Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
--මහරජ ගැමුණ---
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුල් විනාශකිරීමේ රුදාව...

05 කොටස

එතැනට පැන අසුට පහරක් එල්ල කිරීමට පෙර මේ ශරවේදී ධනුර්ධරයන් විදුලි වේගය අභිබවා යන වේගයෙන් එවන හීසර හතකටවත් තමා ලක්වන බව නන්දිට වැටහිණි.

ආසන්න විදමන නමින් හඳුන්වන මේ කෙටි ප්‍රහාරක විලාසයට අනුව ශූර ශරවේදී දුනුවායකුට විදුලි කොටන ආලෝකයක් නිමාවීමට පෙර පිටෙහි එල්ලා ඇති හියවුරෙන් (හී කොපුවෙන්) ඇද ගන්නා හී දෙකක් වත් තම ඉලක්කයට එල්ල කළ හැකිය.

හදිසියේම ඔහු තව යමක් දුටුවේය. එය නම් මේ සෑම ඊදණ්ඩකම කෙළවර සමන්විත වූයේ කපුටු පිහාටුවලින් බවය. ඉන් කියෑවුණේ මේ සියලුම ඊ මූණත් විෂ පොවා ඇති බවය. එහි ඇති අති බිහිසුණු බව නම් යොදා ඇති විෂ වර්ගයට අනුව හීසර පහර ලබන්නාගේ මරණයේ ක්ෂණික බව තීන්දුවීමය.

නන්දි දැන සිටි අන්දමට අසේල රජුගේ මොනම සේනාංකයක හෝ, එසේත් නැතහොත් ඔහු යටතේ සිටි පරුමකවරුන්ගේ මොනම සේනාංකයක හෝ මෙබඳු විෂ අවි භාවිතා කිරීමක් නොවීය. තමන් බඳු රාක්ෂසයන් අතර තබා යම් යම් හේතු කාරණා නිසා තමන් සමග පයුරු පාසානම් නොපැවැත්වූ යක්ෂ ගෝත්‍රික කණ්ඩායම් අතර හෝ එබඳුq සාහසික භාවිතයක් නොවීය.

විෂ වෙදකම හොඳින්ම දැන සිටි මෙහි මිනිසුනට සතුරන්ට පහර දීම සඳහා ආයුධවලට විෂ යොදා ගැනීම මහ අරුමයක් විය හැකි නොවුවත් ඔවුහු කිසි කලෙක එය නොකළහ. නැතහොත් තම මුතුන් මිත්තන්ගේ සම්ප්රදාය තුළ කිසි කලෙක එවැන්නක් නොදුටහ.

මිත්‍ර කෙරෙහි උපන් කෝපයෙන් පිපිරී ගිය නන්aදි වියරු වූ ව්‍යාඝ්‍රයකු මෙන්ද ඔහු කලින් අදහස් කළාක් මෙන් රුදුරු හීසර සතක් ලබාගනිමින්ම ද මිත්‍රගේ අසු වෙතට පැන උගේ කන අසල මර්මස්ථානයට මාරක පහරක් එල්ල කළේය. අසු මිත්‍ර ද පෙරළාගෙන ඇද වැටෙනවිට මිත්‍රගේ බොටුව වෙත පැනීම ඔහුගේ අපේක්ෂාව වූවද, ශරවේදියෝ ඒ වනවිට තමන් නිකුත් කොට තිබූ හීසර ප්‍රමාණය සියයද ඉක්මවා සිටියෝය.

නන්දි ද ඔහුගේ ශිෂ්‍යයන් හා සහායකයන් ද බිම වැටෙන" විටත් මළකඳන් බවට පත්වී තිබුණු බව සැබෑවකි. එහෙත්, නන්දි තම අසුට එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයෙන් බිම වැටී තෝන්තු වී සිටි මිත්‍ර කල්පනා කළේ තව එක් මොහොතක අවස්ථාවක් නන්දිට ලැබිණි නම් තමාගේ ඉරණම කුමක් විය හැකිව තිබුණේද යන්නය.

දුනුවායෝ පැමිණ මිත්‍ර නැගිටුවා ගත්හ.

කාල වර්ණ ඇඳුම්වලින් සැරසුණ කාලවර්ණ වූ පිරිසක් ඒ සමඟම එතැනට පැමිණ සිටියහ.

"ගැල් සූදානම් මහ සෙනෙවිතුමනි"

ඔවුහු කීවෝය.

මිත්‍ර නිහඬව ධනුර්ධරයන් විසින් සපයනු ලැබූ නව අසකු මතට නැග්ගේය.

"එක ලේ පැල්ලමක්වත් තිබෙන්නට බැහැ."

ඔහු, දැන් පැමිණිය වුන් දෙස බලා අණ කළේය.

"අශ්වයා පණ අදිනවා"

එක මිනිසකු මහත් ඕනෑකමකින් කීවේය.

"එක්කෝ ඌ තොපගේ යාගයකට, නැතිනම් තොපගේ කුසට"

මිත්‍ර ද ඔහු පිරිවරාගත් ධනුර්ධරයෝ ද ආපසු හැරුණහ.

මේ මහ රාත්‍රියේ කන්දරාජිය හරහා ගැල් කීපයක් ගමන් කරන්නේ කොහේටදැයි කල්පනා කරමින් රෝහිණි ගැල් පසු කරමින් ඉදිරියට ආවාය.

ගැල් හොඳින් වසා ආවරණය කොට තිබූ අතර ඒවා සමඟ ගමන් කළ වුන් මේ මෑතකදී පිහිටි රටට පැමිණි චෝල වෙළෙඳුන් කණ්ඩායමක් වන්නට ඇතැයි ඇය කල්පනා කළාය.

හුළු අත්තද වනමින් අංගංපිටියට පිවිසෙන රෝහිණී පුදුමයෙනුත් පුදුමයට පත්වන්නේ එහි තම සැමියා ඇතුළු කිසිවකුත් නොසිටින නිසාම නොවේ. ඔවුන්ගේ විවිධ ආයුද ද, උපකරණද, ඔහේ වැටුණු වැටුණු තැන්වලම තිබෙන්නට හැර තිබෙන නිසාය.

ජීවිතයේ හැමදෙයම ඉතාම පිළිවෙළකට කළ නන්දි තම ජීවිතය තුළ වූ විනය අන් හැමදෙනා තුළම පිහිටුවීමටද උත්සාහ කළේය. ඔහුගෙන් රාක්ෂස අංගම් ඉගෙන ගැනීමේ වරප්‍රසාදය ලැබුණේ ඒ විනයට එකZඟ වන්නන්ට පමණක්ම විය.

ඔවුන් කිසි විටක කඩුවක් තබා තමන් භාවිතා කළ කෝටු කැබැල්ලක්වත් ඔහේa බිම දමා නොගියහ.

එහෙත්, දැන් එවැන්නක් දක්නට තිබෙයි. ඇය දැන් සෙවිල්ලෙන් අංගංපිටියේ එහාට යයි, මෙහාට යයි, අනතුරුව එය එහාට මෙහාට දිව යැමක් බවට පත්වෙයි. එහෙත් කිසිවක්අමුතුවෙන් වටහා ගැනීමට ඇය සමත් නොවෙයි.

නැත, ඇය යමක් දුටුවාය. සීතලට පෑගුණු වැලි පදාසය තෙත් වී ඇත්තේ රුධිරයෙන් බව වටහා ගත්තාය. වැලි අතර සැඟවී තිබෙන හී දණ්ඩක්, දෙකක්........

රෝහිණී මහ හඬින් මොර දුන්නාය.

[QUOTE="tchin123, post: 6777554, member: 208161"] [SIZE=5][COLOR=#000066]මුල් විනාශකිරීමේ රුදාව... [/COLOR][/SIZE][SIZE=4] [B]05 කොටස[/B] එතැනට පැන අසුට පහරක් එල්ල කිරීමට පෙර මේ ශරවේදී ධනුර්ධරයන් විදුලි වේගය අභිබවා යන වේගයෙන් එවන හීසර හතකටවත් තමා ලක්වන බව නන්දිට වැටහිණි. ආසන්න විදමන නමින් හඳුන්වන මේ කෙටි ප්‍රහාරක විලාසයට අනුව ශූර ශරවේදී දුනුවායකුට විදුලි කොටන ආලෝකයක් නිමාවීමට පෙර පිටෙහි එල්ලා ඇති හියවුරෙන් (හී කොපුවෙන්) ඇද ගන්නා හී දෙකක් වත් තම ඉලක්කයට එල්ල කළ හැකිය. හදිසියේම ඔහු තව යමක් දුටුවේය. එය නම් මේ සෑම ඊදණ්ඩකම කෙළවර සමන්විත වූයේ කපුටු පිහාටුවලින් බවය. ඉන් කියෑවුණේ මේ සියලුම ඊ මූණත් විෂ පොවා ඇති බවය. එහි ඇති අති බිහිසුණු බව නම් යොදා ඇති විෂ වර්ගයට අනුව හීසර පහර ලබන්නාගේ මරණයේ ක්ෂණික බව තීන්දුවීමය. නන්දි දැන සිටි අන්දමට අසේල රජුගේ මොනම සේනාංකයක හෝ, එසේත් නැතහොත් ඔහු යටතේ සිටි පරුමකවරුන්ගේ මොනම සේනාංකයක හෝ මෙබඳු විෂ අවි භාවිතා කිරීමක් නොවීය. තමන් බඳු රාක්ෂසයන් අතර තබා යම් යම් හේතු කාරණා නිසා තමන් සමග පයුරු පාසානම් නොපැවැත්වූ යක්ෂ ගෝත්‍රික කණ්ඩායම් අතර හෝ එබඳුq සාහසික භාවිතයක් නොවීය. විෂ වෙදකම හොඳින්ම දැන සිටි මෙහි මිනිසුනට සතුරන්ට පහර දීම සඳහා ආයුධවලට විෂ යොදා ගැනීම මහ අරුමයක් විය හැකි නොවුවත් ඔවුහු කිසි කලෙක එය නොකළහ. නැතහොත් තම මුතුන් මිත්තන්ගේ සම්ප්රදාය තුළ කිසි කලෙක එවැන්නක් නොදුටහ. මිත්‍ර කෙරෙහි උපන් කෝපයෙන් පිපිරී ගිය නන්aදි වියරු වූ ව්‍යාඝ්‍රයකු මෙන්ද ඔහු කලින් අදහස් කළාක් මෙන් රුදුරු හීසර සතක් ලබාගනිමින්ම ද මිත්‍රගේ අසු වෙතට පැන උගේ කන අසල මර්මස්ථානයට මාරක පහරක් එල්ල කළේය. අසු මිත්‍ර ද පෙරළාගෙන ඇද වැටෙනවිට මිත්‍රගේ බොටුව වෙත පැනීම ඔහුගේ අපේක්ෂාව වූවද, ශරවේදියෝ ඒ වනවිට තමන් නිකුත් කොට තිබූ හීසර ප්‍රමාණය සියයද ඉක්මවා සිටියෝය. නන්දි ද ඔහුගේ ශිෂ්‍යයන් හා සහායකයන් ද බිම වැටෙන" විටත් මළකඳන් බවට පත්වී තිබුණු බව සැබෑවකි. එහෙත්, නන්දි තම අසුට එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයෙන් බිම වැටී තෝන්තු වී සිටි මිත්‍ර කල්පනා කළේ තව එක් මොහොතක අවස්ථාවක් නන්දිට ලැබිණි නම් තමාගේ ඉරණම කුමක් විය හැකිව තිබුණේද යන්නය. දුනුවායෝ පැමිණ මිත්‍ර නැගිටුවා ගත්හ. කාල වර්ණ ඇඳුම්වලින් සැරසුණ කාලවර්ණ වූ පිරිසක් ඒ සමඟම එතැනට පැමිණ සිටියහ. "ගැල් සූදානම් මහ සෙනෙවිතුමනි" ඔවුහු කීවෝය. මිත්‍ර නිහඬව ධනුර්ධරයන් විසින් සපයනු ලැබූ නව අසකු මතට නැග්ගේය. "එක ලේ පැල්ලමක්වත් තිබෙන්නට බැහැ." ඔහු, දැන් පැමිණිය වුන් දෙස බලා අණ කළේය. "අශ්වයා පණ අදිනවා" එක මිනිසකු මහත් ඕනෑකමකින් කීවේය. "එක්කෝ ඌ තොපගේ යාගයකට, නැතිනම් තොපගේ කුසට" මිත්‍ර ද ඔහු පිරිවරාගත් ධනුර්ධරයෝ ද ආපසු හැරුණහ. මේ මහ රාත්‍රියේ කන්දරාජිය හරහා ගැල් කීපයක් ගමන් කරන්නේ කොහේටදැයි කල්පනා කරමින් රෝහිණි ගැල් පසු කරමින් ඉදිරියට ආවාය. ගැල් හොඳින් වසා ආවරණය කොට තිබූ අතර ඒවා සමඟ ගමන් කළ වුන් මේ මෑතකදී පිහිටි රටට පැමිණි චෝල වෙළෙඳුන් කණ්ඩායමක් වන්නට ඇතැයි ඇය කල්පනා කළාය. හුළු අත්තද වනමින් අංගංපිටියට පිවිසෙන රෝහිණී පුදුමයෙනුත් පුදුමයට පත්වන්නේ එහි තම සැමියා ඇතුළු කිසිවකුත් නොසිටින නිසාම නොවේ. ඔවුන්ගේ විවිධ ආයුද ද, උපකරණද, ඔහේ වැටුණු වැටුණු තැන්වලම තිබෙන්නට හැර තිබෙන නිසාය. ජීවිතයේ හැමදෙයම ඉතාම පිළිවෙළකට කළ නන්දි තම ජීවිතය තුළ වූ විනය අන් හැමදෙනා තුළම පිහිටුවීමටද උත්සාහ කළේය. ඔහුගෙන් රාක්ෂස අංගම් ඉගෙන ගැනීමේ වරප්‍රසාදය ලැබුණේ ඒ විනයට එකZඟ වන්නන්ට පමණක්ම විය. ඔවුන් කිසි විටක කඩුවක් තබා තමන් භාවිතා කළ කෝටු කැබැල්ලක්වත් ඔහේa බිම දමා නොගියහ. එහෙත්, දැන් එවැන්නක් දක්නට තිබෙයි. ඇය දැන් සෙවිල්ලෙන් අංගංපිටියේ එහාට යයි, මෙහාට යයි, අනතුරුව එය එහාට මෙහාට දිව යැමක් බවට පත්වෙයි. එහෙත් කිසිවක්අමුතුවෙන් වටහා ගැනීමට ඇය සමත් නොවෙයි. නැත, ඇය යමක් දුටුවාය. සීතලට පෑගුණු වැලි පදාසය තෙත් වී ඇත්තේ රුධිරයෙන් බව වටහා ගත්තාය. වැලි අතර සැඟවී තිබෙන හී දණ්ඩක්, දෙකක්........ රෝහිණී මහ හඬින් මොර දුන්නාය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom