Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මරණය අභියස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණය අභියස...

උපදින සෑම සත්වයාටම මරණය උරුමය. සෑම කෙනෙකුම උපදින්නේ මරණය කරපින්නාගෙනය. එය ඔබටත්, මටත්, තිරිසන් සත්වයාටත්, දෙවියන්ටත්, බ්‍රහ්මයන්ටත් එක සේ පොදුය. මරණයෙන් මිදීමට හැකි වූ කෙනෙක් ලොව පහළ වී නැත. පහළ වන්නේද නැත. එය ලෝක ධර්මතාවයයි.

සෑම කෙනෙක්ම කවදා හෝ මිය යන බව දැන සිටියත් මරණයට පත් වන ආකාරය, මරණයට පත් වන දිනය හා වේලාව නොදනී. එය කවර මොහොතක කෙසේ සිදු වේ දැයි නොදනී. ඒ ගැන සිතීමටත් කිසිවෙක් අකමැතිය. එදිනට මේ මුලු ලෝකයම හැර යාමට ඔබට සිදු වේ. ඔබේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, යහලු යෙහෙලියන්, ස්වාමියා, භාර්යාව, දූ දරුවන් යනාදී දන්නා හදුනන සියලු දෙනාද, ඔබේ ගේ දොර ඉඩ කඩම්, යාන වාහන ආදී වත්කම්ද ඔබ ලබා ඇති සමාජ තත්වයන්, කීර්ති නාමය, රැකියාව, තරාතිරම ආදියද මුලුමනින්ම අත හැරීමට ඔබට සිදු වේ. නැවත කවදාවත් නොලැබෙන, නොදකින ආකාරයට මේ සියල්ල අත් හැරිමට සිදු වේ. මීට අමතරව ඔබට ඔබේ ශරීරය, ඔබේ නම සමග බැදුනු අනන්‍යතාවය, ඔබේ අනාගත අපේක්ශාවන් සහ සිහින යන සියල්ලද අත හැරීමට සිදු වේ. ඔබ කැමති වුනත් අකමැති වුනත් ඔබ මේ සියල්ලටම මරණය හමු වේ තනිව මුහුණ දිය යුතුය. මේ සියල්ල අත හැර ඔබ කොතැනක යන්නේදැයි ඔබ නොදනී. ඔබ යන තැන කවරෙක් සිටීදැයි ඔබ නොදනී. ඔබ යන තැන සුව පහසුදැයි, ආරක්ෂා සහිතදැයි ඔබ නොදනී. එහෙත් ඔබ තනිව යා යුතුය. මදක් සිතා බලන්න... ඔබට මේ සියල්ලට තනිව නොබියව මුහුණ දිය හැකිද?

අපි උපමාවකින් මේ ගැන සිතා බලමු. ඔබට වෙනත් ග්‍රහ ලෝකයකට තනිවම යාමට සිදු වේ යයි සිතන්න. එම ග්‍රහ ලෝකය කොයි ආකාරයේද, එහි කවරෙක් සිටීද, ආහාර පාන, සුව පහසු නවාතැන් තිබේද යනාදී කිසිවක් නොදැන ඔබට හිටි හැටියේම කිසිම සූදානමක් නොමැතිව, තනිවම නැවත කිසිදා ඔබට සුපුරුදු ලෝකයට නොපැමිණෙන ආකාරයෙන් යාමට සිදු වුවහොත් එය කෙසේ වනු ඇතිද? ඔබ රැස් කල මුදල් හෝ වෙනත් වටිනා කිසිවක් ඔබට රැගෙන යා නොහැකිය. ඔබේ තනියට ඔබේ නෑ හිත මිතුරන් කැටිව යාමටද නොහැකිය. අඩු තරමින් ඔබ එහි ගිය පසු ඔබට ඔවුන් කිසිවෙකු සමග කතා කිරීමටද නොහැකි වනු ඇත. ඔබ එහි ගත කරන තත්වය යනාදිය පැවසීමට හෝ ඔබ දන්නා කිසිවෙකු හා සමග කතා කල නොහැකිය. එය ඔබ සම්පූර්ණයෙන්ම මේ ලොව හැරදා නැවත කිසිදා නොපැමිණෙන ආකාරයට මේ ලොව හැර දමා යාමකි. එසේ වුවහොත් ඔබට එයට නොබියව මුහුණ දිය හැකිද? ඔබ එයට අකමැති වනු ඇත. ඔබ ප්‍රියයන්ගෙන් සමු ගන්නා අවස්තාවේ හඩා වැලපෙනු ඇත. ඔබට මහා බියක් දැනෙනු ඇත.

මීටත් වඩා භයන්කර වූ අවස්ථාවකට අප සැමට මරණයේදී මුහුණ දීමට සිදුවේ. අඩුම තරමින් සෝවාන් මාර්ග ඵලය සාක්ෂාත් නොකළ පුද්ගලයෙකු මරණින් පසු නැවත සුගති ස්ථානයකම ඉපදේ යැයි කිසිවෙකුටත් සහතික විය නොහැකිය. එම නිසා නැවත තිරිසන්, ප්‍රේත, අපාය ආදී දුගති ස්ථානයක ඉපදුන හොත් කොතරම් දුක් විදීමට සිදු වේද? අපගේ දුක පවසා සහනයක් ලබා ගැනීමට කිසිවෙකුත් එහි නැත. කවදා ඉන් මිදී නැවත සුගතියක ඉපදේ දැයි කිව නොහැකිය. බොහෝ විට දුගතියට පත් සත්වයා බොහෝ කාලයක් දුගති වලම නැවත නැවත ඉපදී බොහෝ දුක් විදී. එහෙත් මරණය හමුවේ අපට කල හැකි වෙනත් දෙයක් නැත. එයට ඔබ සහ මම කවදා හෝ මුහුණ දිය යුතුමය.

මරණය හමුවේ අසරණ නොවී, නොබියව මරණයට මුහුණ දීමට අප කුමක් කල යුතුද? පළමුව අප ශීලය හොදින් දියුණු කර පස් පවින් වැලකී හැකි සෑම අවස්ථාවකදීම කුසල් රැස් කර ගත යුතුය. ඔබ මරණින් පසු තනිව යන ගමනේදී ඔබට රැගෙන යා හැක්කේ මෙම කුසල අකුසල කර්ම පමණි. උත්කෘෂ්ට වූ කුසල කර්මයක් මරණ මන්චකයේදී ඔබට සිහි වුව හොත් එය ඔබට සුගතියක ඉපදීමට උපකාරී වනු ඇත. දෙවනුව ඔබ වීර්යයෙන් යුතුව සමථ විදර්ශනා භාවනා දියුණු කරමින් ධ්‍යාන උපදවා ගැනීමට සහ මාර්ග ඵල සාක්ෂාත් කිරීමට වෙහෙසිය යුතුය. ඔබ අවම වශයෙන් සෝවාන් මාර්ග ඵලය සාක්ෂාත් කලහොත් ඔබ කිසිදා නැවත දුගතියක නොඉපදෙනු ඇත. එය කෙතරම් සැනසීමක්ද? බුදු රජාණන් වහන්සේ දේශනා කල පරිදි සත්වයෙකුට මේ සන්සාරයේ ඉදිරියට විදීමට ඇති දුක් ප්‍රමාණය මහා සාගරය තරම් නම් සෝවාන් වූ පුද්ගලයෙකුට ඉදිරියේදී විදීමට ඇති දුක් ප්‍රමාණය ජල බිදුවක් තරම් ය. එයින්ම සෝවාන් වූ පුද්ගලයෙකුට ලද හැකි අස්වැසිල්ල සිතා ගත හැකිය. ඔබට යම් හෙයකින් මේ ජීවිතයේදීම සෝවාන් මාර්ග ඵලය සාක්ෂාත් කර ගැනීමට නොහැකි වුවත් ඔබ පුරණ ලද පාරමී ධර්මයන් නුදුරු අනාගත භවයකදී ඔබට ඒ අති උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කිරීමට උපකාරී වනු ඇත. එසේම නිතර නිතර මරණානුස්සති භාවනාව වැඩීමෙන් ඔබට කවදා හෝ මරණයට මුහුණ දීමට සිත පුරුදු කල හැකිය. දැඩ් තණ්හාව, ඇලීම, උපාදානය යනාදියෙන් මරණ මොහොතේදී සිත මුදවා ගැනීමට එය බෙහෙවින්ම ඉවහල් වනු ඇත. තමා විසින් කරන ලද උත්කෘෂ්ට වූ කුසල කර්මයක් නිතර නිතර මෙනෙහි කිරීමෙන් එය මරණ මොහොතේදී ආචින්න කර්මයක් වශයෙන් ඉදිරියට පැමිණ ඔබ සුගතිගාමී කිරීමට උපකාරී වනු ඇත. කෙසේ වුවත් ඔබ දැඩිව උත්සාහ කල යුත්තේ මේ ජීවිතයේදීම මාර්ග ඵල සාක්ෂාත් කිරීම සදහාය. මන්ද යත් ඔබ කුමක් කලත් ඔබේ නැවත ඉපදීම සුගතියක වේ යැයි සෝවාන් නොවූ කිසිවෙකු පිලිබදව කිසිවෙකුටත් සහතික විය නොහැකි බැවිනි.

සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව ආර්ය අෂ්ටාන්ගික මාර්ගය වඩා ඔබටත් ඒ අති උතුම් වූ නිවනින්ම සැනසීමට හැකි වේවා...!

තෙරුවන් සරණයි.

[QUOTE="asliyanage, post: 29469253, member: 8764"] මරණය අභියස... උපදින සෑම සත්වයාටම මරණය උරුමය. සෑම කෙනෙකුම උපදින්නේ මරණය කරපින්නාගෙනය. එය ඔබටත්, මටත්, තිරිසන් සත්වයාටත්, දෙවියන්ටත්, බ්‍රහ්මයන්ටත් එක සේ පොදුය. මරණයෙන් මිදීමට හැකි වූ කෙනෙක් ලොව පහළ වී නැත. පහළ වන්නේද නැත. එය ලෝක ධර්මතාවයයි. සෑම කෙනෙක්ම කවදා හෝ මිය යන බව දැන සිටියත් මරණයට පත් වන ආකාරය, මරණයට පත් වන දිනය හා වේලාව නොදනී. එය කවර මොහොතක කෙසේ සිදු වේ දැයි නොදනී. ඒ ගැන සිතීමටත් කිසිවෙක් අකමැතිය. එදිනට මේ මුලු ලෝකයම හැර යාමට ඔබට සිදු වේ. ඔබේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, යහලු යෙහෙලියන්, ස්වාමියා, භාර්යාව, දූ දරුවන් යනාදී දන්නා හදුනන සියලු දෙනාද, ඔබේ ගේ දොර ඉඩ කඩම්, යාන වාහන ආදී වත්කම්ද ඔබ ලබා ඇති සමාජ තත්වයන්, කීර්ති නාමය, රැකියාව, තරාතිරම ආදියද මුලුමනින්ම අත හැරීමට ඔබට සිදු වේ. නැවත කවදාවත් නොලැබෙන, නොදකින ආකාරයට මේ සියල්ල අත් හැරිමට සිදු වේ. මීට අමතරව ඔබට ඔබේ ශරීරය, ඔබේ නම සමග බැදුනු අනන්‍යතාවය, ඔබේ අනාගත අපේක්ශාවන් සහ සිහින යන සියල්ලද අත හැරීමට සිදු වේ. ඔබ කැමති වුනත් අකමැති වුනත් ඔබ මේ සියල්ලටම මරණය හමු වේ තනිව මුහුණ දිය යුතුය. මේ සියල්ල අත හැර ඔබ කොතැනක යන්නේදැයි ඔබ නොදනී. ඔබ යන තැන කවරෙක් සිටීදැයි ඔබ නොදනී. ඔබ යන තැන සුව පහසුදැයි, ආරක්ෂා සහිතදැයි ඔබ නොදනී. එහෙත් ඔබ තනිව යා යුතුය. මදක් සිතා බලන්න... ඔබට මේ සියල්ලට තනිව නොබියව මුහුණ දිය හැකිද? අපි උපමාවකින් මේ ගැන සිතා බලමු. ඔබට වෙනත් ග්‍රහ ලෝකයකට තනිවම යාමට සිදු වේ යයි සිතන්න. එම ග්‍රහ ලෝකය කොයි ආකාරයේද, එහි කවරෙක් සිටීද, ආහාර පාන, සුව පහසු නවාතැන් තිබේද යනාදී කිසිවක් නොදැන ඔබට හිටි හැටියේම කිසිම සූදානමක් නොමැතිව, තනිවම නැවත කිසිදා ඔබට සුපුරුදු ලෝකයට නොපැමිණෙන ආකාරයෙන් යාමට සිදු වුවහොත් එය කෙසේ වනු ඇතිද? ඔබ රැස් කල මුදල් හෝ වෙනත් වටිනා කිසිවක් ඔබට රැගෙන යා නොහැකිය. ඔබේ තනියට ඔබේ නෑ හිත මිතුරන් කැටිව යාමටද නොහැකිය. අඩු තරමින් ඔබ එහි ගිය පසු ඔබට ඔවුන් කිසිවෙකු සමග කතා කිරීමටද නොහැකි වනු ඇත. ඔබ එහි ගත කරන තත්වය යනාදිය පැවසීමට හෝ ඔබ දන්නා කිසිවෙකු හා සමග කතා කල නොහැකිය. එය ඔබ සම්පූර්ණයෙන්ම මේ ලොව හැරදා නැවත කිසිදා නොපැමිණෙන ආකාරයට මේ ලොව හැර දමා යාමකි. එසේ වුවහොත් ඔබට එයට නොබියව මුහුණ දිය හැකිද? ඔබ එයට අකමැති වනු ඇත. ඔබ ප්‍රියයන්ගෙන් සමු ගන්නා අවස්තාවේ හඩා වැලපෙනු ඇත. ඔබට මහා බියක් දැනෙනු ඇත. මීටත් වඩා භයන්කර වූ අවස්ථාවකට අප සැමට මරණයේදී මුහුණ දීමට සිදුවේ. අඩුම තරමින් සෝවාන් මාර්ග ඵලය සාක්ෂාත් නොකළ පුද්ගලයෙකු මරණින් පසු නැවත සුගති ස්ථානයකම ඉපදේ යැයි කිසිවෙකුටත් සහතික විය නොහැකිය. එම නිසා නැවත තිරිසන්, ප්‍රේත, අපාය ආදී දුගති ස්ථානයක ඉපදුන හොත් කොතරම් දුක් විදීමට සිදු වේද? අපගේ දුක පවසා සහනයක් ලබා ගැනීමට කිසිවෙකුත් එහි නැත. කවදා ඉන් මිදී නැවත සුගතියක ඉපදේ දැයි කිව නොහැකිය. බොහෝ විට දුගතියට පත් සත්වයා බොහෝ කාලයක් දුගති වලම නැවත නැවත ඉපදී බොහෝ දුක් විදී. එහෙත් මරණය හමුවේ අපට කල හැකි වෙනත් දෙයක් නැත. එයට ඔබ සහ මම කවදා හෝ මුහුණ දිය යුතුමය. මරණය හමුවේ අසරණ නොවී, නොබියව මරණයට මුහුණ දීමට අප කුමක් කල යුතුද? පළමුව අප ශීලය හොදින් දියුණු කර පස් පවින් වැලකී හැකි සෑම අවස්ථාවකදීම කුසල් රැස් කර ගත යුතුය. ඔබ මරණින් පසු තනිව යන ගමනේදී ඔබට රැගෙන යා හැක්කේ මෙම කුසල අකුසල කර්ම පමණි. උත්කෘෂ්ට වූ කුසල කර්මයක් මරණ මන්චකයේදී ඔබට සිහි වුව හොත් එය ඔබට සුගතියක ඉපදීමට උපකාරී වනු ඇත. දෙවනුව ඔබ වීර්යයෙන් යුතුව සමථ විදර්ශනා භාවනා දියුණු කරමින් ධ්‍යාන උපදවා ගැනීමට සහ මාර්ග ඵල සාක්ෂාත් කිරීමට වෙහෙසිය යුතුය. ඔබ අවම වශයෙන් සෝවාන් මාර්ග ඵලය සාක්ෂාත් කලහොත් ඔබ කිසිදා නැවත දුගතියක නොඉපදෙනු ඇත. එය කෙතරම් සැනසීමක්ද? බුදු රජාණන් වහන්සේ දේශනා කල පරිදි සත්වයෙකුට මේ සන්සාරයේ ඉදිරියට විදීමට ඇති දුක් ප්‍රමාණය මහා සාගරය තරම් නම් සෝවාන් වූ පුද්ගලයෙකුට ඉදිරියේදී විදීමට ඇති දුක් ප්‍රමාණය ජල බිදුවක් තරම් ය. එයින්ම සෝවාන් වූ පුද්ගලයෙකුට ලද හැකි අස්වැසිල්ල සිතා ගත හැකිය. ඔබට යම් හෙයකින් මේ ජීවිතයේදීම සෝවාන් මාර්ග ඵලය සාක්ෂාත් කර ගැනීමට නොහැකි වුවත් ඔබ පුරණ ලද පාරමී ධර්මයන් නුදුරු අනාගත භවයකදී ඔබට ඒ අති උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කිරීමට උපකාරී වනු ඇත. එසේම නිතර නිතර මරණානුස්සති භාවනාව වැඩීමෙන් ඔබට කවදා හෝ මරණයට මුහුණ දීමට සිත පුරුදු කල හැකිය. දැඩ් තණ්හාව, ඇලීම, උපාදානය යනාදියෙන් මරණ මොහොතේදී සිත මුදවා ගැනීමට එය බෙහෙවින්ම ඉවහල් වනු ඇත. තමා විසින් කරන ලද උත්කෘෂ්ට වූ කුසල කර්මයක් නිතර නිතර මෙනෙහි කිරීමෙන් එය මරණ මොහොතේදී ආචින්න කර්මයක් වශයෙන් ඉදිරියට පැමිණ ඔබ සුගතිගාමී කිරීමට උපකාරී වනු ඇත. කෙසේ වුවත් ඔබ දැඩිව උත්සාහ කල යුත්තේ මේ ජීවිතයේදීම මාර්ග ඵල සාක්ෂාත් කිරීම සදහාය. මන්ද යත් ඔබ කුමක් කලත් ඔබේ නැවත ඉපදීම සුගතියක වේ යැයි සෝවාන් නොවූ කිසිවෙකු පිලිබදව කිසිවෙකුටත් සහතික විය නොහැකි බැවිනි. සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව ආර්ය අෂ්ටාන්ගික මාර්ගය වඩා ඔබටත් ඒ අති උතුම් වූ නිවනින්ම සැනසීමට හැකි වේවා...! තෙරුවන් සරණයි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom