Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මහරෑ දුටු යකුන් දෙන්නාගේ එකෙක් උදේ ගෙදර ඇවිත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දසක පනහකට පමණ පෙර මම එක්තරා විප්ලවවාදී දේශපාලන පක්ෂයක් පිළිගෙන සිටියෙමි. සමාජ වෙනසකට පදනම් වූ එම පක්ෂයේ දර්ශනය හා ප්‍රතිපත්ති මගේ තරුණ සිත තුළ උද්දීපනය කළේ අපූරු පෞරුෂත්වයෙකි. කිසියම් සටනකදී අවසන් හුස්ම පොද වැටෙන විට පවා සිත ජව සම්පන්නව හා දිරිමත්ව තබා ගනිමින් සියල්ල විඳ දරා ගැනීමට එයින් උගන්වනු ලැබීය. මෙම දර්ශනවාදය කෙතෙක් මගේ සිත තුළ කිඳා බැස ගියේද යත් මිනිසුන් විසින් ඇතිකළ සෑම ආගමක් දහමක්ම විසින් මිනිස් සිත කොටුකර දමන බව මම විශ්වාස කළෙමි.

එවැනි දර්ශන මිනිස් මනසට ඇතුළු වූ විට අබින් කෑවාට සමාන බව මට වැටහී ගියේය.

මම ප්‍රිය කළ දේශපාලන දර්ශනයත් එවකට හදාරමින් සිටි චිත්ත ශක්තියෙන් රෝග සුවකරන හිප්නොටිසම් මැස්මරිසම් ශාස්ත්රයත් ඒබ්‍රහම් ටී කොවූර් වැනි හේතුවාදීගේ අනුගාමිකයෙකු බවට මම පත්වීමි. එහෙත් මගේ ගමේ වෙසෙන ජනතාව එය දැන සිටියේ නැත. ආගමට දහමට මෙන්ම සමාජයේ මිනිසුන් සිත රවටාගෙන කරන කිසිවක් මම යටි සිතින් ගරු කළේ නැත. එම නිසාදෝ ගම්වාසීන්ට මා එපා වූවා පමණක් නොව තේරුම් ගැනීමට නොහැකි විය. දැන හෝ නොදැන චේගුවේරා කාරයෙකු ලෙස ඔවුන් මා හඳුන්වා තිබිණ.

ගමේ මිනිසුන් කරන තෙල් සාත්තු කිරීම් මැතිරීම් දෙහි කැපීම් බලි තොවිල් නැටීම් යකැදුරන් සහ යන්ත්‍ර මන්ත්රකරුවන් සොයා ගොස් අමාරුවේ වැටෙන ඇදහිලි සහ හොල්මන් වැනි සිද්ධීන් මට මහත් පිළිකුලක් විය. රැවටුණ ගම්වාසීන්ගේ නූගත්කම් කෙරෙහි බලවත් අනුකම්පාවක් ඇතිවිය. එකල රාත්‍රී කාලයට වන සතුන් දඩයම් කිරීම මගේ එක් විනෝදාංශයක් විය. මම දඩයමේ ගියේ තනිවමය. බෝර දොළහේ පතුරොම් ගිනි අවියක් සන්තකයේ තිබෙන විට මිනිස් සිතේ බිය දියාරු කර දමයි. එහෙත් දඩයක්කරුවන්ට මෙන්ම මට කිසිම දිනෙක හොල්මන් අවතාර හමුවී නැත.

දිවාකාලයට මිනිසුන් ගමන් නොකරන තැන්වල බැටරි කෑලි තුනේ එවරෙඩි විදුලි පන්දම රාත්‍රී කාලයේ දල්වන විට යකුන් පෙරේතයෝ බියවෙති. තුවක්කුවේ පාතාලයට ඕනෑම වෙලාවක දබරැගිල්ල දමා ගැස්සූ විට මහසෝනා වුණත් කුඩුකර දැමීමට හැකි බවට මා තුළ දැඩි විශ්වාසයක් තිබිණ. මේ අතර මට එක්තරා රාත්‍රියක කනත්තක් අසල දී ලොකු යකෙකු සහ පොඩි යකෙකු මුණ ගැසීමේ සත්‍ය කතාව මෙසේ සඳහන් කරමි. ඒ ගැන නිශ්චිත දිනයක් නම් කළ නොහැකි නමුත් 1969 වසරේදී මෙම අත්දැකීමට මම මුහුණ දුන් බවට මතකයේ ඇත.

එදා හොඳින් සඳඑළිය තිබුණ රාත්‍රියකි. හිඟුරක්ගොඩ සිටි මගේ සහෝදරයකුගේ නිවසේ දින කීපයක් ගතකළ මම නැවත ගමේ නිවස බලා එමින් සිටියෙමි. එහෙත් එදා මහනුවර නගරයට එන විට හොඳටම සවස් වී තිබිණි. රාගල මාර්ගයේ රිකිල්ලගස්කඩ නගරයට එනවිට රාත්‍රී දහයට පමණ විය. එතැන් සිට ගල්තාර දැමූ පාළු පාර දිඹුල්කුඹුර දක්වා සැතපුම් දෙකක් පමණ ඇති අතර කිසිම වාහනයක් ගමන් නොකරන වෙලාවකි එය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉතා නොදියුණු ගමක් වන මගේ ගම එවකට තවලම් යුගයක පැවතිණි.

මෙම ගමට ළඟාවීමට තවත් ගම්සභා පාරවල් කීපයක්ම තිබුණත් මම යා යුත්තේ මෙම දුර්මාර්ගය ඔස්සේය. හොල්මන් තිබෙන බව විශ්වාස කරන ගැටකුලාගස පසුකර දිඹුල්කුඹුරේ සිට හුස්මැල්ල නමැති කඳුගැටය බැස බඩවැටි සහිත නත්තසූරිය ගාල් යටින් මගේ ගමට දිවා කාලයේදී වත් යාම් ඊම් කිරීම අතිශය දුෂ්කරය. හුස්මැල්ල කන්දේ කැටඹිල්ල පඳුර අසලින් අසෙකු පිට නැගී තොප්පියක් හිස පැලඳි හොල්මනක් දක්නට ලැබෙන බවට ගම්වාසීන් තුළ එකල විශ්වාසයක් පැවතිණි.

එහෙත් මම එදා රාත්‍රී එම කන්ද බැස එනවිට ඒ කිසිම අවතාරයක් දක්නට නොලැබිණි. දිවා කාලයට ගැහැනුන් තනිමග ගමන් නොකරන ස්ථාන කීපයක් ද මෙම අඩිපාරේ එන විට මුණගැසෙනු ඇත. හුස්මැල්ල කන්ද බැස පාළු ප්‍රදේශවල ඇති තවත් දිය කඳුරු දෙකක් පසුකර සැතපුම් කාලක් පමණ එනවිට මඩිත්තේ හේන නමැති ස්ථානය හමුවෙයි. කිරි බැබළෙන සඳ එළියට අඩි පාර පැහැදිලිව පෙනෙයි. එතන ඇති සොහොන් පිටිය අඩි පාරට පෙනෙන්නට තිබුණි. මීටර් පනහක් පමණ සමීපයේ කිසියම් මෘත දේහයක් මිහිදන් කර ඇති බව එතන ඉදිකර තිබුණ ආරුක්කුව සහිත කුඩා තොරණකින් සනාථ විය. එකල කුල වාදය ඉහළින්ම සැලකුණ අවදියකි. මෙම කනත්තේ මිහිදන් කරන්නේ යාබද ගමේ කුලයෙන් අඩු මිනිසුන්ය.

කවුද මේ ගමේ මැරුණ කෙනා? ඒ ගැන සිතා ගත නොහැකිව මම මාර්ගය දෙපස බැලුවේ ප්‍රශ්න කළ යුත්තෙකු නැතත් එවැනි ඉරියව්වකිනි. ගතවූයේ අසුරු සැණකි. අඩි හතරක් පමණ උසින් යුත් කළු පාට යකෙක් කැලයෙන් එළියට ආවේය. ඔහු මිනිය වළ දැමූ ස්ථානයට ගොස් එහි ඉදිකර තිබූ තොරණෙහි උඩට නැග අග්ගිස්ස කඩා දැමුවේය. ඉන්පසු බිමට බැස ඉතිරි කොටස් කඩා දමන්නට විය. මේ අතර අමුඩයක් හැඳ සිටි තවත් මහ යකෙක් සැරසිලි කඩා දැමීමට උදව්කර උන් දෙදෙනාම කැලයට යනු මම සියැසින් දුටුවෙමි. එකෙනෙහිම මම කවුද ඔය කියා ප්‍රශ්න කළත් ඔවුහු නිහඬව නොපෙනී ගියහ. මෙය දෘෂ්ටි මායාවක්ද පියවි ලෝකයේ සිදුවීමක් ද මිනිසුන් විශ්වාස කරන අද්භූත ජනක කරුණු මේවා නොවේදැයි මට අදහා ගත නොහැකි විය.

එතැන සිට මීටර් සීයක් පමණ අඩි පාරේ මම නිවසට පැමිණ මෙම සිද්ධිය ගැන දස අතේ කල්පනා කළෙමි. මෙදින රාත්‍රි ආහාර ගැනීමට මගේ මව කීප වරක්ම පැවසුව ද ඒ ගැන මට උනන්දුවක් ඇති නොවීය. මෙම සිද්ධිය සිතින් මකා දැමීමේ මානසික ශක්තියක් මා තුළ නොතිබිණ. ලියන මේසය මත තිබුණ යුද්ධය හා සාමය නැමති පොත ගෙන කියවාගෙන ගියෙමි. එහෙත් නින්ද නැත. මම යකුන්ට බය වුණාද? මගේ සිතින්ම විමසුවෙමි. පහන් වන තුරුම මෙම දෘෂ්ටි මායාව මගේ මනසින් බැහැරට තල්ලු කර දැමීමට මට නොහැකි විය.

කෙසේ හෝ එදින උදෑසනම කිසියම් පුද්ගලයෙකු අප නිවසට පැමිණ මට කතා කළේය. ඔහු මඩිත්තහේනේ පිනා බව මම හඳුනා ගතිමි. ඔහු මා දැක වරදක් කළ අයෙකු මෙන් බිරාන්තව සිටියේය. ‘‘මොකද පිනා උදෙන්ම’’ නිරාවරණය වූ උඩුකයෙහි උරහිසට තුවායක් දමාගෙන සිටි පිනා එය සකසමින් මෙසේ කීය.

නිලමෙ ඊයේ රෑ බයවුණාද කියලා බලන්ට මේ උදහැනැක්කෙම ආවෙ. මමයි මගේ කොල්ලයි දෙන්නා තමයි අර සොහොනේ තිබුණ තොරණ කඩා දැම්මේ. මේ ගැන කාටවත් කියන්නට එපා ආයුබෝවන්. ඒක අපේ ගෙදරට කෙළින්ම පේන හන්දා මහ රෑ ඇවිත් කඩා දැම්මා. නැත්නම් දරුවෝ බය වෙනවා. යැයි පිනා පවසන්ට වූයෙන් මම දෘෂ්ටි මායාවකට නොරැවටුණ බව තේරුම් ගතිමි. එහෙත් එම සිද්ධිය හෙළිදරව් කිරීමට දැන් කාලය එළඹ ඇති බව මම සිතමි.

දැනට වසර පනහකට පමණ පෙර මෙම සිද්ධියට පාදක වූ පරිසරය සිත්වල සටහන් වූ කවුරුන් හෝ සිටින්නට පිළිවන් බැවිනි. මිනිස් සිත ප්‍රභාෂ්වර කොට එය බල ගැන්වූ විට මහා පෞරුෂයකුත් ඇති බව කිසිවකු පිළිනොගනු ඇත. ඒ නිසා ගම්වාසීන් මට චේගුවේරා නමැති අන්වර්ථ නාමය යොදන්නට ඇත.

එසේම භෞතික පරිසරය හා ඒකාබද්ධ වෙමින් පංච ඉන්ද්‍රීයයන් වෙතින් ලබාදෙන ඕනෑම හොල්මන් පණිවුඩයක් මෙන්ම ආවිශ්කාර බලවේගයක් දරාගැනීමේ ශක්තිය මනස තුළ ඇති බව තහවුරු කර ගැනීමට නොහැකි විට යකුන් ප්‍රේතයින් ගැන විශ්වාස කිරීමට සමහරු පෙළඹෙති.

මෙම සිද්ධිය සත්‍ය වශයෙන්ම හොල්මනක් විනා අන් කවරක්ද මිනිසුන් මේවා විශ්වාස කරන්නේ හොල්මනක් දුටු පසුව ඒ ගැන ගැඹුරින් සලකා බැලීමට තරම් ග්‍රහණය කරගත හැකි ගවේෂණාත්මක හේතු නැති නිසා නොවේද?

[QUOTE="batmanTES, post: 28040794, member: 566200"] [B][IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_87682e2da0.jpg[/IMG] දසක පනහකට පමණ පෙර මම එක්තරා විප්ලවවාදී දේශපාලන පක්ෂයක් පිළිගෙන සිටියෙමි. සමාජ වෙනසකට පදනම් වූ එම පක්ෂයේ දර්ශනය හා ප්‍රතිපත්ති මගේ තරුණ සිත තුළ උද්දීපනය කළේ අපූරු පෞරුෂත්වයෙකි. කිසියම් සටනකදී අවසන් හුස්ම පොද වැටෙන විට පවා සිත ජව සම්පන්නව හා දිරිමත්ව තබා ගනිමින් සියල්ල විඳ දරා ගැනීමට එයින් උගන්වනු ලැබීය. මෙම දර්ශනවාදය කෙතෙක් මගේ සිත තුළ කිඳා බැස ගියේද යත් මිනිසුන් විසින් ඇතිකළ සෑම ආගමක් දහමක්ම විසින් මිනිස් සිත කොටුකර දමන බව මම විශ්වාස කළෙමි. එවැනි දර්ශන මිනිස් මනසට ඇතුළු වූ විට අබින් කෑවාට සමාන බව මට වැටහී ගියේය. මම ප්‍රිය කළ දේශපාලන දර්ශනයත් එවකට හදාරමින් සිටි චිත්ත ශක්තියෙන් රෝග සුවකරන හිප්නොටිසම් මැස්මරිසම් ශාස්ත්රයත් ඒබ්‍රහම් ටී කොවූර් වැනි හේතුවාදීගේ අනුගාමිකයෙකු බවට මම පත්වීමි. එහෙත් මගේ ගමේ වෙසෙන ජනතාව එය දැන සිටියේ නැත. ආගමට දහමට මෙන්ම සමාජයේ මිනිසුන් සිත රවටාගෙන කරන කිසිවක් මම යටි සිතින් ගරු කළේ නැත. එම නිසාදෝ ගම්වාසීන්ට මා එපා වූවා පමණක් නොව තේරුම් ගැනීමට නොහැකි විය. දැන හෝ නොදැන චේගුවේරා කාරයෙකු ලෙස ඔවුන් මා හඳුන්වා තිබිණ. ගමේ මිනිසුන් කරන තෙල් සාත්තු කිරීම් මැතිරීම් දෙහි කැපීම් බලි තොවිල් නැටීම් යකැදුරන් සහ යන්ත්‍ර මන්ත්රකරුවන් සොයා ගොස් අමාරුවේ වැටෙන ඇදහිලි සහ හොල්මන් වැනි සිද්ධීන් මට මහත් පිළිකුලක් විය. රැවටුණ ගම්වාසීන්ගේ නූගත්කම් කෙරෙහි බලවත් අනුකම්පාවක් ඇතිවිය. එකල රාත්‍රී කාලයට වන සතුන් දඩයම් කිරීම මගේ එක් විනෝදාංශයක් විය. මම දඩයමේ ගියේ තනිවමය. බෝර දොළහේ පතුරොම් ගිනි අවියක් සන්තකයේ තිබෙන විට මිනිස් සිතේ බිය දියාරු කර දමයි. එහෙත් දඩයක්කරුවන්ට මෙන්ම මට කිසිම දිනෙක හොල්මන් අවතාර හමුවී නැත. දිවාකාලයට මිනිසුන් ගමන් නොකරන තැන්වල බැටරි කෑලි තුනේ එවරෙඩි විදුලි පන්දම රාත්‍රී කාලයේ දල්වන විට යකුන් පෙරේතයෝ බියවෙති. තුවක්කුවේ පාතාලයට ඕනෑම වෙලාවක දබරැගිල්ල දමා ගැස්සූ විට මහසෝනා වුණත් කුඩුකර දැමීමට හැකි බවට මා තුළ දැඩි විශ්වාසයක් තිබිණ. මේ අතර මට එක්තරා රාත්‍රියක කනත්තක් අසල දී ලොකු යකෙකු සහ පොඩි යකෙකු මුණ ගැසීමේ සත්‍ය කතාව මෙසේ සඳහන් කරමි. ඒ ගැන නිශ්චිත දිනයක් නම් කළ නොහැකි නමුත් 1969 වසරේදී මෙම අත්දැකීමට මම මුහුණ දුන් බවට මතකයේ ඇත. එදා හොඳින් සඳඑළිය තිබුණ රාත්‍රියකි. හිඟුරක්ගොඩ සිටි මගේ සහෝදරයකුගේ නිවසේ දින කීපයක් ගතකළ මම නැවත ගමේ නිවස බලා එමින් සිටියෙමි. එහෙත් එදා මහනුවර නගරයට එන විට හොඳටම සවස් වී තිබිණි. රාගල මාර්ගයේ රිකිල්ලගස්කඩ නගරයට එනවිට රාත්‍රී දහයට පමණ විය. එතැන් සිට ගල්තාර දැමූ පාළු පාර දිඹුල්කුඹුර දක්වා සැතපුම් දෙකක් පමණ ඇති අතර කිසිම වාහනයක් ගමන් නොකරන වෙලාවකි එය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉතා නොදියුණු ගමක් වන මගේ ගම එවකට තවලම් යුගයක පැවතිණි. මෙම ගමට ළඟාවීමට තවත් ගම්සභා පාරවල් කීපයක්ම තිබුණත් මම යා යුත්තේ මෙම දුර්මාර්ගය ඔස්සේය. හොල්මන් තිබෙන බව විශ්වාස කරන ගැටකුලාගස පසුකර දිඹුල්කුඹුරේ සිට හුස්මැල්ල නමැති කඳුගැටය බැස බඩවැටි සහිත නත්තසූරිය ගාල් යටින් මගේ ගමට දිවා කාලයේදී වත් යාම් ඊම් කිරීම අතිශය දුෂ්කරය. හුස්මැල්ල කන්දේ කැටඹිල්ල පඳුර අසලින් අසෙකු පිට නැගී තොප්පියක් හිස පැලඳි හොල්මනක් දක්නට ලැබෙන බවට ගම්වාසීන් තුළ එකල විශ්වාසයක් පැවතිණි. එහෙත් මම එදා රාත්‍රී එම කන්ද බැස එනවිට ඒ කිසිම අවතාරයක් දක්නට නොලැබිණි. දිවා කාලයට ගැහැනුන් තනිමග ගමන් නොකරන ස්ථාන කීපයක් ද මෙම අඩිපාරේ එන විට මුණගැසෙනු ඇත. හුස්මැල්ල කන්ද බැස පාළු ප්‍රදේශවල ඇති තවත් දිය කඳුරු දෙකක් පසුකර සැතපුම් කාලක් පමණ එනවිට මඩිත්තේ හේන නමැති ස්ථානය හමුවෙයි. කිරි බැබළෙන සඳ එළියට අඩි පාර පැහැදිලිව පෙනෙයි. එතන ඇති සොහොන් පිටිය අඩි පාරට පෙනෙන්නට තිබුණි. මීටර් පනහක් පමණ සමීපයේ කිසියම් මෘත දේහයක් මිහිදන් කර ඇති බව එතන ඉදිකර තිබුණ ආරුක්කුව සහිත කුඩා තොරණකින් සනාථ විය. එකල කුල වාදය ඉහළින්ම සැලකුණ අවදියකි. මෙම කනත්තේ මිහිදන් කරන්නේ යාබද ගමේ කුලයෙන් අඩු මිනිසුන්ය. කවුද මේ ගමේ මැරුණ කෙනා? ඒ ගැන සිතා ගත නොහැකිව මම මාර්ගය දෙපස බැලුවේ ප්‍රශ්න කළ යුත්තෙකු නැතත් එවැනි ඉරියව්වකිනි. ගතවූයේ අසුරු සැණකි. අඩි හතරක් පමණ උසින් යුත් කළු පාට යකෙක් කැලයෙන් එළියට ආවේය. ඔහු මිනිය වළ දැමූ ස්ථානයට ගොස් එහි ඉදිකර තිබූ තොරණෙහි උඩට නැග අග්ගිස්ස කඩා දැමුවේය. ඉන්පසු බිමට බැස ඉතිරි කොටස් කඩා දමන්නට විය. මේ අතර අමුඩයක් හැඳ සිටි තවත් මහ යකෙක් සැරසිලි කඩා දැමීමට උදව්කර උන් දෙදෙනාම කැලයට යනු මම සියැසින් දුටුවෙමි. එකෙනෙහිම මම කවුද ඔය කියා ප්‍රශ්න කළත් ඔවුහු නිහඬව නොපෙනී ගියහ. මෙය දෘෂ්ටි මායාවක්ද පියවි ලෝකයේ සිදුවීමක් ද මිනිසුන් විශ්වාස කරන අද්භූත ජනක කරුණු මේවා නොවේදැයි මට අදහා ගත නොහැකි විය. එතැන සිට මීටර් සීයක් පමණ අඩි පාරේ මම නිවසට පැමිණ මෙම සිද්ධිය ගැන දස අතේ කල්පනා කළෙමි. මෙදින රාත්‍රි ආහාර ගැනීමට මගේ මව කීප වරක්ම පැවසුව ද ඒ ගැන මට උනන්දුවක් ඇති නොවීය. මෙම සිද්ධිය සිතින් මකා දැමීමේ මානසික ශක්තියක් මා තුළ නොතිබිණ. ලියන මේසය මත තිබුණ යුද්ධය හා සාමය නැමති පොත ගෙන කියවාගෙන ගියෙමි. එහෙත් නින්ද නැත. මම යකුන්ට බය වුණාද? මගේ සිතින්ම විමසුවෙමි. පහන් වන තුරුම මෙම දෘෂ්ටි මායාව මගේ මනසින් බැහැරට තල්ලු කර දැමීමට මට නොහැකි විය. කෙසේ හෝ එදින උදෑසනම කිසියම් පුද්ගලයෙකු අප නිවසට පැමිණ මට කතා කළේය. ඔහු මඩිත්තහේනේ පිනා බව මම හඳුනා ගතිමි. ඔහු මා දැක වරදක් කළ අයෙකු මෙන් බිරාන්තව සිටියේය. ‘‘මොකද පිනා උදෙන්ම’’ නිරාවරණය වූ උඩුකයෙහි උරහිසට තුවායක් දමාගෙන සිටි පිනා එය සකසමින් මෙසේ කීය. නිලමෙ ඊයේ රෑ බයවුණාද කියලා බලන්ට මේ උදහැනැක්කෙම ආවෙ. මමයි මගේ කොල්ලයි දෙන්නා තමයි අර සොහොනේ තිබුණ තොරණ කඩා දැම්මේ. මේ ගැන කාටවත් කියන්නට එපා ආයුබෝවන්. ඒක අපේ ගෙදරට කෙළින්ම පේන හන්දා මහ රෑ ඇවිත් කඩා දැම්මා. නැත්නම් දරුවෝ බය වෙනවා. යැයි පිනා පවසන්ට වූයෙන් මම දෘෂ්ටි මායාවකට නොරැවටුණ බව තේරුම් ගතිමි. එහෙත් එම සිද්ධිය හෙළිදරව් කිරීමට දැන් කාලය එළඹ ඇති බව මම සිතමි. දැනට වසර පනහකට පමණ පෙර මෙම සිද්ධියට පාදක වූ පරිසරය සිත්වල සටහන් වූ කවුරුන් හෝ සිටින්නට පිළිවන් බැවිනි. මිනිස් සිත ප්‍රභාෂ්වර කොට එය බල ගැන්වූ විට මහා පෞරුෂයකුත් ඇති බව කිසිවකු පිළිනොගනු ඇත. ඒ නිසා ගම්වාසීන් මට චේගුවේරා නමැති අන්වර්ථ නාමය යොදන්නට ඇත. එසේම භෞතික පරිසරය හා ඒකාබද්ධ වෙමින් පංච ඉන්ද්‍රීයයන් වෙතින් ලබාදෙන ඕනෑම හොල්මන් පණිවුඩයක් මෙන්ම ආවිශ්කාර බලවේගයක් දරාගැනීමේ ශක්තිය මනස තුළ ඇති බව තහවුරු කර ගැනීමට නොහැකි විට යකුන් ප්‍රේතයින් ගැන විශ්වාස කිරීමට සමහරු පෙළඹෙති. මෙම සිද්ධිය සත්‍ය වශයෙන්ම හොල්මනක් විනා අන් කවරක්ද මිනිසුන් මේවා විශ්වාස කරන්නේ හොල්මනක් දුටු පසුව ඒ ගැන ගැඹුරින් සලකා බැලීමට තරම් ග්‍රහණය කරගත හැකි ගවේෂණාත්මක හේතු නැති නිසා නොවේද? [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom