Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහාචාර්ය සිරි ගුණසිංහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහාචාර්ය සිරි ගුණසිංහ

1925 පෙබරවාරි 18 දින කෑගල්ල දිස්තිරික්කයේ රුවන්වැල්ලේ පනාපිටිය ග්‍රාමයෙහි ජන්ම ලාභය කළ බැරගම ආරච්චිගේ ශ්‍රියාරත්න ගුනසිංහ විසි වන සියවසේ ශ්‍රී ලාංකේය සංස්කෘතික සන්දර්භයෙහි ස්වකීය අනන්‍යතාව ප්‍රකට කෙළේ ‘සිරි ගුනසිංහ’ යනුවෙනි.

ගාල්ලේ අක්මීමන කොටගොඩ සිංහල පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලැබූ ශ්‍රියාරත්න ගුනසිංහ ශිෂ්‍යයා ද්විතීයික අධ්‍යාපනය සඳහා ගාල්ල මහින්ද විද්‍යාලයයට ඇතුළත් වූයේ ය. පාසලේ දී ඉගෙනීමේ කටයුතු කෙරෙහි පමණක් වැඩි උනන්දුවක් දැක්වූ ගුනසිංහ ශිෂ්‍යයා ඉතිහාසය, පාලි, සංස්කෘත වැනි විෂයයන්ගෙන් ඉහළ ලකුණු ලබා ගනිමින් සෙසු ශිෂ්‍යයන් අතරින් කැපී පෙනෙන චරිතයක් බවට පත් ව සිටියෙකි. අධ්‍යයන කටයුතු කෙරෙහි වූ කැපවීම හා ප්‍රකට කළ කුසලතා හේතුවෙන් ඔහුට විෂය සම්මාන රාශියක් හා මහින්ද විද්‍යාලයීය කුලරත්න ස්වර්ණ මුද්‍රිකාව ද දිනා ගත හැකි විය. 1945 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ගුනසිංහ තරුණයාගේ උපාධි විෂයය වූයේ සංස්කෘත භාෂාව හා සාහිත්‍යය යි. 1948 දී බී.ඒ. ගෞරව උපාධිය සඳහා ප්‍රථම පන්ති සාමර්ථ්‍යයක් ලද හෙතෙම 1949 දී ලංකා විශ්වවිද්‍යාලයයේ සංස්කෘත අංශයේ කථිකාචාර්ය ධුරයකට පත් කෙරිණි.

උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමේ අවස්ථාව උදා වූ කල 1951 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ගූනසිංහ තරුණයා එහි වසරක් පමණ අධ්‍යයන කටයුතුවල නිමග්න වූයේ ය. අනතුරු ව 1952-55 කාලයේ පැරීසියේ සොර්බොන් විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතුවල නිරත වූ හෙතෙම 1955 දී ආචාර්ය උපාධිය හිමි කොට ගත්තේ ය. ඔහුගේ ආචාර්යෝපාධි නිබන්ධය වූයේ ඔැජයබසුමැ දf ෂබාස්බ ඡ්සබඑසබටි ්ජජදරාසබට එද ඐසකච් ඔැංඑි යන්න යි. ආචාර්යෝපාධිය ලබා 1955 දී පෙරළා දිවයිනට පැමිණියේ නව දැනුමින් මෙන් ම නව ලෝක දෘෂ්ටියකින් ද සන්නද්ධ වූ ගුනසිංහ කෙනෙකි. ඒ නව චරිතයේ මූලබීජ දිවයිනෙන් පිටත් ව යෑමට පෙර පවා ඔහුගේ නිර්මාණ ජීවිතයෙන් දැකිය හැකි වුව ද එහි සපිරුණු ස්වරූපය හෙළි වන්නේ බටහිර ලෝකයේ සමාජ විපර්යාසයන්ගෙන් ලද ප්‍රභාව ද හේතු කොට ගෙන බව කිය හැකි ය. නූතන සිංහල සාහිත්‍යය මෙන් ම සමකාලීන ඉංගිරිසි හා ප්රන්ස සාහිත්‍යය ද විධිමත් ව හැදෑරීමේ ප්‍රතිඵලය වූයේ සිරි ගුනසිංහ නමැති විචාරකයා ය.

සිරි ගුනසිංහ වෘත්තීය ජීවිතය ආරම්භ කරනුයේ 1949 දී ලංකා විශ්වවිද්‍යාලයයේ සංස්කෘත භාෂාව පිළිබඳ සහාය කථිකාචාර්යවරයකු වසයෙනි. 1951 දී පශ්චාද් උපාධි අධ්‍යයන සඳහා විදේශගත ව 1955 දී ආචාර්යෝපාධිධාරියකු ව පෙරළා පැමිණි හෙතෙම ලංකා විශ්වවිද්‍යාලයයේ සංස්කෘත පිළිබඳ කථිකාචාර්ය ධුරයට අමතර ව බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ කථිකාචාර්ය ධුරයකට ද පත් කරන ලදි. 1962 දී සංස්කෘත අධ්‍යයනාංශයේ පළමු ශ්‍රේණියේ කථිකාචාර්ය ධුරයට පත් කෙරුණු ආචාර්ය ගුනසිංහ 1968 තෙක් ඒ තනතුරෙහි කටයුතු කෙළේ ය.

නූතන සිංහල සාහිත්‍ය ලෝකය සිරි ගුනසිංහගේ අනන්‍යතාව හඳුනා ගන්නේ සාම්ප්‍රදායික ආකෘතියෙන් මෙන් ම ජීවන දෘෂ්ටියෙන් හා උක්ති ක්‍රමවලින් ද මිදුණු කාව්‍ය මාර්ගයක හා පාත්‍ර වර්ගයාගේ අභ්‍යන්තර චෛතසික තත්ත්වය විදහා පෑම සඳහා ආභ්‍යන්තරික නම්නතාව සහිත ස්වයංභාෂණ මඟින් රූපණය කෙරෙන නවකතා සම්ප්රදායක ද ආරම්භකයා වසයෙනි. එසේ ද වුව, ඒ හා සමාන, නැත හොත් ඊට ද වැඩි ශාස්ත්‍රීය දායකත්වයක් සැපයූ අංශ වන්නේ කලා විචාරය හා සංස්කෘත භාෂාරීතිවාදයත්, බෞද්ධ හා හින්දු චිත්‍ර, මූර්ති හා වාස්තුවිද්යාවත් ය. ඒ හා සමගාමී ව භාරතීය ආගම් හා දර්ශන විෂයයෙහි ද ගුනසිංහගේ විශේෂාවධානය යොමු වී තිබේ. එසේ ද වුව මේ විෂය සම්බන්ධයෙන් සිරි ගුනසිංහගේ දායකත්වය ප්‍රමාණවත් ඇගයීමකට තබා නිසි අවධානයට ද ලක් වී නොමැති බව කිය යුතු ය.

ශාස්ත්‍රීය, අධ්‍යාපන කාර්යයන්ට අමතර ව නිර්මාණාත්මක, විශේෂාංග හා වාර්තා චිත්‍රපට සහ රූපවාහිනී කාර්යාවලී, වේදිකා නාට්‍යය, චිත්‍ර කලාව යන අංශ විෂයෙහි ද මහාචාර්ය ගුනසිංහගේ කාර්යසාධනය ප්‍රචලිත ය. රොකෆෙලර් ශිෂ්‍යත්වයක් ලැබ අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිiාලයයේ ලොස් ඇන්ජලීස් මණ්ඩපයෙහි සිනමා කලාව හා ශිල්පක්රම පිළිබඳ අධ්‍යයනයක නිරත වීමෙන් ලද විෂයීය හා ශිල්පීය ප්රාගුණ්යය සත් සමුදුර චිත්‍රපටය අධ්‍යක්ෂණයේ දී ඔහුට ඉවහල් විය. රන්වන් කරල් වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණයේ දී ද සිනමාවේ කලාත්මක භාවිතයන් සම්බන්ධ පරිචය ඔහුට පිටිවහල් වූ බව පෙනේ. එදිරිවීර සරච්චන්ද්‍රගේ මනමේ, කදාවළලු හා එලොව ගිහින් මෙලොව ආවා නාටකයන්හි ද පී. වැලිකලගේ රත්නාවලී, ගුණසේන ගලප්පත්තිගේ සඳකිඳුරු, හේමමාලී ගුනසිංහගේ තුරඟා දැන් දැන් හඬතා නාට්‍යවල ද අංග රචනය හා ඇඳුම් නිර්මාණය සඳහා දායක වූ ගුනසිංහ භාවවාහී ගුණයෙන් සුපෝෂිත චිත්‍ර නිර්මාණයෙහි ද නියුතු වූයේ ය. ඔහුගේ මුද්‍රිත කෘතීන්හි පිට කවරවල දැක්වෙනුයේ මෙබඳු චිත්රවලින් කිහිපයකි.

සමකාලීන සාහිත්‍ය ප්රවණතා අළලා සිංහල ඉංගිරිසි දෙබසින් ම සමකාලීන පුවත් පත්වලට ලිපි සම්පාදනය කෙළේ ය. ලොස් ඇන්ජලීස් කෞතුකාගාරය සංවිධානය කළ ‘ආසියාලෝකය‘ ප්‍රදර්ශනයේ උපදේශක වසයෙන් කටයුතු කළ හෙතෙම බ්‍රිටිශ්-කොලොම්බියා විශ්වවිද්‍යාලයයේ මානවවිද්‍යා කෞතුකාගාරයේ ශ්‍රී ලංකා වෙස්මුහුණු දැක්ම සංවිධානය කිරීමෙහි උපදේශනයෙහි ද නිරත විය.

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ආරාධනයෙන් දිවයිනේ විහාරස්ථානයන්හි පැරණි බිතුසිතුවම් අධ්‍යයනයෙහි නිරත වූ ගුනසිංහ ඒ සම්බන්ධ සවිස්තර වාර්තා දෙකක් ඉදිරිපත් කළ ද ඒවා යථා පරිදි අවධානයට ලක් නො විණි. දශක තුනකට පසු ව ඉන් එක් වාර්තාවක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇතත් අනික් වාර්තාව ද අදාළ ඡායාරූප ද කාලයේ වැලිතලයෙහි සැඟවී ගොසිනි. මහනුවර යුගයේ චිත්‍ර සම්බන්ධයෙන් ද එවැනි අධ්‍යයනයක නිරත වුණු හෙතෙම ඒ චිත්‍ර අන්තර්ගත වන පෞරාණික ස්ථාන සම්බන්ධ වාර්තාවක් ද සමඟින් ඒවා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්රකාශනයක් ලෙසින් ප්‍රකාශයට පත් කෙළේ ය. චිත්‍ර හා මූර්ති කලා අධ්‍යයනය කරමින් දිවයිනේ නොයෙකුත් ස්ථානයන්හි සංචාරය කළ ගුනසිංහ ඉන්දියාව, නේපාලය, තායිලන්තය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ජපානය, යන රටවල බෞද්ධ චිත්‍ර මූර්ති හා ගෘහ නිර්මාණ අධ්‍යයනයන්හි ද නිරත වූවෙකි. ඊජිප්තුවේ හා ග්‍රීසියේ සංචාරයෙහි යෙදෙමින් ඒ සංස්කෘතීන්හි චිත්‍ර මූර්ති කලා අංග පිළිබඳ ව අධ්‍යයනයන්හි නිරත වූ ඔහු අමෙරිකාවේ හා යුරෝපයේ සිනමා හා නාටක කලාවන් සම්බන්ධයෙන් ද අධ්‍යයන චාරිකාවන්හි නිරත විය. සිරි ගුනසිංහ යන සජීවී චරිතය ගොඩ නැඟී තිබුණේත් ප්‍රවර්තනය වූයේත් විශ්ව සාහිත්‍යකලා පරිශීලනයෙන් ලද සුසංවේදී බව ද විෂයඥානය ද කැටි කොට ගනිමිනි.

[QUOTE="banda065, post: 21755728, member: 27834"] [b]මහාචාර්ය සිරි ගුණසිංහ[/b] [SIZE="4"]1925 පෙබරවාරි 18 දින කෑගල්ල දිස්තිරික්කයේ රුවන්වැල්ලේ පනාපිටිය ග්‍රාමයෙහි ජන්ම ලාභය කළ බැරගම ආරච්චිගේ ශ්‍රියාරත්න ගුනසිංහ විසි වන සියවසේ ශ්‍රී ලාංකේය සංස්කෘතික සන්දර්භයෙහි ස්වකීය අනන්‍යතාව ප්‍රකට කෙළේ ‘සිරි ගුනසිංහ’ යනුවෙනි. ගාල්ලේ අක්මීමන කොටගොඩ සිංහල පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලැබූ ශ්‍රියාරත්න ගුනසිංහ ශිෂ්‍යයා ද්විතීයික අධ්‍යාපනය සඳහා ගාල්ල මහින්ද විද්‍යාලයයට ඇතුළත් වූයේ ය. පාසලේ දී ඉගෙනීමේ කටයුතු කෙරෙහි පමණක් වැඩි උනන්දුවක් දැක්වූ ගුනසිංහ ශිෂ්‍යයා ඉතිහාසය, පාලි, සංස්කෘත වැනි විෂයයන්ගෙන් ඉහළ ලකුණු ලබා ගනිමින් සෙසු ශිෂ්‍යයන් අතරින් කැපී පෙනෙන චරිතයක් බවට පත් ව සිටියෙකි. අධ්‍යයන කටයුතු කෙරෙහි වූ කැපවීම හා ප්‍රකට කළ කුසලතා හේතුවෙන් ඔහුට විෂය සම්මාන රාශියක් හා මහින්ද විද්‍යාලයීය කුලරත්න ස්වර්ණ මුද්‍රිකාව ද දිනා ගත හැකි විය. 1945 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ගුනසිංහ තරුණයාගේ උපාධි විෂයය වූයේ සංස්කෘත භාෂාව හා සාහිත්‍යය යි. 1948 දී බී.ඒ. ගෞරව උපාධිය සඳහා ප්‍රථම පන්ති සාමර්ථ්‍යයක් ලද හෙතෙම 1949 දී ලංකා විශ්වවිද්‍යාලයයේ සංස්කෘත අංශයේ කථිකාචාර්ය ධුරයකට පත් කෙරිණි. උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමේ අවස්ථාව උදා වූ කල 1951 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ගූනසිංහ තරුණයා එහි වසරක් පමණ අධ්‍යයන කටයුතුවල නිමග්න වූයේ ය. අනතුරු ව 1952-55 කාලයේ පැරීසියේ සොර්බොන් විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන කටයුතුවල නිරත වූ හෙතෙම 1955 දී ආචාර්ය උපාධිය හිමි කොට ගත්තේ ය. ඔහුගේ ආචාර්යෝපාධි නිබන්ධය වූයේ ඔැජයබසුමැ දf ෂබාස්බ ඡ්සබඑසබටි ්ජජදරාසබට එද ඐසකච් ඔැංඑි යන්න යි. ආචාර්යෝපාධිය ලබා 1955 දී පෙරළා දිවයිනට පැමිණියේ නව දැනුමින් මෙන් ම නව ලෝක දෘෂ්ටියකින් ද සන්නද්ධ වූ ගුනසිංහ කෙනෙකි. ඒ නව චරිතයේ මූලබීජ දිවයිනෙන් පිටත් ව යෑමට පෙර පවා ඔහුගේ නිර්මාණ ජීවිතයෙන් දැකිය හැකි වුව ද එහි සපිරුණු ස්වරූපය හෙළි වන්නේ බටහිර ලෝකයේ සමාජ විපර්යාසයන්ගෙන් ලද ප්‍රභාව ද හේතු කොට ගෙන බව කිය හැකි ය. නූතන සිංහල සාහිත්‍යය මෙන් ම සමකාලීන ඉංගිරිසි හා ප්රන්ස සාහිත්‍යය ද විධිමත් ව හැදෑරීමේ ප්‍රතිඵලය වූයේ සිරි ගුනසිංහ නමැති විචාරකයා ය. සිරි ගුනසිංහ වෘත්තීය ජීවිතය ආරම්භ කරනුයේ 1949 දී ලංකා විශ්වවිද්‍යාලයයේ සංස්කෘත භාෂාව පිළිබඳ සහාය කථිකාචාර්යවරයකු වසයෙනි. 1951 දී පශ්චාද් උපාධි අධ්‍යයන සඳහා විදේශගත ව 1955 දී ආචාර්යෝපාධිධාරියකු ව පෙරළා පැමිණි හෙතෙම ලංකා විශ්වවිද්‍යාලයයේ සංස්කෘත පිළිබඳ කථිකාචාර්ය ධුරයට අමතර ව බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ කථිකාචාර්ය ධුරයකට ද පත් කරන ලදි. 1962 දී සංස්කෘත අධ්‍යයනාංශයේ පළමු ශ්‍රේණියේ කථිකාචාර්ය ධුරයට පත් කෙරුණු ආචාර්ය ගුනසිංහ 1968 තෙක් ඒ තනතුරෙහි කටයුතු කෙළේ ය. නූතන සිංහල සාහිත්‍ය ලෝකය සිරි ගුනසිංහගේ අනන්‍යතාව හඳුනා ගන්නේ සාම්ප්‍රදායික ආකෘතියෙන් මෙන් ම ජීවන දෘෂ්ටියෙන් හා උක්ති ක්‍රමවලින් ද මිදුණු කාව්‍ය මාර්ගයක හා පාත්‍ර වර්ගයාගේ අභ්‍යන්තර චෛතසික තත්ත්වය විදහා පෑම සඳහා ආභ්‍යන්තරික නම්නතාව සහිත ස්වයංභාෂණ මඟින් රූපණය කෙරෙන නවකතා සම්ප්රදායක ද ආරම්භකයා වසයෙනි. එසේ ද වුව, ඒ හා සමාන, නැත හොත් ඊට ද වැඩි ශාස්ත්‍රීය දායකත්වයක් සැපයූ අංශ වන්නේ කලා විචාරය හා සංස්කෘත භාෂාරීතිවාදයත්, බෞද්ධ හා හින්දු චිත්‍ර, මූර්ති හා වාස්තුවිද්යාවත් ය. ඒ හා සමගාමී ව භාරතීය ආගම් හා දර්ශන විෂයයෙහි ද ගුනසිංහගේ විශේෂාවධානය යොමු වී තිබේ. එසේ ද වුව මේ විෂය සම්බන්ධයෙන් සිරි ගුනසිංහගේ දායකත්වය ප්‍රමාණවත් ඇගයීමකට තබා නිසි අවධානයට ද ලක් වී නොමැති බව කිය යුතු ය. ශාස්ත්‍රීය, අධ්‍යාපන කාර්යයන්ට අමතර ව නිර්මාණාත්මක, විශේෂාංග හා වාර්තා චිත්‍රපට සහ රූපවාහිනී කාර්යාවලී, වේදිකා නාට්‍යය, චිත්‍ර කලාව යන අංශ විෂයෙහි ද මහාචාර්ය ගුනසිංහගේ කාර්යසාධනය ප්‍රචලිත ය. රොකෆෙලර් ශිෂ්‍යත්වයක් ලැබ අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිiාලයයේ ලොස් ඇන්ජලීස් මණ්ඩපයෙහි සිනමා කලාව හා ශිල්පක්රම පිළිබඳ අධ්‍යයනයක නිරත වීමෙන් ලද විෂයීය හා ශිල්පීය ප්රාගුණ්යය සත් සමුදුර චිත්‍රපටය අධ්‍යක්ෂණයේ දී ඔහුට ඉවහල් විය. රන්වන් කරල් වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණයේ දී ද සිනමාවේ කලාත්මක භාවිතයන් සම්බන්ධ පරිචය ඔහුට පිටිවහල් වූ බව පෙනේ. එදිරිවීර සරච්චන්ද්‍රගේ මනමේ, කදාවළලු හා එලොව ගිහින් මෙලොව ආවා නාටකයන්හි ද පී. වැලිකලගේ රත්නාවලී, ගුණසේන ගලප්පත්තිගේ සඳකිඳුරු, හේමමාලී ගුනසිංහගේ තුරඟා දැන් දැන් හඬතා නාට්‍යවල ද අංග රචනය හා ඇඳුම් නිර්මාණය සඳහා දායක වූ ගුනසිංහ භාවවාහී ගුණයෙන් සුපෝෂිත චිත්‍ර නිර්මාණයෙහි ද නියුතු වූයේ ය. ඔහුගේ මුද්‍රිත කෘතීන්හි පිට කවරවල දැක්වෙනුයේ මෙබඳු චිත්රවලින් කිහිපයකි. සමකාලීන සාහිත්‍ය ප්රවණතා අළලා සිංහල ඉංගිරිසි දෙබසින් ම සමකාලීන පුවත් පත්වලට ලිපි සම්පාදනය කෙළේ ය. ලොස් ඇන්ජලීස් කෞතුකාගාරය සංවිධානය කළ ‘ආසියාලෝකය‘ ප්‍රදර්ශනයේ උපදේශක වසයෙන් කටයුතු කළ හෙතෙම බ්‍රිටිශ්-කොලොම්බියා විශ්වවිද්‍යාලයයේ මානවවිද්‍යා කෞතුකාගාරයේ ශ්‍රී ලංකා වෙස්මුහුණු දැක්ම සංවිධානය කිරීමෙහි උපදේශනයෙහි ද නිරත විය. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ආරාධනයෙන් දිවයිනේ විහාරස්ථානයන්හි පැරණි බිතුසිතුවම් අධ්‍යයනයෙහි නිරත වූ ගුනසිංහ ඒ සම්බන්ධ සවිස්තර වාර්තා දෙකක් ඉදිරිපත් කළ ද ඒවා යථා පරිදි අවධානයට ලක් නො විණි. දශක තුනකට පසු ව ඉන් එක් වාර්තාවක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇතත් අනික් වාර්තාව ද අදාළ ඡායාරූප ද කාලයේ වැලිතලයෙහි සැඟවී ගොසිනි. මහනුවර යුගයේ චිත්‍ර සම්බන්ධයෙන් ද එවැනි අධ්‍යයනයක නිරත වුණු හෙතෙම ඒ චිත්‍ර අන්තර්ගත වන පෞරාණික ස්ථාන සම්බන්ධ වාර්තාවක් ද සමඟින් ඒවා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්රකාශනයක් ලෙසින් ප්‍රකාශයට පත් කෙළේ ය. චිත්‍ර හා මූර්ති කලා අධ්‍යයනය කරමින් දිවයිනේ නොයෙකුත් ස්ථානයන්හි සංචාරය කළ ගුනසිංහ ඉන්දියාව, නේපාලය, තායිලන්තය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ජපානය, යන රටවල බෞද්ධ චිත්‍ර මූර්ති හා ගෘහ නිර්මාණ අධ්‍යයනයන්හි ද නිරත වූවෙකි. ඊජිප්තුවේ හා ග්‍රීසියේ සංචාරයෙහි යෙදෙමින් ඒ සංස්කෘතීන්හි චිත්‍ර මූර්ති කලා අංග පිළිබඳ ව අධ්‍යයනයන්හි නිරත වූ ඔහු අමෙරිකාවේ හා යුරෝපයේ සිනමා හා නාටක කලාවන් සම්බන්ධයෙන් ද අධ්‍යයන චාරිකාවන්හි නිරත විය. සිරි ගුනසිංහ යන සජීවී චරිතය ගොඩ නැඟී තිබුණේත් ප්‍රවර්තනය වූයේත් විශ්ව සාහිත්‍යකලා පරිශීලනයෙන් ලද සුසංවේදී බව ද විෂයඥානය ද කැටි කොට ගනිමිනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom