Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මරණානුස්මෘති භාවනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධඝෝෂ හිමියන්ගේ සාකච්ඡාව, සිය ජීවිතය අවසන් කිරීමේ අරමුණ ඇතිව වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන පුද්ගලයා (ඇවතට පත් වන) සහ ප්‍රතිකාර කිරීමෙන් පසු මරණයෙන් නොවැළැක්විය හැකි තත්වයට පත්ව ඖෂධාදිය අවසන් වීමෙන් හා බලාපොරොත්තු සිඳීමෙන් ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන පුද්ගලයා සම්භන්ධව ය. මේ දෙදෙනා අතර සදාචාරාත්මක වෙනස නම් පළමු පුද්ගලයා එනම්, රෝගියා මරණය සොයයි, නැතහොත්, මරණය ඔහුගේ අරමුණ බවට පත් ව ඇත. නමුත් දෙවැන්නා සරලවම මරණයේ නොවැළැක්විය හැකි බව සහ සමීපත්වය පිළිගන්නා අතර වැඩිදුර ප්‍රතිකාර හෝ පෝෂණය අර්ථ විරහිත යැයි තීරණය කරයි. පළමුවැන්නා මරණය පතන අතර දෙවැන්නා ජීවිතය පතයි. කෙසේ නමුදු දෙවැනි රෝගියා වෛද්‍ය ප්‍රතිකාරය රෝගය සුව කිරීමට අසමත් නිසා ප්‍රතිකාරයෙන් වැළකේ.

කෙසේ නමුදු සසරට තදින් කලකිරුණා වූ භික්ෂුවක් ආහාර සෙවීම හා වැළඳීමත් භාවනාවට බාධාවකැයි ජීවිතාශාව හැර භාවනාව සඳහා ආහාර ප්‍රතික්ෂේප කිරීම සුදුසු බව ද අටුවාවෙහි දක්වා ඇත. එවන් කතාවන්ද බෞද්ධ සාහිත්‍යයේ එයි. එතෙකුඳු වුවත් මේ වරද කළ නිසා මා මැරෙනවාය මේ දෙය නුදුන හොත් මේ දෙය නො කළ හොත් මා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් බුද්ධශාසනය වෙනුවෙන් දිවි පුදනවායයි උපවාස කිරීමෙන් ඇවැත් වේ. එසේ මළහොත් ඔහු මැරෙන්නේ ඇවතකින් ය (උපසම්පදා සීලය).

උක්ත කරුණු දැක්වීමෙන් හැඟවෙන්නේ ජීවිතය කෙසේ හෝ ආරක්ෂා කර ගැනීමට සදාචාරාත්මක බැඳීමක් ඇති බව බුදු දහම විශ්වාස නොකරන බවයි. මරණයේ නොවැළැක්විය හැකි බව හඳුනා ගැනීම බෞද්ධ ඉගැන්වීම්වල කේන්ද්‍රීය අංගයකි. මරණය සදාකාලිකව කල් දැමිය නොහැකි අතර, බෞද්ධයින්ට මරණාසන්න මොහොතේ සිහි නුවණින් කටයුතු කිරීමට දිරිගන්වනු ලැබේ.

කිසිදු සුවයක් හෝ ප්‍රකෘතියක් නොපෙනෙන විට වැඩි වැඩියෙන් තාක්ෂණය වෙත යොමු වීමෙන් ස්වාභාවික කාල සීමාවෙන් ඔබ්බට ජීවිතය දීර්ඝ කර ගැනීමට උත්සාහ කිරීම මිනිස් මරණයේ යථාර්ථය ප්‍රතික්ෂේප කිරීමක් වන අතර බුදු දහම අනුව එය අධික තණ්හාව හා මෝහය මූලික ව්‍යායාමයක් ලෙස ඇතමෙක් විග්රහ කළ හැක. එසේ විග්රහ කරන විට මරණාසන්න සත්කාර වල දී, සහ අඛණ්ඩ ශාකමය තත්වයක් නිශ්චිතවම හඳුනා ගෙන ඇති අවස්ථාවන්හි දී, ප්‍රකෘතිමත් වීමේ අපේක්ෂාවක් නොමැති නම් හෝ ප්‍රතිකාර ලබා දීම සඳහා බොහෝ දුරක් යාමට අවශ්‍ය නොවේ. මේ අනුව පශ්චාත් සංකූලතාවලට ප්‍රතිජීවක ඖෂධ ලබා දීම අවශ්‍ය නොවේ- උදා: නියුමෝනියාව හෝ වෙනත් ආසාදන වලට ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. ප්‍රතිකාර නොකළ ද්විතීය ආසාදනයක් රෝගියාගේ මරණයට හේතු වන බවක් පෙනෙන්නට තිබුණ ද, සමස්ථ සුව වීම පිළිබඳ පුරෝකථනයට අනුව ප්‍රතිකාර කිරීම තීරණය කළ යුතු බව තීරණය හැකි ය. දුෂ්කර නමුත් නිෂ්ඵල ප්‍රතිකාර මාලාවක් ආරම්භ කරනවා වෙනුවට, ඒ කිසිවක් රෝගියාගේ සමස්ත තත්වයෙහි දියුණුවක් ඇති නොකරන බව දන්නේ නම් බොහෝ විට රෝගියා වෛද්‍ය ආධාරයෙන් ඉවත් කරන නිගමනයකට එළඹීම සුදුසු වන අතර ඉන් ස්වභාවික සිදුවීම්වලට ඔවුන්ගේ ගමන් මග ගැනීමට ඉඩ දිය හැකි ය. මෙනයින්, එවැනි අවස්ථාවන්හි දී, යථා තත්ත්වයට පත්වීම පිළිබඳව වන සමස්ත පුරෝකථනය සළකා නිෂ්ඵල හෝ අධික වියදම් වන ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම හෝ ඉවත් කර ගැනීම යුක්ති සහගත බවක් පෙනෙන්නට තිබේ.

ඉහත තර්කය නිරවද්‍ය ලෙස පෙනුන ද සිතා බැලිය යුතු ඉතා වැදගත් මූලධර්මයක් තිබේ. ඒ කර්මය පිළිබඳව යි. මෙවන් අවස්ථාවල තීරණ ගැනීම බොහෝ විට වෛද්‍යවරයා සතු නොවේ. තීරණයේ නෛතික අයිතිය පවුලේ සාමාජිකයන්ට හිමි වේ. ශාකමය තත්වය හා මොළය මැරුණු අවස්ථාවන්හී දී ජීවිතේන්ද්රිය උපච්ඡෙද වූ බව සනාථ නොවේ. එමෙන්ම ශාකමය අවස්ථාවේ දී පෝෂණය හා සජලනය මගින් දිවි දිගු කළ හැකි අතර තව දුරටත් උණුසුම පවතී. මෙමගින් සවිඤ්ඤාණිකත්වය පෙන්නුම් කෙරෙන අතර මෙවන් අවස්ථාවල යන්ත්‍ර ඉවත් කිරීමට අවසර දීම ඉතා බරපතළ අකුසලවලට හේතු විය හැකි ය. මව හෝ පියා වෙනුවෙන් මෙසේ අවසර ලබා දීමෙන් ආනන්තර්ය පාපකර්මයක් සිදු වේ. භික්ෂුවක් මෙසේ අවසර ලබා දීම පාරාජික වීමට හේතු වේ. භික්ෂුව තම මව පියා වෙනුවෙන් අවසර දුන්නේ නම් ආනන්තර්ය පාපකර්මයත් පාරාජික වීමත් සිදු වේ. ආනන්තර්ය පාපකර්ම කළවුන් කෙතරම් උත්සහ කළ ද ධර්මාවබෝධයට අභව්‍ය බව අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ වෝරෝපිත සූත්‍රයේ දැක් වේ. එමෙන්ම මරණින් මතු අවීචි මහා නිරයේ උප්පත්තිය ලැබීම අනිවාර්ය වේ. මේ අවස්ථා කෙසේ වුවද මෙම උපකරණ ඉවත් කිරීම නිසා ප්‍රාණඝාතයක් සිදු විය හැකි ය. එය විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට ඇති උභතෝකෝටික ප්රශ්නයකි. මෙම උපකරණ නොමැති කාලය සැළකුවහොත් ස්වාභාවික සිද්ධිදාමය ක්‍රියාත්මක වන අතර ආයාසකර දිවි රැක්මක් නැත. මේ නිසා මෙවන් අවස්ථාවල දිවි තොර කරන අදහසක් හෝ හට ගන්නේ නැත. වෛද්‍ය විද්‍යාත්මකව උපකරණ ඉවත් කිරීම සාධාරණව පෙනුන ද බෞද්ධ ඉගැන්වීම අනුව මෙම දියුණු තාක්ෂණයක් පැවතීම මිනිසා විසඳුම් විරහිත ගැටළුවලට තල්ලු කර ඇති බව පෙනේ.

මරණාසන්න සත්කාර සඳහා විකල්පයක් ලෙස සුඛමෘත්යය හඳුන්වා දීම වෙනුවට බුදු දහම උපස්ථානයේ පරමාදර්ශයට සහය වේ.

හිතාමතා ඝාතනය කිරීම තහනම් කරන පළමු ශික්ෂා පදයට අනුකූලව බොහෝ බෞද්ධයන් විසින් අනායාස මරණය (euthanasia) ප්‍රතික්ෂේප කරනු ලැබේ. දුක් වේදනා සමනය කිරීමේ සානුකම්පිත අදහසකින් මරණයට පත් කිරීමේ දී පවා මෙය අදාළ වේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන්, බුදු දහම මැද මාවතේ පසු වන අතර, අනායාස මරණය තහනම් කිරීම මගින් දැඩි ජීවිතාශාවක් අදහස් නොකෙරේ, එනම් ජීවිතය කෙසේ හෝ දීර්ඝ කළ යුතුය යන මූලධර්මය ද ප්‍රතික්ශේප කරයි. කෙසේ නමුත් මරණාසන්න වූ විට වෛද්‍ය සහය උපකරණ ඉවත් කර ගැනීම බොහෝ විට ප්‍රාණඝාතයක් විය හැකි ය.

[QUOTE="asliyanage, post: 26797038, member: 8764"] බුද්ධඝෝෂ හිමියන්ගේ සාකච්ඡාව, සිය ජීවිතය අවසන් කිරීමේ අරමුණ ඇතිව වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන පුද්ගලයා (ඇවතට පත් වන) සහ ප්‍රතිකාර කිරීමෙන් පසු මරණයෙන් නොවැළැක්විය හැකි තත්වයට පත්ව ඖෂධාදිය අවසන් වීමෙන් හා බලාපොරොත්තු සිඳීමෙන් ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන පුද්ගලයා සම්භන්ධව ය. මේ දෙදෙනා අතර සදාචාරාත්මක වෙනස නම් පළමු පුද්ගලයා එනම්, රෝගියා මරණය සොයයි, නැතහොත්, මරණය ඔහුගේ අරමුණ බවට පත් ව ඇත. නමුත් දෙවැන්නා සරලවම මරණයේ නොවැළැක්විය හැකි බව සහ සමීපත්වය පිළිගන්නා අතර වැඩිදුර ප්‍රතිකාර හෝ පෝෂණය අර්ථ විරහිත යැයි තීරණය කරයි. පළමුවැන්නා මරණය පතන අතර දෙවැන්නා ජීවිතය පතයි. කෙසේ නමුදු දෙවැනි රෝගියා වෛද්‍ය ප්‍රතිකාරය රෝගය සුව කිරීමට අසමත් නිසා ප්‍රතිකාරයෙන් වැළකේ. කෙසේ නමුදු සසරට තදින් කලකිරුණා වූ භික්ෂුවක් ආහාර සෙවීම හා වැළඳීමත් භාවනාවට බාධාවකැයි ජීවිතාශාව හැර භාවනාව සඳහා ආහාර ප්‍රතික්ෂේප කිරීම සුදුසු බව ද අටුවාවෙහි දක්වා ඇත. එවන් කතාවන්ද බෞද්ධ සාහිත්‍යයේ එයි. එතෙකුඳු වුවත් මේ වරද කළ නිසා මා මැරෙනවාය මේ දෙය නුදුන හොත් මේ දෙය නො කළ හොත් මා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් බුද්ධශාසනය වෙනුවෙන් දිවි පුදනවායයි උපවාස කිරීමෙන් ඇවැත් වේ. එසේ මළහොත් ඔහු මැරෙන්නේ ඇවතකින් ය (උපසම්පදා සීලය). උක්ත කරුණු දැක්වීමෙන් හැඟවෙන්නේ ජීවිතය කෙසේ හෝ ආරක්ෂා කර ගැනීමට සදාචාරාත්මක බැඳීමක් ඇති බව බුදු දහම විශ්වාස නොකරන බවයි. මරණයේ නොවැළැක්විය හැකි බව හඳුනා ගැනීම බෞද්ධ ඉගැන්වීම්වල කේන්ද්‍රීය අංගයකි. මරණය සදාකාලිකව කල් දැමිය නොහැකි අතර, බෞද්ධයින්ට මරණාසන්න මොහොතේ සිහි නුවණින් කටයුතු කිරීමට දිරිගන්වනු ලැබේ. කිසිදු සුවයක් හෝ ප්‍රකෘතියක් නොපෙනෙන විට වැඩි වැඩියෙන් තාක්ෂණය වෙත යොමු වීමෙන් ස්වාභාවික කාල සීමාවෙන් ඔබ්බට ජීවිතය දීර්ඝ කර ගැනීමට උත්සාහ කිරීම මිනිස් මරණයේ යථාර්ථය ප්‍රතික්ෂේප කිරීමක් වන අතර බුදු දහම අනුව එය අධික තණ්හාව හා මෝහය මූලික ව්‍යායාමයක් ලෙස ඇතමෙක් විග්රහ කළ හැක. එසේ විග්රහ කරන විට මරණාසන්න සත්කාර වල දී, සහ අඛණ්ඩ ශාකමය තත්වයක් නිශ්චිතවම හඳුනා ගෙන ඇති අවස්ථාවන්හි දී, ප්‍රකෘතිමත් වීමේ අපේක්ෂාවක් නොමැති නම් හෝ ප්‍රතිකාර ලබා දීම සඳහා බොහෝ දුරක් යාමට අවශ්‍ය නොවේ. මේ අනුව පශ්චාත් සංකූලතාවලට ප්‍රතිජීවක ඖෂධ ලබා දීම අවශ්‍ය නොවේ- උදා: නියුමෝනියාව හෝ වෙනත් ආසාදන වලට ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. ප්‍රතිකාර නොකළ ද්විතීය ආසාදනයක් රෝගියාගේ මරණයට හේතු වන බවක් පෙනෙන්නට තිබුණ ද, සමස්ථ සුව වීම පිළිබඳ පුරෝකථනයට අනුව ප්‍රතිකාර කිරීම තීරණය කළ යුතු බව තීරණය හැකි ය. දුෂ්කර නමුත් නිෂ්ඵල ප්‍රතිකාර මාලාවක් ආරම්භ කරනවා වෙනුවට, ඒ කිසිවක් රෝගියාගේ සමස්ත තත්වයෙහි දියුණුවක් ඇති නොකරන බව දන්නේ නම් බොහෝ විට රෝගියා වෛද්‍ය ආධාරයෙන් ඉවත් කරන නිගමනයකට එළඹීම සුදුසු වන අතර ඉන් ස්වභාවික සිදුවීම්වලට ඔවුන්ගේ ගමන් මග ගැනීමට ඉඩ දිය හැකි ය. මෙනයින්, එවැනි අවස්ථාවන්හි දී, යථා තත්ත්වයට පත්වීම පිළිබඳව වන සමස්ත පුරෝකථනය සළකා නිෂ්ඵල හෝ අධික වියදම් වන ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම හෝ ඉවත් කර ගැනීම යුක්ති සහගත බවක් පෙනෙන්නට තිබේ. ඉහත තර්කය නිරවද්‍ය ලෙස පෙනුන ද සිතා බැලිය යුතු ඉතා වැදගත් මූලධර්මයක් තිබේ. ඒ කර්මය පිළිබඳව යි. මෙවන් අවස්ථාවල තීරණ ගැනීම බොහෝ විට වෛද්‍යවරයා සතු නොවේ. තීරණයේ නෛතික අයිතිය පවුලේ සාමාජිකයන්ට හිමි වේ. ශාකමය තත්වය හා මොළය මැරුණු අවස්ථාවන්හී දී ජීවිතේන්ද්රිය උපච්ඡෙද වූ බව සනාථ නොවේ. එමෙන්ම ශාකමය අවස්ථාවේ දී පෝෂණය හා සජලනය මගින් දිවි දිගු කළ හැකි අතර තව දුරටත් උණුසුම පවතී. මෙමගින් සවිඤ්ඤාණිකත්වය පෙන්නුම් කෙරෙන අතර මෙවන් අවස්ථාවල යන්ත්‍ර ඉවත් කිරීමට අවසර දීම ඉතා බරපතළ අකුසලවලට හේතු විය හැකි ය. මව හෝ පියා වෙනුවෙන් මෙසේ අවසර ලබා දීමෙන් ආනන්තර්ය පාපකර්මයක් සිදු වේ. භික්ෂුවක් මෙසේ අවසර ලබා දීම පාරාජික වීමට හේතු වේ. භික්ෂුව තම මව පියා වෙනුවෙන් අවසර දුන්නේ නම් ආනන්තර්ය පාපකර්මයත් පාරාජික වීමත් සිදු වේ. ආනන්තර්ය පාපකර්ම කළවුන් කෙතරම් උත්සහ කළ ද ධර්මාවබෝධයට අභව්‍ය බව අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ වෝරෝපිත සූත්‍රයේ දැක් වේ. එමෙන්ම මරණින් මතු අවීචි මහා නිරයේ උප්පත්තිය ලැබීම අනිවාර්ය වේ. මේ අවස්ථා කෙසේ වුවද මෙම උපකරණ ඉවත් කිරීම නිසා ප්‍රාණඝාතයක් සිදු විය හැකි ය. එය විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට ඇති උභතෝකෝටික ප්රශ්නයකි. මෙම උපකරණ නොමැති කාලය සැළකුවහොත් ස්වාභාවික සිද්ධිදාමය ක්‍රියාත්මක වන අතර ආයාසකර දිවි රැක්මක් නැත. මේ නිසා මෙවන් අවස්ථාවල දිවි තොර කරන අදහසක් හෝ හට ගන්නේ නැත. වෛද්‍ය විද්‍යාත්මකව උපකරණ ඉවත් කිරීම සාධාරණව පෙනුන ද බෞද්ධ ඉගැන්වීම අනුව මෙම දියුණු තාක්ෂණයක් පැවතීම මිනිසා විසඳුම් විරහිත ගැටළුවලට තල්ලු කර ඇති බව පෙනේ. මරණාසන්න සත්කාර සඳහා විකල්පයක් ලෙස සුඛමෘත්යය හඳුන්වා දීම වෙනුවට බුදු දහම උපස්ථානයේ පරමාදර්ශයට සහය වේ. හිතාමතා ඝාතනය කිරීම තහනම් කරන පළමු ශික්ෂා පදයට අනුකූලව බොහෝ බෞද්ධයන් විසින් අනායාස මරණය (euthanasia) ප්‍රතික්ෂේප කරනු ලැබේ. දුක් වේදනා සමනය කිරීමේ සානුකම්පිත අදහසකින් මරණයට පත් කිරීමේ දී පවා මෙය අදාළ වේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන්, බුදු දහම මැද මාවතේ පසු වන අතර, අනායාස මරණය තහනම් කිරීම මගින් දැඩි ජීවිතාශාවක් අදහස් නොකෙරේ, එනම් ජීවිතය කෙසේ හෝ දීර්ඝ කළ යුතුය යන මූලධර්මය ද ප්‍රතික්ශේප කරයි. කෙසේ නමුත් මරණාසන්න වූ විට වෛද්‍ය සහය උපකරණ ඉවත් කර ගැනීම බොහෝ විට ප්‍රාණඝාතයක් විය හැකි ය. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom