Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මරණය ඉදිරියේ අසරණ නොවීමට නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවිද්‍යා අන්ධකාරයෙන් වැසී සසර දුකට වැටුණු සියලු සත්වයෝ එහි අසරණ වී සිටිති. එයින් එතෙර වීමට මඟක් සොයාගත නොහැකි තරම් ඔවුන් අසරණ ය. ඉපදීම අබියස ඔවුන් අසරණ ය, ජරාව, ලෙඩ වීම, මරණය අබියස ද ඔවුන් අසරණ ය. එනිසා ම හැඬීම්, වැළපීම්, දුක් දොම්නස්, ක්ලාන්තවීම්, අත්පැහැර හැඬීම් ආදී අනේකවිධ දුක්වලින් දීර්ඝ සසර පුරා ඉපදෙමින් මැරෙමින් සැරිසරා ගමන් කරමින් සිටිති.

නමුත් භාග්‍යය නම් මෙය යි. පුරා අසංඛෙය්‍ය කල්ප ගණනක් මුළුල්ලේ පාරමී පිරූ අප මහා බෝසතාණන් වහන්සේ අවසන් භවයේ රාජකීය පවුලක ඉපිද උයන් සිරි නරඹන්නට යන ගමනේදී දුටු දසුන් පෙළකින්, දුකට පත් ලෝසතුනට පිහිට වීමේ පරම අදිටනින්… රාජකීය සම්භාෂණ පවා පසෙකලා ගිහිගෙයි දොරටු වසාලමින්, අමා නිවන් දොරටු විවර කරමින් එදා ඇසතු බෝ සෙවණේ දී දසබිම්බරක් මාර සේනා පරදවමින් ගෞතම අරහත් සම්බුදුරජුන් ලෙස ලොව පහළ වීම යි.

අති දීර්ඝ වූ සසර ගෙවාගෙන යන අපට ද ඉතාමත් දුර්ලභව ඒ උතුම් ක්ෂණය උදා වුණේ සම්බුදු කෙනෙකුගේ පහළවීමත්, අපි ලද මනු දිවියත් එකිනෙක යාවීමෙනි. නමුදු ළදරු වයස ළමා වියෙන් කෙළවර වී යයි. ළමා විය තරුණ වයසින් කෙළවර වී යයි. තරුණ බව වැඩිහිටි බවින් කෙළවර වී යයි. වැඩිහිටි බව මහලු බවින් කෙළවර වී යයි. මහලු බව මරණයෙන් කෙළවර වී යයි. මහලු බව පමණක් නොව අන් සියලු අවදීන් ද ඕනෑම මොහොතක මරණයෙන් කෙළවර විය හැකි ය.

මේ අති දීර්ඝ ගමනේ මියැදුනු වාර නම් ගණනය කළ නො හැකි තරම් ය. අප ඒ මරණයට පත්වන හැම මොහොතක ම බිය වීම්, තැතිගැනීම්, හැඬීම්, වැළපීම්, ශෝක වීම්, අත්පැහැර හැඬීම් කොතරම් නම් සිදු වී ඇද්ද?

අතීතය බැලුවත් අනාගතය බැලුවත් මරණය සහිත ගමනක් හැර කිසිවක් දැකගත නො හැක. එවන් වූ මරණයට පත් වීම් අබියස නැවතත් ශෝක නොවන්නට, ජීවිතය ගැන සැබෑ තත්ත්වය තේරුම් ගන්නට, සියලු දුකින් නිදහස් ව වැඩ සිටි බුදු කෙනෙකුගේ උතුම් ධර්මය ම පිහිට වනු ඇත.

යමෙක් මරණය ඉදිරියේ ශෝක, වැළපීම්, හඬාවැටීම් ඇති කරන්නේ නම් ඔවුන් යමක් දැඩිව අල්ලාගෙන සිටිනවා විය හැක. නො එසේ නම් තමා පිළිබඳ විපිලිසර වීමක් විය හැක, නො එසේ නම් තමා පුරුදු කළ ප්‍රතිපත්තියේ නිෂ්ඵල බව නිසා හටගත් දෙයක් විය හැකි ය.

යමෙක් කාමයන් කෙරෙහි ඇති රාගය දුරු නොකළා නම්, කැමැත්ත දුරු නොකළා නම්, ප්‍රේමය, පිපාසය, දාහය, තෘෂ්ණාව දුරු නොකළා නම් ඒ කාමයන් නිසා ම හැඬීම්, වැළපීම්, දුක්දොම්නස් උපදියි.

දිනක් කෝසල ජනපදයේ සොරකමකට හසුවී දම්වැල් දමා කඹවලින් බැඳ හිරකොට, දඬු කඳේ ගසා ලීවලින් බැඳ සිරගෙට ගෙනගිය පිරිස දැක, ඈත ජනපදයක සිට පැමිණි භික්ෂු පිරිසක් බුදුරජුන්ට මෙසේ කීහ.

“ස්වාමිනී, අප අද උදෑසනින් ම දුක්ඛිත වූ දර්ශනයක් දුටුවා. ඒ රාජ පුරුෂයන් විසින් කුදලාගෙන යන දුක් ස්වරූපයෙන් යුතු හොරු කණ්ඩායමක්. අපට නම් සිතෙන්නේ ඔවුන්ට ලෙහෙසියෙන් ගැලවිය නො හැකි තරම් මහා බන්ධනවලින් බැඳ ඇති බවයි.”

සම්බුදුරජුන් වදහළේ “මහණෙනි, ඕවා මහා බන්ධන නො වේ, වසර කිහිපයකින් ඔවුන් නම් නිදහස් වේවි. නමුත් මහණෙනි, යමෙක් ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල්, අඹු දරුවන් ආදී දේ කෙරේ බැඳී ඇත්නම් එයයි මහා බන්ධනය. බලවත් වූ බන්ධනය.” කියා යි.

“යමෙක් යකඩ දම්වැල්වලින් බැඳලා තිබ්බත්, දඬු කඳේ ගහලා තිබ්බත්, බබුස් තෘණවලින් කරපු ලණුවලින් බැඳලා තිබ්බත්, ප්‍රඥාවන්තයෝ බලවත් බන්ධනය කියලා කියන්නේ ඒවාට නො වේ. කන කර ආභරණවලට, අඹු දරුවන්ට බැඳී ගිය සිතින් යුක්තව ඔවුන් ගැන යම් අපේක්ෂාවක් ඇද්ද ප්‍රඥාවන්තයෝ අන්න ඒකට යි බලවත් බන්ධනය කියන්නේ. ඒක හරි ලිහිල්ව පෙනුනට අපායට ඇදගෙන යන්න පුළුවන් වූත්, මිදෙන්නට දුෂ්කර වූ බන්ධනයත් ඒක ම යි. කාම සැපය සිතින් අත්හැරලා ඒ කෙරෙහි අපේක්ෂා රහිතව නුවණැති උදවිය නිවන අපේක්ෂාවෙන් පැවිදි වෙනවා.”

(ධම්මපදය)

යමෙක් ජීවත් වෙලා සිටිද්දී ම මේ හිස් වූ කාමයන් ගැන මෙසේ සිතන්නේ නම් ‘යම්තාක් වූ ප්‍රියමනාප දේවල් ඇද්ද, ප්‍රියමනාප පුද්ගලයන් සිටිත් ද ඒ සියල්ල ම මට අතහැර දමන්නට වනවා’ කියා මෙසේ නිතර නිතර මෙනෙහි කරන විට තමාට ප්‍රියමනාප වූ කාමයන් කෙරෙහි සිත නො බැඳී යනවා. එවිට යම් දවසක කාමයන් තමන්ට අතහරින්නට සිදු වන විට ඔවුන්ගේ සිත් ශෝකයෙන්, වැළපීමෙන්, හැඬීමෙන්, ක්ලාන්ත වීමෙන්, සිහිමුළාවට පත් වීමෙන් නිදහස් වෙනවා. ඒ නිසා මරණයට පත්වන ස්වභාවය තිබෙද්දී ම ඒ මරණය ඉදිරියේ බියට හෝ සන්ත්‍රාසයට පත්නොවන පුද්ගලයන් අතරට මේ කෙනා අයත් වෙනවා.

එමෙන්ම යමෙක් තමන්ගේ ශරීරය කෙරෙහි රාගය දුරු නොකළා නම්, කැමැත්ත දුරු නොකළා නම්, ප්‍රේමය, පිපාසය, දාහය, තෘෂ්ණාව දුරු නොකළා නම් යම් දිනෙක දරුණු රෝගයකට යට වූ විට ඔවුන් බොහෝ සේ දුකට පත් වෙයි, හැඬීම්, වැළපීම්, දුක් දොම්නස්වලින් ඔවුන්ගේ ජීවිත වෙලා ගනී. ‘අහෝ තව සුළු කලක් මට ජීවත්වන්නට තිබුණා නම්… මේ ශරීරය මාව අත්හැර දමනවා… මට ද මේ ශරීරය අත්හරින්නට වෙනවා…’ යනුවෙන් මරණාසන්නව සිට බොහෝ ශෝක වෙනවා. නමුත් යමෙක් මේ ශරීරයේ සත්‍ය ස්වභාවය ගැන ඒ අයුරින් ම ඇත්ත ඇති සැටියෙන්ම තේරුම් ගන්නවා නම් මේ ශරීරය වනාහී සතරමහා භූතයන්ගෙන් හටගත්, මව්පියන්ගෙන් හටගත්, ආහාරපානාදියෙන් පෝෂණය වන අනිත්‍ය වූ ඉලීම් පිරිමැදීම්, බිඳීම් විසිරීම් ආදිය උරුම කරගත් දෙයක් ලෙස රූපය(ශරීරය) වෙනස්වන විට යන විට ඔවුන්ගේ සිත් දුකින්, ශෝකයෙන් වෙලා ගන්නේ නෑ.

දිනක් බුදුරජුන් වෛශ්යාංගනාවකගේ රූපයට ආශා කළ භික්ෂුවක් අරබයා ඉතා මනහර අයුරින් රූපයේ ආදීනව ප්‍රකට කරමින් දහම් දෙසා වදාළ සේක. වෛශ්යාංගනාව මියගිය පසු ඇගේ මෘත ශරීරය බැලීමට ගිය සියලු දෙනා අබියසදී උන්වහන්සේ මෙසේ විමසූහ.

“මෙම වෛශ්යාංගනාව එක් රැයකට කහවණු කීයක් ගන්නවා ද?”

“ස්වාමීනි, කහවණු 500යි.”

“මියගිය මැගේ ශරීරය දැන් කහවණු කීයක් වටිනවා ද?”

මේ ආකාරයෙන් ප්‍රශ්න කරමින් රූපයෙහි අනවබෝධයෙන් ඇලී සිටීම නිසරු දෙයක් බව පෙන්වා දෙමින් ආර්ය සත්‍යාවබෝධයේ පිහිටුවා වදාළ සේක. තමාගේ ශරීරය කෙරෙහි හෝ අන් අයගේ ශරීරය කෙරෙහි හෝ අනවබෝධයෙන් වාසය කිරීම ආර්ය සත්‍යාවබෝධයට බාධා පමුණුවන බවත්, එයින් නිදහස්ව සත්‍යයට පැමිණීමෙන් නිවන් අවබෝධය කරා සිත හැසිරවිය හැකි බවත් පෙන්වා වදාළහ. යමෙක් තමන්ගේ වේවා අනුන්ගේ වේවා ශරීරය කෙරෙහි නිවැරදි අයුරින් සිතන්නෙහි නම් මරණය ඉදිරියේ තම ශරීරය අත්හරින්නට වන විට ඔවුන්ගේ සිත් ශෝකයෙන්, වැළපීමෙන්, හැඬීමෙන්, ක්ලාන්ත වීමෙන්, ළයෙහි අත් පැහැර හැඬීමෙන්, සිහිමුළාවට පත් වීමෙන් නිදහස් වනු ඇත. මරණය ඉදිරියේ බියට, සන්ත්‍රාසයට හෝ පත්නොවන පුද්ගලයන් අතරට මේ කෙනා ද අයිති වනු ඇත.

ඉපදීම යනු ආයතන හයක පහළ වීමයි. මේ හරහා සිත, කය, වචනය ආදිය හසුරුවමින් උපන්දා සිට අප හට නොයෙක් ආකාරයෙන් එක්වී ඇති සියල්ල කර්මය නම් වූ දෙයට අයත් ය. කරත්ත රෝදය යම්තාක් ගමන් කරනුයේ කඩ ඇණය ගසා තිබෙන තාක් ය. එලෙසින් ම සසරේ අප ද කර්මයට අනුව ගමන් කරමින් සිටී. යමෙක් පවු කළා නම්, දරුණු පවු කළා නම්, කිලිටි පවු කළා නම්, පින් නොකළා නම්, කුසල් නොකළා නම්, බියට රැකවරණයක් සලසා ගත්තේ නැත්නම් ඔවුන් මරණාසන්නයේ දී දරුණු රෝගයකින් හෝ යටපත් වූ විට තමා විසින් කරන ලද එම අකුසල් ගැන සිහිවීමෙන් බොහෝ සේ ශෝක කරයි, වැළපෙයි, ක්ලාන්ත වෙයි, ළයෙහි අත් පැහැර හඬයි, සිහිමුළා බවට පත් වෙයි. “අහෝ…. අපි ජීවත් වෙලා සිටි කාලයේ කිසිදු යහපත් දෙයක් කළේ නෑ. අප අතින් බොහෝ අකුසල් සිදු වුණා.” කියමින් හඬයි. නමුත් යමෙක් සම්බුදුරජුන්ගේ ධර්මය තුළින් කුසල්, අකුසල් හඳුනාගෙන තුනුරුවන් හඳුනාගෙන සීලවන්තව වාසය කළා නම් ඔවුන්ට තමන් ගැන සිහි කරන මොහොතක් පාසා සතුට උපදිනු ඇත.

“අපි නම් පස් පවු, දස අකුසලයෙන් වෙන් වුණා, අපේ අත්වල නම් ලේ තැවරිලා නෑ. අපි ආර්යයන්ට උපවාද කළේ නෑ, අපි සිල් ගත්තා, දන් දුන්නා, ශ්‍රමණ උතුමන්ට ගරු කළා, වැඩිහිටියන්ට සැලකුවා, දෙමාපියන් ආදරයෙන් රැකබලා ගත්තා, චෛත්‍ය, බෝධි, පිළිම ගෙවල් තැනුවා” ආදී වශයෙන් තමන් කළ උදාර වූ පින් ගැන, කුසල් ගැන, දියුණු කළ සත්තිස් බෝධ්පාක්ෂික උතුම් ධර්මයන් ගැන, තුනුරුවන ගැන පිහිටුවාගත් සතුටු සිතින් ඒවා මෙනෙහි කරමින් වාසය කරද්දි, ‘යමෙක් කල්‍යාණ වූ උතුම් දේවල් කරලා යහපත් තැනක ගියා ද අපිත් ඒ උතුම් ගති ඇති ලොව උපදිනවා ම යි’ යනුවෙන් සිතමින් ශෝක, වැළපීම්, දුක්දොම්නස්, සිහිමුළා වීම්, ක්ලාන්ත වීම් ආදිය නැති සිතින් මරණය ඉදිරියේ මරණයට පත්වන ස්වභාවය ඇතිව සිටිද්දී ම බිය නැති සන්ත්‍රාසයට පත් නොවන පුද්ගලයන් අතරට පත්වෙයි.

යමෙක් උපදවාගත් වැඩපිළිවෙළ, ප්‍රතිපත්තිය සියලු දුකින් නිදහස් වීම සාක්ෂාත් නොවන ස්වභාවයෙන් යුක්ත නම් එය දුර්ලභව ලද ක්ෂණ සම්පත්තිය ම විනාශ කිරීමට තරම් බලවත් ය. යමෙක් ඒ තථාගත අරහත් සම්බුදුරජුන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මය කෙරෙහි සැකයෙන් සිටිත් නම්, සද්ධර්මය පිළිබඳ නිෂ්ඨාවට නොගියා නම්, ඔවුන් ශ්රද්ධාවට නොපැමිණීම නිසා, සිත ඒ උතුම් ධර්මය කෙරෙහි නොපැහැදීම නිසා, කුසල් දියුණු කිරීමට ද ප්‍රමාද වන නිසා මරණාසන්න මොහොතේ දී දුක්වන්නේ, ‘අහෝ අපට මේ උතුම් ධර්මය ගැන තිබූ සැක දුරු කර ගන්න බැරිව ගියා. අපි නිෂ්ඨාවට පැමිණුනේ නෑ. විචිකිච්ඡාවෙන් යුක්ත වුණා,’ කියමිනි. සිදුවන්නේ නැවත භයානක වූ සසර දුකට වැටීම යි. නමුත් කෙනෙක් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන, නුවණින් විමසීම පුරුදු කොට උදාර වූ දහම් පද තම ජීවිතයට ගළපමින් පුරුදු කිරීමෙන් තමා තුළින් අත්දකින ස්වභාවය ඇති විට සැක දුරු වී යයි. ඔවුන් ‘අහෝ මම වනාහී සැක දුරු කළ කෙනෙක් වෙමි. විචිකිච්ඡා නැති කෙනෙක් වෙමි, සද්ධර්මයේ නිෂ්ඨාවට පැමිණියෙමි’ ආදි වශයෙන් සතුටු වෙයි. ඒ අය මරණාසන්න වන විට මරණයට පත් වන ස්වභාවය තිබියදී ම ශෝක වීම්, වැළපීම්, ක්ලාන්ත වීම්, සිහිමුළා වීම් වලට පත් නොවී මරණය ඉදිරියේ බිය, තැති ගැනීම් දුරු කරමින් සිටින පුද්ගලයන් අතරට එක් වෙයි.

මේ අයුරින් ලොව දවසින් දවස මියැදෙනා මිනිසුන්ගෙන් ඉතා අතලොස්සක් වූ කොටසක් මරණය ඉදිරියේ බිය නොවී සන්ත්‍රාසයට පත් නො වී සිටිත්. නමුත් ඉතා සුවිශාල වූ පිරිසක් මහා හැඬීම්, වැළපීම් සහිත ව ම, සිහිමුළා වීම්, අත් පැහැර හැඬීම් සහිත ව ම මරණය ඉදිරියේ බිය වී, තැතිගෙන අවසන් ගමන් යයි. ලෝකනාථ වූ බුදුරජුන් අනාථ අය නාථ කළ සේක, අසරණ අයට සරණ වූ සේක. දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලද ඔබට ද මරණය ඉදිරියේ බිය නැති තැති ගැනීම් නැති ජීවිතයක් උදා කරගැනීමට උතුම් බුද්ධරත්නයේ, ධර්මරත්නයේ, සංඝරත්නයේ ආශීර්වාද සැලසේවා!

[QUOTE="asliyanage, post: 26346292, member: 8764"] අවිද්‍යා අන්ධකාරයෙන් වැසී සසර දුකට වැටුණු සියලු සත්වයෝ එහි අසරණ වී සිටිති. එයින් එතෙර වීමට මඟක් සොයාගත නොහැකි තරම් ඔවුන් අසරණ ය. ඉපදීම අබියස ඔවුන් අසරණ ය, ජරාව, ලෙඩ වීම, මරණය අබියස ද ඔවුන් අසරණ ය. එනිසා ම හැඬීම්, වැළපීම්, දුක් දොම්නස්, ක්ලාන්තවීම්, අත්පැහැර හැඬීම් ආදී අනේකවිධ දුක්වලින් දීර්ඝ සසර පුරා ඉපදෙමින් මැරෙමින් සැරිසරා ගමන් කරමින් සිටිති. නමුත් භාග්‍යය නම් මෙය යි. පුරා අසංඛෙය්‍ය කල්ප ගණනක් මුළුල්ලේ පාරමී පිරූ අප මහා බෝසතාණන් වහන්සේ අවසන් භවයේ රාජකීය පවුලක ඉපිද උයන් සිරි නරඹන්නට යන ගමනේදී දුටු දසුන් පෙළකින්, දුකට පත් ලෝසතුනට පිහිට වීමේ පරම අදිටනින්… රාජකීය සම්භාෂණ පවා පසෙකලා ගිහිගෙයි දොරටු වසාලමින්, අමා නිවන් දොරටු විවර කරමින් එදා ඇසතු බෝ සෙවණේ දී දසබිම්බරක් මාර සේනා පරදවමින් ගෞතම අරහත් සම්බුදුරජුන් ලෙස ලොව පහළ වීම යි. අති දීර්ඝ වූ සසර ගෙවාගෙන යන අපට ද ඉතාමත් දුර්ලභව ඒ උතුම් ක්ෂණය උදා වුණේ සම්බුදු කෙනෙකුගේ පහළවීමත්, අපි ලද මනු දිවියත් එකිනෙක යාවීමෙනි. නමුදු ළදරු වයස ළමා වියෙන් කෙළවර වී යයි. ළමා විය තරුණ වයසින් කෙළවර වී යයි. තරුණ බව වැඩිහිටි බවින් කෙළවර වී යයි. වැඩිහිටි බව මහලු බවින් කෙළවර වී යයි. මහලු බව මරණයෙන් කෙළවර වී යයි. මහලු බව පමණක් නොව අන් සියලු අවදීන් ද ඕනෑම මොහොතක මරණයෙන් කෙළවර විය හැකි ය. මේ අති දීර්ඝ ගමනේ මියැදුනු වාර නම් ගණනය කළ නො හැකි තරම් ය. අප ඒ මරණයට පත්වන හැම මොහොතක ම බිය වීම්, තැතිගැනීම්, හැඬීම්, වැළපීම්, ශෝක වීම්, අත්පැහැර හැඬීම් කොතරම් නම් සිදු වී ඇද්ද? අතීතය බැලුවත් අනාගතය බැලුවත් මරණය සහිත ගමනක් හැර කිසිවක් දැකගත නො හැක. එවන් වූ මරණයට පත් වීම් අබියස නැවතත් ශෝක නොවන්නට, ජීවිතය ගැන සැබෑ තත්ත්වය තේරුම් ගන්නට, සියලු දුකින් නිදහස් ව වැඩ සිටි බුදු කෙනෙකුගේ උතුම් ධර්මය ම පිහිට වනු ඇත. යමෙක් මරණය ඉදිරියේ ශෝක, වැළපීම්, හඬාවැටීම් ඇති කරන්නේ නම් ඔවුන් යමක් දැඩිව අල්ලාගෙන සිටිනවා විය හැක. නො එසේ නම් තමා පිළිබඳ විපිලිසර වීමක් විය හැක, නො එසේ නම් තමා පුරුදු කළ ප්‍රතිපත්තියේ නිෂ්ඵල බව නිසා හටගත් දෙයක් විය හැකි ය. යමෙක් කාමයන් කෙරෙහි ඇති රාගය දුරු නොකළා නම්, කැමැත්ත දුරු නොකළා නම්, ප්‍රේමය, පිපාසය, දාහය, තෘෂ්ණාව දුරු නොකළා නම් ඒ කාමයන් නිසා ම හැඬීම්, වැළපීම්, දුක්දොම්නස් උපදියි. දිනක් කෝසල ජනපදයේ සොරකමකට හසුවී දම්වැල් දමා කඹවලින් බැඳ හිරකොට, දඬු කඳේ ගසා ලීවලින් බැඳ සිරගෙට ගෙනගිය පිරිස දැක, ඈත ජනපදයක සිට පැමිණි භික්ෂු පිරිසක් බුදුරජුන්ට මෙසේ කීහ. “ස්වාමිනී, අප අද උදෑසනින් ම දුක්ඛිත වූ දර්ශනයක් දුටුවා. ඒ රාජ පුරුෂයන් විසින් කුදලාගෙන යන දුක් ස්වරූපයෙන් යුතු හොරු කණ්ඩායමක්. අපට නම් සිතෙන්නේ ඔවුන්ට ලෙහෙසියෙන් ගැලවිය නො හැකි තරම් මහා බන්ධනවලින් බැඳ ඇති බවයි.” සම්බුදුරජුන් වදහළේ “මහණෙනි, ඕවා මහා බන්ධන නො වේ, වසර කිහිපයකින් ඔවුන් නම් නිදහස් වේවි. නමුත් මහණෙනි, යමෙක් ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල්, අඹු දරුවන් ආදී දේ කෙරේ බැඳී ඇත්නම් එයයි මහා බන්ධනය. බලවත් වූ බන්ධනය.” කියා යි. “යමෙක් යකඩ දම්වැල්වලින් බැඳලා තිබ්බත්, දඬු කඳේ ගහලා තිබ්බත්, බබුස් තෘණවලින් කරපු ලණුවලින් බැඳලා තිබ්බත්, ප්‍රඥාවන්තයෝ බලවත් බන්ධනය කියලා කියන්නේ ඒවාට නො වේ. කන කර ආභරණවලට, අඹු දරුවන්ට බැඳී ගිය සිතින් යුක්තව ඔවුන් ගැන යම් අපේක්ෂාවක් ඇද්ද ප්‍රඥාවන්තයෝ අන්න ඒකට යි බලවත් බන්ධනය කියන්නේ. ඒක හරි ලිහිල්ව පෙනුනට අපායට ඇදගෙන යන්න පුළුවන් වූත්, මිදෙන්නට දුෂ්කර වූ බන්ධනයත් ඒක ම යි. කාම සැපය සිතින් අත්හැරලා ඒ කෙරෙහි අපේක්ෂා රහිතව නුවණැති උදවිය නිවන අපේක්ෂාවෙන් පැවිදි වෙනවා.” (ධම්මපදය) යමෙක් ජීවත් වෙලා සිටිද්දී ම මේ හිස් වූ කාමයන් ගැන මෙසේ සිතන්නේ නම් ‘යම්තාක් වූ ප්‍රියමනාප දේවල් ඇද්ද, ප්‍රියමනාප පුද්ගලයන් සිටිත් ද ඒ සියල්ල ම මට අතහැර දමන්නට වනවා’ කියා මෙසේ නිතර නිතර මෙනෙහි කරන විට තමාට ප්‍රියමනාප වූ කාමයන් කෙරෙහි සිත නො බැඳී යනවා. එවිට යම් දවසක කාමයන් තමන්ට අතහරින්නට සිදු වන විට ඔවුන්ගේ සිත් ශෝකයෙන්, වැළපීමෙන්, හැඬීමෙන්, ක්ලාන්ත වීමෙන්, සිහිමුළාවට පත් වීමෙන් නිදහස් වෙනවා. ඒ නිසා මරණයට පත්වන ස්වභාවය තිබෙද්දී ම ඒ මරණය ඉදිරියේ බියට හෝ සන්ත්‍රාසයට පත්නොවන පුද්ගලයන් අතරට මේ කෙනා අයත් වෙනවා. එමෙන්ම යමෙක් තමන්ගේ ශරීරය කෙරෙහි රාගය දුරු නොකළා නම්, කැමැත්ත දුරු නොකළා නම්, ප්‍රේමය, පිපාසය, දාහය, තෘෂ්ණාව දුරු නොකළා නම් යම් දිනෙක දරුණු රෝගයකට යට වූ විට ඔවුන් බොහෝ සේ දුකට පත් වෙයි, හැඬීම්, වැළපීම්, දුක් දොම්නස්වලින් ඔවුන්ගේ ජීවිත වෙලා ගනී. ‘අහෝ තව සුළු කලක් මට ජීවත්වන්නට තිබුණා නම්… මේ ශරීරය මාව අත්හැර දමනවා… මට ද මේ ශරීරය අත්හරින්නට වෙනවා…’ යනුවෙන් මරණාසන්නව සිට බොහෝ ශෝක වෙනවා. නමුත් යමෙක් මේ ශරීරයේ සත්‍ය ස්වභාවය ගැන ඒ අයුරින් ම ඇත්ත ඇති සැටියෙන්ම තේරුම් ගන්නවා නම් මේ ශරීරය වනාහී සතරමහා භූතයන්ගෙන් හටගත්, මව්පියන්ගෙන් හටගත්, ආහාරපානාදියෙන් පෝෂණය වන අනිත්‍ය වූ ඉලීම් පිරිමැදීම්, බිඳීම් විසිරීම් ආදිය උරුම කරගත් දෙයක් ලෙස රූපය(ශරීරය) වෙනස්වන විට යන විට ඔවුන්ගේ සිත් දුකින්, ශෝකයෙන් වෙලා ගන්නේ නෑ. දිනක් බුදුරජුන් වෛශ්යාංගනාවකගේ රූපයට ආශා කළ භික්ෂුවක් අරබයා ඉතා මනහර අයුරින් රූපයේ ආදීනව ප්‍රකට කරමින් දහම් දෙසා වදාළ සේක. වෛශ්යාංගනාව මියගිය පසු ඇගේ මෘත ශරීරය බැලීමට ගිය සියලු දෙනා අබියසදී උන්වහන්සේ මෙසේ විමසූහ. “මෙම වෛශ්යාංගනාව එක් රැයකට කහවණු කීයක් ගන්නවා ද?” “ස්වාමීනි, කහවණු 500යි.” “මියගිය මැගේ ශරීරය දැන් කහවණු කීයක් වටිනවා ද?” මේ ආකාරයෙන් ප්‍රශ්න කරමින් රූපයෙහි අනවබෝධයෙන් ඇලී සිටීම නිසරු දෙයක් බව පෙන්වා දෙමින් ආර්ය සත්‍යාවබෝධයේ පිහිටුවා වදාළ සේක. තමාගේ ශරීරය කෙරෙහි හෝ අන් අයගේ ශරීරය කෙරෙහි හෝ අනවබෝධයෙන් වාසය කිරීම ආර්ය සත්‍යාවබෝධයට බාධා පමුණුවන බවත්, එයින් නිදහස්ව සත්‍යයට පැමිණීමෙන් නිවන් අවබෝධය කරා සිත හැසිරවිය හැකි බවත් පෙන්වා වදාළහ. යමෙක් තමන්ගේ වේවා අනුන්ගේ වේවා ශරීරය කෙරෙහි නිවැරදි අයුරින් සිතන්නෙහි නම් මරණය ඉදිරියේ තම ශරීරය අත්හරින්නට වන විට ඔවුන්ගේ සිත් ශෝකයෙන්, වැළපීමෙන්, හැඬීමෙන්, ක්ලාන්ත වීමෙන්, ළයෙහි අත් පැහැර හැඬීමෙන්, සිහිමුළාවට පත් වීමෙන් නිදහස් වනු ඇත. මරණය ඉදිරියේ බියට, සන්ත්‍රාසයට හෝ පත්නොවන පුද්ගලයන් අතරට මේ කෙනා ද අයිති වනු ඇත. ඉපදීම යනු ආයතන හයක පහළ වීමයි. මේ හරහා සිත, කය, වචනය ආදිය හසුරුවමින් උපන්දා සිට අප හට නොයෙක් ආකාරයෙන් එක්වී ඇති සියල්ල කර්මය නම් වූ දෙයට අයත් ය. කරත්ත රෝදය යම්තාක් ගමන් කරනුයේ කඩ ඇණය ගසා තිබෙන තාක් ය. එලෙසින් ම සසරේ අප ද කර්මයට අනුව ගමන් කරමින් සිටී. යමෙක් පවු කළා නම්, දරුණු පවු කළා නම්, කිලිටි පවු කළා නම්, පින් නොකළා නම්, කුසල් නොකළා නම්, බියට රැකවරණයක් සලසා ගත්තේ නැත්නම් ඔවුන් මරණාසන්නයේ දී දරුණු රෝගයකින් හෝ යටපත් වූ විට තමා විසින් කරන ලද එම අකුසල් ගැන සිහිවීමෙන් බොහෝ සේ ශෝක කරයි, වැළපෙයි, ක්ලාන්ත වෙයි, ළයෙහි අත් පැහැර හඬයි, සිහිමුළා බවට පත් වෙයි. “අහෝ…. අපි ජීවත් වෙලා සිටි කාලයේ කිසිදු යහපත් දෙයක් කළේ නෑ. අප අතින් බොහෝ අකුසල් සිදු වුණා.” කියමින් හඬයි. නමුත් යමෙක් සම්බුදුරජුන්ගේ ධර්මය තුළින් කුසල්, අකුසල් හඳුනාගෙන තුනුරුවන් හඳුනාගෙන සීලවන්තව වාසය කළා නම් ඔවුන්ට තමන් ගැන සිහි කරන මොහොතක් පාසා සතුට උපදිනු ඇත. “අපි නම් පස් පවු, දස අකුසලයෙන් වෙන් වුණා, අපේ අත්වල නම් ලේ තැවරිලා නෑ. අපි ආර්යයන්ට උපවාද කළේ නෑ, අපි සිල් ගත්තා, දන් දුන්නා, ශ්‍රමණ උතුමන්ට ගරු කළා, වැඩිහිටියන්ට සැලකුවා, දෙමාපියන් ආදරයෙන් රැකබලා ගත්තා, චෛත්‍ය, බෝධි, පිළිම ගෙවල් තැනුවා” ආදී වශයෙන් තමන් කළ උදාර වූ පින් ගැන, කුසල් ගැන, දියුණු කළ සත්තිස් බෝධ්පාක්ෂික උතුම් ධර්මයන් ගැන, තුනුරුවන ගැන පිහිටුවාගත් සතුටු සිතින් ඒවා මෙනෙහි කරමින් වාසය කරද්දි, ‘යමෙක් කල්‍යාණ වූ උතුම් දේවල් කරලා යහපත් තැනක ගියා ද අපිත් ඒ උතුම් ගති ඇති ලොව උපදිනවා ම යි’ යනුවෙන් සිතමින් ශෝක, වැළපීම්, දුක්දොම්නස්, සිහිමුළා වීම්, ක්ලාන්ත වීම් ආදිය නැති සිතින් මරණය ඉදිරියේ මරණයට පත්වන ස්වභාවය ඇතිව සිටිද්දී ම බිය නැති සන්ත්‍රාසයට පත් නොවන පුද්ගලයන් අතරට පත්වෙයි. යමෙක් උපදවාගත් වැඩපිළිවෙළ, ප්‍රතිපත්තිය සියලු දුකින් නිදහස් වීම සාක්ෂාත් නොවන ස්වභාවයෙන් යුක්ත නම් එය දුර්ලභව ලද ක්ෂණ සම්පත්තිය ම විනාශ කිරීමට තරම් බලවත් ය. යමෙක් ඒ තථාගත අරහත් සම්බුදුරජුන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මය කෙරෙහි සැකයෙන් සිටිත් නම්, සද්ධර්මය පිළිබඳ නිෂ්ඨාවට නොගියා නම්, ඔවුන් ශ්රද්ධාවට නොපැමිණීම නිසා, සිත ඒ උතුම් ධර්මය කෙරෙහි නොපැහැදීම නිසා, කුසල් දියුණු කිරීමට ද ප්‍රමාද වන නිසා මරණාසන්න මොහොතේ දී දුක්වන්නේ, ‘අහෝ අපට මේ උතුම් ධර්මය ගැන තිබූ සැක දුරු කර ගන්න බැරිව ගියා. අපි නිෂ්ඨාවට පැමිණුනේ නෑ. විචිකිච්ඡාවෙන් යුක්ත වුණා,’ කියමිනි. සිදුවන්නේ නැවත භයානක වූ සසර දුකට වැටීම යි. නමුත් කෙනෙක් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන, නුවණින් විමසීම පුරුදු කොට උදාර වූ දහම් පද තම ජීවිතයට ගළපමින් පුරුදු කිරීමෙන් තමා තුළින් අත්දකින ස්වභාවය ඇති විට සැක දුරු වී යයි. ඔවුන් ‘අහෝ මම වනාහී සැක දුරු කළ කෙනෙක් වෙමි. විචිකිච්ඡා නැති කෙනෙක් වෙමි, සද්ධර්මයේ නිෂ්ඨාවට පැමිණියෙමි’ ආදි වශයෙන් සතුටු වෙයි. ඒ අය මරණාසන්න වන විට මරණයට පත් වන ස්වභාවය තිබියදී ම ශෝක වීම්, වැළපීම්, ක්ලාන්ත වීම්, සිහිමුළා වීම් වලට පත් නොවී මරණය ඉදිරියේ බිය, තැති ගැනීම් දුරු කරමින් සිටින පුද්ගලයන් අතරට එක් වෙයි. මේ අයුරින් ලොව දවසින් දවස මියැදෙනා මිනිසුන්ගෙන් ඉතා අතලොස්සක් වූ කොටසක් මරණය ඉදිරියේ බිය නොවී සන්ත්‍රාසයට පත් නො වී සිටිත්. නමුත් ඉතා සුවිශාල වූ පිරිසක් මහා හැඬීම්, වැළපීම් සහිත ව ම, සිහිමුළා වීම්, අත් පැහැර හැඬීම් සහිත ව ම මරණය ඉදිරියේ බිය වී, තැතිගෙන අවසන් ගමන් යයි. ලෝකනාථ වූ බුදුරජුන් අනාථ අය නාථ කළ සේක, අසරණ අයට සරණ වූ සේක. දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලද ඔබට ද මරණය ඉදිරියේ බිය නැති තැති ගැනීම් නැති ජීවිතයක් උදා කරගැනීමට උතුම් බුද්ධරත්නයේ, ධර්මරත්නයේ, සංඝරත්නයේ ආශීර්වාද සැලසේවා! [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom