Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහණ වූ ත්රස්තවාදීන්ගෙන් රට ජාතිය බේරාග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහණ වූ ත්රස්තවාදීන්ගෙන් රට ජාතිය බේරාග

අපි ඉකුත් සතියේද මහා අසික්කිත දර්ශන ගණනාවක්ම දුටුවෙමු. ඉන් එක දර්ශනයක් වූයේ වටරැක විජිත නමැති භික්ෂුවක් කහ සිවුර ඇඳගෙන ජීවිතය බේරා ගැනීමට දුවන දර්ශනයකි. ඔහු පසුපස හඹා යන්නේද කහ සිවුරු හැඳගත් භික්ෂූන් ප්රමුඛ මැර පිරිසකි. මේ වටරැක විජිත නමැති භික්ෂුව ශාසනය තුළ ජනප්‍රිය පුද්ගලයකු නොවේ.

ඔහු කියන කරන දෙයට ශාසනයේ සෙසු අයගේ විරෝධතාවයක් තිබේ නම් ඔවුන් සියලු දෙනාම භික්ෂූන් වහන්සේලා හැටියට මේ ආකාරයට ප්‍රසිද්ධියේ ඔහු පසුපස හඹා යා යුතු නැත. මේ විජිත හිමියන් කියන කරන දේවල් මොනවාද, ඒවාට සෙසු භික්ෂූන් වහන්සේලා විරුද්ධ වන්නේ ඇයි යනාදිය වශයෙන් විස්තර කරමින් පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූයේ නම් හොඳටම ප්රමාණවත්ය. එමගින් විජිත හිමියන් ගැන හරි හැටි විස්තරයක් ජනතාවට ලැබෙනවා මෙන්ම බෞද්ධ භික්ෂුවගේ ගරුත්වය කෙලෙසන දර්ශන විකාශය වීමද වැළැකෙනු ඇත.

නමුත් මේ චීවරධාරී මැරයන් විසින් විජිත හිමිව දඩයම් කිරීම ඔහු කරන කියන දේවල් නැවැත්වීම වෙනුවට වෙනත් අරමුණක් ඉටුකර ගැනීම සඳහා සිතා මතාම රූපවාහිනි කැමරාවලට හසුවන ආකාරයටම කරන ක්‍රියාකාරකමකි. මෙහි සැබෑ අරමුණ වන්නේ මුලු භික්ෂු ප්‍රජාව තුළම භීෂණයක් පැතිරවීමයි. "තොපි අපි කියන විදියට හිටියේ නැත්නම් තොපිලව දඩයම් කරන්නෙත් විජිත හිමිව දඩයම් කරන ආකාරයට" යෑයි පණිවුඩයක් මුලු භික්ෂු ප්‍රජාවටම යෑවීම මෙහි ප්‍රධාන අරමුණ වෙයි. මුලු රටම පිටරටින් එන අභියෝගය දෙස බලා සිටින අතරතුර පිටස්තරයන් කිසිවකුට නොපෙනෙන ආකාරයට මේ රටේ මුලු භික්ෂු ප්‍රජාව තුළම මහා භීෂණයක් ක්‍රියාත්මක වී ඇත. උගත් ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම තර්ජනය කොට නිහඬ කරවා ඇත. ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් යනු නුහුරු දෙයකි. එපමණක්ද නොව මේ ආකාරයට ඔවුන්ට තර්ජනය කරන්නේ තමාගේ ජීවන රටාව හා විවිධ දුර්වල කම් හොඳින් දන්නා භික්ෂු ප්‍රජාව තුළම සිටින අය නම් මඩ ප්‍රචාරවලට බියෙන් ද මේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා නිහඬ වනු ඇත. මේ තරම් අවමානයට මුලු ශාසනයම ලක්වෙද්දී ජ්‍යෙෂ්ඨ භික්ෂූන් මුනිවත රකින්නේ මේ නිසාය.

චීවරධාරී මැරයන් පිරිසක් කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශ පරිශ්‍රය තුළට ගොස් වටරැක විජිත හිමියන් එහි සැඟවී සිටින්නේ දැයි සෝදිසි කිරීමට උත්සාහ කළෙත් මේ භීෂණයේම තවත් පියවරක් හැටියටය. මේ මැර භික්ෂූන් කියන ආකාරයට සෙසු උදවිය හැසිරුනේ නැත්නම් ඔවුන්ට සිදුවන්නේත් මේ ආකාරයට සිවිලිම උඩ සැඟවී සිටීමට යෑයි ඉතා ප්‍රබල පණිවුඩයක් සියලුම භික්ෂූන් වහන්සේලා වෙත ඉන් ගියේය. වටරැක විජිත මෙම අමාත්‍යාංශයට පැමිණ ඇත්දැයි සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කිරීමට ඔවුන් උත්සාහ කළේද කීකරු නොවන භික්ෂූන් දඩයම් කිරීමට ඔවුන් කොතෙක් දුරට යැමට සූදානම් දැයි පෙන්වීමටය. මේ මැර භික්ෂූන් වටරැක විජිත හිමියන් මේ ආකාරයට දඩයම් කරන්නේ නම් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පසුපස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද දිනපතාම හඹා යා යුතුය. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තරම් ප්‍රකෝප කරවන කියුම් නිතර දෙවේලේ පවසන තවත් එජාප මන්ත්‍රීවරයෙක් නැති තරම්ය. නමුත් කිරිඇල්ල මහතාගේ ලේ සෙලවීමේ අරමුණින් ඔහු පසුපස කිසිදු ආණ්ඩු පාක්ෂික මන්ත්‍රීවරයෙක් හඹා යනු අපට නොපෙනේ. එවැන්නක් කිසිදාක සිදුනොවිය යුතුය. ප්රජාතන්ත්රවාදය යනු එයයි. අපට කැමති දේවල්ම පමණක් නොව අකමැති දේවල් ද ඇසීමට සූදානම් විය යුතුය.

පාර්ලිමේන්තුවේ සිටින දූෂිත, පාදඩ යෑයි කියන දේශපාලනඥයන් වුවත් ප්රකෝපකාරී කියුම් කියූ පමණින් තවත් මන්ත්‍රීවරයකු පසුපස හඹා යන්නේ නැතිනම් අප සැමවිටම සංවරය බලාපොරොත්තු වන භික්ෂූන් වෙනත් භික්ෂූන් පසුපස හඹා යැම වැනි අසික්කිත දර්ශනයක් බෞද්ධයකුට තවත් දැකිය නොහැක. මේ වනාහි බුදු දහම අවමානයට පත් කොට විනාශ කර දැමීමට උත්සාහ දරන නූතන යුගයේ දේවදත්තලා බුද්ධරක්�තලා හා සෝමාරාමලාය. ඉකුත් සතියේ මේ මුලු රටටම දකින්නට ලැබුණු ඉතාමත්ම කනගාටුදායක දර්ශනය වූයේ මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමිපාණන් මුලු බෞද්ධ සංහතියම විනාශ කරන මේ මැර භික්ෂූන් හමුවේ තම යුතුකම් පැහැර හැරිය ආකාරයයි. ඉකුත් සතියේ බොදු බල සේනාවේත් රාවණා බළකායේත් පාදඩ භික්ෂූන් පිරිසක් මල්වතු මහානායක හිමිපාණන් හමුවීමට ගිය විට උන්වහන්සේ ඔවුන්ට තමන්ගේ ඇඟ බේරාගෙන දුන් අවවාදය මෙබඳු විය.

"තමුන්නාන්සේලා භික්ෂු ගරුත්වය නැති කරගෙන මේ කටයුතු කරන්නේ, රට ජාතිය, ආගම වෙනුවෙන් ඒවා මේ රජයෙන් සිදු නොවන නිසා. මැති ඇමැතිවරු බොහොම ඉන්නවා. නමුත් ඒවා ක්‍රියාත්මක නැහැ. ඔබ වහන්සේ මම දැක්කා පත්තරේ කියලා තියෙනවා ආණ්ඩු හදන්නත් පුළුවන්, පෙරලන්නත් පුළුවන් කියලා. මොකක් හරි කරන්න" මේ ආගමික නායකයකුගෙන් අප බලාපොරොත්තු වන වදන් නොවේ. මේ මැර භික්ෂූන් හැසිරෙන්නේ භික්ෂු ගරුත්වයට හානිකර ආකාරයකට බව උන් වහන්සේ පිළිගනී. නමුත් ඒ හැසිරීම වැළැක්වීමට එක වචනයක් වත් උන්වහන්සේ කියන්නේ නැත. එමෙන්ම මෙම මැර භික්ෂූන්ගේ මෝඩ දේශපාලන ව්‍යාපෘතිය "පුලුවන් නම් කරන්න" යෑයි උන්වහන්සේ කියයි. එවිට ඒ කටයුතු කළ යුත්තේ මේ මෝඩ චීවරධාරීන්ය. මල්වතු නාහිමියන් ඒවාට ගෑවෙන්නේ නැත.

දැන් සිදුවී ඇත්තේ අපට මහනායක හිමියනුත් ලයිසන් දුන්නා යෑයි කියමින් මේ මැරයන් තවත් කලබල කිරීමය. මුලු බෞද්ධ ශාසනයටම තව තවත් නිගා වන ආකාරයට හැසිරීමය. දීර්ඝ කාලයක් මුලුල්ලේ මහනායක හිමිවරුන්ට රටේ තිබෙන තැන පිරිහෙමින් පැවති අතර මේ ආකාරයට මුළු රටටම පෙනෙන ආකාරයට භික්ෂු ශාසනයේ ගරුත්වය ආරක්ෂා කිරීමට මල්වතු මහ නා හිමිගේ නොහැකියාව ප්‍රදර්ශනය කළ විට එයින් එම පිරිහීම තවත් තීව්ර වෙයි. තමන්ගේ භික්ෂූන්ගේ හැසිරීම පාලනය කරගත නොහැකි මහනායක හිමිනමක් බෞද්ධ ගිහියන්ගේ හැසිරීම පාලනය කිරීමට කැසිනෝ යනාදියට විරුද්ධ වන විට එවැනි දේවල් ගණන් ගන්නේ කවුද?

මේ භික්ෂු අරාජිකත්වයෙන් මේ රටට වන හානිය අප දැන් සලකා බැලිය යුතුය. එක් පැත්තකින් මෙමගින් සිංහල බෞද්ධයන්ගේ කිසිම සතුරෙකුට බුදු දහමට කළ නොහැකි වූ තරම් හානියක් ඉතා කෙටි කලකින් මේ චීවරධාරී මැරයන් සිදුකොට තිබේ. මේ චීවරධාරී මැර පිරිස් හැසිරෙන ආකාරය දෙස බැලූ විට මට නම් සිතෙන්නේ මොවුන් 1980 ගණන්වල ජවිපෙ භික්ෂූන්ගෙන් සෑදුනු ඝාතන කල්ලිය වූ "කුඩහපොල බළකායේ" සාමාජිකයන්ව සිට එජාප ආණ්ඩුවේ මර්දනයෙන් අපවත් නොවී ඉතිරි වූ අය බවයි. ඒ කාලයේ කුඩහපොල බළකායේ සිටියේ මහණ වූ ත්රස්තවාදීන්ය. ඔවුන් රාත්‍රි කාලයේ සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන ගොස් මිනී මරා නැවත පන්සලට පැමිණ සිවුරු පොරවාගෙන සිටිති. බොහෝ විට තමන් විසින්ම ඝාතනය කරන ලද මිනිසුන්ගේ පාංශුකූල කටයුතුත් සිදුකරනු ලැබුවේ මේ චීවරධාරී ඝාතකයන් විසින්ය. එපමණක්ද නොව මියගිය අයගේ ඥතීන් ඔවුන්ට පින් පැමිණවීම සඳහා දානය පිළිගන්වනු ලබන්නේත් බොහෝ විට මේ ඝාතකයන්ටය.

එජාප ආණ්ඩුව සමයේ ජවිපෙ නායකයන් බුරුතු පිටින් එක් වරම හසුවීම නිසා සියලුම ත්රස්තවාදීන් ඉවර කිරීමට පෙර මර්දනය නැවතුණි. එම නිසා කුඩහපොල බළකාය පසුපස ද ඔවුන් හඹා ගියේ නැත. එදා කුහඩපොළ බළකායේ සිටි ඒ චීවරධාරීන් අද වන විට තමන් සිටි පන්සල් වල නායක ස්වාමීන් වහන්සේලා බවටත් පත් වී ඇති බවට කිසිදු සැකයක් නැත. චීවරයේ ගරුත්වයට කිසිදු තැකීමක් නැති භික්ෂුන් පිරිසක් බිහිවී ඇත්තේ මේ කාරණය තුළින් ය යන්න මගේ දැඩි විශ්වාසයයි.

මේ භික්ෂු හැසිරීමෙන් ශාසනයට වන හානිය ගැන අටුවා ටීකා ලිවීමට අවශ්‍ය නැත. සෑම බෞද්ධයකුගේම හදවතටම දැනෙන කාරණයකි මෙය. එයත් සමගම මේ භික්ෂු අරාජිකත්වයෙන් ඇතිවී තිබෙන තවත් ආනිසංශයක් වන්නේ රටේ නීතිය හා සාමය බිඳ වැටීමයි. ප්රවෘත්ති නාලිකාවලින් අපට දිගටම දක්නට ලැබෙන්නේ නීතිය තමන්ගේ අතට ගත් චීවරධාරී මැර පිරිස්ය. සිංහල බෞද්ධ මහ ජාතිය මහත් ලැඡ්ජාවටත් අපහසුතාවයටත් පත්ව සිටින අතර සුලු ජාතීන් විශේෂයෙන්ම මුස්ලිම්වරුන් බියෙන් ඇලලී ගොස් සිටී. රටේ හැම තැනම අසහනය පැතිර ඇත. මේවායේ වාසිය යන්නේ කාට දැයි ජනතාව කල්පනා කර බැලිය යුතුය.

මුස්ලිම් අයගෙන් විවිධ වැරැදි සිදුවනවා ඇත. නමුත් ඒ ප්‍රශ්න විසඳීමට මේ චීවරධාරී මැර බලය අවශ්‍ය කුමටද? සිංහල බෞද්ධ ජාතිවාදී බලවේගම පමණක් නියෝජනය කිරීම සඳහා ගිහි ඇමැතිවරුන් ගණනාවක්ම විවිධ මට්ටම්වලින් සිටී. ඔවුන්ගේ මුලු ජීවිතයම කැපවී තිබෙන්නේ සුලු ජාතීන් විසින් මහ ජාතියට වන අසාධාරණකම් ගැන කතා කිරීමටය. පසුගිය වකවානුව පුරා සුලු ජාතීන් මහ ජාතියට කළ අසාධාරණකම් සියල්ල විසඳනු ලැබුවේ ගිහියන් විසින්ය. එම නිසා භික්ෂූන් වහන්සේලා තමන්ගේ සාම්ප්‍රදායික හැසිරීම් විලාසය අතහැර මැර ගිහියන්ටත් වඩා මැරයන් හැටියට හැසිරීමට කිසිදු උවමනාවක් මේ රටේ නැත. ගිහියන් විසින් යුද්ධය අවසන් කළේ අතිශයින්ම සැක සහිත විදේශීය සම්බන්ධකම් තිබෙන චීවරධාරීන් පිරිසක් විසින් ඒ ඇතිකරන ලද සාමය අරාජිකත්වයක් බවට හරවනු දැකීමට නොවේ.

මුස්ලිම් ජාතිකයන් නූල් සූත්තරවලින් ව්‍යාපාරික ආධිපත්‍යයක් ලබා ගන්නවා නම් එයට පිළිතුරු දිය හැක්කේ සෑම පන්සලකින්ම අදාළ මුස්ලිම් ව්‍යාපාරික ආයතනවලට නොයන මෙන් සිංහල බෞද්ධයන්ට දිගින් දිගටම කියා සිටීමයි. කාලයක් මුළුල්ලේ එවැනි ක්‍රියාකාරකම් කිරීමෙන් අනිවාර්යෙන්ම යම් ප්‍රතිඵලයක් ලබාගත හැක. හීන් නූලෙන් කළ හැකි මේ දෙය නොකර එවැන්නක් කිරීමට උත්සාහයක්වත් නොගෙන කෙලින්ම කහ සිවුර හැඳගෙන මහ පාරේ මැරකම් කරන්නේ මුස්ලිම් ක්‍රියාකාරකම් පාලනය කිරීමට නොව විදේශීය කුමන්ත්රණයක කොටසක් හැටියට මුළු රට පුරාම අරාජිකත්වය පැතිරවීමටය. දැන් අර විල්පත්තු වනයේ මුස්ලිම් ජනතාව පදිංචි කරවීමේ සිද්ධිය සලකා බලමු.

චම්පික රණවක යනු කැබිනට් මණ්ඩලය තුළ සිංහල ජාතිවාදී ප්‍රවාහය නියෝජනය කරන එක් ඇමැතිවරයෙකි. ඔහුගේ ජීවිතය කැප කොට ඇත්තේ සුලු ජාතීන් විසින් මහ ජාතියට කරන අසාධාරණකම් නැවැත්වීමටය. එපමණක් ද නොව ඔහු හිටපු පාරිසරික ඇමැතිවරයෙකි. රටේ සියලුම පරිසර ක්‍රියාකාරීන් ඔහු හඳුනයි. ඔහු මේ විල්පත්තු වනයේ පදිංචි කිරීම් ගැන බැලීමට පරිසර ක්‍රියාකාරීන්ද රැගෙන විල්පත්තුවට ගියේ නම් ඔය කාරණය පහසුවෙන්ම විස¹ ගත හැකිව තිබිණි. භික්ෂූන් වහන්සේලාට මෙවැනි දෙයක් ආරංචි වූයේ නම් ඔවුන් ඒ ගැන දැනුම්දිය යුතුව තිබුණේ චම්පික රණවක ඇමැතිවරයාටය. ඔහු ඒ ගැන අනිවාර්යෙන්ම සොයා බලනු ඇත. එසේ නොකර භික්ෂූන් වහන්සේලා පිරිසක් සිවුරු ඔසවාගෙන විල්පත්තුවට ගොස් මුස්ලිම් ජාතිකයන් සමග බහින්බස් වීමට කිසිදු වුවමනාවක් තිබුණේ නැත. මේ ආකාරයට අනවශ්‍ය සංදර්ශන පවත්වන්නේ චීවරය ත්‍රස්තවාදී ඇඳුමක් හැටියට මුළු ලෝකය පුරාම ප්‍රසිද්ධ කොට බුදු දහම අවමානයට පත් කරවීමට බව ඉතා පැහැදිලිය.

අද රටේ නීතිය හා සාමයේ බිඳවැටීමක් පෙනෙන්නට තිබේ. අතීතයේ නම් ලංකාවේ සතුරන් මේ රටේ සුලු ජාතීන් මහ ජාතිය අතින් හිරිහැරයට ලක්වන බව කියන විට ආණ්ඩුව පැවසුවේ ඒවා බෙදුම්වාදීන්ගේ බොරු ප්‍රචාර බවත් දෙමළ හා මුස්ලිම් ජාතිකයන් කිසිදු බියකින් හෝ සැකයකින් තොරව කොළඹ හා වෙනත් ප්‍රදේශවල සිංහලයන් සමග එකට ජීවත් වන බවයි. නමුත් අද ආණ්ඩුවට ඒ දෙය කිව හැකිද? එපමණක්ද නොව මේ රටට සිදුවන විශාලම විනාශය වන්නේ ආණ්ඩුව මේ චීවරධාරී මැර බලය හමුවේ අසරණ වී ඇති බව පෙනීමෙනි. රට පාලනය කර ගැනීමට නොහැකි වී තිබෙනවාය යන පෙනුම තරම් ආණ්ඩුවකට හානිකර තවත් දෙයක් නැත. වත්මන් ආණ්ඩුව මහා සංඝයා සමග ඓතිහාසික සම්බන්ධයක් ඇති ශ්‍රීලනිප ආණ්ඩුවකි. මහින්ද රාජපක්ෂ ද සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටි නායකයෙකි. මේ නීතිය අතට ගෙන සිටින අය බෞද්ධ භික්ෂූන්ය. එමනිසා ආණ්ඩුව දෙවරක් සිතයි. කළ යුතු දේ නොකර අඩියක් පස්සට ගනී.

අද තිබුණේ එජාප ආණ්ඩුවක් නම් නීතිය අතට ගෙන තිබෙන මේ චීවරධාරීන් සියලු දෙනාගේම පිටේ අඟලක් උසට පලුය. බොදුබල සේනාවේ මැරයන් පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීම අතරතුර එජාප මූලස්ථානය වන සිරිකොතට ඇතුළු වූ අවස්ථාවේදී ඔවුන්ව ඒ මේ අතට තල්ලු කොට එළියට දමන ලදී. ඉන් පසු ඇතැම් අය එජාපය විසින් ගරුතර මහා සංඝරත්නයට පහර දුන්නා යෑයි කියමින් ප්‍රචාරයක් ගෙන යැමට උත්සාහ කළේය. නමුත් සිදුවූයේ කුමක්ද? ඒ සිද්ධියට පසුව පවත්වනු ලබන පළමු ඡන්දයේදී එජාපයේ ඡන්ද ප්‍රමාණය වැඩි විය. දැන් එජාපය මේ බොදුබල සේනාව, රාවණා බලකාය හා සිංහල රාවය ඇතුළු චීවරධාරී ත්රස්තයන් මර්දනය කරන බව කියමින් ඡන්දය ඉල්ලුවොත් ඔවුන්ට තවත් ඡන්ද වැඩිවනු ඇත.·

මේ ආණ්ඩුව තමන්ගෙන්ම අසාගත යුතු ප්‍රශ්න කීපයක් ඇත. ඉන් පළමුවැන්න වන්නේ මුලු සිංහල බෞද්ධ සංහතියටම අවමන් කරන මේ චීවරධාරීන්ට එරෙහිව කටයුතු කළොත් එයින් ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියට හානියක් වේද යන්නයි. ඊළඟ ප්රශ්නය වන්නේ මේ චීවරධාරී උන්මත්තකයන්ට එරෙහිව පියවරක් නොගෙන සිටියොත් ආණ්ඩුවට කුමක් සිදුවේ ද යන්නයි. තුන්වැනි ප්රශ්නය වන්නේ මෙවැනි අභියෝගවලට මේ ආණ්ඩුව මීට කලින් මුහුණ දී නැත්ද යන්නයි.

2005 දී මහින්ද රාජපක්ෂ මුලින්ම බලයට පැමිණෙන විට ඔහුට ලැබුණේ පාර්ලිමේන්තුවේ සුලුතරයක් වූ ආණ්ඩුවකි. එවැනි තත්ත්වයක් යටතේත් ශ්‍රීලනිපයේ බලගතුම ඇමැතිවරුන් තුන්දෙනෙක් වූ අනුර බණ්ඩාරනායක, මංගල සමරවීර හා ශ්‍රීපති සූරියආරච්චි දොට්ට දැමීමට ඔවුන්ට සිදුවිය. නමුත් ආණ්ඩුවට කුමක්වත් සිදුවූයේ නැත. යුද්ධයෙන් පසු සරත් ෙෆාන්සේකා අනෙක් පැත්තට ගොස් මුළු සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරයම දෙකඩ කළේය. රාජපක්ෂවරුන් හිරේ දමන බවට ෙෆාන්සේකා කී විට ඔල්වරසන් නැගුවේ දමිලයන් හා මුස්ලිම් ජාතිකයන් නොව සිංහලයන්ය. නමුත් එයින් ද මේ ආණ්ඩුවට කිසිදු උපද්‍රවයක් නොවුණි. එසේ නම් මුළු බෞද්ධ සංහතියටම අවමන් කරන මේ චීවරධාරී මැරයන් ගැන පියවරක් ගැනීමෙන් මේ ආණ්ඩුවට හානියක් වන්නේ කෙසේද?

අන් සියල්ලටම වඩා ආණ්ඩුවකට හානි වන්නේ රට පාලනය කර ගැනීමට නොහැකිය යන හැඟීම ජනතාව අතරට ගියොත්ය. මේ චීවරධාරී ත්‍රස්ත කණ්ඩායම් දැන් උත්සාහ කරන්නේ ද එවැනි හැඟීමක් ඇති කිරීමටය. ඔවුන් ඉකුත් සතියේ පිට පිට මෙහෙයුම් තුනක් සිදුකොට දැන් එක්වරම නිහඬව සිටී. ආණ්ඩුවද මේ නිහැඬියාව නිසා මොවුන් නැවත ප්රකෝපකරවා ගැනීම අනවශ්‍ය යෑයි සිතා ඔවුන්ට එරෙහිව කිසිදු පියවරක් නොගෙන සිටිනු ඇත. කලින් සිදුකරන ලද දේවල්වලට කිසිදු දඬුවමක් නොලබා බේරෙන මොවුන් ඉන්පසු එක්වරම නැවත වැඩ ආරම්භ කරනු ඇත. මොවුන් මේ කරන්නේ 1983 තාලයේ මෙන් සිංහල - මුස්ලිම් කෝලාහලයක් ඇති කොට ආණ්ඩුවේ අණසක තවත් දුර්වල කිරීමට බව පැහැදිලිය. ආණ්ඩුව මේ අවස්ථාවේදී තීන්දු කළ යුත්තේ තමුන් ඉන්නවාද නැති නම් යනවාද යන්නයි.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

වම් ඉවුර

Thanks

www.theindependent.lk

[QUOTE="JAMJOOM, post: 16593932, member: 398897"] [b]මහණ වූ ත්රස්තවාදීන්ගෙන් රට ජාතිය බේරාග[/b] [SIZE="3"] [COLOR="Blue"]අපි ඉකුත් සතියේද මහා අසික්කිත දර්ශන ගණනාවක්ම දුටුවෙමු. ඉන් එක දර්ශනයක් වූයේ වටරැක විජිත නමැති භික්ෂුවක් කහ සිවුර ඇඳගෙන ජීවිතය බේරා ගැනීමට දුවන දර්ශනයකි. ඔහු පසුපස හඹා යන්නේද කහ සිවුරු හැඳගත් භික්ෂූන් ප්රමුඛ මැර පිරිසකි. මේ වටරැක විජිත නමැති භික්ෂුව ශාසනය තුළ ජනප්‍රිය පුද්ගලයකු නොවේ. ඔහු කියන කරන දෙයට ශාසනයේ සෙසු අයගේ විරෝධතාවයක් තිබේ නම් ඔවුන් සියලු දෙනාම භික්ෂූන් වහන්සේලා හැටියට මේ ආකාරයට ප්‍රසිද්ධියේ ඔහු පසුපස හඹා යා යුතු නැත. මේ විජිත හිමියන් කියන කරන දේවල් මොනවාද, ඒවාට සෙසු භික්ෂූන් වහන්සේලා විරුද්ධ වන්නේ ඇයි යනාදිය වශයෙන් විස්තර කරමින් පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූයේ නම් හොඳටම ප්රමාණවත්ය. එමගින් විජිත හිමියන් ගැන හරි හැටි විස්තරයක් ජනතාවට ලැබෙනවා මෙන්ම බෞද්ධ භික්ෂුවගේ ගරුත්වය කෙලෙසන දර්ශන විකාශය වීමද වැළැකෙනු ඇත. නමුත් මේ චීවරධාරී මැරයන් විසින් විජිත හිමිව දඩයම් කිරීම ඔහු කරන කියන දේවල් නැවැත්වීම වෙනුවට වෙනත් අරමුණක් ඉටුකර ගැනීම සඳහා සිතා මතාම රූපවාහිනි කැමරාවලට හසුවන ආකාරයටම කරන ක්‍රියාකාරකමකි. මෙහි සැබෑ අරමුණ වන්නේ මුලු භික්ෂු ප්‍රජාව තුළම භීෂණයක් පැතිරවීමයි. "තොපි අපි කියන විදියට හිටියේ නැත්නම් තොපිලව දඩයම් කරන්නෙත් විජිත හිමිව දඩයම් කරන ආකාරයට" යෑයි පණිවුඩයක් මුලු භික්ෂු ප්‍රජාවටම යෑවීම මෙහි ප්‍රධාන අරමුණ වෙයි. මුලු රටම පිටරටින් එන අභියෝගය දෙස බලා සිටින අතරතුර පිටස්තරයන් කිසිවකුට නොපෙනෙන ආකාරයට මේ රටේ මුලු භික්ෂු ප්‍රජාව තුළම මහා භීෂණයක් ක්‍රියාත්මක වී ඇත. උගත් ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම තර්ජනය කොට නිහඬ කරවා ඇත. ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් යනු නුහුරු දෙයකි. එපමණක්ද නොව මේ ආකාරයට ඔවුන්ට තර්ජනය කරන්නේ තමාගේ ජීවන රටාව හා විවිධ දුර්වල කම් හොඳින් දන්නා භික්ෂු ප්‍රජාව තුළම සිටින අය නම් මඩ ප්‍රචාරවලට බියෙන් ද මේ ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා නිහඬ වනු ඇත. මේ තරම් අවමානයට මුලු ශාසනයම ලක්වෙද්දී ජ්‍යෙෂ්ඨ භික්ෂූන් මුනිවත රකින්නේ මේ නිසාය. චීවරධාරී මැරයන් පිරිසක් කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශ පරිශ්‍රය තුළට ගොස් වටරැක විජිත හිමියන් එහි සැඟවී සිටින්නේ දැයි සෝදිසි කිරීමට උත්සාහ කළෙත් මේ භීෂණයේම තවත් පියවරක් හැටියටය. මේ මැර භික්ෂූන් කියන ආකාරයට සෙසු උදවිය හැසිරුනේ නැත්නම් ඔවුන්ට සිදුවන්නේත් මේ ආකාරයට සිවිලිම උඩ සැඟවී සිටීමට යෑයි ඉතා ප්‍රබල පණිවුඩයක් සියලුම භික්ෂූන් වහන්සේලා වෙත ඉන් ගියේය. වටරැක විජිත මෙම අමාත්‍යාංශයට පැමිණ ඇත්දැයි සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කිරීමට ඔවුන් උත්සාහ කළේද කීකරු නොවන භික්ෂූන් දඩයම් කිරීමට ඔවුන් කොතෙක් දුරට යැමට සූදානම් දැයි පෙන්වීමටය. මේ මැර භික්ෂූන් වටරැක විජිත හිමියන් මේ ආකාරයට දඩයම් කරන්නේ නම් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පසුපස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද දිනපතාම හඹා යා යුතුය. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තරම් ප්‍රකෝප කරවන කියුම් නිතර දෙවේලේ පවසන තවත් එජාප මන්ත්‍රීවරයෙක් නැති තරම්ය. නමුත් කිරිඇල්ල මහතාගේ ලේ සෙලවීමේ අරමුණින් ඔහු පසුපස කිසිදු ආණ්ඩු පාක්ෂික මන්ත්‍රීවරයෙක් හඹා යනු අපට නොපෙනේ. එවැන්නක් කිසිදාක සිදුනොවිය යුතුය. ප්රජාතන්ත්රවාදය යනු එයයි. අපට කැමති දේවල්ම පමණක් නොව අකමැති දේවල් ද ඇසීමට සූදානම් විය යුතුය. පාර්ලිමේන්තුවේ සිටින දූෂිත, පාදඩ යෑයි කියන දේශපාලනඥයන් වුවත් ප්රකෝපකාරී කියුම් කියූ පමණින් තවත් මන්ත්‍රීවරයකු පසුපස හඹා යන්නේ නැතිනම් අප සැමවිටම සංවරය බලාපොරොත්තු වන භික්ෂූන් වෙනත් භික්ෂූන් පසුපස හඹා යැම වැනි අසික්කිත දර්ශනයක් බෞද්ධයකුට තවත් දැකිය නොහැක. මේ වනාහි බුදු දහම අවමානයට පත් කොට විනාශ කර දැමීමට උත්සාහ දරන නූතන යුගයේ දේවදත්තලා බුද්ධරක්�තලා හා සෝමාරාමලාය. ඉකුත් සතියේ මේ මුලු රටටම දකින්නට ලැබුණු ඉතාමත්ම කනගාටුදායක දර්ශනය වූයේ මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමිපාණන් මුලු බෞද්ධ සංහතියම විනාශ කරන මේ මැර භික්ෂූන් හමුවේ තම යුතුකම් පැහැර හැරිය ආකාරයයි. ඉකුත් සතියේ බොදු බල සේනාවේත් රාවණා බළකායේත් පාදඩ භික්ෂූන් පිරිසක් මල්වතු මහානායක හිමිපාණන් හමුවීමට ගිය විට උන්වහන්සේ ඔවුන්ට තමන්ගේ ඇඟ බේරාගෙන දුන් අවවාදය මෙබඳු විය. "තමුන්නාන්සේලා භික්ෂු ගරුත්වය නැති කරගෙන මේ කටයුතු කරන්නේ, රට ජාතිය, ආගම වෙනුවෙන් ඒවා මේ රජයෙන් සිදු නොවන නිසා. මැති ඇමැතිවරු බොහොම ඉන්නවා. නමුත් ඒවා ක්‍රියාත්මක නැහැ. ඔබ වහන්සේ මම දැක්කා පත්තරේ කියලා තියෙනවා ආණ්ඩු හදන්නත් පුළුවන්, පෙරලන්නත් පුළුවන් කියලා. මොකක් හරි කරන්න" මේ ආගමික නායකයකුගෙන් අප බලාපොරොත්තු වන වදන් නොවේ. මේ මැර භික්ෂූන් හැසිරෙන්නේ භික්ෂු ගරුත්වයට හානිකර ආකාරයකට බව උන් වහන්සේ පිළිගනී. නමුත් ඒ හැසිරීම වැළැක්වීමට එක වචනයක් වත් උන්වහන්සේ කියන්නේ නැත. එමෙන්ම මෙම මැර භික්ෂූන්ගේ මෝඩ දේශපාලන ව්‍යාපෘතිය "පුලුවන් නම් කරන්න" යෑයි උන්වහන්සේ කියයි. එවිට ඒ කටයුතු කළ යුත්තේ මේ මෝඩ චීවරධාරීන්ය. මල්වතු නාහිමියන් ඒවාට ගෑවෙන්නේ නැත. දැන් සිදුවී ඇත්තේ අපට මහනායක හිමියනුත් ලයිසන් දුන්නා යෑයි කියමින් මේ මැරයන් තවත් කලබල කිරීමය. මුලු බෞද්ධ ශාසනයටම තව තවත් නිගා වන ආකාරයට හැසිරීමය. දීර්ඝ කාලයක් මුලුල්ලේ මහනායක හිමිවරුන්ට රටේ තිබෙන තැන පිරිහෙමින් පැවති අතර මේ ආකාරයට මුළු රටටම පෙනෙන ආකාරයට භික්ෂු ශාසනයේ ගරුත්වය ආරක්ෂා කිරීමට මල්වතු මහ නා හිමිගේ නොහැකියාව ප්‍රදර්ශනය කළ විට එයින් එම පිරිහීම තවත් තීව්ර වෙයි. තමන්ගේ භික්ෂූන්ගේ හැසිරීම පාලනය කරගත නොහැකි මහනායක හිමිනමක් බෞද්ධ ගිහියන්ගේ හැසිරීම පාලනය කිරීමට කැසිනෝ යනාදියට විරුද්ධ වන විට එවැනි දේවල් ගණන් ගන්නේ කවුද? මේ භික්ෂු අරාජිකත්වයෙන් මේ රටට වන හානිය අප දැන් සලකා බැලිය යුතුය. එක් පැත්තකින් මෙමගින් සිංහල බෞද්ධයන්ගේ කිසිම සතුරෙකුට බුදු දහමට කළ නොහැකි වූ තරම් හානියක් ඉතා කෙටි කලකින් මේ චීවරධාරී මැරයන් සිදුකොට තිබේ. මේ චීවරධාරී මැර පිරිස් හැසිරෙන ආකාරය දෙස බැලූ විට මට නම් සිතෙන්නේ මොවුන් 1980 ගණන්වල ජවිපෙ භික්ෂූන්ගෙන් සෑදුනු ඝාතන කල්ලිය වූ "කුඩහපොල බළකායේ" සාමාජිකයන්ව සිට එජාප ආණ්ඩුවේ මර්දනයෙන් අපවත් නොවී ඉතිරි වූ අය බවයි. ඒ කාලයේ කුඩහපොල බළකායේ සිටියේ මහණ වූ ත්රස්තවාදීන්ය. ඔවුන් රාත්‍රි කාලයේ සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන ගොස් මිනී මරා නැවත පන්සලට පැමිණ සිවුරු පොරවාගෙන සිටිති. බොහෝ විට තමන් විසින්ම ඝාතනය කරන ලද මිනිසුන්ගේ පාංශුකූල කටයුතුත් සිදුකරනු ලැබුවේ මේ චීවරධාරී ඝාතකයන් විසින්ය. එපමණක්ද නොව මියගිය අයගේ ඥතීන් ඔවුන්ට පින් පැමිණවීම සඳහා දානය පිළිගන්වනු ලබන්නේත් බොහෝ විට මේ ඝාතකයන්ටය. එජාප ආණ්ඩුව සමයේ ජවිපෙ නායකයන් බුරුතු පිටින් එක් වරම හසුවීම නිසා සියලුම ත්රස්තවාදීන් ඉවර කිරීමට පෙර මර්දනය නැවතුණි. එම නිසා කුඩහපොල බළකාය පසුපස ද ඔවුන් හඹා ගියේ නැත. එදා කුහඩපොළ බළකායේ සිටි ඒ චීවරධාරීන් අද වන විට තමන් සිටි පන්සල් වල නායක ස්වාමීන් වහන්සේලා බවටත් පත් වී ඇති බවට කිසිදු සැකයක් නැත. චීවරයේ ගරුත්වයට කිසිදු තැකීමක් නැති භික්ෂුන් පිරිසක් බිහිවී ඇත්තේ මේ කාරණය තුළින් ය යන්න මගේ දැඩි විශ්වාසයයි. මේ භික්ෂු හැසිරීමෙන් ශාසනයට වන හානිය ගැන අටුවා ටීකා ලිවීමට අවශ්‍ය නැත. සෑම බෞද්ධයකුගේම හදවතටම දැනෙන කාරණයකි මෙය. එයත් සමගම මේ භික්ෂු අරාජිකත්වයෙන් ඇතිවී තිබෙන තවත් ආනිසංශයක් වන්නේ රටේ නීතිය හා සාමය බිඳ වැටීමයි. ප්රවෘත්ති නාලිකාවලින් අපට දිගටම දක්නට ලැබෙන්නේ නීතිය තමන්ගේ අතට ගත් චීවරධාරී මැර පිරිස්ය. සිංහල බෞද්ධ මහ ජාතිය මහත් ලැඡ්ජාවටත් අපහසුතාවයටත් පත්ව සිටින අතර සුලු ජාතීන් විශේෂයෙන්ම මුස්ලිම්වරුන් බියෙන් ඇලලී ගොස් සිටී. රටේ හැම තැනම අසහනය පැතිර ඇත. මේවායේ වාසිය යන්නේ කාට දැයි ජනතාව කල්පනා කර බැලිය යුතුය. මුස්ලිම් අයගෙන් විවිධ වැරැදි සිදුවනවා ඇත. නමුත් ඒ ප්‍රශ්න විසඳීමට මේ චීවරධාරී මැර බලය අවශ්‍ය කුමටද? සිංහල බෞද්ධ ජාතිවාදී බලවේගම පමණක් නියෝජනය කිරීම සඳහා ගිහි ඇමැතිවරුන් ගණනාවක්ම විවිධ මට්ටම්වලින් සිටී. ඔවුන්ගේ මුලු ජීවිතයම කැපවී තිබෙන්නේ සුලු ජාතීන් විසින් මහ ජාතියට වන අසාධාරණකම් ගැන කතා කිරීමටය. පසුගිය වකවානුව පුරා සුලු ජාතීන් මහ ජාතියට කළ අසාධාරණකම් සියල්ල විසඳනු ලැබුවේ ගිහියන් විසින්ය. එම නිසා භික්ෂූන් වහන්සේලා තමන්ගේ සාම්ප්‍රදායික හැසිරීම් විලාසය අතහැර මැර ගිහියන්ටත් වඩා මැරයන් හැටියට හැසිරීමට කිසිදු උවමනාවක් මේ රටේ නැත. ගිහියන් විසින් යුද්ධය අවසන් කළේ අතිශයින්ම සැක සහිත විදේශීය සම්බන්ධකම් තිබෙන චීවරධාරීන් පිරිසක් විසින් ඒ ඇතිකරන ලද සාමය අරාජිකත්වයක් බවට හරවනු දැකීමට නොවේ. මුස්ලිම් ජාතිකයන් නූල් සූත්තරවලින් ව්‍යාපාරික ආධිපත්‍යයක් ලබා ගන්නවා නම් එයට පිළිතුරු දිය හැක්කේ සෑම පන්සලකින්ම අදාළ මුස්ලිම් ව්‍යාපාරික ආයතනවලට නොයන මෙන් සිංහල බෞද්ධයන්ට දිගින් දිගටම කියා සිටීමයි. කාලයක් මුළුල්ලේ එවැනි ක්‍රියාකාරකම් කිරීමෙන් අනිවාර්යෙන්ම යම් ප්‍රතිඵලයක් ලබාගත හැක. හීන් නූලෙන් කළ හැකි මේ දෙය නොකර එවැන්නක් කිරීමට උත්සාහයක්වත් නොගෙන කෙලින්ම කහ සිවුර හැඳගෙන මහ පාරේ මැරකම් කරන්නේ මුස්ලිම් ක්‍රියාකාරකම් පාලනය කිරීමට නොව විදේශීය කුමන්ත්රණයක කොටසක් හැටියට මුළු රට පුරාම අරාජිකත්වය පැතිරවීමටය. දැන් අර විල්පත්තු වනයේ මුස්ලිම් ජනතාව පදිංචි කරවීමේ සිද්ධිය සලකා බලමු. චම්පික රණවක යනු කැබිනට් මණ්ඩලය තුළ සිංහල ජාතිවාදී ප්‍රවාහය නියෝජනය කරන එක් ඇමැතිවරයෙකි. ඔහුගේ ජීවිතය කැප කොට ඇත්තේ සුලු ජාතීන් විසින් මහ ජාතියට කරන අසාධාරණකම් නැවැත්වීමටය. එපමණක් ද නොව ඔහු හිටපු පාරිසරික ඇමැතිවරයෙකි. රටේ සියලුම පරිසර ක්‍රියාකාරීන් ඔහු හඳුනයි. ඔහු මේ විල්පත්තු වනයේ පදිංචි කිරීම් ගැන බැලීමට පරිසර ක්‍රියාකාරීන්ද රැගෙන විල්පත්තුවට ගියේ නම් ඔය කාරණය පහසුවෙන්ම විස¹ ගත හැකිව තිබිණි. භික්ෂූන් වහන්සේලාට මෙවැනි දෙයක් ආරංචි වූයේ නම් ඔවුන් ඒ ගැන දැනුම්දිය යුතුව තිබුණේ චම්පික රණවක ඇමැතිවරයාටය. ඔහු ඒ ගැන අනිවාර්යෙන්ම සොයා බලනු ඇත. එසේ නොකර භික්ෂූන් වහන්සේලා පිරිසක් සිවුරු ඔසවාගෙන විල්පත්තුවට ගොස් මුස්ලිම් ජාතිකයන් සමග බහින්බස් වීමට කිසිදු වුවමනාවක් තිබුණේ නැත. මේ ආකාරයට අනවශ්‍ය සංදර්ශන පවත්වන්නේ චීවරය ත්‍රස්තවාදී ඇඳුමක් හැටියට මුළු ලෝකය පුරාම ප්‍රසිද්ධ කොට බුදු දහම අවමානයට පත් කරවීමට බව ඉතා පැහැදිලිය. අද රටේ නීතිය හා සාමයේ බිඳවැටීමක් පෙනෙන්නට තිබේ. අතීතයේ නම් ලංකාවේ සතුරන් මේ රටේ සුලු ජාතීන් මහ ජාතිය අතින් හිරිහැරයට ලක්වන බව කියන විට ආණ්ඩුව පැවසුවේ ඒවා බෙදුම්වාදීන්ගේ බොරු ප්‍රචාර බවත් දෙමළ හා මුස්ලිම් ජාතිකයන් කිසිදු බියකින් හෝ සැකයකින් තොරව කොළඹ හා වෙනත් ප්‍රදේශවල සිංහලයන් සමග එකට ජීවත් වන බවයි. නමුත් අද ආණ්ඩුවට ඒ දෙය කිව හැකිද? එපමණක්ද නොව මේ රටට සිදුවන විශාලම විනාශය වන්නේ ආණ්ඩුව මේ චීවරධාරී මැර බලය හමුවේ අසරණ වී ඇති බව පෙනීමෙනි. රට පාලනය කර ගැනීමට නොහැකි වී තිබෙනවාය යන පෙනුම තරම් ආණ්ඩුවකට හානිකර තවත් දෙයක් නැත. වත්මන් ආණ්ඩුව මහා සංඝයා සමග ඓතිහාසික සම්බන්ධයක් ඇති ශ්‍රීලනිප ආණ්ඩුවකි. මහින්ද රාජපක්ෂ ද සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටි නායකයෙකි. මේ නීතිය අතට ගෙන සිටින අය බෞද්ධ භික්ෂූන්ය. එමනිසා ආණ්ඩුව දෙවරක් සිතයි. කළ යුතු දේ නොකර අඩියක් පස්සට ගනී. අද තිබුණේ එජාප ආණ්ඩුවක් නම් නීතිය අතට ගෙන තිබෙන මේ චීවරධාරීන් සියලු දෙනාගේම පිටේ අඟලක් උසට පලුය. බොදුබල සේනාවේ මැරයන් පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීම අතරතුර එජාප මූලස්ථානය වන සිරිකොතට ඇතුළු වූ අවස්ථාවේදී ඔවුන්ව ඒ මේ අතට තල්ලු කොට එළියට දමන ලදී. ඉන් පසු ඇතැම් අය එජාපය විසින් ගරුතර මහා සංඝරත්නයට පහර දුන්නා යෑයි කියමින් ප්‍රචාරයක් ගෙන යැමට උත්සාහ කළේය. නමුත් සිදුවූයේ කුමක්ද? ඒ සිද්ධියට පසුව පවත්වනු ලබන පළමු ඡන්දයේදී එජාපයේ ඡන්ද ප්‍රමාණය වැඩි විය. දැන් එජාපය මේ බොදුබල සේනාව, රාවණා බලකාය හා සිංහල රාවය ඇතුළු චීවරධාරී ත්රස්තයන් මර්දනය කරන බව කියමින් ඡන්දය ඉල්ලුවොත් ඔවුන්ට තවත් ඡන්ද වැඩිවනු ඇත.· මේ ආණ්ඩුව තමන්ගෙන්ම අසාගත යුතු ප්‍රශ්න කීපයක් ඇත. ඉන් පළමුවැන්න වන්නේ මුලු සිංහල බෞද්ධ සංහතියටම අවමන් කරන මේ චීවරධාරීන්ට එරෙහිව කටයුතු කළොත් එයින් ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියට හානියක් වේද යන්නයි. ඊළඟ ප්රශ්නය වන්නේ මේ චීවරධාරී උන්මත්තකයන්ට එරෙහිව පියවරක් නොගෙන සිටියොත් ආණ්ඩුවට කුමක් සිදුවේ ද යන්නයි. තුන්වැනි ප්රශ්නය වන්නේ මෙවැනි අභියෝගවලට මේ ආණ්ඩුව මීට කලින් මුහුණ දී නැත්ද යන්නයි. 2005 දී මහින්ද රාජපක්ෂ මුලින්ම බලයට පැමිණෙන විට ඔහුට ලැබුණේ පාර්ලිමේන්තුවේ සුලුතරයක් වූ ආණ්ඩුවකි. එවැනි තත්ත්වයක් යටතේත් ශ්‍රීලනිපයේ බලගතුම ඇමැතිවරුන් තුන්දෙනෙක් වූ අනුර බණ්ඩාරනායක, මංගල සමරවීර හා ශ්‍රීපති සූරියආරච්චි දොට්ට දැමීමට ඔවුන්ට සිදුවිය. නමුත් ආණ්ඩුවට කුමක්වත් සිදුවූයේ නැත. යුද්ධයෙන් පසු සරත් ෙෆාන්සේකා අනෙක් පැත්තට ගොස් මුළු සිංහල බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාරයම දෙකඩ කළේය. රාජපක්ෂවරුන් හිරේ දමන බවට ෙෆාන්සේකා කී විට ඔල්වරසන් නැගුවේ දමිලයන් හා මුස්ලිම් ජාතිකයන් නොව සිංහලයන්ය. නමුත් එයින් ද මේ ආණ්ඩුවට කිසිදු උපද්‍රවයක් නොවුණි. එසේ නම් මුළු බෞද්ධ සංහතියටම අවමන් කරන මේ චීවරධාරී මැරයන් ගැන පියවරක් ගැනීමෙන් මේ ආණ්ඩුවට හානියක් වන්නේ කෙසේද? අන් සියල්ලටම වඩා ආණ්ඩුවකට හානි වන්නේ රට පාලනය කර ගැනීමට නොහැකිය යන හැඟීම ජනතාව අතරට ගියොත්ය. මේ චීවරධාරී ත්‍රස්ත කණ්ඩායම් දැන් උත්සාහ කරන්නේ ද එවැනි හැඟීමක් ඇති කිරීමටය. ඔවුන් ඉකුත් සතියේ පිට පිට මෙහෙයුම් තුනක් සිදුකොට දැන් එක්වරම නිහඬව සිටී. ආණ්ඩුවද මේ නිහැඬියාව නිසා මොවුන් නැවත ප්රකෝපකරවා ගැනීම අනවශ්‍ය යෑයි සිතා ඔවුන්ට එරෙහිව කිසිදු පියවරක් නොගෙන සිටිනු ඇත. කලින් සිදුකරන ලද දේවල්වලට කිසිදු දඬුවමක් නොලබා බේරෙන මොවුන් ඉන්පසු එක්වරම නැවත වැඩ ආරම්භ කරනු ඇත. මොවුන් මේ කරන්නේ 1983 තාලයේ මෙන් සිංහල - මුස්ලිම් කෝලාහලයක් ඇති කොට ආණ්ඩුවේ අණසක තවත් දුර්වල කිරීමට බව පැහැදිලිය. ආණ්ඩුව මේ අවස්ථාවේදී තීන්දු කළ යුත්තේ තමුන් ඉන්නවාද නැති නම් යනවාද යන්නයි. සී. ඒ. චන්ද්‍රප්‍රේම වම් ඉවුර[/COLOR][/SIZE] [COLOR="DarkRed"]Thanks [url]www.theindependent.lk[/url][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom