Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
--මහරජ ගැමුණ---
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදිතෝදිතයා හතිලමින් දිව එනවිට නන්දි සිටියේ රාක්ෂස අංගම් ශිල්පයේ ගැඹුරුම රහස් කීපයක් තම සිසුන් හමුවේ ලෙහමිනි.

"මාමණ්ඩි, මිත්‍ර මාමණ්ඩි එනවාෘ" සිසුවාගේ පණිවිඩය මිත්‍ර තුළ මඳ නැතිගැන්මක්වත් ඇති කළේ නැත. ඒ වෙනුවට ඔහු තම සිරුරත්, මනසත් නිහඬ යුද පිටියකට සූදානම් කළේය.

"නෑකම් නොකියා බොලාගේ වැඩක් බලාගනිල්ලා."

ඊළඟ මොහොතේ මිත්‍ර පැමිණියේය. එහෙත්, ඔහු සමඟ වූ අසරුවෝ පැමිණියෝ නොවෙති. අංගම්පිටිය වැටළුවෝ වෙති. එසේ වුවද රාක්ෂස අංගම් ශිල්පියෝ කිසිවකුත් එය ගණනකට නොගත්හ. කලබලයකටද නොපත්හ.

නන්දි සන්සුන්ව හිනෙන් ගත් බුලත්විටක් මුව තුළ රුවා සපන්නට පටන් ගත්තේය. ඒ සන්සුන්කමත්, නිහඬකමත් මිත්‍රගේ හද ගැස්ම වැඩි කළේය. කිසිවක් සිදු නොවූ අතර කිසිවෙක් කිසිවක්ම නොදොඩාද සිටියහ. අන්තිමේදී ශබ්ද පුරවන්නට වූයේ නන්දිටමය.

"මොකද මේ? නෑකමට එනවා නම් ගෙදරට එමු."

"මම නෑකමයි රාජකාරියයි පටලවා ගන්නේ නැහැ අයියන්ඩි. ඔබ ඒක දන්නවා"

"දැන් මොකක්ද මෙතන රාජකාරිය?"

"මීට පොහොය නවයකට කලිsන් එළාර මහරඡ්ජුරුවන්ගේ විශේෂ සේනාංකයේ සෙබළු රංචුවක්ම අතුරුදහන් වුණා."

නන්දි හොඳ බුලත් කෙළ පහරක් දෑඟිලි අතරින් ඈතට විද්දේය. අනතුරුව මුව පුරා විසුරුණු බුලත් හප එක්රැස්කර ගැනීමට මුඛය හැඩ වැඩ කර ගනිමින් මෙසේ කීවේය.

"මොකෝ, මාගම පැත්තෙ රිංගන්ට ගොහින්ද?"

"එහෙම වුණා නම් අපට ඒක තේරුම් ගන්ඩ පුළුවන්. මේක වෙලා තියෙන්නෙ මාගමදී නොවෙයි, අනුරාධපුරේදිෘ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟදීෘ"

නන්දි ඇත්තටම මෙන් සිනාසුණේය.

"කවදා අහපු කතා ද මේ? එහෙමනං ඕක මෙහෙම වෙන්න ඇති"

"කොහොමද?"

"වඳින්න ආව සර්දාව නිසා සේරමලාව දෙවියෝ අතුරුදහන් කරවන්න ඇති, දිව්‍යලෝකෙට පණපිටින්ම ගෙන්න ගන්න.

මිත්‍ර පෞද්ගලික කෝපයකට වඩා නැගී ආ රාජකාරීමය කෝපයකින් මෙසේ කීවේය.

"වෙන්න ඇතිෘ හැබැයි ඒ දෙවියෝ කවුද කියන එක රජවාසල අඳුරගෙන."

හදිසි යුද්ධයේ ආරම්භක සංඥාව නිකුත්වී ඇති බව නන්දිට වැටහිණ. හිස මඳකුදු නොසොල්වා දෙනෙත් පමණක්ම සොලවා ඔහු ක්ෂණයකින් තමා සහ තම සිසු පිරිස ස්ථානගතව සිටින සැටිත්ල සතුරන් සියල්ලන්ම ස්ථානගතව සිටින සැටිත්ල නිරීක්ෂණය කළේය.

නිරායුදව වුව සතුරන් වෙත කඩාපැන සුළු මොහොතකින් ඔවුන් විනාශ කිරීමේ විශ්මයජනක හැකියාවක් ඕනෑම විටක රාක්ෂස අංගම් ශිල්පීන් සතුව පැවතිණ. එය නාගයන් හෝ යක්ෂයන් සතුව පැවති ඕනෑම සටන් ක්‍රමයකටද වඩා විශිෂ්ට වූවක් වූ අතර ෙච්ර, පාණ්ඩ්‍ය, චෝල, කාලිංග, කලභ්‍ර, පල්ලව ආදී ඕනෑම විදේශිකයකු නොඇසූ නුදුටු වික්රමයක්ද විය.

එහෙත් මෙතැන ප්‍රශ්නයක් තිබිණි. ඒ වන විටද කාලිංග දුනුවායෝ දුනුදිය ඇද තම තමන්ගේ ඉලක්ක කෙරෙහි චිත්ත ඒකාග්රතාවකින් යුක්තව සිටියහ.

අධික වේගයකින් දුනුදිය සූදානම් කිරීමටත්, ඊතල නොවරදින ලෙස ඉලක්ක කරා යෑවීමටත් විශ්මයජනක හැකියාවක් තිබූ මොවුන් සමඟ කෙරෙන සටන ඉතාම අසමාන සටනක් විය හැකි බව නන්දි පළපුරුද්දෙන්ම දැන සිටියේය.

කිසිවක්ම නොමැති විට දක්ෂ සටන්කරුවන් විසින් ලබා ගන්නට උත්සාහ කරන්නේ කාලයය.

සමහරවිට කාලය ඔවුනට විශ්මයජනක දේ ලබාදෙනු ඇත.

කාලය ලබාගැනීම සඳහා අර්ථාන්විතව හැසිරීමද, නිවැරදිව වචන භාවිතා කිරීමද අවශ්‍යය. නන්දි මෙසේ කීවේයá

"අපව කුදලාන යන්ඩ නම් බැරිවෙයි. කුදලාන ගියත් හිරේ විලංගුවෙ දාල වහල තියන්න බැරිවෙයි. මස්සිනන්ඩි දන්නවනේ අපි කොයිවගේ හටන්කාරයෝද කියලා..."

කතාකරන අතර නන්දිගේ උපනෙත යොමුව තිබුණේ මිත්‍ර නැගී සිටින අසුගේ කණ වෙතය. කන්ගැට්ටට සිංහල පරමාණු දහසක් මෙහායින් තිබෙන මාරක ස්ථානය තරමක් දුරකින් සිට වුවද හඳුනා ගැනීම ඔහුට අපහසු නොවීය.

එහෙත්.....

[QUOTE="tchin123, post: 6709551, member: 208161"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]උදිතෝදිතයා හතිලමින් දිව එනවිට නන්දි සිටියේ රාක්ෂස අංගම් ශිල්පයේ ගැඹුරුම රහස් කීපයක් තම සිසුන් හමුවේ ලෙහමිනි. "මාමණ්ඩි, මිත්‍ර මාමණ්ඩි එනවාෘ" සිසුවාගේ පණිවිඩය මිත්‍ර තුළ මඳ නැතිගැන්මක්වත් ඇති කළේ නැත. ඒ වෙනුවට ඔහු තම සිරුරත්, මනසත් නිහඬ යුද පිටියකට සූදානම් කළේය. "නෑකම් නොකියා බොලාගේ වැඩක් බලාගනිල්ලා." ඊළඟ මොහොතේ මිත්‍ර පැමිණියේය. එහෙත්, ඔහු සමඟ වූ අසරුවෝ පැමිණියෝ නොවෙති. අංගම්පිටිය වැටළුවෝ වෙති. එසේ වුවද රාක්ෂස අංගම් ශිල්පියෝ කිසිවකුත් එය ගණනකට නොගත්හ. කලබලයකටද නොපත්හ. නන්දි සන්සුන්ව හිනෙන් ගත් බුලත්විටක් මුව තුළ රුවා සපන්නට පටන් ගත්තේය. ඒ සන්සුන්කමත්, නිහඬකමත් මිත්‍රගේ හද ගැස්ම වැඩි කළේය. කිසිවක් සිදු නොවූ අතර කිසිවෙක් කිසිවක්ම නොදොඩාද සිටියහ. අන්තිමේදී ශබ්ද පුරවන්නට වූයේ නන්දිටමය. "මොකද මේ? නෑකමට එනවා නම් ගෙදරට එමු." "මම නෑකමයි රාජකාරියයි පටලවා ගන්නේ නැහැ අයියන්ඩි. ඔබ ඒක දන්නවා" "දැන් මොකක්ද මෙතන රාජකාරිය?" "මීට පොහොය නවයකට කලිsන් එළාර මහරඡ්ජුරුවන්ගේ විශේෂ සේනාංකයේ සෙබළු රංචුවක්ම අතුරුදහන් වුණා." නන්දි හොඳ බුලත් කෙළ පහරක් දෑඟිලි අතරින් ඈතට විද්දේය. අනතුරුව මුව පුරා විසුරුණු බුලත් හප එක්රැස්කර ගැනීමට මුඛය හැඩ වැඩ කර ගනිමින් මෙසේ කීවේය. "මොකෝ, මාගම පැත්තෙ රිංගන්ට ගොහින්ද?" "එහෙම වුණා නම් අපට ඒක තේරුම් ගන්ඩ පුළුවන්. මේක වෙලා තියෙන්නෙ මාගමදී නොවෙයි, අනුරාධපුරේදිෘ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟදීෘ" නන්දි ඇත්තටම මෙන් සිනාසුණේය. "කවදා අහපු කතා ද මේ? එහෙමනං ඕක මෙහෙම වෙන්න ඇති" "කොහොමද?" "වඳින්න ආව සර්දාව නිසා සේරමලාව දෙවියෝ අතුරුදහන් කරවන්න ඇති, දිව්‍යලෝකෙට පණපිටින්ම ගෙන්න ගන්න. මිත්‍ර පෞද්ගලික කෝපයකට වඩා නැගී ආ රාජකාරීමය කෝපයකින් මෙසේ කීවේය. "වෙන්න ඇතිෘ හැබැයි ඒ දෙවියෝ කවුද කියන එක රජවාසල අඳුරගෙන." හදිසි යුද්ධයේ ආරම්භක සංඥාව නිකුත්වී ඇති බව නන්දිට වැටහිණ. හිස මඳකුදු නොසොල්වා දෙනෙත් පමණක්ම සොලවා ඔහු ක්ෂණයකින් තමා සහ තම සිසු පිරිස ස්ථානගතව සිටින සැටිත්ල සතුරන් සියල්ලන්ම ස්ථානගතව සිටින සැටිත්ල නිරීක්ෂණය කළේය. නිරායුදව වුව සතුරන් වෙත කඩාපැන සුළු මොහොතකින් ඔවුන් විනාශ කිරීමේ විශ්මයජනක හැකියාවක් ඕනෑම විටක රාක්ෂස අංගම් ශිල්පීන් සතුව පැවතිණ. එය නාගයන් හෝ යක්ෂයන් සතුව පැවති ඕනෑම සටන් ක්‍රමයකටද වඩා විශිෂ්ට වූවක් වූ අතර ෙච්ර, පාණ්ඩ්‍ය, චෝල, කාලිංග, කලභ්‍ර, පල්ලව ආදී ඕනෑම විදේශිකයකු නොඇසූ නුදුටු වික්රමයක්ද විය. එහෙත් මෙතැන ප්‍රශ්නයක් තිබිණි. ඒ වන විටද කාලිංග දුනුවායෝ දුනුදිය ඇද තම තමන්ගේ ඉලක්ක කෙරෙහි චිත්ත ඒකාග්රතාවකින් යුක්තව සිටියහ. අධික වේගයකින් දුනුදිය සූදානම් කිරීමටත්, ඊතල නොවරදින ලෙස ඉලක්ක කරා යෑවීමටත් විශ්මයජනක හැකියාවක් තිබූ මොවුන් සමඟ කෙරෙන සටන ඉතාම අසමාන සටනක් විය හැකි බව නන්දි පළපුරුද්දෙන්ම දැන සිටියේය. කිසිවක්ම නොමැති විට දක්ෂ සටන්කරුවන් විසින් ලබා ගන්නට උත්සාහ කරන්නේ කාලයය. සමහරවිට කාලය ඔවුනට විශ්මයජනක දේ ලබාදෙනු ඇත. කාලය ලබාගැනීම සඳහා අර්ථාන්විතව හැසිරීමද, නිවැරදිව වචන භාවිතා කිරීමද අවශ්‍යය. නන්දි මෙසේ කීවේයá "අපව කුදලාන යන්ඩ නම් බැරිවෙයි. කුදලාන ගියත් හිරේ විලංගුවෙ දාල වහල තියන්න බැරිවෙයි. මස්සිනන්ඩි දන්නවනේ අපි කොයිවගේ හටන්කාරයෝද කියලා..." කතාකරන අතර නන්දිගේ උපනෙත යොමුව තිබුණේ මිත්‍ර නැගී සිටින අසුගේ කණ වෙතය. කන්ගැට්ටට සිංහල පරමාණු දහසක් මෙහායින් තිබෙන මාරක ස්ථානය තරමක් දුරකින් සිට වුවද හඳුනා ගැනීම ඔහුට අපහසු නොවීය. එහෙත්..... [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom