Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මරණය ඔබේ යහළුවෙක් කර ගන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණය ඔබේ යහළුවෙක් කර ගන්න.

සංයුක්ත නිකායේ සගාථවග්ගයේ කෝසල සංයුක්තයේ ජරාමරණ සූත්‍රය වේ. එම සූත්‍රය මා ඉතා ප්‍රිය කරනා සූත්‍රය කි. ඒ අනුව දිනක් කොසොල් රජු ජේතවනාරාමයේ වැඩවාසය කරන බුදුරජාණන්වහන්සේ හමුව මෙවැනි ප්‍රශ්නයක් අසයි.

"ස්වාමීනි, උපන් තැනැත්තාට ජරා මරණ දෙකින් ගැළවීමක් ඇත්තේදැ’’

උපන් තැනැත්තෙක් වේ නම් ජරාවට යාමෙන් මරණයට යාමෙන් ගැළවීමක් ඔහුට තිබෙන්නේ ද යන්න සරල අර්ථය යි. මෙයට බුදුරජාණන්වහන්සේ ලබා දෙන පිළිතුර මෙසේයි.

’’මහරජ , උපන් තැනැත්තාට ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහරජ, මහාසාර කුලවල උපන් යම් ඒ ක්ෂත්රියයෝ ධනයෙන් ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, බොහෝ සම්පත් ඇත්තාවූ, බොහෝ රන්රුවන් ඇත්තාවූ, මන පිනවන බොහෝ දේ ඇත්තාවූ, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූ වෙත්ද, ඔවුන්ටද, ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහාසාර කුලවල උපන් ගෘහපතියෝ ධනයෙන් ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, බොහෝ සම්පත් ඇත්තාවූ, බොහෝ රන්රුවන් ඇත්තාවූ, මන පිනවන බොහෝ දේ ඇත්තාවූ, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූ වෙත්ද, ඔවුන්ටද, ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහරජ, කෙලෙස් නැසූ, මග බඹසර වැස නිමවූ, සතර මගින් කටයුතු කොට නිමවූ, කෙලෙස් බර බහා තැබූ, රහත් බවට පැමිණි, භව බන්ධන නැසූ, සතර සත්‍යයන් තතුසේ දැන කෙලෙසුන් ගෙන් මිදුනාවූ, යම් ඒ රහත් භික්ෂු කෙනෙක් වෙත්ද, ඔවුන්ගේත් මේ කය බිඳෙන ස්වභාව ඇත්තේය. ඉවත දැමියයුතු ස්වභාව ඇත්තේය.’’

මේ පිළිතුර සරල ය. කෙටියෙන්ම කියන්නේ නම් රහතන්වහන්සේගේ වුවද ශරීරය බිඳෙන ස්වභාවය ඇත්තේ ය. තවදුරටත් බුදුරජාණන්වහන්සේ මෙසේ ද දේශනා කරයි.

"විසිතුරු කරනලද රජුන්ගේ රථද දිරති. එසේම ශරීරයද දිරීමට පැමිණෙයි. එහෙත් බුද්ධාදී උත්තමයන්ගේ සද්ධර්මය දිරුමට නොපැමිණේ. එහෙයින් ඒ උත්තමයෝ ඒ සද්ධර්මය (නිවන) ඒකාන්ත පිහිට ලෙස ඔවුනොවුන්ට ප්‍රකාශ කරති.’’

කුමන දේ දිරුවත් සද්ධර්මය නොදිරයි.

ජීවිතයේ මේ වනතුරු කී දෙනකුගේ මරණය, ජරාවට පත්වීම ඔබ දැක ඇත්තේ ද? සමහරවිට ඔබේ අත් උඩම කෙනකු මිය ගොස් ඇතුවා විය හැක. ඔබට ඔබගේ කුඩා වියේ සිට මේ දක්වා වෙනස්වීම අමතක විය නොහැක. සමහරු දැනටත් කැමැති ළදරු වියට ය. ඒ එකල තිබූ නිදහස වැඩි වියට පැමිණෙන විට ක්‍රමයෙන් අඩු වන නිසාවෙනි. මරණය දක්වා අප ගෙවන ජීවිතය සතුට ම පමණක් ලැබෙන ජීවිතයක් නොවේ. බුදුරජාණන්වහන්සේ පෙන්වා දෙන ආකාරයට මේ පංචස්කන්ධයම දුකකි. ජරාව දුකකි. මරණය දුකකි. කී දෙනකුගේ ජරාවට පත්වීම (ඔබේද ඇතුළුව) ඔබට සතුටක් ද? කී දෙනකුගේ මරණය දැන ගැනීම, දැක ගැනීම ඔබට සතුට ඇති කරයි ද? ටෙලිවිෂනයේ යමකු මියෙන දෙස බලා ඔබට සතුටු විය හැකි වුවත් සත්‍ය ලෙස ඔබේ සමීපතමයෙකුගේ මරණය ඔබට සතුටින් විඳිය හැකි ද? බහුතරයකට නොහැක. ජරාව, මරණය සතුටට හේතුවක් නොවේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ එයයි.

ජරාව, මරණය සතුටට පෙරළා ගත නොහැකි ද යන්න සිතා බැලිය යුතු කරුණකි. බුදුරජාණන්වහන්සේ ධම්මචක්ක සූත්‍රයේ දී දුක විග්රහ කිරීමේ දී ජරාව මරණය දුක ලෙසින් දක්වා තිබේ. ඒ දුකට හේතුව තණ්හාව ය. තණ්හාව දුරැලීමට ආර්යෂ්ටාංගික මාර්ගය පිළිපැදිය යුතු ය. ජරාව හා මරණය දුක බව දැනටමත් බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත්තකි. එය සතුට බවට පෙරළීමට සිදු කළ යුත්තේ ආර්යෂ්ටාංගික මාර්ගය ජීවිතයට එකතු කර ගැනීම පමණි. සත්‍ය ලෙසම සිදු කළ යුත්තේ ද එයම පමණි. නමුත් නොකරන්නේ ද එය ම ය. බහුතරයක් දෙනා සිතන්නේ ජරාව සහ මරණය රැගෙන එන දුක ගැන පමණ ය. එයින් ගැලවීම සඳහා ආර්යෂ්ටාංගික මාර්ගය හැර අන් සියළුම මාර්ගයන් ඔවුන් පිළිපදී. සමහර විට ඔබද එසේ විය හැක.

බෞද්ධ ඉගැන්වීම් තුලදී මරණානුස්මෘති නම් වූ භාවනාවක් වේ. විශුද්ධිමාර්ගය තුළ ද මේ සඳහා ඉඩ ලබා දී ඇත. මරණානුස්මෘති භාවනාව වඩන්නාට මරණය තවදුරටත් දුකක් නොවේ. මරණානුස්මෘතිය වඩන්නා, මරණය තමුන්ගේ යහළුවකු කර ගෙන සිටී. උපන් සත්වයා මියෙන බව මරණානුස්මෘතිය වඩන්නා දන්නා කරුණක් නිසා තමුන් මිය ගියද අනුන් මිය ගියද එයින් දුකක් නොඉපිදේ. සතුටින් ජීවත්වීමට මෛත්‍රිය යාළුවකු කර ගත යුතුවා සේම මරණය ද යාළුවකු කර ගැනීමේ වටිනාකම එයයි.

සූත්‍රයට යොමුව https://pitaka.lk/main?n=21126

[QUOTE="hpalpola, post: 27496778, member: 321413"] [B][SIZE=4]මරණය ඔබේ යහළුවෙක් කර ගන්න[/SIZE][/B]. සංයුක්ත නිකායේ සගාථවග්ගයේ කෝසල සංයුක්තයේ ජරාමරණ සූත්‍රය වේ. එම සූත්‍රය මා ඉතා ප්‍රිය කරනා සූත්‍රය කි. ඒ අනුව දිනක් කොසොල් රජු ජේතවනාරාමයේ වැඩවාසය කරන බුදුරජාණන්වහන්සේ හමුව මෙවැනි ප්‍රශ්නයක් අසයි. "ස්වාමීනි, උපන් තැනැත්තාට ජරා මරණ දෙකින් ගැළවීමක් ඇත්තේදැ’’ උපන් තැනැත්තෙක් වේ නම් ජරාවට යාමෙන් මරණයට යාමෙන් ගැළවීමක් ඔහුට තිබෙන්නේ ද යන්න සරල අර්ථය යි. මෙයට බුදුරජාණන්වහන්සේ ලබා දෙන පිළිතුර මෙසේයි. ’’මහරජ , උපන් තැනැත්තාට ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහරජ, මහාසාර කුලවල උපන් යම් ඒ ක්ෂත්රියයෝ ධනයෙන් ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, බොහෝ සම්පත් ඇත්තාවූ, බොහෝ රන්රුවන් ඇත්තාවූ, මන පිනවන බොහෝ දේ ඇත්තාවූ, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූ වෙත්ද, ඔවුන්ටද, ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහාසාර කුලවල උපන් ගෘහපතියෝ ධනයෙන් ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, බොහෝ සම්පත් ඇත්තාවූ, බොහෝ රන්රුවන් ඇත්තාවූ, මන පිනවන බොහෝ දේ ඇත්තාවූ, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූ වෙත්ද, ඔවුන්ටද, ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහරජ, කෙලෙස් නැසූ, මග බඹසර වැස නිමවූ, සතර මගින් කටයුතු කොට නිමවූ, කෙලෙස් බර බහා තැබූ, රහත් බවට පැමිණි, භව බන්ධන නැසූ, සතර සත්‍යයන් තතුසේ දැන කෙලෙසුන් ගෙන් මිදුනාවූ, යම් ඒ රහත් භික්ෂු කෙනෙක් වෙත්ද, ඔවුන්ගේත් මේ කය බිඳෙන ස්වභාව ඇත්තේය. ඉවත දැමියයුතු ස්වභාව ඇත්තේය.’’ මේ පිළිතුර සරල ය. කෙටියෙන්ම කියන්නේ නම් රහතන්වහන්සේගේ වුවද ශරීරය බිඳෙන ස්වභාවය ඇත්තේ ය. තවදුරටත් බුදුරජාණන්වහන්සේ මෙසේ ද දේශනා කරයි. "විසිතුරු කරනලද රජුන්ගේ රථද දිරති. එසේම ශරීරයද දිරීමට පැමිණෙයි. එහෙත් බුද්ධාදී උත්තමයන්ගේ සද්ධර්මය දිරුමට නොපැමිණේ. එහෙයින් ඒ උත්තමයෝ ඒ සද්ධර්මය (නිවන) ඒකාන්ත පිහිට ලෙස ඔවුනොවුන්ට ප්‍රකාශ කරති.’’ කුමන දේ දිරුවත් සද්ධර්මය නොදිරයි. ජීවිතයේ මේ වනතුරු කී දෙනකුගේ මරණය, ජරාවට පත්වීම ඔබ දැක ඇත්තේ ද? සමහරවිට ඔබේ අත් උඩම කෙනකු මිය ගොස් ඇතුවා විය හැක. ඔබට ඔබගේ කුඩා වියේ සිට මේ දක්වා වෙනස්වීම අමතක විය නොහැක. සමහරු දැනටත් කැමැති ළදරු වියට ය. ඒ එකල තිබූ නිදහස වැඩි වියට පැමිණෙන විට ක්‍රමයෙන් අඩු වන නිසාවෙනි. මරණය දක්වා අප ගෙවන ජීවිතය සතුට ම පමණක් ලැබෙන ජීවිතයක් නොවේ. බුදුරජාණන්වහන්සේ පෙන්වා දෙන ආකාරයට මේ පංචස්කන්ධයම දුකකි. ජරාව දුකකි. මරණය දුකකි. කී දෙනකුගේ ජරාවට පත්වීම (ඔබේද ඇතුළුව) ඔබට සතුටක් ද? කී දෙනකුගේ මරණය දැන ගැනීම, දැක ගැනීම ඔබට සතුට ඇති කරයි ද? ටෙලිවිෂනයේ යමකු මියෙන දෙස බලා ඔබට සතුටු විය හැකි වුවත් සත්‍ය ලෙස ඔබේ සමීපතමයෙකුගේ මරණය ඔබට සතුටින් විඳිය හැකි ද? බහුතරයකට නොහැක. ජරාව, මරණය සතුටට හේතුවක් නොවේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ එයයි. ජරාව, මරණය සතුටට පෙරළා ගත නොහැකි ද යන්න සිතා බැලිය යුතු කරුණකි. බුදුරජාණන්වහන්සේ ධම්මචක්ක සූත්‍රයේ දී දුක විග්රහ කිරීමේ දී ජරාව මරණය දුක ලෙසින් දක්වා තිබේ. ඒ දුකට හේතුව තණ්හාව ය. තණ්හාව දුරැලීමට ආර්යෂ්ටාංගික මාර්ගය පිළිපැදිය යුතු ය. ජරාව හා මරණය දුක බව දැනටමත් බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත්තකි. එය සතුට බවට පෙරළීමට සිදු කළ යුත්තේ ආර්යෂ්ටාංගික මාර්ගය ජීවිතයට එකතු කර ගැනීම පමණි. සත්‍ය ලෙසම සිදු කළ යුත්තේ ද එයම පමණි. නමුත් නොකරන්නේ ද එය ම ය. බහුතරයක් දෙනා සිතන්නේ ජරාව සහ මරණය රැගෙන එන දුක ගැන පමණ ය. එයින් ගැලවීම සඳහා ආර්යෂ්ටාංගික මාර්ගය හැර අන් සියළුම මාර්ගයන් ඔවුන් පිළිපදී. සමහර විට ඔබද එසේ විය හැක. බෞද්ධ ඉගැන්වීම් තුලදී මරණානුස්මෘති නම් වූ භාවනාවක් වේ. විශුද්ධිමාර්ගය තුළ ද මේ සඳහා ඉඩ ලබා දී ඇත. මරණානුස්මෘති භාවනාව වඩන්නාට මරණය තවදුරටත් දුකක් නොවේ. මරණානුස්මෘතිය වඩන්නා, මරණය තමුන්ගේ යහළුවකු කර ගෙන සිටී. උපන් සත්වයා මියෙන බව මරණානුස්මෘතිය වඩන්නා දන්නා කරුණක් නිසා තමුන් මිය ගියද අනුන් මිය ගියද එයින් දුකක් නොඉපිදේ. සතුටින් ජීවත්වීමට මෛත්‍රිය යාළුවකු කර ගත යුතුවා සේම මරණය ද යාළුවකු කර ගැනීමේ වටිනාකම එයයි. සූත්‍රයට යොමුව [URL]https://pitaka.lk/main?n=21126[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom