Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරු මලයාලම් ෆිල්ම් එකක් - Irul (2021)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ සිනමා ප්‍රේක්ෂකයෙක් නම් ඇතැම්විට ඔබ ලංකාවේ හොල්මන් (Horror) චිත්‍රපට නරඹා තිබිය හැකිය. අවසාන වතාවට හෝ ජීවිතයේ එක් වතාවක් හෝ ඔබට ලංකාවේ චිත්‍රපටයක් නරඹා බියක් හෝ ත්‍රාස්‍යජනක තැතිගැන්වීමක් දැනී තිබේද? මගේ පිළිතුරනම් නැත යන්නය. ලංකාවේ බොහොමයක් ත්රාස්ය භීතිය ඇතිකිරීමට නිර්මාණය කරන චිත්‍රපට නැරඹූ පසු පණයන්නට හිනායනවා මිසක බියක් දැනෙන්නේ නැත.

එහෙත් ලංකාවේ කොමඩි චිත්‍රපට බැලූවිට නම් නිරායාසයෙන්ම අප්‍රමාණ බියක් දැනෙන බව නම් සහතිකය. ඒ අන්කවර දෙයක් නිසාවත් නොව ලංකාවේ සිනමා කර්මාන්තයේ අනාගතය ගැන ඇතිවන සාධාරණ බිය නිසාවෙන්ය. ඒ නිසා කොමඩි වලට බියවන්නටත්, හොල්මන් චිත්‍රපටවලට හිනායන්නටත් හැකි හරි අපූරු සිනමාවක් දැන් අප සතුය.

එවැනි වටපිටාවක 2021 තිරගතවීම ඇරඹුණු නසීෆ් යුසූෆ් ඉසුදීන් විසින් අධ්‍යක්ෂණය කල Irul හෙවෙත් මලයාලම් භාෂාවෙන් ‘අඳුර’ නම්වන මේ චිත්‍රපටය ඔබ නැරඹුවහොත් ‘ඔබේ ප්‍රේක්ෂකයා තැතිගන්වන්නේ කෙසේද?’ යන මාතෘකාව යටතේ රචනාවක් ලිවීමට තරම් කරුණු හමුවන බවනම් සහතිකය. ඒ තරමටම විශිෂ්ඨ තලයක රැඳෙන ත්‍රාස්‍යජනක චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකි Irul කේරලයේ සිනමාව දැන් තිබෙන්නේ හින්දි සිනමාව නැමති තලයේ නොව ඉන් එහා ගිය ජාත්‍යන්තර සිනමාවක අනන්‍ය භූමිකාව සඳහා හොඳ හුරුවක් සහිත බව මනාව කියාපානු ඇත.

මෙහි කතා තේමාව දෙසට හැරුණොත් චිත්‍රපටය පුරාම විනාඩි 90 ක කාලයේ රඟදක්වන්නේ චරිත තුනක් පමණක් වීම විශ්මයදනවන සුළු නිමාවකි. ඇලෙක්ස් පරායිල් ලෙසින් රංඟනයෙන් එක්වන සව්බින් ෂාහිර්, නන්නාදුනන්නා ලෙස රංඟනයෙන් එක්වන කේරල සිනමාව සතු අග්රගන්යම වස්තුව ෆහාද් ෆාසිල් සහ අර්චනා ලෙස එක්වන දර්ශනා රාජේන්ද්‍රන් එක්ව සිනමා පටය පුරා අවිනිශ්චිත, ගැඹුරු සහ නාටකීය ත්රාස්යයක ප්‍රේක්ෂකයා ඇඳ බැඳ තබයි. ඇලෙක්ස් නම් ව්‍යාපාරිකයෙක් මෙන්ම ලේඛකයෙක් වන අතර කතා සාරය අනුව ඔහුගේ දික්කසාද නඩුව වෙනුවෙන් පෙනී සිටින කණිෂ්ඨ නීතීඥවරිය අර්චනා ය.

දික්කසාදයෙන් පසු හුදෙකලා දිවියක් ගතකරන ඇලෙක්ස් කෙටි කලක් ඇතුලත අර්චනා සමග ඇරඹෙන ප්‍රේම සබඳතාවේ මුහුණුවර කෙසේද යන්න පිළිබඳ නිශ්චය කිරීමට හෝ ඒ සඳහා පොදු රාමුගත නමක් ලබාදීමට ප්‍රේක්ෂකයාට කිසිවිටක ඉඩලබා නොදෙන්නට නිර්මාණකරුවා වග බලාගනී. කාර්යබහුල දිවියෙන් මිදීමට ඈත ප්‍රදේශයක නිවාඩුවක් සඳහා අර්චනා කැටුව යන ඇලෙක්ස් කඳුකර පෙදෙසක, අඳුරු රාත්‍රියක අනෝරා වැසිමැද මෝටර් රථයේ කාර්මික දෝෂයක් නිසා අතරමග නතරවීම සහ අසල විශාල බංගලාවකට පැමිණීම මගින් කතාව තීරණාත්මක අඩියකට ගෙන එයි.

මේ නිවසේ සිටින උන්නි නමින් පසුව තමන් හඳුන්වාගන්න නන්නාඳුනන පුද්ගලයා, ඇලෙක්ස් සහ අර්චනා අතර ඇතිවෙන කතාබහ නිසාවෙන් ඇලෙක්ස් විසින් රචිත දාම අපරාධයක් පිළිබඳ සත්‍ය කතාව ඇසුරෙන් නිර්මාණය වී ඇති ‘ඉරුල්’ නැමති කෘතිය සම්බන්ධයෙන් විවේචනාත්මක වාදයක් ඇතිවෙන අතර ඒ සමගම සිදුවන විදුලි ඇණහිටීමක් සහ බිම්මහලේ විදුලි පාලක පුවරුව සොයායාම සමග කතාව වෙනත් මගකට පිවිසෙනු ඇත. අවසානයේ දාම ඝාතකයා සැබෑ ලෙසම නිවස තුල රැඳෙන බවත් ඒ නන්නාඳුනන්නා ද නැත්නම් ඇලෙක්ස් ද එසේත් නැතිනම් අර්චනා ද යන්න සිතාගැනීමට නොහැකි තැනක ප්‍රේක්ෂකයා මෙම සිනමා පටය තුල අන්ත අසරණ තත්ත්වයකට ඇද දැමීම තරම් සුවිශේෂී ලක්ෂණයක් මෙම සිනමා පටය තුල වෙනත් නොමැති තරම්ය.

සැබෑ ලෙසම වේදිකා නට්‍ය ස්වරූපය සහ වේදිකා නාට්‍යයක භාවිතාවන ප්රයෝගයන් සහ රූපක භාවිතයන් ඉතා අපූරුවට භාවිතාවන මෙම චිත්‍රපටයේ සංගීතය භාවිතයද ඉතා විශිෂ්ට ය. ශ්රීරාඝ් සාජි විසින් සංගීතය මුසුකරනු ලැබූ මෙම සිනමා පටයේ තත්පරයක් ගානේ ප්‍රේක්ෂකයාගේ හදවත වේගයෙන් ගැහෙන, ඊළඟ මිනිත්තුවේදී සිදුවන්නේ කුමක්ද කියා සිතාගත නොහැකි සංකීර්ණ ජවනිකාමය ගැටළුවකට රැගෙන යන නිර්මාණයක් වීම නිසාම හුස්ම නොගෙන රසවිඳිය හැකි අපූරු Thriller මාදිලියේ චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්වූවටා වරදක් නැත.

සියලුම ප්‍රේක්ෂකයන්ට මෙම නිර්මාණය සුපිරි මාදිලියේ නිර්මාණයක් වනු ඇතැයි උපකල්පනය කල නොහැකිය. විශේෂයෙන්ම බාල තත්ත්වයේ හොල්මන් කතාවලින් භීතියට පත්වන රසිකයන්ටනම් මෙය අපබ්රංසයක් හෝ විකාරයක් මිස මෙහි ඇති සිනමා නිර්මාණාත්මක අගයන් හෝ සියුම් මතුකිරීම් ග්‍රහණ්‍ය කරගන්නට හැකිවේවිද යන්න සැක සහිතය. නමුත් විනාඩි 90ක් උත්සහ කර බැලුවාට කිසිඳු පාඩුවක් නැත.

Super Deluxe, Trance වැනි චිත්‍රපට වලින් ඉතා හොඳින් මුවහත්වී ඇති ෆහාද් ෆාසිල්ගේ රංගනය, Charlie, Kumbalangi Nights, Android Kunjappan වැනි චිත්‍රපටි වලින් අලුත්ම මගකට පිවිසි සව්බින් ෂාහිර් මෙම චිත්‍රපටය තුලද තමන්ගේ චරිතවල ඇති අති සූක්ෂම අංගයන් සහ අනන්‍යතා ඉතා මටසිලුටු ආකාරයෙන් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමත් සමගම Irul තවත් එක් මලයාලම් චිත්‍රපටයක් පමණක් නොව එය ඉන් එහා ගිය අති විශිෂ්ට මට්ටමේ චිත්‍රපටයක් ලෙස නම්කිරීම එයට කරන සාධාරණයක් ලෙස සැලකිය හැකිය.

මෙය බොහොමයක් විචාරකයන් හඳුන්වා ඇත්තේ Unique Suspense Thriller හෙවත් අනන්‍ය අවලම්භිත ත්රාස්යජනය නිර්මාණයක් ලෙසින් ය. එසේම මෙය වේදිකා නාට්‍යමය ආකෘතියක් සහිත නිර්මාණයක්වීම තුල චරිත තුනක් අතරේ ගොඩනැගෙන කතිකාවත මගින් බිඳින් බිඳ හෙළිදරව්වන ත්‍රාස්‍යජනක කතාපුවත නිසාවෙන් එය සැබෑ ලෙස අග්‍රගන්‍ය අනන්‍ය නිර්මාණයකි. අප්‍රේල් මස 2 වැනි දින Netflix මගින් ලොව පුරා රසිකයන්ට දොර විවරකල මේ චිත්‍රපටය බීර උගුරක් තොලගාමින් නරඹන්නට අපූරු කටගැස්මකි.

උපුටා ගැනීම - colomboplus.com

[QUOTE="wijaindu, post: 26277832, member: 421102"] [B]ඔබ සිනමා ප්‍රේක්ෂකයෙක් නම් ඇතැම්විට ඔබ ලංකාවේ හොල්මන් (Horror) චිත්‍රපට නරඹා තිබිය හැකිය. අවසාන වතාවට හෝ ජීවිතයේ එක් වතාවක් හෝ ඔබට ලංකාවේ චිත්‍රපටයක් නරඹා බියක් හෝ ත්‍රාස්‍යජනක තැතිගැන්වීමක් දැනී තිබේද? මගේ පිළිතුරනම් නැත යන්නය. ලංකාවේ බොහොමයක් ත්රාස්ය භීතිය ඇතිකිරීමට නිර්මාණය කරන චිත්‍රපට නැරඹූ පසු පණයන්නට හිනායනවා මිසක බියක් දැනෙන්නේ නැත.[/B] එහෙත් ලංකාවේ කොමඩි චිත්‍රපට බැලූවිට නම් නිරායාසයෙන්ම අප්‍රමාණ බියක් දැනෙන බව නම් සහතිකය. ඒ අන්කවර දෙයක් නිසාවත් නොව ලංකාවේ සිනමා කර්මාන්තයේ අනාගතය ගැන ඇතිවන සාධාරණ බිය නිසාවෙන්ය. ඒ නිසා කොමඩි වලට බියවන්නටත්, හොල්මන් චිත්‍රපටවලට හිනායන්නටත් හැකි හරි අපූරු සිනමාවක් දැන් අප සතුය. එවැනි වටපිටාවක 2021 තිරගතවීම ඇරඹුණු නසීෆ් යුසූෆ් ඉසුදීන් විසින් අධ්‍යක්ෂණය කල Irul හෙවෙත් මලයාලම් භාෂාවෙන් ‘අඳුර’ නම්වන මේ චිත්‍රපටය ඔබ නැරඹුවහොත් ‘ඔබේ ප්‍රේක්ෂකයා තැතිගන්වන්නේ කෙසේද?’ යන මාතෘකාව යටතේ රචනාවක් ලිවීමට තරම් කරුණු හමුවන බවනම් සහතිකය. ඒ තරමටම විශිෂ්ඨ තලයක රැඳෙන ත්‍රාස්‍යජනක චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකි Irul කේරලයේ සිනමාව දැන් තිබෙන්නේ හින්දි සිනමාව නැමති තලයේ නොව ඉන් එහා ගිය ජාත්‍යන්තර සිනමාවක අනන්‍ය භූමිකාව සඳහා හොඳ හුරුවක් සහිත බව මනාව කියාපානු ඇත. මෙහි කතා තේමාව දෙසට හැරුණොත් චිත්‍රපටය පුරාම විනාඩි 90 ක කාලයේ රඟදක්වන්නේ චරිත තුනක් පමණක් වීම විශ්මයදනවන සුළු නිමාවකි. ඇලෙක්ස් පරායිල් ලෙසින් රංඟනයෙන් එක්වන සව්බින් ෂාහිර්, නන්නාදුනන්නා ලෙස රංඟනයෙන් එක්වන කේරල සිනමාව සතු අග්රගන්යම වස්තුව ෆහාද් ෆාසිල් සහ අර්චනා ලෙස එක්වන දර්ශනා රාජේන්ද්‍රන් එක්ව සිනමා පටය පුරා අවිනිශ්චිත, ගැඹුරු සහ නාටකීය ත්රාස්යයක ප්‍රේක්ෂකයා ඇඳ බැඳ තබයි. ඇලෙක්ස් නම් ව්‍යාපාරිකයෙක් මෙන්ම ලේඛකයෙක් වන අතර කතා සාරය අනුව ඔහුගේ දික්කසාද නඩුව වෙනුවෙන් පෙනී සිටින කණිෂ්ඨ නීතීඥවරිය අර්චනා ය. දික්කසාදයෙන් පසු හුදෙකලා දිවියක් ගතකරන ඇලෙක්ස් කෙටි කලක් ඇතුලත අර්චනා සමග ඇරඹෙන ප්‍රේම සබඳතාවේ මුහුණුවර කෙසේද යන්න පිළිබඳ නිශ්චය කිරීමට හෝ ඒ සඳහා පොදු රාමුගත නමක් ලබාදීමට ප්‍රේක්ෂකයාට කිසිවිටක ඉඩලබා නොදෙන්නට නිර්මාණකරුවා වග බලාගනී. කාර්යබහුල දිවියෙන් මිදීමට ඈත ප්‍රදේශයක නිවාඩුවක් සඳහා අර්චනා කැටුව යන ඇලෙක්ස් කඳුකර පෙදෙසක, අඳුරු රාත්‍රියක අනෝරා වැසිමැද මෝටර් රථයේ කාර්මික දෝෂයක් නිසා අතරමග නතරවීම සහ අසල විශාල බංගලාවකට පැමිණීම මගින් කතාව තීරණාත්මක අඩියකට ගෙන එයි. මේ නිවසේ සිටින උන්නි නමින් පසුව තමන් හඳුන්වාගන්න නන්නාඳුනන පුද්ගලයා, ඇලෙක්ස් සහ අර්චනා අතර ඇතිවෙන කතාබහ නිසාවෙන් ඇලෙක්ස් විසින් රචිත දාම අපරාධයක් පිළිබඳ සත්‍ය කතාව ඇසුරෙන් නිර්මාණය වී ඇති ‘ඉරුල්’ නැමති කෘතිය සම්බන්ධයෙන් විවේචනාත්මක වාදයක් ඇතිවෙන අතර ඒ සමගම සිදුවන විදුලි ඇණහිටීමක් සහ බිම්මහලේ විදුලි පාලක පුවරුව සොයායාම සමග කතාව වෙනත් මගකට පිවිසෙනු ඇත. අවසානයේ දාම ඝාතකයා සැබෑ ලෙසම නිවස තුල රැඳෙන බවත් ඒ නන්නාඳුනන්නා ද නැත්නම් ඇලෙක්ස් ද එසේත් නැතිනම් අර්චනා ද යන්න සිතාගැනීමට නොහැකි තැනක ප්‍රේක්ෂකයා මෙම සිනමා පටය තුල අන්ත අසරණ තත්ත්වයකට ඇද දැමීම තරම් සුවිශේෂී ලක්ෂණයක් මෙම සිනමා පටය තුල වෙනත් නොමැති තරම්ය. සැබෑ ලෙසම වේදිකා නට්‍ය ස්වරූපය සහ වේදිකා නාට්‍යයක භාවිතාවන ප්රයෝගයන් සහ රූපක භාවිතයන් ඉතා අපූරුවට භාවිතාවන මෙම චිත්‍රපටයේ සංගීතය භාවිතයද ඉතා විශිෂ්ට ය. ශ්රීරාඝ් සාජි විසින් සංගීතය මුසුකරනු ලැබූ මෙම සිනමා පටයේ තත්පරයක් ගානේ ප්‍රේක්ෂකයාගේ හදවත වේගයෙන් ගැහෙන, ඊළඟ මිනිත්තුවේදී සිදුවන්නේ කුමක්ද කියා සිතාගත නොහැකි සංකීර්ණ ජවනිකාමය ගැටළුවකට රැගෙන යන නිර්මාණයක් වීම නිසාම හුස්ම නොගෙන රසවිඳිය හැකි අපූරු Thriller මාදිලියේ චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්වූවටා වරදක් නැත. සියලුම ප්‍රේක්ෂකයන්ට මෙම නිර්මාණය සුපිරි මාදිලියේ නිර්මාණයක් වනු ඇතැයි උපකල්පනය කල නොහැකිය. විශේෂයෙන්ම බාල තත්ත්වයේ හොල්මන් කතාවලින් භීතියට පත්වන රසිකයන්ටනම් මෙය අපබ්රංසයක් හෝ විකාරයක් මිස මෙහි ඇති සිනමා නිර්මාණාත්මක අගයන් හෝ සියුම් මතුකිරීම් ග්‍රහණ්‍ය කරගන්නට හැකිවේවිද යන්න සැක සහිතය. නමුත් විනාඩි 90ක් උත්සහ කර බැලුවාට කිසිඳු පාඩුවක් නැත. Super Deluxe, Trance වැනි චිත්‍රපට වලින් ඉතා හොඳින් මුවහත්වී ඇති ෆහාද් ෆාසිල්ගේ රංගනය, Charlie, Kumbalangi Nights, Android Kunjappan වැනි චිත්‍රපටි වලින් අලුත්ම මගකට පිවිසි සව්බින් ෂාහිර් මෙම චිත්‍රපටය තුලද තමන්ගේ චරිතවල ඇති අති සූක්ෂම අංගයන් සහ අනන්‍යතා ඉතා මටසිලුටු ආකාරයෙන් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමත් සමගම Irul තවත් එක් මලයාලම් චිත්‍රපටයක් පමණක් නොව එය ඉන් එහා ගිය අති විශිෂ්ට මට්ටමේ චිත්‍රපටයක් ලෙස නම්කිරීම එයට කරන සාධාරණයක් ලෙස සැලකිය හැකිය. මෙය බොහොමයක් විචාරකයන් හඳුන්වා ඇත්තේ Unique Suspense Thriller හෙවත් අනන්‍ය අවලම්භිත ත්රාස්යජනය නිර්මාණයක් ලෙසින් ය. එසේම මෙය වේදිකා නාට්‍යමය ආකෘතියක් සහිත නිර්මාණයක්වීම තුල චරිත තුනක් අතරේ ගොඩනැගෙන කතිකාවත මගින් බිඳින් බිඳ හෙළිදරව්වන ත්‍රාස්‍යජනක කතාපුවත නිසාවෙන් එය සැබෑ ලෙස අග්‍රගන්‍ය අනන්‍ය නිර්මාණයකි. අප්‍රේල් මස 2 වැනි දින Netflix මගින් ලොව පුරා රසිකයන්ට දොර විවරකල මේ චිත්‍රපටය බීර උගුරක් තොලගාමින් නරඹන්නට අපූරු කටගැස්මකි. උපුටා ගැනීම - [URL='http://www.colomboplus.com']colomboplus.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom