Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණයට_පෙර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බූට් කාපු දුවල/පුතාල, මානසිකව වැටිල ඉන්න ඒළකිරි වාසීන් සාවධානව කියවා ධාරණය කර ගනිත්වා...!!

මට ඇති එකම දුක ආපහු වතාවක් මං ආසා කරන ඉහුම් පිහුම් කරන්න බැරි එක විතරක්ම නෙවෙයි. මගේ යාළුවොත් එක්ක ඉස්සර වගේ ‘පහක්’ දාන්නත් බැරි එකයි.

නාස්ති කරන්න ඇත්තටම මට කාලයක් නෑ තමයි. මරණයට කළින් ඒ හීනය හැබෑ කරගන්නම ඕනා.’

සිහින සැබෑ වන්නේ කළාතුරකිනි. බොහෝ සිහින සැබෑ නොවුණත් ඉඳහිට හෝ සැබෑ වන සිහින අප කාගෙත් ජිවිතවලට ගෙන දෙන්නේ පුදුමාකාර චමත්කාරයකි. අනපේක්ෂිත ලෙස කෙනකුගේ ජීවිතය මරණයේ සෙවණැල්ලෙන් වැසී යන මොහොතකදී පවා හිටිහැටියේම සැබෑ වන සිහින ඉතා සංවේදිජනකය. ඒවා අසන්නට ලැබීමත් සංවේදිජනක සිදුවීමකි.

පාකිස්තාන සම්භවයක් සහිත අමෙරිකානු යුවතිය 29 හැවිරිදි ෆාතිමා අලි දරුණු පිළිකා රෝගයට ගොදුරුවීමෙන් පසුව ඇයට තිබුණේ එකම එක සිහිනයකි. එය යළි ජිවිතයට වසන්තය උදාකර ගැනීමේ සිහිනය නම් නොවීය. ආදරයෙන් අත්වැල් පටලාගෙන ජීවිතයේ ඉතිරි භාගය සතුටින් ගත කිරීමට කූඩු තැනීමේ සිහිනය නම් නොවීය. සෑම කාන්තාවකගේම ලොකුම ආසාව වන දරුවන් හදා ගැනීමේ සිහිනයකුත් නොවීය.

ජීවත් වීමට වාසනාව ඇත්තේ තවත් වසරකට පමණක් බව වෛද්‍යවරු තහවුරු කළ මොහොතේ ජීවිතය කඩා වැටුණු මේ සුන්දර යුවතියට තිබුණු එකම ආසාව වූයේ මෙලොවින් සමුගැනීමට පෙර ලොව පුරා සංචාරය කිරීමේ සිහිනය පමණි.

දැන් සැබෑවීමට යන්නේ ඒ සිහිනයයි.

මරණය අතැතිව ලොව වටා සංචාරය කරන්නට සුන්දර යුවතියකට අවස්ථාව ලැබී ඇත. ජීවිතය හැරදා යාමට සිදුවන බව දැන දැනම ඇය ඒ සිහිනය සැබෑ කරගනිමින් සිටින්නීය.

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ වඩාත්ම ජනප්‍රිය රූපවාහිනි රියැලිටි වැඩසටහන වන ‘ටොප් චෙෆ්‘ 15 වැනි වැඩසටහනට තරග කරමින් ජනප්‍රියත්වයට පත්වූ ඇයට වැළඳී තිබුණේ ඉතා දුර්ලභ අස්ථි පිළිකාවකි. ඊවිංග්ස් සාර්කොමා නමැති මේ දුර්ලභ පිළිකා විශේෂය අස්ථි හෝ මෘදු පටක ආශ්‍රිතව පැතිරී යන්නකි.

‘ඒක හිතාගන්නවත් බැරි දෙයක්. ඒක තමයි මගේ ජීවිතයේ මුහුණ දුන්නු ලොකුම කම්පනය. ඒත් මං දන්නවා මේක පරද්දන්න මට තියෙන එකම මාර්ගය ධනාත්මකව හිතන එකයි හැමෝම එක්ක සතුටින් කාලය ගත කරන එකයි කියලා.’ ජීවත්වීමේ කාලය පිළිකා මාරයාට බාර දී සිතේ සතුටින් ජීවත්වීමේ ආසාවෙන් පසුවන ඇය ලොව වටා සංචාරය කරමින් තම සූපවේදි වෘත්තිය වඩ වඩාත් වර්ණවත් කරගැනීමට කල්පනා කරන්නීය.

‘මගේ ජීවිතයේ දැන් මට ඇති එකම ආසාව විවිධ රටවල කෑම වර්ග අත්හදා බලන්නයි, ඒවායේ රස බලන්නයි, ලෝකයේ හොඳම අවන්හල් නැරැඹීමයි විතරයි.’

ෆාතිමාට පිළිකා රෝගය වැළඳී ඇතැයි මුලින්ම අනාවරණය වූයේ පසුගිය ජූලි මාසයේදීය. ඒ ඇය කෑම සහ වයින් ප්‍රදර්ශනයකට සහභාගි වෙමින් සිටියදීය. එසේ වුවත් නිවැරැදිව හා කඩිනමින් ප්‍රතිකාර ගන්නේ නම් මාස දෙකක් ඇතුළත පිළිකාව ඉවත් කරගත හැකි බව වෛද්‍යවරුන් ඇයට පැවැසීමෙන් ඇය ජීවිතය ගැන බලාපොරොත්තු අලුත් කර ගත්තාය.

අගෝස්තු මාසයේ අගභාගය වෙද්දී වෛද්‍යවරුන් පැවැසූ පරිදිම ඇයට පුදුම සුවයක් දැනෙන්නට පටන් ගත්තේය. ඇය අනාගතය ගැන සිහින පොදි බඳින්නට පටන් ගත්තාය. එහෙත් සැප්තැම්බර් මාසයේ මුල් භාගයේදී ඇගේ උකුල පෙදෙසේ දරුණු වේදනාවක් දැනෙන්නට වීමෙන් නැවත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ෆාතිමාට සිදුවිය. පිළිකාව ඇය අතහැර නොගිය බැව් ඇය දැනගත්තේ ඒ මොහොතේදිය. ඒ වනවිටත් මේ වෛරසය ඇගේ සිරුර ආක්‍රමණය කර තිබිණි.

‘පරීක්ෂණ කිහිපයකින් පස්සේ ඩොක්ටර්ස්ලා මට වාඩිවෙන්න කිව්වා. ඔවුන් මා දිහා මොහොතක් බලා සිටියා. පස්සේ මෙහෙම කිව්වා. මේ බලන්න පිළිකාව ආපහු ඇවිල්ලා. දැන් නම් ඒක හරි අවදානම්. ප්‍රතිකාර සාර්ථක වෙලා නෑ.’

‘මට කියන්න කෙළින්ම. මං තව කොච්චර කල් ජීවත් වේවිද..?’

‘අවුරුද්දක්..?’ වෛද්‍යවරු අනුමාන කළේ එලෙසටය.

‘ඇත්තටම ඒක අහපු ගමන් මට පිස්සු හැදුණේ නැති ටික විතරයි. නෑ නෙවෙයි ඇත්තටම පිස්සු හැදුණා වගේ දැනුණා. ඒත් ජීවිතය කියන්නෙත් එක්තරා විදිහක පිස්සුවක් තමයි.’ ඇය එසේ කීවාය.

පිළිකා මාරයා තම ජීවිතයට මරණය උදා කිරීමට දින ගණන් කරද්දී ඇය කල්පනා කරන්නට වූයේ යුරෝපයේ සුපිරි පන්තියේ අවන්හල්වල ඇති ආහාර රස බැලීම ගැනය.

‘මට ඉතාලියටත් යන්න ඕනා. ප්‍රංශය, ස්පාඤ්ඤය, දකුණු අප්‍රිකාවේ සෆාරි යන්නත් මම කැමැත්තෙන් ඉන්නේ. තව කොච්චර තැන් තියෙනවද අන්තිම හුස්ම ටික යන්න කළින් දකින්න...’මේ වනවිට ඇගේ වමත වාරු නැත. සිදුවී ඇත්තේ වඩාත්ම ප්‍රියකරන ඉහුම් පිහුම් කටයුතු කිරීමේ ආසාවත් අත්හැර දැමීමටය. ඇරත් පිළිකාව දෙපයේ අස්ථි වටා පැතිරෙන්නට පටන් ගෙන ඇති බැවින් ඇය දැන් ඇවිදින්නෙත් කිහිලිකරු ආධාරයෙනි.

‘මට ඇති එකම දුක ආපහු වතාවක් මං ආසා කරන ඉහුම් පිහුම් කරන්න බැරි එක විතරක්ම නෙවෙයි. මගේ යාළුවොත් එක්ක ඉස්සර වගේ ‘පහක්‘ දාන්නත් බැරි එකයි.’

ලොව වටා සංචාරය කිරීමේ ඇගේ සිහිනය සැබෑ වන බව ඇය නිශ්චිතවම දැනගත්තේ පසුගියදාය. එය සැබෑ වූයේ අමෙරිකානු ප්‍රහසන රංගනයෙන් ජනප්‍රියත්වයට පත්වූ එලන් ලී ඩිජෙනර්ස් විසින් මෙහෙයවනු ලබන එක්තරා රූපවාහිනි වැඩසටහනකදීය. එම වැඩසටහනට ආරාධනා ලැබ ඊට සහභාගි වූ ෆාතිමාට ඇගේ සිහිනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් පනස්දහසක චෙක්පතක් පිරිනැමිණි. ඊට අනුග්‍රාහකත්වය දැක්වූ ෂටර්ෆ්ලයි ආයතනය පිළිකා රෝගීන් සඳහා සුබසාධන ව්‍යාපෘති රැසකට දායකත්වය ලබා දෙන සංවිධානයකි.

‘දැන් මට අවුරුද්දක ජීවිතයක් තියෙනවා මේ හීනය සැබෑ කරගන්න. පිළිකාව මට කාරුණික වෙනවානම් ඊළඟ වසරේ මගේ තිස්වැනි උපන්දිනයත් සමරන්න පුළුවන් වේවි. නාස්ති කරන්න තරම් කාලයක් මට ඉතිරිවෙලා නෑ. මට ජීවත් වෙන්න තියෙන්නේ තවත් මාස 12ක් විතරයි.’

ඊළඟ මාස 6ක කාලයක් ජීවත්වීමේ වාසනාව උරගා බැලීමට අවධානය යොමුවුණත් එය නිශ්ඵල වුවහොත් ලොව වටා සංචාරය කිරීමේ කාලය අඩුවන බවත් ඇය හොඳින්ම දනී. මරණයයි, ඩොලර් පනස්දහසයි අතැතිව සිටින මේ රූමත් තරුණියගේ සිත දෙලොවක් අතර දෝලනය වෙයි.

මේ දිනවල ඇගේ ජීවිතයෙන් වැඩි හරියක් ගෙවීයන්නේ නිව්යෝක් නුවර පිළිකා රෝහලකය. රූපවාහිනි වැඩසටහනින් පසුව මේ අපූරු සූපවේදිනියට ලොව පුරා රසික රසිකාවියෝ අපමණය. අන්තර්ජාලයේ ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ වැඩි හරියක් ඇත්තේ ඇයට ආදරය කරන්නට පටන්ගෙන සිටින රසික රසිකාවියන්ගේ සුබපැතුම්ය. ජීවත්වීමට දිරිය වදන්ය. එහෙත් ඒවා කිසිසේත්ම පිළිකාව ඇගේ ජීවිතයෙන් ඉවතට තල්ලු කිරීමට උපකාරී නොවන බව ෆාතිමා හොඳාකාරවම දනී.

ජනප්‍රිය සූපවේදිනියක ලෙස කටයුතු කරමින් සිටි කාලයේ ෆාතිමාට තිබුණේ ඉතා ආකර්ශනීය දිගු වරලසකි. පිළිකාව සඳහා කළ විකිරණ ප්‍රතිකාරවල අතුරු බලපෑම් නිසා ඇයට ඒ වරලස අහිමිවිය.

‘හැමෝම හිතන්නේ මම හරි නිර්භීත තරුණියක් කියලයි. ඒත් ඇත්තම කියනවානම් මම හරි බයාදු චරිතයක්. මට ජීවත්වෙන්න ඉතිරිවෙලා ඇත්තේ තවත් අවුරුද්දක කාලයක් විතරයි කියලා වෛද්‍යවරු අනුමාන කළාට ඒ කාලය ඊට වඩා අඩුවෙන්නත් ඉඩ තියෙන බව දැනුණම හිතට දැනෙන්නේ පුදුමාකාර බයක්.’

‘නිව්යෝක් නුවර මගේම කියලා අවන්හලක් ආරම්භ කරන්න මගේ හිතේ කාලයක් ලොකු හීනයක් තිබුණා. ඒත් ඒක දැන් නෑ. ඒ හීනය පිළිකාව මගෙන් උදුරා ගත්තා. ඒත් ලෝකය වටේ සංචාරය කරන්නත්, රට රටවල කෑම වර්ගවල රස බලන්නත් මට තියෙන පුංචි හීනය නම් උදුරා ගන්න එකක් නැති වේවි කියලයි මට හිතෙන්නේ.

‘නාස්ති කරන්න ඇත්තටම මට කාලයක් නෑ තමයි. මරණයට කළින් ඒ හීනය හැබෑ කරගන්නම ඕනා.’

ජීවත්වීම යනු වෙනම කලාවකි. මරණයට සූදානම්වීම තවත් එකකි. ෆාතිමා එය මැනවින් අවබෝධ කරගත්තාය. අපට ද එය අපූරුවට කියා දෙන්නීය.

දිණමිණ පුවත්පතෙනි

[QUOTE="ElaBaba, post: 24207862, member: 567634"] [SIZE="5"][COLOR="Red"][CENTER]බූට් කාපු දුවල/පුතාල, මානසිකව වැටිල ඉන්න ඒළකිරි වාසීන් සාවධානව කියවා ධාරණය කර ගනිත්වා...!![/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://www.dinamina.lk/sites/default/files/news/2018/11/08/team.jpg[/IMG][/CENTER] [SIZE="3"]මට ඇති එකම දුක ආපහු වතාවක් මං ආසා කරන ඉහුම් පිහුම් කරන්න බැරි එක විතරක්ම නෙවෙයි. මගේ යාළුවොත් එක්ක ඉස්සර වගේ ‘පහක්’ දාන්නත් බැරි එකයි. නාස්ති කරන්න ඇත්තටම මට කාලයක් නෑ තමයි. මරණයට කළින් ඒ හීනය හැබෑ කරගන්නම ඕනා.’ සිහින සැබෑ වන්නේ කළාතුරකිනි. බොහෝ සිහින සැබෑ නොවුණත් ඉඳහිට හෝ සැබෑ වන සිහින අප කාගෙත් ජිවිතවලට ගෙන දෙන්නේ පුදුමාකාර චමත්කාරයකි. අනපේක්ෂිත ලෙස කෙනකුගේ ජීවිතය මරණයේ සෙවණැල්ලෙන් වැසී යන මොහොතකදී පවා හිටිහැටියේම සැබෑ වන සිහින ඉතා සංවේදිජනකය. ඒවා අසන්නට ලැබීමත් සංවේදිජනක සිදුවීමකි. පාකිස්තාන සම්භවයක් සහිත අමෙරිකානු යුවතිය 29 හැවිරිදි ෆාතිමා අලි දරුණු පිළිකා රෝගයට ගොදුරුවීමෙන් පසුව ඇයට තිබුණේ එකම එක සිහිනයකි. එය යළි ජිවිතයට වසන්තය උදාකර ගැනීමේ සිහිනය නම් නොවීය. ආදරයෙන් අත්වැල් පටලාගෙන ජීවිතයේ ඉතිරි භාගය සතුටින් ගත කිරීමට කූඩු තැනීමේ සිහිනය නම් නොවීය. සෑම කාන්තාවකගේම ලොකුම ආසාව වන දරුවන් හදා ගැනීමේ සිහිනයකුත් නොවීය. ජීවත් වීමට වාසනාව ඇත්තේ තවත් වසරකට පමණක් බව වෛද්‍යවරු තහවුරු කළ මොහොතේ ජීවිතය කඩා වැටුණු මේ සුන්දර යුවතියට තිබුණු එකම ආසාව වූයේ මෙලොවින් සමුගැනීමට පෙර ලොව පුරා සංචාරය කිරීමේ සිහිනය පමණි. දැන් සැබෑවීමට යන්නේ ඒ සිහිනයයි. මරණය අතැතිව ලොව වටා සංචාරය කරන්නට සුන්දර යුවතියකට අවස්ථාව ලැබී ඇත. ජීවිතය හැරදා යාමට සිදුවන බව දැන දැනම ඇය ඒ සිහිනය සැබෑ කරගනිමින් සිටින්නීය. අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ වඩාත්ම ජනප්‍රිය රූපවාහිනි රියැලිටි වැඩසටහන වන ‘ටොප් චෙෆ්‘ 15 වැනි වැඩසටහනට තරග කරමින් ජනප්‍රියත්වයට පත්වූ ඇයට වැළඳී තිබුණේ ඉතා දුර්ලභ අස්ථි පිළිකාවකි. ඊවිංග්ස් සාර්කොමා නමැති මේ දුර්ලභ පිළිකා විශේෂය අස්ථි හෝ මෘදු පටක ආශ්‍රිතව පැතිරී යන්නකි. ‘ඒක හිතාගන්නවත් බැරි දෙයක්. ඒක තමයි මගේ ජීවිතයේ මුහුණ දුන්නු ලොකුම කම්පනය. ඒත් මං දන්නවා මේක පරද්දන්න මට තියෙන එකම මාර්ගය ධනාත්මකව හිතන එකයි හැමෝම එක්ක සතුටින් කාලය ගත කරන එකයි කියලා.’ ජීවත්වීමේ කාලය පිළිකා මාරයාට බාර දී සිතේ සතුටින් ජීවත්වීමේ ආසාවෙන් පසුවන ඇය ලොව වටා සංචාරය කරමින් තම සූපවේදි වෘත්තිය වඩ වඩාත් වර්ණවත් කරගැනීමට කල්පනා කරන්නීය. ‘මගේ ජීවිතයේ දැන් මට ඇති එකම ආසාව විවිධ රටවල කෑම වර්ග අත්හදා බලන්නයි, ඒවායේ රස බලන්නයි, ලෝකයේ හොඳම අවන්හල් නැරැඹීමයි විතරයි.’ ෆාතිමාට පිළිකා රෝගය වැළඳී ඇතැයි මුලින්ම අනාවරණය වූයේ පසුගිය ජූලි මාසයේදීය. ඒ ඇය කෑම සහ වයින් ප්‍රදර්ශනයකට සහභාගි වෙමින් සිටියදීය. එසේ වුවත් නිවැරැදිව හා කඩිනමින් ප්‍රතිකාර ගන්නේ නම් මාස දෙකක් ඇතුළත පිළිකාව ඉවත් කරගත හැකි බව වෛද්‍යවරුන් ඇයට පැවැසීමෙන් ඇය ජීවිතය ගැන බලාපොරොත්තු අලුත් කර ගත්තාය. අගෝස්තු මාසයේ අගභාගය වෙද්දී වෛද්‍යවරුන් පැවැසූ පරිදිම ඇයට පුදුම සුවයක් දැනෙන්නට පටන් ගත්තේය. ඇය අනාගතය ගැන සිහින පොදි බඳින්නට පටන් ගත්තාය. එහෙත් සැප්තැම්බර් මාසයේ මුල් භාගයේදී ඇගේ උකුල පෙදෙසේ දරුණු වේදනාවක් දැනෙන්නට වීමෙන් නැවත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ෆාතිමාට සිදුවිය. පිළිකාව ඇය අතහැර නොගිය බැව් ඇය දැනගත්තේ ඒ මොහොතේදිය. ඒ වනවිටත් මේ වෛරසය ඇගේ සිරුර ආක්‍රමණය කර තිබිණි. ‘පරීක්ෂණ කිහිපයකින් පස්සේ ඩොක්ටර්ස්ලා මට වාඩිවෙන්න කිව්වා. ඔවුන් මා දිහා මොහොතක් බලා සිටියා. පස්සේ මෙහෙම කිව්වා. මේ බලන්න පිළිකාව ආපහු ඇවිල්ලා. දැන් නම් ඒක හරි අවදානම්. ප්‍රතිකාර සාර්ථක වෙලා නෑ.’ ‘මට කියන්න කෙළින්ම. මං තව කොච්චර කල් ජීවත් වේවිද..?’ ‘අවුරුද්දක්..?’ වෛද්‍යවරු අනුමාන කළේ එලෙසටය. ‘ඇත්තටම ඒක අහපු ගමන් මට පිස්සු හැදුණේ නැති ටික විතරයි. නෑ නෙවෙයි ඇත්තටම පිස්සු හැදුණා වගේ දැනුණා. ඒත් ජීවිතය කියන්නෙත් එක්තරා විදිහක පිස්සුවක් තමයි.’ ඇය එසේ කීවාය. පිළිකා මාරයා තම ජීවිතයට මරණය උදා කිරීමට දින ගණන් කරද්දී ඇය කල්පනා කරන්නට වූයේ යුරෝපයේ සුපිරි පන්තියේ අවන්හල්වල ඇති ආහාර රස බැලීම ගැනය. ‘මට ඉතාලියටත් යන්න ඕනා. ප්‍රංශය, ස්පාඤ්ඤය, දකුණු අප්‍රිකාවේ සෆාරි යන්නත් මම කැමැත්තෙන් ඉන්නේ. තව කොච්චර තැන් තියෙනවද අන්තිම හුස්ම ටික යන්න කළින් දකින්න...’මේ වනවිට ඇගේ වමත වාරු නැත. සිදුවී ඇත්තේ වඩාත්ම ප්‍රියකරන ඉහුම් පිහුම් කටයුතු කිරීමේ ආසාවත් අත්හැර දැමීමටය. ඇරත් පිළිකාව දෙපයේ අස්ථි වටා පැතිරෙන්නට පටන් ගෙන ඇති බැවින් ඇය දැන් ඇවිදින්නෙත් කිහිලිකරු ආධාරයෙනි. ‘මට ඇති එකම දුක ආපහු වතාවක් මං ආසා කරන ඉහුම් පිහුම් කරන්න බැරි එක විතරක්ම නෙවෙයි. මගේ යාළුවොත් එක්ක ඉස්සර වගේ ‘පහක්‘ දාන්නත් බැරි එකයි.’ ලොව වටා සංචාරය කිරීමේ ඇගේ සිහිනය සැබෑ වන බව ඇය නිශ්චිතවම දැනගත්තේ පසුගියදාය. එය සැබෑ වූයේ අමෙරිකානු ප්‍රහසන රංගනයෙන් ජනප්‍රියත්වයට පත්වූ එලන් ලී ඩිජෙනර්ස් විසින් මෙහෙයවනු ලබන එක්තරා රූපවාහිනි වැඩසටහනකදීය. එම වැඩසටහනට ආරාධනා ලැබ ඊට සහභාගි වූ ෆාතිමාට ඇගේ සිහිනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් පනස්දහසක චෙක්පතක් පිරිනැමිණි. ඊට අනුග්‍රාහකත්වය දැක්වූ ෂටර්ෆ්ලයි ආයතනය පිළිකා රෝගීන් සඳහා සුබසාධන ව්‍යාපෘති රැසකට දායකත්වය ලබා දෙන සංවිධානයකි. ‘දැන් මට අවුරුද්දක ජීවිතයක් තියෙනවා මේ හීනය සැබෑ කරගන්න. පිළිකාව මට කාරුණික වෙනවානම් ඊළඟ වසරේ මගේ තිස්වැනි උපන්දිනයත් සමරන්න පුළුවන් වේවි. නාස්ති කරන්න තරම් කාලයක් මට ඉතිරිවෙලා නෑ. මට ජීවත් වෙන්න තියෙන්නේ තවත් මාස 12ක් විතරයි.’ ඊළඟ මාස 6ක කාලයක් ජීවත්වීමේ වාසනාව උරගා බැලීමට අවධානය යොමුවුණත් එය නිශ්ඵල වුවහොත් ලොව වටා සංචාරය කිරීමේ කාලය අඩුවන බවත් ඇය හොඳින්ම දනී. මරණයයි, ඩොලර් පනස්දහසයි අතැතිව සිටින මේ රූමත් තරුණියගේ සිත දෙලොවක් අතර දෝලනය වෙයි. මේ දිනවල ඇගේ ජීවිතයෙන් වැඩි හරියක් ගෙවීයන්නේ නිව්යෝක් නුවර පිළිකා රෝහලකය. රූපවාහිනි වැඩසටහනින් පසුව මේ අපූරු සූපවේදිනියට ලොව පුරා රසික රසිකාවියෝ අපමණය. අන්තර්ජාලයේ ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ වැඩි හරියක් ඇත්තේ ඇයට ආදරය කරන්නට පටන්ගෙන සිටින රසික රසිකාවියන්ගේ සුබපැතුම්ය. ජීවත්වීමට දිරිය වදන්ය. එහෙත් ඒවා කිසිසේත්ම පිළිකාව ඇගේ ජීවිතයෙන් ඉවතට තල්ලු කිරීමට උපකාරී නොවන බව ෆාතිමා හොඳාකාරවම දනී. ජනප්‍රිය සූපවේදිනියක ලෙස කටයුතු කරමින් සිටි කාලයේ ෆාතිමාට තිබුණේ ඉතා ආකර්ශනීය දිගු වරලසකි. පිළිකාව සඳහා කළ විකිරණ ප්‍රතිකාරවල අතුරු බලපෑම් නිසා ඇයට ඒ වරලස අහිමිවිය. ‘හැමෝම හිතන්නේ මම හරි නිර්භීත තරුණියක් කියලයි. ඒත් ඇත්තම කියනවානම් මම හරි බයාදු චරිතයක්. මට ජීවත්වෙන්න ඉතිරිවෙලා ඇත්තේ තවත් අවුරුද්දක කාලයක් විතරයි කියලා වෛද්‍යවරු අනුමාන කළාට ඒ කාලය ඊට වඩා අඩුවෙන්නත් ඉඩ තියෙන බව දැනුණම හිතට දැනෙන්නේ පුදුමාකාර බයක්.’ ‘නිව්යෝක් නුවර මගේම කියලා අවන්හලක් ආරම්භ කරන්න මගේ හිතේ කාලයක් ලොකු හීනයක් තිබුණා. ඒත් ඒක දැන් නෑ. ඒ හීනය පිළිකාව මගෙන් උදුරා ගත්තා. ඒත් ලෝකය වටේ සංචාරය කරන්නත්, රට රටවල කෑම වර්ගවල රස බලන්නත් මට තියෙන පුංචි හීනය නම් උදුරා ගන්න එකක් නැති වේවි කියලයි මට හිතෙන්නේ. ‘නාස්ති කරන්න ඇත්තටම මට කාලයක් නෑ තමයි. මරණයට කළින් ඒ හීනය හැබෑ කරගන්නම ඕනා.’ ජීවත්වීම යනු වෙනම කලාවකි. මරණයට සූදානම්වීම තවත් එකකි. ෆාතිමා එය මැනවින් අවබෝධ කරගත්තාය. අපට ද එය අපූරුවට කියා දෙන්නීය.[/SIZE] [IMG]http://www.dinamina.lk/sites/default/files/u4948/co1.jpg[/IMG][IMG]http://www.dinamina.lk/sites/default/files/u4948/co3.jpg[/IMG][IMG]http://www.dinamina.lk/sites/default/files/u4948/co2.jpg[/IMG] [SIZE="2"]දිණමිණ පුවත්පතෙනි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom