Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මරණාසන්න අත්දැකීම් ඇත්තද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙනකු මරණයට පත්වීමත් සමඟම භෞතික ශරීරයෙන් මානසික ශක්තිය වෙන්වී යන බවත් මෙය මනෝකාය ලෙස සැලකෙන බවත් මනෝ විශ්ලේෂකයෝ පවසති. මෙකී මනෝකාය භෞතික ශරීරයෙන් වෙන් වන්නේ කෙසේද? එසේ වෙන්වීමේදී කවර සවරූපයක් ගන්නේද යන්න ඈත අතීතයේ සිටම බොහෝ දෙනා කුතුහලයෙන් යුතුව විමසා බලන සංසිද්ධීන්ය.

ඕනෑම පුද්ගලයකුගේ කායික තත්ත්වයට වඩා මානසික ශක්තිය ප්රබලය. බුදු දහමේ දැක්වෙන පරිදි මනස ශ්‍රේෂ්ඨය. භෞතික ශරීරයේ ක්‍රියාකාරකම්වලදී ද ඒ සියල්ල මෙහෙයවනු ලබන්නේ මනස විසිනි. එසේ නම් කෙනකුගේ භෞතික ශරීරය මියැදෙන විට ඒ තුළ ඇති උත්තමාංගය වූ මානසික ශක්තිය ඒ ආකාරයෙන්ම නිෂ්ක්‍රීය විය හැකිද? මිය ගිය පුද්ගලයාගේ මනෝකාය පිළිබඳව බොහෝ විද්වතුන් කරුණු සොයා බැලීමට තැත්කරන්නේ ඒ නිසාය.

කෙනකු යළිත් භෞතික ශරීරයට ඇතුළු වීමට අසමත්ව මිය ගිය විටෙක ඔහුගේ මනෝකාය ලද අත්දැකීම් වෙනත් කෙනෙකුට දැන ගන්නට ලැබෙන්නේ නැත. ඇතැම් විටෙක ඔහු අවසන් මොහොතේ ගත කරන ජීවන ක්‍රියාවලිය තුළින් ඔහුගේ මරණාසන්න අත්දැකීම් කෙනකුට අනුමානයෙන් කිව හැකි වුවත් එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කළ නොහැකිය. ඇතැම් විටෙක පුනරුත්පත්තිය තුළින්ද මෙම අත්දැකීම් විග්රහකර දැක්වීමට බොහෝ මනෝ විශ්ලේෂකයෝ තැත්කරති.

මියයාමට ඉතා ආසන්න තත්ත්වයට පත් වී ඇති මනෝකායික ක්‍රියා කාරකම්වලට සම්බන්ධ වන බොහෝ දෙනා පොදුවේ ප්‍රකාශ කරන්නේ තමා අවසන් මොහොතේ විශාල අඳුරු ගුහාවක් කානුවක් හෝ බිංගෙයක් වැනි තැනකින් ඉවතට ඇදිගිය බවකි.

මෙසේ ඇදී යන්නේ මනෝකාය බවත්, එම මනෝකායට තම භෞතික ශරීරය ද දක්නට ලැබුණු බවත් පර්යේෂණවල දී අසන්නට ලැබේ. පෙරිපර දෙදිගම මෙවන් තත්ත්වයට පත්වූවෝ මේ ආකාරයට වෙන් වීමේ දී තමා කිසියම් ප්‍රබෝධමත් තෘප්තියක් ලද බවත් ඉතා සුන්දර දැක්මක් සමඟ සිහින් සංගීත රාවයන් හෝ සොබා දහමේ අපූරු ගී නාද අසන්නට ලැබූ බවත් පවසති.

සමහරුන්ගේ මනෝකායික අත්දැකීම් වලට අනුව දැඩි ඝනාන්ධකාරය මැද පාවෙමින් ගුහාව තුළින් ඇදී යනවිට එහා පැත්තේ විශාල ආලෝක කදම්බයක් දක්නට ලැබුණ බවද පවසා තිබේ. ඒ දෙසට තමා ඇදී යනවිට මනෝකායික වශයෙන් කිසිදු අපහසුවක් නොවූ බවත් මෙහා ලෝකයට වඩා එහාලෝකය වඩාත් සුන්දර එකක් වූ බව ඔවුන්ගේ ප්‍රකාශවල දැක්වේ.

මේ ආකාරයට මනෝකාය තුළින් කෙරෙන චිත්තාවේග රටාවන් ඉදිරිපත් කර ඇත්තේ ස්වාභාවිකව හදිසි අනතුරුවලට ලක්ව මියයාමට ආසන්න වූවන් වීම ද විශේෂත්වයකි.

එමෙන්ම මෙබඳු මරනාසන්න අත්දැකීම් ඉදිරිපත් කරනු ලබන බොහෝ දෙනා වියපත් වූවන් නොවන බවත් සැලකිය යුත්තකි. ඊට හේතුව යොවුන් වියේ වූවන් තුළ ප්‍රබල වූ චිත්තවේග රටාවන් පැවතීමත් ඔවුනට යළි තම භෞතික ශරීරයට ඇතුළු වීමට තරම් මානසික ශක්තියක් පැවතීමත් විය යුතුය.

මරණාසන්න වූ විට ඕනෑම පුද්ගලයකු ගේ සිහි විසඥ වේ. මෙකී තත්ත්වය සිග්මන් ප්‍රොයිඩ් නමැති මනෝ විශ්ලේශකයා හඳුන්වා දෙන්නේ සිහි මුර්ජාව (Unconscious) නමිනි.

බුදු දහමේ අංගුත්තර නිකායේ එන සංවේතනා සූත්‍රයෙහි මෙය සම්පජාන මනෝ සංඛාරය ලෙස දක්වා තිබේ. සිතේ රැදී පවතින ප්රත්යක්ෂ සමූහය සම්පුජාන මනෝ සංඛ්යාරයයි.

කෙනකු මිය යන මොහොත බලා සිටින තවෙකකු නිරතුරුව ම සිතන්නේ ඔහු දැඩි වේදනාවකින් හෝ දුකකින් සිටින බවක් වුවත් පුද්ගලයා මුහුණ පාන එකී මරණාසන්න අත්දැකීම සුබදායි එකක් බව මරනාසන්න අත්දැකීම් ලැබ දිගුකලක් ගත වී ප්‍රකෘති සිහිය ලබන බොහෝ දෙනකු පවසන බවත් මේ පිළිබඳව කරන ලද පර්යේෂණවල දී අනාවරණය වී තිබේ.

පෙර සඳහන් කළ පරිදිම විනිවිද යා නොහැකි තරමේ අන්ධකාරයකින් බිංගෙය දිගේ ඇදි යන්නේ ඉතා සැහැල්ලුවෙන් සහ ප්‍රීති ප්රබෝධයකිනි. මේ ආකාරයට මනෝකාය මෙලොවින් එළොවට ඇදී යාමේ සීමාව මෙම බිංගෙය බවත් ඉන් එහා වූ ලෝකය ඉතා සුන්දර එකක් බවත් එහිදී ඇසෙන අමුතු සංගීතාත්මක රාවයන්හි පවා සිත් සනසන සුළු බවක් ඇති වූ බවත් ඔවුන් පවසා ඇති බව ද මේ පිළිබඳව පර්යේෂණ පැවැත් වූ විද්වත්හු පෙන්වා දෙති.

එකී සුන්දර ලෝකයට පිවිසීමේ දැඩි කැමැත්තක් පැවතිය ද මෙලොවින් සමුගැනීමට නොහැකිවන්නේ වෛද්‍ය වරුන්ගේ හෝ ඥාතීන්ගේ නිබඳතා නිසාම බව ආපසු හැරී ආ බව ද මෙබඳු තත්ත්වයට පත් වූවෝ පියවි සිහිය ලද පසු පවසති.

හදිසි අනතුරක දී සිහිසුන් වීම පුද්ගලයාගේ වේදනාවන් සමනය කිරීම සඳහා සොබා දහම ලබාදුන් අපූරු පිළියමකි. වරක් බරපතල රිය ගැටුමකට මුහුණ දුන් මේ ලියුම්කරු ද එකී අත්දැකීම මැනවින් ලබා තිබේ.

මේ පිළිබඳව ආසන්නම අත්දැකීමක් සහිත සත්‍ය පුවතක් කියවීමට අවස්ථාවක් පසුගියදා අපට හැකිවිය. ඒ අපගේ ඥාති හිතවතකු වන එස්.ආර්.එච්. අඹේපිටිය මහතා ලද මෙවන් මනෝකායික මරණාසන්න අත්දැකීමක් ‘‘අරුම ගමන’’ නම් වූ කෙටි ග්රන්ථයක් මගින් එළිදැක්වූ නිසාය.

හම්බන්තොට ප්‍රාදේශීය රෝහලේ ඖෂධ වේදියකු ලෙස සේවය කළ අඹේපිටිය මහතා 2018 වසරේ මැයි මස 28 වැනිදා සේවයට යන මොහොතේ මොළයේ නහරයක් පුපුරායාම නිසා ස්නායු පටලය තුළ විශාල රුධිර වහනයක් සිදුවීම නිසා සිහිසුන්ව තිබේ.

පසුකලෙක විශේෂඥ වෛද්‍යවරුන් පැවසූ පරිදි මෙහි දී මොළයේ මස්තිෂ්ක සුසුම්නා තරලය සංසරණය වන එම නාළ පද්ධතියට ද රුධිරය ගලාගොස් තිබුණ අතර යම් හෙයකින් එම රුධිරය තැටි ගැසුනා නම් මොළයේ අභ්‍යන්තර පීඩනය ක්ෂණිකව වැඩි වී මොළය තෙරපීමෙන් මරණීය තත්ත්වයක් සිදුවිය හැකිව තිබූ බවයි. ඔහුගේ ජීවිතය බේරී ඇත්තේ මහා හාස්කමකින් මෙනි.

පුරා දින අටක් තිස්සේ සිහිසුන්ව ඉතා බරපතළ තත්ත්වයේ සිටි ඔහු එකී කාලය තුළ මරණීය අත්දැකීමට ලක් වී මනෝකාය තුළින් ලද අත්දැකීම් ඔහු එම ග්‍රන්ථයෙන් එළිදක්වා තිබේ.

තමා ලද අත්දැකීම් සවිස්තරාත්මකව දක්වන ඔහු මෙම සිද්ධිය සමහර විට අදහාගත නොහැකි වනු ඇතැයි පවසමින් මෙසේ කියයි.

‘‘මා මේ කුඩා පොතෙන් දිග හරින්නේ ජීවිතයේ කිසිවකුට ලෙහෙසියෙන් දැකිය නොහැකි නමුත් සත්‍ය ලෙසට මා අත්දැකි ඒ ආශ්චර්ය ජනක සිද්ධි මාලාවකි.

පෙර නොවූ විරූ විශාල සහනයක් හා පුදුම සංතෝසයකින් මගේ හිත පිරී තිබුණි. මා ඔහේ පාවෙමින් ලස්සන ලෝකයට ඇදී යන බවත් දනුනි. යළිත් නිකමට හෝ මා ජීවත් වූ ලෝකයට යාමට නම් මගේ සිතේ කොතැනකවත් බලාපොරොත්තුවක් නොතිබුණි.

එවැනි ආස්වාද ජනක ප්‍රීතිමත් හෝරා කිපයක් ගත කළ විට මා අසලට රන්වන් පැහැය ගත් මනරම් මාලිගාවක සිරිය ගත් රථයක් පැමිණුනි. එය මාලිගාවක් වුවද එහි නැගී ගමන් කළ හැකි අරුම පුදුම මාලිගාවකි.’’

මෙම අරුම පුදුම මාලිගාවේ දුහුල් සළු වැනි ඇඳුමින් සැරසී ආ යොවුන් වියේ රූමත් තරුණයින් රැසක් තමා කැඳවාගෙන යාමට ආ බව පවසා ඇති අතර අඹේපිටිය මහතා පවසන්නේ මේ ගමන යාමට තමා සෘජුව කැමති වුවද ඥාතින්ගේ අවසර ඉල්ලා ගත යුතු බව පැවසූ නිසා ඔවුන් ඊට ඉඩදුන් බවය. එහෙත් එකී සමු ගැනීම කළ නොහැකි වූ නිසා ඔවුන් මෙම අද්භූත මාලිගාව සමඟ නොපෙනි ගොස් තිබේ.

ඒ සමගම තමා උස් කඳු මුදුනක සිට මහා ප්‍රපාතයකට වැටෙනවා මෙන් දැනුන බවත් අනතුරුව තමාගේ භෞතික ශරීරයට ඇතුළු වීමෙන් පසු කිසිදු දැකීමක් මතකයක් නොවූ බවත් ඔහු පවසයි.

අනතුරුව දින අටකට පසුව සිහි එළවා ගත්තත් කිසිදු මතකයක් නොවී තවත් දිගු කලක් ගත කළ බවත් ඔහු පවසන්නේ මේ සියලු සිදුවීම් සත්‍ය බවට සපළ කරමිනි.

මෙරට හා විදේශීය රටවල මේ ආකාරයට ලද මරනාසන්න අත්දැකීම් බොහෝ දෙනකු පවසා ඇත්තේ මෙබඳු දැඩි ප්‍රීති ප්‍රමෝදයකිනි. ආපසු තම භෞතික ශරීරයට ඒමේ ප්‍රමාදයක් පවතින්නේ තමා ලද මේ සුන්දර අත්දැකීම් නිසා බවත් අවසන් මොහොතේ තම වට පිටාවේ වූවන්ගේ ශෝක ජනක විලාශයන් දැකීම නිසා එහි යාමට නොහැකි වූ බවත් මෙබඳු මරණාසන්න අත්දැකීම් ලද බොහෝ දෙනා පවසා ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව ලෝකයේ බොහෝ රටවල සිදුකර ඇති පර්යේෂණවලදී ද අනාවරණය වී ඇත්තේ මනෝකාය තුළින් නිරූපනය වන්නේ සුඛාන්ත අත්දැකීමක් බවයි.

බයිසිකල් අනතුරක් නිසා අභ්‍යන්තරිකව සිදුවූ ලේ වහනයක් නිසා හෘද ස්පන්දනය නතර වූ පුද්ගලයකු ‘‘මම ගැඹුරු හා අඳුරු නිම්නයක් තුළින් ඇදී යන බව මට දැණුනා. මේක කිසිදු දුකක් නොදැනෙන මනස්කාන්ත තත්ත්වයක්’’ යැයි පවසා තිබේ.

භෞතික ශරීරයේ කිසියම් අඩුවක් ඇති අයකු වුව ද මනෝකායිකව ක්‍රියා කිරීමේදී එම අඩුපාඩු සම්පූර්ණ වී තිබෙන ආකාරයෙන් දැකීම ද විශේෂත්වයකි. තමා කායික වශයෙන් මරණයට පත් වූ බව දැනගත් පසුව සියලු වේදනාවන් මොහොතකින් නිමා වූ බව සිතමින් ඔවුන් තාප්තියට පත්වූ බවද ඇතැම් පර්යේෂණවල දී අනාවරණය වී තිබේ.

භෞතික ශරීරයෙන් ඉවත්ව මනෝකායිකව හැසිරෙන බොහෝ පුද්ගලයන් දකින්නේ තමාගේ ජරා ජීර්ණ ජීවිතයට වඩා වැදගත් වූ අලංකෘත ලෝකයකට තමා පිවිස සිටින බවකි. එහෙයින්ම මරනාසන්න අත්දැකීම දුක්ඛාන්තයක් නොව සුඛාන්තයක් බව අපට තේරුම් ගත හැකිය.

[QUOTE="batmanTES, post: 28029104, member: 566200"] [B][IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_330aa5a9bd.jpg[/IMG] කෙනකු මරණයට පත්වීමත් සමඟම භෞතික ශරීරයෙන් මානසික ශක්තිය වෙන්වී යන බවත් මෙය මනෝකාය ලෙස සැලකෙන බවත් මනෝ විශ්ලේෂකයෝ පවසති. මෙකී මනෝකාය භෞතික ශරීරයෙන් වෙන් වන්නේ කෙසේද? එසේ වෙන්වීමේදී කවර සවරූපයක් ගන්නේද යන්න ඈත අතීතයේ සිටම බොහෝ දෙනා කුතුහලයෙන් යුතුව විමසා බලන සංසිද්ධීන්ය. ඕනෑම පුද්ගලයකුගේ කායික තත්ත්වයට වඩා මානසික ශක්තිය ප්රබලය. බුදු දහමේ දැක්වෙන පරිදි මනස ශ්‍රේෂ්ඨය. භෞතික ශරීරයේ ක්‍රියාකාරකම්වලදී ද ඒ සියල්ල මෙහෙයවනු ලබන්නේ මනස විසිනි. එසේ නම් කෙනකුගේ භෞතික ශරීරය මියැදෙන විට ඒ තුළ ඇති උත්තමාංගය වූ මානසික ශක්තිය ඒ ආකාරයෙන්ම නිෂ්ක්‍රීය විය හැකිද? මිය ගිය පුද්ගලයාගේ මනෝකාය පිළිබඳව බොහෝ විද්වතුන් කරුණු සොයා බැලීමට තැත්කරන්නේ ඒ නිසාය. කෙනකු යළිත් භෞතික ශරීරයට ඇතුළු වීමට අසමත්ව මිය ගිය විටෙක ඔහුගේ මනෝකාය ලද අත්දැකීම් වෙනත් කෙනෙකුට දැන ගන්නට ලැබෙන්නේ නැත. ඇතැම් විටෙක ඔහු අවසන් මොහොතේ ගත කරන ජීවන ක්‍රියාවලිය තුළින් ඔහුගේ මරණාසන්න අත්දැකීම් කෙනකුට අනුමානයෙන් කිව හැකි වුවත් එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කළ නොහැකිය. ඇතැම් විටෙක පුනරුත්පත්තිය තුළින්ද මෙම අත්දැකීම් විග්රහකර දැක්වීමට බොහෝ මනෝ විශ්ලේෂකයෝ තැත්කරති. මියයාමට ඉතා ආසන්න තත්ත්වයට පත් වී ඇති මනෝකායික ක්‍රියා කාරකම්වලට සම්බන්ධ වන බොහෝ දෙනා පොදුවේ ප්‍රකාශ කරන්නේ තමා අවසන් මොහොතේ විශාල අඳුරු ගුහාවක් කානුවක් හෝ බිංගෙයක් වැනි තැනකින් ඉවතට ඇදිගිය බවකි. මෙසේ ඇදී යන්නේ මනෝකාය බවත්, එම මනෝකායට තම භෞතික ශරීරය ද දක්නට ලැබුණු බවත් පර්යේෂණවල දී අසන්නට ලැබේ. පෙරිපර දෙදිගම මෙවන් තත්ත්වයට පත්වූවෝ මේ ආකාරයට වෙන් වීමේ දී තමා කිසියම් ප්‍රබෝධමත් තෘප්තියක් ලද බවත් ඉතා සුන්දර දැක්මක් සමඟ සිහින් සංගීත රාවයන් හෝ සොබා දහමේ අපූරු ගී නාද අසන්නට ලැබූ බවත් පවසති. සමහරුන්ගේ මනෝකායික අත්දැකීම් වලට අනුව දැඩි ඝනාන්ධකාරය මැද පාවෙමින් ගුහාව තුළින් ඇදී යනවිට එහා පැත්තේ විශාල ආලෝක කදම්බයක් දක්නට ලැබුණ බවද පවසා තිබේ. ඒ දෙසට තමා ඇදී යනවිට මනෝකායික වශයෙන් කිසිදු අපහසුවක් නොවූ බවත් මෙහා ලෝකයට වඩා එහාලෝකය වඩාත් සුන්දර එකක් වූ බව ඔවුන්ගේ ප්‍රකාශවල දැක්වේ. මේ ආකාරයට මනෝකාය තුළින් කෙරෙන චිත්තාවේග රටාවන් ඉදිරිපත් කර ඇත්තේ ස්වාභාවිකව හදිසි අනතුරුවලට ලක්ව මියයාමට ආසන්න වූවන් වීම ද විශේෂත්වයකි. එමෙන්ම මෙබඳු මරනාසන්න අත්දැකීම් ඉදිරිපත් කරනු ලබන බොහෝ දෙනා වියපත් වූවන් නොවන බවත් සැලකිය යුත්තකි. ඊට හේතුව යොවුන් වියේ වූවන් තුළ ප්‍රබල වූ චිත්තවේග රටාවන් පැවතීමත් ඔවුනට යළි තම භෞතික ශරීරයට ඇතුළු වීමට තරම් මානසික ශක්තියක් පැවතීමත් විය යුතුය. මරණාසන්න වූ විට ඕනෑම පුද්ගලයකු ගේ සිහි විසඥ වේ. මෙකී තත්ත්වය සිග්මන් ප්‍රොයිඩ් නමැති මනෝ විශ්ලේශකයා හඳුන්වා දෙන්නේ සිහි මුර්ජාව (Unconscious) නමිනි. බුදු දහමේ අංගුත්තර නිකායේ එන සංවේතනා සූත්‍රයෙහි මෙය සම්පජාන මනෝ සංඛාරය ලෙස දක්වා තිබේ. සිතේ රැදී පවතින ප්රත්යක්ෂ සමූහය සම්පුජාන මනෝ සංඛ්යාරයයි. කෙනකු මිය යන මොහොත බලා සිටින තවෙකකු නිරතුරුව ම සිතන්නේ ඔහු දැඩි වේදනාවකින් හෝ දුකකින් සිටින බවක් වුවත් පුද්ගලයා මුහුණ පාන එකී මරණාසන්න අත්දැකීම සුබදායි එකක් බව මරනාසන්න අත්දැකීම් ලැබ දිගුකලක් ගත වී ප්‍රකෘති සිහිය ලබන බොහෝ දෙනකු පවසන බවත් මේ පිළිබඳව කරන ලද පර්යේෂණවල දී අනාවරණය වී තිබේ. පෙර සඳහන් කළ පරිදිම විනිවිද යා නොහැකි තරමේ අන්ධකාරයකින් බිංගෙය දිගේ ඇදි යන්නේ ඉතා සැහැල්ලුවෙන් සහ ප්‍රීති ප්රබෝධයකිනි. මේ ආකාරයට මනෝකාය මෙලොවින් එළොවට ඇදී යාමේ සීමාව මෙම බිංගෙය බවත් ඉන් එහා වූ ලෝකය ඉතා සුන්දර එකක් බවත් එහිදී ඇසෙන අමුතු සංගීතාත්මක රාවයන්හි පවා සිත් සනසන සුළු බවක් ඇති වූ බවත් ඔවුන් පවසා ඇති බව ද මේ පිළිබඳව පර්යේෂණ පැවැත් වූ විද්වත්හු පෙන්වා දෙති. එකී සුන්දර ලෝකයට පිවිසීමේ දැඩි කැමැත්තක් පැවතිය ද මෙලොවින් සමුගැනීමට නොහැකිවන්නේ වෛද්‍ය වරුන්ගේ හෝ ඥාතීන්ගේ නිබඳතා නිසාම බව ආපසු හැරී ආ බව ද මෙබඳු තත්ත්වයට පත් වූවෝ පියවි සිහිය ලද පසු පවසති. හදිසි අනතුරක දී සිහිසුන් වීම පුද්ගලයාගේ වේදනාවන් සමනය කිරීම සඳහා සොබා දහම ලබාදුන් අපූරු පිළියමකි. වරක් බරපතල රිය ගැටුමකට මුහුණ දුන් මේ ලියුම්කරු ද එකී අත්දැකීම මැනවින් ලබා තිබේ. මේ පිළිබඳව ආසන්නම අත්දැකීමක් සහිත සත්‍ය පුවතක් කියවීමට අවස්ථාවක් පසුගියදා අපට හැකිවිය. ඒ අපගේ ඥාති හිතවතකු වන එස්.ආර්.එච්. අඹේපිටිය මහතා ලද මෙවන් මනෝකායික මරණාසන්න අත්දැකීමක් ‘‘අරුම ගමන’’ නම් වූ කෙටි ග්රන්ථයක් මගින් එළිදැක්වූ නිසාය. හම්බන්තොට ප්‍රාදේශීය රෝහලේ ඖෂධ වේදියකු ලෙස සේවය කළ අඹේපිටිය මහතා 2018 වසරේ මැයි මස 28 වැනිදා සේවයට යන මොහොතේ මොළයේ නහරයක් පුපුරායාම නිසා ස්නායු පටලය තුළ විශාල රුධිර වහනයක් සිදුවීම නිසා සිහිසුන්ව තිබේ. පසුකලෙක විශේෂඥ වෛද්‍යවරුන් පැවසූ පරිදි මෙහි දී මොළයේ මස්තිෂ්ක සුසුම්නා තරලය සංසරණය වන එම නාළ පද්ධතියට ද රුධිරය ගලාගොස් තිබුණ අතර යම් හෙයකින් එම රුධිරය තැටි ගැසුනා නම් මොළයේ අභ්‍යන්තර පීඩනය ක්ෂණිකව වැඩි වී මොළය තෙරපීමෙන් මරණීය තත්ත්වයක් සිදුවිය හැකිව තිබූ බවයි. ඔහුගේ ජීවිතය බේරී ඇත්තේ මහා හාස්කමකින් මෙනි. පුරා දින අටක් තිස්සේ සිහිසුන්ව ඉතා බරපතළ තත්ත්වයේ සිටි ඔහු එකී කාලය තුළ මරණීය අත්දැකීමට ලක් වී මනෝකාය තුළින් ලද අත්දැකීම් ඔහු එම ග්‍රන්ථයෙන් එළිදක්වා තිබේ. තමා ලද අත්දැකීම් සවිස්තරාත්මකව දක්වන ඔහු මෙම සිද්ධිය සමහර විට අදහාගත නොහැකි වනු ඇතැයි පවසමින් මෙසේ කියයි. ‘‘මා මේ කුඩා පොතෙන් දිග හරින්නේ ජීවිතයේ කිසිවකුට ලෙහෙසියෙන් දැකිය නොහැකි නමුත් සත්‍ය ලෙසට මා අත්දැකි ඒ ආශ්චර්ය ජනක සිද්ධි මාලාවකි. පෙර නොවූ විරූ විශාල සහනයක් හා පුදුම සංතෝසයකින් මගේ හිත පිරී තිබුණි. මා ඔහේ පාවෙමින් ලස්සන ලෝකයට ඇදී යන බවත් දනුනි. යළිත් නිකමට හෝ මා ජීවත් වූ ලෝකයට යාමට නම් මගේ සිතේ කොතැනකවත් බලාපොරොත්තුවක් නොතිබුණි. එවැනි ආස්වාද ජනක ප්‍රීතිමත් හෝරා කිපයක් ගත කළ විට මා අසලට රන්වන් පැහැය ගත් මනරම් මාලිගාවක සිරිය ගත් රථයක් පැමිණුනි. එය මාලිගාවක් වුවද එහි නැගී ගමන් කළ හැකි අරුම පුදුම මාලිගාවකි.’’ මෙම අරුම පුදුම මාලිගාවේ දුහුල් සළු වැනි ඇඳුමින් සැරසී ආ යොවුන් වියේ රූමත් තරුණයින් රැසක් තමා කැඳවාගෙන යාමට ආ බව පවසා ඇති අතර අඹේපිටිය මහතා පවසන්නේ මේ ගමන යාමට තමා සෘජුව කැමති වුවද ඥාතින්ගේ අවසර ඉල්ලා ගත යුතු බව පැවසූ නිසා ඔවුන් ඊට ඉඩදුන් බවය. එහෙත් එකී සමු ගැනීම කළ නොහැකි වූ නිසා ඔවුන් මෙම අද්භූත මාලිගාව සමඟ නොපෙනි ගොස් තිබේ. ඒ සමගම තමා උස් කඳු මුදුනක සිට මහා ප්‍රපාතයකට වැටෙනවා මෙන් දැනුන බවත් අනතුරුව තමාගේ භෞතික ශරීරයට ඇතුළු වීමෙන් පසු කිසිදු දැකීමක් මතකයක් නොවූ බවත් ඔහු පවසයි. අනතුරුව දින අටකට පසුව සිහි එළවා ගත්තත් කිසිදු මතකයක් නොවී තවත් දිගු කලක් ගත කළ බවත් ඔහු පවසන්නේ මේ සියලු සිදුවීම් සත්‍ය බවට සපළ කරමිනි. මෙරට හා විදේශීය රටවල මේ ආකාරයට ලද මරනාසන්න අත්දැකීම් බොහෝ දෙනකු පවසා ඇත්තේ මෙබඳු දැඩි ප්‍රීති ප්‍රමෝදයකිනි. ආපසු තම භෞතික ශරීරයට ඒමේ ප්‍රමාදයක් පවතින්නේ තමා ලද මේ සුන්දර අත්දැකීම් නිසා බවත් අවසන් මොහොතේ තම වට පිටාවේ වූවන්ගේ ශෝක ජනක විලාශයන් දැකීම නිසා එහි යාමට නොහැකි වූ බවත් මෙබඳු මරණාසන්න අත්දැකීම් ලද බොහෝ දෙනා පවසා ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව ලෝකයේ බොහෝ රටවල සිදුකර ඇති පර්යේෂණවලදී ද අනාවරණය වී ඇත්තේ මනෝකාය තුළින් නිරූපනය වන්නේ සුඛාන්ත අත්දැකීමක් බවයි. බයිසිකල් අනතුරක් නිසා අභ්‍යන්තරිකව සිදුවූ ලේ වහනයක් නිසා හෘද ස්පන්දනය නතර වූ පුද්ගලයකු ‘‘මම ගැඹුරු හා අඳුරු නිම්නයක් තුළින් ඇදී යන බව මට දැණුනා. මේක කිසිදු දුකක් නොදැනෙන මනස්කාන්ත තත්ත්වයක්’’ යැයි පවසා තිබේ. භෞතික ශරීරයේ කිසියම් අඩුවක් ඇති අයකු වුව ද මනෝකායිකව ක්‍රියා කිරීමේදී එම අඩුපාඩු සම්පූර්ණ වී තිබෙන ආකාරයෙන් දැකීම ද විශේෂත්වයකි. තමා කායික වශයෙන් මරණයට පත් වූ බව දැනගත් පසුව සියලු වේදනාවන් මොහොතකින් නිමා වූ බව සිතමින් ඔවුන් තාප්තියට පත්වූ බවද ඇතැම් පර්යේෂණවල දී අනාවරණය වී තිබේ. භෞතික ශරීරයෙන් ඉවත්ව මනෝකායිකව හැසිරෙන බොහෝ පුද්ගලයන් දකින්නේ තමාගේ ජරා ජීර්ණ ජීවිතයට වඩා වැදගත් වූ අලංකෘත ලෝකයකට තමා පිවිස සිටින බවකි. එහෙයින්ම මරනාසන්න අත්දැකීම දුක්ඛාන්තයක් නොව සුඛාන්තයක් බව අපට තේරුම් ගත හැකිය.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom