Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
මහා ප්රාඥයකුගේ ආත්මීය සටහන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහා ප්රාඥයකුගේ ආත්මීය සටහන්

“ලෝකය ගැන දන්නෙ නැති මොඩ කම්මැලි කොල්ලා. ඇල්බට් උඹට නම් කවදාවත් මිනිහෙක් වෙන්න හම්බ වෙන්නෙ නැහැ” ලූයිපෝල් විද්‍යාලයේ ප්‍රාථමික පංතිභාර ගුරුවරයා හැම තිස්සේම උඩ බලාගෙන කල්පනා කරන පුංචි කොලු ගැටයෙකුට කේන්තියෙන් සැර කළා.ගුරුවරයාගේ ගෝරණාඩුවෙන් කල්පනා ලෝකයෙන් මිදුණු කොලු පැංචා ආයිමත් පාඩමට හිත යොදවන්න උත්සාහ ගත්තා.කවදාවත් මිනිහෙක් වෙන්නේ නැහැයි කියලා එදා ඒ ගුරුතුමා එහෙම අනාවැකියක් පළ කළාට ඊට වසර ගණනාවකට පස්සේ 20 වැනි සියවසේ පහළ වුණු මහා ප්රාඥායා බවට පත් වන්නට මොහුට පුළුවන් වුණා. ඒ අන් කවරකුවත් නොව ඇල්බට් අයින්ස්ටයින්ය.

ඉගෙනීමට දස්කම් නොපෙන් වූ ළමා වියජර්මනියේ මියුනික් නුවරට කිට්ටුව උල්මා නගරයේ යුදෙව් පවුලක් ජීවත් වුණා. ඒ අය බොහෝම අල්පේච්ඡ ජීවිතයක් ගත කළ ඇත්තන්. ඒ පවුලේ ප්‍රධානියාගේ රැකියාව වුණේ විදුලි උපකරණ අලුත් වැඩියා කිරීමයි. 1879 මාර්තු 14 වැනි දා මේ මව්පිය දෙදෙනාට පුංචි පුතෙක් උපන්නා. තාත්තා මේ පුතාට ඇල්බට් කියලා නම තිබ්බා.ඇල්බට් කුඩා කල සිටම දුර්වල ළමයෙක්. අවුරුදු තුනක් පමණ ගතවනතුරු ඔහු කතා කළේ නැහැ. මව්පියන් හිතුවේ තමන්ගේ පුත්‍රයා උපන් ගෙයි ගොළුවෙක් කියලයි.ඒත් එහෙම වුණේ නැහැ. අවුරුදු තුනෙන් පස්සේ ඇල්බට් කතා කරන්න පටන් ගත්තා. කල වයස හරියන කොට මව්පියන් ඔහුව ලූයිපෝල් පාසලට ඇතුළත් කළා. ඒ කාලේ ඉගැන්නුවේ කටපාඩම් කරන්නටයි. ළමයින් ගිරව් වගේ කට පාඩම් කළා. මේ ක්‍රමය බොහෝ දරුවන්ගේ හිත් ගත්තේ නැහැ. ඇල්බට් අයින්ස්ටයින්ටන් මේ ඉගැන්වීමේ ක්‍රමය හිත් ගත්තේ නැහැ. ඒ නිසා ඔහුට ඉස්කෝලේ එපා වුණා. හැමදාම උදේට ඉස්කෝලේ යන්න බැහැ කියලා පෙරළි කරන්න ගත්තා. ඇල්බට්ගේ දෙමව්පියන් මේ ගැන වද වුණා. තමන්ගේ පුතා ඉගෙන ගත්තේ නැත්නම් ඔහුගේ අනාගතය අඳුරු වන බව ඔවුන්ට අවබොධ වුණා. ඒ නිසා මහත් පෙරැත්ත කරමින් ඇල්බට්ව පාසලට රැගෙන යන්න ඔවුන් උත්සාහ ගත්තා.

උපාධිය ලබා ගනියිදවසක් ඇල්බට්ගේ තාත්තා පුතාට කොම්පාසුවක් ගෙනැවිත් දුන්නා. කොයි අතට හැරෙව්වත් එහි කටුව යොමුවුණේ උතුරටයි. ඇල්බට්ට මෙය මහත් ප්රහේළිකාවක් වුණා. ඔහු මේ ගැන කල්පනා කරන්න ගත්තා. ඇල්බට්ගේ හිස ඉලක්කම් වලින් පිරෙන්න ගත්තා. ඉගෙනීම කෙරෙහි ක්‍රමයෙන් ඔහුගේ හිත ඇදී යන්නට වුණා.මේ අතරතුරේ දී ඇල්බට්ගේ පියාගේ ව්‍යාපාර බංකොළොත් වුණා. ව්‍යාපාර ආරම්භ කරන්නට ඔහුට වෙනත් ප්‍රදේශයකට යන්න සිද්ධ වුණා. මේ නිසා ලූයිපෝල් පාසලින් අස්වෙන්න ඇල්බට්ට සිද්ධ වුණා. මේ ගැන ඔහු එතරම් දුක් වුණේ නම් නැහැ. ඒ වන විටත් ඒ පාසල ඇල්බට්ට එපා වී තිබීම ඊට හේතුවයි.ඉගෙනීම කෙරෙහි ඇල්මෙන් සිටි ඇල්බට් ස්විට්සර්ලන්තයේ ස්විස් ෆෙඩරල් තාක්ෂණික ආයතනයට ඇතුළු වී අධ්‍යාපනය ලබන්නට උත්සාහ දැරුවා. එහෙත් ඇතුළත් වීමේ විභාගයෙන් අසමත් වුණු නිසා ඔහුට ඒ සිහිනය සැබෑ කරගන්නට පුළුවන් වුණේ නැහැ. මින් අධෛර්යමත් නොවුණු අයින්ස්ටයින් වෙනත් විද්‍යාලයකට ඇතුළු වන්නට උත්සාහ ගත්තා. මහන්සි වී ඉගෙන ගත් හෙතෙම එවර ඇතුළත් වීමේ විභාගයෙන් සමත් වුණා. වයස 26 දී භෞතික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් ලබා ගන්නට අයින්ස්ටයින් සමත් වුණා.1909 සිට 1911 දක්වා සූරිච් සරසවියේ ද 1911 සිට 1913 දක්වා පැරගුවේ සරසවියේ ද භෞතික විද්‍යා මහාචාර්යවරයා වශයෙන් කටයුතු කළ ඇල්බට් අයින්ස්ටයින් 1913 දී ජර්මනියේ කයිසර්විල් හෙල්ම් භෞතික විද්‍යා ආයතනයේ අධ්යක්ෂවරයා ලෙසින් ද කටයුතු කළා.

භෞතික විද්‍යාව නව මඟකට යොමු වෙයිආලෝකය, ශක්තිය, චලිතය, ගුරුත්වය, අභ්‍යවකාශය හා කාලය පිළිබඳ අවබෝධයක් ලෝකයට ලබා දුන්නේ ඇල්බට් අයින්ස්ටයින් ය. පදාර්ථය යනු ශක්තිය රැස්කොට ඇති තටාකයක් යැයි ඔහු ප්‍රකාශ කළා. ශක්තිය හා ස්කන්ධය අතර සම්බන්ධතාව දක්වන සුප්‍රකට සමීකරණය ඔහුගේ බුද්ධි බලයෙන් තර්කානුකූලව ඉදිරිපත් කරවූවක් මෙම සමීකරණය පසුව පරීක්ෂණාත්මකව ඔප්පු කරනු ලැබුවා.ජලකර හා පරමාණු බොම්බ, න්‍යෂ්ටික බලය, මනුෂ්‍ය වර්ගයාගේ යහපතට යොදා ගැනීමට මුල් වූ පර්යේෂණ ආරම්භ කරන්නට පුළුවන් වූයේත් ඔහුගේ ශක්තිය හා ස්කන්ධය අතර සම්බන්ධතාව හෙළි කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම මුළු භෞතික විද්‍යාවේම අන්තර්ගත කරුණු පැහැදිලි කරන්නට අයින්ස්ටයින් සමත් වුණා.1916 දී ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ කුඩා පර්යේෂණ පති‍්‍රකාවකට මුළු ලෝකයම උඩු යටිකුරු කරන්නට හැකියාව ලැබුණා. පිටු 12 කින් සමන්විත මේ පති‍්‍රකාව 20 වැනි සියවසේ විශිෂ්ටතම විද්‍යාත්මක නිබන්ධනය බවට ද පත් වූයේ නිතැනින්මයි. ඉන් හෙළි වූ සාපේක්ෂතාවාදය පිළිබඳ මතය එතෙක් පැවැති මත වලට වඩා සහමුලින්ම වෙනස් වුණා. මෙලෙස නවතම සංකල්පයක් බිහි කළ අයින්ස්ටයින් කිසිම විද්‍යාගාරයක, පර්යේෂණාගාරයක පර්යේෂණ පැවැත් වූ කෙනෙක් නෙමෙයි. ඔහුට පර්යේෂණාගාරය වූයේ ඔහුගේම මොළයයි.ලොව තතු සොයන යන්ත්‍රයක් සේ හිස් කඩදාසි මිටියක් හා පෑනක් අතින් ගෙන කල්පනාවේ නිමග්න වූ අයින්ස්ටයින් ගැඹුරු විද්‍යාත්මක න්‍යායන් හා ගණිත සූත්‍ර රාශියක් ලොවට හෙළි කළේ ඔහු සතු අසමසම බුද්ධි මහිමයෙන්. භෞතික විද්‍යාවට මේසා මෙහෙයක් කළ අයින්ස්ටයින්ට 1922 දී භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමි වුණා.යුදෙව් ජාතිකයකු වුණු අයින්ස්ටයින්ට හිට්ලර්ගේ හමුදාවෙන් කරදරවලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඔහුගේ දේපළ පවා ගිනිබත් කරන්නට තරම් ඔවුන් දරුණු වුණා. උපන් රට අතහැර දමා ඇමෙරිකාවට යන්නට අයින්ස්ටයින් තීරණය කළේ මේ නිසයි. 1940 දී ඔහුට ඇමරිකාවේ පුරවැසි බවද හිමි වුණා.ඉලක්කම්වලින් පිරි විද්‍යාත්මක ලෝකයක ජීවත් වූවද ඇල්බට් අයින්ස්ටයින් මානවදයාව උතුරා ගිය කුළුණු ගුණයෙන් පිරි හදවතක් ඇත්තෙක්. 1945 දී හිරෝෂිමා හා නාගසාකියට බෝම්බ දැමූ වෙලාවේ ඔහු බලවත් සේ කම්පාවට පත් වුණු බවයි වාර්තා වෙන්නේ. භෞතික විද්‍යාවට අමිල සේවයක් කළ මේ මහා විද්‍යාඥයා 1955 අපේර්ල් 18 වැනි දා සදහටම මෙළොවින් සමුගත්තා.

ඇල්බට් අයින්ස්ටයින් ගේ රිපෝට් කාඩ් එක

[QUOTE="Persius, post: 15731278, member: 477838"] [b]මහා ප්රාඥයකුගේ ආත්මීය සටහන්[/b] [SIZE="4"] “ලෝකය ගැන දන්නෙ නැති මොඩ කම්මැලි කොල්ලා. ඇල්බට් උඹට නම් කවදාවත් මිනිහෙක් වෙන්න හම්බ වෙන්නෙ නැහැ” ලූයිපෝල් විද්‍යාලයේ ප්‍රාථමික පංතිභාර ගුරුවරයා හැම තිස්සේම උඩ බලාගෙන කල්පනා කරන පුංචි කොලු ගැටයෙකුට කේන්තියෙන් සැර කළා.ගුරුවරයාගේ ගෝරණාඩුවෙන් කල්පනා ලෝකයෙන් මිදුණු කොලු පැංචා ආයිමත් පාඩමට හිත යොදවන්න උත්සාහ ගත්තා.කවදාවත් මිනිහෙක් වෙන්නේ නැහැයි කියලා එදා ඒ ගුරුතුමා එහෙම අනාවැකියක් පළ කළාට ඊට වසර ගණනාවකට පස්සේ 20 වැනි සියවසේ පහළ වුණු මහා ප්රාඥායා බවට පත් වන්නට මොහුට පුළුවන් වුණා. ඒ අන් කවරකුවත් නොව ඇල්බට් අයින්ස්ටයින්ය. ඉගෙනීමට දස්කම් නොපෙන් වූ ළමා වියජර්මනියේ මියුනික් නුවරට කිට්ටුව උල්මා නගරයේ යුදෙව් පවුලක් ජීවත් වුණා. ඒ අය බොහෝම අල්පේච්ඡ ජීවිතයක් ගත කළ ඇත්තන්. ඒ පවුලේ ප්‍රධානියාගේ රැකියාව වුණේ විදුලි උපකරණ අලුත් වැඩියා කිරීමයි. 1879 මාර්තු 14 වැනි දා මේ මව්පිය දෙදෙනාට පුංචි පුතෙක් උපන්නා. තාත්තා මේ පුතාට ඇල්බට් කියලා නම තිබ්බා.ඇල්බට් කුඩා කල සිටම දුර්වල ළමයෙක්. අවුරුදු තුනක් පමණ ගතවනතුරු ඔහු කතා කළේ නැහැ. මව්පියන් හිතුවේ තමන්ගේ පුත්‍රයා උපන් ගෙයි ගොළුවෙක් කියලයි.ඒත් එහෙම වුණේ නැහැ. අවුරුදු තුනෙන් පස්සේ ඇල්බට් කතා කරන්න පටන් ගත්තා. කල වයස හරියන කොට මව්පියන් ඔහුව ලූයිපෝල් පාසලට ඇතුළත් කළා. ඒ කාලේ ඉගැන්නුවේ කටපාඩම් කරන්නටයි. ළමයින් ගිරව් වගේ කට පාඩම් කළා. මේ ක්‍රමය බොහෝ දරුවන්ගේ හිත් ගත්තේ නැහැ. ඇල්බට් අයින්ස්ටයින්ටන් මේ ඉගැන්වීමේ ක්‍රමය හිත් ගත්තේ නැහැ. ඒ නිසා ඔහුට ඉස්කෝලේ එපා වුණා. හැමදාම උදේට ඉස්කෝලේ යන්න බැහැ කියලා පෙරළි කරන්න ගත්තා. ඇල්බට්ගේ දෙමව්පියන් මේ ගැන වද වුණා. තමන්ගේ පුතා ඉගෙන ගත්තේ නැත්නම් ඔහුගේ අනාගතය අඳුරු වන බව ඔවුන්ට අවබොධ වුණා. ඒ නිසා මහත් පෙරැත්ත කරමින් ඇල්බට්ව පාසලට රැගෙන යන්න ඔවුන් උත්සාහ ගත්තා. උපාධිය ලබා ගනියිදවසක් ඇල්බට්ගේ තාත්තා පුතාට කොම්පාසුවක් ගෙනැවිත් දුන්නා. කොයි අතට හැරෙව්වත් එහි කටුව යොමුවුණේ උතුරටයි. ඇල්බට්ට මෙය මහත් ප්රහේළිකාවක් වුණා. ඔහු මේ ගැන කල්පනා කරන්න ගත්තා. ඇල්බට්ගේ හිස ඉලක්කම් වලින් පිරෙන්න ගත්තා. ඉගෙනීම කෙරෙහි ක්‍රමයෙන් ඔහුගේ හිත ඇදී යන්නට වුණා.මේ අතරතුරේ දී ඇල්බට්ගේ පියාගේ ව්‍යාපාර බංකොළොත් වුණා. ව්‍යාපාර ආරම්භ කරන්නට ඔහුට වෙනත් ප්‍රදේශයකට යන්න සිද්ධ වුණා. මේ නිසා ලූයිපෝල් පාසලින් අස්වෙන්න ඇල්බට්ට සිද්ධ වුණා. මේ ගැන ඔහු එතරම් දුක් වුණේ නම් නැහැ. ඒ වන විටත් ඒ පාසල ඇල්බට්ට එපා වී තිබීම ඊට හේතුවයි.ඉගෙනීම කෙරෙහි ඇල්මෙන් සිටි ඇල්බට් ස්විට්සර්ලන්තයේ ස්විස් ෆෙඩරල් තාක්ෂණික ආයතනයට ඇතුළු වී අධ්‍යාපනය ලබන්නට උත්සාහ දැරුවා. එහෙත් ඇතුළත් වීමේ විභාගයෙන් අසමත් වුණු නිසා ඔහුට ඒ සිහිනය සැබෑ කරගන්නට පුළුවන් වුණේ නැහැ. මින් අධෛර්යමත් නොවුණු අයින්ස්ටයින් වෙනත් විද්‍යාලයකට ඇතුළු වන්නට උත්සාහ ගත්තා. මහන්සි වී ඉගෙන ගත් හෙතෙම එවර ඇතුළත් වීමේ විභාගයෙන් සමත් වුණා. වයස 26 දී භෞතික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් ලබා ගන්නට අයින්ස්ටයින් සමත් වුණා.1909 සිට 1911 දක්වා සූරිච් සරසවියේ ද 1911 සිට 1913 දක්වා පැරගුවේ සරසවියේ ද භෞතික විද්‍යා මහාචාර්යවරයා වශයෙන් කටයුතු කළ ඇල්බට් අයින්ස්ටයින් 1913 දී ජර්මනියේ කයිසර්විල් හෙල්ම් භෞතික විද්‍යා ආයතනයේ අධ්යක්ෂවරයා ලෙසින් ද කටයුතු කළා. භෞතික විද්‍යාව නව මඟකට යොමු වෙයිආලෝකය, ශක්තිය, චලිතය, ගුරුත්වය, අභ්‍යවකාශය හා කාලය පිළිබඳ අවබෝධයක් ලෝකයට ලබා දුන්නේ ඇල්බට් අයින්ස්ටයින් ය. පදාර්ථය යනු ශක්තිය රැස්කොට ඇති තටාකයක් යැයි ඔහු ප්‍රකාශ කළා. ශක්තිය හා ස්කන්ධය අතර සම්බන්ධතාව දක්වන සුප්‍රකට සමීකරණය ඔහුගේ බුද්ධි බලයෙන් තර්කානුකූලව ඉදිරිපත් කරවූවක් මෙම සමීකරණය පසුව පරීක්ෂණාත්මකව ඔප්පු කරනු ලැබුවා.ජලකර හා පරමාණු බොම්බ, න්‍යෂ්ටික බලය, මනුෂ්‍ය වර්ගයාගේ යහපතට යොදා ගැනීමට මුල් වූ පර්යේෂණ ආරම්භ කරන්නට පුළුවන් වූයේත් ඔහුගේ ශක්තිය හා ස්කන්ධය අතර සම්බන්ධතාව හෙළි කිරීමෙන් අනතුරුවයි. එමෙන්ම මුළු භෞතික විද්‍යාවේම අන්තර්ගත කරුණු පැහැදිලි කරන්නට අයින්ස්ටයින් සමත් වුණා.1916 දී ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ කුඩා පර්යේෂණ පති‍්‍රකාවකට මුළු ලෝකයම උඩු යටිකුරු කරන්නට හැකියාව ලැබුණා. පිටු 12 කින් සමන්විත මේ පති‍්‍රකාව 20 වැනි සියවසේ විශිෂ්ටතම විද්‍යාත්මක නිබන්ධනය බවට ද පත් වූයේ නිතැනින්මයි. ඉන් හෙළි වූ සාපේක්ෂතාවාදය පිළිබඳ මතය එතෙක් පැවැති මත වලට වඩා සහමුලින්ම වෙනස් වුණා. මෙලෙස නවතම සංකල්පයක් බිහි කළ අයින්ස්ටයින් කිසිම විද්‍යාගාරයක, පර්යේෂණාගාරයක පර්යේෂණ පැවැත් වූ කෙනෙක් නෙමෙයි. ඔහුට පර්යේෂණාගාරය වූයේ ඔහුගේම මොළයයි.ලොව තතු සොයන යන්ත්‍රයක් සේ හිස් කඩදාසි මිටියක් හා පෑනක් අතින් ගෙන කල්පනාවේ නිමග්න වූ අයින්ස්ටයින් ගැඹුරු විද්‍යාත්මක න්‍යායන් හා ගණිත සූත්‍ර රාශියක් ලොවට හෙළි කළේ ඔහු සතු අසමසම බුද්ධි මහිමයෙන්. භෞතික විද්‍යාවට මේසා මෙහෙයක් කළ අයින්ස්ටයින්ට 1922 දී භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමි වුණා.යුදෙව් ජාතිකයකු වුණු අයින්ස්ටයින්ට හිට්ලර්ගේ හමුදාවෙන් කරදරවලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඔහුගේ දේපළ පවා ගිනිබත් කරන්නට තරම් ඔවුන් දරුණු වුණා. උපන් රට අතහැර දමා ඇමෙරිකාවට යන්නට අයින්ස්ටයින් තීරණය කළේ මේ නිසයි. 1940 දී ඔහුට ඇමරිකාවේ පුරවැසි බවද හිමි වුණා.ඉලක්කම්වලින් පිරි විද්‍යාත්මක ලෝකයක ජීවත් වූවද ඇල්බට් අයින්ස්ටයින් මානවදයාව උතුරා ගිය කුළුණු ගුණයෙන් පිරි හදවතක් ඇත්තෙක්. 1945 දී හිරෝෂිමා හා නාගසාකියට බෝම්බ දැමූ වෙලාවේ ඔහු බලවත් සේ කම්පාවට පත් වුණු බවයි වාර්තා වෙන්නේ. භෞතික විද්‍යාවට අමිල සේවයක් කළ මේ මහා විද්‍යාඥයා 1955 අපේර්ල් 18 වැනි දා සදහටම මෙළොවින් සමුගත්තා.[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-v8FUXctzojc/TnjB7kcogTI/AAAAAAAAA0Y/Uv0syv8-om0/s640/kadulla+01.jpg[/IMG] [SIZE="5"]ඇල්බට් අයින්ස්ටයින් ගේ රිපෝට් කාඩ් එක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom