මහා ශිෂ්ටාචාර. [Update]

sanjeewa.per85

Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    මානව ඉතිහාසයේ විවිධ සහ ශ්‍රේෂ්ඨ සංස්කෘතීන්.

    "ඉතිහාසය නැවතත් ප්‍රතිනිර්මාණය වේ." නමුත් මේ කියමන මුළුමනින්ම සත්‍ය ප්‍රකාශයක් නොවේ. මන්ද ඉතිහාසය කිසි විටෙකත් සව්ස්තරාත්මකව ප්‍රතිනිර්මාණය නොවේ. එසේ වුවහොත් ඉතිහාසයේ කිසිදු වෙනසක්, ප්‍රගතියක් හෝ පසුබෑමක් සිදුනොවේ. පුරාණ ලෝකයෙන් වර්තමාන ලෝකය දාර්ශනික, අධ්‍යාත්මික, සමාජීය සහ තාක්ෂණිකව විවිධාකාරයෙන් වෙනස් වී ඇති බව ඉතා පැහැදිලි ය. දෙවන සහස්‍රයේ ලෝකය කෙට් කාලයක් තුළ පවා ‌ෙඑතිහාසිකව, රැඩිකල් වෙනසක් අත්දැක තිබේ. විසිවන සියවසේ ආරම්භයේ සිට ගෙවීගිය වසර කිහිපය මූලික වශයෙන්ම මෙම විප්ලවය සඳහා සහයෝගය ලබා දී ඇත. කෙසේ වෙතත්, ඉතා පුළුල් ලෙස ගත්කල, ඉතිහාසය පුනරාවර්තනය වන ආකාරය ද ඉතා පැහැදිලි ය. පුරාණ සහ නූතන යුග දෙකෙහිම, මෙම ලිපි පෙළේ ඉදිරියේදී පෙන්වා දෙන ආකාරයට අධිරාජ්‍යයන් සහ ශිෂ්ටාචාරයන් නැගී සිට ඇති අතර එම අධිරාජ්‍යයන් සහ ශිෂ්ටාචාරයන් කලෙකදී පිරිහී විනාශ වී ගොස් ඇත. බලය, සම්පත් හෝ පළිගැනීම වෙනුවෙන් ඔවුනොවුන් එකිනෙකා සමඟ යුද්ධ කර ඇත. ආගම විසින් මිනිසා තුළ සැඟව පැවති සුවිශේෂී දෑ සහ අයහපත් දෑ පිටතට ගෙනැවිත් තිබේ. "මිනිසාට මිනිසාගේ අමානුෂිකත්වය" යනුවෙන් හැඳින්වෙන දේ සියවස් ගණනාවක් පුරා නොවෙනස්ව ගමන් කරමින් අනාගතයටත් රැගෙන යයි.

    ලෝක ජනයාගේ මූලාරම්භය, ඔවුන්ගේ දේශපාලනය හා බල අරගල, යුද්ධ, ජයග්‍රහණය හා සාමය සහ අධිරාජ්‍යයන්, ගවේෂණ, වෙළඳ හා කර්මාන්ත, විද්‍යාව හා තාක්ෂණය, සාමාජීය සහ සංස්කෘතික, ආගම්, මිථ්‍යාවන්, කලාව සහ නිර්මාණශීලීත්වය මෙම ලිපි පෙළින් ඉදිරියේදී ඔබට කියවිය හැක. කෙසේ වෙතත්, මේ කිසිවක් අද දවසේ කිසිදු අදාලත්වයක් නැති සිදුවීම් හා ආකල්ප සමඟ මියගිය අතීතයක් සමඟ කටයුතු නොකරයි. අද දවස අතීතයේ සිටි උරුමක්කරුවන් සමඟ මියගිය අතීතයක් සමඟ කටයුතු නොකරයි. අද දවස අතීතයේ හිමිකරුවාගේ වන අතර, අතීතය මිනිස් ශිෂ්ටාචාරයේ සිදුවූ විවිධ දෑ සහ පාඩම් වලින් පිරී පවතී. සමහර ඒවායින් වර්තමානයට ද ගැලපෙන පාඩම් ඉගෙන ගැනීමට හැකි අතර, තවත් සමහර ඒවා කිසිදු වැදගැම්මකට නැති ඒවාද වේ. කෙසේ වෙතත්, වර්තමානය සහ අතීතය අතර සැලකිය යුතු සමානකම් තිබේ.


    oil-Charlemagne-limewood-collection-Albrecht-Durer-Nurnberg.jpg

    චාර්ල්මැග්නේ රජු (742-814). බටහිර ක්‍රිස්තියානි අධිරාජ්‍යයෙකු සහ ෆ්‍රැන්ක්ස් හි රජු.

    නිදසුනක් වශයෙන් ගතහොත්, ආගමක් ඇදහීමේ අවශ්‍යතාවය සහ යම් විශාල බලයක් විසින් ලෝකය පාලනය කරයි සහ ආරක්ෂා කරයි යන විශ්වාසය ඇදහිල්ලට වඩා ඉතිහාසය පුරාම මූලිකත්වය ගෙන කටයුතු කළේය. මේ අර්ථයෙන් ගත්කල, පුරාණ ඊජිප්තුවේ, ග්‍රීසියේ, රෝමයේ හෝ මෙසපොතේමියාවේ මිථ්‍යාදෘෂ්ටික විශ්වාසයන් සහ යුදෙව් ආගමේ, ක්‍රිස්තියානි ධර්මයේ හෝ ඉස්ලාමයේ යන ඒක දේවවාදී ආගම් අතර මූලික වෙනසක් නොමැත. ඒක දේව වාදය හෙවත් තනි අදෘශ්‍යමාන දෙවියෙකු පිළිබඳ සංකල්පය අද වන විට පවතින ප්‍රධානතම ඇදහිල්ල විය හැකි නමුත්, එහි මූලයන් මිථ්‍යා දෘෂ්ටික අතීතය දක්වාම විහිදී යයි. වර්තමානයේදී එක් සර්වබලධාරී දෙවියෙකුට පවරා ඇති බලය අතීතයේදී දෙවිවරුන් කිහිපදෙනෙකු අතර බෙදී ගියේය. එම දෙවි දේවතාවුන් විසින් ඔවුන්ට අයත් පාලන ප්‍රදේශ බෙදා වෙන්කර ගනිමින් පාලනය කළ බවට අතීත ජනතාව විශ්වාස කරයි.

    පෘථිවි වාසීන්ගේ ජීවන ගමනේ තවත් වෙනස් නොවන අංගයකි යුද්ධය. අතීතයේ සිට අද දක්වා මේ මිහිතලයේ යුද්ධයන් නොපැවතුණු කාලයක් සොයා ගැනීම කළුනික සොයා ගැනීමටත් වඩා අපහසු කාර්යයකි. නමුත් වර්තමානය වන විටත් පෘථිවි වාසීන්ගේ යුද්ධයට ඇති කැමැත්ත අඩුවී නොමැත. පුරාණ ග්‍රීසියේ පෙලෝපෝනිසියන් යුද්ධය (ක්‍රි.පූ 431 - 404), ක්‍රි.ව 780 ගණන් වල චාර්ල්මැග්නේ විසින් සැක්සන්වරු බලහත්කාරයෙන් ක්‍රිස්තියානි ආගමට හැරවීමට කළ යුද්ධ, ශුද්ධ භූමියක් වෙනුවෙන් පැවති කුරුස යුද්ධ (1096-1303), ඇමෙරිකානු සිවිල් යුද්ධය (1861-1865) හෝ පළමු (1914-1918) සහ දෙවන (1939-1945) ලෝක යුද්ධ වැනි මහා ජන සංහාරයක් සිදුවූ යුද්ධ උදාහරණයකට ගත හැකිය. එක් ජාතියක ඇති කැමැත්ත සහ ඔවුන්ගේ දෘෂ්ටිවාදය තවත් රටක් මත පැටවීමට ඇති උනන්දුව නිසා ඉහත කී යුද්ධ ඇතිවී ඇත. යුද්ධයෙන් වින්දිතයන් බවට පත්වූ ජනයා ඔවුන්ගේ දිවි ගලවා ගැනීමට සහ දේපල ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගත්තත්, යුද්ධය ආරම්භ කළ පුද්ගලයන්ගේ අවශ්‍යතා සහ අරමුණු වෙනස් විය. කැරලි සහ විප්ලව වලට ද ඒ හා සමාන ඉතිහාසයක් ඇත. අයුක්තියට එරෙහි විරෝධතා දැක්වීම ලෙස හෝ අකාර්යක්ෂම, නොසැලකිලිමත් පාලන තන්ත්‍රයන් පෙරළා දැමීමට ජනයා ඒකරාශී විය. පුරාණ රෝමයේ (්‍ක්‍රි.පූ 509) පරිහානියට පත් අවසන් රජු ඉවත් කිරීමේ කැරැල්ලේ සිට ප්‍රංශ විප්ලවය දක්වා (1949) විවිධ ආකාරයෙන් රාජ්‍යයන් තුළ කැරලි කෝලාහල සහ විප්ලව ඇතිවී ඇත.


    sicil1-1280x720.jpg

    දෙවන පෙලෝපෝනිසියානු යුද්ධයේදී ස්පාටන්වරුන් විසින් ඇතීනියානුවන් පරාජය කළ සිරාකියුස් වරායේ නාවික සටන.

    අනෙක් අතට, අතීතය සහ වර්තමානය අතර ඇති විශාල වෙනස පිළිබඳ එක් උදාහරණයක් වන්නේ ඔ්නෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයක් පිළිබඳ ජාතික ආකල්පයි. අද වන විට යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය යන ද්විත්වයම අප්‍රසන්න, නුසුදුසු කාර්යයක් බව ජනතාව අතර මතවාදයක් ගොඩනැගෙමින් පවතී. පළමු ලෝක සංග්‍රාමයට පෙර ආයුධ මගින් ජනයා දරුණු ලෙස ඝාතනය සහ විනාශකාරී දේ සිදු කිරීමට විශාල පිටුවහලක් නොලැබුණත් යුද්ධය, ස්වාභාවිකවම සහ දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍යයන් අතර තේජාන්විත ක්‍රියාවක් ලෙස සැලකුණි. යුද්ධ විවිධ කාලයන් වලදී ලෝක ආර්ථිකයට, දේශපාලනයට, සාමාජයීීය සහ අනෙකුත් සියලු අංගයන්ට විනාශකාරී ප්‍රතිඵල ළඟාකර දී ඇත. වර්තමානය වනවිට යුද්ධය රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ අසාර්ථකත්වයක් ලෙසද සලකනු ලැබේ. අතීතයේ එය රාජ්‍යතාන්ත්‍රිකභාවය සඳහා සලකා බලනු ලැබූ නිර්ණායක වලින් එකක් විය.

    සමාජ ආකල්පයන් ද සියවස් ගණනාවක් පුරා විශාල වශයෙන් වෙනස්කම් වලට භාජනය වී ඇත. නිදසුනක් වශයෙන් ගතහොත්, බයිබලයේ ඇති කතාන්දර වල, පුරාණ ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරයන්හි සහ මෑත කාලයන් හිදී පවා වහල්භාවය යනු පරාජිතයන්ගේ, දුගී ජනතාවගේ හෝ දුර්වලයන්ගේ ස්වාභාවික ඉරණම ලෙස සැලකුණි. වර්තමානය වනවිට එදා තිබූ අදහස් වලට හාත්පසින්ම වෙනස්ව, වහල්භාවය යනු මනුෂ්‍යත්වයට එරෙහි භයානක අපරාධයක් ලෙස ලොවපුරා පුළුල් ලෙස සාකච්ඡාවට පාත්‍ර වේ.


    firing-a-french-aerial-torpedo-shell-JTAFTD.jpg

    පළමු ලෝක යුද්ධයේදී ප්‍රංශ සොල්දාදුවන් ගුවන් ටෝපි‌ඩෝ ෂෙල් වෙඩිල්ලක් තැබීම සූදානම් කරමින්.

    ඒ හා සමානව වර්තමානයේ ජාතිවාදය ලෙස හැඳින්වෙන මනුෂ්‍යත්වයට නිගා දෙන ක්‍රියාව හෙවත් එක් ජාතියක හෝ ආගමක අයෙකුට පීඩා කිරීම මනුෂ්‍යත්වයට කරන නිග්‍රහයක් ලෙස සැලකේ. කළු ජාතිකයන්ට සුදු ජාතිකයන් විසින්, යුදෙව්වන්ට කිතුනුවන් විසින්, කිතුනු භක්තිකයන්ට මූසල්මානුවන් විසින්, හින්දු භක්තිකයන්ට මුසල්මානුවන් විසින්, රෙපරමාදු භක්තිකයන්ට කිතුනුවන් විසින් ජාතිවාදය, ආගම්වාදය අතීතයේ පමණක් නොව වර්තමානයේදී ද ක්‍රියාත්මක කරනු ලබයි. අතීතයේදී මෙය සිතාගැනීමටවත් නොහැකි ලෙස සමාජය පුරා ඔඩුදුවා තිබුණි. එකල විවිධ සංස්කෘතීන් සහ විශ්වාසයන් සමඟ ජාතිවාදී ආකල්ප සහිත ප්‍රතිචාරයන් කොතරම් මිලේච්ඡ ලෙස පෙනෙන්නට තිබුණත්, එය නිවැරදි ක්‍රියාවක් ලෙස සමාජය භාරගනු ලැබුවේ ය.

    නූතන ලෝකය අවසානයේදී මේ සියල්ල ඉතා නිවැරදිව වටහාගෙන ඇති බව විශ්වාස කිරීම මනුෂ්‍යත්වය වෙනුවෙන් වූ ඉතා හොඳ පෙළඹවීමකි. අද දවසේ අතීතයේ සිදුවූ වැරදි, නොමඟ ගිය සහ නොමඟ යවන ලද විශ්වාසයන් පිළිබඳව දැනුම වැඩිදියුණු වී ඇත. කෙසේ වෙතත්, ඉතිහාසය තුළ සිදුවූ දෑ වෙනස් ආකාරයකින් වර්තමාන ලෝකයට පාඩම් කියාදෙයි. අපගේ යුගය ඇතුළුව, සෑම යුගයක්ම තමන්ගේ මාර්ගයන්, විශ්වාසයන් සහ ක්‍රියාවන් හොඳම ඒවා බවට සහතික කර ඇත. පුරාණ රෝමන්වරුන් ඔවුන්ගේ කාලයන් හි පැවති ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යයන් යටත් කර ගත් අතර, තමන් පරාජය කළ පාලකයන් සහ රාජ්‍යයන්ට වඩා තමන් උසස් යැයි විශ්වාස කළේය. එමඟින් ඔවුන් පාලනය කිරීමට තමන්ට අයිතිය ඇතැයි රෝමන්වරුන් විශ්වාස කළේය. අතීතයේ සිටි පූර්ණ රජවරුන් සහ අධිරාජ්‍යයන්ට තම යටත් වැසියන් අවම පහසුකම් සහ නීතිරීති යටතේ පාලනය කිරීම ඔවුන්ගේ ඉරණම බව සිතාගෙන සිටියේය. අතීතයේ සිට වර්තමානය දක්වා සෑම පරම්පරාවක්ම ඔවුන්ගේ තාරුණ්‍යය කිසි වැදගැම්මකට නැති දෙයක් යන විශ්වාසයෙන් වයස්ගත වූ අතර, අනෙක් අතට, තරුණයන් පරිණත තත්වයට පත්වූ විට එම රටාව නැවත නැවතත් ප්‍රතිනිර්මාණය වී කාලයත් සමඟ ඉදිරියට ගලාගෙන ගියේය. පරස්පර විරෝධී ලෙස සෑම යුගයක්ම අප්‍රසන්න වර්තමානය අනුව අතීතයේ පැවති "මහානුභාවසම්පන්න" යුගය පිළිබඳව දුක්වෙමින් පවතී.


    The_history_of_slavery_and_the_slave_trade,_ancient_and_modern_-_the_forms_of_slavery_that_pre...jpg

    මනුෂ්‍යත්වයට නිගාවක් වූ වහල්භාවය සහ වහල් වෙළඳාම.

    ඉතිහාසය අර්ථවත් විය හැක්කේ වර්තමාන අදහස් තාවකාලිකව පසෙකට දැමුවහොත් සහ අතීතයේ සිදුවූ සිදුවීම් සහ එම කාලයේ ජීවත් වූ ජනතාව පිළිබඳ තමන්ගේම දැනුම මෙහෙයවීම මගින් තේරුම් ගත් විට පමණි. මේ සියල්ලම දෙස හොඳින් බැලුවහොත් කාලයත් සමඟ මානව වර්ගයාගේ අඛණ්ඩ වික්‍රමාන්විතයන් සෑම විටම විස්තර කරන අතර, වර්තමාන ලෝකය ස්වල්ප මොහොතකින් ඉතිහාසයට එක්වන එක් කතාංගයක් පමණි.

    - අනාගතයට... -