Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහාචාර්යවරයකුගේ මතකයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහාචාර්යවරයකුගේ මතකයක්

ටිකකින් නැගිටලා ගේ ඇතුළට යන ආච්චි අම්මා, ණයට බඩු ගන්න කඩේ මුදලාලිට ලියුමක් ලියලා "ඉඳා" කියලා සැර මූණෙන් මට දෙනවා. මං ඒ ලියුමයි ණයට බඩුගන්න පොතයි පොත් ලැයිස්තුවයි අරගෙන මාර්කට් වීදියේ තියෙන 'ඒකනායක සහ සමාගම' කියල දුඹුරු පාට බෝඞ් එකක් තියෙන කඩේ පරිප්පු, සීනි, ලූනු, පුන්නක්කු ගෝනි පහුකරගෙන ගිහිං ඇතුළේ සුදු ජාතික ඇඳුම ඇඳල කන්නාඩි දාල වාඩි වෙලා ඉන්න සුදු මුදලාලිගේ අතට කතාවක් නැතුව අර ඔක්කොම දෙනවා. එයත් කතාවක් නැතුව මා දිහාවත් නොබලා බඩු කිරන කෙනාට පොත් ලැයිස්තුව විතරක් දෙනවා. එයත් කතාවක් නැතුවම පොත් ලැයිස්තුව දිහා බල බල පරණ දුම් වැදිච්චි අල්මාරි ඇර ඇර පොත් ගන්නවා. සමහර ඒවා අඩු වුණාම "අරක නෑ, මේක දාන්නද?" කියලා බුලත් විට කටේ හිර කරගෙනම අහනවා. මං ඔළුව උඩට පහළට හොලෝනවා මිසක් කතා කරන්නෙ නෑ. අන්තිමට එයා දාපු ලැයිස්තුව කියවනවා. මුදලාලි ණයට ගන්න පොතේ ඔක්කොම ලියනවා.

මං පොත් ටිකයි ණයට ගත්ත බඩු ලියන පරණ පොඩි පොතයි අරං ආපහු ගෙදර එනවා. ඔය විදියට අවුරුදු 12 ක් ම ණයට පොත් අරං ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාලෙ ගියාම නං පොත් ගන්න ඕන නෑ. පුස්තකාල තියෙනවා නෙ. ඒත් ලියන කඩදාසි ගන්න ඕන. බැංකුවෙන් මාස් පතා ණයට දුන්නු සල්ලි කඩදාසි ගන්න ඇති. දැං ආපහු හිතල බැලූවම ණයට ගත්තු ඒ පොත් ටිකයි කඩදාසියි ඇරුණම ඉතුරු ඔක්කොම මට නිකං ලැබිල තියෙන්නෙ. නිකං ඉගෙන ගෙන තියෙන්නෙ. මට ඒවා නිකං ලැබුණට කවුරුහරි ඒකට වියදං කරලා තියෙනවා. පිටකොටුව මැනිං මාකට් එක ළඟ කළුපාට දියවෙච්ච පරණ කුඩ කබලකට මුවා වෙලා බිම වාඩි වෙලා, කරපිංච විකුණන අම්මා, මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. අදටත් තව කාට හරි වියදං කරනව. ගුණසිංහපුර හන්දියෙන් සැර දාල හරෝන 138 බස් එකේ ඉස්සරහ දොර පොල්ලෙ එල්ලිලා "මාරගම... මාරගම" කියලා කෑගහන කොන්දොස්තරත් මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. මගේ කන්තෝරු කාමරේ පිහදාන්න එන විමලා මට ඉගෙන ගන්න වියදං කරලා තියෙනවා. අව්වේ වැස්සේ බස්වල තෙරපි තෙරපී පාර තොටේ දාඩිය පෙර පෙරා යන එන වැඩ කරන දෙනෝදාහක් ගෑනු මිනිස්සු මට ඉගෙන ගන්න වියදම් කරලා තියෙනවා. මේ හැමෝම තමන්ට කවදාවත් වරමක් නැති තමන්ගෙ දරුවන්ටත් නොලැබුණ, උපදින්න ඉන්න දරුවන්ටත් ලැබෙයිද කියලා දන්නෙ නැතුව තව කාට කාට හරි ඉගෙන ගන්න අදටත් වියදං කරනවා. ඒ ගැන හිතන කොට ගලක් වගේ හිත බර වෙනවා.

ජපානෙ යොකොහමා ස්ටේෂමට යන පාරේ කෙළවර වම් පැත්තේ තියෙන අවන්හල ඇතුළේ සකුරා මල් පිපිච්ච රෝස පාටත් අයිස්ක්‍රීම් පාටත් කළවම් වෙච්ච කිමෝනො ඇඳල කොණ්ඩේ උඩට බැඳල එක් අතක සකේ බීම දාපු ජෝගුත් දිදාල වගෙ පුංචි කෝප්පත් බෝංචි ඇට දාපු දීසිත් තියෙන බන්දේසි අතේ තියාගෙන සේවිකාවෝ මේස අතර එහා මෙහා යන ගමන් "ඉරෂ්ෂයිමසේ" කියලා කෑ ගහනව. සෝයා සෝස් ගාපු ලොකු දැල්ලෝ යකඩ දැලක උඩ පිච්චෙන කොට එන පුළුටු සුවඳ මෙහාටත් එනව. එල්ලල තියෙන රතු බකට් කඩදාසි ලන්තෑරුම් එහාට මෙහාට සුළඟට වැනෙනවා. මමත් නිෂිමුරා සෙන්සෙයිත් යොකොහමාවල වීදුරු සමාගමක අයිතිකාර තකහෂිසනුත් මිටි ලොකු හතරැස් මේසයක වටේ බිම වාඩි වෙලා ඉන්නවා. නිෂිමුරා සෙන්සෙයි නීතිඥවරයෙක්. එයා මට හැම මාසෙම යෙන් දහ දාහක් දෙනවා. මං ජපානෙට ඇවිත් ඉගෙන ගන්න එකේ සතුටට. ඒ වෙනුවට එයත් එක්ක මාසෙකට දවසක් අවන්හලකට ඇවිත් කන්න බොන්න ඕන එයා ගානේ. අද මට එයා තකහෂි සංව අඳුන්නල දුන්නා. එයා මගෙන් ගොඩක් දේ ඇහැව්ව. මං ඔක්කොම කිව්ව. නිල් පාට ටයි කෝට් ඇඳල කන්නාඩි දාල කොණ්ඩෙ පැත්තකට පීරල ඉන්න එයා මං කියන ඔක්කොම දේ හීන් ඇස් දෙක පියාගෙන අහගෙන හිටිය. ඊට පස්සෙ ඇස් ඇරල මගෙ දිහා බලල " ඔයා දක්ෂ. කෙනෙක්. ආපහු ලංකාවට යන එකේ තේරුමක් නෑ. ලංකාව ගොඩක් දුප්පත්. ජපානෙ එහෙම නෙමෙයි නෙ. ඔයා මෙහෙ නවතින්න. ඔයාට මෙහෙ හොඳ තැනකට එන්න පුළුවනි" කියල කිව්ව. එතකොට මට එකපාරටම මතක් වුණේ "නිපොන් මාරු" තරුණ නැව. ඒක අවුරුද්දකට වතාවක් තරුණ තරුණියන් පිරිවරාගෙන ලෝක වටේ යනවා. මාත් ඒකෙ ගිහිං තිබුණ ජපන් තරුණ තරුණියන් සිය ගාණක් එක්ක. නැවේ හිටිය ප්‍රධානියා දවසක් මට එයාගේ කාමරේට කතා කරලා "ඔයාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්නේ. මෙහේ එහෙම අයට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. ලංකාවට යන්න එපා. ජපන් කෙල්ලෙක් බැඳල මෙහෙ නවතින්න" කියලා කිව්වා. මං හිනා වුණා මිසක් එයාට මොකුත් කිව්වෙ නෑ. මේ වෙලාවේ මට එකපාරටම මතක් වුණේ ඒක. සිගරැට් දුම කැරකි කැරකි මගේ දිහාවටත් ආව. මං චුට්ටක් වෙලා බිම බලාගෙන ඉඳලා ආපසු ඔළුව උස්සල තකහෂි සං දිහා බැලූව. එයා මගේ දිහා බලාගෙන ඉන්නවා. මං කතා කරන්න හිතුව.

"මට සමාවෙන්න. මෙහෙම කියනවට. මං ජපානෙ ඉගෙන ගන්නෙ ශිෂ්‍යත්වෙකින්. ඒකට ගෙවන්නෙ ජපානෙ ජනතාව. පාඨමාලා ගාස්තු විතරක් නෙමෙයි. කන්න, බොන්න, පොත් පත්, බේත් හේත්, ගෙවල් දොරවල්, ගමන් බිමන් මේ හැම එකටම. ඒක කෝටි ගාණක්. ආත්ම ගාණක් හම්බ කරලත් මට ගෙවා ගන්න බැරි ගාණක්. ඒත් ඒ ශිෂ්‍යත්වෙ දුන්නේ මට නෙමෙයි. ලංකාවෙ මිනිස්සුන්ට. ලංකාවයි මා තෝරල මෙහාට එව්වේ. ඒ හින්ද මං ආපහු යන්න ඕන නේද? ලංකාව දුප්පත් බව ඇත්ත. ඒත් ඒ දුප්පත්කමින් ගොඩ එන්න ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕන. ඒත් මං නොගියොත් මං වගේම මෙහෙම ආපු හැමෝම නොගියොත් කවදාවත් ඒ දුප්පත්කමින් ගැලවෙන්න බැරි වෙනවා ඒ මිනිසුන්ට. අනික මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ. එහෙම නොකළ නං මට කවදාවත් මෙහෙම එන්න වෙන එකකුත් නෑ. ඒ හන්ද මට යන්න ඕන ආපහු. මට දුක් විඳින්න වෙයි සමහරවිට. ඒත් මං ආපහු යනව. මට සමාවෙන්න" කියලා මං කිව්ව.

** මහාචාර්යවරයකුගේ මතකයක් .

උපුටගනිමක් .

[QUOTE="AA60, post: 17917846, member: 382141"] [b]මහාචාර්යවරයකුගේ මතකයක්[/b] [IMG]http://i59.tinypic.com/2vk18xk.jpg[/IMG] [SIZE=3]ටිකකින් නැගිටලා ගේ ඇතුළට යන ආච්චි අම්මා, ණයට බඩු ගන්න කඩේ මුදලාලිට ලියුමක් ලියලා [B]"ඉඳා"[/B] කියලා සැර මූණෙන් මට දෙනවා. මං ඒ ලියුමයි ණයට බඩුගන්න පොතයි පොත් ලැයිස්තුවයි අරගෙන මාර්කට් වීදියේ තියෙන [B]'ඒකනායක සහ සමාගම'[/B] කියල දුඹුරු පාට බෝඞ් එකක් තියෙන කඩේ පරිප්පු, සීනි, ලූනු, පුන්නක්කු ගෝනි පහුකරගෙන ගිහිං ඇතුළේ සුදු ජාතික ඇඳුම ඇඳල කන්නාඩි දාල වාඩි වෙලා ඉන්න සුදු මුදලාලිගේ අතට කතාවක් නැතුව අර ඔක්කොම දෙනවා. එයත් කතාවක් නැතුව මා දිහාවත් නොබලා බඩු කිරන කෙනාට පොත් ලැයිස්තුව විතරක් දෙනවා. එයත් කතාවක් නැතුවම පොත් ලැයිස්තුව දිහා බල බල පරණ දුම් වැදිච්චි අල්මාරි ඇර ඇර පොත් ගන්නවා. සමහර ඒවා අඩු වුණාම [B]"අරක නෑ, මේක දාන්නද?"[/B] කියලා බුලත් විට කටේ හිර කරගෙනම අහනවා. මං ඔළුව උඩට පහළට හොලෝනවා මිසක් කතා කරන්නෙ නෑ. අන්තිමට එයා දාපු ලැයිස්තුව කියවනවා. මුදලාලි ණයට ගන්න පොතේ ඔක්කොම ලියනවා. මං පොත් ටිකයි ණයට ගත්ත බඩු ලියන පරණ පොඩි පොතයි අරං ආපහු ගෙදර එනවා. ඔය විදියට අවුරුදු 12 ක් ම ණයට පොත් අරං ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාලෙ ගියාම නං පොත් ගන්න ඕන නෑ. පුස්තකාල තියෙනවා නෙ. ඒත් ලියන කඩදාසි ගන්න ඕන. බැංකුවෙන් මාස් පතා ණයට දුන්නු සල්ලි කඩදාසි ගන්න ඇති. දැං ආපහු හිතල බැලූවම ණයට ගත්තු ඒ පොත් ටිකයි කඩදාසියි ඇරුණම ඉතුරු ඔක්කොම මට නිකං ලැබිල තියෙන්නෙ. නිකං ඉගෙන ගෙන තියෙන්නෙ. මට ඒවා නිකං ලැබුණට කවුරුහරි ඒකට වියදං කරලා තියෙනවා. පිටකොටුව මැනිං මාකට් එක ළඟ කළුපාට දියවෙච්ච පරණ කුඩ කබලකට මුවා වෙලා බිම වාඩි වෙලා, කරපිංච විකුණන අම්මා, මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. අදටත් තව කාට හරි වියදං කරනව. ගුණසිංහපුර හන්දියෙන් සැර දාල හරෝන 138 බස් එකේ ඉස්සරහ දොර පොල්ලෙ එල්ලිලා [B]"මාරගම... මාරගම"[/B] කියලා කෑගහන කොන්දොස්තරත් මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. මගේ කන්තෝරු කාමරේ පිහදාන්න එන විමලා මට ඉගෙන ගන්න වියදං කරලා තියෙනවා. අව්වේ වැස්සේ බස්වල තෙරපි තෙරපී පාර තොටේ දාඩිය පෙර පෙරා යන එන වැඩ කරන දෙනෝදාහක් ගෑනු මිනිස්සු මට ඉගෙන ගන්න වියදම් කරලා තියෙනවා. මේ හැමෝම තමන්ට කවදාවත් වරමක් නැති තමන්ගෙ දරුවන්ටත් නොලැබුණ, උපදින්න ඉන්න දරුවන්ටත් ලැබෙයිද කියලා දන්නෙ නැතුව තව කාට කාට හරි ඉගෙන ගන්න අදටත් වියදං කරනවා. ඒ ගැන හිතන කොට ගලක් වගේ හිත බර වෙනවා. ජපානෙ යොකොහමා ස්ටේෂමට යන පාරේ කෙළවර වම් පැත්තේ තියෙන අවන්හල ඇතුළේ සකුරා මල් පිපිච්ච රෝස පාටත් අයිස්ක්‍රීම් පාටත් කළවම් වෙච්ච කිමෝනො ඇඳල කොණ්ඩේ උඩට බැඳල එක් අතක සකේ බීම දාපු ජෝගුත් දිදාල වගෙ පුංචි කෝප්පත් බෝංචි ඇට දාපු දීසිත් තියෙන බන්දේසි අතේ තියාගෙන සේවිකාවෝ මේස අතර එහා මෙහා යන ගමන් [B]"ඉරෂ්ෂයිමසේ"[/B] කියලා කෑ ගහනව. සෝයා සෝස් ගාපු ලොකු දැල්ලෝ යකඩ දැලක උඩ පිච්චෙන කොට එන පුළුටු සුවඳ මෙහාටත් එනව. එල්ලල තියෙන රතු බකට් කඩදාසි ලන්තෑරුම් එහාට මෙහාට සුළඟට වැනෙනවා. මමත් නිෂිමුරා සෙන්සෙයිත් යොකොහමාවල වීදුරු සමාගමක අයිතිකාර තකහෂිසනුත් මිටි ලොකු හතරැස් මේසයක වටේ බිම වාඩි වෙලා ඉන්නවා. නිෂිමුරා සෙන්සෙයි නීතිඥවරයෙක්. එයා මට හැම මාසෙම යෙන් දහ දාහක් දෙනවා. මං ජපානෙට ඇවිත් ඉගෙන ගන්න එකේ සතුටට. ඒ වෙනුවට එයත් එක්ක මාසෙකට දවසක් අවන්හලකට ඇවිත් කන්න බොන්න ඕන එයා ගානේ. අද මට එයා තකහෂි සංව අඳුන්නල දුන්නා. එයා මගෙන් ගොඩක් දේ ඇහැව්ව. මං ඔක්කොම කිව්ව. නිල් පාට ටයි කෝට් ඇඳල කන්නාඩි දාල කොණ්ඩෙ පැත්තකට පීරල ඉන්න එයා මං කියන ඔක්කොම දේ හීන් ඇස් දෙක පියාගෙන අහගෙන හිටිය. ඊට පස්සෙ ඇස් ඇරල මගෙ දිහා බලල [B]" ඔයා දක්ෂ. කෙනෙක්. ආපහු ලංකාවට යන එකේ තේරුමක් නෑ. ලංකාව ගොඩක් දුප්පත්. ජපානෙ එහෙම නෙමෙයි නෙ. ඔයා මෙහෙ නවතින්න. ඔයාට මෙහෙ හොඳ තැනකට එන්න පුළුවනි"[/B] කියල කිව්ව. එතකොට මට එකපාරටම මතක් වුණේ "නිපොන් මාරු" තරුණ නැව. ඒක අවුරුද්දකට වතාවක් තරුණ තරුණියන් පිරිවරාගෙන ලෝක වටේ යනවා. මාත් ඒකෙ ගිහිං තිබුණ ජපන් තරුණ තරුණියන් සිය ගාණක් එක්ක. නැවේ හිටිය ප්‍රධානියා දවසක් මට එයාගේ කාමරේට කතා කරලා [B]"ඔයාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්නේ. මෙහේ එහෙම අයට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. ලංකාවට යන්න එපා. ජපන් කෙල්ලෙක් බැඳල මෙහෙ නවතින්න" [/B]කියලා කිව්වා. මං හිනා වුණා මිසක් එයාට මොකුත් කිව්වෙ නෑ. මේ වෙලාවේ මට එකපාරටම මතක් වුණේ ඒක. සිගරැට් දුම කැරකි කැරකි මගේ දිහාවටත් ආව. මං චුට්ටක් වෙලා බිම බලාගෙන ඉඳලා ආපසු ඔළුව උස්සල තකහෂි සං දිහා බැලූව. එයා මගේ දිහා බලාගෙන ඉන්නවා. මං කතා කරන්න හිතුව. [B]"මට සමාවෙන්න. මෙහෙම කියනවට. මං ජපානෙ ඉගෙන ගන්නෙ ශිෂ්‍යත්වෙකින්. ඒකට ගෙවන්නෙ ජපානෙ ජනතාව. පාඨමාලා ගාස්තු විතරක් නෙමෙයි. කන්න, බොන්න, පොත් පත්, බේත් හේත්, ගෙවල් දොරවල්, ගමන් බිමන් මේ හැම එකටම. ඒක කෝටි ගාණක්. ආත්ම ගාණක් හම්බ කරලත් මට ගෙවා ගන්න බැරි ගාණක්. ඒත් ඒ ශිෂ්‍යත්වෙ දුන්නේ මට නෙමෙයි. ලංකාවෙ මිනිස්සුන්ට. ලංකාවයි මා තෝරල මෙහාට එව්වේ. ඒ හින්ද මං ආපහු යන්න ඕන නේද? ලංකාව දුප්පත් බව ඇත්ත. ඒත් ඒ දුප්පත්කමින් ගොඩ එන්න ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕන. ඒත් මං නොගියොත් මං වගේම මෙහෙම ආපු හැමෝම නොගියොත් කවදාවත් ඒ දුප්පත්කමින් ගැලවෙන්න බැරි වෙනවා ඒ මිනිසුන්ට. අනික මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ. එහෙම නොකළ නං මට කවදාවත් මෙහෙම එන්න වෙන එකකුත් නෑ. ඒ හන්ද මට යන්න ඕන ආපහු. මට දුක් විඳින්න වෙයි සමහරවිට. ඒත් මං ආපහු යනව. මට සමාවෙන්න"[/B] කියලා මං කිව්ව. [/SIZE] ** මහාචාර්යවරයකුගේ මතකයක් . උපුටගනිමක් . [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom