Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණ පරීක්ෂකාගාරය

" අද රෑ 9 වෙද්දි එතනට අවෙ නැත්තම් උබලා පිරිමි නෙමෙයි.. මචං උබ ඉටිපන්දම් 4 යි ගිනිපෙට්ටියකුයි ගෙනෙන්."

ඔහු මා දෙස බැලුවේ ය..

"ලයිටරයක් කමක් නැද්ද " මම ඇසුවෙමි

"පත්තු වෙනවා නම් ඔන රෙද්දක් බං" ඔහුගේ සිනහවට අනෙක් සගයින් ද එක් විය..

" සික්කට මොකො කරන්නෙ"... තවකෙක් ඇසීය..

" ඌ ගැන මං බලා ගන්නම්කො".. කණ්ඩායම් නායකයා පැවසීය..

මේ සූදානම සොරකමකට නොවේ.. අත්භූත ක්‍රීඩාවක නිරත වීමටයි... ඒ සදහා සුදුසුම ස්තානය අප පුහුණු ලබන මරණ පරීක්ශකාගාරය බව සැකයක් නොවීය.. විස්වාසය අවිශ්වාසය අතර දෝලනය වෙමින් සිටි මා රාත්‍රියට මාංශ රහිත ආහාර අනුභව කලේ පැරණි කතා සියල්ල කට කහනවට කියු දෙවල් නොවන නිසාවෙනි...

වේලාව උදාවිය.. සියලු දෙනා යුද්ධය ට යාමට සුදානම් වු වීරයින් මෙන් නියමිත තැනට රැස්විය.. මෙවන් තැනක අවේලාවේ සිටියත් අනෙක් කිසිවක් තුලින් මා වැනි තිගැස්මක් දක්නට නැති වීම මට ලැජ්ජාව ට කාරණයක් විය... එ ස්තානයේ සිටිය යුතු ආරක්ෂක නිලධාරියා සිටියේද නැත..

" උබෙ ෆෝන් එකෙ ටෝර්ච් එක ඔන් කරල දීපන්".... මගේ දුරකථන ය ඉල්ල ගත්

කණ්ඩායම් නායකයා සාක්කුවෙන් යතුරක් ගෙන දොර ඇරියේය...

එය අංධකාර ගුහාවක් මෙන් කලුවරය..

" අඩෝ ගිහින් අර කොනෙන් ඉටිපන්දමක් ගහපන්... " ඔවුන් මාව ඇතුලට තල්ලු කලෝය.

" ඇයි මං"....

" ගුටි නොකා පල..." නැවත ඔවුන් තල්ලු කොලොය..

ගිනිකූරක් දල්වා ගත් මා අන්ධයෙක් මෙන් අඩි තබමින් ඔවුන් පෙන්වූ ස්තානයට ගියෙමි..

" දඩාං..." ලෙස මහා හඩක් නංවමින් දොරක් වැසී යනවාත් සමගම දැල්වෙමින් තිබු ගිනි කූරද නිවුනේ මා අන්ධකාරයෙ අතරමං කරමිනි...

ආපසු හැරී දොර දෙසට දිවුවෙමි .... නමුත් එහි අවසාන අගුල වැටෙන හඩ මේ පාලු කුටිය තුල දෝංකාර දුන්නෙය...

දෙතුන් වතාවක් දොර තල්ලු කලත් පලක් වූයේ නැත... සිදුවූ දෙ මට පැහැදිලි ය.. දොර ලගම බිම මා වාඩි වුනෙමි...පෙර සිටම මෙය සැලසුමකි.. කිසිදු ක්‍රීඩාවක් නැත.. මේ මට හිමි නවක වදයයි.. ඔවුන් මෙතරම් සැහැල්ලුවෙන් සිටියේ කෙසේදැයි මට දැන් වැටහේ..

මුලු රැයක් මල මිනි සමග අන්ධකාර ගුහාවක ගත කිරීමට මා තනියට ඇත්තෙ ඉටිපන්දම් 4ක් සහ ගිනිපෙට්ටියක් පමනකි... මාගේ ජංගම දුරකථන යද මා රවටා ඔහු සතු කර ගත්තේය...

සෙමින් සෙමින් දොර දිගෙ බඩගාමින් නැගී සිටියෙමි... පලමු ඉටිපන්දම ගෙන එය දැල්වීමට ගිනිකූරක් ගැසු නමුත් සීතල සුලගකින් එය නිවී ගියේ කවුරුන් හෝ එයට පිම්බාක් මෙනි... නමුත් එය නිවී ගියේ මිනි අසුරා ඇති ලාච්චුවකින් කාන්දු වන සිසිල් සුලං රැල්ලක් නිසාය... එය ආවරණය වන පරිදි දෙවන ගිනිකූරෙන් ඉටිපන්දම දල්වා ගතිමි...

මගේ පලමු උත්සහය කාමරයේ ඇති විදුලි බුබුල දල්වා ගැනීමටයි... අහි ස්විචය කිහිපවරක් උඩ පහල කලත් කිසිදු වෙනසක් නොවීය.තරමක් හෝ හිත හදා ගත්තේ මේ වන විට මෘත දේහ සීත ලාච්චු වල දමා වසන බව දන්න නිසාවෙනි ...

නමුත් සිදු වූයේ මා සිතන දෙය නොවේ..

වෙනත් ආලෝකයක් ඇත්දැයි බැලීමට කාමරයේ අනෙක් පසට හැරුනු මා දුටු දෙයින් උපකරණ අසුරා තිබූ ට්‍රොලියක් ද පෙරලාගෙන බිම වැටී ඉටි පහනද නිවී විසිවී ගියෙන් නැවත අන්ධකාරයෙ තනිවිය..

ඒ කාන්තා මල සිරුර කි... තරුණ කාන්තා මල සිරුරකි... නිසැකය මෙයද අරුන් ගේ සැලෙස්මක්ම විය යුතුය... බිම ඒ මේ අත අත ගා සොයා ගත් ඉටිපහන 4 වෙනි ගිනිකූරෙන් දැලිවීමි...

" ලබ් ඩබ්... ලබ් ඩබ්..." මගෙ හඩවත පපු කූඩුවෙන් එලියට පැන ගැහේ යැයි හිතුන හෙයින් මා සුරත පපුවට තද කර ගත්තෙමි..

.සීතල කාමරයේ වුවත් මට හීන් දාඩිය දමා ඇත..

ඉටිපන්දම් එලියෙන් වැටුනු මලානික ආලොකයෙන් ඇතිවූ සෙවණැලි වලින් කාමරය තුල විකාර රූප මවන්නට විය.. නැතහොත් මා එසේ දකින්නට ඇත..

විච්ඡේදන මේසය මත වූ මල සිරුරට වැටී ඇතිවන සෙවනැල්ල බිත්තිය මත දිගටි රූපයක් මවයි.. පන්දම් දැල්ලෙ චලනය සමග එ සෙවනැල්ල සෙලවෙන්නෙ හුස්ම හිරවීමකින් බේරෙන්නට දගලන ජීවමාන මනුෂ්‍යයකු මෙනි.. පලමු ඉටිපන්දම මට සමු දුන්නෙ ඒ විකාර රූප මැද මා තනි කරමිනි...

5 වෙනි ගිනි කූර 2 වන ඉටිපහන..

සැලෙන හදින් මා සිටි ඉතානය මාරු කිරීමට තීරනය කලෙමි... මා නතර වූයේ ශරීර කොටස් හා රුධිර සාම්පල ගබඩා කර ඇති ශීතකරණය අසලය.. එහි දොරට පිට තබා මම වාඩි වුනෙමි.. එ හේතුවෙන් එය හෙලවීම නිසා එ මත තිබූ යමක් මගෙ හිසට වැටී මුහුණ දිගේ රූටා උකුලට වැටීමත් සමග මම යටි ගිරියෙන් කෑ ගැසුවේ සිනිදු අත්ලකින් මා මුව පිරිමදිනු මෙන් එය දැනුනු නිසාවෙනි.. නමුත් එය ශල්‍ය අත්වැසුමක් පමණක් විය...

හොල්මන් ගුහාවක මා අතරමං කර දැමූ පාහරයින් පිලිබද මා සිතේ දැඩි වෛරයක් ගොඩ නැගෙන්නට විය.. බිය නැති කර ගැනීමට හොදම දේ බියට මුහුණ දිම බව අසා තිබුනත් එය කරන්නෙ කෙසේදැයි අත්හදා බැලීමට වන්නේ මේ මොහොතේදීය..

හිතට දිරි ගෙන නැගී සිටියෙමි..

ඉටිපන්දම ද රැගෙන හිමින් සීරුවේ මල සිරුර දෙසට ගමන් කලෙමි.. ඇගේ දෙපා මුල සිට ඉහලට නිරීක්ෂණය කලෙමි.. දකුනු පාදයේ මාපට ඇගිල්ලේ ඇගේ නම හා ගොනු අංකය සදහන් කර තිබුනත් මම එය කියවීමට උත්සහ නොකලෙමි..

ඇගේ නිසල දේහයේ කිසිදු කැලලක් නොවුනෙන් මෑ මිය ගියේ කෙසේදැයි මා තුල ප්‍රශ්නයක් මතු විය... නමුත් එය මේ මොහොතේ මට අයිති කාර්යයයක් නොවේ.. ඇගේ විවර වී තිබු දෑස් කොයි මොහොතේ මා දෙස බලයි ද යන මර බියෙන් වුවත් මා ඒ දෑස් දෙසම බලා සිටියෙමි...

පොදු මලගෙදරකදී ඔබත් මෘත දෙහයේ හුස්ම වැටෙන තෙක් බලා සිටිනට ඇතැයි මම විස්වාස කරමි.. එය සිදු නොවුනාක් මෙන් මැයද නිසොල්මනේ එක එල්ලෙ සිවිලිම දෙස බලා සිටි...

මගේ බියත් රැගෙන 2 වන පහනද නොකියාම සමු ගත්තාය..

3 වන ඉටිපහන... ඇගේ හිස පැත්තෙ දකුණු දිශාවේ මුල්ලට වන්නට ඇති බිත්තිය මුල්ලෙ මම හිද ගතිමි.. බියත් පාලුවත් නැති කර ගන්නට සිතා තොල් පටින් ගීයක් මිමිණුවෙමි.. ම්ම්ම් එයින් මද අස්වැසිල්ලක් ලද හෙයින් එහි හඩ වැඩි කලෙමි.. නමුත් ඉන් පසු මට ඇසෙන දෙය මා දෙසවන් රැවටීමක් ද..

මා මුමුණන ගීය මාත් සමගම මගේ හඩ වෙනස් වී කාමරය තුලින් මට ඇසෙන්නට විය.. අනේ දෙවියනේ එය කෙතරම් බියකරු ද.. මේ දෝංකාර ය ද.. නැතිනම් වායු හුවමාරු කවුලු හරහා ගමන් කර විකෘති වී ඇසෙන මගේ හඩද... කුමක් හෝ මට නොවැටහෙන දෙයක් සිදුවන බව දැනෙන්නට විය..

" කොහොමද මේකෙන් ගැලවෙන්නෙ... කොහොමද පැන ගන්නේ .".. වා කවුලු දෙස මගේ ඇස් යොමු විය.. ලග තිබූ මේසයක් මත නැගී කවුලුවට නැගිමට උත්සහ කලෙමි.. නමුත් නොසිතු ලෙස මෙසය කඩා වැටි මා ඇද වැටුනෙමි.. වා කවුලුව තුල වු තියුණු යමකින් මගේ අත කැපී විසිවූ ලේ ඇගේ ශරීරය මතද පතිත වුනි.. 3 වන පහනද මා තනි කරන ලදි...

අවසාන ඉටිපහන .... මා බිම වැටෙන විට පන්දම මැදින් කැඩි එල්ලෙද්දී එය දැල්වුවෙමි... මා සිටින්නෙ කාමරය තුල මා සිටි අවසාන මුල්ලට වන්නටය .. එහි මෘත ශරීර පිලිබඳ ලිපිගොනුත් ඒ මත ප්‍රථමාධාර පෙට්ටියත් විය... එය අතට ගත් මා වෙලුම් පටියක් ගෙන කැපුනු තැන වෙලා ගතිමි..

නමුත් මට යම් වෙනසක් දැනේ.. කාමරය තුල සිසිල් සුලං රැලි කැරකෙන බව දැනුනි.. පෙර බිත්ති මත පතිත වූ සෙවනැලි සැබෑ පොලවේ සිට ගෙන සිටින මෙන් පෙනේ.. යහන මත සිටින තරුණිය ගේ ලැම උස් පහත් වන සේ පෙනේ... කුමක් හෝ දෙයක් සිදුවෙ..

දෙවියනේ... මා විටින් විට වුවත් කාමරයේ හතර කොන ඉටි පහන් පත්තු කලා නොවේ ද... ඈ දෙස බලමින් ඇගේ නැවත ඇහැරීම වෙතැයි බලා සිටියා නොවේද.. අහම්බෙන් වුවත් මගේ ලේ ඇගේ ශරීරය මත ඉහිරුවා නොවේද...

අමනුෂ්‍ය ආත්ම ගෙන්වන පිලිවෙතක් මා සම්පුර්ණ කර ඇත... හිතා ගන්නට බැරි ලෙස ඉටි පහන් දැල්ල අඩු වැඩි වන්නට විය.. නිසොල්මන්ව මා ඈ දෙස බලා සිටියෙමි.. නිවි නිවි දැල්වෙන පහනෙන් පෙනෙන්නෙ මලමිනි ය පන එන්නම යනවා සේමය..

" හ්හ්හ්හ්හ්හ්හ්" මා හුස්ම ඉහලට ඇදුනේ ඇගේ ගුලි වී තිබූ වම් අතින් යමක් වැටෙනු දැකීමෙනි.. එය කඩදාසි කැබැල්ලකි... කුමක් නිසාද වත් නොදැන මට එය අතට ගැනීමට උවමනා විය... නමුත් එය දිග හැරීමට පෙර අවසන් වරට ඈ දෙස බැලුවෙමි.. මා මනෝභ්රංතියෙන් දුටු දෙයින් මා දෙපා අඩපණය... ඇ මා දෙස බැලුවා ඔව් ඇ මා දෙස බැලුවා...

පය පැකිලි වැටුනෙමි. එයින් පෙරලුනු ලිපිගොනු රාක්කයත් එ මත ඉසිරුනු ප්‍රථමාධාර පෙට්ටියේ තිබු ශල්‍ය ස්ප්‍රිතු බෝතලත්.. මා අතින් ගිලිහුනු ඉටිපන්දම ත් ගින්නක් ඇති කිරීමට ප්‍රමාණවත් විය.

ලිපිගොනු ගිනි තබමින් ගින්න පැතිරේ.. සංවෘත්ත කුටියක සිර කර ගිනි තැබුවාක් මෙන් හැගීමක් දැනුනු මා දොර දෙසට දිවුවෙමි.. හැකි වෙරෙන් දොරට පහර දුන්නත් පලක් වූයේ නැත.. කාමරය තුල දුම පැතිරී මට හුස්ම ගැනීමට අපහසු විය.. දුම් සැරට ඇස් කදුලින් තෙත් විය.. නමුත් මට විස්වාසය දුම මැද කවුරුන් හෝ සිටගෙන සිටිනු චායව මට හොදින් පෙනුනි..

අඩ සිහියෙන් මා අත පත ගාන විට මට අඩක් විවර වුනු මිනි ලාච්චුවක් අසු විය.. බේරිමට බැරි වුවත් ගින්නෙ දැවීම විදවන්නට බැරි තැන මම ඒ ලච්චුවට රිංගා දොර වසා ගතිමි. ඝණ අදුරේ වුවත් මා වැතිර සිටින්නෙ කදෙන් හිස වෙන් වූ මල සිරුරක් මත බව වටහා ගැනීමට අපහසු නොවීය ... මට මතක එපමනකි...

" දැං කොහොමද ..... අනෙ පුතෙ අපි බය වුන තරමක්.. අරුන්ටනම් හොදක් වෙන් නෑ..."

රෝහලේ ඇද මත සිටි මා දෙස බලමින් අම්ම කීවාය...

" හ්ම්ම්ම් කො මගෙ අදුම්.."

" හොදන්න ගත්ත බෑග් එකේ ඇයි"..

" දෙන්නකො..."

ඈ අතින් ගිලිහුනු කඩදාසි කැබැල්ල මා දිග හැර බැලුවෙමි

.....නක සර්...

...... ද්‍යාව.

.......... පාර, අවිස්සාවේල්ල ."

එය හදිස්සියෙ න් මෙන් ඉරා ගත් අත් පත්‍රිකා කොටසකි..

රෝහලෙන් නික්ම ගොස් විවෙක සුවයෙන් සිටි මට අහම්බෙන් මෙන් පුවත් පතක් නෙත ගැටුනි.

" 2017 / 05/ 20 එනම් ඊයේ දින ඇහැලියගොඩ පාර, අවිස්සාවේල්ල විසූ 32 වියේ පසුවූ ජානක වීරසිංහ නම් පුද්ගලයක් අභිරහස් ලෙස ඝාතනය කර ඇත. මොහු ප්‍රසිද්ධ ජීව විද්‍යා ගුරුවරයෙකි........."

ඒ වචන සමග මා සිත දිව ගියේ මිය ගිය තරුනිය අත තිබු තුන්ඩු කැබැල්ලටයි.මොහු මියගොස් ඇත්තේ මා සිද්ධිය ට මුහුණ දුන්නාට පසු දිනයි.. මේ සිදුවීම් එකිනෙක සම්බන්ධ ද.

එය මා පමනක් දන්නා අභිරහසක් ම වනු ඇත..

[QUOTE="Agamathi Thuma, post: 21724751, member: 563010"] [SIZE="3"]මරණ පරීක්ෂකාගාරය " අද රෑ 9 වෙද්දි එතනට අවෙ නැත්තම් උබලා පිරිමි නෙමෙයි.. මචං උබ ඉටිපන්දම් 4 යි ගිනිපෙට්ටියකුයි ගෙනෙන්." ඔහු මා දෙස බැලුවේ ය.. "ලයිටරයක් කමක් නැද්ද " මම ඇසුවෙමි "පත්තු වෙනවා නම් ඔන රෙද්දක් බං" ඔහුගේ සිනහවට අනෙක් සගයින් ද එක් විය.. " සික්කට මොකො කරන්නෙ"... තවකෙක් ඇසීය.. " ඌ ගැන මං බලා ගන්නම්කො".. කණ්ඩායම් නායකයා පැවසීය.. මේ සූදානම සොරකමකට නොවේ.. අත්භූත ක්‍රීඩාවක නිරත වීමටයි... ඒ සදහා සුදුසුම ස්තානය අප පුහුණු ලබන මරණ පරීක්ශකාගාරය බව සැකයක් නොවීය.. විස්වාසය අවිශ්වාසය අතර දෝලනය වෙමින් සිටි මා රාත්‍රියට මාංශ රහිත ආහාර අනුභව කලේ පැරණි කතා සියල්ල කට කහනවට කියු දෙවල් නොවන නිසාවෙනි... වේලාව උදාවිය.. සියලු දෙනා යුද්ධය ට යාමට සුදානම් වු වීරයින් මෙන් නියමිත තැනට රැස්විය.. මෙවන් තැනක අවේලාවේ සිටියත් අනෙක් කිසිවක් තුලින් මා වැනි තිගැස්මක් දක්නට නැති වීම මට ලැජ්ජාව ට කාරණයක් විය... එ ස්තානයේ සිටිය යුතු ආරක්ෂක නිලධාරියා සිටියේද නැත.. " උබෙ ෆෝන් එකෙ ටෝර්ච් එක ඔන් කරල දීපන්".... මගේ දුරකථන ය ඉල්ල ගත් කණ්ඩායම් නායකයා සාක්කුවෙන් යතුරක් ගෙන දොර ඇරියේය... එය අංධකාර ගුහාවක් මෙන් කලුවරය.. " අඩෝ ගිහින් අර කොනෙන් ඉටිපන්දමක් ගහපන්... " ඔවුන් මාව ඇතුලට තල්ලු කලෝය. " ඇයි මං".... " ගුටි නොකා පල..." නැවත ඔවුන් තල්ලු කොලොය.. ගිනිකූරක් දල්වා ගත් මා අන්ධයෙක් මෙන් අඩි තබමින් ඔවුන් පෙන්වූ ස්තානයට ගියෙමි.. " දඩාං..." ලෙස මහා හඩක් නංවමින් දොරක් වැසී යනවාත් සමගම දැල්වෙමින් තිබු ගිනි කූරද නිවුනේ මා අන්ධකාරයෙ අතරමං කරමිනි... ආපසු හැරී දොර දෙසට දිවුවෙමි .... නමුත් එහි අවසාන අගුල වැටෙන හඩ මේ පාලු කුටිය තුල දෝංකාර දුන්නෙය... දෙතුන් වතාවක් දොර තල්ලු කලත් පලක් වූයේ නැත... සිදුවූ දෙ මට පැහැදිලි ය.. දොර ලගම බිම මා වාඩි වුනෙමි...පෙර සිටම මෙය සැලසුමකි.. කිසිදු ක්‍රීඩාවක් නැත.. මේ මට හිමි නවක වදයයි.. ඔවුන් මෙතරම් සැහැල්ලුවෙන් සිටියේ කෙසේදැයි මට දැන් වැටහේ.. මුලු රැයක් මල මිනි සමග අන්ධකාර ගුහාවක ගත කිරීමට මා තනියට ඇත්තෙ ඉටිපන්දම් 4ක් සහ ගිනිපෙට්ටියක් පමනකි... මාගේ ජංගම දුරකථන යද මා රවටා ඔහු සතු කර ගත්තේය... සෙමින් සෙමින් දොර දිගෙ බඩගාමින් නැගී සිටියෙමි... පලමු ඉටිපන්දම ගෙන එය දැල්වීමට ගිනිකූරක් ගැසු නමුත් සීතල සුලගකින් එය නිවී ගියේ කවුරුන් හෝ එයට පිම්බාක් මෙනි... නමුත් එය නිවී ගියේ මිනි අසුරා ඇති ලාච්චුවකින් කාන්දු වන සිසිල් සුලං රැල්ලක් නිසාය... එය ආවරණය වන පරිදි දෙවන ගිනිකූරෙන් ඉටිපන්දම දල්වා ගතිමි... මගේ පලමු උත්සහය කාමරයේ ඇති විදුලි බුබුල දල්වා ගැනීමටයි... අහි ස්විචය කිහිපවරක් උඩ පහල කලත් කිසිදු වෙනසක් නොවීය.තරමක් හෝ හිත හදා ගත්තේ මේ වන විට මෘත දේහ සීත ලාච්චු වල දමා වසන බව දන්න නිසාවෙනි ... නමුත් සිදු වූයේ මා සිතන දෙය නොවේ.. වෙනත් ආලෝකයක් ඇත්දැයි බැලීමට කාමරයේ අනෙක් පසට හැරුනු මා දුටු දෙයින් උපකරණ අසුරා තිබූ ට්‍රොලියක් ද පෙරලාගෙන බිම වැටී ඉටි පහනද නිවී විසිවී ගියෙන් නැවත අන්ධකාරයෙ තනිවිය.. ඒ කාන්තා මල සිරුර කි... තරුණ කාන්තා මල සිරුරකි... නිසැකය මෙයද අරුන් ගේ සැලෙස්මක්ම විය යුතුය... බිම ඒ මේ අත අත ගා සොයා ගත් ඉටිපහන 4 වෙනි ගිනිකූරෙන් දැලිවීමි... " ලබ් ඩබ්... ලබ් ඩබ්..." මගෙ හඩවත පපු කූඩුවෙන් එලියට පැන ගැහේ යැයි හිතුන හෙයින් මා සුරත පපුවට තද කර ගත්තෙමි.. .සීතල කාමරයේ වුවත් මට හීන් දාඩිය දමා ඇත.. ඉටිපන්දම් එලියෙන් වැටුනු මලානික ආලොකයෙන් ඇතිවූ සෙවණැලි වලින් කාමරය තුල විකාර රූප මවන්නට විය.. නැතහොත් මා එසේ දකින්නට ඇත.. විච්ඡේදන මේසය මත වූ මල සිරුරට වැටී ඇතිවන සෙවනැල්ල බිත්තිය මත දිගටි රූපයක් මවයි.. පන්දම් දැල්ලෙ චලනය සමග එ සෙවනැල්ල සෙලවෙන්නෙ හුස්ම හිරවීමකින් බේරෙන්නට දගලන ජීවමාන මනුෂ්‍යයකු මෙනි.. පලමු ඉටිපන්දම මට සමු දුන්නෙ ඒ විකාර රූප මැද මා තනි කරමිනි... 5 වෙනි ගිනි කූර 2 වන ඉටිපහන.. සැලෙන හදින් මා සිටි ඉතානය මාරු කිරීමට තීරනය කලෙමි... මා නතර වූයේ ශරීර කොටස් හා රුධිර සාම්පල ගබඩා කර ඇති ශීතකරණය අසලය.. එහි දොරට පිට තබා මම වාඩි වුනෙමි.. එ හේතුවෙන් එය හෙලවීම නිසා එ මත තිබූ යමක් මගෙ හිසට වැටී මුහුණ දිගේ රූටා උකුලට වැටීමත් සමග මම යටි ගිරියෙන් කෑ ගැසුවේ සිනිදු අත්ලකින් මා මුව පිරිමදිනු මෙන් එය දැනුනු නිසාවෙනි.. නමුත් එය ශල්‍ය අත්වැසුමක් පමණක් විය... හොල්මන් ගුහාවක මා අතරමං කර දැමූ පාහරයින් පිලිබද මා සිතේ දැඩි වෛරයක් ගොඩ නැගෙන්නට විය.. බිය නැති කර ගැනීමට හොදම දේ බියට මුහුණ දිම බව අසා තිබුනත් එය කරන්නෙ කෙසේදැයි අත්හදා බැලීමට වන්නේ මේ මොහොතේදීය.. හිතට දිරි ගෙන නැගී සිටියෙමි.. ඉටිපන්දම ද රැගෙන හිමින් සීරුවේ මල සිරුර දෙසට ගමන් කලෙමි.. ඇගේ දෙපා මුල සිට ඉහලට නිරීක්ෂණය කලෙමි.. දකුනු පාදයේ මාපට ඇගිල්ලේ ඇගේ නම හා ගොනු අංකය සදහන් කර තිබුනත් මම එය කියවීමට උත්සහ නොකලෙමි.. ඇගේ නිසල දේහයේ කිසිදු කැලලක් නොවුනෙන් මෑ මිය ගියේ කෙසේදැයි මා තුල ප්‍රශ්නයක් මතු විය... නමුත් එය මේ මොහොතේ මට අයිති කාර්යයයක් නොවේ.. ඇගේ විවර වී තිබු දෑස් කොයි මොහොතේ මා දෙස බලයි ද යන මර බියෙන් වුවත් මා ඒ දෑස් දෙසම බලා සිටියෙමි... පොදු මලගෙදරකදී ඔබත් මෘත දෙහයේ හුස්ම වැටෙන තෙක් බලා සිටිනට ඇතැයි මම විස්වාස කරමි.. එය සිදු නොවුනාක් මෙන් මැයද නිසොල්මනේ එක එල්ලෙ සිවිලිම දෙස බලා සිටි... මගේ බියත් රැගෙන 2 වන පහනද නොකියාම සමු ගත්තාය.. 3 වන ඉටිපහන... ඇගේ හිස පැත්තෙ දකුණු දිශාවේ මුල්ලට වන්නට ඇති බිත්තිය මුල්ලෙ මම හිද ගතිමි.. බියත් පාලුවත් නැති කර ගන්නට සිතා තොල් පටින් ගීයක් මිමිණුවෙමි.. ම්ම්ම් එයින් මද අස්වැසිල්ලක් ලද හෙයින් එහි හඩ වැඩි කලෙමි.. නමුත් ඉන් පසු මට ඇසෙන දෙය මා දෙසවන් රැවටීමක් ද.. මා මුමුණන ගීය මාත් සමගම මගේ හඩ වෙනස් වී කාමරය තුලින් මට ඇසෙන්නට විය.. අනේ දෙවියනේ එය කෙතරම් බියකරු ද.. මේ දෝංකාර ය ද.. නැතිනම් වායු හුවමාරු කවුලු හරහා ගමන් කර විකෘති වී ඇසෙන මගේ හඩද... කුමක් හෝ මට නොවැටහෙන දෙයක් සිදුවන බව දැනෙන්නට විය.. " කොහොමද මේකෙන් ගැලවෙන්නෙ... කොහොමද පැන ගන්නේ .".. වා කවුලු දෙස මගේ ඇස් යොමු විය.. ලග තිබූ මේසයක් මත නැගී කවුලුවට නැගිමට උත්සහ කලෙමි.. නමුත් නොසිතු ලෙස මෙසය කඩා වැටි මා ඇද වැටුනෙමි.. වා කවුලුව තුල වු තියුණු යමකින් මගේ අත කැපී විසිවූ ලේ ඇගේ ශරීරය මතද පතිත වුනි.. 3 වන පහනද මා තනි කරන ලදි... අවසාන ඉටිපහන .... මා බිම වැටෙන විට පන්දම මැදින් කැඩි එල්ලෙද්දී එය දැල්වුවෙමි... මා සිටින්නෙ කාමරය තුල මා සිටි අවසාන මුල්ලට වන්නටය .. එහි මෘත ශරීර පිලිබඳ ලිපිගොනුත් ඒ මත ප්‍රථමාධාර පෙට්ටියත් විය... එය අතට ගත් මා වෙලුම් පටියක් ගෙන කැපුනු තැන වෙලා ගතිමි.. නමුත් මට යම් වෙනසක් දැනේ.. කාමරය තුල සිසිල් සුලං රැලි කැරකෙන බව දැනුනි.. පෙර බිත්ති මත පතිත වූ සෙවනැලි සැබෑ පොලවේ සිට ගෙන සිටින මෙන් පෙනේ.. යහන මත සිටින තරුණිය ගේ ලැම උස් පහත් වන සේ පෙනේ... කුමක් හෝ දෙයක් සිදුවෙ.. දෙවියනේ... මා විටින් විට වුවත් කාමරයේ හතර කොන ඉටි පහන් පත්තු කලා නොවේ ද... ඈ දෙස බලමින් ඇගේ නැවත ඇහැරීම වෙතැයි බලා සිටියා නොවේද.. අහම්බෙන් වුවත් මගේ ලේ ඇගේ ශරීරය මත ඉහිරුවා නොවේද... අමනුෂ්‍ය ආත්ම ගෙන්වන පිලිවෙතක් මා සම්පුර්ණ කර ඇත... හිතා ගන්නට බැරි ලෙස ඉටි පහන් දැල්ල අඩු වැඩි වන්නට විය.. නිසොල්මන්ව මා ඈ දෙස බලා සිටියෙමි.. නිවි නිවි දැල්වෙන පහනෙන් පෙනෙන්නෙ මලමිනි ය පන එන්නම යනවා සේමය.. " හ්හ්හ්හ්හ්හ්හ්" මා හුස්ම ඉහලට ඇදුනේ ඇගේ ගුලි වී තිබූ වම් අතින් යමක් වැටෙනු දැකීමෙනි.. එය කඩදාසි කැබැල්ලකි... කුමක් නිසාද වත් නොදැන මට එය අතට ගැනීමට උවමනා විය... නමුත් එය දිග හැරීමට පෙර අවසන් වරට ඈ දෙස බැලුවෙමි.. මා මනෝභ්රංතියෙන් දුටු දෙයින් මා දෙපා අඩපණය... ඇ මා දෙස බැලුවා ඔව් ඇ මා දෙස බැලුවා... පය පැකිලි වැටුනෙමි. එයින් පෙරලුනු ලිපිගොනු රාක්කයත් එ මත ඉසිරුනු ප්‍රථමාධාර පෙට්ටියේ තිබු ශල්‍ය ස්ප්‍රිතු බෝතලත්.. මා අතින් ගිලිහුනු ඉටිපන්දම ත් ගින්නක් ඇති කිරීමට ප්‍රමාණවත් විය. ලිපිගොනු ගිනි තබමින් ගින්න පැතිරේ.. සංවෘත්ත කුටියක සිර කර ගිනි තැබුවාක් මෙන් හැගීමක් දැනුනු මා දොර දෙසට දිවුවෙමි.. හැකි වෙරෙන් දොරට පහර දුන්නත් පලක් වූයේ නැත.. කාමරය තුල දුම පැතිරී මට හුස්ම ගැනීමට අපහසු විය.. දුම් සැරට ඇස් කදුලින් තෙත් විය.. නමුත් මට විස්වාසය දුම මැද කවුරුන් හෝ සිටගෙන සිටිනු චායව මට හොදින් පෙනුනි.. අඩ සිහියෙන් මා අත පත ගාන විට මට අඩක් විවර වුනු මිනි ලාච්චුවක් අසු විය.. බේරිමට බැරි වුවත් ගින්නෙ දැවීම විදවන්නට බැරි තැන මම ඒ ලච්චුවට රිංගා දොර වසා ගතිමි. ඝණ අදුරේ වුවත් මා වැතිර සිටින්නෙ කදෙන් හිස වෙන් වූ මල සිරුරක් මත බව වටහා ගැනීමට අපහසු නොවීය ... මට මතක එපමනකි... .............. ...................................................... " දැං කොහොමද ..... අනෙ පුතෙ අපි බය වුන තරමක්.. අරුන්ටනම් හොදක් වෙන් නෑ..." රෝහලේ ඇද මත සිටි මා දෙස බලමින් අම්ම කීවාය... " හ්ම්ම්ම් කො මගෙ අදුම්.." " හොදන්න ගත්ත බෑග් එකේ ඇයි".. " දෙන්නකො..." ඈ අතින් ගිලිහුනු කඩදාසි කැබැල්ල මා දිග හැර බැලුවෙමි " .....නක සර්... ...... ද්‍යාව. .......... පාර, අවිස්සාවේල්ල ." එය හදිස්සියෙ න් මෙන් ඉරා ගත් අත් පත්‍රිකා කොටසකි.. ................................................................... රෝහලෙන් නික්ම ගොස් විවෙක සුවයෙන් සිටි මට අහම්බෙන් මෙන් පුවත් පතක් නෙත ගැටුනි. " 2017 / 05/ 20 එනම් ඊයේ දින ඇහැලියගොඩ පාර, අවිස්සාවේල්ල විසූ 32 වියේ පසුවූ ජානක වීරසිංහ නම් පුද්ගලයක් අභිරහස් ලෙස ඝාතනය කර ඇත. මොහු ප්‍රසිද්ධ ජීව විද්‍යා ගුරුවරයෙකි........." ඒ වචන සමග මා සිත දිව ගියේ මිය ගිය තරුනිය අත තිබු තුන්ඩු කැබැල්ලටයි.මොහු මියගොස් ඇත්තේ මා සිද්ධිය ට මුහුණ දුන්නාට පසු දිනයි.. මේ සිදුවීම් එකිනෙක සම්බන්ධ ද. එය මා පමනක් දන්නා අභිරහසක් ම වනු ඇත..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom