Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහසෝනාගේ කතාව......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජයසේන කියන්නේ හොඳ උස මහත හයේ හතරේ ගජ ඉලන්දාරියාය. ඇඟ සුදු පාටය. ඕනෑම ගැහැනියක ඔහු දිහා බලන්නට තරම් කඩවසම්ය. හැබැයි ඊට වැඩියි. මිනිහගෙ බැල්ම. වැඩිපුරම අනුන්ගේ ගෑනුන්ටය. මොහු සූදු කෙළින යාළුවොත් එක්ක රෑ පානෙ පාන්දර පිනිපොල්ලෙ කොතෙකුත් ගමන් ගියේය. මේ වගේ අයට ගමේ ගොඩේ කියන්නෙ ‘මදාවියා’ කියලාය. ජයසේනටත් එක එක විදියෙ නම් තිබිණ. රිටිගල ජයසේන, ජය සොහොනා, අන්තිමට ‘මහසෝනා’ ය. දැන්නම් මේ කව්ද මොනවද කරන්නේ කියලා ඔබ දන්නවා ඇති. ඔව් මිනිහගේ කතාව තමයි මේ කියන්නෙ.

‘පාට සුදයි ගත ඒ මහ සොහොනා රෑට දිලෙයි කැඩපත සේ මුහුණා’

ශාන්තිකර්ම කවිවලදී මෙසේ කියවෙන මහ සෝනාගේ උපත් කතා කිහිපයක් ඇතත් වඩා ප්‍රචලිත වී ඇත්තේ දෙකක්ය. ඉන් එකක් දේව සමාජය සම්බන්ධය. මේ කතාවේදී දිව්‍යාංගනාවක් (ඒත් ගැහැනියක්නේ) නිසා අළු දූලි වන බ්රහ්මසුරයාගේ සොහොන් අළු ගොඩෙන් මහසෝනා උපත ලබයි.

අනෙක් කතාව අනුරාධපුර යුගයේ ගෝඨයිම්බර කාලය හා සම්බන්ධය. ලංකාවේ පැරණි සමාජසිද්ධීන් හෙළිදරව්වන නිසාම මේ උපත් කතාව ළෙන්ගතු විශ්වසනීයත්වයට පත්ව පැලපදියම්වී ඇත. ගෑනු පලහිලව්වක් නිසා ජයසේන නොහොත් ජයසෝනා නොහොත් මහසෝනාගේ බෙල්ල ගහලා යන්නේ මේ කතාවේදීය.

මුලින් කීවාක් මෙන් ජයසේන සල්ලාල-මදාවිගණයේ කෙළි කාරයෙකු වුවත් මේ කතාවට සම්බන්ධ ගෝඨයිම්බර - කළු, කැත කොට ගෝඩිවැඩකාරයෙක්ය. මෝඩපහේ අවංකයකු වුවත් බඹා කෙටූ නියාමයට අනුව ගෝඨයිම්බරගේ බිරිඳ හොඳ හැඩකාර ජයසේන වැනියවුන්ගේ නහර කලබලයට පත්කරන විදියේ ගැහැනියක වූවාය. පුළුන් සහ ගින්දර තිබුණේ ඉතා ළඟය. පනින රිළවා අසලම ඉණිමඟක් තිබුණේය. කොහොමින් කොහොමින් හෝ ජය සොහොනා ගෝඨයිම්බරගේ බිරිඳට දිස්ටි දැම්මේය. මේ ගැහැනිය ද ජය සොහොනාට මායම් වූවාය. ගමේ ගොඩේ කයි කතන්දර අද මෙන් එදත් තිබෙන්නට ඇත. ජය සොහොනාත් ගෝඨයිම්බර බිරිඳත් අතර වූ මේ දිෂ්ටි පලහිලව්ව ගෝඨයිම්බරගේත් කනට වැටුණේය. සාමාන්‍ය බැවහර වචනයෙන් කියනවා නම් ගෝඨයිම්බරට අසූහාරදාහට නැග්ගේය. අද තරුණයන්ගේ බසින් නම් ගෝඨයිම්බරට මල පැන්නේය.

ගෝඨයිම්බරගේ අවංක මෝඩපහේ වැඩකාර ගතිය නිසා කෙළින්ම ජය සොහොනා හමු විය. අභියෝගයේ හරුපය මෙවැනි විය. උඹ කෙළිකාරයෙක් නම් ගෑනුන්ගේ ඇඟේ එල්ලිලා දිෂ්ටි දාන්නේ නැතුව වරෙන් මාත් එක්ක ඕනෑ කෙළියකට.

මදාවිකාර මහසෝනාට ටිකක් එක විධියකට හිත ගැස්සුණත් අභියෝගය භාරගත යුතු විය. හරි ද්වන්ධ සටනට දෙදෙනා පමණක් කරන මරු පොරයකට දිනය වේලාව තැන නියම කළේ ජය සොහොනාය. සෙනසුරාදා පාන්දර ජාමයේ සොහොන් පිටියේදී හටන කළයුතුය. අවංක මෝඩපහේ ගෝඨයිම්බර එක පාරටම එකඟ වී හොඳ හූවකුත් තියාගෙන යන්නට ගියේය.

ජය සොහොනා, දිනය, තැන, වෙලාව නියම කළේ ඔහුගේ වාසිය බලාගෙන කයිරාටික අන්දමින්ය. සූදු ඇන්තුවකු සේ ප්‍රකට හෙනහුරා මදාවිකාර මහසෝනාගේ හොඳම ගජයෙක්ය. එබැවින් සෙනසුරාගේ දිනය තෝරාගත්තේ තම හිතවතාගේ ආධාර අනුග්‍රහ බලාපොරොත්තුවෙන්ය. එසේම ජයසෝනාගේ හොඳම ජවසම්පන්න ජයවේලාව පාන්දර ජාමයවේ. මේ වේලාවට ගෝඨයිම්බර වැනියවුන් හොඳටම නිදාසිටින වේලාවය.

ජය සොහොනාගේ නමින් කියවෙන්නාක් මෙන්ම සොහොන් පිටිය මහසෝනාගේ ජය භූමියය. හිතවතුන්ගේ ආධාර ඇත්නම් තමන්ගේ ගෙදර වත් ද ජය භූමියේදී හොඳම ජව සම්පන්න වේලාවේදී ගෝඨයිම්බර වැනි නොසංඩාලයකු පැරැද්දීම මොන කජ්ජක්ද? මේ කට්ට සිතුවිල්ලෙන් පිරීගත් ජය සොහොනා මේ ගැන සෙනසුරාට පමණක් කියා හීන්නූලෙන් සටනට සූදානම් විය.

ගෝඨයිම්බර එතරම් ගණනකට ගත්තේ නැත. ඔහු ගමේ ගොඩේ හක්කලන් කරමින් වෙනදා මෙන් ඔහේ කල් ඇරියේය. හැබැයි සටන නියමිත දිනය, වේලාව, තැන හොඳට සිහියේ තබා ගත්තේ හරියට ටක්කෙටම වැඩේට බහින්නටය. දිනය හොඳමට ළංවිය. සෙනසුරාදා හෙටය. පාන්දර පිනිපොල්ලේම සටනට යා යුතුය. ගෝඨයිම්බර හැන්දෑවේම රා පොළට ගියේය. ජය සොහොනා මතක් කර කර හොඳටම බීවේය. රා කළගෙඩි කීපයක්ම හිස් කළ ගෝඨයිම්බර ගෙදර ගොස් නිදාගත්තේය.

ජය සොහොනා කල් තබාම අරඇඳගෙන සටනට සූදානම් විය. රෑ මහජාමේ සිටම සොහොන් පිටිය අරක්ගෙන සිටියේ තම මිත්‍ර හෙනහුරා ද බලාපොරොත්තුවෙන්ය. කලින් කීවාක් මෙන් හෙනහුරා සූදු අන්තුවෙත්මය. තම අම්මාගේ මළ ගෙදර වුණත් මිනිය ගෙනියන්නේ මෙතැනින් යයි කියමින් සූදුවේ යෙදීම සුදු අන්තුවාගේ චාරයලු. එහෙව් සුදු අන්තුවෙකු වෙලාවට එයි ද?

දැන් දැන් පාන්දර ජාමයක් පහුවෙන තරම්ය. හටන කරන්නට ගෝඨයිම්බරත් නැත. මිත්‍ර හෙනහුරාත් නැත. ජය සොහොනා සොහොන් පිටියෙන් නික්ම දෙදෙනා බලාගෙන පාරට බැස මඟට ආවේය. පාන්දර ජාමයත් ඉක්මී වෛතාල වෙලාව ආවේය. වෛතාල වෙලාව යනු කොස් ගහේ කොස් කොළ වල නැටි පෙනෙන නොපෙනෙන අලුයම් වේලාවය.

දැන් ජය සොහොනා සිටින්නේ ඔහුගේ ජය භූමිය වූ සොහොන් බිමෙන් පිටතට ඇවිත්ය. ජය හා ජව වේලාව ද ඉකත් වෙමින් ඇත. තම මිතුරු සෙනසුරාගේ බලය රැඳී ඇති සෙනසුරාදා පාන්දර ජාමය අවසන් මොහොතේය. මේ අතර ගෝඨයිම්බරට සිදු වූයේ ජංජාලයකි. කලින්දා හැන්දෑවේ ටිකක් වැඩියෙන් නොවේ හොඳටෝම රා බිව් නිසා ගොරව ගොරාවා නින්ද ගියේය. පාන්දර යාමය පහුවෙනවාත් සමගම ගෝඨයිම්බරට ඇහැරුණේය. හුටා දැන් මහසෝනා සමග සටනට යා යුතුය. ඇඳෙන් බිමට පැන්නේය. පොරොවාගෙන සිටි කම්බිලි රෙද්ද එසේ තිබියදීම එය අතින් කරට දම දමා සොහොන් පිටිය කරා දුවගෙන පැනගෙන ආවේ කිව්වොත් කිව්ව වෙලාවට කිව්ව තැනට යා යුතු නිසාය.

තවම එළියට වැටී නැත. කොස්කොළ නැටි පෙනෙන නොපෙෙනන වෙලාවය. මෙන්න බොල මහසෝනා ඉස්සරහටම ඇවිත්. ගෝඨයිම්බරට මේ පාර නහුතෙටම නැග්ගේය. ඇහිල්ලක් බැලිල්ලක් වග විභාගයක් මොකුත් නැත. පැන්න ගමන් මහසෝනාට පයින් ගැසුවේය. හොඳ පොල් අඩි පාරක් වූ එයින් වැඳුණේ වම් පයේ සුළැඟිල්ල පමණි. මිටි කොට ගෝඨයිම්බරගේ මරු පිම්ම අටඉස්බක් විය.

පොල් අඩියක් වුවත් පාර මරුය. මහසෝනාගේ බෙල්ල කැඩී ඔළුගෙඩිය විසිවී ගොස් ‘දඩීං’ ගා උසන්ගොඩ විලට වැටුණේය. මහසෝනාගේ (ක්වන්ධ රූපය) ඔළුගෙඩිය නැති මළකඳ එතැනමය. ගෝඨයිම්බර ගිරිය යටින් මරු හූ තුනක් කියා මහසෝනා මැරූ විකල්ලෙන්ම යන්නට ගියේය.

හෙනහුරාට මහසොහොන් සටන මතක් වූයේ ගොඨයිම්බරගේ මරු හූ සද්දෙටය. එළිය වැටී නැති නිසා හෙනහුරාගේ බලය තවමත් තිබේ. කොයික වෙතත් කියා හෙනහුරාද සොහොන් පිටිය වෙත දුවගෙන දුවගෙන ආවේය. මදෑ කොළා. සොහොන් පිටියට මෙපිටින් සියල්ල සිදුවී හමාරය. තවත් චුට්ටක ඉඩක් ඇත. මහසෝනාගේ ඔළුව හොයාගත්තොත් කඳට තබා සවිකර පණදිය හැකිය. හැබැයි එළිය වැටෙන්නට පෙරාතුවය.

දැන් එළිය වැටෙන්න ඔන්න මෙන්නය. වෛතාලයත් පහුවෙන්නයි යන්නේ. හෙනහුරා වටපිට සෙව්වේය. අවට කැලය පීරා බැලුවේය. මොන ඔළුවක්ද? මොකක් හෝ ඔළුවක් තිබුණහොත් මහසෝනාට පණදිය හැකිය. මොන දේ කරන්නත් තව සුළු මොහොතක්ය. ඒත් ඔළුවක් නෑ.

මේ ගිනි විජ්ජුම්බරය අස්සේ මෙන්න බොල කැලය අස්සෙන් වලස් තඩියෙක්. වැඩේ හරි. හෙනහුරා පැන්න ගමන් වලහාගේ බෙල්ල කඩා ඔළුගෙඩිය ගෙන මහ සෝනාගේ ක්වන්ධ රූපයට තබා හයිකළේය. හරියට හරි යාළුවා. මංවෙලාවට ඇවිත් අන්තිම තත්පරේදී හරි උඹට පිහිට වුණා. දැන් නැගිටපං ඔන්න පණ පිම්බා.

මහසෝනා නිදා පිබිදියාසේ නැගිට සිටියේය. මළසේක ජංජාලයේ නොව කරුමයේ මහත. හෙනහුරාගේ කලබල යට වලස් ඔළුගෙඩිය සවිකර ඇත්තේ නොපිටටය. දැන් මොකුත් කරන්නට බැරිය. වේලාවල් හෝරා ඔක්කොම පහුවෙලාය. එනිසා වලස් හිසක් සහිත මහසෝනා අදත් ඒ ආකාරයෙන්ම සිටී.

තල්ල දික්කර අයා මහ කට ගිරිලෙනක් මෙන් බලයුතා

සෙල්ල යක් සුරතින් දරා වම් අතින් අල්ලයි බල ඇතා

සල්ව සල්වා රීරි බීමට දෙමංතුංමංසල යතා

ඉල්ල ඉල්ලා එය කෙළි පුද සිද්ධ මහසොන් දේවතා

පාතරට දහඅට සන්නි හා අනිකුත් යකුත් තොවිල් වලදී සැන්දෑ සමයමේ කළු - රීරී- කොට - අබිමාන යන යකුන් පුදා මහ සමයමේ පුදකෙළි පුදවාලත්තම් කැපකරන වමතින් හෙල්ලයක් දරා දකුණතින් ඇතකු අල්ලාගෙන මහා බලපරාක්රමයෙන් සිටිනා මහසෝන් නැටුමේදී දෙපිට විලක්කුව හරවාගෙන රංගණයේ යෙදෙන්නේ ඉහතකී උප්පත්ති පැටිකිරියට අනුවය.

සටහන - ආචාර්ය ජිනදාස වීරකෝන්

[QUOTE="saturn, post: 25594381, member: 529032"] [SIZE=5]ජයසේන කියන්නේ හොඳ උස මහත හයේ හතරේ ගජ ඉලන්දාරියාය. ඇඟ සුදු පාටය. ඕනෑම ගැහැනියක ඔහු දිහා බලන්නට තරම් කඩවසම්ය. හැබැයි ඊට වැඩියි. මිනිහගෙ බැල්ම. වැඩිපුරම අනුන්ගේ ගෑනුන්ටය. මොහු සූදු කෙළින යාළුවොත් එක්ක රෑ පානෙ පාන්දර පිනිපොල්ලෙ කොතෙකුත් ගමන් ගියේය. මේ වගේ අයට ගමේ ගොඩේ කියන්නෙ ‘මදාවියා’ කියලාය. ජයසේනටත් එක එක විදියෙ නම් තිබිණ. රිටිගල ජයසේන, ජය සොහොනා, අන්තිමට ‘මහසෝනා’ ය. දැන්නම් මේ කව්ද මොනවද කරන්නේ කියලා ඔබ දන්නවා ඇති. ඔව් මිනිහගේ කතාව තමයි මේ කියන්නෙ. ‘පාට සුදයි ගත ඒ මහ සොහොනා රෑට දිලෙයි කැඩපත සේ මුහුණා’ ශාන්තිකර්ම කවිවලදී මෙසේ කියවෙන මහ සෝනාගේ උපත් කතා කිහිපයක් ඇතත් වඩා ප්‍රචලිත වී ඇත්තේ දෙකක්ය. ඉන් එකක් දේව සමාජය සම්බන්ධය. මේ කතාවේදී දිව්‍යාංගනාවක් (ඒත් ගැහැනියක්නේ) නිසා අළු දූලි වන බ්රහ්මසුරයාගේ සොහොන් අළු ගොඩෙන් මහසෝනා උපත ලබයි. අනෙක් කතාව අනුරාධපුර යුගයේ ගෝඨයිම්බර කාලය හා සම්බන්ධය. ලංකාවේ පැරණි සමාජසිද්ධීන් හෙළිදරව්වන නිසාම මේ උපත් කතාව ළෙන්ගතු විශ්වසනීයත්වයට පත්ව පැලපදියම්වී ඇත. ගෑනු පලහිලව්වක් නිසා ජයසේන නොහොත් ජයසෝනා නොහොත් මහසෝනාගේ බෙල්ල ගහලා යන්නේ මේ කතාවේදීය. මුලින් කීවාක් මෙන් ජයසේන සල්ලාල-මදාවිගණයේ කෙළි කාරයෙකු වුවත් මේ කතාවට සම්බන්ධ ගෝඨයිම්බර - කළු, කැත කොට ගෝඩිවැඩකාරයෙක්ය. මෝඩපහේ අවංකයකු වුවත් බඹා කෙටූ නියාමයට අනුව ගෝඨයිම්බරගේ බිරිඳ හොඳ හැඩකාර ජයසේන වැනියවුන්ගේ නහර කලබලයට පත්කරන විදියේ ගැහැනියක වූවාය. පුළුන් සහ ගින්දර තිබුණේ ඉතා ළඟය. පනින රිළවා අසලම ඉණිමඟක් තිබුණේය. කොහොමින් කොහොමින් හෝ ජය සොහොනා ගෝඨයිම්බරගේ බිරිඳට දිස්ටි දැම්මේය. මේ ගැහැනිය ද ජය සොහොනාට මායම් වූවාය. ගමේ ගොඩේ කයි කතන්දර අද මෙන් එදත් තිබෙන්නට ඇත. ජය සොහොනාත් ගෝඨයිම්බර[/SIZE] [SIZE=5]බිරිඳත් අතර වූ මේ දිෂ්ටි පලහිලව්ව ගෝඨයිම්බරගේත් කනට වැටුණේය. සාමාන්‍ය බැවහර වචනයෙන් කියනවා නම් ගෝඨයිම්බරට අසූහාරදාහට නැග්ගේය. අද තරුණයන්ගේ බසින් නම් ගෝඨයිම්බරට මල පැන්නේය. ගෝඨයිම්බරගේ අවංක මෝඩපහේ වැඩකාර ගතිය නිසා කෙළින්ම ජය සොහොනා හමු විය. අභියෝගයේ හරුපය මෙවැනි විය. උඹ කෙළිකාරයෙක් නම් ගෑනුන්ගේ ඇඟේ එල්ලිලා දිෂ්ටි දාන්නේ නැතුව වරෙන් මාත් එක්ක ඕනෑ කෙළියකට. මදාවිකාර මහසෝනාට ටිකක් එක විධියකට හිත ගැස්සුණත් අභියෝගය භාරගත යුතු විය. හරි ද්වන්ධ සටනට දෙදෙනා පමණක් කරන මරු පොරයකට දිනය වේලාව තැන නියම කළේ ජය සොහොනාය. සෙනසුරාදා පාන්දර ජාමයේ සොහොන් පිටියේදී හටන කළයුතුය. අවංක මෝඩපහේ ගෝඨයිම්බර එක පාරටම එකඟ වී හොඳ හූවකුත් තියාගෙන යන්නට ගියේය. ජය සොහොනා, දිනය, තැන, වෙලාව නියම කළේ ඔහුගේ වාසිය බලාගෙන කයිරාටික අන්දමින්ය. සූදු ඇන්තුවකු සේ ප්‍රකට හෙනහුරා මදාවිකාර මහසෝනාගේ හොඳම ගජයෙක්ය. එබැවින් සෙනසුරාගේ දිනය තෝරාගත්තේ තම හිතවතාගේ ආධාර අනුග්‍රහ බලාපොරොත්තුවෙන්ය. එසේම ජයසෝනාගේ හොඳම ජවසම්පන්න ජයවේලාව පාන්දර ජාමයවේ. මේ වේලාවට ගෝඨයිම්බර වැනියවුන් හොඳටම නිදාසිටින වේලාවය. ජය සොහොනාගේ නමින් කියවෙන්නාක් මෙන්ම සොහොන් පිටිය මහසෝනාගේ ජය භූමියය. හිතවතුන්ගේ ආධාර ඇත්නම් තමන්ගේ ගෙදර වත් ද ජය භූමියේදී හොඳම ජව සම්පන්න වේලාවේදී ගෝඨයිම්බර වැනි නොසංඩාලයකු පැරැද්දීම මොන කජ්ජක්ද? මේ කට්ට සිතුවිල්ලෙන් පිරීගත් ජය සොහොනා මේ ගැන සෙනසුරාට පමණක් කියා හීන්නූලෙන් සටනට සූදානම් විය. ගෝඨයිම්බර එතරම් ගණනකට ගත්තේ නැත. ඔහු ගමේ ගොඩේ හක්කලන් කරමින් වෙනදා මෙන් ඔහේ කල් ඇරියේය. හැබැයි සටන නියමිත දිනය, වේලාව, තැන හොඳට සිහියේ තබා ගත්තේ හරියට ටක්කෙටම වැඩේට බහින්නටය. දිනය හොඳමට ළංවිය. සෙනසුරාදා හෙටය. පාන්දර පිනිපොල්ලේම සටනට යා යුතුය. ගෝඨයිම්බර හැන්දෑවේම රා පොළට ගියේය. ජය සොහොනා මතක් කර කර හොඳටම බීවේය. රා කළගෙඩි කීපයක්ම හිස් කළ ගෝඨයිම්බර ගෙදර ගොස් නිදාගත්තේය. ජය සොහොනා කල් තබාම අරඇඳගෙන සටනට සූදානම් විය. රෑ මහජාමේ සිටම සොහොන් පිටිය අරක්ගෙන සිටියේ තම මිත්‍ර හෙනහුරා ද බලාපොරොත්තුවෙන්ය. කලින් කීවාක් මෙන් හෙනහුරා සූදු අන්තුවෙත්මය. තම අම්මාගේ මළ ගෙදර වුණත් මිනිය ගෙනියන්නේ මෙතැනින් යයි කියමින් සූදුවේ යෙදීම සුදු අන්තුවාගේ චාරයලු. එහෙව් සුදු අන්තුවෙකු වෙලාවට එයි ද? දැන් දැන් පාන්දර ජාමයක් පහුවෙන තරම්ය. හටන කරන්නට ගෝඨයිම්බරත් නැත. මිත්‍ර හෙනහුරාත් නැත. ජය සොහොනා සොහොන් පිටියෙන් නික්ම දෙදෙනා බලාගෙන පාරට බැස මඟට ආවේය. පාන්දර ජාමයත් ඉක්මී වෛතාල වෙලාව ආවේය. වෛතාල වෙලාව යනු කොස් ගහේ කොස් කොළ වල නැටි පෙනෙන නොපෙනෙන අලුයම් වේලාවය. දැන් ජය සොහොනා සිටින්නේ ඔහුගේ ජය භූමිය වූ සොහොන් බිමෙන් පිටතට ඇවිත්ය. ජය හා ජව වේලාව ද ඉකත් වෙමින් ඇත. තම මිතුරු සෙනසුරාගේ බලය රැඳී ඇති සෙනසුරාදා පාන්දර ජාමය අවසන් මොහොතේය. මේ අතර ගෝඨයිම්බරට සිදු වූයේ ජංජාලයකි. කලින්දා හැන්දෑවේ ටිකක් වැඩියෙන් නොවේ හොඳටෝම රා බිව් නිසා ගොරව ගොරාවා නින්ද ගියේය. පාන්දර යාමය පහුවෙනවාත් සමගම ගෝඨයිම්බරට ඇහැරුණේය. හුටා දැන් මහසෝනා සමග සටනට යා යුතුය. ඇඳෙන් බිමට පැන්නේය. පොරොවාගෙන සිටි කම්බිලි රෙද්ද එසේ තිබියදීම එය අතින් කරට දම දමා සොහොන් පිටිය කරා දුවගෙන පැනගෙන ආවේ කිව්වොත් කිව්ව වෙලාවට කිව්ව තැනට යා යුතු නිසාය. තවම එළියට වැටී නැත. කොස්කොළ නැටි පෙනෙන නොපෙෙනන වෙලාවය. මෙන්න බොල මහසෝනා ඉස්සරහටම ඇවිත්. ගෝඨයිම්බරට මේ පාර නහුතෙටම නැග්ගේය. ඇහිල්ලක් බැලිල්ලක් වග විභාගයක් මොකුත් නැත. පැන්න ගමන් මහසෝනාට පයින් ගැසුවේය. හොඳ පොල් අඩි පාරක් වූ එයින් වැඳුණේ වම් පයේ සුළැඟිල්ල පමණි. මිටි කොට ගෝඨයිම්බරගේ මරු පිම්ම අටඉස්බක් විය. පොල් අඩියක් වුවත් පාර මරුය. මහසෝනාගේ බෙල්ල කැඩී ඔළුගෙඩිය විසිවී ගොස් ‘දඩීං’ ගා උසන්ගොඩ විලට වැටුණේය. මහසෝනාගේ (ක්වන්ධ රූපය) ඔළුගෙඩිය නැති මළකඳ එතැනමය. ගෝඨයිම්බර ගිරිය යටින් මරු හූ තුනක් කියා මහසෝනා මැරූ විකල්ලෙන්ම යන්නට ගියේය. හෙනහුරාට මහසොහොන් සටන මතක් වූයේ ගොඨයිම්බරගේ මරු හූ සද්දෙටය. එළිය වැටී නැති නිසා හෙනහුරාගේ බලය තවමත් තිබේ. කොයික වෙතත් කියා හෙනහුරාද සොහොන් පිටිය වෙත දුවගෙන දුවගෙන ආවේය. මදෑ කොළා. සොහොන් පිටියට මෙපිටින් සියල්ල සිදුවී හමාරය. තවත් චුට්ටක ඉඩක් ඇත. මහසෝනාගේ ඔළුව හොයාගත්තොත් කඳට තබා සවිකර පණදිය හැකිය. හැබැයි එළිය වැටෙන්නට පෙරාතුවය. දැන් එළිය වැටෙන්න ඔන්න මෙන්නය. වෛතාලයත් පහුවෙන්නයි යන්නේ. හෙනහුරා වටපිට සෙව්වේය. අවට කැලය පීරා බැලුවේය. මොන ඔළුවක්ද? මොකක් හෝ ඔළුවක් තිබුණහොත් මහසෝනාට පණදිය හැකිය. මොන දේ කරන්නත් තව සුළු මොහොතක්ය. ඒත් ඔළුවක් නෑ. මේ ගිනි විජ්ජුම්බරය අස්සේ මෙන්න බොල කැලය අස්සෙන් වලස් තඩියෙක්. වැඩේ හරි. හෙනහුරා පැන්න ගමන් වලහාගේ බෙල්ල කඩා ඔළුගෙඩිය ගෙන මහ සෝනාගේ ක්වන්ධ රූපයට තබා හයිකළේය. හරියට හරි යාළුවා. මංවෙලාවට ඇවිත් අන්තිම තත්පරේදී හරි උඹට පිහිට වුණා. දැන් නැගිටපං ඔන්න පණ පිම්බා. මහසෝනා නිදා පිබිදියාසේ නැගිට සිටියේය. මළසේක ජංජාලයේ නොව කරුමයේ මහත. හෙනහුරාගේ කලබල යට වලස් ඔළුගෙඩිය සවිකර ඇත්තේ නොපිටටය. දැන් මොකුත් කරන්නට බැරිය. වේලාවල් හෝරා ඔක්කොම පහුවෙලාය. එනිසා වලස් හිසක් සහිත මහසෝනා අදත් ඒ ආකාරයෙන්ම සිටී. තල්ල දික්කර අයා මහ කට ගිරිලෙනක් මෙන් බලයුතා සෙල්ල යක් සුරතින් දරා වම් අතින් අල්ලයි බල ඇතා සල්ව සල්වා රීරි බීමට දෙමංතුංමංසල යතා ඉල්ල ඉල්ලා එය කෙළි පුද සිද්ධ මහසොන් දේවතා පාතරට දහඅට සන්නි හා අනිකුත් යකුත් තොවිල් වලදී සැන්දෑ සමයමේ කළු - රීරී- කොට - අබිමාන යන යකුන් පුදා මහ සමයමේ පුදකෙළි පුදවාලත්තම් කැපකරන වමතින් හෙල්ලයක් දරා දකුණතින් ඇතකු අල්ලාගෙන මහා බලපරාක්රමයෙන් සිටිනා මහසෝන් නැටුමේදී දෙපිට විලක්කුව හරවාගෙන රංගණයේ යෙදෙන්නේ ඉහතකී උප්පත්ති පැටිකිරියට අනුවය.[/SIZE] සටහන - ආචාර්ය ජිනදාස වීරකෝන් [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom