Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහා ප්රාඥවරිය, හයිපේශියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා ප්රාඥවරිය, හයිපේශියා

ක්‍රි. ව. 415ත් 416ත් අතර සමයේ එක් දිනෙක ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නුවර මාවතකදී ක්‍රිස්තියානි ආගමික අන්තවාදීන් පිරිසක් විසින් අශ්ව කරත්තයකින් ගමන් ගනිමින් සිටි කාන්තාවක ඉන් ඉවතට බලහත්කාරයෙන්ම ඇදගනු ලැබුවා. බලහත්කාරයෙන්ම ඇයව ඇලෙක්සැන්ඩ්‍රියාවේ වූ දෙවස්ථානයකට ඇදගෙන ගිය ඔවුහු එහිදී මෙම කාන්තාවට මිය යනතුරු පහර දුන්නේ අමානුෂික ලෙසිනුයි. මියගිය ඇගේ සිරුර කැබලි වලට ඉරා දැමූ මේ ක්‍රිස්තියානි භක්තිකයෝ ඉන් අනතුරුව ඇගේ සිරුරේ කොටස් ගින්නට දමා අළු කර දැමුවා. මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑ කාන්තාව කවුද? ඇයට එසේ වීමට හේතුව කුමක්ද?

ඇය නමින් “හයිපේශියා” (Hypatia) නම් වූ අතර, එකල ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසූ අවසන් මහා ප්‍රාඥයින් අතුරින් කෙනෙකුද වූවාය. ගණිතය, තාරකා විද්‍යාව, දර්ශනය සහ තර්ක ශාස්ත්‍රය යනාදී විෂයන් උගත් ප්‍රථම කාන්තාවන් අතුරින් කෙනෙක් වූ ඇය එම විෂයයන් ඉගැන්වීමෙහි ද නිරත වූවාය. ඇගේ බුද්ධිය සහ දැනුම් සම්භාරය නිසා පමණක් නොව, ඇයගේ අමානුෂික ඝාතනය නිසාවෙන් ඇය ඉතිහාසගත වුවද, ඇගේ ජීවිත අන්දරය දෙස බැලීමේදී, එම යුගය තුළ විද්‍යාත්මක චින්තනය හිමි වූ තැන මෙන්ම, ආගමික අන්තවාදීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් සහ කිසිදු ආගමකට ප්‍රමුඛත්වය දීමට අකමැති වූ අනාගමික (Secular) කණ්ඩායම් අතර සිදු වූ ඝට්ටනය පිළිබඳවත් මනා චිත්‍රයක් ගොඩනගාගත හැකියි. මේ ලිපියෙන් ඔබ වෙත දිගහැරෙන්නේ ඒ කතාවයි.

හිපාටියාව බලහත්කාරයෙන් රැගෙන යන අවස්ථාව දැක්වෙන සිතුවමක් (newsela.com)

ඇලෙක්සැන්ඩ්‍රියාවේ “හදවත”

ක්‍රි. පූ. 331වන සියවසේදී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා විසින් ගොඩනගනු ලැබූ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ හදවත බඳු වූයේ එහි වූ කෞතුකාගාරයයි. එක්තරා ආකාරයක විශ්වවිද්‍යාලයක් බඳු වූ මෙහි තිබූ පුස්තකාලයෙහි වටිනා දැනුම් සම්භාරයක් රැගත් ආවර්තිත ලිපි ලේඛන (Scrolls) ලක්ෂ පහක් පමණ ගබඩා කොට තිබී ඇති බවට ඉතිහාසය සාක්ෂි දරනවා. නමුත් ක්‍රි. පූ. 48වන සියවසේදී ජූලියස් සීසර් විසින් ඇලෙක්සැන්ඩ්‍රියාව ආක්‍රමණය කිරීමෙන් අනතුරුව මෙම කෞතුකාරය ගිනිබත් කොට දැමූ අතර කලක් පෞරාණික ලෝකයේ දැනුම් සහ සංස්කෘතිකමය සන්ධිස්ථානය ලෙසින් නම් දැරූ ඇලෙක්සැන්ඩ්‍රියා නගරය කඩා වැටෙන්නට වුණා. ඉන් අනතුරුව එළඹි ශතක හතර පුරාවටම යුදෙව්වන්, ක්‍රිස්තියානි බැතිමතුන් සහ විවිධ මිථ්‍යාදෘෂ්ටික කණ්ඩායම් අතර ඇතිවුණු සිවිල් යුදමය තත්වයන්ට මුහුණ දුන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඉතිරිව තිබුණු අවසන් ආවර්තිත ලිපි රැසද විනාශ කෙරුණේ රෝමානු පාලකයින්ගේ අණ පරිදි එම ලිපි සඟවා තිබූ සෙරපීස් නැමති දෙවියන්ට කැපකොට තිබුණු දෙවොල කඩා බිඳ දමා එතැන දෙවස්ථානයක් සෑදීමට පියවර ගත් නිසාවෙනුයි.

පිය ආභාසයෙන් දැනුම ලැබූ හැටි

මහා ඇලෙක්සැන්ඩ්‍රියානු කෞතුකාගාරයේ සාමාජිකයින් අතුරින් ඉතිරිව සිටි අවසන් සාමාජිකයා වූයේ තියෝන් (Theon) නැමැත්තායි. ගණිතඥයෙකු මෙන්ම තාරකා විද්‍යාඥයෙකු වූ ඔහුගේ දියණිය වූ හයිපේශියා සිය පියාගෙන් එම විෂයයන් ද්විත්වයම මනා ලෙස උගත්තාය. තියෝන්ගේ පොත්පත් ලිවීම් වලටද උපකාර දුන් ඈ තියෝන් ලියූ විචාරයන්ටද කරුණු සැපයුවාය. තියෝන් විසින් ලියූ බව කියැවෙන ඇතැම් පොත් සැබවින්ම ලිවූයේ හයිපේශියා බවටද කියැවෙනවා.

(චාර්ල්ස් කිංස්ලිගේ නවකතාවකට අනුව ජුලියා මාග්‍රට් කැමරූන් විසින් 1897 දී නිර්මාණය කරන ලද හයිපේශියාගේ සිතුවමක් )

ස්ව කැමැත්තෙන්ම මෙම විෂයයන් උගත් හයිපේශියා සිය නිවසෙහි සිට මෙම විෂයයන් ඉගැන්වීමෙහිද නිරත වූවා. තම පියාගෙන් ලද ආභාසයෙන් දර්ශන විෂය කරාද යොමු වූ ඈ දාර්ශනිකයකු ලෙසද ප්‍රසිද්ධ වූ අතර, ඇය විසින් පවත්වන ලද දේශනා ඉතා ජනප්‍රිය වී තිබෙනවා. බොහෝ දෙනා ඇගේ දේශනාවන්ට සවන් දීමට පැමිණ ඇති බවට ඓතිහාසික වාර්තාවන් පවතිනවා. විශේෂයෙන්ම ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් ගුරු ගෝල දාර්ශනික දෙපළගේ ඉගැන්වීම් අර්ථ නිරූපණය කෙරෙන දේශනා ඇය විසින් පවත්වන්නට යෙදුණු බව ඇගේ මරණයෙන් අනතුරුව ඈ පිළිබඳව ලිඛිත සටහන් තැබූ ඩැමැස්කියස් (Damascius) නැති දාර්ශනිකයාගේ ලේඛන වල සටහන්ව තිබෙනවා.

රුව – ගුණ වරුණ

ඓතිහාසික ලේඛනයන් තුළ හයිපේශියාගේ නැණ ගුණය පිළිබඳව පමණක් නොව, ඇගේ රුව ගුණය පිළිබඳව වර්ණනාවන්ද නොමදව දක්නට ලැබෙනවා. ඒවාට අනුව “මනා පෞරුෂත්වයකින් සහ ආකර්ෂණීය කථා විලාශයකින්” පමණක් නොව, “අතිශය ආකර්ෂණීය රුවකින් සහ දිදුලන ඡවි කල්යානයකින් හෙබි මේ රුවැති තරුණිය” කිසි දිනෙක විවාහ වීමේ අදහසක් ඇත්තියක් නොවූ බවද පැවසෙනවා. එකල ඇලෙක්සැන්ඩ්‍රියාවේ ආණ්ඩුකාරවරයා වූ ඔරෙස්ටස්ගේ (Orestes) සිත ඇය වෙත ඇදී ගියෙ නිතැතින්මයි. නමුත් පසු කලෙක හයිපේශියා වෙත අකාලයේ මරු කැඳවූයේද එම සිත් ඇද ගැනීමමයි.

පෙර සඳහන් කළ රෝමානු පාලකයින්ගේ අණ පරිදි ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිහිටි අනෙකුත් ආගමික ස්ථානයන් කඩා බිඳ දැමීමේ වගකීම භාරව සිටි තියෝෆිලස් (Theophilus) නැමති ආච්බිශොප්වරයාගෙන් අනතුරුව එම තනතුර හිමි වූයේ ඔහුගේ ඥාති පුත්‍රයකු වූ සිරිල් (Cyril) නැමැත්තා හටයි. ක්‍රි. ව. 412දී එම තනතුරට පත් වූ ඔහුද ඔහුගේ මාමා මෙන්ම අන්‍යාගම් කෙරෙහි දැක්වූයේ මහත් අරුචියක්. ඔහු පත්වූ විගසම ක්‍රිස්තියානි ආගමේ අනෙකුත් නිකායන්ට අයත් දෙවස්ථාන පවා කඩා බිඳ දැමූ අතර, ඉන් අනතුරුව ඔහුගේ ඉලක්කය වූයේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසූ යුදෙව්වන් ඉන් පිටමං කොට නගරයේ පාලන බලය තමන් අතට ගැනීමටයි.

ආකාශ වස්තූන්ගේ පිහිටීම සොයාගත හැකි මෙම තරු මාලිමාව (Astrolabe) සාදන ආකාරය හයිපේශියා තම සිසුන්ට කියා දුන්නාය (newsela.com)

නගරයේ පාලකයා වූ ඔරෙස්ටස්ද ක්‍රිස්තියානි බැතිමතෙකු වුවත්, ඔහු පල්ලියට වැඩි පාලන බලයක් ලබා දීමට කැමැත්තක් දැක්වූයේ නෑ. මෙම බල අරගලයේදී යුදෙව් අන්තවාදීන් පිරිසක් විසින් ක්‍රිස්තියානි බැතිමතුන් විශාල ප්‍රමාණයක් මරා දැමුණු අතර, ඉන් කිපුණු සිරිල් විසින් උසි ගන්වන ලද ක්‍රිස්තියානි බැතිමතුන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසූ යුදෙව්වන් ඉන් පලවා හැර ඔවුන්ගේ නිවාස සහ දෙවස්ථාන කොල්ලකෑමට ලක් කළා. ඔරෙස්ටස් විසින් මේ ක්‍රියාවට තමාගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් එම සිදුවීම පිළිබඳව රෝම අධිරාජ්‍යයේ අගනුවර වූ කොන්ස්තන්තිනෝපලයෙහි රෝමානු පාලන තන්ත්රය වෙත මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටියා.

ඉන් අනතුරුව සිරිල් විසින් සංහිඳියාවෙන් කටයුතු කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනු ලැබුවද ඔරෙස්ටට් ඊට අවසර ලබා දුන්නේ නෑ. මින් කෝපයට පත් සිරිල් හා සමීප පූජකයින් විසින් ඔරෙස්ටස්ව මරා දැමීමට උත්සාහ කළද එම උත්සාහයන් සියල්ලක්ම ව්‍යර්ථ වුණා. ඒ ඔරෙස්ටස් වටා විශාල ආරක්ෂකයින් ප්‍රමාණයක් සිටි හෙයින්. ඉන් අනතුරුව මෙම පූජකයින්ගේ ඉලක්කය වූයේ හයිපේශියාවයි.

මරණයෙන් කෙළවර වූ බල තණ්හාව

ක්‍රිස්තියානි ආගමික චින්තනයකින් තොර දර්ශනයක් පිළිබඳව පොදු දේශනාවන් පැවැත්වූ හයිපේශියා වටා ආරක්ෂකයින්ද නොමැති වීම යන කරුණු දෙකම උපයෝගී කරගත් ක්‍රිස්තියානි ආගමික නායකයකු වූ පීටර් නැමැති දේශකයා තම අනුගාමිකයින් පිරිසක් හයිපේශියාගේ ජීවිතය අවසන් කිරීම සඳහා මෙහෙය වූයේ ඉන් අනතුරුවයි.

කෙසේ වෙතත්, හයිපේශියාගේ අකල් සහ අමානුෂික මරණය කෙරෙහි ඔරෙස්ටස්ගේ සබඳතාවය පිළිබඳව පැහැදිලි කරුණු අනාවරණ වී නැහැ. ඔහුගේ මතකයන්ට ගරු කරන්නන් පවසන්නේ ඔහු ඊට වගකිව යුත්තෙකු නොවන බවයි. නමුත් ක්‍රිස්තියානි පල්ලියට එරෙහි පුද්ගලයින් පවසන්නේ හයිපේශියාව බේරා ගැනීමට හැකියාවක් තිබූ නමුත් ඔහු ඊට නිසි පියවර නොගත් බවයි. ඉතා දුලබ ගණයේ චරිතයක් වූ හයිපේශියාගේ මරණය ඈ සොයා ආවේ එලෙසයි.

අන්තවාදී ආගමික චින්තනයන්ගේ ගොදුරක් වූ හයිපේශියා අද වන විට ලොව පුරා ස්ත්රීවාදීන්ගේ මෙන්ම අනාගමිකයින්ගේද නොමද ආදරයට සහ ගෞරවයට චරිතයක් බවට පත්ව හමාරයි. හයිපේශියාගේ චරිතය ඇසුරින් 2009 වසරේදී “අගෝරා” (Agora) නමින් ස්පාඤ්ඤ-ඉංග්‍රීසි චිත්‍රපටයක්ද නිපදවා තිබෙනවා. (නමුත් චිත්‍රපටයේ පිටපතට පාදක වී ඇත්තේ මනඃකල්පිත සිදුවීමක්).

බුද්ධිමය වටිනාකම්, නව සොයාගැනීම් සහ තුන්වෙනි සියවසේ නැගී ආ චින්තන දාමයන් වෙනුවෙන් පෙනී සිටි හයිපේශියා නම් වූ අනභිභවනීය ස්ත්‍රී චරිතය වර්තමානයේදීත් බොහෝ දෙනාට ආදර්ශමත් චරිතයක් ලෙසින් ගෞරවයට පාත්‍ර වී අවසන්.

[QUOTE="Idias, post: 23494495, member: 556682"] [b]මහා ප්රාඥවරිය, හයිපේශියා[/b] [SIZE=4]ක්‍රි. ව. 415ත් 416ත් අතර සමයේ එක් දිනෙක ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නුවර මාවතකදී ක්‍රිස්තියානි ආගමික අන්තවාදීන් පිරිසක් විසින් අශ්ව කරත්තයකින් ගමන් ගනිමින් සිටි කාන්තාවක ඉන් ඉවතට බලහත්කාරයෙන්ම ඇදගනු ලැබුවා. බලහත්කාරයෙන්ම ඇයව ඇලෙක්සැන්ඩ්‍රියාවේ වූ දෙවස්ථානයකට ඇදගෙන ගිය ඔවුහු එහිදී මෙම කාන්තාවට මිය යනතුරු පහර දුන්නේ අමානුෂික ලෙසිනුයි. මියගිය ඇගේ සිරුර කැබලි වලට ඉරා දැමූ මේ ක්‍රිස්තියානි භක්තිකයෝ ඉන් අනතුරුව ඇගේ සිරුරේ කොටස් ගින්නට දමා අළු කර දැමුවා. මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑ කාන්තාව කවුද? ඇයට එසේ වීමට හේතුව කුමක්ද?[/SIZE] [I] [/I] [SIZE=4]ඇය නමින් “හයිපේශියා” (Hypatia) නම් වූ අතර, එකල ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසූ අවසන් මහා ප්‍රාඥයින් අතුරින් කෙනෙකුද වූවාය. ගණිතය, තාරකා විද්‍යාව, දර්ශනය සහ තර්ක ශාස්ත්‍රය යනාදී විෂයන් උගත් ප්‍රථම කාන්තාවන් අතුරින් කෙනෙක් වූ ඇය එම විෂයයන් ඉගැන්වීමෙහි ද නිරත වූවාය. ඇගේ බුද්ධිය සහ දැනුම් සම්භාරය නිසා පමණක් නොව, ඇයගේ අමානුෂික ඝාතනය නිසාවෙන් ඇය ඉතිහාසගත වුවද, ඇගේ ජීවිත අන්දරය දෙස බැලීමේදී, එම යුගය තුළ විද්‍යාත්මක චින්තනය හිමි වූ තැන මෙන්ම, ආගමික අන්තවාදීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් සහ කිසිදු ආගමකට ප්‍රමුඛත්වය දීමට අකමැති වූ අනාගමික (Secular) කණ්ඩායම් අතර සිදු වූ ඝට්ටනය පිළිබඳවත් මනා චිත්‍රයක් ගොඩනගාගත හැකියි. මේ ලිපියෙන් ඔබ වෙත දිගහැරෙන්නේ ඒ කතාවයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/03/image-14-680x446.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]හිපාටියාව බලහත්කාරයෙන් රැගෙන යන අවස්ථාව දැක්වෙන සිතුවමක් (newsela.com)[/SIZE] [B][SIZE=4][B]ඇලෙක්සැන්ඩ්‍රියාවේ “හදවත”[/B][/SIZE][/B] [SIZE=4]ක්‍රි. පූ. 331වන සියවසේදී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා විසින් ගොඩනගනු ලැබූ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ හදවත බඳු වූයේ එහි වූ කෞතුකාගාරයයි. එක්තරා ආකාරයක විශ්වවිද්‍යාලයක් බඳු වූ මෙහි තිබූ පුස්තකාලයෙහි වටිනා දැනුම් සම්භාරයක් රැගත් ආවර්තිත ලිපි ලේඛන (Scrolls) ලක්ෂ පහක් පමණ ගබඩා කොට තිබී ඇති බවට ඉතිහාසය සාක්ෂි දරනවා. නමුත් ක්‍රි. පූ. 48වන සියවසේදී ජූලියස් සීසර් විසින් ඇලෙක්සැන්ඩ්‍රියාව ආක්‍රමණය කිරීමෙන් අනතුරුව මෙම කෞතුකාරය ගිනිබත් කොට දැමූ අතර කලක් පෞරාණික ලෝකයේ දැනුම් සහ සංස්කෘතිකමය සන්ධිස්ථානය ලෙසින් නම් දැරූ ඇලෙක්සැන්ඩ්‍රියා නගරය කඩා වැටෙන්නට වුණා. ඉන් අනතුරුව එළඹි ශතක හතර පුරාවටම යුදෙව්වන්, ක්‍රිස්තියානි බැතිමතුන් සහ විවිධ මිථ්‍යාදෘෂ්ටික කණ්ඩායම් අතර ඇතිවුණු සිවිල් යුදමය තත්වයන්ට මුහුණ දුන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඉතිරිව තිබුණු අවසන් ආවර්තිත ලිපි රැසද විනාශ කෙරුණේ රෝමානු පාලකයින්ගේ අණ පරිදි එම ලිපි සඟවා තිබූ සෙරපීස් නැමති දෙවියන්ට කැපකොට තිබුණු දෙවොල කඩා බිඳ දමා එතැන දෙවස්ථානයක් සෑදීමට පියවර ගත් නිසාවෙනුයි.[/SIZE] [B][SIZE=4][B]පිය ආභාසයෙන් දැනුම ලැබූ හැටි[/B][/SIZE][/B] [SIZE=4]මහා ඇලෙක්සැන්ඩ්‍රියානු කෞතුකාගාරයේ සාමාජිකයින් අතුරින් ඉතිරිව සිටි අවසන් සාමාජිකයා වූයේ තියෝන් (Theon) නැමැත්තායි. ගණිතඥයෙකු මෙන්ම තාරකා විද්‍යාඥයෙකු වූ ඔහුගේ දියණිය වූ හයිපේශියා සිය පියාගෙන් එම විෂයයන් ද්විත්වයම මනා ලෙස උගත්තාය. තියෝන්ගේ පොත්පත් ලිවීම් වලටද උපකාර දුන් ඈ තියෝන් ලියූ විචාරයන්ටද කරුණු සැපයුවාය. තියෝන් විසින් ලියූ බව කියැවෙන ඇතැම් පොත් සැබවින්ම ලිවූයේ හයිපේශියා බවටද කියැවෙනවා.[/SIZE] [I] [/I] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/03/image-24-532x720.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4](චාර්ල්ස් කිංස්ලිගේ නවකතාවකට අනුව ජුලියා මාග්‍රට් කැමරූන් විසින් 1897 දී නිර්මාණය කරන ලද හයිපේශියාගේ සිතුවමක් )[/SIZE] [SIZE=4]ස්ව කැමැත්තෙන්ම මෙම විෂයයන් උගත් හයිපේශියා සිය නිවසෙහි සිට මෙම විෂයයන් ඉගැන්වීමෙහිද නිරත වූවා. තම පියාගෙන් ලද ආභාසයෙන් දර්ශන විෂය කරාද යොමු වූ ඈ දාර්ශනිකයකු ලෙසද ප්‍රසිද්ධ වූ අතර, ඇය විසින් පවත්වන ලද දේශනා ඉතා ජනප්‍රිය වී තිබෙනවා. බොහෝ දෙනා ඇගේ දේශනාවන්ට සවන් දීමට පැමිණ ඇති බවට ඓතිහාසික වාර්තාවන් පවතිනවා. විශේෂයෙන්ම ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් ගුරු ගෝල දාර්ශනික දෙපළගේ ඉගැන්වීම් අර්ථ නිරූපණය කෙරෙන දේශනා ඇය විසින් පවත්වන්නට යෙදුණු බව ඇගේ මරණයෙන් අනතුරුව ඈ පිළිබඳව ලිඛිත සටහන් තැබූ ඩැමැස්කියස් (Damascius) නැති දාර්ශනිකයාගේ ලේඛන වල සටහන්ව තිබෙනවා.[/SIZE] [B][SIZE=4][B]රුව – ගුණ වරුණ[/B][/SIZE][/B] [SIZE=4]ඓතිහාසික ලේඛනයන් තුළ හයිපේශියාගේ නැණ ගුණය පිළිබඳව පමණක් නොව, ඇගේ රුව ගුණය පිළිබඳව වර්ණනාවන්ද නොමදව දක්නට ලැබෙනවා. ඒවාට අනුව “මනා පෞරුෂත්වයකින් සහ ආකර්ෂණීය කථා විලාශයකින්” පමණක් නොව, “අතිශය ආකර්ෂණීය රුවකින් සහ දිදුලන ඡවි කල්යානයකින් හෙබි මේ රුවැති තරුණිය” කිසි දිනෙක විවාහ වීමේ අදහසක් ඇත්තියක් නොවූ බවද පැවසෙනවා. එකල ඇලෙක්සැන්ඩ්‍රියාවේ ආණ්ඩුකාරවරයා වූ ඔරෙස්ටස්ගේ (Orestes) සිත ඇය වෙත ඇදී ගියෙ නිතැතින්මයි. නමුත් පසු කලෙක හයිපේශියා වෙත අකාලයේ මරු කැඳවූයේද එම සිත් ඇද ගැනීමමයි.[/SIZE] [SIZE=4]පෙර සඳහන් කළ රෝමානු පාලකයින්ගේ අණ පරිදි ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිහිටි අනෙකුත් ආගමික ස්ථානයන් කඩා බිඳ දැමීමේ වගකීම භාරව සිටි තියෝෆිලස් (Theophilus) නැමති ආච්බිශොප්වරයාගෙන් අනතුරුව එම තනතුර හිමි වූයේ ඔහුගේ ඥාති පුත්‍රයකු වූ සිරිල් (Cyril) නැමැත්තා හටයි. ක්‍රි. ව. 412දී එම තනතුරට පත් වූ ඔහුද ඔහුගේ මාමා මෙන්ම අන්‍යාගම් කෙරෙහි දැක්වූයේ මහත් අරුචියක්. ඔහු පත්වූ විගසම ක්‍රිස්තියානි ආගමේ අනෙකුත් නිකායන්ට අයත් දෙවස්ථාන පවා කඩා බිඳ දැමූ අතර, ඉන් අනතුරුව ඔහුගේ ඉලක්කය වූයේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසූ යුදෙව්වන් ඉන් පිටමං කොට නගරයේ පාලන බලය තමන් අතට ගැනීමටයි.[/SIZE] [I] [/I] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/03/image-33-680x383.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ආකාශ වස්තූන්ගේ පිහිටීම සොයාගත හැකි මෙම තරු මාලිමාව (Astrolabe) සාදන ආකාරය හයිපේශියා තම සිසුන්ට කියා දුන්නාය (newsela.com)[/SIZE] [SIZE=4]නගරයේ පාලකයා වූ ඔරෙස්ටස්ද ක්‍රිස්තියානි බැතිමතෙකු වුවත්, ඔහු පල්ලියට වැඩි පාලන බලයක් ලබා දීමට කැමැත්තක් දැක්වූයේ නෑ. මෙම බල අරගලයේදී යුදෙව් අන්තවාදීන් පිරිසක් විසින් ක්‍රිස්තියානි බැතිමතුන් විශාල ප්‍රමාණයක් මරා දැමුණු අතර, ඉන් කිපුණු සිරිල් විසින් උසි ගන්වන ලද ක්‍රිස්තියානි බැතිමතුන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ විසූ යුදෙව්වන් ඉන් පලවා හැර ඔවුන්ගේ නිවාස සහ දෙවස්ථාන කොල්ලකෑමට ලක් කළා. ඔරෙස්ටස් විසින් මේ ක්‍රියාවට තමාගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමින් එම සිදුවීම පිළිබඳව රෝම අධිරාජ්‍යයේ අගනුවර වූ කොන්ස්තන්තිනෝපලයෙහි රෝමානු පාලන තන්ත්රය වෙත මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටියා.[/SIZE] [SIZE=4]ඉන් අනතුරුව සිරිල් විසින් සංහිඳියාවෙන් කටයුතු කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනු ලැබුවද ඔරෙස්ටට් ඊට අවසර ලබා දුන්නේ නෑ. මින් කෝපයට පත් සිරිල් හා සමීප පූජකයින් විසින් ඔරෙස්ටස්ව මරා දැමීමට උත්සාහ කළද එම උත්සාහයන් සියල්ලක්ම ව්‍යර්ථ වුණා. ඒ ඔරෙස්ටස් වටා විශාල ආරක්ෂකයින් ප්‍රමාණයක් සිටි හෙයින්. ඉන් අනතුරුව මෙම පූජකයින්ගේ ඉලක්කය වූයේ හයිපේශියාවයි.[/SIZE] [B][SIZE=4][B]මරණයෙන් කෙළවර වූ බල තණ්හාව[/B][/SIZE][/B] [SIZE=4]ක්‍රිස්තියානි ආගමික චින්තනයකින් තොර දර්ශනයක් පිළිබඳව පොදු දේශනාවන් පැවැත්වූ හයිපේශියා වටා ආරක්ෂකයින්ද නොමැති වීම යන කරුණු දෙකම උපයෝගී කරගත් ක්‍රිස්තියානි ආගමික නායකයකු වූ පීටර් නැමැති දේශකයා තම අනුගාමිකයින් පිරිසක් හයිපේශියාගේ ජීවිතය අවසන් කිරීම සඳහා මෙහෙය වූයේ ඉන් අනතුරුවයි.[/SIZE] [I] [/I] [SIZE=4]කෙසේ වෙතත්, හයිපේශියාගේ අකල් සහ අමානුෂික මරණය කෙරෙහි ඔරෙස්ටස්ගේ සබඳතාවය පිළිබඳව පැහැදිලි කරුණු අනාවරණ වී නැහැ. ඔහුගේ මතකයන්ට ගරු කරන්නන් පවසන්නේ ඔහු ඊට වගකිව යුත්තෙකු නොවන බවයි. නමුත් ක්‍රිස්තියානි පල්ලියට එරෙහි පුද්ගලයින් පවසන්නේ හයිපේශියාව බේරා ගැනීමට හැකියාවක් තිබූ නමුත් ඔහු ඊට නිසි පියවර නොගත් බවයි. ඉතා දුලබ ගණයේ චරිතයක් වූ හයිපේශියාගේ මරණය ඈ සොයා ආවේ එලෙසයි.[/SIZE] [SIZE=4]අන්තවාදී ආගමික චින්තනයන්ගේ ගොදුරක් වූ හයිපේශියා අද වන විට ලොව පුරා ස්ත්රීවාදීන්ගේ මෙන්ම අනාගමිකයින්ගේද නොමද ආදරයට සහ ගෞරවයට චරිතයක් බවට පත්ව හමාරයි. හයිපේශියාගේ චරිතය ඇසුරින් 2009 වසරේදී “අගෝරා” (Agora) නමින් ස්පාඤ්ඤ-ඉංග්‍රීසි චිත්‍රපටයක්ද නිපදවා තිබෙනවා. (නමුත් චිත්‍රපටයේ පිටපතට පාදක වී ඇත්තේ මනඃකල්පිත සිදුවීමක්).[/SIZE] [SIZE=4]බුද්ධිමය වටිනාකම්, නව සොයාගැනීම් සහ තුන්වෙනි සියවසේ නැගී ආ චින්තන දාමයන් වෙනුවෙන් පෙනී සිටි හයිපේශියා නම් වූ අනභිභවනීය ස්ත්‍රී චරිතය වර්තමානයේදීත් බොහෝ දෙනාට ආදර්ශමත් චරිතයක් ලෙසින් ගෞරවයට පාත්‍ර වී අවසන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom