Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මල ගෙවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි...

මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම් ඇතුලේ එකා අභාවප්ප්‍රාප්ත වී ඇත... ගෙදර එකා ප්‍රින්සිපල් වගේ සීන් එකක් නං සිදු වී ඇත්තේ කාල යාත්‍රා කිරීමක් හෙවත් කලුරිය කිරීමකි.. ගෙදර එකා ක්ලාක් කෙනෙක් නං ඌ මියගොස් ඇති අතර ගෙදර එකා ඩ්‍රයිවර් කෙනෙක් නං එහෙම මැරිලාය.. ගෙදර එකා හංදියේ බීගෙන නටන රස්තියාදු කාරයෙක් නං ඌ කූරියා ගහලාය..

කෙසේ වුවද මලගෙවල් අතරින් වඩාත්ම චමත්කාර ජනකම මල ගෙවල් විශේෂය වන්නේ වයස අවුරුදු අසූව පැනපු ආච්චී කෙනෙකු හෝ සීයා කෙනෙකු මිය ගිය අවස්තාවක් වටා ගොඩනැගී ඇති මල ගෙවල්ය.. මල් ශාලා කරුවාගේ සිට කුරා කුහුඹුවා දක්වා සකල ජනවාසීන්ම ප්‍රීතියෙන් ඇලලී යාම මෙම මල් ගෙවල් වලදී සිදුවේ... අසූව පැනපු ආච්චි කෙනෙකුගේ මරනයෙන් වේදනාවක් ලබන පාර්ශවයන් ද සොයාගැනීම උගහට වුවද කලාතුරකින් එබඳු අයවලුන්ද හමු වේ... එබඳු උන් කවරෙක්හුදැයි පවසන්නේ නම් අත්තම්මාගේ හෝ සීයාගේ පෙන්ශන් එකෙන් ගානක් කොටාගෙන ජීවත් වූ මුණුබුරු මිණිබිරියන් හෝ එම මවගේ පෙන්ශන් එකෙන් සූරාගෙන කමින් අනිත් සහෝදරයන්ගේ විරුද්දතා මැද දිවි ගෙවූ අතිජාත පුත්‍ර රත්නයන් සහ දුහිතෲ වරුන්ය.. මෙබඳු කඩප්පුලියන් කීප වර්ගයකට හැරෙන්නට අන් අයට අතිශය මහලු අය මියගිය විට එය ලොකු වේදනාවක් නොවේ...

ආච්චී මියගිය එකේ වැඩිම ප්‍රතිලාබ භුක්ති විඳින්නේ මුනුබුරු මිනිබිරියන්ය... මුනුබුරාට 18 පැනලා නං ආයෙ ඉතිං කතා කරලා වැඩක් නැත.. අඩෝ සජියගේ ආච්චි මැරිලා යන මැසේජ් එක අප්‍රිකාවේ මහා වනාන්තර වල පැතිරී යන ලැවුගින්නටත් වඩා වේගයෙන් කොල්ලන් සෙට් එක අතර පැතිරී ගොස් ඒකලා උඩින් ගොඩ බිමින් මුහුදෙන් ආදී සෑම මාර්ගයකින්ම මඩ් ගාඩ් ගලවපු පුට් සයිකලයේ සිට හොනට් එක දක්වා පරාසයක විහිදී යන බයිසිකල් වලින් මලගෙදරට සම්ප්‍රාප්ත වේ.. සජියාට නංගි කෙනෙකු සිටී නම් තත්වය මීට වඩා වෙනස්ය.. එසේ වූ කල්හි මලගේ ආරංචි උන ගමන් එකෙක් සැලුන් එකට දුවයි.. අනිකා බයිසිකලේ හෝදාගෙන එන්නට යයි.. නාලා කියලා කට්ටිය පැය හය හතකින් මලගේ පැත්තට සේන්දු වෙනකොට සෙට් එකක් මිදුලේ කොනක අන්තර්ජාතික ඔලිම්පික් කැරම් සූරතාවයට පුහුනු වීම් කටයුතු වල නියැලෙන අතර තවත් පිරිසක් බුලත් නිසා සවුක්යයට සිදු වන හානිය වැලැක්වීමේ පරම පිවිතුරු චේතනාවෙන් නොමිලේ ලැබෙන බුලත් වට්ටිය ඉක්මනින් ඉවර කරනු වස් වඳුරන් කොල කන්නා සේ කාගෙන කාගෙන යනු දැකිය හැක..

ගේ ඇතුලේ සජියාගේ අම්මා සහ පුංචි අම්මා හරි හරියට අඬති... ඒ සජියගේ ආච්චී මල දුකට නොවේ... සජියාගේ පුංචි අම්මා ඉගෙනගත්තේ නැති හිංදා සජියාගේ සීයා තමන්ගේ පෙන්ශන් එකෙන් කොටසක් පුංචි අම්මාට හරවා තිබූ අතර සීයා මියගිය පසුද එය ආච්චී හරහා සජියාගේ පුංචිඅම්මාට මාස් පතා ලැබීම ඇයගේ බියුටි සැලුන් ගාස්තුවට රුකුලක් වීමත් හෙට සිට එම පෙන්ශන් එක නැති වීම පුංචි අම්මාගේ ලය පැලී යන්නට තරං ශෝකයක් වූ නිසා පුංචි අම්මා අඬන අතර ඇය එම වේදනාව දරාගත නොහී සජියාගේ අම්මා අමතා

" අම්ම මගේ ලඟ හිටියා නං මෙහෙම වෙන්නේ නෑ "

කියපු එකට සජියාගේ අම්මා පොලවෙ හැපී වැලපෙයි...

ඒ මේ වැලපුම් අතර සජියාගේ නංගි ඇහි බැම දෙකත් පොල් අතු දෙකක් වගේ වෙන්නට හනි හනිකට සකසාගෙන නේචර් සීක්රට් පේසල් වොස් එකෙං මූන එහෙම හෝදලා රෝස් පවුඩර් තට්ටුවක් මූනේ උලාගෙන සුදු ඇඳුමකුත් ඇඳගෙන විජ විජහට ලෑස්ති වෙයි.. ඒ වෙන මොකවත් නිසා නොව මලගෙදරට එන එවුංගේ අවදානය මිනියට යොමු උනහොත් ඔවුන්ට දුක හිතී වැලපෙන නිසා ඔවුන්ගේ අවදානය තමන් වෙතට යොමු කරගෙන එම දුක තුනී කරන්නටය... සජියාගේ අම්මාගේ ඔපිස් එකෙන් එවලා මිදුලේ අඹ ගස් දෙකේ ගැටගසා ඇති තඩි පෑස් ලයිට් දෙකේ එලියට සජියාගේ නංගි නිකං චතුරිකා පීරිස් වගේ කොල්ලන් සෙට් එකට පෙනේ.. සජියාගේ අම්මාගේ වැලපීම ටික වේලාවකින් නතර වුවද පුංචි අම්මාගේ වැලපිල්ල දිගටම පවතින අතර මල ගෙදරට එන කවුරු හරි ලොකු බිස්කට් පෙට්ටියක් හෝ සන්ක්වික් බෝතල් දෙකක් විතර ගෙනත් සජියාගේ අම්මාට දෙන විට පුංචම්මගේ වැලපිල්ල මර ලතෝනියක් බවට පත් වේ.. එ වැනි අවස්තා වලදී

" අනේ අම්ම මගෙ ලඟ හිටියානං මේවා මෙහෙම වෙන්නේ නෑනේ "

කියා වැලපෙන පුංචම්මා දකින ජනතාව හිතන්නේ අනේ අම්මට වැඩියෙන්ම ආදරේ පොඩි දුව වෙන්න ඇති නේද කියාය...

එක වරම මිදුලට හැරෙන පාරේ තඩි ඩබල් කැබ් එකක් නවත්තනු දකින සජියා මල් වැටට මුවා වී යාලුවන් සමග උරමින් සිටි පිල්ටර් කොටය විසි කර ගෙට දුව ගොස් අම්මාට කනට කර කියන දෙය කුමක් වුවත් අම්මාගේ ස්වරූපය සම්පූර්නයෙන් වෙනස් කරන්නට එම කියන දෙය සමත්ය... විජ විජහට කාමරයට පනින ඇය ලිප්ස්ටික් පාරක් උලාගෙන නැවත මිනිය අසලට පැන දොරකඩට කුරුමානං අල්ලාගෙන සිටී... බඩ තඩි බොසා විස්කෝතු පෙට්ටියත් රැගෙන ගෙට එනවාත් සමගම සජියාගේ තාත්තා ආයිබොවන් පාරක් දාන අතරම සජියාගේ අම්මා මංත්‍රී දේවියගේ වැලපිල්ල අරඹයි..

" අනේ අම්මේ සාමාන්යාදීකාරිතුමා ආවා නැගිටින්ඩකෝ.... කාගේවත් මලගෙවල් වල යන්නේ නැති මෙතුමා අම්මව බලන්ඩ ඇවිල්ලා නැගිටින්ඩකෝ අනේ " කියා පොඩි සීන් එකක් දෙයි..

සජියාගේ තාත්තාගේ කොම්පැනියේ යාලුවන් මල ගෙදරට එන්න කලින් දුක තුනී කරගනු වස් තුන් හතර දෙනා ගේට්ටුවට නුදුරේ වාහන වල ඩිකිය ඇරගෙන අඩියක් ගහන අතර උංගේ ඇමතුමෙන් එතෙන්ට පැන පිනට ශොට් එකක් ගහගැනීමේ බාග්යය සජියාගේ තත්තාට හිමි වේ... රෑ එකොලහ දොලහ පමන වන විට මෙබඳු මිතුරන් පස් හය ගොල්ලක් පැමිනීම කරන කොට ගෙන සජියාගේ පියා සහ මියගිය අත්තම්මා අතර දරුනු තරගයක් ඇති වේ... ඒ මල ගෙදර මිනිය වීමේ තරගයයි ... එන එවුංට සජියාගේ පියා මිනිය නොවන බව තේරුම් ගැනීමට හැකි එකම සාදකය පොර වැනි වැනී හෝ හිටගෙන සිටීමයි... මේ සීන් අතරේ සමනල් හැඟුමන් අතරේ සින්දුවට නටන කෙල්ලෝ රෑන සිහිපත් කරවන සජියාගේ නංගි සහ ඒ ලෙවල් පංතියේ කෙල්ලන් හෙවත් මැරුන ආච්චීට අනුව නම් කෙල්ලගේ යාලු තේඋඩිච්චි ටික නෙස් කැපේ බාර නිලදාරීනී තනතුරු හොබවයි.. ඔවුන් ට්‍රේ එකේ නෙස්කැපේ කෝප්ප ටිකක් තියාගෙන තමන් ශ්‍රීලංකන් ගුවන් සේවිකාවකැයි යන මානසිකත්වයක් උද්දීපනය කරගෙන ගැම්මට යනු දකින කැරම් ක්‍රීඩකයන් අමන්දානන්දයට පත් වේ...

"නංගි අපටත් දෙන්නකෝ " යැයි පවසා නංගිව ලඟට ගෙන්නා ගන්නා ඔවුහු හෙට උදේට මලබද්දය හැදී මියගියත් කමක් නෑ මේ නංගිගෙ අතින් කෝපි බීලා... යන චේතනාව පෙරදැරි කරගෙන සිය දොලොස් වැනි හෝ පහලොස් වැනි කෝපි කෝප්ප හිස් කරයි... මල ගෙවල් වල බිස්කට් අල්ලන එකියන් කැරම් ක්‍රීඩකයන් සිටින ඉසවුව මගහැර යන්නේ එම ක්‍රීඩකයන් සිය ජයග්‍රහනයට අවශ්‍ය බලය ජවය ශක්තිය ආදී සියල්ල බිස්කට් වලින්ම ලබා ගැනීමට උත්සහ කරන නිසාය.. මහපටැඟිල්ලේ තුඩේ සහ දබරැඟිල්ලේ තුඩත් අතර දුරට අසු වන තරමක් බිස්කට් එක උඩ එක ගැසූ කනුවක් අරං කන ගමං නංගි වේපස් නැත්ද කියලා අහන ක්‍රීඩකයන් දකින යමෙකුට හිතෙන්නේ වේපස් කෙසේ වෙතට් මුන් තව දවසක් දෙකක් මෙහේ හිටියොත් එහෙම ගෙදර එවුන්ට පොලවේපස් කෑමට සිදු වන බවකි... මෙම අකටයුත්ත දරාගත හැකි සීමාව ඉක්මවා යන අවස්තාවේදී සජියාගේ මාමා කෙනෙකු පැමින...

"පුතාලා බඩ්ඩිංගක් කමුද " අසත්ම තරුණයන් කැරම් බෝඩ් එකත් උඩ විසි වෙලා පොට් වෙලා හිටපු රෙඩාවත් ආපහු වලෙන් එලියට විසි වෙන තරම් වේගයකින් නැගිටින්නේ, " පුතාලා ඕං ඩයිනෝසරයෙක් එනවා පන බේරං දුවන්ඩලා" කියලා පනිවිඩයක් ලැබුන කලෙක මෙනි...

කන්ඩ තියෙන්නේ එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයටත් වඩා වියවස්තා සම්මත කරගෙන මහා සබා වාර පිහිටුවාගෙන ගමේ ප්‍රිසිපල් විසින් මුලසුන හොබවබ මරණාධාර හෙවත් හැමදාම හෙන ගාස්තු එකතු කරමින් මිනිස්සුන්ට මරණයට ආදාර කරන සී ඩ්‍රැගන්ස්... ඩෙඩ් මොන්ස්ටර්ස්... බෝන් බ්‍රේකර්ස්.. වැනි මනරම් නමකින් යුතු මරණාධාර සමිතියේ පූර්ණ දායකත්වය ඇතිව සාමාජික අංකල් ලා විසින් පොලට ගොස් වෙලඳ මහතුන් හමු වී කතිකා කර එම වෙලඳ මහතුන් විසින් එදින උදයේ හෝ පෙර දින රාත්‍රියේ විශේශ ඉල්ක්ට්රොනික පරීක්ශන වලට ලක් කර දැල් ගෝනි නම් වූ බහලුම් වල බහා ඌරු කොටු සඳහා යැවීමට තෝරාගත්, පෙනේර සිහිගන්වන ගෝවා කොල රැගෙන විත් ඒවා වලින් සාදාගත් ගෝවා කොල මැල්ලුම... සති පොලේ ඉතා මිල අදික එලවලු වන කැකිරි .. වට්ටක්කා මාලුවය.....ඒවා සමග කන්නට එවා ඇති බත් ද එයිට දෙවෙනි නැත.... සාමන්‍යයෙන් මෙම බත් සමිතියෙන් උයපුවා බව නොදන්නා කෙනෙක් සජියගේ ආච්චී විරුද්ද පක්ශයේ ඇමති කෙනක් වී ගමට හිරිහැර කරමින් සිටි අයෙක් බවත් ඇය මියගිය සතුටට ගම්මුන් විසින් කිරිබත් උයා එවා ඇතැයි සිතයි... ඒ තරම් බෙරි වෙලාය... එහෙත් වැලේ වැල් නැතුව මාරි වලින් පලි ගනිමින් සිටින සජියාගේ යාලුවන්ට ඒවා ප්‍රශ්න නොවේ.... මෙසේ ඇරඹෙන කෑම නතර වෙන්නේ ඒ ගෙදර කෙනෙක් පැමින... .

"කන්ඩ කන්ඩ පුතාලා අපි ඔය පාන් රාත්තල් ටිකක් ගෙන්නන්නම්කො අනිත් අයට කන්ඩ "

කී විටය....

මල් වඩම් වලින් ශෝකය පල කිරීම නිශ්පල ක්‍රියාවක් බවත් ශෝකය පලකිරීමේ නිවැරදිම ක්‍රමය වන්නේ මල ගෙදරින් බඩ පැලෙන්නට කෑම බව ගම්‍යමාන කරමින් තියෙන ඒවා කාබී සබාතොමෝ සතුටින් විසිර යන අතර රෑ දොලහ පමණ පහු වන විට මලගෙදර ඉතිරි වෙන්නේ හෙටක් කියා දිනක් නොහඳුනන සජියාගේ පාප මිත්‍ර කැරම් ක්‍රීඩකයන් සහ මල ගේ කාගේදැයි වත් නොදැන යන්තං සුදු කොඩි රැලි පාලං දැක කාඩ් පැක් රැගෙන ස්වකීය බූරු කවුශල්යය ඔප්නංවාගනු වස් පැමිනෙන සිය කීර්ති කදම්බයෙන් අහල ගම් හතක බූරු මැන්ඩි ආලෝකවත් කළ වුර්තියමය බූරු ක්‍රීඩකයන්ය...

මුලින්ම හට් එකේ හරි මැද ඉතා අහිංසක ලීලාවෙන් ජෝඩු බලන .. ඕමි ගහන... පොඩි එවුනට කාඩ් කුට්ට්මෙන් මැජික් පෙන්නන ඔවුහු මද්යම රාත්‍රිය එලඹීමත් සමගම පෘතුවියේ අංසක විසිතුනහමාරේ ඇලය නිසා ටික ටික හට් එකේ කෙලවරට තල්ලු වී යයි.. සජියාගේ ආච්චී මියගිය දුකට පෘතුවිය වෙනදාටත් වඩා වේගයෙන් කරකැවී තවත් ටිකකින් ඔවුන් අල්ලපු වත්ත කෙල්වරටම විසිවී එහි සිට ජයටම කෑකොස්සන් ගසමින් බූරු චැම්පියන් ලීග් කුසලානයට සටන් වදී...

සජියාගේ ආච්චිගේ මරනයෙන් වාසි ගන්නට බලා සිටින්නේ මල් ශාලා කාරයා පමණක් යැයි සිතීම වැරදි බව පසක් කරමින් රාත්‍රි දොලහ පසු වන විට තවත් සංවිදානාත්මක කල්ලියක් ක්‍රියාත්මක වේ... එම කල්ලිය නම් සජියාගේ නංගි සහ නංගී යාලු වී සිටින කොල්ලා ප්‍රමුක මිතුරන් තිදෙනෙකුගෙන් සමන්විත පිරිසකි...

නිවසට මෙතෙක් රහසක්ව පවතින පෙම් පලහිලවුවේ මූල බීජය සජියාගේ අම්මාට කාන්දු කරවීමේ නියම අවස්තාව මෙය බව වටහාගන්නා මහ මොලකාරිය වන සජියාගේ නංගී දෙන පණිවිඩය අනුව උදේ ඉඳං ලෑස්ති කරගෙන සිටින සුදු කමිසයත් ඇඳගෙන කොන්ඩේ ජෙල් ගා කූරු හදලා රැවුල කපලා ලස්සන වී ම්තුරන් සමග මලගෙදරට සේන්දු වන පෙම්වතා ගෙට ගොඩ වන විටම සජියාගේ නංගි විසින්..

" අම්මේ මේ අපේ ක්ලාස් එකේ අයියා කෙනෙක්"

කියා කියත්ම මුලින් කපා හෙලන ලද නාඹ තල් කඳක් පරිද්දෙන ස්වකීය අනාගත නැන්දම්මාගේ දෙපා මුල පතබෑවී පාද යුග්මය වන්දනාමානයේ යෙදෙන මේ යවුවනයා නිකන්ම නිකන් අයියා කෙනෙකු නොවන වග සිය තරුණ කාලයේ දහ අට පාලි නටා පෝරක හතෙන් වැටී පොල්පිති හත පහු කර සිටින සජියාගේ අම්මාට වැටහුනද මේ මලගෙවල් අස්සේ ඔවාට ඔට්ටු වීම නොහොබිනා බැවින්

මේ පුතා කොහෙද...

මොනවද ඉගෙන ගන්නේ...

අම්ම තාත්තා මොකද කරන්නේ...

ආදී කොට ඇති සරල පැනයන් කීපයකින් සහ අරූ ඒකට දෙන පම්පොරි සහිත තාර බර සමග දෙන පිලිතුරු වලින් සෑහීමකට පත් වන්නට සිදු වේ... පැය බාගයක් පමණ නිවසේ රැඳෙන එම යවුවනයන් තිදෙන පිටත් වී යන විට උන් සමග පසු ගමන් යන සජියාගේ නංගිගේ දසුන හට් එකේ කැරම් ගහන භද්‍ර යවුවනයන්ගේ නේත්‍රා යුග්ම වල අනින ලද කටු පොකුරු බඳු වූ නිසා දැදුරු වන ලදුව ලෝහිත දාරා ගලන හදවත් ඇතිව ස්වකීය කැරම් ක්‍රීඩාව අතරමග නිම කර ඔවුහුද නිවෙස් වලට පිටව යති... පහුවදා සතියේ දවසක් වන නිසා මල ගෙදර හෙවත් පුෂ්ප ගෘහය පාලු ස්වරූපයක් උසුලන බැවින් නිවැසියෝද දොරවල් වසා තන්හි තන්හි වැටී නිදි දෙවු දුව වැලඳගනිති....

හොඳම ජෝගිය එන්නේ පහුවදාටය... ගමේ සුපිරිම බේබද්දන් ටික කනත්තේ වල කපන වැඩ වලට සිය රන් දෑතේ සවිය ලබාදෙන්නේ මිනී වලවල් කපන එක දිවිය සැප ලබා දෙන පුන්‍ය කර්මයක් වන නිසා මිසක වල කපන එවුන්ට අසීමිතව ලබාදෙන අරක්කු වලට ඇති ගිජු බව නිසා නොවේය... එහේ වැඩ එසේ යන අතර පාංසකූලයට එන හාමුදුරුවන් දෙන වර්ණනාව අනුව නම් මියගොස් ඇත්තේ සජියාගේ ආච්චී නොව සජියාගේ අම්මායැයි සිතන බොහෝ දෙනෙක් නැවත පෙට්ටිය විවුර්ත කර මිනිය බැලීමට අවශ්‍ය බව පවසා සිටින්නේ හරියටම ඉස්තීරවම එය දැනගැනීමටය..

" අද මේ මියගොස් සිටින උපාසිකා මාතාව ඉතාම පින්වත් දරුවන් රැසක් සමාජයට දායක කර තිබෙන බව අපි හොඳින්ම දන්නවා.. ඉන් එක දියනියක් වන මේ නිවැසි අපේ කුමාරි නෝනා මහත්මිය නිතරම අපේ පංසලට එන අපට උදවු කරන පින්වත් දායිකාවක් කියා පටන්ගන්නා උන්වහන්සේගේ පැයක දේශනාව පුරා විසිරී පැතිරී ඇත්තේ සජියාගේ අම්මා විසින් පංසලේ මකර තොරනට පනස් දාහක් දුන්න එකයි රන් වැටක් හදලා දුන්න එකයි පහන් පූජාවට දායක උන එකයි කොහෙදි දැක්කත් කාර් එකේ දාගෙන එන එකයි මෙකී නොකී කතන්දරය...උන්වහන්සේගේ දේශනයෙන් අනතුරුව සජියාගේ අම්මාගේ ඔපිස් එක වෙනුවෙන් කරන කතාවෙන් පටන්ගන්නා කතා මාලාව අවසන් වන්නේ හන්දියේ මස් කඩයේ මුදලාලි ගේ කතාව ඇතුලු කතා හතලිස් පහක් පමන අවසන් කිරීමෙන් පසුවය..

වල කපන තැන එවුන්ගෙන් බාගෙට බාගයක් මේ වන විටත් වල සරසන්නට ගෙනා ලී කුඩු ගොඩවල් උඩ සහ පරණ මිනී වලවල් වල පස් කඳු උඩ වැටී සිටින්නේ මිනී වලවල් කපන විට මතුවූ භූතාත්මයක පහරදීමක් නිසා මිසක පිනට ලැබුන අරක්කු බී වෙරි වෙලා නොවේය... පෙරහැර කනත්ත ලඟට එන විට ඔවුන් උස්සාගෙන ගොස් කනත්ත කෙලවරේ තැන්පත් කර වල සූදානම් කිරීමෙන් අනතුරුව ඉතිරි පිරිස එකත්පස්ව බිම බලාගෙන සිටින්නේ සජියාගේ ආච්චී මියගිය ශෝකයට මිසක් වෙරි නියාව සමාජයෙන් වසන් කිරීම සඳහා නොවේ... මුරුත කලේබරය බහාලූ පෙට්ටිය වලට බැස්ස්වීමෙන් අනතුරුව එලඹෙන්නේ පස් ගුලි වලින් පෙට්ට්යට රබන් පද ගහන්නාක් මෙන් දමා ගැසීමේ චාරිත්‍රයයි..

මේ අහු අස්සේ සජියාගේ පුංචි අම්මාගේ පොඩි සීන් එකක් වල අසබඩ තිරගත වේ....

" අනේ මට නං බැරියෝ මටත් අම්ම යන ලෝකෙටම යන්න ඕනේ .. අනේ මාවත් ඔය වලටම දාලා වහපියෝ... මට මැරෙන්න ඉඩ දීපියෝ "

කියමින් ස්විමිං පූල් එකේ උඩ සවි කරන ලද ලැල්ලේ කෙලවරේ හිටගෙන පූල් එකට පනින්නට සැරසෙන ක්‍රීඩිකාවක් මෙන් මිනී වලේ ගැට්ටේ පස් ගොඩක් මත සිටගෙන වල දෙසට බර වී පනින්න දඟලන සජියාගේ පුංචි අම්මාගේ දසුන කාගේත් නෙත් කඳුලින් තෙත් කරන අතර ඇය වලට පැන සිය ජීවිතය නැතිකරගැනීම වැලකිවීම සඳහා සැමියා ඇතුලු හැඩිදැඩි පිරිමි දෙතුන් දෙනෙකු ඇයව තරයේ අල්ලාගෙන සිටිති.. වලට පස් මිටක් දමන්නට ආ පොඩි එකෙක් ලිස්සා ගොස් සජියාගේ පුංචි අම්මාගේ ඇඟේ හැපීම නිසා පුංචි අම්මා වලට නොවැටී අනූනමයෙන් බේරුන අතර මෙතෙක් වේලා වලට පැන දිවි පුදන්නට පොර කෑ ඇය පොඩි එකාගේ කන මිරිකමින් පැවසුවේ.

"මොකද යකෝ වෙලා තියෙන්නේ .. මරන්ඩද හදන්නේ ..තව ඩිංගෙන් මං වලට වැටෙනවා හොඳ වෙලාවට දෙයියෝ බලලා බේරුනේ "

කියාය...

ධනුෂ්ක කාංචන ජයවීර..(උපුටා ගත්තකි.)

[QUOTE="nadeera321, post: 22910985, member: 560083"] [SIZE="4"]මල ගෙවල් යනු ඝර්ම කලාපීය රටවල් වල හැදෙන තාල වර්ගයේ ගෙවල් විශේෂයකි.. ඒවා තාල වර්ගයට අයත් වන්නේ එම ගෙවල් වල වැඩ එක එක තාලයට සිදු වන බැවිනි... මල ගෙයි බිත්ති අතර ඇති වර්ග අඩි ගණන අනුව සහ ගෙදර එකාගේ රස්සාව අනුව ගේ ඇතුලේ එකාට සිදු වී ඇති දෙයද එකිනෙකට ඉඳුරාම වෙනස්ය... ගෙදර එකා මැති ඇමති මට්ටමේ නම් ඇතුලේ එකා අභාවප්ප්‍රාප්ත වී ඇත... ගෙදර එකා ප්‍රින්සිපල් වගේ සීන් එකක් නං සිදු වී ඇත්තේ කාල යාත්‍රා කිරීමක් හෙවත් කලුරිය කිරීමකි.. ගෙදර එකා ක්ලාක් කෙනෙක් නං ඌ මියගොස් ඇති අතර ගෙදර එකා ඩ්‍රයිවර් කෙනෙක් නං එහෙම මැරිලාය.. ගෙදර එකා හංදියේ බීගෙන නටන රස්තියාදු කාරයෙක් නං ඌ කූරියා ගහලාය.. කෙසේ වුවද මලගෙවල් අතරින් වඩාත්ම චමත්කාර ජනකම මල ගෙවල් විශේෂය වන්නේ වයස අවුරුදු අසූව පැනපු ආච්චී කෙනෙකු හෝ සීයා කෙනෙකු මිය ගිය අවස්තාවක් වටා ගොඩනැගී ඇති මල ගෙවල්ය.. මල් ශාලා කරුවාගේ සිට කුරා කුහුඹුවා දක්වා සකල ජනවාසීන්ම ප්‍රීතියෙන් ඇලලී යාම මෙම මල් ගෙවල් වලදී සිදුවේ... අසූව පැනපු ආච්චි කෙනෙකුගේ මරනයෙන් වේදනාවක් ලබන පාර්ශවයන් ද සොයාගැනීම උගහට වුවද කලාතුරකින් එබඳු අයවලුන්ද හමු වේ... එබඳු උන් කවරෙක්හුදැයි පවසන්නේ නම් අත්තම්මාගේ හෝ සීයාගේ පෙන්ශන් එකෙන් ගානක් කොටාගෙන ජීවත් වූ මුණුබුරු මිණිබිරියන් හෝ එම මවගේ පෙන්ශන් එකෙන් සූරාගෙන කමින් අනිත් සහෝදරයන්ගේ විරුද්දතා මැද දිවි ගෙවූ අතිජාත පුත්‍ර රත්නයන් සහ දුහිතෲ වරුන්ය.. මෙබඳු කඩප්පුලියන් කීප වර්ගයකට හැරෙන්නට අන් අයට අතිශය මහලු අය මියගිය විට එය ලොකු වේදනාවක් නොවේ... ආච්චී මියගිය එකේ වැඩිම ප්‍රතිලාබ භුක්ති විඳින්නේ මුනුබුරු මිනිබිරියන්ය... මුනුබුරාට 18 පැනලා නං ආයෙ ඉතිං කතා කරලා වැඩක් නැත.. අඩෝ සජියගේ ආච්චි මැරිලා යන මැසේජ් එක අප්‍රිකාවේ මහා වනාන්තර වල පැතිරී යන ලැවුගින්නටත් වඩා වේගයෙන් කොල්ලන් සෙට් එක අතර පැතිරී ගොස් ඒකලා උඩින් ගොඩ බිමින් මුහුදෙන් ආදී සෑම මාර්ගයකින්ම මඩ් ගාඩ් ගලවපු පුට් සයිකලයේ සිට හොනට් එක දක්වා පරාසයක විහිදී යන බයිසිකල් වලින් මලගෙදරට සම්ප්‍රාප්ත වේ.. සජියාට නංගි කෙනෙකු සිටී නම් තත්වය මීට වඩා වෙනස්ය.. එසේ වූ කල්හි මලගේ ආරංචි උන ගමන් එකෙක් සැලුන් එකට දුවයි.. අනිකා බයිසිකලේ හෝදාගෙන එන්නට යයි.. නාලා කියලා කට්ටිය පැය හය හතකින් මලගේ පැත්තට සේන්දු වෙනකොට සෙට් එකක් මිදුලේ කොනක අන්තර්ජාතික ඔලිම්පික් කැරම් සූරතාවයට පුහුනු වීම් කටයුතු වල නියැලෙන අතර තවත් පිරිසක් බුලත් නිසා සවුක්යයට සිදු වන හානිය වැලැක්වීමේ පරම පිවිතුරු චේතනාවෙන් නොමිලේ ලැබෙන බුලත් වට්ටිය ඉක්මනින් ඉවර කරනු වස් වඳුරන් කොල කන්නා සේ කාගෙන කාගෙන යනු දැකිය හැක.. ගේ ඇතුලේ සජියාගේ අම්මා සහ පුංචි අම්මා හරි හරියට අඬති... ඒ සජියගේ ආච්චී මල දුකට නොවේ... සජියාගේ පුංචි අම්මා ඉගෙනගත්තේ නැති හිංදා සජියාගේ සීයා තමන්ගේ පෙන්ශන් එකෙන් කොටසක් පුංචි අම්මාට හරවා තිබූ අතර සීයා මියගිය පසුද එය ආච්චී හරහා සජියාගේ පුංචිඅම්මාට මාස් පතා ලැබීම ඇයගේ බියුටි සැලුන් ගාස්තුවට රුකුලක් වීමත් හෙට සිට එම පෙන්ශන් එක නැති වීම පුංචි අම්මාගේ ලය පැලී යන්නට තරං ශෝකයක් වූ නිසා පුංචි අම්මා අඬන අතර ඇය එම වේදනාව දරාගත නොහී සජියාගේ අම්මා අමතා " අම්ම මගේ ලඟ හිටියා නං මෙහෙම වෙන්නේ නෑ " කියපු එකට සජියාගේ අම්මා පොලවෙ හැපී වැලපෙයි... ඒ මේ වැලපුම් අතර සජියාගේ නංගි ඇහි බැම දෙකත් පොල් අතු දෙකක් වගේ වෙන්නට හනි හනිකට සකසාගෙන නේචර් සීක්රට් පේසල් වොස් එකෙං මූන එහෙම හෝදලා රෝස් පවුඩර් තට්ටුවක් මූනේ උලාගෙන සුදු ඇඳුමකුත් ඇඳගෙන විජ විජහට ලෑස්ති වෙයි.. ඒ වෙන මොකවත් නිසා නොව මලගෙදරට එන එවුංගේ අවදානය මිනියට යොමු උනහොත් ඔවුන්ට දුක හිතී වැලපෙන නිසා ඔවුන්ගේ අවදානය තමන් වෙතට යොමු කරගෙන එම දුක තුනී කරන්නටය... සජියාගේ අම්මාගේ ඔපිස් එකෙන් එවලා මිදුලේ අඹ ගස් දෙකේ ගැටගසා ඇති තඩි පෑස් ලයිට් දෙකේ එලියට සජියාගේ නංගි නිකං චතුරිකා පීරිස් වගේ කොල්ලන් සෙට් එකට පෙනේ.. සජියාගේ අම්මාගේ වැලපීම ටික වේලාවකින් නතර වුවද පුංචි අම්මාගේ වැලපිල්ල දිගටම පවතින අතර මල ගෙදරට එන කවුරු හරි ලොකු බිස්කට් පෙට්ටියක් හෝ සන්ක්වික් බෝතල් දෙකක් විතර ගෙනත් සජියාගේ අම්මාට දෙන විට පුංචම්මගේ වැලපිල්ල මර ලතෝනියක් බවට පත් වේ.. එ වැනි අවස්තා වලදී " අනේ අම්ම මගෙ ලඟ හිටියානං මේවා මෙහෙම වෙන්නේ නෑනේ " කියා වැලපෙන පුංචම්මා දකින ජනතාව හිතන්නේ අනේ අම්මට වැඩියෙන්ම ආදරේ පොඩි දුව වෙන්න ඇති නේද කියාය... එක වරම මිදුලට හැරෙන පාරේ තඩි ඩබල් කැබ් එකක් නවත්තනු දකින සජියා මල් වැටට මුවා වී යාලුවන් සමග උරමින් සිටි පිල්ටර් කොටය විසි කර ගෙට දුව ගොස් අම්මාට කනට කර කියන දෙය කුමක් වුවත් අම්මාගේ ස්වරූපය සම්පූර්නයෙන් වෙනස් කරන්නට එම කියන දෙය සමත්ය... විජ විජහට කාමරයට පනින ඇය ලිප්ස්ටික් පාරක් උලාගෙන නැවත මිනිය අසලට පැන දොරකඩට කුරුමානං අල්ලාගෙන සිටී... බඩ තඩි බොසා විස්කෝතු පෙට්ටියත් රැගෙන ගෙට එනවාත් සමගම සජියාගේ තාත්තා ආයිබොවන් පාරක් දාන අතරම සජියාගේ අම්මා මංත්‍රී දේවියගේ වැලපිල්ල අරඹයි.. " අනේ අම්මේ සාමාන්යාදීකාරිතුමා ආවා නැගිටින්ඩකෝ.... කාගේවත් මලගෙවල් වල යන්නේ නැති මෙතුමා අම්මව බලන්ඩ ඇවිල්ලා නැගිටින්ඩකෝ අනේ " කියා පොඩි සීන් එකක් දෙයි.. සජියාගේ තාත්තාගේ කොම්පැනියේ යාලුවන් මල ගෙදරට එන්න කලින් දුක තුනී කරගනු වස් තුන් හතර දෙනා ගේට්ටුවට නුදුරේ වාහන වල ඩිකිය ඇරගෙන අඩියක් ගහන අතර උංගේ ඇමතුමෙන් එතෙන්ට පැන පිනට ශොට් එකක් ගහගැනීමේ බාග්යය සජියාගේ තත්තාට හිමි වේ... රෑ එකොලහ දොලහ පමන වන විට මෙබඳු මිතුරන් පස් හය ගොල්ලක් පැමිනීම කරන කොට ගෙන සජියාගේ පියා සහ මියගිය අත්තම්මා අතර දරුනු තරගයක් ඇති වේ... ඒ මල ගෙදර මිනිය වීමේ තරගයයි ... එන එවුංට සජියාගේ පියා මිනිය නොවන බව තේරුම් ගැනීමට හැකි එකම සාදකය පොර වැනි වැනී හෝ හිටගෙන සිටීමයි... මේ සීන් අතරේ සමනල් හැඟුමන් අතරේ සින්දුවට නටන කෙල්ලෝ රෑන සිහිපත් කරවන සජියාගේ නංගි සහ ඒ ලෙවල් පංතියේ කෙල්ලන් හෙවත් මැරුන ආච්චීට අනුව නම් කෙල්ලගේ යාලු තේඋඩිච්චි ටික නෙස් කැපේ බාර නිලදාරීනී තනතුරු හොබවයි.. ඔවුන් ට්‍රේ එකේ නෙස්කැපේ කෝප්ප ටිකක් තියාගෙන තමන් ශ්‍රීලංකන් ගුවන් සේවිකාවකැයි යන මානසිකත්වයක් උද්දීපනය කරගෙන ගැම්මට යනු දකින කැරම් ක්‍රීඩකයන් අමන්දානන්දයට පත් වේ... "නංගි අපටත් දෙන්නකෝ " යැයි පවසා නංගිව ලඟට ගෙන්නා ගන්නා ඔවුහු හෙට උදේට මලබද්දය හැදී මියගියත් කමක් නෑ මේ නංගිගෙ අතින් කෝපි බීලා... යන චේතනාව පෙරදැරි කරගෙන සිය දොලොස් වැනි හෝ පහලොස් වැනි කෝපි කෝප්ප හිස් කරයි... මල ගෙවල් වල බිස්කට් අල්ලන එකියන් කැරම් ක්‍රීඩකයන් සිටින ඉසවුව මගහැර යන්නේ එම ක්‍රීඩකයන් සිය ජයග්‍රහනයට අවශ්‍ය බලය ජවය ශක්තිය ආදී සියල්ල බිස්කට් වලින්ම ලබා ගැනීමට උත්සහ කරන නිසාය.. මහපටැඟිල්ලේ තුඩේ සහ දබරැඟිල්ලේ තුඩත් අතර දුරට අසු වන තරමක් බිස්කට් එක උඩ එක ගැසූ කනුවක් අරං කන ගමං නංගි වේපස් නැත්ද කියලා අහන ක්‍රීඩකයන් දකින යමෙකුට හිතෙන්නේ වේපස් කෙසේ වෙතට් මුන් තව දවසක් දෙකක් මෙහේ හිටියොත් එහෙම ගෙදර එවුන්ට පොලවේපස් කෑමට සිදු වන බවකි... මෙම අකටයුත්ත දරාගත හැකි සීමාව ඉක්මවා යන අවස්තාවේදී සජියාගේ මාමා කෙනෙකු පැමින... "පුතාලා බඩ්ඩිංගක් කමුද " අසත්ම තරුණයන් කැරම් බෝඩ් එකත් උඩ විසි වෙලා පොට් වෙලා හිටපු රෙඩාවත් ආපහු වලෙන් එලියට විසි වෙන තරම් වේගයකින් නැගිටින්නේ, " පුතාලා ඕං ඩයිනෝසරයෙක් එනවා පන බේරං දුවන්ඩලා" කියලා පනිවිඩයක් ලැබුන කලෙක මෙනි... කන්ඩ තියෙන්නේ එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයටත් වඩා වියවස්තා සම්මත කරගෙන මහා සබා වාර පිහිටුවාගෙන ගමේ ප්‍රිසිපල් විසින් මුලසුන හොබවබ මරණාධාර හෙවත් හැමදාම හෙන ගාස්තු එකතු කරමින් මිනිස්සුන්ට මරණයට ආදාර කරන සී ඩ්‍රැගන්ස්... ඩෙඩ් මොන්ස්ටර්ස්... බෝන් බ්‍රේකර්ස්.. වැනි මනරම් නමකින් යුතු මරණාධාර සමිතියේ පූර්ණ දායකත්වය ඇතිව සාමාජික අංකල් ලා විසින් පොලට ගොස් වෙලඳ මහතුන් හමු වී කතිකා කර එම වෙලඳ මහතුන් විසින් එදින උදයේ හෝ පෙර දින රාත්‍රියේ විශේශ ඉල්ක්ට්රොනික පරීක්ශන වලට ලක් කර දැල් ගෝනි නම් වූ බහලුම් වල බහා ඌරු කොටු සඳහා යැවීමට තෝරාගත්, පෙනේර සිහිගන්වන ගෝවා කොල රැගෙන විත් ඒවා වලින් සාදාගත් ගෝවා කොල මැල්ලුම... සති පොලේ ඉතා මිල අදික එලවලු වන කැකිරි .. වට්ටක්කා මාලුවය.....ඒවා සමග කන්නට එවා ඇති බත් ද එයිට දෙවෙනි නැත.... සාමන්‍යයෙන් මෙම බත් සමිතියෙන් උයපුවා බව නොදන්නා කෙනෙක් සජියගේ ආච්චී විරුද්ද පක්ශයේ ඇමති කෙනක් වී ගමට හිරිහැර කරමින් සිටි අයෙක් බවත් ඇය මියගිය සතුටට ගම්මුන් විසින් කිරිබත් උයා එවා ඇතැයි සිතයි... ඒ තරම් බෙරි වෙලාය... එහෙත් වැලේ වැල් නැතුව මාරි වලින් පලි ගනිමින් සිටින සජියාගේ යාලුවන්ට ඒවා ප්‍රශ්න නොවේ.... මෙසේ ඇරඹෙන කෑම නතර වෙන්නේ ඒ ගෙදර කෙනෙක් පැමින... . "කන්ඩ කන්ඩ පුතාලා අපි ඔය පාන් රාත්තල් ටිකක් ගෙන්නන්නම්කො අනිත් අයට කන්ඩ " කී විටය.... මල් වඩම් වලින් ශෝකය පල කිරීම නිශ්පල ක්‍රියාවක් බවත් ශෝකය පලකිරීමේ නිවැරදිම ක්‍රමය වන්නේ මල ගෙදරින් බඩ පැලෙන්නට කෑම බව ගම්‍යමාන කරමින් තියෙන ඒවා කාබී සබාතොමෝ සතුටින් විසිර යන අතර රෑ දොලහ පමණ පහු වන විට මලගෙදර ඉතිරි වෙන්නේ හෙටක් කියා දිනක් නොහඳුනන සජියාගේ පාප මිත්‍ර කැරම් ක්‍රීඩකයන් සහ මල ගේ කාගේදැයි වත් නොදැන යන්තං සුදු කොඩි රැලි පාලං දැක කාඩ් පැක් රැගෙන ස්වකීය බූරු කවුශල්යය ඔප්නංවාගනු වස් පැමිනෙන සිය කීර්ති කදම්බයෙන් අහල ගම් හතක බූරු මැන්ඩි ආලෝකවත් කළ වුර්තියමය බූරු ක්‍රීඩකයන්ය... මුලින්ම හට් එකේ හරි මැද ඉතා අහිංසක ලීලාවෙන් ජෝඩු බලන .. ඕමි ගහන... පොඩි එවුනට කාඩ් කුට්ට්මෙන් මැජික් පෙන්නන ඔවුහු මද්යම රාත්‍රිය එලඹීමත් සමගම පෘතුවියේ අංසක විසිතුනහමාරේ ඇලය නිසා ටික ටික හට් එකේ කෙලවරට තල්ලු වී යයි.. සජියාගේ ආච්චී මියගිය දුකට පෘතුවිය වෙනදාටත් වඩා වේගයෙන් කරකැවී තවත් ටිකකින් ඔවුන් අල්ලපු වත්ත කෙල්වරටම විසිවී එහි සිට ජයටම කෑකොස්සන් ගසමින් බූරු චැම්පියන් ලීග් කුසලානයට සටන් වදී... සජියාගේ ආච්චිගේ මරනයෙන් වාසි ගන්නට බලා සිටින්නේ මල් ශාලා කාරයා පමණක් යැයි සිතීම වැරදි බව පසක් කරමින් රාත්‍රි දොලහ පසු වන විට තවත් සංවිදානාත්මක කල්ලියක් ක්‍රියාත්මක වේ... එම කල්ලිය නම් සජියාගේ නංගි සහ නංගී යාලු වී සිටින කොල්ලා ප්‍රමුක මිතුරන් තිදෙනෙකුගෙන් සමන්විත පිරිසකි... නිවසට මෙතෙක් රහසක්ව පවතින පෙම් පලහිලවුවේ මූල බීජය සජියාගේ අම්මාට කාන්දු කරවීමේ නියම අවස්තාව මෙය බව වටහාගන්නා මහ මොලකාරිය වන සජියාගේ නංගී දෙන පණිවිඩය අනුව උදේ ඉඳං ලෑස්ති කරගෙන සිටින සුදු කමිසයත් ඇඳගෙන කොන්ඩේ ජෙල් ගා කූරු හදලා රැවුල කපලා ලස්සන වී ම්තුරන් සමග මලගෙදරට සේන්දු වන පෙම්වතා ගෙට ගොඩ වන විටම සජියාගේ නංගි විසින්.. " අම්මේ මේ අපේ ක්ලාස් එකේ අයියා කෙනෙක්" කියා කියත්ම මුලින් කපා හෙලන ලද නාඹ තල් කඳක් පරිද්දෙන ස්වකීය අනාගත නැන්දම්මාගේ දෙපා මුල පතබෑවී පාද යුග්මය වන්දනාමානයේ යෙදෙන මේ යවුවනයා නිකන්ම නිකන් අයියා කෙනෙකු නොවන වග සිය තරුණ කාලයේ දහ අට පාලි නටා පෝරක හතෙන් වැටී පොල්පිති හත පහු කර සිටින සජියාගේ අම්මාට වැටහුනද මේ මලගෙවල් අස්සේ ඔවාට ඔට්ටු වීම නොහොබිනා බැවින් මේ පුතා කොහෙද... මොනවද ඉගෙන ගන්නේ... අම්ම තාත්තා මොකද කරන්නේ... ආදී කොට ඇති සරල පැනයන් කීපයකින් සහ අරූ ඒකට දෙන පම්පොරි සහිත තාර බර සමග දෙන පිලිතුරු වලින් සෑහීමකට පත් වන්නට සිදු වේ... පැය බාගයක් පමණ නිවසේ රැඳෙන එම යවුවනයන් තිදෙන පිටත් වී යන විට උන් සමග පසු ගමන් යන සජියාගේ නංගිගේ දසුන හට් එකේ කැරම් ගහන භද්‍ර යවුවනයන්ගේ නේත්‍රා යුග්ම වල අනින ලද කටු පොකුරු බඳු වූ නිසා දැදුරු වන ලදුව ලෝහිත දාරා ගලන හදවත් ඇතිව ස්වකීය කැරම් ක්‍රීඩාව අතරමග නිම කර ඔවුහුද නිවෙස් වලට පිටව යති... පහුවදා සතියේ දවසක් වන නිසා මල ගෙදර හෙවත් පුෂ්ප ගෘහය පාලු ස්වරූපයක් උසුලන බැවින් නිවැසියෝද දොරවල් වසා තන්හි තන්හි වැටී නිදි දෙවු දුව වැලඳගනිති.... හොඳම ජෝගිය එන්නේ පහුවදාටය... ගමේ සුපිරිම බේබද්දන් ටික කනත්තේ වල කපන වැඩ වලට සිය රන් දෑතේ සවිය ලබාදෙන්නේ මිනී වලවල් කපන එක දිවිය සැප ලබා දෙන පුන්‍ය කර්මයක් වන නිසා මිසක වල කපන එවුන්ට අසීමිතව ලබාදෙන අරක්කු වලට ඇති ගිජු බව නිසා නොවේය... එහේ වැඩ එසේ යන අතර පාංසකූලයට එන හාමුදුරුවන් දෙන වර්ණනාව අනුව නම් මියගොස් ඇත්තේ සජියාගේ ආච්චී නොව සජියාගේ අම්මායැයි සිතන බොහෝ දෙනෙක් නැවත පෙට්ටිය විවුර්ත කර මිනිය බැලීමට අවශ්‍ය බව පවසා සිටින්නේ හරියටම ඉස්තීරවම එය දැනගැනීමටය.. " අද මේ මියගොස් සිටින උපාසිකා මාතාව ඉතාම පින්වත් දරුවන් රැසක් සමාජයට දායක කර තිබෙන බව අපි හොඳින්ම දන්නවා.. ඉන් එක දියනියක් වන මේ නිවැසි අපේ කුමාරි නෝනා මහත්මිය නිතරම අපේ පංසලට එන අපට උදවු කරන පින්වත් දායිකාවක් කියා පටන්ගන්නා උන්වහන්සේගේ පැයක දේශනාව පුරා විසිරී පැතිරී ඇත්තේ සජියාගේ අම්මා විසින් පංසලේ මකර තොරනට පනස් දාහක් දුන්න එකයි රන් වැටක් හදලා දුන්න එකයි පහන් පූජාවට දායක උන එකයි කොහෙදි දැක්කත් කාර් එකේ දාගෙන එන එකයි මෙකී නොකී කතන්දරය...උන්වහන්සේගේ දේශනයෙන් අනතුරුව සජියාගේ අම්මාගේ ඔපිස් එක වෙනුවෙන් කරන කතාවෙන් පටන්ගන්නා කතා මාලාව අවසන් වන්නේ හන්දියේ මස් කඩයේ මුදලාලි ගේ කතාව ඇතුලු කතා හතලිස් පහක් පමන අවසන් කිරීමෙන් පසුවය.. වල කපන තැන එවුන්ගෙන් බාගෙට බාගයක් මේ වන විටත් වල සරසන්නට ගෙනා ලී කුඩු ගොඩවල් උඩ සහ පරණ මිනී වලවල් වල පස් කඳු උඩ වැටී සිටින්නේ මිනී වලවල් කපන විට මතුවූ භූතාත්මයක පහරදීමක් නිසා මිසක පිනට ලැබුන අරක්කු බී වෙරි වෙලා නොවේය... පෙරහැර කනත්ත ලඟට එන විට ඔවුන් උස්සාගෙන ගොස් කනත්ත කෙලවරේ තැන්පත් කර වල සූදානම් කිරීමෙන් අනතුරුව ඉතිරි පිරිස එකත්පස්ව බිම බලාගෙන සිටින්නේ සජියාගේ ආච්චී මියගිය ශෝකයට මිසක් වෙරි නියාව සමාජයෙන් වසන් කිරීම සඳහා නොවේ... මුරුත කලේබරය බහාලූ පෙට්ටිය වලට බැස්ස්වීමෙන් අනතුරුව එලඹෙන්නේ පස් ගුලි වලින් පෙට්ට්යට රබන් පද ගහන්නාක් මෙන් දමා ගැසීමේ චාරිත්‍රයයි.. මේ අහු අස්සේ සජියාගේ පුංචි අම්මාගේ පොඩි සීන් එකක් වල අසබඩ තිරගත වේ.... " අනේ මට නං බැරියෝ මටත් අම්ම යන ලෝකෙටම යන්න ඕනේ .. අනේ මාවත් ඔය වලටම දාලා වහපියෝ... මට මැරෙන්න ඉඩ දීපියෝ " කියමින් ස්විමිං පූල් එකේ උඩ සවි කරන ලද ලැල්ලේ කෙලවරේ හිටගෙන පූල් එකට පනින්නට සැරසෙන ක්‍රීඩිකාවක් මෙන් මිනී වලේ ගැට්ටේ පස් ගොඩක් මත සිටගෙන වල දෙසට බර වී පනින්න දඟලන සජියාගේ පුංචි අම්මාගේ දසුන කාගේත් නෙත් කඳුලින් තෙත් කරන අතර ඇය වලට පැන සිය ජීවිතය නැතිකරගැනීම වැලකිවීම සඳහා සැමියා ඇතුලු හැඩිදැඩි පිරිමි දෙතුන් දෙනෙකු ඇයව තරයේ අල්ලාගෙන සිටිති.. වලට පස් මිටක් දමන්නට ආ පොඩි එකෙක් ලිස්සා ගොස් සජියාගේ පුංචි අම්මාගේ ඇඟේ හැපීම නිසා පුංචි අම්මා වලට නොවැටී අනූනමයෙන් බේරුන අතර මෙතෙක් වේලා වලට පැන දිවි පුදන්නට පොර කෑ ඇය පොඩි එකාගේ කන මිරිකමින් පැවසුවේ. "මොකද යකෝ වෙලා තියෙන්නේ .. මරන්ඩද හදන්නේ ..තව ඩිංගෙන් මං වලට වැටෙනවා හොඳ වෙලාවට දෙයියෝ බලලා බේරුනේ " කියාය... ධනුෂ්ක කාංචන ජයවීර..(උපුටා ගත්තකි.) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom