී තිබුණා. ජනාධිපතිවරණය නිමවීමත්, සමග මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමග මේ පිළිබඳ උණුසුම ගිලිහිලා ගියා.

    13_SLMA_Back.jpg

    නමුත් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරය අතරතුරේ තිරුපති වන්දනාවේ යන බැව් ප්‍රවෘත්තිවලින් පැවැසුණු නිසා නැවතත් ඒ පිළිබඳ උනන්දුවක් ඇති වී තිබෙන බවක් පෙනෙනවා.

    SLD_20141214_A012-3.jpg

    lanka-mos-650_021915121252.jpg

    ඇත්තටම මොකක්ද මේ තිරුපති කෝවිල ?
    මෙය තිරුපති යනුවෙන් හැඳින්වුවත් නියම නම වන්නේ ‘තිරුමාල ශ්‍රී වෙන්කතේෂ්වර කෝවිල’ යන්නයි. එය ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි, චිට්ටූර් දිස්ත්‍රික්කයේ තිරුපති නම් කඳුකර නගරය ආසන්නයේ පිහිටා තිබෙනවා. තිරුපති නගරයට ආසන්නව ඇති නිසා එය වැඩි දෙනෙක් හඳුන්වන්නේ ‘තිරුපති කෝවිල’ නමින්.

    තිරුමාල කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 853ක උන්නතාංශයකින් පිහිටා තිබෙනවා. එම ප්‍රදේශය වර්ග කිලෝමීටර් 27කින් පමණ යුක්තයි. මෙම කන්ද මුදුන් හතකින් සමන්විතයි. හින්දු විශ්වාසයට අනුව එය සියලු සර්පයන්ට අධිපති රජු වන අදීෂගේ හිස් හත යැයි පැවසෙනවා. මෙම මුදුන් හත සේසාද්‍රි, නීලාද්‍රි, ගරුඩාද්‍රි, අන්ජානාද්‍රි, වෘෂභාද්‍රි, නාරායනාද්‍රි සහ වෙන්කතාද්‍රි යනුවෙන් හඳුන්වනු ලබනවා. ක්‍රි.ව. 300 දී පමණ ඉදිකළේ යැයි සැලකෙන මෙම කෝවිල පිහිටා තිබෙන්නේ මේ අතරින් වෙන්කතාද්‍රි හෙවත් වෙන්කත් කන්දේ මුදුන මතයි. මෙම කෝවිලට අධිගෘහිත හින්දු දෙවියා වන්නේ වෙන්කතේෂවරයි.

    S36rZFMM12uAfHEvAADXx4GhVtk61.jpeg

    විෂ්ණු හෙවත් සිරිනිවාස, බාලාජි නමින් හඳුන්වන දෙවියන්

    ඔහු විෂ්ණු දෙවියන්ගේ එක් වේෂයක් යැයි විශ්වාස කෙරෙනවා. බලාජි, ගොවින්ද හා ශ්‍රීනිවාස යන නම්වලින් ද වෙන්කතේෂ්වර හඳුන්වනු ලබනවා. මෙම කෝවිල කෙළවර වන්නේ පූජනීය විලක් වූ ශ්‍රී ස්වාමි පුෂ්කර්නි හි එක් ඉවුරකින්. දකුණු ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පයට අනුව ඉදිකොට ඇති මෙහි දක්නට ඇති අක්ෂර සියල්ල ඇත්තේ දෙමළ බසින්.

    තිරුපති කෝවි‍ලේ පවතින්නේ යැයි පැවැසෙන හාස්කම්වලට අමතරව මෙය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලෝකයේ ඇති ධනවත්ම කෝවිල හැටියටයි.

    මේ ගෙවෙන්නේ කලියුගයයි. කලියුගයේ දී මතු බුද්ධත්වය පතන විෂ්ණු දෙවියන් ජීවමානව වැඩසිටින තැනක් හැටියට තිරුපති කෝවිල ප‍්‍රසිද්ධව තිබේ. වෛෂ්වන බ‍්‍රාහ්මණ ඉගැන්වීම්වලට අනුව විෂ්ණු දෙවියන් ලෝකයේ අවසන් කාලය ගතකරන්නේ මෙතැනය. කෙසේ හෝ මෙතැනට පැමිණ යමෙක් සිය දුක ප‍්‍රකාශ කරන්නේ නම්, බලාපොරොත්තුවන සමෘද්ධිය පතන්නේ නම්, ප‍්‍රශ්න, ගැටලූවලට විසඳුම් ඉල්ලන්නේ නම්, ලැබීම, දියුණුව පතන්නේ නම්, කීර්තිය, ප‍්‍රශංසාව, ජන ප‍්‍රසාදය ඉල්ලා සිටින්නේ නම්, විෂ්ණු දෙවියන්ගේ කාරුණික අවධානය යොමුවී ආශිර්වාදය උදාවෙන බව පැවසේ.

    තිරුපති වටා පිහිටි සප්තගිරි නමින් ප‍්‍රකට කඳු ගැට හතේ විෂ්ණු දෙවියන්ට සබැඳි දේවාල හතක් පිහිටා තිබේ. ඒවායේ විෂ්ණු දෙවියන්ට සමීප අයගේ හා ඔවුන්ගේ පාරිභෝගික වස්තු පිහිටා ඇති බව කියැවේ.

    නන්දි දේවාලය, නීලා දේවාලය, ගරුඬා දේවාලය, ශේෂාගිරි දේවාලය, විෂ්ණු ගිරි දේවාලය, කලියුග විෂ්ණු දෙවොල, හනුමා දේවාලය ඉහත කී දේවාල හතයි. තිරුපති හෙවත් තිරුමාලා කෝවිලේ වාර්ෂිකව උත්සව ගණනාවක් පැවැත්වේ. ඒ මහා විෂ්ණු හෙවත් සිරිනිවාස, බාලාජි නමින් හඳුන්වන දෙවියන්ට පූජෝපහාර වෙනුවෙනි.

    තිරුපතිවල පැවැත්වෙන ප‍්‍රධානම උත්සවය බ‍්‍රහ්මෝත්සවයයි. එය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන අතර ඊට මිලියන ගණනක් ජනයා ඒකරාශී වේ. කෝවිලේ වසන්තෝත්සවය මාර්තු, අපේ‍්‍රල් මාසවලත්, තෙසපත්මි උත්සවය පෙබරවාරියේත් උත්සවාකාරයෙන් සැමරේ.

    තිරුපති කෝවිලේදී බොහෝ බැතිමත්හු සිය කොණ්ඩය පවා බූගා තම භක්තිය ප‍්‍රකාශ කරති. බූ ගෑ හිස කේ අලෙවියෙන් පමණක් වාර්ෂිකව ඩොලර් මිලියන 6ක ආදායමක් කෝවිලට ලැබෙන බව ප‍්‍රකාශ වේ. මෙසේ කොණ්ඩය කැපීමට ස්ත‍්‍රී-පුරුෂ හෝ බාල-මහලූ භේදයක්ද නැත.

    තිරුපති කෝවිල උත්සව සමයට පමණක් ජනාකීර්ණ වන තැනක් නොවේ. සෑම දිනෙකම පාහේ අතිශය ජනාකීර්ණ තැනෙකි. දෙවියන් පිළිබඳ භක්තිය ප‍්‍රායෝගිකව තේරුම් ගන්නට නම් තිරුපති වෙතම යා යුතුය. දවසක් දෙකක් පමණ පොදි කකා පෝලිම්වල සිට තත්ත්පරයක් දෙකක් පමණ කාලයක් දෙවියන් දැකිය හැකිය.

    Garuda_Vahanam%20(8).jpg

    සාමාන්‍ය ජනයා වෙනුවෙන් පවතින සුවිශාල පෝලිම නිසා ඉන්දියාවේ සහ විවිධ රටවලින් එන ප‍්‍රභූන්ට වෙනම වී.අයි.පී. පෝලිමක් පිහිටුවා තිබේ. මේ පෝලිම ඔස්සේ ගොස් රස්තියාදුවකින් තොරව තිරුපති වන්දනා කිරීමේ භාග්‍යයද ලොකු ලොකු ඇත්තන්ට හිමි වේ.

    Inspection1.jpg

    තිරුපති එන බොහෝ දේශපාලනඥයො, පක්‍ෂ නායකයෝ සිය මැතිවරණ ජයග‍්‍රහණය අපේක්‍ෂාවෙන් භාර හාර වෙති. ජයග‍්‍රහණය කිරීමෙන් පසුව තිරුපති වෙත පැමිණ තම ශරීරයේ බරට රත්රන් හෝ කාසි පූජාවක් කිරීම සාමාන්‍ය දෙයකි.

    තිරුපති වෙත රහසේ එන දේශපාලනඥයෝ එහි ඇති පාප විනාශක දිය ඇල්ලෙන් නා පිරිසුදු වෙති. මෙම දිය ඇල්ලෙන් ස්නානය කළ පසු එතෙක් සිදු කළ සියලූ පවුවලින් නිදහස්වීමට අවසර ලැබෙන බවද කියැවේ.

    kapila-theertham.jpg

    (හරි දිය ඇල්ල මේකද දන්නේ නෑ හරිය...)

    බෞද්ධයන් විශ්වාස කරන ආකාරයට තිරුපති පිහිටා ඇති තිරුමාලා කන්දේ බුදුන් වහන්සේගේ පාද ලාංඡනයක් ඇති බවද කියැවේ.

    බුදුරජාණන් වහන්සේ සුනාපරන්තයට වැඩම කරද්දී සප්තභද්‍ර නම් තවුසකු මුණ ගැසී තිබේ. එම තවුසා බුදුන් වහන්සේගෙන් ප‍්‍රශ්න විචාරා පසුව පැවිදිවීමට අවසර ඉල්ලා ඇත. සප්තභද්‍ර තවුසා බුදුරජාණන් වහන්සේගේ සෙවණේ පැවිද්ද ලබාගත් අතර මෙහි සිට මට වැඳුම් පිඳුම් කිරීමට පූජනීය වස්තුවක් ලබා දෙන්නැයි’ බුදුහිමියන්ගෙන් ඉල්ලා තිබේ. එම අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ මෙහි සිරිපා සලකුණ පිහිටු වූ බව කියැවේ. ඒ අනුව තිරුපති යනු බෞද්ධ උරුමයක් හැටියට ගැනීමේ වරදක් නැත. නමුත් බොහෝ දුරට බෞද්ධයන්ට වඩා ඉන්දීය දෙමළ ජනයා මෙහි යන බව පෙනේ.

    තිරුපති පුරාණ කතාවට අනුව මුලින් මෙහි තිබී ඇත්තේ විශාල තුඹසකි. ඉන්දියාවේ තොණ්ඩමාන් නැමති ප‍්‍රාදේශීය පාලකයකුට තිරුපති ස්ථානය කිරි කළවලින් පූජා පවත්වන්නැයි දේව අණක් ලැබී තිබේ. එම කිරි පූජාව පවත්වද්දී දේව රූපය මතුවී පෙනෙන්ට වී ඇති අතර ඔහු ඉතා භක්තිමත්ව පූජා සිදුකොට ගෝපුර ප‍්‍රාකාර සහිතව දේවාලය ඉදිකර තිබේ.

    විශේෂයෙන් තිරුපති වන්දනාවේ යන සමහර රාජ්‍ය නායකයන්ද හිසකේ කොටසක් හෝ කපා භාරවීමද සිදුවේ. එය අනිවාර්ය දෙයක් නොවේ. තිරුපතිවලදී මෙසේ හිස කේ කැපීමට පුරාණ කතාවක් තිබේ.

    ඊතල පහරකින් විෂ්ණු දෙවියන්ගේ හිස කෙස් කොටසක් ගැලවී ගොස් තිබේ. මෙය දුටු ගාන්ධර්ව කුමරියක් වන නීලාදේවිය (ඇය වෙනුවෙන් ඉදිකළ කෝවිලක් තිරුපති දෙවොල අසල වෙයි.) විෂ්ණුගේ කෙස් ගැලවුණු තැන තමන්ගේ වරලස කපා ඒවායින් වසා දැමීමට කටයුතු කර තිබේ. නීලා දේවිය කළ උසස් ක‍්‍රියාව සිහි කරමින් බොහෝ බැතිමතුන් තම හිසකේ පූජාව කරන අතර ඒ නිසාම බැතිමතුන් හට විෂ්ණු දෙවියන්ගේ සහ නීලා දේවියගේ ආශිර්වාදය ලැබෙන බවද කියැවේ.

    තිරුපති වල උත්සව සමයේ රුපියල් බිලියන 10-12ක් පමණ එකතු වන බව පැවසේ. තිරුපති කෝවිල මේ වන විට ලෝක ප‍්‍රසාදීන්ගේ මහත් ගෞරවයට, භක්තියට පාත‍්‍රවූ තැනෙකි. එසේම බොහෝ දෙනාගේ බලාපොරොත්තු මුදුන් පමුණුවා දුකින් මිදී සිනාසීමට පසුබිම හදාදුන් තැනෙකි. විනාශය නවතා පැවැත්ම හැදීමට, දියුණුව එළිකිරීමට මග පෙන්වූ තැනකි. එබැවින් ඇති හැකි කවුරු කවුරුත් ‘තිරුපති’ අමතක නොකරති.

    ලෝකයේ වැඩි දෙනෙක් සංචාරය කළ ස්ථානයක් වන නිසා මෙයට අධික ලෙස විවිධ ප්‍රදානයන් ලැබෙනවා. මෙය කරා දිනකට වන්දනා කණ්ඩායම් වශයෙන් 50,000 - 100,000 දක්වා පැමිණෙනවා. වාර්ෂිකව පැමිණෙන වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව මිලියන 30-40 පමණ වන බවයි පැවැසෙන්නේ. වාර්ෂිකව පැවැත්වෙන බ්‍රහ්මෝත්සවම් පූජා උත්සව සමයන්හිදී මෙයට දිනකට පැමිණෙන වන්දනා කණ්ඩායම් සංඛ්‍යාව ලක්ෂ පහක් දක්වා ඉහළ යන බව වාර්තා වෙනවා. මේ නිසා මොවුන්ගෙන් පූජා පිණිස ලැබෙන මුදල්, වෙනත් වටිනා භාණ්ඩ නිසා ලොව ඇති ධනවත්ම සිද්ධිස්ථානය මෙය බවට පත්වීමේ පුදුමයක් නැහැ.

    මෙම දේවස්ථානය පිළිබඳ තවත් ප්‍රවාද කිහිපයක්ම පවතිනවා. එයින් එක් විශ්වාසයකට අනුව මෙහි පවතින වෙන්කතේෂ්වර පිළිමය හින්දු විශ්වාසයට අනුව පෘථිවිය බිහිවුණු කලියුගය මුළුල්‍ලේම මෙහි පැවැතී තිබෙනවා.

    ලොව පුරා පැතිර පවතින විශ්වාසයන්ට අනුව මේ දේවාලයට බාරහාර වීමෙන් සියලු බලා‍පොරොත්තු ඉටුවන බවයි පැවැසෙන්නේ. අප රටේ හිටපු රාජ්‍ය නායකයා නැවත ජනපතිවීමේ පැතුම නිසැකවම ඉටුවේ යැයි බලා‍පොරොත්තුවෙන් මෙයට බාරහාර වී පුද පූජා පවත්වන්නට ඇත්තේ ද ඒ නිසා විය යුතුයි. නමුත් මෙවර එවැන්නක් නම් සිදුවූයේ නැහැ.

    හාස්කම්වලට අමතරව මෙය පිළිබඳ තවත් එක් රසවත් කතාවක් ද පවතිනවා. එය තිරුපති ප්‍රදේශයේ කවුරුත් දන්නා දෙයක්. මේ කතාව උරුලෑවන්ට සම්බන්ධයි.

    මෙම දේවාලයට සම්බන්ධව ඇති 12 වැනි සියවසට අයත් ‍ලේඛනවලත් මෙම සතා ගැන සඳහන්ව තිබෙනවා. උරුලෑවා කියන්නේ අධික දුර්ගන්ධයක් ඇති සතෙක් වුවත්, මෙයින් හමුවන ඓතිහාසික ‍ලේඛනවලට අනුව උගෙන් ලබාගත් ශ්‍රාවයකින් පිළියෙළ කරගත් තෙල් වර්ගයක් මිශ්‍ර කළ ජලයෙන් එකල සිටි රජවරු ස්නානය කරන්නට පුරුදුව සිටි බව පැවැසෙනවා. මෙම තෙල් වර්ගය හඳුන්වනු ලබන්නේ ‘පුනුගු’ නමින්. රජවරු මෙසේ ස්නානය කරන්නේ සුවඳවත්ව සිටීමට බවයි පැවැසෙන්නේ. මෙම තෙල් 14 වැනි සියවස පමණ වන විට ඉතා මිල අධික සුවඳ විලවුන් වර්ගයක් බවට පත්ව තිබුණා. මෑත ඉතිහාසයේදී මෙම තෙල් වර්ගය භාවිත කළේ එහි සෑම සිකුරාදා දිනකම පැවැත්වෙන වෙන්කතේෂ්වර පූජවේදී එම දෙවිඳුන්ගේ පිළිමයේ ආ‍ලේප කිරීම සඳහායි. නමුත් උරුලෑවා වඳවීගෙන යන සත්වයෙක් ලෙස ලැයිස්තු ගතකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම චාරිත්‍රයට බාධා පැමිනුණා.

    මේ අතර තිරුපති ලඩ්ඩු කියන්නෙත් මේ දෙවාලේටම ආවේනික කෑමක් ... එක ටිකට් එකකට ලද්දු 2k denawalu .. ලොවෙත් රහයි කියල තමයි කියන්නේ ..

    tirupati_ladoo.jpg

    තිරුපති කෝවිල හයිද්‍රාබාද් සිට කිලෝ මීටර් 579ක්, චෙන්නායි සිට කිලෝමීටර් 86ක් සහ බැංගලෝර්වල සිට කිලෝමීටර් 181ක් දුරින් පිහිටා තිබෙනවා.

    අපේ රටේ සිට බොහෝ දෙනෙක් ඉන්දියාවට ගමන් කිරීමේදී තෝරාගන්නේ චෙන්නායි ගුවන් තොටුපළ නිසාත්, එතැන් සිට කිලෝමීටර් අසූහයක් තරම් අඩු දුරක මෙය පිහිටා තිබිමත් නිසාත් මෙය නරඹා වැඳුම් පිඳුම් කරගෙන එන්නට ඉතාම පහසුයි. තිරුපති කෝවිල නිසාම එහි ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටු‍පොළක් ද පිහිටුවා තිබෙනවා.

    එය පිහිටා ඇත්තේ තිරුපති නගරයේ සිට කිලෝමීටර් දාහතරක් දුරින්, ඔබ සැහැල්ලු බඩු බාහිරාදිය රැගෙන යනවා නම් පමණක් චෙන්නායි ගුවන් තොටුපළ හරහා තිරුපති කරා ඉතා කෙටි වේලාවකින් ළඟාවන්න පුළුවන්. බඩුබාහිරාදිය වැඩිපුර අරන් යනවා නම් ඔබ යායුතු වන්නේ හයිද්‍රාබාද් ගුවන්තොටුපළටයි.

    එමෙන්ම චෙන්නයි සිට තිරුපති දක්වා දුම්රියෙන් මෙන්ම මහා මාර්ගය ඔස්සේ ද ගමන් කළ හැකියි. චෙන්නායි සිට පැය තුනකින් පමණ ළඟා විය හැකි වුණත් හයිද්‍රාබාද් හරහා යනවා නම් පැය 10-12 ක පමණ ගත විය හැකියි.

    මීට අමතරව තිරුපති කරා වන්දනා ගමන් සංවිධානය කරන විවිධ ආයතන බොහෝ ගණනක් චෙන්නායි ඇතුළුව ඉහත කී අනෙක් ප්‍රධාන නගර දෙකේ පවතිනවා. ඒවායෙන් ද ප්‍රයෝජන ගත හැකියි. නමුත් චෙන්නායි සිට ගුවනින් ගමන් කිරීම සඳහා කිසිදු මාර්ගෝපදේශකයකු අවශ්‍ය නැති බවයි කිව යුත්තේ.

    තිරුපති නගරය කරා ගමන් කරන බැතිමතුන්ට සහ විදේශීය සංචාරකයින්ට නවාතැන් සැපයීම සඳහා විවිධ මට්ටමෙන් ස්ථාන බොහොමයක් පවතිනවා. මෙම කෝවිල භාරකාර මණ්ඩලය මගින් ඉදිකළ නවාතැන් ඉතාමත් අඩු මිලට ලබාගන්නට පුළුවන්. සාමාන්‍ය පහසුකම් සපයන කුඩා ප්‍රමාණයේ නවාතැන් අපේ රටේ මුදලින් නම් රුපියල් 250-550 ත් අතර මිලකට ලබාගන්නට පුළුවන්. වායුසමීකරණය කළ කුඩා නවාතැන් කාමරයක් අපේ රටේ මුදලින් රුපියල් 1280-1600 අතර මිලකට ලබාගන්නට පුළුවන්. මේ සඳහන් කළේ එක් දිනකට මිල ගණන්. මීට අමතරව තරු පන්තියේ හෝටල් ද පවතිනවා. ෆෝර්චූන් සිලෙක්ට් ග්‍රෑන්ඩ් රිජ්, ආර්.ආර්. හවුස්, ෆෝර්චූන් කෙන්සස් හොටෙල් ආදිය මේ අතර පවතින අතර එක් රාත්‍රියක් සඳහා ඒවායේ මිල ගණන් අපේ රටේ මුදලින් රුපියල් 2000-6000 අතර පවතිනවා.

    ඔබ තිරුපති කරා ගමන් කරන්නේ නම් මීට අමතරව දැනගත යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා. ඒ එම ප්‍රදේශයේදී ඔබ හැසිරිය යුතු අන්දමයි.

    මෙය ලක්ෂ ගණන් වන්දනාකරුවන් පැමිණෙන ස්ථානයක් බව මුලින්ම මතකයේ තබා ගත යුතුයි. සිද්ධස්ථානයට ගැළපෙන ඇඳුම් ඇඳිය යුතුයි. මත්පැන් පානය නොකළ යුතු අතර මස් පමණක් නොව මාළු හා බිත්තර මෙම ප්‍රදේශයේදී පරිභෝජනයෙන් වැළකිය යුතුයි. කෙළ ගැසීම හෝ අන්‍යයන්ට කරදර වන ලෙස හැසිරීම නිසා ඔබ එහි නොසිටිය යුතු අයෙක් බවට බලධාරීන්ට පෙනී යන්නට පුළුවන්. කෝවිල තුළට ඇතුළුවීමේදී ජංගම දුරකථන හා කැමරා රැගෙන යාම සපුරා තහනම්. කාන්තාවන් සාම්ප්‍රදායික ඉන්දීය සාරියකින් සැරිසිය යුතුයි. එසේ නොමැති නම් ගෙල වැසෙන සේ සුදු රෙද්දක් ඔතා ගත යුතුයි. මේවා කෝවිලට ඇතුළුවන ස්ථානයෙන් අපේ රටේ මුදලින් නම් රුපියල් 180කට පමණ ලබාගන්නට පුළුවන්.

    මෙම ප්‍රදේශයේ ස්වාභාවික ජලය කිවුල් ස්වභාවයෙන් යුක්ත බැවින් බෝතල් කළ ජලය පානය කිරීම වඩාත් සුදුසුයි. අවසාන වශයෙන් කිව යුත්තේ ඔබගේ ආගමික විශ්වාසය කුමක් වුවත් ඔබ සංචාරයේ යෙදෙන ආගමික ස්ථානයේ සම්ප්‍රදායයන්ට ගරුකරන්නට මතක ලබා ගත යුතු බවයි.

    උස්සල ෆොටෝ එකතු කරන ලදී ..
    http://vishwakarma-lk.blogspot.com/2015/02/thirupathi-kovil.html
     
    • Like
    Reactions: buddikagayan

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    bump
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,518
    16,286
    113
    අනේ මංද ඵක ඵක්කෙනාගෙ කැමැත්ත.මම නම් යන්නෙ නෑ.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ubalage hamuwa giya eka hemihita ain kala neda malik sir toilet ekedi $$$$ mallak deepu nisa :lol::lol::lol:

    sri-lankan-prime-minister-ranil-wickremesinghe_59dc9176-c81b-11e6-afe5-88e9648d1b9f.jpg