Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මර්සි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේඇයට අපේ සහය අවශ්‍යම වේලාවයි....

ගතේ නැඟෙන වේදනාවට වඩා හදවතේ නැඟෙන වේදනාවෙන් පීඩා විඳින මර්සි

ශ්‍රී ලංකාවේ වේදිකාවේ, සිනමාවේ හා රූපවාහිනියේ අතිදක්ෂ රංග ශිල්පිනියක වූ මර්සි එදිරිසිංහ මහත්මිය දැඩි ලෙස රෝගාතුර වී ශාරීරික හා මානසික වේදනාවන්ට භාජනය වෙමින් වරකාපොළ පිහිටි සිය නිවසේ පසුවන බව බදාදා (15) උදේ අපට දැන ගන්නට ලැබිණ. පසුගිය දිනවල ඇය කෑගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවාය. ඇගේ පිට කොන්දේ හටගෙන තිබෙන දැඩි වේදනාවක් සුවකර ගැනීම සඳහා ඇය රෝහල්ගත වී සිටියාය.

දෙවසරක පමණ කාලයක සිට මර්සි අක්කා විවිධ රෝගාබාධයන්ගෙන් වේදනා විඳින බව අප සමග පවසා සිටියේ ඇගේ බාල සොහොයුරියක් වන රාජි එදිරිසිංහ මහත්මියයි.

පසුගිය වසරේ මර්සි එදිරිසිංහ මහ්තමියගේ ගර්භාශයේ ශල්‍යකර්මයක්ද සිදු කර තිබේ. විටින් විට හට ගන්නා තවත් රෝග හේතුවෙන් ඇය මේ වනවිට දැඩි ලෙස රෝගාතුර වී සිටී.ආහාර ගැනීමට ප්‍රියක් නැත. ඒ නිසා ශරීරය බොහෝ දුර්වලය. සිරුරේ ලේ හිඟකම නිසා පසුගිය දා ලේ පයින්ට් දෙකක් ලබා දී ඇත. වෛද්‍ය උපදෙස් මත ස්කෑන් පරීක්ෂණ රැසක් සිදුකර තිබේ. පිට කොන්දේ වේදනාව සඳහා අධි මාත්‍රාවෙන් යුක්ත වේදනා නාශක පෙති වර්ග ලබා දී ඇmarsi4ති අතර ඉන් මර්ධනය නොවන වේදනාවකින් මධ්‍යම රාත්‍රියේ අවදි වන මර්සි අක්කා හඬමින් රැය පහන් වනතුරු වේදනා විඳින බව රාජි එදිරිසිංහ මහත්මිය පැවසුවාය.

වැඩිදුරටත් ඇය පැවසුවේ පසුගිය දෙවසරක් තිස්සේ මර්සි අක්කා පුද්ගලික රෝහල්වල නවතා ප්‍රතිකාර ලබා දීමට හා බාහිර පරීක්ෂණ සිදු කිරීමට තමා ඇතුළු ස්වාමි පුරුෂයා වන රෝහාන් වීරසිංහ සහ වැඩිමහල් සොහොයුරී ගර්ටි එදිරිසිංහ මහත්මිය කැප වූ බවයි.

“දැන් අපිට එහෙම කරන්න වත්කමක් නැති හින්දයි මර්සි අක්කා රජයේ රෝහලට රැගෙන ගියේ. කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් මර්සි අක්කාට හොඳින් ප්‍රතිකාර කළා. මර්සි අක්කාට තවත් ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගන්න තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ දී එම පරීක්ෂණය සිදුකර ගන්න පොරොත්තු ලේඛණයේ සෑහෙන කාලයක් බලා සිටින්නට සිදු වෙනවා. පුද්ගලික අංශයෙන් එම පරීක්ෂණය සිදු කර ගන්න රුපියල් එක්ලක්ෂ තිස් දහසක් පමණ වැය වෙනවා. මර්සි එදිරිසිංහ අක්කාගේ රංගනයට ආදරය කළ රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටිනවා ඇයට මේ අවස්ථාවේ කළ හැකි උපකාරයක් ලබා දෙන ලෙස.ඇගේ ගිනුම් අංකය මෙසේය.

මර්සිඑදිරිසිංහ. ගිනුම් අංක : 0700 -010 20486 – 101 සෙලාන් බැංකු ශාඛාව වරකාපොළ.

මර්සි එදිරිසිංහ මහත්මියගේ කලා ජීවිතයට මෙම වසරේ දී 50 වසරක් සම්පූර්ණ වෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මර්සි එදිරිසිංහ මහත්මියගේ උපන් දිනයදා, එනම් ඉකුත් වසරේ දෙසැම්බර් මස 18 වැනිදා ඇයට කතා කර සුබ පැතූ අවස්ථාවේ මර්සි අක්කා අසනීපයෙන් පසුවන බව දැන ගත්තේය. අනතුරුව එම අවස්ථාවේ හැටියට කළ හැකි උපරිම උදව් උපකාර ජනාධිපතිවරයා විසින් ලබා දුන් බව අපට පැවසුවේ රාජි එදිරිසිංහ මහත්මියයි. මර්සි අක්කා නැවතී සිටි පෞද්ගලික රෝහලට ගෙවිය යුතු යම් මුදල් ප්‍රමාණයක් ගෙවා දැමීමට සංස්කෘතික අමාත්‍යංශය පසුගිය වසරේ පොරොන්දු වී තිබේ.එහෙත් අමතක වීමකින් හෝ වේවා, වෙනත් කාරණාවක් නිසා හෝ වේවා එම පොරොන්දුව මෙතෙක් ඉටු වී නැති බැවින් එය ඉටු කර දෙන ලෙස අප ඉල්ලා සිටිමු.

මෙහි ඉතා ශෝකජනක පැත්තක් තිබේ. එනම් පනස් වසරක් මුළුල්ලේ වේදිකාවේ, සිනමාවේ සහ රූපවාහිනියේ නිර්මාණ විශාල ප්‍රමාණයකට දායක වූ රංගන ශිල්පිනියක හා දක්ෂ ගායිකාවක වන මර්සි එදිරිසිංහ මහත්මිය දකින්නට, සුවදුක් විමසා අතීත රසබර,දුක්බර මතකයන් ඔස්සේ සිනහවක් කඳුලක් නඟන්නට සමකාලීනයන් කිසිවකු ඇය හමුවට මෙතෙක් නොපැමිණීමයි. වරකාපොළ හන්දිය පසුකර ගෙන පසුගිය කාලයේ ෂූටින් හෝ වෙනත් ප්‍රසංග සඳහා මර්සි අක්කාගේ සමකාලිනයන් බොහෝ දෙනා නුවර දෙසට ගමන් කරන්නට ඇත. ඒ වගේම වරකාපොළ හන්දියෙන් කුරුණෑගල දෙසට හැරෙන්නට ඇත. එහෙත් ඒ කිසිවකු වරකාපොළ හන්දියේ සිට මීටර් 100ක් නුදුරින් නුවර පාරේ පිහිටි මර්සි අක්කාගේ ගෙදරට ගොඩ නොවැදුනේ මොන හේතුවක් නිසාදැයි කියන්න මම නොදනිමි. එම නිවස පිහිටි ඉඩමේ මර්සි අක්කාට අයත් ‘හෙළ බොජුන්’ හල ඉදිරිපිට තිබෙන මර්සි අක්කාගේ විශාල ප්‍රමාණයේ කටවුට් එක ඇය සිටින තැන හඳුනා ගන්නට හොඳ පිටුවහලකි.

දිනක් ජාතික රූපවාහිනියේ හඬ කැවීම් අංශයේ ප්‍රධානි අතුල රන්සිරිලාල් මහතා ඔහුගේ හඬ නළු ශිල්පි, ශිල්පිනියන් සමග වරකාපොල, අඹේපුස්ස, නුවර පාරේ 451 දරන නවාතැනට පැමිණ මුළු සවස් වරුවම මර්සි අක්කා සමග විනෝද වෙමින් ගත කළ කාලය අදටත් මර්සි අක්කා හැඟීම් බරව සිහිපත් කරන බව රාජි එදිරිසිංහ මහත්මිය පැවසුවාය. මිනිසත්කම සෝදාපාලු වී නැතැයි සතුටක් හිතට දැනෙන්නේ එවැනි විටකදී ය.

[QUOTE="aruna47, post: 16175592, member: 26553"] [CENTER][IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash3/1521398_251286751698038_64935668_n.jpg[/IMG] [SIZE="6"][B][COLOR="Red"]මේඇයට අපේ සහය අවශ්‍යම වේලාවයි....[/COLOR][/B][/SIZE] [SIZE="4"]ගතේ නැඟෙන වේදනාවට වඩා හදවතේ නැඟෙන වේදනාවෙන් පීඩා විඳින මර්සි ශ්‍රී ලංකාවේ වේදිකාවේ, සිනමාවේ හා රූපවාහිනියේ අතිදක්ෂ රංග ශිල්පිනියක වූ මර්සි එදිරිසිංහ මහත්මිය දැඩි ලෙස රෝගාතුර වී ශාරීරික හා මානසික වේදනාවන්ට භාජනය වෙමින් වරකාපොළ පිහිටි සිය නිවසේ පසුවන බව බදාදා (15) උදේ අපට දැන ගන්නට ලැබිණ. පසුගිය දිනවල ඇය කෑගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවාය. ඇගේ පිට කොන්දේ හටගෙන තිබෙන දැඩි වේදනාවක් සුවකර ගැනීම සඳහා ඇය රෝහල්ගත වී සිටියාය. දෙවසරක පමණ කාලයක සිට මර්සි අක්කා විවිධ රෝගාබාධයන්ගෙන් වේදනා විඳින බව අප සමග පවසා සිටියේ ඇගේ බාල සොහොයුරියක් වන රාජි එදිරිසිංහ මහත්මියයි. පසුගිය වසරේ මර්සි එදිරිසිංහ මහ්තමියගේ ගර්භාශයේ ශල්‍යකර්මයක්ද සිදු කර තිබේ. විටින් විට හට ගන්නා තවත් රෝග හේතුවෙන් ඇය මේ වනවිට දැඩි ලෙස රෝගාතුර වී සිටී.ආහාර ගැනීමට ප්‍රියක් නැත. ඒ නිසා ශරීරය බොහෝ දුර්වලය. සිරුරේ ලේ හිඟකම නිසා පසුගිය දා ලේ පයින්ට් දෙකක් ලබා දී ඇත. වෛද්‍ය උපදෙස් මත ස්කෑන් පරීක්ෂණ රැසක් සිදුකර තිබේ. පිට කොන්දේ වේදනාව සඳහා අධි මාත්‍රාවෙන් යුක්ත වේදනා නාශක පෙති වර්ග ලබා දී ඇmarsi4ති අතර ඉන් මර්ධනය නොවන වේදනාවකින් මධ්‍යම රාත්‍රියේ අවදි වන මර්සි අක්කා හඬමින් රැය පහන් වනතුරු වේදනා විඳින බව රාජි එදිරිසිංහ මහත්මිය පැවසුවාය. වැඩිදුරටත් ඇය පැවසුවේ පසුගිය දෙවසරක් තිස්සේ මර්සි අක්කා පුද්ගලික රෝහල්වල නවතා ප්‍රතිකාර ලබා දීමට හා බාහිර පරීක්ෂණ සිදු කිරීමට තමා ඇතුළු ස්වාමි පුරුෂයා වන රෝහාන් වීරසිංහ සහ වැඩිමහල් සොහොයුරී ගර්ටි එදිරිසිංහ මහත්මිය කැප වූ බවයි. “දැන් අපිට එහෙම කරන්න වත්කමක් නැති හින්දයි මර්සි අක්කා රජයේ රෝහලට රැගෙන ගියේ. කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් මර්සි අක්කාට හොඳින් ප්‍රතිකාර කළා. මර්සි අක්කාට තවත් ස්කෑන් පරීක්ෂණයක් සිදු කර ගන්න තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ දී එම පරීක්ෂණය සිදුකර ගන්න පොරොත්තු ලේඛණයේ සෑහෙන කාලයක් බලා සිටින්නට සිදු වෙනවා. පුද්ගලික අංශයෙන් එම පරීක්ෂණය සිදු කර ගන්න රුපියල් එක්ලක්ෂ තිස් දහසක් පමණ වැය වෙනවා. මර්සි එදිරිසිංහ අක්කාගේ රංගනයට ආදරය කළ රසික රසිකාවියන්ගෙන් ඉල්ලා සිටිනවා ඇයට මේ අවස්ථාවේ කළ හැකි උපකාරයක් ලබා දෙන ලෙස.ඇගේ ගිනුම් අංකය මෙසේය. මර්සිඑදිරිසිංහ. ගිනුම් අංක : 0700 -010 20486 – 101 සෙලාන් බැංකු ශාඛාව වරකාපොළ. මර්සි එදිරිසිංහ මහත්මියගේ කලා ජීවිතයට මෙම වසරේ දී 50 වසරක් සම්පූර්ණ වෙයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මර්සි එදිරිසිංහ මහත්මියගේ උපන් දිනයදා, එනම් ඉකුත් වසරේ දෙසැම්බර් මස 18 වැනිදා ඇයට කතා කර සුබ පැතූ අවස්ථාවේ මර්සි අක්කා අසනීපයෙන් පසුවන බව දැන ගත්තේය. අනතුරුව එම අවස්ථාවේ හැටියට කළ හැකි උපරිම උදව් උපකාර ජනාධිපතිවරයා විසින් ලබා දුන් බව අපට පැවසුවේ රාජි එදිරිසිංහ මහත්මියයි. මර්සි අක්කා නැවතී සිටි පෞද්ගලික රෝහලට ගෙවිය යුතු යම් මුදල් ප්‍රමාණයක් ගෙවා දැමීමට සංස්කෘතික අමාත්‍යංශය පසුගිය වසරේ පොරොන්දු වී තිබේ.එහෙත් අමතක වීමකින් හෝ වේවා, වෙනත් කාරණාවක් නිසා හෝ වේවා එම පොරොන්දුව මෙතෙක් ඉටු වී නැති බැවින් එය ඉටු කර දෙන ලෙස අප ඉල්ලා සිටිමු. මෙහි ඉතා ශෝකජනක පැත්තක් තිබේ. එනම් පනස් වසරක් මුළුල්ලේ වේදිකාවේ, සිනමාවේ සහ රූපවාහිනියේ නිර්මාණ විශාල ප්‍රමාණයකට දායක වූ රංගන ශිල්පිනියක හා දක්ෂ ගායිකාවක වන මර්සි එදිරිසිංහ මහත්මිය දකින්නට, සුවදුක් විමසා අතීත රසබර,දුක්බර මතකයන් ඔස්සේ සිනහවක් කඳුලක් නඟන්නට සමකාලීනයන් කිසිවකු ඇය හමුවට මෙතෙක් නොපැමිණීමයි. වරකාපොළ හන්දිය පසුකර ගෙන පසුගිය කාලයේ ෂූටින් හෝ වෙනත් ප්‍රසංග සඳහා මර්සි අක්කාගේ සමකාලිනයන් බොහෝ දෙනා නුවර දෙසට ගමන් කරන්නට ඇත. ඒ වගේම වරකාපොළ හන්දියෙන් කුරුණෑගල දෙසට හැරෙන්නට ඇත. එහෙත් ඒ කිසිවකු වරකාපොළ හන්දියේ සිට මීටර් 100ක් නුදුරින් නුවර පාරේ පිහිටි මර්සි අක්කාගේ ගෙදරට ගොඩ නොවැදුනේ මොන හේතුවක් නිසාදැයි කියන්න මම නොදනිමි. එම නිවස පිහිටි ඉඩමේ මර්සි අක්කාට අයත් ‘හෙළ බොජුන්’ හල ඉදිරිපිට තිබෙන මර්සි අක්කාගේ විශාල ප්‍රමාණයේ කටවුට් එක ඇය සිටින තැන හඳුනා ගන්නට හොඳ පිටුවහලකි. දිනක් ජාතික රූපවාහිනියේ හඬ කැවීම් අංශයේ ප්‍රධානි අතුල රන්සිරිලාල් මහතා ඔහුගේ හඬ නළු ශිල්පි, ශිල්පිනියන් සමග වරකාපොල, අඹේපුස්ස, නුවර පාරේ 451 දරන නවාතැනට පැමිණ මුළු සවස් වරුවම මර්සි අක්කා සමග විනෝද වෙමින් ගත කළ කාලය අදටත් මර්සි අක්කා හැඟීම් බරව සිහිපත් කරන බව රාජි එදිරිසිංහ මහත්මිය පැවසුවාය. මිනිසත්කම සෝදාපාලු වී නැතැයි සතුටක් හිතට දැනෙන්නේ එවැනි විටකදී ය.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom