Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහබැංකුවේ තීරණ පැතුම් රටට දැනුම් දෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ බැංකුවේ අලුත්ම තීරණය

ඊයේ (පෙබරවාරි 7) මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්වුනා. එහිදී, පොලී අනුපාතික කෙරෙහි බලපාන විශේෂ තීන්දුවක් ගනු ලැබුවා. එනම්, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික යටතේ සිදු කළ හැකි ගනුදෙනු හා අදාළව මෙතෙක් පැවති ප්‍රමාණාත්මක සීමාවන් ලිහිල් කිරීමයි.

මේ අනුව, මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම යටතේ වාණිජ බැංකුවකට දිනකට මහ බැංකුවෙන් ලබා ගත හැකි වූ ණය ප්‍රමාණය පිළිබඳ උපරිම සීමාව ඉවත් කර ඇති අතර, මාසයක කාලයක් තුළ නිත්‍ය තැන්පතු පහසුකම ලබා ගත හැකි වාර ගණන 5 සිට 10 දක්වා ඉහළ නංවා තිබෙනවා.

මේ වන විට මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 10%ක් වන අතර, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 9%ක් වෙනවා. මෙම පොලී අනුපාතික දෙක මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් මුදල් වෙළඳපොළ පොලී අනුපාතික, එනම් කෙටිකාලීන පොලී අනුපාතික, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයට වඩා වැඩි විය යුතු අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතයට වඩා අඩු විය යුතුයි.

නිත්‍ය ණය පහසුකම් අනුපාතය යටතේ මහ බැංකුවෙන් ණය ගැනීමේ අවස්ථාව තිබියදී වාණිජ බැංකුවකට ඊට වඩා වැඩි පොලියකට වෙළඳපොළෙන් ණය ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. එමෙන්ම, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයට මහ බැංකුවේ මුදල් තැන්පත් කළ හැකිව තිබියදී ඊට වඩා අඩු පොලියකට වෙනත් අයෙකුට ණය දීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, ඉහත පොලී අනුපාතික දෙක වෙනස් කිරීම මගින් මහ බැංකුවට වෙළඳපොළ පොලී අනුපාතික පාලනය කළ හැකියි.

කෙසේ වුවද, මුදල් සැපයුම වෙනස් නොකර, වෙළඳපොළ පොලී අනුපාතික වල තාවකාලික විචලනයන් පාලනය කිරීම පමණක් ඉලක්ක කරන්නේනම්, මහ බැංකුවට වෙළඳපොළ සමතුලිත පොලී අනුපාතිකයට වඩා ඉහළින් නිත්‍ය ණය පහසුකම් අනුපාතයත්, එම සමතුලිත පොලී අනුපාතිකයට වඩා පහළින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයත් පවත්වා ගන්නට සිදු වෙනවා. එවිට, වාණිජ බැංකුවකට ද්‍රවශීලතා හිඟයක් හෝ අතිරික්තයක් ඇති වූ විට මහ බැංකුවේ නිත්‍ය පහසුකම් ප්‍රයෝජනයට නොගෙන, වඩා වාසිදායක වෙළඳපොළ ගණුදෙනුවක් කළ හැකි බැවින්, කිසියම් වාණිජ බැංකුවකට මහ බැංකුව වෙත පැමිණීමට සිදු වන්නේ වෙළඳපොළ ගනුදෙනුවක් සඳහා පාර්ශ්වකරුවෙකු සොයා ගැනීමට නොහැකි වූ විට පමණයි.

රජය විසින් දේශීය මුදල් වෙළඳපොළෙන් කරන ණය ගැනීම් ඉහළ යද්දී දේශීය මුදල් වෙළඳපොළේ ද්‍රවශීලතාව අඩු වී පොලී අනුපාතික ඉහළ යනවා. එවිට මහ බැංකුව විසින් එක්කෝ සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ වෙළඳපොළ සමතුලිත පොලී අනුපාතික හා ගැලපෙන පරිදි ඉහළ දැමිය යුතුයි. එසේ නැත්නම්, පොලී අනුපාතික ඉහළ යාම පාලනය කරමින් මුදල් සැපයුම ඉහළ යාමට ඉඩ හැරිය යුතුයි.

ඉහත දෙවැන්නෙන් අදහස් වන්නේ මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම යටතේ වෙළඳපොළ පොලී අනුපාතයට වඩා අඩුවෙන් මුදල් ලබා ගැනීමට වාණිජ බැංකු වලට ඉඩ සැලසීමයි. මෙහිදී, එසේ මහ බැංකුවෙන් අඩු පොලියකට ලබා ගන්නා අරමුදල් වැඩි පොලියකට රජයට ණයට දීම මගින් ලාබයක් ලබා ගැනීමේ අවස්ථාව වාණිජ බැංකු වලට ලැබෙනවා. කෙසේ වුවත්, රජය වැඩියෙන් ණය ගැනීම නිසා පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාම පෞද්ගලික අංශයටද බලපාන නිසා, රටේ ආර්ථික වර්ධනය පවත්වා ගැනීම සඳහා, ඇතැම් තත්ත්වයන් යටතේ, මහ බැංකුවකට එසේ පොලී අනුපාතික පාලනය කරන්නට සිදු වෙනවා.

ඉහත සාමාන්‍ය තත්ත්වයට අමතරව, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ වලට රජය විසින් බලපෑම් කිරීම නිසා නිත්‍ය පොලී අනුපාතික අවශ්‍ය පමණ ඉහළ දමනු නොලැබීම අපට වරින් වර දැක ගත හැකි වූ තත්ත්වයක්. මහ බැංකු ස්වාධීනත්වය තහවුරු කිරීම මගින් ඉලක්ක කෙරුණේ එවැනි තත්ත්වයන් ඇති වීම වලක්වා ගැනීමයි.

පහළින් තියෙන්නේ 2022 අප්‍රේල් පළමු සතිය වන විට, ඒ කියන්නේ වත්මන් මහ බැංකු අධිපතිවරයා ධුරයේ වැඩ භාර ගන්න කොට, පැවති තත්ත්වය.

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික:

නිත්‍ය ණය පහසුකම් අනුපාතය - 7.5%

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය - 6.5%

බැංකු පොලී අනුපාතික:

බරිත සාමාන්‍ය නව ණය අනුපාතය - 10.73%

බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතය - 7.68%

බරිත සාමාන්‍ය නව ස්ථිර තැන්පතු අනුපාතය - 8.06%

භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ:

දින- 91 බිල්පත් ඵලදා අනුපාතය - 12.92%

දින- 182 බිල්පත් ඵලදා අනුපාතය - 12.25%

වාණිජ බැංකු වලට මහ බැංකුවෙන් 7.5% පොලියට අරමුදල් සපයාගන්න පුළුවන්කම තියෙද්දී තැන්පතු වෙනුවෙන් ඊට වඩා ගොඩක් ලොකු පොලියක් ගෙවන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා, තැන්පතු වෙනුවෙන් ගෙවන්නේ ඊට කිට්ටු පොලියක්. ඒ පොලියට වඩා 3%ක් පමණ වැඩි පොලියකට ණය දෙනවා. පොලිය ඊට වඩා ගොඩක් වැඩි කරලා පෞද්ගලික අංශයට ණය දෙන්න බැහැ. හැබැයි රජයට ඊට වඩා වැඩි පොලියකට ණය දෙන්න පුළුවන්. ඒ නිසා, මේ වෙද්දී බැංකු විසින් කළේ තැන්පතු ලෙස එකතු කරගන්නා අරමුදල් වගේම මහ බැංකුවෙන් ණයට ගන්න සල්ලිත් රජයට ණයට දෙන එක.

කොහොම හරි, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික සහ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අතර සැලකිය යුතු පරතරයක් ඒ වෙද්දී හැදිලා තිබුණා. ඒ වගේ පරතරයක් නඩත්තු වෙද්දී මුදල් සැපයුම දිගින් දිගටම ප්‍රසාරණය වෙනවා. මොකද ටැප් එක ඇරියා වගේ මහ බැංකුවෙන් අඩු පොලියට ලැබෙන සල්ලි අනෙක් පැත්තට ලාබයක් තියාගෙන රජයට ණයට දෙන්න බැංකු වලට පුළුවන්.

අලුත් අධිපතිවරයා ධුරයේ වැඩ භාරගත් වහාම මෙන් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 7%කින් වැඩි කරනවා. ඒ මගින් උත්සාහ කරන්න ඇත්තේ ඉහත විකෘතිය නැති කරන එක වෙන්න ඇති. පහත තිබෙන්නේ ඉන් පසු, අප්‍රේල් මාසය අවසානයේදී පොලී අනුපාතික වෙනස් වී තිබුණු ආකාරය.

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික:

නිත්‍ය ණය පහසුකම් අනුපාතය - 14.5%

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය - 13.5%

බැංකු පොලී අනුපාතික:

බරිත සාමාන්‍ය නව ණය අනුපාතය - 13.72%

බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතය - 15.35%

බරිත සාමාන්‍ය නව ස්ථිර තැන්පතු අනුපාතය - 15.63%

භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ:

දින- 91 බිල්පත් ඵලදා අනුපාතය - 23.48%

දින- 182 බිල්පත් ඵලදා අනුපාතය - 23.95%

මහ බැංකුවේ විසින් කළේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඒ වන විට පැවති භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික වල මට්ටමට ඔසොවන එක. හැබැයි එහෙම කළා කියලා ඔය දෙක අතර තිබුණු විශාල පරතරය නැති වුනේ නැහැ. ඒ වෙනුවට වුනේ එම පරතරය තවත් වැඩි කරමින් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගිය එකයි. මෙය පෙර ලිපියක විස්තර කර තිබෙන ප්‍රත්‍යස්ථතාවය පිළිබඳ ප්‍රශ්නයක්.

මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කිරීමට අනුරූපව වාණිජ බැංකු විසින් තැන්පතු පොලී අනුපාතිකද වැඩි කළත් ඒ හරහා එකතු කර ගත හැකි වූ අමතර අරමුදල් ප්‍රමාණයට වඩා වැඩි ණය ඉල්ලුමක් රජය පැත්තෙන් ආපු නිසා අන්තිමට වුනේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික අතර පරතරය ඒ විදිහටම නඩත්තු වුන එක. ඒ තත්ත්වය යටතේ වාණිජ බැංකු විසින් මහ බැංකුවෙන් අඩු පොලියට ණය අරගෙන රජයට වැඩි පොලියට ණයට දීම සහ ඒ හේතුවෙන් දිගින් දිගටම මුදල් සැපයුම ප්‍රසාරණය වීම මහ බැංකුවට පහසුවෙන් වළක්වාගන්න බැරි තත්ත්වයක් ඇති වුනා.

ඉහත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මහ බැංකුව විසින් 2023 ජනවාරි මාසයේදී නිත්‍ය ණය පහසුකම් හා අදාළ ප්‍රමාණාත්මක සීමාවන් දැම්මා. මේ අනුව, බැංකුවකට මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම යටතේ ලබා ගත හැකි වූ අරමුදල් ප්‍රමාණය එම බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණයෙන් 90%කට සීමා කෙරුණා. ඒ වෙද්දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4%ක්. ඒ කියන්නේ අවම වශයෙන් තැන්පතු වලින් 4%ක් මහ බැංකුවේ තැන්පත් කර පවත්වා ගෙන යා යුතුයි. හැබැයි අනෙක් අතට මහ බැංකුවෙන් නිත්‍ය ණය පහසුකම යටතේ ණය ලබා ගන්න පුළුවන්. 2023 ජනවාරි මාසයේදී කළේ මෙය සීමා කරන එක.

මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම ඔය විදිහට සීමා කළාම බැංකු වලට යම් ද්‍රවශීලතා ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. තැන්පතු පොලී වැඩි කරගෙන අවශ්‍ය අරමුදල් වෙළඳපොළෙන්ම හොයා ගන්න වෙනවා. මෙයට උදවුවක් ලෙස නිත්‍ය තැන්පතු පහසුකම භාවිතා කිරීමද මාසයකට වාර පහකට සීමා කෙරුණා. එසේ කළ විට ද්‍රවශීලතා අතිරික්තයක් තිබෙන බැංකු වලට තමන්ගේ අතිරික්ත සල්ලි මහ බැංකුවේ තැන්පත් කිරීමේ අවස්ථාව සීමා වන නිසා ද්‍රවශීලතා හිඟයක් තිබෙන බැංකුවක් හොයලා ඒ සල්ලි ණයට දෙන්න වෙනවා.

කොහොම වුනත් මේ වෙද්දී රජය පැත්තෙන් විශාල වෙනස්කම් වෙලා රජයේ ණය ඉල්ලුම විශාල ලෙස අඩු වෙලා නිසා, ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික අතර පරතරයද 1% පමණ මට්ටමක් දක්වා විශාල ලෙස අඩු වෙලා තිබෙනවා. පහත තිබෙන්නේ පසුගිය සතිය වන විට පැවති තත්ත්වය.

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික:

නිත්‍ය ණය පහසුකම් අනුපාතය - 10%

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය - 9%

භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ:

දින- 91 බිල්පත් ඵලදා අනුපාතය - 10.96%

දින- 182 බිල්පත් ඵලදා අනුපාතය - 11.07%

මේ තත්ත්වය යටතේ මහ බැංකුවට ඉහත ප්‍රමාණාත්මක සීමාවන් ලිහිල් කිරීමට ඉඩප්රස්ථා ලැබී තිබෙනවා. ඒ එක්කම, වාණිජ බැංකු වලට මුහුණ දෙන්නට වූ ද්‍රවශීලතා අවදානම සැලකිය යුතු ලෙස අඩු වෙනවා. හදිසියකට මහ බැංකුවෙන් අවශ්‍ය පමණ අරමුදල් ලබා ගත හැකි නිසා ඔවුන්ට බයක් සැකක් නැතුව තමන් සතු අරමුදල් ණයට දෙන්න පුළුවන්.

සාමාන්‍ය මූලධර්මයක් ලෙස බැංකු විසින් ණය ලෙස ලබා දෙන අරමුදල් නැවත බැංකු පද්ධතියටම එනවා. මේ ක්‍රියාවලිය හරහා මුදල් මැවීමක් සිදු වෙනවා. එහිදී මුදල් සැපයුමේ යම් ඉහළ යාමක් සිදු වෙනවා. මේ තත්ත්වයන් එක්ක නැවතත් කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙක අතර සීමාවකට පහත වැටෙන්න පුළුවන්. මහ බැංකුව විසින් ඉලක්ක කරන බව පෙනෙන්නේද එයයි.

නිශ්චිතව කිවුවොත්, කෙටි කාලයක් ඇතුළත භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික තනි අංකයක් දක්වා අඩු වීමට නියමිතයි. ඒ කියන්නේ ස්ථිර තැන්පත් පොලී අනුපාතික වලටද එයම වෙනවා කියන එක. එසේ වෙද්දී ණය පොලී අනුපාතිකද 12%-13% වැනි මට්ටමක් දක්වා පහත වැටෙයි. නමුත් තවමත් පරණ තැන්පතු සඳහා ගෙවන සාමාන්‍ය ස්ථිර තැන්පතු පොලී අනුපාතික 14% ඉක්මවන මට්ටමක තිබෙන නිසා ණය පොලී අඩුවීම සිදු වනු ඇත්තේ මාස කිහිපයක ප්‍රමාදයකින් පසුවයි.

#ඉකොනොමැට්ටා

[QUOTE="riduna pm, post: 29590811, member: 567786"] මහ බැංකුවේ අලුත්ම තීරණය ඊයේ (පෙබරවාරි 7) මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්වුනා. එහිදී, පොලී අනුපාතික කෙරෙහි බලපාන විශේෂ තීන්දුවක් ගනු ලැබුවා. එනම්, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික යටතේ සිදු කළ හැකි ගනුදෙනු හා අදාළව මෙතෙක් පැවති ප්‍රමාණාත්මක සීමාවන් ලිහිල් කිරීමයි. මේ අනුව, මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම යටතේ වාණිජ බැංකුවකට දිනකට මහ බැංකුවෙන් ලබා ගත හැකි වූ ණය ප්‍රමාණය පිළිබඳ උපරිම සීමාව ඉවත් කර ඇති අතර, මාසයක කාලයක් තුළ නිත්‍ය තැන්පතු පහසුකම ලබා ගත හැකි වාර ගණන 5 සිට 10 දක්වා ඉහළ නංවා තිබෙනවා. මේ වන විට මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 10%ක් වන අතර, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 9%ක් වෙනවා. මෙම පොලී අනුපාතික දෙක මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් මුදල් වෙළඳපොළ පොලී අනුපාතික, එනම් කෙටිකාලීන පොලී අනුපාතික, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයට වඩා වැඩි විය යුතු අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතයට වඩා අඩු විය යුතුයි. නිත්‍ය ණය පහසුකම් අනුපාතය යටතේ මහ බැංකුවෙන් ණය ගැනීමේ අවස්ථාව තිබියදී වාණිජ බැංකුවකට ඊට වඩා වැඩි පොලියකට වෙළඳපොළෙන් ණය ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. එමෙන්ම, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයට මහ බැංකුවේ මුදල් තැන්පත් කළ හැකිව තිබියදී ඊට වඩා අඩු පොලියකට වෙනත් අයෙකුට ණය දීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, ඉහත පොලී අනුපාතික දෙක වෙනස් කිරීම මගින් මහ බැංකුවට වෙළඳපොළ පොලී අනුපාතික පාලනය කළ හැකියි. කෙසේ වුවද, මුදල් සැපයුම වෙනස් නොකර, වෙළඳපොළ පොලී අනුපාතික වල තාවකාලික විචලනයන් පාලනය කිරීම පමණක් ඉලක්ක කරන්නේනම්, මහ බැංකුවට වෙළඳපොළ සමතුලිත පොලී අනුපාතිකයට වඩා ඉහළින් නිත්‍ය ණය පහසුකම් අනුපාතයත්, එම සමතුලිත පොලී අනුපාතිකයට වඩා පහළින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතයත් පවත්වා ගන්නට සිදු වෙනවා. එවිට, වාණිජ බැංකුවකට ද්‍රවශීලතා හිඟයක් හෝ අතිරික්තයක් ඇති වූ විට මහ බැංකුවේ නිත්‍ය පහසුකම් ප්‍රයෝජනයට නොගෙන, වඩා වාසිදායක වෙළඳපොළ ගණුදෙනුවක් කළ හැකි බැවින්, කිසියම් වාණිජ බැංකුවකට මහ බැංකුව වෙත පැමිණීමට සිදු වන්නේ වෙළඳපොළ ගනුදෙනුවක් සඳහා පාර්ශ්වකරුවෙකු සොයා ගැනීමට නොහැකි වූ විට පමණයි. රජය විසින් දේශීය මුදල් වෙළඳපොළෙන් කරන ණය ගැනීම් ඉහළ යද්දී දේශීය මුදල් වෙළඳපොළේ ද්‍රවශීලතාව අඩු වී පොලී අනුපාතික ඉහළ යනවා. එවිට මහ බැංකුව විසින් එක්කෝ සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ වෙළඳපොළ සමතුලිත පොලී අනුපාතික හා ගැලපෙන පරිදි ඉහළ දැමිය යුතුයි. එසේ නැත්නම්, පොලී අනුපාතික ඉහළ යාම පාලනය කරමින් මුදල් සැපයුම ඉහළ යාමට ඉඩ හැරිය යුතුයි. ඉහත දෙවැන්නෙන් අදහස් වන්නේ මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම යටතේ වෙළඳපොළ පොලී අනුපාතයට වඩා අඩුවෙන් මුදල් ලබා ගැනීමට වාණිජ බැංකු වලට ඉඩ සැලසීමයි. මෙහිදී, එසේ මහ බැංකුවෙන් අඩු පොලියකට ලබා ගන්නා අරමුදල් වැඩි පොලියකට රජයට ණයට දීම මගින් ලාබයක් ලබා ගැනීමේ අවස්ථාව වාණිජ බැංකු වලට ලැබෙනවා. කෙසේ වුවත්, රජය වැඩියෙන් ණය ගැනීම නිසා පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාම පෞද්ගලික අංශයටද බලපාන නිසා, රටේ ආර්ථික වර්ධනය පවත්වා ගැනීම සඳහා, ඇතැම් තත්ත්වයන් යටතේ, මහ බැංකුවකට එසේ පොලී අනුපාතික පාලනය කරන්නට සිදු වෙනවා. ඉහත සාමාන්‍ය තත්ත්වයට අමතරව, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති තීරණ වලට රජය විසින් බලපෑම් කිරීම නිසා නිත්‍ය පොලී අනුපාතික අවශ්‍ය පමණ ඉහළ දමනු නොලැබීම අපට වරින් වර දැක ගත හැකි වූ තත්ත්වයක්. මහ බැංකු ස්වාධීනත්වය තහවුරු කිරීම මගින් ඉලක්ක කෙරුණේ එවැනි තත්ත්වයන් ඇති වීම වලක්වා ගැනීමයි. පහළින් තියෙන්නේ 2022 අප්‍රේල් පළමු සතිය වන විට, ඒ කියන්නේ වත්මන් මහ බැංකු අධිපතිවරයා ධුරයේ වැඩ භාර ගන්න කොට, පැවති තත්ත්වය. මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික: නිත්‍ය ණය පහසුකම් අනුපාතය - 7.5% නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය - 6.5% බැංකු පොලී අනුපාතික: බරිත සාමාන්‍ය නව ණය අනුපාතය - 10.73% බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතය - 7.68% බරිත සාමාන්‍ය නව ස්ථිර තැන්පතු අනුපාතය - 8.06% භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ: දින- 91 බිල්පත් ඵලදා අනුපාතය - 12.92% දින- 182 බිල්පත් ඵලදා අනුපාතය - 12.25% වාණිජ බැංකු වලට මහ බැංකුවෙන් 7.5% පොලියට අරමුදල් සපයාගන්න පුළුවන්කම තියෙද්දී තැන්පතු වෙනුවෙන් ඊට වඩා ගොඩක් ලොකු පොලියක් ගෙවන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා, තැන්පතු වෙනුවෙන් ගෙවන්නේ ඊට කිට්ටු පොලියක්. ඒ පොලියට වඩා 3%ක් පමණ වැඩි පොලියකට ණය දෙනවා. පොලිය ඊට වඩා ගොඩක් වැඩි කරලා පෞද්ගලික අංශයට ණය දෙන්න බැහැ. හැබැයි රජයට ඊට වඩා වැඩි පොලියකට ණය දෙන්න පුළුවන්. ඒ නිසා, මේ වෙද්දී බැංකු විසින් කළේ තැන්පතු ලෙස එකතු කරගන්නා අරමුදල් වගේම මහ බැංකුවෙන් ණයට ගන්න සල්ලිත් රජයට ණයට දෙන එක. කොහොම හරි, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික සහ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අතර සැලකිය යුතු පරතරයක් ඒ වෙද්දී හැදිලා තිබුණා. ඒ වගේ පරතරයක් නඩත්තු වෙද්දී මුදල් සැපයුම දිගින් දිගටම ප්‍රසාරණය වෙනවා. මොකද ටැප් එක ඇරියා වගේ මහ බැංකුවෙන් අඩු පොලියට ලැබෙන සල්ලි අනෙක් පැත්තට ලාබයක් තියාගෙන රජයට ණයට දෙන්න බැංකු වලට පුළුවන්. අලුත් අධිපතිවරයා ධුරයේ වැඩ භාරගත් වහාම මෙන් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 7%කින් වැඩි කරනවා. ඒ මගින් උත්සාහ කරන්න ඇත්තේ ඉහත විකෘතිය නැති කරන එක වෙන්න ඇති. පහත තිබෙන්නේ ඉන් පසු, අප්‍රේල් මාසය අවසානයේදී පොලී අනුපාතික වෙනස් වී තිබුණු ආකාරය. මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික: නිත්‍ය ණය පහසුකම් අනුපාතය - 14.5% නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය - 13.5% බැංකු පොලී අනුපාතික: බරිත සාමාන්‍ය නව ණය අනුපාතය - 13.72% බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතය - 15.35% බරිත සාමාන්‍ය නව ස්ථිර තැන්පතු අනුපාතය - 15.63% භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ: දින- 91 බිල්පත් ඵලදා අනුපාතය - 23.48% දින- 182 බිල්පත් ඵලදා අනුපාතය - 23.95% මහ බැංකුවේ විසින් කළේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඒ වන විට පැවති භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික වල මට්ටමට ඔසොවන එක. හැබැයි එහෙම කළා කියලා ඔය දෙක අතර තිබුණු විශාල පරතරය නැති වුනේ නැහැ. ඒ වෙනුවට වුනේ එම පරතරය තවත් වැඩි කරමින් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගිය එකයි. මෙය පෙර ලිපියක විස්තර කර තිබෙන ප්‍රත්‍යස්ථතාවය පිළිබඳ ප්‍රශ්නයක්. මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කිරීමට අනුරූපව වාණිජ බැංකු විසින් තැන්පතු පොලී අනුපාතිකද වැඩි කළත් ඒ හරහා එකතු කර ගත හැකි වූ අමතර අරමුදල් ප්‍රමාණයට වඩා වැඩි ණය ඉල්ලුමක් රජය පැත්තෙන් ආපු නිසා අන්තිමට වුනේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික අතර පරතරය ඒ විදිහටම නඩත්තු වුන එක. ඒ තත්ත්වය යටතේ වාණිජ බැංකු විසින් මහ බැංකුවෙන් අඩු පොලියට ණය අරගෙන රජයට වැඩි පොලියට ණයට දීම සහ ඒ හේතුවෙන් දිගින් දිගටම මුදල් සැපයුම ප්‍රසාරණය වීම මහ බැංකුවට පහසුවෙන් වළක්වාගන්න බැරි තත්ත්වයක් ඇති වුනා. ඉහත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මහ බැංකුව විසින් 2023 ජනවාරි මාසයේදී නිත්‍ය ණය පහසුකම් හා අදාළ ප්‍රමාණාත්මක සීමාවන් දැම්මා. මේ අනුව, බැංකුවකට මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම යටතේ ලබා ගත හැකි වූ අරමුදල් ප්‍රමාණය එම බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත ප්‍රමාණයෙන් 90%කට සීමා කෙරුණා. ඒ වෙද්දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4%ක්. ඒ කියන්නේ අවම වශයෙන් තැන්පතු වලින් 4%ක් මහ බැංකුවේ තැන්පත් කර පවත්වා ගෙන යා යුතුයි. හැබැයි අනෙක් අතට මහ බැංකුවෙන් නිත්‍ය ණය පහසුකම යටතේ ණය ලබා ගන්න පුළුවන්. 2023 ජනවාරි මාසයේදී කළේ මෙය සීමා කරන එක. මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම ඔය විදිහට සීමා කළාම බැංකු වලට යම් ද්‍රවශීලතා ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. තැන්පතු පොලී වැඩි කරගෙන අවශ්‍ය අරමුදල් වෙළඳපොළෙන්ම හොයා ගන්න වෙනවා. මෙයට උදවුවක් ලෙස නිත්‍ය තැන්පතු පහසුකම භාවිතා කිරීමද මාසයකට වාර පහකට සීමා කෙරුණා. එසේ කළ විට ද්‍රවශීලතා අතිරික්තයක් තිබෙන බැංකු වලට තමන්ගේ අතිරික්ත සල්ලි මහ බැංකුවේ තැන්පත් කිරීමේ අවස්ථාව සීමා වන නිසා ද්‍රවශීලතා හිඟයක් තිබෙන බැංකුවක් හොයලා ඒ සල්ලි ණයට දෙන්න වෙනවා. කොහොම වුනත් මේ වෙද්දී රජය පැත්තෙන් විශාල වෙනස්කම් වෙලා රජයේ ණය ඉල්ලුම විශාල ලෙස අඩු වෙලා නිසා, ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික අතර පරතරයද 1% පමණ මට්ටමක් දක්වා විශාල ලෙස අඩු වෙලා තිබෙනවා. පහත තිබෙන්නේ පසුගිය සතිය වන විට පැවති තත්ත්වය. මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික: නිත්‍ය ණය පහසුකම් අනුපාතය - 10% නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය - 9% භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළඳපොළ: දින- 91 බිල්පත් ඵලදා අනුපාතය - 10.96% දින- 182 බිල්පත් ඵලදා අනුපාතය - 11.07% මේ තත්ත්වය යටතේ මහ බැංකුවට ඉහත ප්‍රමාණාත්මක සීමාවන් ලිහිල් කිරීමට ඉඩප්රස්ථා ලැබී තිබෙනවා. ඒ එක්කම, වාණිජ බැංකු වලට මුහුණ දෙන්නට වූ ද්‍රවශීලතා අවදානම සැලකිය යුතු ලෙස අඩු වෙනවා. හදිසියකට මහ බැංකුවෙන් අවශ්‍ය පමණ අරමුදල් ලබා ගත හැකි නිසා ඔවුන්ට බයක් සැකක් නැතුව තමන් සතු අරමුදල් ණයට දෙන්න පුළුවන්. සාමාන්‍ය මූලධර්මයක් ලෙස බැංකු විසින් ණය ලෙස ලබා දෙන අරමුදල් නැවත බැංකු පද්ධතියටම එනවා. මේ ක්‍රියාවලිය හරහා මුදල් මැවීමක් සිදු වෙනවා. එහිදී මුදල් සැපයුමේ යම් ඉහළ යාමක් සිදු වෙනවා. මේ තත්ත්වයන් එක්ක නැවතත් කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙක අතර සීමාවකට පහත වැටෙන්න පුළුවන්. මහ බැංකුව විසින් ඉලක්ක කරන බව පෙනෙන්නේද එයයි. නිශ්චිතව කිවුවොත්, කෙටි කාලයක් ඇතුළත භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික තනි අංකයක් දක්වා අඩු වීමට නියමිතයි. ඒ කියන්නේ ස්ථිර තැන්පත් පොලී අනුපාතික වලටද එයම වෙනවා කියන එක. එසේ වෙද්දී ණය පොලී අනුපාතිකද 12%-13% වැනි මට්ටමක් දක්වා පහත වැටෙයි. නමුත් තවමත් පරණ තැන්පතු සඳහා ගෙවන සාමාන්‍ය ස්ථිර තැන්පතු පොලී අනුපාතික 14% ඉක්මවන මට්ටමක තිබෙන නිසා ණය පොලී අඩුවීම සිදු වනු ඇත්තේ මාස කිහිපයක ප්‍රමාදයකින් පසුවයි. #ඉකොනොමැට්ටා [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom