මහණෙනි,ඔය ඇතා පිටින් යන ඇමතියා හෙට උදේ වෙද්දි රහත් වෙනවා ” කියලා

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කොසොල් රජ්ජුරුවන්‍ට හි‍ටපු සංතිස්ස ඇමතිවරයා රහත් වෙන්න කලින් දවසෙ බීල හි‍ටියෙ හොඳටම. රජ්ජුරුවො ඔහුට සතියක‍ට රජකම දීල ඔහු අන්තඃපුරයේ බිස‍වුන් එක්ක හොඳට සතු‍ටු වෙවී හිටියෙ.ඒ බීල ඉන්න වෙලාවක ඔහු බුදු රජාණන් වහන‍්සේ ලඟින් ඇතා පිටේ යනවා. බුදු රජාණන් වහන‍්සේ දැක්කාම ඇතා පි‍ටින්වත් බැස්සෙ නැහැ.එතකොට‍ බුදු රජාණන් වහන‍්සේ සංඝයාට කියනවා “මහණෙනි,ඔය ඇතා පිටින් යන ඇමතියා හෙට උදේ වෙද්දි රහත් වෙනවා ” කියලා. දැන් එතකොට සංඝයා‍ට මේක ප්‍රශ්නයක් වුණා.මේ බීල යන කෙනෙක් කොහොමද හෙට උදේ වෙද්දි රහත‍් වෙන්නෙ කියලා.ඔවුන් සිතුවා අවුරුදු ගණනක් බණ භාවනා කරලත් අප‍ට සෝවාන් වෙන්නවත් බැරි වුණා.එහෙම වෙද්දි ‍මේ බීපු කෙනෙක් කොහොමද හෙට උදේ වෙද්දි රහත් ‍වෙන්නෙ කියලා.

    ඉතින් අර ඇමතියා අන්තඃපුරේ ඉන්න තමන් කැමතිම බිසව එක්ක සතු‍ටු වෙවී ඉද්දි ඇය එක පාර‍ටම මැරෙනවා පපුවෙ අමාරුවක් හැදිලා.මොහු‍ට ඒ ගැන ශෝකය ඇති වෙලා බුදු රජාණන් වහන්සේ ලගට ගියාම,බුදු ර‍ජාණන් වහන්සේ බණක් කියද්දි ඔහු එතනදිම රහත් වෙනවා. එතනදිම රහත් වෙලා ඔහු පිරිනිවන් පානවා අකුසල් විපාක දීලා.ඔහු ගිහියෙක් හැ‍ටිය‍ටමයි රහත්වෙන්නෙ.රජ ඇඳුම ඇඳගෙන ඉද්දි.නමුත් රහතන් වහන්සේ කෙනෙක්. කවුරුත් දන් නැහැ ඔහු රහත් වුණා කියලා.බුදු රජාණන් වහන්සේ විතරයි දන්නෙ.බුදු රජාණන් වහන්සේ කියනවා මේ දේහය පුච්චලා ඉතිරි වෙන ධාතුන්වලින් සෑයක් හදන්න කියලා.ඉතින් සෑයක් හදන‍්නෙ සාමාන්‍යයෙන් රහතන් වහන‍්සේලාටනෙ.ඉතින් ස්වාමින් වහන්සේලා අහනවා ඇයි‍ මේ සෑයක් හදන්නෙ ගිහියෙක්නෙ මැරුණෙ කියලා.එතකොට බුදු රජාණන් වහන්සේ කියනවා ‍”ඔව් ඔහු ගිහියෙක් තමයි ඒත් ඔහු අරිහත්භාවය‍‍‍ට පත් වෙලයි පිරිනිවන් පෑවෙ”කියලා. දැන් එතකොට හාමුදුරුව‍න‍්‍ට මේක ප්‍රශ්නයක්, කොහොමද මේ බීල හිට‍පු කෙනෙක් අරිහත්භාවය‍‍‍ට පත් වුණේ කියලා.ඊයෙ හොඳ‍ටම බීල වෙරිමතින්නෙ හි‍ටියෙ.

    එතකොට බුදු රජාණන් වහන්සේ කියනවා මොහු කාශ්‍යප බුදු රජාණන් වහන්සේගෙ කාලයේ මනුස්සයෙක් වෙලා ඉපදුනා.(කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අවුරුදු විසි දහසක් ජීවත්වුණ බුදු කෙනෙක්. ඒ කාලෙ මිනිස්සු අවුරුදු විසි දහසක් විතර ජීවත් වෙනවා.) ඔහු ජීවත් වුණේ පාරක හංදියක වගේ තැනක බුලත් විට කඩයක් වගේ ‍කඩයක් දාගෙන. කාශ‍‍්‍යප බුදු රජාණන් වහන්සේ වැඩ සිටින්නෙ ඒ පැත්තෙම ත‍පෝවනයේ. ඉතින් ඔහු එහෙ‍ට ගිහිල්ලා කාශ‍‍්‍යප බුදු රජාණන් වහන්සේගෙන් බණ අහල පැහැදෙනවා. නමුත් සෝවාන් වෙන්නෙ නැහැ. පැහැදෙනවා .ආ‍යෙමත් බණ අහන්නවත් ‍සිල් ගන්නවත් මොකක‍ටවත් යන්නෙ නැහැ.ඔහු මොකද කරන්නෙ අර හංදියෙ ඉඳන් එතන‍ට එනහැම කෙනෙකු‍ටම කියනවා “අන්න බුදු රජාණන් වහන්සෙ ඉන්නවා තපෝවනේ. ගිහිල්ල බණ අහන්න”කියලා. ඔහු අවුරුදු අවුරුදු විසි දහසම ඒක තමයි කරන්නෙ.ඔහු සිල් ගන්නවත් දන් දෙන්නවත් ගියේ නැහැ. අර දේ තමයි කළේ.ආපු මිනිස්සු දහස් ගණන් බණ අහල රහත් වුණා. සමහරු‍ සෝවාන් වුණා. සමහරු‍ අනාගාමී වුණා. දස දහස් ගණනක් මිනිස්සු නිවන් දැක්කා. නමුත් අර මනුස්සය‍ට මුකුත් වු‍ණේ නැහැ.

    බුදුර‍ජාණන් වහන්සේ කියනවා අන්න ඒ කුසලය තමයි මොහු‍ට විපාක දුන්නෙ කියලා.ඔහු ශීලයක් නොරැක්කා‍ට අර දස දහස් ලක්ෂ ගණනක‍ට ශීලය රකින්න කළ උපකාරය ඔහු‍ට කුසල් විපාකයක් වුණා කියල බුදු රජාණන් වහන‍්සේ දේශනා කරනවා.

    සංසාරයේදි අන්න ඒ විදියේ දේ නොකළ අය‍ට කොච්චර ධර්මය කිව්වත් ඔවුන‍්ට ඒවා වටින්නෙ නැහැ. ඒනිසා ලෝකයේ ‍‍ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානය බව තෙරුම් ගන්න. ඒකෙන්මයි අප‍ට මාර්ගය පාදල දෙන්නෙ. කොතන ගියත් ක්ෂණිකව ඒ මාර්ගය පාදල දෙනවා සංසාරයේදි. දැන් ඔබ කියනවනෙ මේ අහන බණ ගිහිල්ල බිරිඳට කියනවා කියලා. නමුත් සමහරු බිරිඳට තියා කාටවත්ම කියන්නෙ නැහැ,කැමති නැහැ කියන්න. ඉතින් ඒ නිසා තමන් අහන ධර්මය අනික් අය‍ටත් කියන්න. මොකද ඒක තමයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දානය. ගිලන්පස ආහාර දාන වගේ නෙවේ. ප්‍රඥාව වැඩෙන්නේ ධර්ම දානයෙන්මයි. ඒ නිසා තමන් අහන ධර්මය තව කෙනෙකු‍ට කියන්න. තව කෙනෙකු‍ට බණ අහන්න සලස්වන්න.ඒක ගොඩක් උපකාරි වෙනවා ප්‍රඥාව වැඩෙන්න. අනෙක් දාන දුන්න කියල හුඟක්ම වැ‍ඩෙන්නෙ ආ‍යුෂ වර්ණ සැප බල විතරයි .ප්‍රඥාවක් වැඩෙන්නෙ නැහැ.

    ධර්ම මාර්ගයේ යන්නනම් ප්‍රඥාවයි වැඩෙන්න ඕන. ප්‍රඥාව තමයි අප‍ට මේ මාර්ගය පෙන්වන්නෙ.සමහරු හොඳ ව‍ටිනා බණ අහල යනවා. නමුත් අනෙක් අය‍ට ඒ ගැන කියන්නෙ නැහැ. අඩුම ගණනෙ තව කෙනෙක් තමන්ව හාමුදුරුවො ලඟට එක්කන් යන්න කිව්වත් එක්කන් යන්නෙ නැහැ. එයා කැමති නැහැ අනිත් කෙනා බණ අහනව‍ට. ඒ නිසා කවදාකවත් එයා‍ට ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන‍්නෙ නැහැ. ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන‍්නෙ අනුන්‍ට ධර්මය දෙන තරම‍ට.
    අතහැරීමක් එතනදි වෙන්නෙ. ඒනිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නෙ ලෝකයේ දානයන් අතරින් ‍ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා. මේවා බොහොම සැඟවිලා තියෙන කරුණු. මේ කාරණා මිනිස්සු කියන්නෙ නැහැ. කියන්න දන්නෙ නැහැ. සමහරුන්‍ට බණ ඇහුව‍‍ට දැනෙන්නෙ නැහැ. තේ‍‍රෙන්නෙ නැහැ.. එතනින් ඉවරයි. අමතක වෙනවා. සමහර වි‍ට බණ අහද්දිත් වෙන දෙයක් ගැන හිතනවා. එහෙම වෙන්නෙ පෙර ජීවිතවලදි ධර්ම දාන දීල නැති නිසා.”
     
    • Like
    Reactions: Yeezus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    කොසොල් රජ්ජුරුවන්‍ට හි‍ටපු සංතිස්ස ඇමතිවරයා රහත් වෙන්න කලින් දවසෙ බීල හි‍ටියෙ හොඳටම. රජ්ජුරුවො ඔහුට සතියක‍ට රජකම දීල ඔහු අන්තඃපුරයේ බිස‍වුන් එක්ක හොඳට සතු‍ටු වෙවී හිටියෙ.ඒ බීල ඉන්න වෙලාවක ඔහු බුදු රජාණන් වහන‍්සේ ලඟින් ඇතා පිටේ යනවා. බුදු රජාණන් වහන‍්සේ දැක්කාම ඇතා පි‍ටින්වත් බැස්සෙ නැහැ.එතකොට‍ බුදු රජාණන් වහන‍්සේ සංඝයාට කියනවා “මහණෙනි,ඔය ඇතා පිටින් යන ඇමතියා හෙට උදේ වෙද්දි රහත් වෙනවා ” කියලා.
    මහත්තයා ඔය කියන්නේ රා අරක්කු බීලා ස්ත්‍රී සමාගමේ නිරත උනාම රහත් වෙනවා කියලා නේද.

    ගොඩක් පිං.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    ඔවුන් සිතුවා අවුරුදු ගණනක් බණ භාවනා කරලත් අප‍ට සෝවාන් වෙන්නවත් බැරි වුණා
    meke innawa ekek instant sowaan welaa. @Fiona Dabare

    මහත්තයා ඔය කියන්නේ රා අරක්කු බීලා ස්ත්‍රී සමාගමේ නිරත උනාම රහත් වෙනවා කියලා නේද.

    ගොඩක් පිං.
    You still have a chance ලු!
    ------ Post added on Jul 8, 2025 at 6:48 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    meke innawa ekek instant sowaan welaa. @Fiona Dabare

    inatant සොවාන් වුන අයත් ඉන්නවා, instant සොවාන් වුන අයව දැක්කහම instant ගූ යන අයත් ඉන්නවා මේකේ 😝

    *instantly මගේ grammer ත් වරද්දනවා නානා
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    meke innawa ekek instant sowaan welaa. @Fiona Dabare


    You still have a chance ලු!
    ------ Post added on Jul 8, 2025 at 6:48 PM
    පුද්ගල ප්‍රභේද

    “චත්තාරො මෙ භික්ඛවෙ! පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං, කතමෙ චත්තාරො? උග්ඝටිතඤ්ඤු, විපචිතඤ්ඤු, නෙය්‍යො, පදපරමො ඉමෙ ඛො භික්ඛවෙ! චත්තාරො පුග්ගලා සන්තො සංචිජ්ජමානා ලොකස්මිං."

    යන දේශනාව පරිදි ලෝකයෙහි උද්ඝටිතඥ ය, විපචිතඥ ය, නෙය්‍ය ය, පදපරම ය යි පුද්ගලයෝ සතර දෙනෙක් වෙති.

    බුදුවරයකු විසින් හෝ බුද්ධ ශ්‍රාවකයකු විසින් හෝ සංක්ෂේපයෙන් දෙසන ධර්මයක් ඇසීමෙන් එකෙණෙහි ම මඟ ඵල ලබා චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කොට නිවන් දක්නට සමත් වූ දාරුචීරිය ශාරිපුත්‍ර මෞද්ගල්‍යානාදීන් වැනි පුද්ගලයෝ උද්ඝටිතඥ නම් වෙති.

    විස්තර වශයෙන් දේශනා කළ ධර්මය අසා අවසානයෙහි මඟ පල ලබා නිවන් දක්නට සමර්ථ පුද්ගලයෝ විපඤ්චිතඥ නම් වෙති.

    ධර්මය උගෙන උගත් ධර්මය ගැන නැවත නැවත කල්පනා කිරීම පිළිවිසීම කලණ මිතුරන් සේවනය කිරීම භාවනා කිරීම යන මේවා කොට කලෙක දී මඟ ඵල ලබා නිවන් දක්නට සමත්හු නෙය්‍ය පුද්ගලයෝ නම් වෙති.

    කොතෙක් බණ ඇසුවත් කොතෙක් කලණ මිතුරන් සේවනය කළත් කොතෙක් භාවනා කළත් ඒ ජාතියේදී මඟ පල ලැබීමට නො සමත් වන්නෝ පදපරම පුද්ගලයෝ නම් වෙති.

    පෙර ජාති වලදී භාවනා කිරීම් ආදි වශයෙන් විදර්ශනා ඥානය බොහෝ දුරට දියුණු කැර ගත් පුද්ගලයෝ උද්ගටිතඥයෝ වෙති. මධ්‍යම ප්‍රමාණයෙන් දියුණු කැර ගත්තේ විපචිතඥයෝ වෙති. මඳ වශයෙන් විදර්ශනා ඥානය ඇති කර ගත්තේ නෙය්‍ය පුද්ගලයෝ වෙති. උපනිඃශ්‍රය සම්පත් නැත්තෝ ද අන්තරායික ධර්ම ඇත්තෝ ද පද පරම පුද්ගලයෝ වෙති. විදර්ශනා භාවනාව කළ යුත්තේ නෙය්‍ය පුද්ගලයන් හා පදපරම පුද්ගලයන් විසිනි. පද පරමයන් විසින් කළ යුත්තේ අනාගතය පිණිසය.

    විදර්ශනා භාවනා ක්‍රමය
    අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් වහන්සේ

    #විදර්ශනා_භාවනා_ක්‍රමය
    https://pitaka.lk/books/vidarshana-bhavana-kramaya/

    විදර්ශනා භාවනා ක්‍රමය Pdf download
    https://tipitaka.lk/library/508

    බෞද්ධ පොත් app එක හරහා කියවන්න
    https://play.google.com/store/apps/details?id=lk.pitaka.books