Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහරැජින ඉදිරියේ නැටුම් දැක්වූ ටයිටස් තොට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහරැජින ඉදිරියේ නැටුම් දැක්වූ ටයිටස් තොට

මහරැජින ඉදිරියේ නැටුම් දැක්වූ ටයිටස් තොටවත්ත

1954 වසරේ මහා බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහා රැජින හා එඩින්බරෝ ආදිපාදතුමා ලංකාවට පැමිණි පසු ඔවුන් වෙනුවෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේ පැවැති සංස්කෘතික සංදර්ශනයේ ශේෂා පලිහක්කාර ගේ නර්තන කණ්ඩායමේ කැපී පෙනෙන ශිල්පියා වූයේ ඔහුය. ඔහු චිත්‍ර ශිල්පියකු, සිතාර් වාදකයකු මෙන්ම දක්ෂ තබ්ලා වාදකයෙකු ලෙස දස්කම් පෑවේ පාසල් යන කාලයේ සිටය. ලාංකේය සිනමාවේ බිහිවූ අග්‍රගණ්‍ය චිත්‍රපට සංස්කරණ ශිල්පියා ද ඔහු ය. යුරෝපයෙන් උගෙන ඉන්දියාවටත් ප්‍රථම බටහිර සංස්කරණ ශිල්ප ක්‍රම දේශීය සිනමාවේ අත්හදා බැලූ පුරෝගාමියා ද ඔහු ය.

වෘත්තාන්ත චිත්‍රපට 09ක් අධ්‍යක්ෂණය කළ ඔහු ජාත්‍යන්තර සම්මානයක් සමඟම දේශීය සම්මාන 29කින් පුද ලැබීය. රූපවාහිනියට හඬ කැවීම් මෙහෙයවූ ඔහු සිංහල උපසිරැසි යෙදූ ටෙලි නාට්‍ය නොබැලූ දරුවකු, වැඩිහිටියෙකු සොයා ගැනීම නිකිණි සෙවීමට වඩා අසීරු වනු ඇති.

“මුහුද මගේ ගොඩබිමයි

නැව මගේ නිවසට සමයි

සියලු සතුන් මගෙ තමයි

දොස්තර හොඳ හිත මම යි”

“බැහැයි කියල බෑ

බෑ කියලා බැහැ කියලා බෑ

බෑ කියලා බැරිය මලේ- බෑ කියලා බැරි නඟේ

බෑ කියලා බෑ බෑ බෑ”

රූපවාහිනී මාධ්‍යයට පිවිසි ඔහු විදේශීය කාටුන දේශීයත්වයට ගැලපෙන ලෙස සකස් කිරීමේ කාර්යයේ හොඳම නිදසුන මේ ගීත දෙකයි.

ඔහු ගේ නම තොටවත්තගේ දොන් මනුවෙල් ටයිටස් ද සිල්වා ය. කලා ලෝකය ඔහු හඳුනන්නේ ‘ටයිටස් තොටවත්ත’ නමිනි. චිත්‍රපට ක්ෂේත්රයේ “ටයි මහත්තයා” වූ ඔහු ළමා ලෝකයේ “ටයි මාමා” විය. 1929 වසරේ අප්‍රේල් 17 වැනිදා පෙරවරු 6.00 ඔහු උපත ලැබීය. ඔහුගේ දෙමාපියන් වූයේ කොළඹ බොරැල්ලේ වෙළඳ ව්‍යාපාරික ටී.ජී.එම්. ජුලියස් ද සිල්වා හා සිසිලියා හෙට්ටිආරච්චිය. පිරිමි ළමයින් තුන් දෙනෙකු හා එක් සොහොයුරියක ගෙන් යුත් පවුලක සිව්වැනි දරුවා ඔහු විය. වැඩිමහල් සොහොයුරු සැම්සන් නීතිඥයකු වූ අතර ෆ්‍රැන්සිස් ව්‍යාපාරිකයෙක් විය. ඊලියන්ද සිල්වා තෙවැනි සොහොයුරා විදුලි ඉංජිනේරුවකු විය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ ඔහු හෙළ භාෂා පඬිවරයෙකි. “සිංහළයෙන් සිප්යුරු වදන් “ (Technical terms in Sinhala) ග්‍රන්ථයේ කතුවරයා ඔහු ය. ටයිටස් ගේ සොහොයුරිය බියටි්රස් ගුරුවරියකි.

ටයිටස්ගේ ජන්ම පත්‍රය බැලූ සාස්තරකාරයකු දෙමාපියන්ට අපූරු අනාවැකියක් කියා ඇත.

“මේ ළමයා ලොකු වුණාම පින්තූර කතා කරවනවා.”

එය සත්‍යයක් ම විය. 1934 සිට 1948 දක්වා ටයිටස් තම වැඩිමහලු සොහොයුරු ඊලියන්ද සිල්වා සමග කොළඹ ආනන්ද විද්‍යාලයට ගිය ඔහු වරක් කලා විෂයයන්ගෙන්ද පසුව විද්‍යා විෂයයන්ගෙන් දෙවතාවක් ජ්‍යෙෂ්ඨය සමත් විය. ආනන්දයේ ඔහුගේ පාසල් සගයන් වූයේ සෝමදාස ඇල්විටිගල (ප්‍රවීණ සංගීතඥ) හා ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි (අග්‍රගණ්‍ය වාර්තා චිත්‍රපට අධ්යක්ෂ) දෙදෙනාය.

කලාවට ආදරය කළ ටයිටස් ආනන්ද සමරකෝන් හා සුනිල් සාන්තයන්ගෙන් සංගීතය ඉගෙන ගත් අතර ආනන්දයේ නර්තන කලාව ඉගැන්වූ වංග ජාතික සුබේන්ද්ර දත් යටතේ මනිපුරි, කථකලි නැටුම් ඉගෙන ආනන්දයේ පැවැති ප්‍රසංගවල කුසලතා දැක්වීය. පාසල් වේදිකාවේ සිතාර් වාදකයකු හා තබ්ලා වාදයකු ලෙස කැපී පෙණුන ටයිටස් ආනන්දයේ විදුහල්පති එල්.එච්. මෙත්තානන්ද නිවසේ පැවැති වජ්රජයන්ති කලා උළෙලේදී චිත්‍ර කලාව පිළිබඳ ඉහළම සම්මානය ලැබීය. එපමණක් නොව ඔහු මරදානේ ටෙක්නිකල් කොලීජියට බැඳී කැමරාකරණයට ද කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා හා ස්ටැන්ලි අබේසිංහ වෙතින් චිත්‍රකලාව ද මූර්ති කලාව ද ප්‍රගුණ කළේය. ඉන්පසු ශේෂා පලිහක්කාර වෙතින් නැටුම් හදාරා ඔහු විසින් 1952 ‘නල දමයන්ති’ මුද්‍රා නාට්‍යයේ නල කුමාරයා විය. මේ මුද්‍රා නාට්‍යයේ ආනන්ද වීරකෝන් (පසුව චිත්‍රපට නළු), සුජාතා ප්‍රනාන්දු (පසුව ටයිටස්ගේ බිරිඳ), ශ්‍යාමෙන් වැන්ඩර්කෝන් (ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ලේලි) ටයිටස් සමඟ රඟපෑහ. 1954 මහ රැජින ඉදිරියේ ඔහු රඟපෑවේ තම අනාගත බිරිඳ සුජාතා සමග ය.

1952 වසරේ ටයිටස් රජයේ චිත්‍රපට අංශයට ආධුනිකයකු ලෙස රු: 150 වැටුපකට බැඳෙන්නේ ය.

අලුත් දෙයක් කිරීමට හැම විට බිය නොවූ ටයිටස් හිතුවක්කාරයෙක් විය. නහයට නාහන ‘නහරයෙක්’ විය. රජයේ චිත්‍රපට අංශයේද ඔහුගේ හිතුවක්කාර වැඩක් නිසා නූලෙන් රැකියාව බේරා ගත්තේය. මේ සිද්ධිය නිසා එහි සේවය කළ ලෙස්ටර් හා සංස්කරණ උපදේශක ජෝර්ජ් ස්ටට් ගැටී ඇත.

“1955 වසරේ මා අධ්‍යක්ෂණය කළ ‘රැකෙනු නැතහොත් තැවෙනු’ (Be safe or be sorry) වාර්තා චිත්‍රපටයේ සංස්කරණ කටයුතු තරුණ ආධුනික සංස්කරණ සහායකයකුව සිටි ටයිටස්ට පැවරුවේ ඔහුගේ නිර්මාණ කෞශල්‍යය දැකීම නිසයි. චිත්‍ර ශිල්පි ඕබ්රි කොලට් ගේ විකට චිත්‍ර මුසු කරමින් කළ ටයිටස්ගේ නිර්මාණශීලි සංස්කරණ රටාව චිත්‍රපටයේ අගය වැඩි කිරීමට හේතුවිය. මම ටයිටස්ට සංස්කරණය භාර දුන්නේ ජෝර්ජ් ස්ටට්ගේ අනුමැතිය ලබාගෙන නොවේ. ආචාර ධර්මවලට පටහැනි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසයි මාත් ස්ටට් අතර ගැටුම වුණේ. ස්ටට් මේ ගැන රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂකව සිටි එච්.ඒ.ජේ. හුළුගල්ල මහතාට වාර්තා කළා.

“ඔබට මේ ගැන නිදහසට කීමට ඇත්තේ කුමක්ද” හුළුගල්ලේ මහතා මගෙන් ඇසුවේ ය.

“මට කීමට ඇත්තේ, ස්ටට් මහතා මේ සිද්ධිය කෙරෙහි සානුකම්පිත හැඟීමකින් නොබැලූ බවයි. ඔහුට ඇත්තේ යටත් විජිත මානසිකත්වයක්. මම ස්ටට් මහතාගෙන් උපදෙස් පැතුවා නම් කිසිම සැකයක් නෑ. ඔහු මුළු චිත්‍රපටයම නාස්ති කරලා දානවා.

“හොඳයි, චිත්‍රපටයට මම අනුමැතිය දෙන්නම්. හැබැයි සංස්කරණ ශිල්පිගේ (ටයිටස්) නම නාමාවලියෙන් ඉවත් කළ යුතුයි. හුළුගල්ලේ මහතාගේ තීරණය වුණා” ලෙස්ටර් අතීත කතාවක් අපට කියා ඇත.

රජයේ චිත්‍රපට අංශයෙන් නිපද වූ වාර්තා චිත්‍රපටයක සංස්කරණ ශිල්පියාගේ නම නොමැති එකම චිත්‍රපටය ලෙස මේ චිත්‍රපටය වාර්තාගත වී ඇත.

ලෙස්ටර්, ටයිටස් හා කැමරා ශිල්පී විලී බ්ලේක් 1955 ජනවාරි මාසයේ රජයේ චිත්‍රපට අංශයේ රැකියාවෙන් අස්වී “සැබෑ සිංහල චිත්‍රපටයක්” නිර්මාණය කිරී්මට ගියහ. “රේඛාව” නම් සිංහල සිනමාවේ දෛවය වෙනස් කළ චිත්‍රපටය බිහිකිරීමට මුල්වූ ත්රස්තවාදීන් තිදෙනාගෙන් කෙනෙකි ටයිටස්. ඔහු ‘රේඛාවේ’ සංස්කරණ ශිල්පියා මෙන්ම සහාය අධ්යක්ෂවරයා ද කලා අධ්යක්ෂවරයා ද නිෂ්පාදන කළමනාකාරයා ද විය.

සන්දේශය-රන්මුතු දුව- ගැටවරයෝ-සාරවිට - පරසතුමල්- හන්තානේ කතාව- මිනිසා සහ කපුටා වැනි චිත්‍රපටවල සංස්කරණ ශිල්පියා වූ ඔහු ඒ සඳහා සම්මාන හිමිකර ගත්තේය. ඔහුගේ මුල් අධ්‍යක්ෂණය සහිත චිත්‍රපටය ‘චණ්ඩියා’ ය. කවුද හරි, තෙවත, හාර ලක්සය- සිහසුන- සාගරිකා- මංගලා- මරුවා සමග වාසේ- හඳයා යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු කතා රචකයකු, තිරනාටක රචකයකු. නළුවකු, නිෂ්පාදකවරයකු ලෙස ප්‍රතිභාව පෙන්වීය.

ටයිටස් රසවතෙකි. ඔහු සමග වැඩ කිරීම ද හාස්‍යජනක ය. ඇස් රතුවන විහිළු කිරීමට ඔහු ගජ හපනෙකි. ඔහුගේ සදය උපහාසයට ලක්වන්නන් අතර ප්රමුඛයෙකි නිෂ්පාදන කළමනාකරු. ටයිටස්ගේ චිත්‍රපට වැඩි ගණනක් මෙහෙය වූ ඇන්ඩෘ ජයමාන්න කියූ එක් කතාවක් අපට ද කියා ඇත.

“සිහසුන චිත්‍රපටයේ රූගත කරන විට එහි ගීතයක් රචනා කළ දයා ආනන්ද රණසිංහ (කවියකු, මාධ්‍යවේදියකු, පරිවර්තයකු වූ ඔහු ලන්ඩනයේ පදිංචිවී සිටී) දර්ශන තලයට ආවා. මඳ විවේකය දී අපි කිඹුලා බනිස් කෑවා. දයාටත් සංග්‍රහ කළා. නිෂ්පාදන කළමනාකරු රණසිංහ චිත්‍රපටයේ වැය වූ පිරිවැය සටහන් කර ගත්තා. දිනක් ටයි මහත්තයා රණසිංහගේ වියදම් පොත පරීක්ෂා කළා. “දයා කිඹුලෙක් කෑවා” යයි එහි සටහන් වී තිබුණා.

“යකෝ දයා මාර මිනිහෙක්නෙ. ඌ කොහොමද කිඹුලෙක් කෑවේ” කියමින් හැමෝම හිනැස්සු ටයි මහත්තයා ‘හාර ලක්සය’ චිත්‍රපටය කරන කොට රණසිංහ ‘බයිට්’ එකට ගත්තාම එදා රණසිංහ කෑම වේලාවේදී හැමට බත් පාර්සල් බෙදා දුන්නා. ටයි මහත්තයගෙයි ඔහුගෙයි කෑම පාර්සල් දෙක පමණක් කාමරයක තැබුවා. ටයි මහත්තයා කෑම ගන්නා තුරු කෑම නොකා සිටීම රණසිංහනේ සිරිත ය. ටික වේලාවකට පසු කාමරයට ගිය රණසිංහට දකින්නට ලැබුණේ ටයි මහත්තයාගේ කෑම එක පූසෙකු පැනලා කනවා. දැන් තියෙන්නේ රණසිංහගේ කෑම එක. තමාට අයිති බත් පාර්සලය තුරුළු කර ගත් රණසිංහ ටයි මහත්තයා කෑමට එනකල් බලා හිටියා.

“මොකද බං උඹ බත් පාර්සලය බදාගෙන. උඹ කෑවාද?” ටයි මහත්තයා ඇහැව්වා.

“නැහැ සර් කෑම කන්න.”

“කෝ උඹේ කෑම පාර්සලය?”

“සර් මේ තියෙන්නේ” රණසිංහ බත් පාර්සලය ටයි මහත්තයට දුන්නා.

“මොනවා පුදුමයි, එතකොට උඹටයි මටයි කන්න තියෙන්නේ එක පාර්සලයද? මේක උඹේ නං මගේ කෑම එක කෝ?”

රණසිංහ නිශ්ශබ්දයි.

‘සර්ගේ කෑම පාර්සලේ පූසෙක් කෑවා.

“ඈ බං ඌ නියම පූසෙක්නේ? ඌ හරියට පැනපු ගමන් කාලා තියෙන්නේ ටයිගේ පාර්සලේ. උඹ මේක කාපන්. මම පහුවෙලා කන්නම්” හැමෝම සිනාගන්වමින් ටයි මහත්තයා කිව්වා.

ඇන්ඩෘ අපට කියා ඇත්තේ විහිළුවෙන් තහළුවෙන් ඔහු දර්ශනතලයේ සැහැල්ලුවෙන් ගත කරන බවය.

වරක් ටයිටස් ‘රන් කහවනු’ ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්ෂක දයාරත්න රටගෙදර කාරුණිකව තමා ළඟට කැඳවීය.

“දැන් සබීතා එනවද?”

“ඔව් ටයි මහත්තයා”

“සනත් එනවද?”

“ඔව් ටයි මහත්තයා”

“ටැක්සිය ලෑස්තිද? ’?

“ඔව් ටයි හත්තයා ”

“අපිට කෙළවෙයිද? ”

“ඔව් ටයි මහත්තයා”

“මූ මා මාර පූසෙක් නේ බං. අපට කෙළවෙනකන්ද මූ බලාගෙන ඉන්නෙ?”

සියල්ලෝම සිනාසෙති.

මම වරක් ටයිටස් අධ්‍යක්ෂණය කළ “සිහසුන” චිත්‍රපටයේ රූපගත කිරීමක් බැලීමට වෝඞ් පෙදෙසේ දොස්තර ලීනස් දිසානායකගේ (චිත්‍රපට නිෂ්පාදක) නිවසට ගියෙමි. ඒ එවකට “සරසවිය” පුවත්පතට විශේෂාංගය ලිවීමටය. ඒ 1973 වසරේය. මා දර්ශනතලයට එන විටම එහි පිරිස මැද සිටි ටයිටස් - “ඔය එන්නේ සිංහල සිනමාව. වරෙන් වරෙන් උඹ විතරයි අඩුව හිටියෙ. උඹට අද පත්තරේට ලියන්න පුළුවන් අපි සිංහල සිනමාව කන හැටි” මහ හඬින් කියන විට මගේ කන රතු වී ගෙන එන බව දැන ගතිමි. මම ලැජ්ජාවෙන් පසෙකට වීමි. එදා රජ ඇඳුමින් සැරසී සිටි ගිරිගෝරිස් (සෝමසිරි දෙනිපිටිය) තම බිරිඳ (චන්ද්‍රා කළුආරච්චි) හා දියණිය (ශ්‍රියානි අමරසේන) සමඟ රඟපාන දර්ශනයක් රූගතවෙමින් තිබුණි. කැමරා ශිල්පියා ඇන්ඩෘ ය.

“දේවිය, අපි අර ඈත පෙනෙන දූපත මැද තියෙන සාගරයට යමු” සෝමසිරි ගැඹුරු ස්වරයෙන් කීය.

“පුදුමයි” ටයිටස් තම රැවුල අත ගාමින් කීවේය.

සෝමසිරි දෙවන වරටද එම දෙබස් ඛණ්ඩයම කීවේය.

“අනේ මං උඹව රජ කරන්න ගත් වෑයමක්. උඹට ඔය දෙබස් ටිකවත් කියන්න බැහැනේ” ටයිටස් කියයි.

“ඇයි ටයි මහත්තයා”

“යකෝ දූපතක් මැද සාගරයක් තියෙනවද? සාගරයක් මැද දූපතක් මිසක්.”

“අයියෝ මට වැරදුනා”

“උඹට වචන ටැපලිලා.”

එවර සෝමසිරි හරියට දෙබස් කීවේය.

“ඔය කිව්වේ අපූරුවයට. උඹව රජ කරන්නම වටිනවා. උඹට දෙනවා ඩ්රෑම් ඩබලක්” ටයිටස් එසේ කීවේ සෝමසිරිගේ රඟපෑම අගය කරමිනි.

ඉක්මන් කේන්තිකාරයකු වූ ටයිටස්ගෙන් බැනුම් නෑසුවේ කැමරා ශිල්පි ඇන්ඩෘ පමණකි. ඇන්ඩෘ ද බැනුම් ඇසූ දිනක් මට මතකය. ඒ 1971 වසරේ දී ය. එවර ද මා ගියේ ‘සරසවිය’ පත්‍රයට විශේෂාංගයක් ලිවීමට ය. එදා “හාර ලක්සේ” චිත්‍රපට දර්ශනයක් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ රූගත වෙමින් තිබුණි. එම දර්ශනයේ පියදාස ගුණසේකර, ජෝ අබේවික්‍රම, රොබින් ප්‍රනාන්දු රඟපෑහ. දහවල් භෝජනයට පෙර කාමරයක ටයිටස් මල් පැණි සප්පායම් වෙමින් සිටියේය. එය දැන සිටියේ මා ඇතුළු කිහිප දෙනෙකු පමණි. ඊළඟ දර්ශනයට කෑමෙන් සප්පායිම් වූ සියල්ල සූදානම් ව සිටියෝ ය. සියල්ල ලැහැස්ති කළ ඇන්ඩෲ බියෙන් බියෙන් ටයිටස් සිටි තැනට පැමිණියේ ය.

“උඹ මොකටද මෙහෙ ආවේ”

“ටයි මහත්තයා ෂුටිං ලෑස්තියි,

කට්ටිය බලං ඉන්නවා”

“ඉතිං උඹ සීන් එක ෂූට් කරපන් ”

“ටයි මහත්තයා නැතිව”

“මං මොකටද? උඹට මෙච්චර දවසක් මං කියලා දීපුව මදිද? උඹ කරහං. මම නේ කියන්නේ”

ඇන්ඩෘ ආපසු ගියේ හොඳ හිතකින් නොවේ. ඒ බව දුටු අපි ටයි මහත්තයා දර්ශන තලය වෙත ගෙන ගියෙමු. රූගත කිරීමෙන් පසු ඇන්ඩෘ පසෙකට වී කල්පනා කරමින් සිටියේය. වෙනදා ඔහු ටයි මහත්තයා සමග කරට කර සිටිමින් සෙස්සන් ‘බයිට්’ කරන්නේ ඔහුය. ටයිටස් ඇන්ඩෘ අසලට ගියේය.

“මං උඹට බැන්න නේද?”

“ඔව් ටයි මහත්තයා කවදාවත් නැතිව මට බැන්නා.”

“ උඹ මගේ හැටි දන්නේ නැද්ද? අනෙක මං බැන්නාම උඹ ඇයි කට පියාගෙන හිටියෙ. උඹත් බැනපං මගේ කට වැහෙන්න මීට පස්සේ” ටයිටස් කියන විට ඇන්ඩෘට සිනා ගියේය.

1980 වසර ටයිටස් ගේ සිනමා ජීවිතයේ නොමැකෙන සිහිවටන තැබූ වසරකි. සරසවි සම්මාන උළෙලේදී ඔහු අධ්යක්ෂණයට, තිර රචනයට, සංස්කරණයට හා නිෂ්පාදනයට සම්මාන 4ක්ම දිනා ගත්තේය. එම වසරේ ඉතාලියේ සොනලාස් හි පැවැති Internatinal Film Festival For Children and Youth Giffonivalle plana Italy චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය සඳහා. Grand Prix සම්මානය ටයිටස් දිනාගත්තේය. සම්මාන දිනා පැමිණි පසු ඔහු හමුවීමට රාජගිරියේ කෝට්ටේ පාරේ නිවසට මම ගියෙමි. මල් පැණි බොමින් අප හා සතුටු වූ ඔහු ගීතයක් ගැයුවේය.

“දෙනවා කියලා දුන්නේ නෑ.

ඇන්ටා මාව රැවැට්ටුවා.”

එකල ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ඇන්ටන් වික්‍රමසිංහ ය. ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක දී ශ්‍රී ලංකාවේ චිත්‍රපටයකට උසස් සම්මානයක් ලැබුණොත් රුපියල් ලක්ෂයක් පිරිනමන බව ඔහු ජනාධිපති උළෙලක ප්‍රකාශයක් කර තිබුණි. ටයිටස්ගේ ‘හඳයා’ ලෝකයේ රටවල් 150ක් පරදවමින් සම්මාන දිනාගත්තත් අර ත්‍යාගය නම් ඒ වනතුරු ලැබුණේ නැත. ගෙදරට එන හිත මිතුරන් සතුටු කරමින් අර සින්දුව කියන බව ඇන්ටන් වික්‍රමසිංහට ආරංචි විය. 1981 ජනාධිපති උළෙලේ දී ටයිටස්ට එම ත්‍යාගය පිරිනමා ඇන්ටන් වික්‍රමසිංහ සභාපතිවරයා නිදහස් විය.

මේ තරම් විනෝදකාමි බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිනිහෙක් මට හමු නොවීය. ටයිටස් කුමරතුඟුවන්ගේ මඟ යමින් භාෂා විශාරදයකුව සිටියේය. සිංහල සිනමාවේ නාමාවලියට අලුත් වචන එක් කළේය. “විවේකය” ට ‘ඉසිඹුව’ අධ්යක්ෂණයට “අදියුරු” වචන එක් කළේ ඔහු ය. ඔහු ඇවිදින ශබ්ද කෝෂයකි. සිංහල වචනයක තේරුම ඇසූ විට සිංහල වචනය මෙන්ම ඉංග්‍රීසි, සංස්කෘත, පාලි වචන ද කියා ඔහු අප දැනුවත් කළේ ය. මම වරක් (1993) වසරේ ටයිටස් වෙනුවෙන් උපහාර උළෙලක් ආනන්ද විද්‍යාලයීය ශාලාවේ සංවිධානය කළෙමි. එදා ආනන්දයේ ඉගෙන ගත් චිත්‍රපටි සංස්ථා සභාපතිවරුන් වන ඩී.බී නිහාල්සිංහ, ඇස්. පියසේන, සුමිත්ත අමරසිංහ, ඇස්.ජී. සමරසිංහ ආදීහු සහභාගි වූහ. එදා උපහාර උළෙලේ දී ටයිටස් කී කතාවක් මෙසේය.

‘මා රටට දුන් යමක් වීද ඒ ආනන්දය මට දුන් දේ ය’

ටයිටස්ගේ විෂය ක්ෂේත්රය පුළුල් ය. ඒවා ලිවීමට නම් පොතක් ලිවිය යුතු ය. ඔහු ගැන ලියූ එකම පොත “සොඳුරු අදියුරු සකසුවාණෝ’ ම පුතු ආචාර්ය නුවන් නයනජිත් කුමාර 2009 ලියා පළ කළේ ආනන්දයේ විශේෂ උපහාර උළෙලක දී ය. එදා බලවත් ලෙස රෝගාතුරව රෝද පුටුවකින් පැමිණි ඔහු මුවින් නොදොඩා කඳුළු පිරි දෙනෙතින් කතාවලට සවන් දුන්නේ සුපුරුදු සදය උපහාසය මුවෙහි රඳවාගෙන ය.

මහා පුරුෂයකු වූ තම සැමියා අඩ සියවසක කාලයක් ඔහුට සෙවණේ සංස්කරණ ශිල්පය ප්‍රගුණ කරමින් නිබඳ අත්වැලක් වූයේ බිරිඳ සුජාතාවන් ය. තම සැමියාට ආවේණික වූ කිසිවකුටත් මෙල්ල කළ නොහැකි හිතුවක්කාර ඇවතුම් පැවතුම් ඇය ඉවසා දරා සිටියා ය. විසි වසරකටත් වැඩි කාලයක් පුරා රෝගාතුරව එක්තැන් වූ තැන් පටන් 2011 ඔක්තෝබර් 15 වෙනිදා මියයන තෙක්ම මේ ජාතික වස්තුව ඕ. රැකබලා ගත්තා ය. ටයිටස් බලා ගත් උපස්ථායකයා වූයේ පියදාස ය. සැමියා මියගොස් වසර කිහිපයකින් 2016.09.12 සුජාතාව ද ජීවිතයෙන් සමුගත්තා ය.

ටයිටස් හා සුජාතාගේ එක පුතුණුවන් දමිත් තොටවත්ත මහතා පානදුර මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරයි.

ඒ.ඩී.රන්ජිත් කුමාර

[QUOTE="araki, post: 23188914, member: 360239"] [b]මහරැජින ඉදිරියේ නැටුම් දැක්වූ ටයිටස් තොට[/b] [B][SIZE=5]මහරැජින ඉදිරියේ නැටුම් දැක්වූ ටයිටස් තොටවත්ත[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][B]1954 වසරේ මහා බ්‍රිතාන්‍යයේ[/B][B] දෙවන එළිසබත් මහා රැජින හා එඩින්බරෝ ආදිපාදතුමා ලංකාවට පැමිණි පසු ඔවුන් වෙනුවෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේ පැවැති සංස්කෘතික සංදර්ශනයේ ශේෂා පලිහක්කාර ගේ නර්තන කණ්ඩායමේ කැපී පෙනෙන ශිල්පියා වූයේ ඔහුය. ඔහු චිත්‍ර ශිල්පියකු, සිතාර් වාදකයකු මෙන්ම දක්ෂ තබ්ලා වාදකයෙකු ලෙස දස්කම් පෑවේ පාසල් යන කාලයේ සිටය. ලාංකේය සිනමාවේ බිහිවූ අග්‍රගණ්‍ය චිත්‍රපට සංස්කරණ ශිල්පියා ද ඔහු ය. යුරෝපයෙන් උගෙන ඉන්දියාවටත් ප්‍රථම බටහිර සංස්කරණ ශිල්ප ක්‍රම දේශීය සිනමාවේ අත්හදා බැලූ පුරෝගාමියා ද ඔහු ය.[/B] [/SIZE] [SIZE=5]වෘත්තාන්ත චිත්‍රපට 09ක් අධ්‍යක්ෂණය කළ ඔහු ජාත්‍යන්තර සම්මානයක් සමඟම දේශීය සම්මාන 29කින් පුද ලැබීය. රූපවාහිනියට හඬ කැවීම් මෙහෙයවූ ඔහු සිංහල උපසිරැසි යෙදූ ටෙලි නාට්‍ය නොබැලූ දරුවකු, වැඩිහිටියෙකු සොයා ගැනීම නිකිණි සෙවීමට වඩා අසීරු වනු ඇති.[/SIZE] [SIZE=5] “මුහුද මගේ ගොඩබිමයි නැව මගේ නිවසට සමයි සියලු සතුන් මගෙ තමයි දොස්තර හොඳ හිත මම යි”[/SIZE] [SIZE=5]“බැහැයි කියල බෑ බෑ කියලා බැහැ කියලා බෑ බෑ කියලා බැරිය මලේ- බෑ කියලා බැරි නඟේ බෑ කියලා බෑ බෑ බෑ”[/SIZE] [SIZE=5]රූපවාහිනී මාධ්‍යයට පිවිසි ඔහු විදේශීය කාටුන දේශීයත්වයට ගැලපෙන ලෙස සකස් කිරීමේ කාර්යයේ හොඳම නිදසුන මේ ගීත දෙකයි. ඔහු ගේ නම තොටවත්තගේ දොන් මනුවෙල් ටයිටස් ද සිල්වා ය. කලා ලෝකය ඔහු හඳුනන්නේ ‘ටයිටස් තොටවත්ත’ නමිනි. චිත්‍රපට ක්ෂේත්රයේ “ටයි මහත්තයා” වූ ඔහු ළමා ලෝකයේ “ටයි මාමා” විය. 1929 වසරේ අප්‍රේල් 17 වැනිදා පෙරවරු 6.00 ඔහු උපත ලැබීය. ඔහුගේ දෙමාපියන් වූයේ කොළඹ බොරැල්ලේ වෙළඳ ව්‍යාපාරික ටී.ජී.එම්. ජුලියස් ද සිල්වා හා සිසිලියා හෙට්ටිආරච්චිය. පිරිමි ළමයින් තුන් දෙනෙකු හා එක් සොහොයුරියක ගෙන් යුත් පවුලක සිව්වැනි දරුවා ඔහු විය. වැඩිමහල් සොහොයුරු සැම්සන් නීතිඥයකු වූ අතර ෆ්‍රැන්සිස් ව්‍යාපාරිකයෙක් විය. ඊලියන්ද සිල්වා තෙවැනි සොහොයුරා විදුලි ඉංජිනේරුවකු විය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ ඔහු හෙළ භාෂා පඬිවරයෙකි. “සිංහළයෙන් සිප්යුරු වදන් “ (Technical terms in Sinhala) ග්‍රන්ථයේ කතුවරයා ඔහු ය. ටයිටස් ගේ සොහොයුරිය බියටි්රස් ගුරුවරියකි. [/SIZE] [SIZE=5]ටයිටස්ගේ ජන්ම පත්‍රය බැලූ සාස්තරකාරයකු දෙමාපියන්ට අපූරු අනාවැකියක් කියා ඇත. “මේ ළමයා ලොකු වුණාම පින්තූර කතා කරවනවා.”[/SIZE] [SIZE=5]එය සත්‍යයක් ම විය. 1934 සිට 1948 දක්වා ටයිටස් තම වැඩිමහලු සොහොයුරු ඊලියන්ද සිල්වා සමග කොළඹ ආනන්ද විද්‍යාලයට ගිය ඔහු වරක් කලා විෂයයන්ගෙන්ද පසුව විද්‍යා විෂයයන්ගෙන් දෙවතාවක් ජ්‍යෙෂ්ඨය සමත් විය. ආනන්දයේ ඔහුගේ පාසල් සගයන් වූයේ සෝමදාස ඇල්විටිගල (ප්‍රවීණ සංගීතඥ) හා ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි (අග්‍රගණ්‍ය වාර්තා චිත්‍රපට අධ්යක්ෂ) දෙදෙනාය.[/SIZE] [SIZE=5]කලාවට ආදරය කළ ටයිටස් ආනන්ද සමරකෝන් හා සුනිල් සාන්තයන්ගෙන් සංගීතය ඉගෙන ගත් අතර ආනන්දයේ නර්තන කලාව ඉගැන්වූ වංග ජාතික සුබේන්ද්ර දත් යටතේ මනිපුරි, කථකලි නැටුම් ඉගෙන ආනන්දයේ පැවැති ප්‍රසංගවල කුසලතා දැක්වීය. පාසල් වේදිකාවේ සිතාර් වාදකයකු හා තබ්ලා වාදයකු ලෙස කැපී පෙණුන ටයිටස් ආනන්දයේ විදුහල්පති එල්.එච්. මෙත්තානන්ද නිවසේ පැවැති වජ්රජයන්ති කලා උළෙලේදී චිත්‍ර කලාව පිළිබඳ ඉහළම සම්මානය ලැබීය. එපමණක් නොව ඔහු මරදානේ ටෙක්නිකල් කොලීජියට බැඳී කැමරාකරණයට ද කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා හා ස්ටැන්ලි අබේසිංහ වෙතින් චිත්‍රකලාව ද මූර්ති කලාව ද ප්‍රගුණ කළේය. ඉන්පසු ශේෂා පලිහක්කාර වෙතින් නැටුම් හදාරා ඔහු විසින් 1952 ‘නල දමයන්ති’ මුද්‍රා නාට්‍යයේ නල කුමාරයා විය. මේ මුද්‍රා නාට්‍යයේ ආනන්ද වීරකෝන් (පසුව චිත්‍රපට නළු), සුජාතා ප්‍රනාන්දු (පසුව ටයිටස්ගේ බිරිඳ), ශ්‍යාමෙන් වැන්ඩර්කෝන් (ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ලේලි) ටයිටස් සමඟ රඟපෑහ. 1954 මහ රැජින ඉදිරියේ ඔහු රඟපෑවේ තම අනාගත බිරිඳ සුජාතා සමග ය. 1952 වසරේ ටයිටස් රජයේ චිත්‍රපට අංශයට ආධුනිකයකු ලෙස රු: 150 වැටුපකට බැඳෙන්නේ ය. [/SIZE] [SIZE=5]අලුත් දෙයක් කිරීමට හැම විට බිය නොවූ ටයිටස් හිතුවක්කාරයෙක් විය. නහයට නාහන ‘නහරයෙක්’ විය. රජයේ චිත්‍රපට අංශයේද ඔහුගේ හිතුවක්කාර වැඩක් නිසා නූලෙන් රැකියාව බේරා ගත්තේය. මේ සිද්ධිය නිසා එහි සේවය කළ ලෙස්ටර් හා සංස්කරණ උපදේශක ජෝර්ජ් ස්ටට් ගැටී ඇත.[/SIZE] [SIZE=5] “1955 වසරේ මා අධ්‍යක්ෂණය කළ ‘රැකෙනු නැතහොත් තැවෙනු’ (Be safe or be sorry) වාර්තා චිත්‍රපටයේ සංස්කරණ කටයුතු තරුණ ආධුනික සංස්කරණ සහායකයකුව සිටි ටයිටස්ට පැවරුවේ ඔහුගේ නිර්මාණ කෞශල්‍යය දැකීම නිසයි. චිත්‍ර ශිල්පි ඕබ්රි කොලට් ගේ විකට චිත්‍ර මුසු කරමින් කළ ටයිටස්ගේ නිර්මාණශීලි සංස්කරණ රටාව චිත්‍රපටයේ අගය වැඩි කිරීමට හේතුවිය. මම ටයිටස්ට සංස්කරණය භාර දුන්නේ ජෝර්ජ් ස්ටට්ගේ අනුමැතිය ලබාගෙන නොවේ. ආචාර ධර්මවලට පටහැනි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසයි මාත් ස්ටට් අතර ගැටුම වුණේ. ස්ටට් මේ ගැන රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂකව සිටි එච්.ඒ.ජේ. හුළුගල්ල මහතාට වාර්තා කළා. “ඔබට මේ ගැන නිදහසට කීමට ඇත්තේ කුමක්ද” හුළුගල්ලේ මහතා මගෙන් ඇසුවේ ය.[/SIZE] [SIZE=5] “මට කීමට ඇත්තේ, ස්ටට් මහතා මේ සිද්ධිය කෙරෙහි සානුකම්පිත හැඟීමකින් නොබැලූ බවයි. ඔහුට ඇත්තේ යටත් විජිත මානසිකත්වයක්. මම ස්ටට් මහතාගෙන් උපදෙස් පැතුවා නම් කිසිම සැකයක් නෑ. ඔහු මුළු චිත්‍රපටයම නාස්ති කරලා දානවා. “හොඳයි, චිත්‍රපටයට මම අනුමැතිය දෙන්නම්. හැබැයි සංස්කරණ ශිල්පිගේ (ටයිටස්) නම නාමාවලියෙන් ඉවත් කළ යුතුයි. හුළුගල්ලේ මහතාගේ තීරණය වුණා” ලෙස්ටර් අතීත කතාවක් අපට කියා ඇත.[/SIZE] [SIZE=5] රජයේ චිත්‍රපට අංශයෙන් නිපද වූ වාර්තා චිත්‍රපටයක සංස්කරණ ශිල්පියාගේ නම නොමැති එකම චිත්‍රපටය ලෙස මේ චිත්‍රපටය වාර්තාගත වී ඇත. [/SIZE] [SIZE=5]ලෙස්ටර්, ටයිටස් හා කැමරා ශිල්පී විලී බ්ලේක් 1955 ජනවාරි මාසයේ රජයේ චිත්‍රපට අංශයේ රැකියාවෙන් අස්වී “සැබෑ සිංහල චිත්‍රපටයක්” නිර්මාණය කිරී්මට ගියහ. “රේඛාව” නම් සිංහල සිනමාවේ දෛවය වෙනස් කළ චිත්‍රපටය බිහිකිරීමට මුල්වූ ත්රස්තවාදීන් තිදෙනාගෙන් කෙනෙකි ටයිටස්. ඔහු ‘රේඛාවේ’ සංස්කරණ ශිල්පියා මෙන්ම සහාය අධ්යක්ෂවරයා ද කලා අධ්යක්ෂවරයා ද නිෂ්පාදන කළමනාකාරයා ද විය.[/SIZE] [SIZE=5]සන්දේශය-රන්මුතු දුව- ගැටවරයෝ-සාරවිට - පරසතුමල්- හන්තානේ කතාව- මිනිසා සහ කපුටා වැනි චිත්‍රපටවල සංස්කරණ ශිල්පියා වූ ඔහු ඒ සඳහා සම්මාන හිමිකර ගත්තේය. ඔහුගේ මුල් අධ්‍යක්ෂණය සහිත චිත්‍රපටය ‘චණ්ඩියා’ ය. කවුද හරි, තෙවත, හාර ලක්සය- සිහසුන- සාගරිකා- මංගලා- මරුවා සමග වාසේ- හඳයා යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු කතා රචකයකු, තිරනාටක රචකයකු. නළුවකු, නිෂ්පාදකවරයකු ලෙස ප්‍රතිභාව පෙන්වීය. [/SIZE] [SIZE=5]ටයිටස් රසවතෙකි. ඔහු සමග වැඩ කිරීම ද හාස්‍යජනක ය. ඇස් රතුවන විහිළු කිරීමට ඔහු ගජ හපනෙකි. ඔහුගේ සදය උපහාසයට ලක්වන්නන් අතර ප්රමුඛයෙකි නිෂ්පාදන කළමනාකරු. ටයිටස්ගේ චිත්‍රපට වැඩි ගණනක් මෙහෙය වූ ඇන්ඩෘ ජයමාන්න කියූ එක් කතාවක් අපට ද කියා ඇත.[/SIZE] [SIZE=5] “සිහසුන චිත්‍රපටයේ රූගත කරන විට එහි ගීතයක් රචනා කළ දයා ආනන්ද රණසිංහ (කවියකු, මාධ්‍යවේදියකු, පරිවර්තයකු වූ ඔහු ලන්ඩනයේ පදිංචිවී සිටී) දර්ශන තලයට ආවා. මඳ විවේකය දී අපි කිඹුලා බනිස් කෑවා. දයාටත් සංග්‍රහ කළා. නිෂ්පාදන කළමනාකරු රණසිංහ චිත්‍රපටයේ වැය වූ පිරිවැය සටහන් කර ගත්තා. දිනක් ටයි මහත්තයා රණසිංහගේ වියදම් පොත පරීක්ෂා කළා. “දයා කිඹුලෙක් කෑවා” යයි එහි සටහන් වී තිබුණා.[/SIZE] [SIZE=5] “යකෝ දයා මාර මිනිහෙක්නෙ. ඌ කොහොමද කිඹුලෙක් කෑවේ” කියමින් හැමෝම හිනැස්සු ටයි මහත්තයා ‘හාර ලක්සය’ චිත්‍රපටය කරන කොට රණසිංහ ‘බයිට්’ එකට ගත්තාම එදා රණසිංහ කෑම වේලාවේදී හැමට බත් පාර්සල් බෙදා දුන්නා. ටයි මහත්තයගෙයි ඔහුගෙයි කෑම පාර්සල් දෙක පමණක් කාමරයක තැබුවා. ටයි මහත්තයා කෑම ගන්නා තුරු කෑම නොකා සිටීම රණසිංහනේ සිරිත ය. ටික වේලාවකට පසු කාමරයට ගිය රණසිංහට දකින්නට ලැබුණේ ටයි මහත්තයාගේ කෑම එක පූසෙකු පැනලා කනවා. දැන් තියෙන්නේ රණසිංහගේ කෑම එක. තමාට අයිති බත් පාර්සලය තුරුළු කර ගත් රණසිංහ ටයි මහත්තයා කෑමට එනකල් බලා හිටියා. “මොකද බං උඹ බත් පාර්සලය බදාගෙන. උඹ කෑවාද?” ටයි මහත්තයා ඇහැව්වා.[/SIZE] [SIZE=5]“නැහැ සර් කෑම කන්න.”[/SIZE] [SIZE=5]“කෝ උඹේ කෑම පාර්සලය?”[/SIZE] [SIZE=5]“සර් මේ තියෙන්නේ” රණසිංහ බත් පාර්සලය ටයි මහත්තයට දුන්නා. [/SIZE] [SIZE=5]“මොනවා පුදුමයි, එතකොට උඹටයි මටයි කන්න තියෙන්නේ එක පාර්සලයද? මේක උඹේ නං මගේ කෑම එක කෝ?” රණසිංහ නිශ්ශබ්දයි.[/SIZE] [SIZE=5] ‘සර්ගේ කෑම පාර්සලේ පූසෙක් කෑවා.[/SIZE] [SIZE=5] “ඈ බං ඌ නියම පූසෙක්නේ? ඌ හරියට පැනපු ගමන් කාලා තියෙන්නේ ටයිගේ පාර්සලේ. උඹ මේක කාපන්. මම පහුවෙලා කන්නම්” හැමෝම සිනාගන්වමින් ටයි මහත්තයා කිව්වා.[/SIZE] [SIZE=5] ඇන්ඩෘ අපට කියා ඇත්තේ විහිළුවෙන් තහළුවෙන් ඔහු දර්ශනතලයේ සැහැල්ලුවෙන් ගත කරන බවය. වරක් ටයිටස් ‘රන් කහවනු’ ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්ෂක දයාරත්න රටගෙදර කාරුණිකව තමා ළඟට කැඳවීය.[/SIZE] [SIZE=5]“දැන් සබීතා එනවද?”[/SIZE] [SIZE=5]“ඔව් ටයි මහත්තයා”[/SIZE] [SIZE=5]“සනත් එනවද?”[/SIZE] [SIZE=5]“ඔව් ටයි මහත්තයා”[/SIZE] [SIZE=5]“ටැක්සිය ලෑස්තිද? ’?[/SIZE] [SIZE=5]“ඔව් ටයි හත්තයා ”[/SIZE] [SIZE=5]“අපිට කෙළවෙයිද? ”[/SIZE] [SIZE=5]“ඔව් ටයි මහත්තයා”[/SIZE] [SIZE=5]“මූ මා මාර පූසෙක් නේ බං. අපට කෙළවෙනකන්ද මූ බලාගෙන ඉන්නෙ?” සියල්ලෝම සිනාසෙති.[/SIZE] [SIZE=5] මම වරක් ටයිටස් අධ්‍යක්ෂණය කළ “සිහසුන” චිත්‍රපටයේ රූපගත කිරීමක් බැලීමට වෝඞ් පෙදෙසේ දොස්තර ලීනස් දිසානායකගේ (චිත්‍රපට නිෂ්පාදක) නිවසට ගියෙමි. ඒ එවකට “සරසවිය” පුවත්පතට විශේෂාංගය ලිවීමටය. ඒ 1973 වසරේය. මා දර්ශනතලයට එන විටම එහි පිරිස මැද සිටි ටයිටස් - “ඔය එන්නේ සිංහල සිනමාව. වරෙන් වරෙන් උඹ විතරයි අඩුව හිටියෙ. උඹට අද පත්තරේට ලියන්න පුළුවන් අපි සිංහල සිනමාව කන හැටි” මහ හඬින් කියන විට මගේ කන රතු වී ගෙන එන බව දැන ගතිමි. මම ලැජ්ජාවෙන් පසෙකට වීමි. එදා රජ ඇඳුමින් සැරසී සිටි ගිරිගෝරිස් (සෝමසිරි දෙනිපිටිය) තම බිරිඳ (චන්ද්‍රා කළුආරච්චි) හා දියණිය (ශ්‍රියානි අමරසේන) සමඟ රඟපාන දර්ශනයක් රූගතවෙමින් තිබුණි. කැමරා ශිල්පියා ඇන්ඩෘ ය. [/SIZE] [SIZE=5]“දේවිය, අපි අර ඈත පෙනෙන දූපත මැද තියෙන සාගරයට යමු” සෝමසිරි ගැඹුරු ස්වරයෙන් කීය.[/SIZE] [SIZE=5] “පුදුමයි” ටයිටස් තම රැවුල අත ගාමින් කීවේය. [/SIZE] [SIZE=5]සෝමසිරි දෙවන වරටද එම දෙබස් ඛණ්ඩයම කීවේය.[/SIZE] [SIZE=5]“අනේ මං උඹව රජ කරන්න ගත් වෑයමක්. උඹට ඔය දෙබස් ටිකවත් කියන්න බැහැනේ” ටයිටස් කියයි. [/SIZE] [SIZE=5]“ඇයි ටයි මහත්තයා”[/SIZE] [SIZE=5]“යකෝ දූපතක් මැද සාගරයක් තියෙනවද? සාගරයක් මැද දූපතක් මිසක්.”[/SIZE] [SIZE=5]“අයියෝ මට වැරදුනා”[/SIZE] [SIZE=5]“උඹට වචන ටැපලිලා.”[/SIZE] [SIZE=5]එවර සෝමසිරි හරියට දෙබස් කීවේය.[/SIZE] [SIZE=5]“ඔය කිව්වේ අපූරුවයට. උඹව රජ කරන්නම වටිනවා. උඹට දෙනවා ඩ්රෑම් ඩබලක්” ටයිටස් එසේ කීවේ සෝමසිරිගේ රඟපෑම අගය කරමිනි. [/SIZE] [SIZE=5]ඉක්මන් කේන්තිකාරයකු වූ ටයිටස්ගෙන් බැනුම් නෑසුවේ කැමරා ශිල්පි ඇන්ඩෘ පමණකි. ඇන්ඩෘ ද බැනුම් ඇසූ දිනක් මට මතකය. ඒ 1971 වසරේ දී ය. එවර ද මා ගියේ ‘සරසවිය’ පත්‍රයට විශේෂාංගයක් ලිවීමට ය. එදා “හාර ලක්සේ” චිත්‍රපට දර්ශනයක් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ රූගත වෙමින් තිබුණි. එම දර්ශනයේ පියදාස ගුණසේකර, ජෝ අබේවික්‍රම, රොබින් ප්‍රනාන්දු රඟපෑහ. දහවල් භෝජනයට පෙර කාමරයක ටයිටස් මල් පැණි සප්පායම් වෙමින් සිටියේය. එය දැන සිටියේ මා ඇතුළු කිහිප දෙනෙකු පමණි. ඊළඟ දර්ශනයට කෑමෙන් සප්පායිම් වූ සියල්ල සූදානම් ව සිටියෝ ය. සියල්ල ලැහැස්ති කළ ඇන්ඩෲ බියෙන් බියෙන් ටයිටස් සිටි තැනට පැමිණියේ ය.[/SIZE] [SIZE=5]“උඹ මොකටද මෙහෙ ආවේ”[/SIZE] [SIZE=5]“ටයි මහත්තයා ෂුටිං ලෑස්තියි, කට්ටිය බලං ඉන්නවා”[/SIZE] [SIZE=5]“ඉතිං උඹ සීන් එක ෂූට් කරපන් ”[/SIZE] [SIZE=5]“ටයි මහත්තයා නැතිව”[/SIZE] [SIZE=5]“මං මොකටද? උඹට මෙච්චර දවසක් මං කියලා දීපුව මදිද? උඹ කරහං. මම නේ කියන්නේ”[/SIZE] [SIZE=5]ඇන්ඩෘ ආපසු ගියේ හොඳ හිතකින් නොවේ. ඒ බව දුටු අපි ටයි මහත්තයා දර්ශන තලය වෙත ගෙන ගියෙමු. රූගත කිරීමෙන් පසු ඇන්ඩෘ පසෙකට වී කල්පනා කරමින් සිටියේය. වෙනදා ඔහු ටයි මහත්තයා සමග කරට කර සිටිමින් සෙස්සන් ‘බයිට්’ කරන්නේ ඔහුය. ටයිටස් ඇන්ඩෘ අසලට ගියේය. [/SIZE] [SIZE=5]“මං උඹට බැන්න නේද?”[/SIZE] [SIZE=5]“ඔව් ටයි මහත්තයා කවදාවත් නැතිව මට බැන්නා.”[/SIZE] [SIZE=5]“ උඹ මගේ හැටි දන්නේ නැද්ද? අනෙක මං බැන්නාම උඹ ඇයි කට පියාගෙන හිටියෙ. උඹත් බැනපං මගේ කට වැහෙන්න මීට පස්සේ” ටයිටස් කියන විට ඇන්ඩෘට සිනා ගියේය. [/SIZE] [SIZE=5]1980 වසර ටයිටස් ගේ සිනමා ජීවිතයේ නොමැකෙන සිහිවටන තැබූ වසරකි. සරසවි සම්මාන උළෙලේදී ඔහු අධ්යක්ෂණයට, තිර රචනයට, සංස්කරණයට හා නිෂ්පාදනයට සම්මාන 4ක්ම දිනා ගත්තේය. එම වසරේ ඉතාලියේ සොනලාස් හි පැවැති Internatinal Film Festival For Children and Youth Giffonivalle plana Italy චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය සඳහා. Grand Prix සම්මානය ටයිටස් දිනාගත්තේය. සම්මාන දිනා පැමිණි පසු ඔහු හමුවීමට රාජගිරියේ කෝට්ටේ පාරේ නිවසට මම ගියෙමි. මල් පැණි බොමින් අප හා සතුටු වූ ඔහු ගීතයක් ගැයුවේය.[/SIZE] [SIZE=5] “දෙනවා කියලා දුන්නේ නෑ. ඇන්ටා මාව රැවැට්ටුවා.”[/SIZE] [SIZE=5]එකල ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ඇන්ටන් වික්‍රමසිංහ ය. ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක දී ශ්‍රී ලංකාවේ චිත්‍රපටයකට උසස් සම්මානයක් ලැබුණොත් රුපියල් ලක්ෂයක් පිරිනමන බව ඔහු ජනාධිපති උළෙලක ප්‍රකාශයක් කර තිබුණි. ටයිටස්ගේ ‘හඳයා’ ලෝකයේ රටවල් 150ක් පරදවමින් සම්මාන දිනාගත්තත් අර ත්‍යාගය නම් ඒ වනතුරු ලැබුණේ නැත. ගෙදරට එන හිත මිතුරන් සතුටු කරමින් අර සින්දුව කියන බව ඇන්ටන් වික්‍රමසිංහට ආරංචි විය. 1981 ජනාධිපති උළෙලේ දී ටයිටස්ට එම ත්‍යාගය පිරිනමා ඇන්ටන් වික්‍රමසිංහ සභාපතිවරයා නිදහස් විය. [/SIZE] [SIZE=5]මේ තරම් විනෝදකාමි බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිනිහෙක් මට හමු නොවීය. ටයිටස් කුමරතුඟුවන්ගේ මඟ යමින් භාෂා විශාරදයකුව සිටියේය. සිංහල සිනමාවේ නාමාවලියට අලුත් වචන එක් කළේය. “විවේකය” ට ‘ඉසිඹුව’ අධ්යක්ෂණයට “අදියුරු” වචන එක් කළේ ඔහු ය. ඔහු ඇවිදින ශබ්ද කෝෂයකි. සිංහල වචනයක තේරුම ඇසූ විට සිංහල වචනය මෙන්ම ඉංග්‍රීසි, සංස්කෘත, පාලි වචන ද කියා ඔහු අප දැනුවත් කළේ ය. මම වරක් (1993) වසරේ ටයිටස් වෙනුවෙන් උපහාර උළෙලක් ආනන්ද විද්‍යාලයීය ශාලාවේ සංවිධානය කළෙමි. එදා ආනන්දයේ ඉගෙන ගත් චිත්‍රපටි සංස්ථා සභාපතිවරුන් වන ඩී.බී නිහාල්සිංහ, ඇස්. පියසේන, සුමිත්ත අමරසිංහ, ඇස්.ජී. සමරසිංහ ආදීහු සහභාගි වූහ. එදා උපහාර උළෙලේ දී ටයිටස් කී කතාවක් මෙසේය. [/SIZE] [SIZE=5]‘මා රටට දුන් යමක් වීද ඒ ආනන්දය මට දුන් දේ ය’[/SIZE] [SIZE=5]ටයිටස්ගේ විෂය ක්ෂේත්රය පුළුල් ය. ඒවා ලිවීමට නම් පොතක් ලිවිය යුතු ය. ඔහු ගැන ලියූ එකම පොත “සොඳුරු අදියුරු සකසුවාණෝ’ ම පුතු ආචාර්ය නුවන් නයනජිත් කුමාර 2009 ලියා පළ කළේ ආනන්දයේ විශේෂ උපහාර උළෙලක දී ය. එදා බලවත් ලෙස රෝගාතුරව රෝද පුටුවකින් පැමිණි ඔහු මුවින් නොදොඩා කඳුළු පිරි දෙනෙතින් කතාවලට සවන් දුන්නේ සුපුරුදු සදය උපහාසය මුවෙහි රඳවාගෙන ය.[/SIZE] [SIZE=5] මහා පුරුෂයකු වූ තම සැමියා අඩ සියවසක කාලයක් ඔහුට සෙවණේ සංස්කරණ ශිල්පය ප්‍රගුණ කරමින් නිබඳ අත්වැලක් වූයේ බිරිඳ සුජාතාවන් ය. තම සැමියාට ආවේණික වූ කිසිවකුටත් මෙල්ල කළ නොහැකි හිතුවක්කාර ඇවතුම් පැවතුම් ඇය ඉවසා දරා සිටියා ය. විසි වසරකටත් වැඩි කාලයක් පුරා රෝගාතුරව එක්තැන් වූ තැන් පටන් 2011 ඔක්තෝබර් 15 වෙනිදා මියයන තෙක්ම මේ ජාතික වස්තුව ඕ. රැකබලා ගත්තා ය. ටයිටස් බලා ගත් උපස්ථායකයා වූයේ පියදාස ය. සැමියා මියගොස් වසර කිහිපයකින් 2016.09.12 සුජාතාව ද ජීවිතයෙන් සමුගත්තා ය.[/SIZE] [SIZE=5]ටයිටස් හා සුජාතාගේ එක පුතුණුවන් දමිත් තොටවත්ත මහතා පානදුර මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරයි. [/SIZE] [B][SIZE=5]ඒ.ඩී.රන්ජිත් කුමාර[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom