Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහනුවර නගරය යළිත් සිංහලුන් අතට!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහනුවර නගරය යළිත් සිංහලුන් අතට!

ඉංග්‍රීසීන් විසින් අල්ලාගත් මහනුවර නගරය පැය දහයකින් යළිත් සිංහලුන් අතට

රණකාමිත්වය සිංහලුන්ට කාවැදී තිබුණේ අද ඊයේ නොව විජය කුමරු ලක්දිවට ගොඩබට අවධියේ සිටමය. වංශකථාවන්ට අනුව මහ රෑ මැදියමේ යුදවදින රටක් තිබුණේ කොහිද? ඒ මේ අපේ ශ්‍රී ලංකාවයි. විජය රජුගේ පිරිස හා අපේ කුවේණි කුමරියගේ පිරිස අතර සටන් ඇවිළුණේ මහ රෑ ජාමේය. ඒ අපේ ඉතිහාසයේ රසැති තොරතුරුය.

අදින් වසර දෙසීයකට පෙර සිදුවූ මෙම ඉංග්‍රීසි සිංහල ගැටුම එදා අපේ රටේ මහත් ආන්දොaලනයට ලක්වූ බව නම් සැබෑවකි. සිංහලයන් පිළිබඳව වැරදි ලෙස වටහාගත් ඉංග්‍රීසීන් අමුඩය ගැසූ සිංහලයන්ගෙන් බඩපුරා ඉල්ලාගෙන කෑවේ ඉතා හොඳහැටි මතක හිටින්නටය. එහෙත් අපි ඒ ගැන ආඩම්බර ලෙසින් කතා නොකරන්නේ කුරහන්වලින් යෑපුණ අපේ වීර සිංහලයෝ මස්කන කලිසම් අඳින සුද්දන්ව පැරදූ නිසාදැයි සිතේ· නමුත් අප තවමත් භාවිතයට ගන්නේ සුද්දන් විසින් ලියාදුන් ඉතිහාසය නිසා එහි වරදක් දකින්නටද නැත. 1803 වසර ඉංග්‍රීසීන්ට තදියම් වසරක් විය. මක්නිසාද යත්, පෙරදිග පාලනය කළ කොම්පැණිකාරයන් මෙහි එවූ ආණ්ඩුකාරවරුන්ට කීවේ වහා දෙකින් එකක් බේරාගන්නා ලෙසයි. එක්කෝ යටත් විජිතවාදය නැතහොත් රට අතහැරීම. මින් ඉංග්‍රීසින් මුල්කොට සලකන ලද්දේ කෙසේ හෝ උප්පරවැට්ටි යොදා අපේ රට අල්ලාගැනීමත්, ඊට පසු රිසිසේ රටේ සම්පත් භුක්ති විඳීමත්ය.

"පෙඩ්රික් නෝර්ත්" ආණ්ඩුකරු එනතුරු මෙහි සිටි සියලු ඉංග්‍රීසි ප්‍රධානීන් මේ රට ගැන දැන සිටියේ තැප්‍රොබේන් නම්වූ සියලු සම්පත් උපදින පෙරදිග මුතු ඇටය ලෙසිනි. ඉතින් එයට ආශා නොකරන්නේ කව්රුන්ද? එම සම්පත් බහුල ලෙස ලබාගන්නට අකමැති වන්නේ මොන මෝඩයාද? මේ කල්පනා සිහියට ගත් ඉංග්‍රීසි පාලකයන් වහ වහා රට යටත්කොට ගැනීමට ඉව ඇල්ලූ අතර අපේ සිංහල පාවාදෙන්නන්ද ඊට රිටි බැඳ ඉනිමං තනා දුන්හ. 1803 දී සිදුවූයේද එයමයි· නමුත් සිංහල රටේ සිටි එකම පාලකයා වූ රජු මේ එකද පුද්ගලයෙක් කෙරෙහිවත් විශ්වාසය තබා නොගත්තේ දියරෙද්දෙන් බෙල්ල කපනවුන් අදමෙන් එදත් සිටි නිසාය. 1798 දී ලංකාවේ ආණ්ඩුකරු ලෙසින් පත්ව ආ පෙඩ්රික් නෝර්ත් සිංහල රදල ප්‍රධානීන් තම වසඟයට ගනිමින් උඩරට යටත්කර ගැනීම සඳහා වසර කීපයක්ම අඩයාලම් දැමුවේ තම ශූර චරපුරුෂ සේවයද යොදවා ගනිමිනි. නමුත් 1815 දී සිදුවූ මහා පාවාදීම අත ළඟට ලංකරගැනීමට ඔහු සමත්වූයේ නැත. කිසිදු දැන්වීමකින් තොරව හදිසියේ සිදුකළ මෙම පහරදීම නිසා අපේ උඩරට ජනතාවට සිදුවූයේ හෙයියම්මාරුවක් පමණි. එසේ කියන්නේ එදා සිංහලුන්ගේ කපටිකම තේරුම්ගත් ඉංග්‍රීසින් ඊට පසුව එවැනි ගල් මෝඩකම් කිරීමට කිසිවිටකත් පෙළඹුණේ නැති නිසාය. සුද්දන්ට එම සටනේදී වැරදුණ තැන් කීපයක් විය. එකක් නම් මේ රටේ මාග_ පද්ධති උන්ට ඕනෑ සේ ලෙහෙසි පහසු ලෙසින් නොතිබීමයි. අනෙක් කරුණ අපේ රටේ ඇති අව් වැසි කාලගුණ රටා පිළිබඳ හරි අවබෝධයක් නොමැතිකමයි. මේ හැමටමත් වඩා සිංහලයන්ගේ කපටි ශූර බුද්ධිය ඔවුන්ට තේරුම්ගත නොහැකිවීමයි. මේ පිළිබඳව රොබට් නොක්ස් ද අදහස් පළකර ඇත. එයින් කියෑවෙන්නේ සිංහලයන් සතු ශක්තිය හා ශූර වීර ක්‍රියා පිළිබඳවයි. 1803 පෙබරවාරි මාසයේදී ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරිවරයා වශයෙන් ආණ්ඩුකාර පෙඩ්රික් නෝර්ත් තම හමුදා සේනාංකවලට අණ දුන්නේ තුන් පැත්තකින් මහනුවර නගරය වටලා පහර දෙන ලෙසත් සිංහල රජු හැකිනම් පණපිටින් අල්ලාගන්නා ලෙසත් නැතහොත් සමූල ඝාතනයෙන් මුළු කන්දඋඩරට යටත් කරන ලෙසත්ය. නමුත් අපේ වීරෝදාර සිංහල රණවිරුවන් කල්තියා දැනගත් මෙම "ධවල කුමන්ත්‍රණය" පරදවාලීමට සමත් වූයේ එකාමෙන් කටයුතු කිරීම නිසා බව අපූරුවට ඉතිහාසයේ ලියෑවී ඇත. අනුන්ගේ කතාවලට හොඳට ඇහුම්කන්දීමට සමත් සිංහලයෝ සියලු උප්පරවැට්ටි යොදා තම මවුබිමේ ජයග්‍රහණය වෙනුවෙන් එසේ කැප වූ අතර මෑතදී ද එම කැපවීම අපි ඉතා හොඳින් දුටුවෙමු. එදා මහනුවර ඉංග්‍රීසීන්ගෙන් බේරාගත් ඒ රණවිරුවන්ගේ "මුණුබුරන්" මේ ඊළාම් සටන දිනීමට ද හවුල් වන්නට ඇත. ඒ සිංහල රටේ ඇති සම්භාව්යත්වයයි.

1803 පෙබරවාරි 20 වැනිදා උඩරට නගරය තම යටතට ගත් ඉංග්‍රීසි හමුදා මෝසම් වැසි සමයේත් අසනි වැසි සමයේත් අසීරුවෙන් කල් ගෙවූ අතර නුහුරු නුපුරුදු පරිසරයක ඔවුන් කල් ගෙව්වේ කුසීතකමෙන් යුතුවය. මේ කාලය තුළ අවට ගම්වල ඉතුරු වූ ගව මඩුවක්, කුකුල් කොටුවක් පැහැරගත් ඔවුන් එයින් සෑහීමට පත්විය. නමුත් නගරය අතහැර ගිය රදල ප්‍රධානීන් ඇතුළු රටට හිතවත් පිරිස් දිවා රාත්‍රි නොනිදා කතිකා කළේ සුද්දන් උඩරටින් පන්නා දමන අයුරුය. ඒ දිනය ළඟාවිය. 1803 ජුනි මස 24 දා හදිසියේ පාත් වූ සිංහල රණවිරු කුඩා කණ්ඩායම් ඉංග්‍රීසීන්ට හතරවටින් වටලා පහර දෙන්නට විය. කණ්ඩායම්වල පිරිස් ක්ෂණයකින් වැඩිවූයේ බලා සිටියදීමය. සන්නාහ සන්නද්ධ පිරිස් ද සිටි අතර අපේ සමහර වීර සෙබළුන් අත වූයේ කඩුව නැත්නම් දෙපැත්තම කපා හෙළිය හැකි ලන්සයයි.

ජනප්‍රවාදවල කියෑවෙන පරිදි රජුට හිතවත් බිම්තැන්නේ හා බිංගොඩ වැදි පිරිස් ද දුනුවායන් මෙන් මේ යුද්ධයට සහයෝගය දුන්a බව කියෑවේ. මනා ලෙස පුහුණුව ලත් ඉලක්කයට වෙඩි තැබිය හැකි "ලෙෆ් රයිට්" යනුවෙන් අණදෙන හමුදා භට කණ්ඩ කිහිපයක් පැය දහයක් වැනි සුළු කාලයකදී බඩ පුරා කෑවේ අපේ සිංහල කුරක්කන් කන කොල්ලන් අතිනි.

ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරී "මේජර් ඩේව්" ලඡ්ජාව පසෙක තබා ජීවිත හානි වළක්වා ගැනීම පිණිස වහා සුදුකොඩි එසවීමට අණකරන ලද අතර එදා මුළු මහනුවර නගරයම මගුල් ගෙදරක් මෙන් විය. මෙම සටනට සැරසුණ ඉංග්‍රීසි හමුදාව මහනුවර අවරෝධනය කිරීම සඳහා යොදාගත්තේ මහඔයේ දකුණු ඉවුර ආශ්රිත මිටියාවත් පෙදෙස් තම රැක්ම සඳහා යොදා ගනිමිනි. ආරක්ෂාවට කේළාම් කිවූ සිංහල රදල පිරිස් සහයෝගය දක්වන ලදී. බහුතරයක් සිංහල පිරිස් සුද්දන්ට අකමැති වූහ.

පළමුව දිවුලපිටියට ආසන්නයේත් (බඩල්ගම) දෙවනුව දඹදෙණියට ආසන්නයේත් (මැටියගනේ) කඳවුරු දෙකක් ඉදිකරන ලද්දේ ඉංග්‍රීසි හමුදාවන්ට පහසුකම් සැපයීම පිණිසය. කොළඹින් පිටත් වූ දෙදහසක තරම් විශාල සේනාවකට මෙම කඳවුරුවල ආහාර පාන ගබඩා කර තබන ලදී. රාජකීය 51 සේනාංකය හා රාජකීය 19 වන සේනාංක ඊට අයිති විය. මීට අමතරව ගෝව ආදී ප්‍රදේශවලින් ගෙනෙන ලද සිපයි පිරිස්ද මීට අයත් විය. මෙම හමුදා මහනුවර වටකොට 20 වැනිදා අල්ලාගත් අතර ඒ වන විට කිසිවෙක් නුවර සිටියේ නැත. මෙවැනි දෑ හුරු පුරුදු සිංහලයෝ ගම්බිම් වනසා කැලෑ වැදුණේ නියමිත කාලයේදී පහර දීමටය. ඒ අතරතුර ඉංග්‍රීසීන් අතරමඟ බිහි කළ ආහාර කඳවුරුවලට ද පහරදීමට සිංහලුන් කටයුතු යෙදුවේ ඉතා තීක්ෂණ ලෙසය. මේ ඉව වැටුණ ඉංග්‍රීසීන් එම කඳවුරු ද ඉවත් කරගති. ෂෂ රාජසිංහ රජුගේ බිසවගේ සොයුරෙක් රජකමේ තැබූ ඉංග්‍රීසීන් පාළුගෙයි වළං බිඳින්නට පටන්ගත් අතර හඟුරන්කෙත "ගලඋඩ" නමැති ස්ථානයේ සැඟව ගත් රජු තම හිතවත් සිංහල ප්‍රධානීන් සමඟ කුමන්ත්‍රණ කළේ යළිත් මහනුවරින් ඉංග්‍රීසීන් පන්නා දමන අයුරු ගැනය. වැසි සමය ආරම්භ වීමත් සමඟම මාර්තු මස 13 වැනිදා පිළිමතලව්වේගේ ඉල්ලීම මත රජු ඇල්ලීමට විශේෂ හමුදාවක් කර්නල් ලොග් යටතේ හා කර්නල් බේලි යටතේ හඟුරන්කෙතට යවන ලදී. 14 වැනිදා පස්වරුවේ හඟුරන්කෙත යටත් කරගත්ත ද රජු ඒ වන විට එහි නොසිටියේය.

සිංහල ජනයා රජු වසංකර සඟවා සියලු පහසුකම් ඇතිව වෙනත් තැනකට මාරු කළේ ඉංග්‍රීසීන් අතරම සිටි සිංහල චරපුරුෂයන් ගේ අවවාද මතය. මෙය පිළිමතලව්වේට මහත් මදිකමක් වූ අතර ඉංග්‍රීසි හමුදාවට ආපසු හැරී එන්නට සිදුවිය. ඒ හිස් අතින්මය.

මෙහිදී උපක්‍රමශීලී වූ රජු අපූරු නිවේදනයක් කළේය. ඒ ජීවිතක්ෂයට පත්කරන සුදු ජාතික හේවා හිසකට රුපියල් දහයක් හා කළු හේවා හිසකට රු. 5 ක් තෑගි වශයෙන් පිරිනමන බවකි. සිංහල තරුණ සෙබළ ගැටවුන්ට මේ නිවේදනය රසවත් විය. තැන තැන කොටුකරගත් ඉංග්‍රීසි හේවායන් ද කුලී හෙවායන් ද ගරිල්ලා ප්‍රහාරවලින් මියගියේ ඊට පසුය. නොදන්නා ඝාතකයන් අතින් මියගිය සුදු ජාතික හේවා මළසිරුරු තැන තැන විය. මෙය නොදත් ඉංග්‍රීසි හමුදා කොටු තුළම සිරවී සිටි අතර වැසි සමයේ මදුරු වසංගතයට ද මුහුණ දුනි.

මාර්තු, අප්‍රේල්, මැයි අතර කාලය තුළ බොහෝ ඉංග්‍රීසි හේවායෝ මියගියේ වසංගත රෝග නිසාය. කොළඹට ඒමේ ගමන් අපහසුව තවත් බරපතළ අහිතකර තත්ත්වයක් උදාකළේය. මේ සියල්ල විඳ දරාගත් ෆෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකරු තම මෝඩකම මොහොතකටවත් ප්‍රදර්ශනය වන්නට ඉඩ දුන්නේ නැත. මේ කටයුතු කාරණා සිදුවුණ අතර නැවත තමන් විsසින් පත්කළ රාජ අනුප්‍රාප්තික මුත්තුසාමි රජකමින් පහකර මැක්ඩෝවල්ගේ එකඟතා මත කුඩා හමුදාවක් නුවර නතර කර වැඩි හමුදා පිරිස් ආපසු කොළඹට හා ත්‍රිකුණාමලයට යවන ලද බැව් කියෑවේ. මේ හමුදා පිරිස්වලට ද මගදී ප්‍රහාර එල්ල වූයේ සිංහල ගරිල්ලා සටන්කරුවන් අතිනි. රජු අල්ලාගැනීමේ අදහස් අත්නොහැරි ඉංග්‍රීසි ප්‍රධානීන් යළිත් 1803 ජුනි 13 වැනි දින "ඩේවිට" වහාම හඟුරන්කෙත ප්‍රදේශය වටලා රජු අල්ලා ගන්නා ලෙස නියෝග දුන්නේය. නමුත් ඒ වන විට පරිසරය ඊට යෝග්‍ය නොවන නිසා එය අපහසු බව ඩේව් කොළඹට දැන්වූ අතර අතිරේක හමුදා අවි සහ ආහාර වැඩි ප්‍රමාණයක් එවන ලෙස ද දැන්වීය.

කොළඹින් යෑවු පණිවුඩයට අනුව ජුනි මස 26 වැනි දින ඒ සියල්ල ලබාදෙන බවට දැනුම් දුනි. සිංහල චරපුරුෂ සේවයේ දැන්වීම්වලට අනුව 26 වැනිදාට කලින් සිංහල හමුදා සියලු තන්හි රැස් වී අවසන් තීන්දුවකට එළඹි අතර සිංහලයන්ගේ වාසියට හේතු වූ ඉංග්‍රීසි හමුදාවේ මැලේ භට පිරිසක් සිංහල සේනාවන්ට සහය දීමට එකතු විය. ඒ සඳහා ආචාර වෙඩි මුර ද පැවැත්විණි. ගම හැර කැලෑ වැදුණ සිංහල හමුදා ජුනි 23 මධ්‍යම රාත්‍රිය වන විට තමන් සතු සුළු අවි හා වෙඩි බෙහෙත් ආදිය ද රැගෙන නගරය වට කළේය. පුංචි පුංචි කණ්ඩායම් වශයෙන් ගොනු වූ මෙම සිංහල හේවා පිරිස් තමන්ට අණ ලැබෙනතුරු ඉවසා සිටියේ දෙකෙන් එකක් බේරාගැනීමටය.

ගලගෙදර හා ගිරාගම ඉංග්‍රීසි අණුකණ්ඩවලට පහරදුන් සිංහලයෝ ඒවායේ ආයුධ පැහැරගත්තේ ඉංග්‍රීසීන් මරා දමමින්ය. හදිසි පණිවුඩ හුවමාරුවක් නැත. මහවැලි ගඟ පිටාර ගලා ඇත. ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ඩේවිට තරු විසිවුණේ ජුනි 24 වැනිදා අලුයම 4 වන විටය. රජමාළිගය, දළදා මාළිගය, නාථදේවාලය ආදී ප්‍රදේශ වසා සිටි සිංහල හමුදාව ඉංග්‍රීසීන්ගේ ගතේ හිරිගඩු නැංවුයේ මරණයේ සටහන ඉදිරියේ ඇඳී ඇති බැවිනි. සිංහලයෝ එකා මෙන් සටනට වැදුණාහ.

නගරය අත්හැර පලාගිය සිංහලයන් ආයුධ සන්නද්ධ වූයේ කෙසේදැයි ඉංග්‍රීසීන් තුළ මවිතය රජ කරවීය. 24 වැනිදා පස්වරු 2.00 වන විට මේජර් ඩේවි සුදු කොඩි ඔසවා පරාජය පිළිගති. මහනුවර සිංහලයන් දිනාගත් පසු ශ්‍රී වික්‍රම රජු නියෝග කළේ මුත්තුසාමි තමන්ට භාරදෙන ලෙසය. මීට එකඟ නොවූ ඩේවි ඇතුළු ඉංග්‍රීසි නිලධාරීන් සිරභාරයට ගත් රජු ඔවුන් සිරකරුවන් ලෙස සිරගත කළ අතර මුත්තුසාමි හා ඔහුගේ ඥතීන් වන අටදෙනෙක් හිස ගසා මරණ වධයට පත්කළේ රාජාඥව අනුවය.

ඉංග්‍රීසීන්ට උඩරට පෙදෙස්වලදී ආගන්තුක සත්කාර ප්රදානය කළ සිංහලයන්ට ද රජුගෙන් දඬුවම් ලැබිණි. ඒ ජාතියට එරෙහිවීමේ වරද නිසාය. ඒ ගැන ජනප්‍රවාදවල අලංකාර තොරතුරු සටහන්ව ඇත. කෙසේ වෙතත් මෙම 1803 හටන සිංහලයන් එක මතයක සිට එකාවන්ව දිනූ සටනකි. එය අපේ වංශ කතාවේ අමරණීය සිහිවටනයකි 1948 පෙබරවාරි 4 ට එන්නට පෙර 1803 පෙබරවාරි 20 වැනි දින සිහිපත් කළ යුතුය.

පසු සටහන

අපේ සිංහල රට හා ජාතිය වෙනුවෙන් දිවි පිදූ සිංහල රණකාමීන්ගේ ස්මාරක මේ තැන්වල අපට දක්නට නැත. පරංගීන් සමඟ යුද වැදී දරුණු සටන්වලට මුහුණදුන් ලෙව්කේ මැතිඳුගේ සිහිවටනයක් "නිරිපොළ" වෙල්යායේ කොතනක හෝ නැත. සත්කෝරලයේ රණවිරුවන් හතරදෙනෙක් දඹුලු පාරේ කුරුණෑගල මරා එල්ලූ තැන කිසිම සිහිවටනයක් නැත. රටකට ඉතිහාසය අවශ්‍යය. මක්නිසාද? අනාගතය හැඩගස්සා ගැනීම සඳහාය. "නමුත්?" ඉංගී්රසි හේවායන්ගේ නම්ගොත් නිලමක්කාරකම් සහිතව අගනා සිහිවටන ඉදිකොට මල්ගස් වවා වසරකට සැරයක් ඒවා අලුත් කරන අයුරු ද දැක ඇත්තෙමු. එකම රටය. දෙවිදියකටය. නමුත්· අපට නිදහස ලබාදීම සඳහා අධිරාජ්‍යවාදී රෙජිමේන්තු (ඉංග්‍රීසි ජාතික) සමඟ දිවි පරදුවට තබා සටන් වැදුණ අපේ සීයලා ආත්තලාගේ සිහිවටන ද එකක් දෙකක් හෝ ඒ අතර තිබිය යුතුය. ඒවා වටාද බෝගන්විලා ආදි මල්ගස් වැවිය යුතුය. නම් ගම් උපන් වරුස මිය ගිය වරුස හා හේතුව ද සඳහන් කළ යුතුය.

මෙය කළගුණ සැලකීමත් වඩා උතුම් වූ ගෞරව දැක්වීමකි. මහනුවර මඟල්මඩුවට ගොඩවදින ඕනෑම අයෙකුට මේ වැදගත් සිදුවීම් දෙකම එක ලෙස සිහියට ආ යුතුය. ඉන් එකක් 1803 ජුනි 24 වැනිදා අපේ සිංහල හමුදා ඉංග්‍රීසි හමුදා අභිභවනය කිරීමයි. දෙවැන්න 1815 මාර්තු 02 වැනිදා අපේම දුර්වලකමින් අප ඉංග්‍රීසීන්ගෙන් අතකොලු බවට පත්වීමයි. මේ සිද්ධි දෙකම සිහිකරන ඕනෑම සිංහල ජාතිකයකුට තවත් වරක් යටත් වන්නට හෝ යටහත් වන්නට අවශ්‍යතාවක් නොවනු ඇත.

ධර්මරත්න තෙන්නකෝන්

Divaina 24-07-2011

[QUOTE="dynamite1234, post: 21153069, member: 502516"] [b]මහනුවර නගරය යළිත් සිංහලුන් අතට![/b] [SIZE="5"][U][B]ඉංග්‍රීසීන් විසින් අල්ලාගත් මහනුවර නගරය පැය දහයකින් යළිත් සිංහලුන් අතට [/B][/U] රණකාමිත්වය සිංහලුන්ට කාවැදී තිබුණේ අද ඊයේ නොව විජය කුමරු ලක්දිවට ගොඩබට අවධියේ සිටමය. වංශකථාවන්ට අනුව මහ රෑ මැදියමේ යුදවදින රටක් තිබුණේ කොහිද? ඒ මේ අපේ ශ්‍රී ලංකාවයි. විජය රජුගේ පිරිස හා අපේ කුවේණි කුමරියගේ පිරිස අතර සටන් ඇවිළුණේ මහ රෑ ජාමේය. ඒ අපේ ඉතිහාසයේ රසැති තොරතුරුය. අදින් වසර දෙසීයකට පෙර සිදුවූ මෙම ඉංග්‍රීසි සිංහල ගැටුම එදා අපේ රටේ මහත් ආන්දොaලනයට ලක්වූ බව නම් සැබෑවකි. සිංහලයන් පිළිබඳව වැරදි ලෙස වටහාගත් ඉංග්‍රීසීන් අමුඩය ගැසූ සිංහලයන්ගෙන් බඩපුරා ඉල්ලාගෙන කෑවේ ඉතා හොඳහැටි මතක හිටින්නටය. එහෙත් අපි ඒ ගැන ආඩම්බර ලෙසින් කතා නොකරන්නේ කුරහන්වලින් යෑපුණ අපේ වීර සිංහලයෝ මස්කන කලිසම් අඳින සුද්දන්ව පැරදූ නිසාදැයි සිතේ· නමුත් අප තවමත් භාවිතයට ගන්නේ සුද්දන් විසින් ලියාදුන් ඉතිහාසය නිසා එහි වරදක් දකින්නටද නැත. 1803 වසර ඉංග්‍රීසීන්ට තදියම් වසරක් විය. මක්නිසාද යත්, පෙරදිග පාලනය කළ කොම්පැණිකාරයන් මෙහි එවූ ආණ්ඩුකාරවරුන්ට කීවේ වහා දෙකින් එකක් බේරාගන්නා ලෙසයි. එක්කෝ යටත් විජිතවාදය නැතහොත් රට අතහැරීම. මින් ඉංග්‍රීසින් මුල්කොට සලකන ලද්දේ කෙසේ හෝ උප්පරවැට්ටි යොදා අපේ රට අල්ලාගැනීමත්, ඊට පසු රිසිසේ රටේ සම්පත් භුක්ති විඳීමත්ය. "පෙඩ්රික් නෝර්ත්" ආණ්ඩුකරු එනතුරු මෙහි සිටි සියලු ඉංග්‍රීසි ප්‍රධානීන් මේ රට ගැන දැන සිටියේ තැප්‍රොබේන් නම්වූ සියලු සම්පත් උපදින පෙරදිග මුතු ඇටය ලෙසිනි. ඉතින් එයට ආශා නොකරන්නේ කව්රුන්ද? එම සම්පත් බහුල ලෙස ලබාගන්නට අකමැති වන්නේ මොන මෝඩයාද? මේ කල්පනා සිහියට ගත් ඉංග්‍රීසි පාලකයන් වහ වහා රට යටත්කොට ගැනීමට ඉව ඇල්ලූ අතර අපේ සිංහල පාවාදෙන්නන්ද ඊට රිටි බැඳ ඉනිමං තනා දුන්හ. 1803 දී සිදුවූයේද එයමයි· නමුත් සිංහල රටේ සිටි එකම පාලකයා වූ රජු මේ එකද පුද්ගලයෙක් කෙරෙහිවත් විශ්වාසය තබා නොගත්තේ දියරෙද්දෙන් බෙල්ල කපනවුන් අදමෙන් එදත් සිටි නිසාය. 1798 දී ලංකාවේ ආණ්ඩුකරු ලෙසින් පත්ව ආ පෙඩ්රික් නෝර්ත් සිංහල රදල ප්‍රධානීන් තම වසඟයට ගනිමින් උඩරට යටත්කර ගැනීම සඳහා වසර කීපයක්ම අඩයාලම් දැමුවේ තම ශූර චරපුරුෂ සේවයද යොදවා ගනිමිනි. නමුත් 1815 දී සිදුවූ මහා පාවාදීම අත ළඟට ලංකරගැනීමට ඔහු සමත්වූයේ නැත. කිසිදු දැන්වීමකින් තොරව හදිසියේ සිදුකළ මෙම පහරදීම නිසා අපේ උඩරට ජනතාවට සිදුවූයේ හෙයියම්මාරුවක් පමණි. එසේ කියන්නේ එදා සිංහලුන්ගේ කපටිකම තේරුම්ගත් ඉංග්‍රීසින් ඊට පසුව එවැනි ගල් මෝඩකම් කිරීමට කිසිවිටකත් පෙළඹුණේ නැති නිසාය. සුද්දන්ට එම සටනේදී වැරදුණ තැන් කීපයක් විය. එකක් නම් මේ රටේ මාග_ පද්ධති උන්ට ඕනෑ සේ ලෙහෙසි පහසු ලෙසින් නොතිබීමයි. අනෙක් කරුණ අපේ රටේ ඇති අව් වැසි කාලගුණ රටා පිළිබඳ හරි අවබෝධයක් නොමැතිකමයි. මේ හැමටමත් වඩා සිංහලයන්ගේ කපටි ශූර බුද්ධිය ඔවුන්ට තේරුම්ගත නොහැකිවීමයි. මේ පිළිබඳව රොබට් නොක්ස් ද අදහස් පළකර ඇත. එයින් කියෑවෙන්නේ සිංහලයන් සතු ශක්තිය හා ශූර වීර ක්‍රියා පිළිබඳවයි. 1803 පෙබරවාරි මාසයේදී ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරිවරයා වශයෙන් ආණ්ඩුකාර පෙඩ්රික් නෝර්ත් තම හමුදා සේනාංකවලට අණ දුන්නේ තුන් පැත්තකින් මහනුවර නගරය වටලා පහර දෙන ලෙසත් සිංහල රජු හැකිනම් පණපිටින් අල්ලාගන්නා ලෙසත් නැතහොත් සමූල ඝාතනයෙන් මුළු කන්දඋඩරට යටත් කරන ලෙසත්ය. නමුත් අපේ වීරෝදාර සිංහල රණවිරුවන් කල්තියා දැනගත් මෙම "ධවල කුමන්ත්‍රණය" පරදවාලීමට සමත් වූයේ එකාමෙන් කටයුතු කිරීම නිසා බව අපූරුවට ඉතිහාසයේ ලියෑවී ඇත. අනුන්ගේ කතාවලට හොඳට ඇහුම්කන්දීමට සමත් සිංහලයෝ සියලු උප්පරවැට්ටි යොදා තම මවුබිමේ ජයග්‍රහණය වෙනුවෙන් එසේ කැප වූ අතර මෑතදී ද එම කැපවීම අපි ඉතා හොඳින් දුටුවෙමු. එදා මහනුවර ඉංග්‍රීසීන්ගෙන් බේරාගත් ඒ රණවිරුවන්ගේ "මුණුබුරන්" මේ ඊළාම් සටන දිනීමට ද හවුල් වන්නට ඇත. ඒ සිංහල රටේ ඇති සම්භාව්යත්වයයි. 1803 පෙබරවාරි 20 වැනිදා උඩරට නගරය තම යටතට ගත් ඉංග්‍රීසි හමුදා මෝසම් වැසි සමයේත් අසනි වැසි සමයේත් අසීරුවෙන් කල් ගෙවූ අතර නුහුරු නුපුරුදු පරිසරයක ඔවුන් කල් ගෙව්වේ කුසීතකමෙන් යුතුවය. මේ කාලය තුළ අවට ගම්වල ඉතුරු වූ ගව මඩුවක්, කුකුල් කොටුවක් පැහැරගත් ඔවුන් එයින් සෑහීමට පත්විය. නමුත් නගරය අතහැර ගිය රදල ප්‍රධානීන් ඇතුළු රටට හිතවත් පිරිස් දිවා රාත්‍රි නොනිදා කතිකා කළේ සුද්දන් උඩරටින් පන්නා දමන අයුරුය. ඒ දිනය ළඟාවිය. 1803 ජුනි මස 24 දා හදිසියේ පාත් වූ සිංහල රණවිරු කුඩා කණ්ඩායම් ඉංග්‍රීසීන්ට හතරවටින් වටලා පහර දෙන්නට විය. කණ්ඩායම්වල පිරිස් ක්ෂණයකින් වැඩිවූයේ බලා සිටියදීමය. සන්නාහ සන්නද්ධ පිරිස් ද සිටි අතර අපේ සමහර වීර සෙබළුන් අත වූයේ කඩුව නැත්නම් දෙපැත්තම කපා හෙළිය හැකි ලන්සයයි. ජනප්‍රවාදවල කියෑවෙන පරිදි රජුට හිතවත් බිම්තැන්නේ හා බිංගොඩ වැදි පිරිස් ද දුනුවායන් මෙන් මේ යුද්ධයට සහයෝගය දුන්a බව කියෑවේ. මනා ලෙස පුහුණුව ලත් ඉලක්කයට වෙඩි තැබිය හැකි "ලෙෆ් රයිට්" යනුවෙන් අණදෙන හමුදා භට කණ්ඩ කිහිපයක් පැය දහයක් වැනි සුළු කාලයකදී බඩ පුරා කෑවේ අපේ සිංහල කුරක්කන් කන කොල්ලන් අතිනි. ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරී "මේජර් ඩේව්" ලඡ්ජාව පසෙක තබා ජීවිත හානි වළක්වා ගැනීම පිණිස වහා සුදුකොඩි එසවීමට අණකරන ලද අතර එදා මුළු මහනුවර නගරයම මගුල් ගෙදරක් මෙන් විය. මෙම සටනට සැරසුණ ඉංග්‍රීසි හමුදාව මහනුවර අවරෝධනය කිරීම සඳහා යොදාගත්තේ මහඔයේ දකුණු ඉවුර ආශ්රිත මිටියාවත් පෙදෙස් තම රැක්ම සඳහා යොදා ගනිමිනි. ආරක්ෂාවට කේළාම් කිවූ සිංහල රදල පිරිස් සහයෝගය දක්වන ලදී. බහුතරයක් සිංහල පිරිස් සුද්දන්ට අකමැති වූහ. පළමුව දිවුලපිටියට ආසන්නයේත් (බඩල්ගම) දෙවනුව දඹදෙණියට ආසන්නයේත් (මැටියගනේ) කඳවුරු දෙකක් ඉදිකරන ලද්දේ ඉංග්‍රීසි හමුදාවන්ට පහසුකම් සැපයීම පිණිසය. කොළඹින් පිටත් වූ දෙදහසක තරම් විශාල සේනාවකට මෙම කඳවුරුවල ආහාර පාන ගබඩා කර තබන ලදී. රාජකීය 51 සේනාංකය හා රාජකීය 19 වන සේනාංක ඊට අයිති විය. මීට අමතරව ගෝව ආදී ප්‍රදේශවලින් ගෙනෙන ලද සිපයි පිරිස්ද මීට අයත් විය. මෙම හමුදා මහනුවර වටකොට 20 වැනිදා අල්ලාගත් අතර ඒ වන විට කිසිවෙක් නුවර සිටියේ නැත. මෙවැනි දෑ හුරු පුරුදු සිංහලයෝ ගම්බිම් වනසා කැලෑ වැදුණේ නියමිත කාලයේදී පහර දීමටය. ඒ අතරතුර ඉංග්‍රීසීන් අතරමඟ බිහි කළ ආහාර කඳවුරුවලට ද පහරදීමට සිංහලුන් කටයුතු යෙදුවේ ඉතා තීක්ෂණ ලෙසය. මේ ඉව වැටුණ ඉංග්‍රීසීන් එම කඳවුරු ද ඉවත් කරගති. ෂෂ රාජසිංහ රජුගේ බිසවගේ සොයුරෙක් රජකමේ තැබූ ඉංග්‍රීසීන් පාළුගෙයි වළං බිඳින්නට පටන්ගත් අතර හඟුරන්කෙත "ගලඋඩ" නමැති ස්ථානයේ සැඟව ගත් රජු තම හිතවත් සිංහල ප්‍රධානීන් සමඟ කුමන්ත්‍රණ කළේ යළිත් මහනුවරින් ඉංග්‍රීසීන් පන්නා දමන අයුරු ගැනය. වැසි සමය ආරම්භ වීමත් සමඟම මාර්තු මස 13 වැනිදා පිළිමතලව්වේගේ ඉල්ලීම මත රජු ඇල්ලීමට විශේෂ හමුදාවක් කර්නල් ලොග් යටතේ හා කර්නල් බේලි යටතේ හඟුරන්කෙතට යවන ලදී. 14 වැනිදා පස්වරුවේ හඟුරන්කෙත යටත් කරගත්ත ද රජු ඒ වන විට එහි නොසිටියේය. සිංහල ජනයා රජු වසංකර සඟවා සියලු පහසුකම් ඇතිව වෙනත් තැනකට මාරු කළේ ඉංග්‍රීසීන් අතරම සිටි සිංහල චරපුරුෂයන් ගේ අවවාද මතය. මෙය පිළිමතලව්වේට මහත් මදිකමක් වූ අතර ඉංග්‍රීසි හමුදාවට ආපසු හැරී එන්නට සිදුවිය. ඒ හිස් අතින්මය. මෙහිදී උපක්‍රමශීලී වූ රජු අපූරු නිවේදනයක් කළේය. ඒ ජීවිතක්ෂයට පත්කරන සුදු ජාතික හේවා හිසකට රුපියල් දහයක් හා කළු හේවා හිසකට රු. 5 ක් තෑගි වශයෙන් පිරිනමන බවකි. සිංහල තරුණ සෙබළ ගැටවුන්ට මේ නිවේදනය රසවත් විය. තැන තැන කොටුකරගත් ඉංග්‍රීසි හේවායන් ද කුලී හෙවායන් ද ගරිල්ලා ප්‍රහාරවලින් මියගියේ ඊට පසුය. නොදන්නා ඝාතකයන් අතින් මියගිය සුදු ජාතික හේවා මළසිරුරු තැන තැන විය. මෙය නොදත් ඉංග්‍රීසි හමුදා කොටු තුළම සිරවී සිටි අතර වැසි සමයේ මදුරු වසංගතයට ද මුහුණ දුනි. මාර්තු, අප්‍රේල්, මැයි අතර කාලය තුළ බොහෝ ඉංග්‍රීසි හේවායෝ මියගියේ වසංගත රෝග නිසාය. කොළඹට ඒමේ ගමන් අපහසුව තවත් බරපතළ අහිතකර තත්ත්වයක් උදාකළේය. මේ සියල්ල විඳ දරාගත් ෆෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකරු තම මෝඩකම මොහොතකටවත් ප්‍රදර්ශනය වන්නට ඉඩ දුන්නේ නැත. මේ කටයුතු කාරණා සිදුවුණ අතර නැවත තමන් විsසින් පත්කළ රාජ අනුප්‍රාප්තික මුත්තුසාමි රජකමින් පහකර මැක්ඩෝවල්ගේ එකඟතා මත කුඩා හමුදාවක් නුවර නතර කර වැඩි හමුදා පිරිස් ආපසු කොළඹට හා ත්‍රිකුණාමලයට යවන ලද බැව් කියෑවේ. මේ හමුදා පිරිස්වලට ද මගදී ප්‍රහාර එල්ල වූයේ සිංහල ගරිල්ලා සටන්කරුවන් අතිනි. රජු අල්ලාගැනීමේ අදහස් අත්නොහැරි ඉංග්‍රීසි ප්‍රධානීන් යළිත් 1803 ජුනි 13 වැනි දින "ඩේවිට" වහාම හඟුරන්කෙත ප්‍රදේශය වටලා රජු අල්ලා ගන්නා ලෙස නියෝග දුන්නේය. නමුත් ඒ වන විට පරිසරය ඊට යෝග්‍ය නොවන නිසා එය අපහසු බව ඩේව් කොළඹට දැන්වූ අතර අතිරේක හමුදා අවි සහ ආහාර වැඩි ප්‍රමාණයක් එවන ලෙස ද දැන්වීය. කොළඹින් යෑවු පණිවුඩයට අනුව ජුනි මස 26 වැනි දින ඒ සියල්ල ලබාදෙන බවට දැනුම් දුනි. සිංහල චරපුරුෂ සේවයේ දැන්වීම්වලට අනුව 26 වැනිදාට කලින් සිංහල හමුදා සියලු තන්හි රැස් වී අවසන් තීන්දුවකට එළඹි අතර සිංහලයන්ගේ වාසියට හේතු වූ ඉංග්‍රීසි හමුදාවේ මැලේ භට පිරිසක් සිංහල සේනාවන්ට සහය දීමට එකතු විය. ඒ සඳහා ආචාර වෙඩි මුර ද පැවැත්විණි. ගම හැර කැලෑ වැදුණ සිංහල හමුදා ජුනි 23 මධ්‍යම රාත්‍රිය වන විට තමන් සතු සුළු අවි හා වෙඩි බෙහෙත් ආදිය ද රැගෙන නගරය වට කළේය. පුංචි පුංචි කණ්ඩායම් වශයෙන් ගොනු වූ මෙම සිංහල හේවා පිරිස් තමන්ට අණ ලැබෙනතුරු ඉවසා සිටියේ දෙකෙන් එකක් බේරාගැනීමටය. ගලගෙදර හා ගිරාගම ඉංග්‍රීසි අණුකණ්ඩවලට පහරදුන් සිංහලයෝ ඒවායේ ආයුධ පැහැරගත්තේ ඉංග්‍රීසීන් මරා දමමින්ය. හදිසි පණිවුඩ හුවමාරුවක් නැත. මහවැලි ගඟ පිටාර ගලා ඇත. ඉංග්‍රීසි හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ඩේවිට තරු විසිවුණේ ජුනි 24 වැනිදා අලුයම 4 වන විටය. රජමාළිගය, දළදා මාළිගය, නාථදේවාලය ආදී ප්‍රදේශ වසා සිටි සිංහල හමුදාව ඉංග්‍රීසීන්ගේ ගතේ හිරිගඩු නැංවුයේ මරණයේ සටහන ඉදිරියේ ඇඳී ඇති බැවිනි. සිංහලයෝ එකා මෙන් සටනට වැදුණාහ. නගරය අත්හැර පලාගිය සිංහලයන් ආයුධ සන්නද්ධ වූයේ කෙසේදැයි ඉංග්‍රීසීන් තුළ මවිතය රජ කරවීය. 24 වැනිදා පස්වරු 2.00 වන විට මේජර් ඩේවි සුදු කොඩි ඔසවා පරාජය පිළිගති. මහනුවර සිංහලයන් දිනාගත් පසු ශ්‍රී වික්‍රම රජු නියෝග කළේ මුත්තුසාමි තමන්ට භාරදෙන ලෙසය. මීට එකඟ නොවූ ඩේවි ඇතුළු ඉංග්‍රීසි නිලධාරීන් සිරභාරයට ගත් රජු ඔවුන් සිරකරුවන් ලෙස සිරගත කළ අතර මුත්තුසාමි හා ඔහුගේ ඥතීන් වන අටදෙනෙක් හිස ගසා මරණ වධයට පත්කළේ රාජාඥව අනුවය. ඉංග්‍රීසීන්ට උඩරට පෙදෙස්වලදී ආගන්තුක සත්කාර ප්රදානය කළ සිංහලයන්ට ද රජුගෙන් දඬුවම් ලැබිණි. ඒ ජාතියට එරෙහිවීමේ වරද නිසාය. ඒ ගැන ජනප්‍රවාදවල අලංකාර තොරතුරු සටහන්ව ඇත. කෙසේ වෙතත් මෙම 1803 හටන සිංහලයන් එක මතයක සිට එකාවන්ව දිනූ සටනකි. එය අපේ වංශ කතාවේ අමරණීය සිහිවටනයකි 1948 පෙබරවාරි 4 ට එන්නට පෙර 1803 පෙබරවාරි 20 වැනි දින සිහිපත් කළ යුතුය. [COLOR="Red"][B]පසු සටහන අපේ සිංහල රට හා ජාතිය වෙනුවෙන් දිවි පිදූ සිංහල රණකාමීන්ගේ ස්මාරක මේ තැන්වල අපට දක්නට නැත. පරංගීන් සමඟ යුද වැදී දරුණු සටන්වලට මුහුණදුන් ලෙව්කේ මැතිඳුගේ සිහිවටනයක් "නිරිපොළ" වෙල්යායේ කොතනක හෝ නැත. සත්කෝරලයේ රණවිරුවන් හතරදෙනෙක් දඹුලු පාරේ කුරුණෑගල මරා එල්ලූ තැන කිසිම සිහිවටනයක් නැත. රටකට ඉතිහාසය අවශ්‍යය. මක්නිසාද? අනාගතය හැඩගස්සා ගැනීම සඳහාය. "නමුත්?" ඉංගී්රසි හේවායන්ගේ නම්ගොත් නිලමක්කාරකම් සහිතව අගනා සිහිවටන ඉදිකොට මල්ගස් වවා වසරකට සැරයක් ඒවා අලුත් කරන අයුරු ද දැක ඇත්තෙමු. එකම රටය. දෙවිදියකටය. නමුත්· අපට නිදහස ලබාදීම සඳහා අධිරාජ්‍යවාදී රෙජිමේන්තු (ඉංග්‍රීසි ජාතික) සමඟ දිවි පරදුවට තබා සටන් වැදුණ අපේ සීයලා ආත්තලාගේ සිහිවටන ද එකක් දෙකක් හෝ ඒ අතර තිබිය යුතුය. ඒවා වටාද බෝගන්විලා ආදි මල්ගස් වැවිය යුතුය. නම් ගම් උපන් වරුස මිය ගිය වරුස හා හේතුව ද සඳහන් කළ යුතුය. මෙය කළගුණ සැලකීමත් වඩා උතුම් වූ ගෞරව දැක්වීමකි. මහනුවර මඟල්මඩුවට ගොඩවදින ඕනෑම අයෙකුට මේ වැදගත් සිදුවීම් දෙකම එක ලෙස සිහියට ආ යුතුය. ඉන් එකක් 1803 ජුනි 24 වැනිදා අපේ සිංහල හමුදා ඉංග්‍රීසි හමුදා අභිභවනය කිරීමයි. දෙවැන්න 1815 මාර්තු 02 වැනිදා අපේම දුර්වලකමින් අප ඉංග්‍රීසීන්ගෙන් අතකොලු බවට පත්වීමයි. මේ සිද්ධි දෙකම සිහිකරන ඕනෑම සිංහල ජාතිකයකුට තවත් වරක් යටත් වන්නට හෝ යටහත් වන්නට අවශ්‍යතාවක් නොවනු ඇත.[/B][/COLOR] ධර්මරත්න තෙන්නකෝන් Divaina 24-07-2011[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom