Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණ බියෙන් තොර මරණයක් උදෙසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණ බියෙන් තොර මරණයක් උදෙසා

ලිපිය දිග නිසා ටැබ් එක ක්ලෝස් කරලා දන්න එපා යාලුවනේ.

විනාඩි කීපයක් අරන් කියවන්න ඔක්කොම.

ඔයාට කවදා හරි අද මේ කියවපු එකේ වටිනාකම දැනේවි.

බම්ප් එකකුත් දාලම යන්න බුදු සරණයි!

වර්තමානයේ කුමක්ද ලෝකය තුළ සිද්ධ වෙන්නේ? සිදුවෙමින් පවතින අපි අකමැති දේවල් නැවත්විය නොහැකිද? එසේත් නොමැතිනම් මේ ලෝකධර්මතාවයන්ද?

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්කර ගන්න. එතකොට ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරවෙන්නෙ නැහැ. ඔබ ලෝකය දැකල කම්පාවෙන්නෙ නැහැ. ඉපදීම තිබුණ නම් දුක තිබෙනවා. ඒ දුක නේද අපි අත්විඳින්නේ. මනුෂ්‍යයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශීලයෙන් ඒවායේ අර්ථයෙන් ඈත්වෙනවිට ඒ හේතුවෙනුයි ආයුෂය පිරිහීමට පත්වෙන්නේ. එහෙමනම් අපි පිළිගන්න ඕනේ අපි තුළින් ඉහත අර්ථයන් අර්ථවත්ව ක්‍රියාත්මක නොවන බව. සමාජය තුළින් ඇසෙන්නාවූ ආදරයේ විරාහවේ හඬ, ළමා තරුණ පිරිස් සීමාවන් ඉක්මවා චර්යාවන්ට යොමුවීමේ හඬ, වැඩිහිටියන් මෝස්තරකරණයන්ට යොමුවීමේ ප්රවනතාවය යනු ආයුෂ පිරිහීමත් සමග ලෝකය තුළ ඇති වන විකෘතීන්ය. මේවා හේතුඵල ධර්මයන්ය. හේතුව ලෝකයා ධර්මයෙන් ඈත්වීමයි. ශීලයට වටිනාකමක් නොදෙන ජනතාවක් බිහිවීමයි.

මෙය බෞද්ධ ජනතාවට පමණක් වන අනතුරක් නොවේ. දුෂ්ශීලභාවය නිසා මුළු ලෝකයාම මුහුණ දෙන අනතුරකි. දැන් අපිට මේ ධර්මතාවයන්

නිවැරැදිකරගන්න බැහැ. මිනිසා විසින් සිදුකරන අකුසල් බහුල බැවින් ඒවා විපාක දීමට සුදුසු ලෝකයක් අපි ඉදිරිපිට ඇති වෙන්නේ. කිරිසප්පයාගේ පටන් මනුෂ්‍යයා කයින්, වචනයෙන්, මනසින් සිදුකරගන්නාවූ අකුසල් කන්දරාව කොතෙක්ද? දරුවෙක් දරුගැබේ සිටියදීත්, දරුවා ළදරු පාසලට, පාසලට යැමේදීත්, දරුවා රැකියාවට, විවාහයට, විවාහයෙන් අනතුරුව දරුමුණුපුරන් බලාගැනීම දක්වා ලෝභ, ද්වේශ, මෝහ කියන අකුසලයන් කොතෙක් ඔබ අතින් සිද්ධවෙනවාද? සමාජය තුළ තිබෙන තරගකාරීත්වය නිසාම දරුවෙක් නිසා දෙමාපියන්ට, දෙමාපියන් නිසා දරුවෙක්ට සැනසෙන්න පුළුවන් ලෝකයක් ඉදිරියේදී බිහිවෙයිද? මෙය අසුබවාදීව Rනාත්මකව ලෝකය දකිනවා නොවේ. මෝහයෙන් තොරව සතියෙන් සිහියෙන් ලෝකය දැකීමේ ක්‍රමයයි මෙහි සටහන් කරන්නේ.

සමහර පිංවතුන්ලා දුක විඳිනවා. ඒත් දුක හෙළිකරගන්න, විවෘතකර දකින්න කැමති නැහැ. ඊට එකම හේතුව අකුසල් විපාකවල බලවත් භාවයයි. අනතුරෙන් මිදෙන දිශාවට යන්න ඉඩදෙන්නෙ නැහැ. අනතුරුවලට කැමැත්තෙන් බැසගන්නවා. රටේ ලෝකයේ සිදුවෙන සිදුවීම් දැකලා බිය ඇතිකරගන්න. එතනදී තමයි ඔබ දුක දැක්කා, දුක හඳුනාගත්තා වෙන්නේ. දුක දුකක් බව හඳුනා නොගෙන අපිට බැහැ දුකෙන් මිදෙන දිශාවට යන්න. එක තප්පරයක්වත් සතුටුවෙලා බලන්න පුළුවන් ලෝකයක් නොවේ අපි ඉදිරිපිට තිබෙන්නේ. කෙටි ආශ්වාද සතුටු සිතින් පිළිගත්තොත් දීර්ඝවූ ආදීනවයන් පසුපසින් එන බව දකින්න. වර්තමානයට වඩා අනාගත ලෝකය විනාශකාරී ලෝකයක් වෙනවා. මිනිසා ශීලයෙන් පිරිහෙන්න පිරිහෙන්න විවේකීව යමක් සිතිමේ ශක්තිය මනුෂ්‍යයාට නැතිව යනවා. පිංවත් ඔබ කලබලනොවී විවේකයෙන් ලෝකය දකින්න. කලබලකාරී බව සහ ඉක්මන්කාරී බව ආශ්වාදයේම නිවුන් දරුවෝය. ඔවුන් හුරුබුහුටිය, දඟකාරය. එහෙත් ආදීනවය අපෙන් වසන්කර දුකෙන් අපිව මුලාවට පත්කරයි.

නිස්සරණය අතේ දුරින් තිබියදීම විවේකීව, සිහිබුද්ධියෙන්, ඉවසීමෙන් එම කෙටිදුර පියමං නොකොට කෙළෙස් පිරිණු ලෝකයාගෙන්, මාරයාගෙන් ලකුණු ප්‍රසංශා බලාපොරොත්තුවෙන් අපි ගිහිජීවිතයේදීද, පැවිදිජීවිතයේදීද, පැවිදිවෙද්දීද ඉක්මන්කාරී වුනොත් ධර්මවිනය ඉක්මවා කටයුතු කළොත් එය කාමයන් උදෙසා ආශ්වාදයක් වනවා විනා නිස්සරණය උදෙසා මාර්ගයක් නම් නොවන්නේය. අපි වීරවරයන් වියයුත්තේ තරගය අවසානයේදීය. තරගය ආරම්භයේදීම වීරයන් වීමට ගියහොත් ඒ 'අධිබලාපොරොත්තු' සහ නොඉවසීම විසින්ම අපගේ ලැබියහැකි ජයග්රහණයන් සහ දක්ෂතාවයන් මරාදමනු ඇත.

සැබවින්ම ඔබලා දක්ෂයන්ය. අදක්ෂයන්ට එම දක්ෂභාවය විනාශකර දැමීමට ඉඩ නොදීමට පිංවත් ඔබතුමන්ලා වගබලා ගත යුතුය. අදක්ෂයාද දක්ෂයෙක් බවට පත්කරගත හැක්කේ එවැනි ආදර්ශයන්ගෙන්ය. අපතුළ දක්ෂභාවය සැඟවී තිබුණිද අප සියල්ලෝම මුලාවූ සත්වයන්ය. අපි අතර ඇති එකම වෙනස මුලාවේ අඩු වැඩිභාවය පමණි. එහෙයින් කිසිවෙකුටවත් වරද පැටවීම නොකළ යුතුය. වැරදි කරන ලෝකය කැඩපතක් කරගෙන ඔබ ඔබේ වැරදි හඳුනාගෙන නිවැරදි වියයුතුය. ලෝකය විවේකීව නිවැරදිව හඳුනාගතහොත් ඔබ ලෝකයට

රැවටෙන්නේ නැත. එතෙක් ඔබ ලෝකය රවට්ටන්නේය. අවසානයේ අප සියල්ලෝම රුවටී ඇත්තෙමු.

ඔබ නිරතුරුවම සිතත් එක්ක කථාකරන්න. සිතත් එක්ක තර්ක කරන්නන. කුමක් ගැනද කථාකරන්නේ දුක ගැන, දුකෙන් මිදීම ගැන.

සැපය ඔබෙන් දුරස්කරන සැබෑම සතුරා තෘෂ්ණාව හඳුනාගන්න. කාමයන්ට කැමති සිත ආශ්වාදයම සොයන සිත සතුරෙක් ලෙස දකින්න. ඇසෙන් ලෝකය ඈත්කරන්න. කනෙන් ලෝකය ඈත්කරන්න. මනසින් සිතුවිලි ඈත්කරන්න. මේ ඔබෙන් ඈත් වූයේ තෘෂ්ණාවයි. ඔබව වීරයෙක් කරන තෘෂ්ණාව ඈත්කරන්න. එවිට ඔබට පුළුවන් නිහතමානීත්වයේ පිහිටෙන් පීඩාවකින් තොරව ලෝකය ඉදිරියේ දෙකේ කොළයට වැටෙන්න. දැන් තමයි මොනම තරගයක් වුව ඇරඹීමට හොඳම වෙලාව. හැබැයි මෙතනදී කතාකරන්නේ භවයෙන් එතෙරවීමේ තරගය ගැන. තෘෂ්ණාවෙන් බැඳීයන කල, ආශ්වාදය උදෙසාම ඇදීයන සිත හොඳින් හඳුනාගන්න. එවිට අපිට පුළුවන් වීරයෙක් නොවී ජයග්‍රහකයෙක් වෙන්න. එතෙක් අපි ජයග්‍රහණයක් නොලැබූ වීරයන් වනු ඇත.

ඉක්මන් නොවී පිංවත් ඔබ ළඟ දකින්න. ඉක්මන් තීරණ දුකෙන් දුකටමයි අපිව පත්කරන්නේ. රූපයන් කෙරෙහි ඇතිකරගන්නා තෘෂ්ණාවේ තරමට අවිවේකය වැඩිවෙනවා. මොහොතක් විවේකීව සිතන්න ඔබ ඔබට අනුකම්පා කරගන්න. ඔබ මේ හම්බ කරන්නේ කාටද? ඔබ මේ වෙහෙසෙන්නේ කවුරුන් උදෙසාද? හෙට උදේට ඔබට කුමක්වෙයිද කියන සහතිකය තිබෙනවාද? සංස්කාර හේතුවෙන් සකස්වුණාවූ විඤ්ඤාණය නැමති 'කොක්කේ' එල්ලා ඇති රූපයක් මේක. සංස්කාර හේතුවෙන්ම කොක්ක ප්‍රතික්‍රියා දැක්වුව තැනදී රූපය වැටෙන්නේ මහ පොළවට. ඊට වඩාදෙයක් මෙතැන නැහැ. මෙහෙම සිතීම ජීවිතයෙන් පලායැමක් නොවේ. පලායන ජීවිතය සැබෑම අරමුණක් උදෙසා පෙලගැස්වීමකි. මේ ගැන සිතන්න විවේකී මනසක් තිබෙන්න අවශ්‍යයි.

සිත විවේකයට කැමති නැහැ. අනිත්‍ය අරමුණක්, ධර්ම අරමුණක් මෙනෙහිකරන්න සිත මැලිකරනවා. ඒ නිසයි ගිහිපැවිදි අපි ගොඩාක් වගකීම් කරපින්නාගත්තේ. පන්සලකට ගියත් ආරණ්‍යයකට ගියත් සිල්සමාදන් වෙන්න ගියත් එතන යමක් හදන්න යමක් කරන්න තමයි වඩාත් කැමති. මේවා වැරදි කියලා කියනවා නොවේ. මීටත් වඩා නිවැරුදි දෙයක් ධර්මය තුළ තිබෙනවාය කියන කාරණයයි මේ අවධාරණය කරන්නේ. සිත විවේකයට අකමැති වෙන්නේ පංචනීවරණයන්ට සිත කැමති නිසා. පංචනීවරණයන්මයි ලෝකයේ යථාර්තය ඔබෙන් වසන්කර තබන්නේ. මේ සතුරාගේ ස්වභාවය ඔබව මුලාවට පත්කිරීමයි. පෞරුෂත්වය හේතුවෙන්, විශේෂ කුසලතා හේතුවෙන් සමහරවිට මේ මොකුත්ම නොමැතිව තමා තුළ අධිවිශ්වාසයක්, මාන්නයක් ගොඩනගාගන්නවා. කාමච්ඡන්දයන් අපිට උපකාරකරනවා අලුත් සැලසුම් ක්‍රමවේදයන් උපක්‍රම තුළින් ඔබව දැනුවත් කරන්න. මේවා ක්‍රියාත්මක භාවයට පත්කිරීමට යැමේදී ඇති වන ජය පරාජයන්හිදී තමයි ඔබ පීඩාවට පත්වෙන්නේ. දැන් ඔබ අවිවේකී මනුෂ්‍යයෙක්. ඒ අවදානම තුළ සිටිමින්ම ධර්ම දේශනා අහනවා. පිංකම්කරනවා. භාවනාකරනවා. නමුත් ඒවායේ ප්‍රතිඵල ධනාත්මක නැහැ. නමුත් ඔබ කැමති නැහැ පිළිගන්න ඔබ දුර්වලයි කියලා. ඔබ කැමති කාමච්ඡන්දයන් තුළින්ම තෘප්තිමත්වන පරාසයක් තුළ ධර්මයන් ජීවිතයට එකතුකරගන්න. මෙතනදී අපි රැවටීමට ලක්වෙනවා. මොනදෙයක් ගැන අතීතයේ වර්තමානයේ සිතුවද ඒ හැම සිතුවිල්ලක්ම හිස්දෙයක් පමණක්මයි. සංස්කාරගොඩක් තවත් සංස්කාර ගොඩවල් නිසා තව තවත් සංස්කාර රැස්කරගන්නවා. සෑම විතර්කයක්ම භවගමන දිග්කරගන්නවා.

අවිද්‍යාව විසින් ගොඩනගාදුන් සම්මුති ලෝකය ඇස, කන, නාසය, දිව, මනස, කය සමගයි බැඳී පවතින්නේ. ඇස, කන යනු හිස්දෙයක්ය යන්න අපි දකින්න දක්ෂ වුවහොත් ඇසෙන් දකින සම්මුති ලෝකය හිස්දෙයක්ය යන්න ඔබ අවබෝධකරගන්නවා. ඇසෙන් ලෝකය බැහැර කරමින් එතකොට ඇස ඇසේ ස්වභාවයෙන් පවතීවි. කනෙන් ලෝකය බැහැර කරන්න. එවිට කන කනේ ස්වභාවයෙන් පවතීවි. නාසය, දිව, මනස, කයෙන් ලෝකය බැහැර කරන්න. එවිට ඒවා ඒවායේ ස්වභාවයෙන් පවතීවි.දැන් ඔබ ලෝකයෙන් මිදුන මනුෂ්‍යයෙක්. මෙතන තමයි නිදහස්ම තැන. ලෝකයාට බැඳීයනවිටයි දුකට ඔබ බැඳීයන්නේ. මේතැන අවබෝධයෙන් දකින්නයි ඔබ අප්‍රමාණව වෙහෙසෙන්නේ. නමුත් මේ පුංචි දෙය මහමෙරක්වගේ දැනෙන්නේ තෘෂ්ණාව කියන එකම කාරණය නිසාමයි. මෙන්න මේ තෘෂ්ණාව නිසාමයි දරුවන් සිතන්නේ තමන් වැඩිහිටියන්ය කියලා. වැඩිහිටියන් සිතන්නේ තවම තමන් තරුණයි කියලා. රූපය කෙරෙහි ඡන්ද රාගය නිසාම ජීවිතවලට වැඩි වටිනාකමක් අධිතක්සේරුවක් දෙනවා. මේ අධිවටිනාකම ජීවිතයට ලබාදෙන කිසිවෙකුටත් සුවපහසු මරණයකටනම් යන්න බැහැ. මොකද ඔහු මේ ජීවිතය මැරෙනවාය කියල දකින්න සිතන්න කැමති නැහැ. මරණය කියන්නේ අපි කතාකරනවා, සිනාවෙනවා වගේ ලෙහෙසි පහසු දෙයක්, විනෝදකාමී දෙයක් නොවෙයි. ශීලයෙන් අපි පරිපූර්ණ නැතිනම් මරණය කාටත් මරණ දන්ඩනයක් බවට පත්වෙනවා. මරණය කියන්නේ තමන් මගේ කොට අල්ලාගත් සියල්ල අත්හැරදැමීමට සිදුවන අවස්ථාවක්. මාර සිත ඔබට භවයේ වැඩිදුකක් කරා ඇදදැමීමට අකුසල් සිත් මතුකර දක්වනවිට ශීලයෙන් පරිපූර්ණ කෙනාමයි එම මාර අකුසල් සිත් යටපත්කර සුගතියට අවශ්‍ය කුසල් සිත් මතුකර ගැනීමට දක්ෂ වෙන්නේ.

මනුෂ්‍යයෙකුගේ අවසාන මොහොත බොහෝම සංකීර්ණ අවස්ථාවක්. මරණයට ඔබ සුදානම්වී නොසිටියොත් ඔබ අසරණ භාවයට පත්වෙනවා.

දායක මහත්මයෙක් සුනාමි අවස්ථාවේදී මුහුණදුන් සිද්ධියක් මෙහි සදහන් වෙනවා. මෙම දායක මහත්මයා වෙද මහත්මයෙක්. මොහු පන්සල් යන දානය පුජාකරන බෞද්ධ මහත්මයෙක්. වර්තමාන සමාජය 'බෞද්ධයා' කියල සඳහන් කරන තැන හිටපු මහත්මයෙක්. සුනාමි අවස්ථාවේදී සුනාමියට හසුවී විනාශ වු දුම්රියේ සිටි මගියෙක්. දුම්රිය මුහුදු වතුරෙන් පිරිලා මොහු වතුරේ ගිලුන වෙලාවේ මොහුට එකපාරටම සිතුවිලි සකස්වෙලා තිබෙන්නේ ධර්මය බොරුයි කියලා. බුදුරජාණන් වහන්සේගේ සරණක් නැහැය කියලා. බලන්න මරණීය අභියෝගය ඉදිරියේදී ධර්මයත් ප්‍රතික්ෂේප කළා. මේකට තමයි අමූලිකා සද්ධාව කියන්නේ. ජීවිතය ඉදිරියේ අභියෝගයක සෙවනැල්ල, මරණයේ සෙවනැල්ල වැටෙනවිට ධර්මයත් බුදුරජාණන් වහන්සේවත් ප්‍රතික්ෂේප කරනවා. මෝහය මුසු ශ්‍රද්ධාව, මුල් ශක්තිමත් නොවු සද්aධාව අභියෝග ඉදිරියේ වෙනස්වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනාකරන්නේ ශ්‍රද්ධාව කියන කාරණය මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම ධනයයි කියලා. තෙරුවන් කෙරෙහි ගුණයන් දැන පැහැදෙන ආකාරවතී ශ්‍රද්ධාව කවදාකවත් ඔබව මුලාකරන්නේ නැහැ. ඔබ තුළින් වෙනස් වෙන්නෙ නැහැ. එම පිංවත් වෙද මහත්මයා කියනවා දෙවැනි රළපහරට ඔහුව යටවුන වෙලාවේ අතීතයේ සිදුවු සුදුවීම් වේගයෙන් සිතට ගලාගෙන පැමිණියා කියලා. අතීතයේ තමා සමග රන්ඩුවුන මිනිස්සු තමා කරගත් ලොභ, ද්වේශ, මෝහ අකුසල් මැවී පෙනෙන්නට පටන් අරගෙන. බලන්න පළමුව මුහුදු රළට යටවුන වෙලාවේ එම අභියෝගය ඉදිරියේ ශ්‍රද්ධාව අහිමිකරගත්තා. දෙවැනි රළපහරෙදි ශ්‍රද්ධාව අහිමිකරගැනීම නිසාම සකස්වූ මිත්යදෘෂ්ඨිකභාවය නිසාම අකුසල් සිත්, ලෝභ, ද්වේශ, මෝහ සිත් සකස්වෙන්න පටන් ගත්තා. නමුත් මොකක්aදෝ වාසනාවකට එම වෙදමහත්මයා ජීවිතය බේරාගත්තා. ඔහුම කියනවා ඒ වෙලාවේ මගේ ජීවිතය නැතිවුනා නම් මහාදුකකටයි තමා ඇදවැටෙන්නෙ කියලා. වර්තමානයේ මේ වෙදමහත්මයා අමුලිකා සද්ධාවේත්, ආකාරවතී සද්ධාවේත් වෙනස හොඳින් හදුනාගත් මහත්මයෙක්. නමුත් අතීතයේ ඔහුට තිබී තිබුණේ තෙරුවන්ගේ ගුණයන් හොඳින් දැන ඇතිකරගත් ආකාරවතී සද්ධාවනොව අමුලිකාසද්ධාවයි. මේ ගැන පිංවත් ඔබ හොඳින් අවධානය යොමුකරන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ නොපිහිටියොත් මිත්‍යදෘෂ්ඨික භාවයමයි උරුමවෙන්නේ.

එම නිසා තමා තමාවම රවටාගැනීමේ සංසාරබිය දැකලා, ලෝකය පත්වීගෙන එන විකෘතිභාවය දැකලා එම ව්‍යසනයෙන් මිදීම උදෙසාම තෙරුවන්ගේ ගුණයන් ඥාණයන් හොඳින් දැන පැහැදීමෙන් ඇතිකරගන්නා සද්ධාවයි පිංවත් ඔබව සැපයට ඔසවා තබන්නේ. මහාවේගයකින් මනුෂ්‍ය ආයුෂ හීනභාවයට පත්වෙමින් විකෘතිභාවයෙන් යුත් පරිසරයක් ලෝකය තුළ ගොඩනැගෙන මෙවන් මොහොතක තරුණ වැඩිහිටි සැවොම ශ්‍රද්ධර්මය තුළින්ම ජීවිතයට සැනසීම සොයන්න උනන්දු වූවොත් කෙටි ආශ්වාදයක් උදෙසා අත්විඳින දීර්ඝ කාලීන ආදීනවයන් වෙනුවට කාමයන්ගේ නිස්සරණය දෙසටම පියවර තැබීමට ඔබට හැකිවනු ඇත. මරණ බියෙන් තොර මරණයක හිමිකරුවෙක් වියහැකිය. එසේ නොවුනහොත් ඔබේ මරණයද මරණ දඩුවමක්ම වනු ඇත. රජයන්හි අවිහිංසක ප්රතිපත්තීන් නිසා මරණීය දණ්ඩනය රටේ නීති පද්ධතියෙන් ඉවත්කළද ඔබ වැරදිකරනවානම් ධර්මයේ නීතිය තුළින් මරණය දඩුවමක්ම වනු ඇත. මරණයට බිය ඇතිකරගන්න. බියෙන් තොර මරණයක් උදෙසා සද්ධර්මය ජීවිතයකර ගන්න. වර්තමාන සමාජයේ මිනිසුන් මැරෙන මොහොතේ සමහරු අසිහියෙන් මැරෙන්නේ. තවත් සමහරු අකාරුණිකව මැරෙන්නේ. තවත් සමහරු කයිකව, මානසිකව මහා පීඩාවන්ට පත්වෙමින් මැරෙන්නේ. පිංවත් ඔබ මේවා කමටහනක් කරගන්න. හඩමින් මෙලොවට බිහිවුන ඔබට පුළුවන්නම් සිනාසෙමින් සාදුකාරදෙමින් මියයන්න. හේතුඵලධර්මයන් නිසා ඔබ ඊළඟට ලබන ජීවිතය සතුටෙන්, සිනාසෙමින්මයි, සාදුකාරදෙමින්මයි උපත ලබන්නේ. මන්ද ඔබ මව්කුසකට බැසගැනීමෙන් තොරවම ඕපපාතිකව සශ්‍රික දෙවියන් අතර මාර්ගඵලලාභී දෙවියන් අතරම උපත ලබන හෙයින්. දණ්ඩනයෙන් තොර මරණයක් උදෙසාත්, හැŽමෙන්තොර උපතක් උදෙසාත් පිංවත් ඔබ වහා වහා සද්ධර්මය තුළට පෙලගැසෙන්න.

[QUOTE="Glonass16, post: 21298928, member: 559002"] [b]මරණ බියෙන් තොර මරණයක් උදෙසා[/b] [SIZE="3"][B]ලිපිය දිග නිසා ටැබ් එක ක්ලෝස් කරලා දන්න එපා යාලුවනේ. විනාඩි කීපයක් අරන් කියවන්න ඔක්කොම. :) ඔයාට කවදා හරි අද මේ කියවපු එකේ වටිනාකම දැනේවි. බම්ප් එකකුත් දාලම යන්න බුදු සරණයි!:)[/B] වර්තමානයේ කුමක්ද ලෝකය තුළ සිද්ධ වෙන්නේ? සිදුවෙමින් පවතින අපි අකමැති දේවල් නැවත්විය නොහැකිද? එසේත් නොමැතිනම් මේ ලෝකධර්මතාවයන්ද? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්කර ගන්න. එතකොට ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරවෙන්නෙ නැහැ. ඔබ ලෝකය දැකල කම්පාවෙන්නෙ නැහැ. ඉපදීම තිබුණ නම් දුක තිබෙනවා. ඒ දුක නේද අපි අත්විඳින්නේ. මනුෂ්‍යයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශීලයෙන් ඒවායේ අර්ථයෙන් ඈත්වෙනවිට ඒ හේතුවෙනුයි ආයුෂය පිරිහීමට පත්වෙන්නේ. එහෙමනම් අපි පිළිගන්න ඕනේ අපි තුළින් ඉහත අර්ථයන් අර්ථවත්ව ක්‍රියාත්මක නොවන බව. සමාජය තුළින් ඇසෙන්නාවූ ආදරයේ විරාහවේ හඬ, ළමා තරුණ පිරිස් සීමාවන් ඉක්මවා චර්යාවන්ට යොමුවීමේ හඬ, වැඩිහිටියන් මෝස්තරකරණයන්ට යොමුවීමේ ප්රවනතාවය යනු ආයුෂ පිරිහීමත් සමග ලෝකය තුළ ඇති වන විකෘතීන්ය. මේවා හේතුඵල ධර්මයන්ය. හේතුව ලෝකයා ධර්මයෙන් ඈත්වීමයි. ශීලයට වටිනාකමක් නොදෙන ජනතාවක් බිහිවීමයි. මෙය බෞද්ධ ජනතාවට පමණක් වන අනතුරක් නොවේ. දුෂ්ශීලභාවය නිසා මුළු ලෝකයාම මුහුණ දෙන අනතුරකි. දැන් අපිට මේ ධර්මතාවයන් නිවැරැදිකරගන්න බැහැ. මිනිසා විසින් සිදුකරන අකුසල් බහුල බැවින් ඒවා විපාක දීමට සුදුසු ලෝකයක් අපි ඉදිරිපිට ඇති වෙන්නේ. කිරිසප්පයාගේ පටන් මනුෂ්‍යයා කයින්, වචනයෙන්, මනසින් සිදුකරගන්නාවූ අකුසල් කන්දරාව කොතෙක්ද? දරුවෙක් දරුගැබේ සිටියදීත්, දරුවා ළදරු පාසලට, පාසලට යැමේදීත්, දරුවා රැකියාවට, විවාහයට, විවාහයෙන් අනතුරුව දරුමුණුපුරන් බලාගැනීම දක්වා ලෝභ, ද්වේශ, මෝහ කියන අකුසලයන් කොතෙක් ඔබ අතින් සිද්ධවෙනවාද? සමාජය තුළ තිබෙන තරගකාරීත්වය නිසාම දරුවෙක් නිසා දෙමාපියන්ට, දෙමාපියන් නිසා දරුවෙක්ට සැනසෙන්න පුළුවන් ලෝකයක් ඉදිරියේදී බිහිවෙයිද? මෙය අසුබවාදීව Rනාත්මකව ලෝකය දකිනවා නොවේ. මෝහයෙන් තොරව සතියෙන් සිහියෙන් ලෝකය දැකීමේ ක්‍රමයයි මෙහි සටහන් කරන්නේ. සමහර පිංවතුන්ලා දුක විඳිනවා. ඒත් දුක හෙළිකරගන්න, විවෘතකර දකින්න කැමති නැහැ. ඊට එකම හේතුව අකුසල් විපාකවල බලවත් භාවයයි. අනතුරෙන් මිදෙන දිශාවට යන්න ඉඩදෙන්නෙ නැහැ. අනතුරුවලට කැමැත්තෙන් බැසගන්නවා. රටේ ලෝකයේ සිදුවෙන සිදුවීම් දැකලා බිය ඇතිකරගන්න. එතනදී තමයි ඔබ දුක දැක්කා, දුක හඳුනාගත්තා වෙන්නේ. දුක දුකක් බව හඳුනා නොගෙන අපිට බැහැ දුකෙන් මිදෙන දිශාවට යන්න. එක තප්පරයක්වත් සතුටුවෙලා බලන්න පුළුවන් ලෝකයක් නොවේ අපි ඉදිරිපිට තිබෙන්නේ. කෙටි ආශ්වාද සතුටු සිතින් පිළිගත්තොත් දීර්ඝවූ ආදීනවයන් පසුපසින් එන බව දකින්න. වර්තමානයට වඩා අනාගත ලෝකය විනාශකාරී ලෝකයක් වෙනවා. මිනිසා ශීලයෙන් පිරිහෙන්න පිරිහෙන්න විවේකීව යමක් සිතිමේ ශක්තිය මනුෂ්‍යයාට නැතිව යනවා. පිංවත් ඔබ කලබලනොවී විවේකයෙන් ලෝකය දකින්න. කලබලකාරී බව සහ ඉක්මන්කාරී බව ආශ්වාදයේම නිවුන් දරුවෝය. ඔවුන් හුරුබුහුටිය, දඟකාරය. එහෙත් ආදීනවය අපෙන් වසන්කර දුකෙන් අපිව මුලාවට පත්කරයි. නිස්සරණය අතේ දුරින් තිබියදීම විවේකීව, සිහිබුද්ධියෙන්, ඉවසීමෙන් එම කෙටිදුර පියමං නොකොට කෙළෙස් පිරිණු ලෝකයාගෙන්, මාරයාගෙන් ලකුණු ප්‍රසංශා බලාපොරොත්තුවෙන් අපි ගිහිජීවිතයේදීද, පැවිදිජීවිතයේදීද, පැවිදිවෙද්දීද ඉක්මන්කාරී වුනොත් ධර්මවිනය ඉක්මවා කටයුතු කළොත් එය කාමයන් උදෙසා ආශ්වාදයක් වනවා විනා නිස්සරණය උදෙසා මාර්ගයක් නම් නොවන්නේය. අපි වීරවරයන් වියයුත්තේ තරගය අවසානයේදීය. තරගය ආරම්භයේදීම වීරයන් වීමට ගියහොත් ඒ 'අධිබලාපොරොත්තු' සහ නොඉවසීම විසින්ම අපගේ ලැබියහැකි ජයග්රහණයන් සහ දක්ෂතාවයන් මරාදමනු ඇත. සැබවින්ම ඔබලා දක්ෂයන්ය. අදක්ෂයන්ට එම දක්ෂභාවය විනාශකර දැමීමට ඉඩ නොදීමට පිංවත් ඔබතුමන්ලා වගබලා ගත යුතුය. අදක්ෂයාද දක්ෂයෙක් බවට පත්කරගත හැක්කේ එවැනි ආදර්ශයන්ගෙන්ය. අපතුළ දක්ෂභාවය සැඟවී තිබුණිද අප සියල්ලෝම මුලාවූ සත්වයන්ය. අපි අතර ඇති එකම වෙනස මුලාවේ අඩු වැඩිභාවය පමණි. එහෙයින් කිසිවෙකුටවත් වරද පැටවීම නොකළ යුතුය. වැරදි කරන ලෝකය කැඩපතක් කරගෙන ඔබ ඔබේ වැරදි හඳුනාගෙන නිවැරදි වියයුතුය. ලෝකය විවේකීව නිවැරදිව හඳුනාගතහොත් ඔබ ලෝකයට රැවටෙන්නේ නැත. එතෙක් ඔබ ලෝකය රවට්ටන්නේය. අවසානයේ අප සියල්ලෝම රුවටී ඇත්තෙමු. ඔබ නිරතුරුවම සිතත් එක්ක කථාකරන්න. සිතත් එක්ක තර්ක කරන්නන. කුමක් ගැනද කථාකරන්නේ දුක ගැන, දුකෙන් මිදීම ගැන. සැපය ඔබෙන් දුරස්කරන සැබෑම සතුරා තෘෂ්ණාව හඳුනාගන්න. කාමයන්ට කැමති සිත ආශ්වාදයම සොයන සිත සතුරෙක් ලෙස දකින්න. ඇසෙන් ලෝකය ඈත්කරන්න. කනෙන් ලෝකය ඈත්කරන්න. මනසින් සිතුවිලි ඈත්කරන්න. මේ ඔබෙන් ඈත් වූයේ තෘෂ්ණාවයි. ඔබව වීරයෙක් කරන තෘෂ්ණාව ඈත්කරන්න. එවිට ඔබට පුළුවන් නිහතමානීත්වයේ පිහිටෙන් පීඩාවකින් තොරව ලෝකය ඉදිරියේ දෙකේ කොළයට වැටෙන්න. දැන් තමයි මොනම තරගයක් වුව ඇරඹීමට හොඳම වෙලාව. හැබැයි මෙතනදී කතාකරන්නේ භවයෙන් එතෙරවීමේ තරගය ගැන. තෘෂ්ණාවෙන් බැඳීයන කල, ආශ්වාදය උදෙසාම ඇදීයන සිත හොඳින් හඳුනාගන්න. එවිට අපිට පුළුවන් වීරයෙක් නොවී ජයග්‍රහකයෙක් වෙන්න. එතෙක් අපි ජයග්‍රහණයක් නොලැබූ වීරයන් වනු ඇත. ඉක්මන් නොවී පිංවත් ඔබ ළඟ දකින්න. ඉක්මන් තීරණ දුකෙන් දුකටමයි අපිව පත්කරන්නේ. රූපයන් කෙරෙහි ඇතිකරගන්නා තෘෂ්ණාවේ තරමට අවිවේකය වැඩිවෙනවා. මොහොතක් විවේකීව සිතන්න ඔබ ඔබට අනුකම්පා කරගන්න. ඔබ මේ හම්බ කරන්නේ කාටද? ඔබ මේ වෙහෙසෙන්නේ කවුරුන් උදෙසාද? හෙට උදේට ඔබට කුමක්වෙයිද කියන සහතිකය තිබෙනවාද? සංස්කාර හේතුවෙන් සකස්වුණාවූ විඤ්ඤාණය නැමති 'කොක්කේ' එල්ලා ඇති රූපයක් මේක. සංස්කාර හේතුවෙන්ම කොක්ක ප්‍රතික්‍රියා දැක්වුව තැනදී රූපය වැටෙන්නේ මහ පොළවට. ඊට වඩාදෙයක් මෙතැන නැහැ. මෙහෙම සිතීම ජීවිතයෙන් පලායැමක් නොවේ. පලායන ජීවිතය සැබෑම අරමුණක් උදෙසා පෙලගැස්වීමකි. මේ ගැන සිතන්න විවේකී මනසක් තිබෙන්න අවශ්‍යයි. සිත විවේකයට කැමති නැහැ. අනිත්‍ය අරමුණක්, ධර්ම අරමුණක් මෙනෙහිකරන්න සිත මැලිකරනවා. ඒ නිසයි ගිහිපැවිදි අපි ගොඩාක් වගකීම් කරපින්නාගත්තේ. පන්සලකට ගියත් ආරණ්‍යයකට ගියත් සිල්සමාදන් වෙන්න ගියත් එතන යමක් හදන්න යමක් කරන්න තමයි වඩාත් කැමති. මේවා වැරදි කියලා කියනවා නොවේ. මීටත් වඩා නිවැරුදි දෙයක් ධර්මය තුළ තිබෙනවාය කියන කාරණයයි මේ අවධාරණය කරන්නේ. සිත විවේකයට අකමැති වෙන්නේ පංචනීවරණයන්ට සිත කැමති නිසා. පංචනීවරණයන්මයි ලෝකයේ යථාර්තය ඔබෙන් වසන්කර තබන්නේ. මේ සතුරාගේ ස්වභාවය ඔබව මුලාවට පත්කිරීමයි. පෞරුෂත්වය හේතුවෙන්, විශේෂ කුසලතා හේතුවෙන් සමහරවිට මේ මොකුත්ම නොමැතිව තමා තුළ අධිවිශ්වාසයක්, මාන්නයක් ගොඩනගාගන්නවා. කාමච්ඡන්දයන් අපිට උපකාරකරනවා අලුත් සැලසුම් ක්‍රමවේදයන් උපක්‍රම තුළින් ඔබව දැනුවත් කරන්න. මේවා ක්‍රියාත්මක භාවයට පත්කිරීමට යැමේදී ඇති වන ජය පරාජයන්හිදී තමයි ඔබ පීඩාවට පත්වෙන්නේ. දැන් ඔබ අවිවේකී මනුෂ්‍යයෙක්. ඒ අවදානම තුළ සිටිමින්ම ධර්ම දේශනා අහනවා. පිංකම්කරනවා. භාවනාකරනවා. නමුත් ඒවායේ ප්‍රතිඵල ධනාත්මක නැහැ. නමුත් ඔබ කැමති නැහැ පිළිගන්න ඔබ දුර්වලයි කියලා. ඔබ කැමති කාමච්ඡන්දයන් තුළින්ම තෘප්තිමත්වන පරාසයක් තුළ ධර්මයන් ජීවිතයට එකතුකරගන්න. මෙතනදී අපි රැවටීමට ලක්වෙනවා. මොනදෙයක් ගැන අතීතයේ වර්තමානයේ සිතුවද ඒ හැම සිතුවිල්ලක්ම හිස්දෙයක් පමණක්මයි. සංස්කාරගොඩක් තවත් සංස්කාර ගොඩවල් නිසා තව තවත් සංස්කාර රැස්කරගන්නවා. සෑම විතර්කයක්ම භවගමන දිග්කරගන්නවා. අවිද්‍යාව විසින් ගොඩනගාදුන් සම්මුති ලෝකය ඇස, කන, නාසය, දිව, මනස, කය සමගයි බැඳී පවතින්නේ. ඇස, කන යනු හිස්දෙයක්ය යන්න අපි දකින්න දක්ෂ වුවහොත් ඇසෙන් දකින සම්මුති ලෝකය හිස්දෙයක්ය යන්න ඔබ අවබෝධකරගන්නවා. ඇසෙන් ලෝකය බැහැර කරමින් එතකොට ඇස ඇසේ ස්වභාවයෙන් පවතීවි. කනෙන් ලෝකය බැහැර කරන්න. එවිට කන කනේ ස්වභාවයෙන් පවතීවි. නාසය, දිව, මනස, කයෙන් ලෝකය බැහැර කරන්න. එවිට ඒවා ඒවායේ ස්වභාවයෙන් පවතීවි.දැන් ඔබ ලෝකයෙන් මිදුන මනුෂ්‍යයෙක්. මෙතන තමයි නිදහස්ම තැන. ලෝකයාට බැඳීයනවිටයි දුකට ඔබ බැඳීයන්නේ. මේතැන අවබෝධයෙන් දකින්නයි ඔබ අප්‍රමාණව වෙහෙසෙන්නේ. නමුත් මේ පුංචි දෙය මහමෙරක්වගේ දැනෙන්නේ තෘෂ්ණාව කියන එකම කාරණය නිසාමයි. මෙන්න මේ තෘෂ්ණාව නිසාමයි දරුවන් සිතන්නේ තමන් වැඩිහිටියන්ය කියලා. වැඩිහිටියන් සිතන්නේ තවම තමන් තරුණයි කියලා. රූපය කෙරෙහි ඡන්ද රාගය නිසාම ජීවිතවලට වැඩි වටිනාකමක් අධිතක්සේරුවක් දෙනවා. මේ අධිවටිනාකම ජීවිතයට ලබාදෙන කිසිවෙකුටත් සුවපහසු මරණයකටනම් යන්න බැහැ. මොකද ඔහු මේ ජීවිතය මැරෙනවාය කියල දකින්න සිතන්න කැමති නැහැ. මරණය කියන්නේ අපි කතාකරනවා, සිනාවෙනවා වගේ ලෙහෙසි පහසු දෙයක්, විනෝදකාමී දෙයක් නොවෙයි. ශීලයෙන් අපි පරිපූර්ණ නැතිනම් මරණය කාටත් මරණ දන්ඩනයක් බවට පත්වෙනවා. මරණය කියන්නේ තමන් මගේ කොට අල්ලාගත් සියල්ල අත්හැරදැමීමට සිදුවන අවස්ථාවක්. මාර සිත ඔබට භවයේ වැඩිදුකක් කරා ඇදදැමීමට අකුසල් සිත් මතුකර දක්වනවිට ශීලයෙන් පරිපූර්ණ කෙනාමයි එම මාර අකුසල් සිත් යටපත්කර සුගතියට අවශ්‍ය කුසල් සිත් මතුකර ගැනීමට දක්ෂ වෙන්නේ. මනුෂ්‍යයෙකුගේ අවසාන මොහොත බොහෝම සංකීර්ණ අවස්ථාවක්. මරණයට ඔබ සුදානම්වී නොසිටියොත් ඔබ අසරණ භාවයට පත්වෙනවා. දායක මහත්මයෙක් සුනාමි අවස්ථාවේදී මුහුණදුන් සිද්ධියක් මෙහි සදහන් වෙනවා. මෙම දායක මහත්මයා වෙද මහත්මයෙක්. මොහු පන්සල් යන දානය පුජාකරන බෞද්ධ මහත්මයෙක්. වර්තමාන සමාජය 'බෞද්ධයා' කියල සඳහන් කරන තැන හිටපු මහත්මයෙක්. සුනාමි අවස්ථාවේදී සුනාමියට හසුවී විනාශ වු දුම්රියේ සිටි මගියෙක්. දුම්රිය මුහුදු වතුරෙන් පිරිලා මොහු වතුරේ ගිලුන වෙලාවේ මොහුට එකපාරටම සිතුවිලි සකස්වෙලා තිබෙන්නේ ධර්මය බොරුයි කියලා. බුදුරජාණන් වහන්සේගේ සරණක් නැහැය කියලා. බලන්න මරණීය අභියෝගය ඉදිරියේදී ධර්මයත් ප්‍රතික්ෂේප කළා. මේකට තමයි අමූලිකා සද්ධාව කියන්නේ. ජීවිතය ඉදිරියේ අභියෝගයක සෙවනැල්ල, මරණයේ සෙවනැල්ල වැටෙනවිට ධර්මයත් බුදුරජාණන් වහන්සේවත් ප්‍රතික්ෂේප කරනවා. මෝහය මුසු ශ්‍රද්ධාව, මුල් ශක්තිමත් නොවු සද්aධාව අභියෝග ඉදිරියේ වෙනස්වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනාකරන්නේ ශ්‍රද්ධාව කියන කාරණය මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම ධනයයි කියලා. තෙරුවන් කෙරෙහි ගුණයන් දැන පැහැදෙන ආකාරවතී ශ්‍රද්ධාව කවදාකවත් ඔබව මුලාකරන්නේ නැහැ. ඔබ තුළින් වෙනස් වෙන්නෙ නැහැ. එම පිංවත් වෙද මහත්මයා කියනවා දෙවැනි රළපහරට ඔහුව යටවුන වෙලාවේ අතීතයේ සිදුවු සුදුවීම් වේගයෙන් සිතට ගලාගෙන පැමිණියා කියලා. අතීතයේ තමා සමග රන්ඩුවුන මිනිස්සු තමා කරගත් ලොභ, ද්වේශ, මෝහ අකුසල් මැවී පෙනෙන්නට පටන් අරගෙන. බලන්න පළමුව මුහුදු රළට යටවුන වෙලාවේ එම අභියෝගය ඉදිරියේ ශ්‍රද්ධාව අහිමිකරගත්තා. දෙවැනි රළපහරෙදි ශ්‍රද්ධාව අහිමිකරගැනීම නිසාම සකස්වූ මිත්යදෘෂ්ඨිකභාවය නිසාම අකුසල් සිත්, ලෝභ, ද්වේශ, මෝහ සිත් සකස්වෙන්න පටන් ගත්තා. නමුත් මොකක්aදෝ වාසනාවකට එම වෙදමහත්මයා ජීවිතය බේරාගත්තා. ඔහුම කියනවා ඒ වෙලාවේ මගේ ජීවිතය නැතිවුනා නම් මහාදුකකටයි තමා ඇදවැටෙන්නෙ කියලා. වර්තමානයේ මේ වෙදමහත්මයා අමුලිකා සද්ධාවේත්, ආකාරවතී සද්ධාවේත් වෙනස හොඳින් හදුනාගත් මහත්මයෙක්. නමුත් අතීතයේ ඔහුට තිබී තිබුණේ තෙරුවන්ගේ ගුණයන් හොඳින් දැන ඇතිකරගත් ආකාරවතී සද්ධාවනොව අමුලිකාසද්ධාවයි. මේ ගැන පිංවත් ඔබ හොඳින් අවධානය යොමුකරන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ නොපිහිටියොත් මිත්‍යදෘෂ්ඨික භාවයමයි උරුමවෙන්නේ. එම නිසා තමා තමාවම රවටාගැනීමේ සංසාරබිය දැකලා, ලෝකය පත්වීගෙන එන විකෘතිභාවය දැකලා එම ව්‍යසනයෙන් මිදීම උදෙසාම තෙරුවන්ගේ ගුණයන් ඥාණයන් හොඳින් දැන පැහැදීමෙන් ඇතිකරගන්නා සද්ධාවයි පිංවත් ඔබව සැපයට ඔසවා තබන්නේ. මහාවේගයකින් මනුෂ්‍ය ආයුෂ හීනභාවයට පත්වෙමින් විකෘතිභාවයෙන් යුත් පරිසරයක් ලෝකය තුළ ගොඩනැගෙන මෙවන් මොහොතක තරුණ වැඩිහිටි සැවොම ශ්‍රද්ධර්මය තුළින්ම ජීවිතයට සැනසීම සොයන්න උනන්දු වූවොත් කෙටි ආශ්වාදයක් උදෙසා අත්විඳින දීර්ඝ කාලීන ආදීනවයන් වෙනුවට කාමයන්ගේ නිස්සරණය දෙසටම පියවර තැබීමට ඔබට හැකිවනු ඇත. මරණ බියෙන් තොර මරණයක හිමිකරුවෙක් වියහැකිය. එසේ නොවුනහොත් ඔබේ මරණයද මරණ දඩුවමක්ම වනු ඇත. රජයන්හි අවිහිංසක ප්රතිපත්තීන් නිසා මරණීය දණ්ඩනය රටේ නීති පද්ධතියෙන් ඉවත්කළද ඔබ වැරදිකරනවානම් ධර්මයේ නීතිය තුළින් මරණය දඩුවමක්ම වනු ඇත. මරණයට බිය ඇතිකරගන්න. බියෙන් තොර මරණයක් උදෙසා සද්ධර්මය ජීවිතයකර ගන්න. වර්තමාන සමාජයේ මිනිසුන් මැරෙන මොහොතේ සමහරු අසිහියෙන් මැරෙන්නේ. තවත් සමහරු අකාරුණිකව මැරෙන්නේ. තවත් සමහරු කයිකව, මානසිකව මහා පීඩාවන්ට පත්වෙමින් මැරෙන්නේ. පිංවත් ඔබ මේවා කමටහනක් කරගන්න. හඩමින් මෙලොවට බිහිවුන ඔබට පුළුවන්නම් සිනාසෙමින් සාදුකාරදෙමින් මියයන්න. හේතුඵලධර්මයන් නිසා ඔබ ඊළඟට ලබන ජීවිතය සතුටෙන්, සිනාසෙමින්මයි, සාදුකාරදෙමින්මයි උපත ලබන්නේ. මන්ද ඔබ මව්කුසකට බැසගැනීමෙන් තොරවම ඕපපාතිකව සශ්‍රික දෙවියන් අතර මාර්ගඵලලාභී දෙවියන් අතරම උපත ලබන හෙයින්. දණ්ඩනයෙන් තොර මරණයක් උදෙසාත්, හැŽමෙන්තොර උපතක් උදෙසාත් පිංවත් ඔබ වහා වහා සද්ධර්මය තුළට පෙලගැසෙන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom