Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහා_කාශ්‍යප_රහතන්_වහන්සේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසේ බුදුන් වහන්සේට මඩ පිලිගැන්වීම

ඉක්බිති ඒ ඒකශාටක බමුණු තෙමේ දෙව් මිනිස් සුගතියෙහි ඉපදී, මේ කල්පයෙහි කෝණාගමණ - කාශ්‍යප බුදුවරුන් අතර කාලයේදී බරණස් නුවර කුල ගෙයක උපන්නේය. එක දිනක ගං තෙරක සිවුරක් කරමින් සිටි පසේ බුදුන් වහන්සේ නමක් නුවාවකට රෙදි මදි වීමෙන් සිවුරු හකුලනු දැක, ඒ පිළිබඳව විමසා, රෙදි මදි වීමෙන් බව දැන තමන් හැඳ සිටි උතුරු සළුව උන්වහන්සේට පූජා කලේය. පූජා කර "මේ පිනෙන් උපනූපන් සෑම ආත්මයකම මට කිසිවකින් අඩුවක් නම් නොවේවා" යැයි පැතීය.

එදින ඔහුගේ නිවසෙහි ඔහුගේ බිරිය හා නැඟණිය කලහ කරමින් සිටින්නාහ. එකල්හි ඒ පසේ බුදුන් වහන්සේ පිඬු පිණිස ඒ නිවස සමීපයට වැඩම කළ සේක. නැඟණිය පසේ බුදුන් වහන්සේට පිණ්ඩපාතය පිළිගන්වා " මේ නපුරු ගැහැනියගෙන් මා යොදුන් සියයක් දුරු වේවා"යි පැතීය.

මිදුලේ සිට නැඟණියගේ ප්‍රාර්ථනාව අසා සිටින්නා වූ ඔහුගේ බිරිය, "මැගේ පිණ්ඩපාතය මේ ශ්‍රමණයාට වළඳන්නට මම ඉඩ නොදෙමි"යි සිතා පසේ බුදුන් වහන්සේගේ පාත්‍රය අතින් ගෙන එහි වූ පිණ්ඩපාතය විසි කර දමා එයට මඩ පුරවා පිළිගැන්වීය.

එය දැක නැඟණිය කම්පා වන්නී, "මෝඩිය, වුවමනා නම් මට බනින්න, ගසන්න. ඒත් මෙවැනි උත්තමයන් වහන්සේ නමකගේ පාත්‍රයට බත් විසි කොට මඩ දමා යුතු නොවේ" යැයි පැවසීය.

එකල්හි සිහි නුවණ පැමිණියා වූ බිරිය, පසේ බුදුන් වහන්සේගේ හස්තයෙන් පාත්‍රය නැවත රැගෙන එහි වූ මඩ විසි කර දමා සෝදා පිරිසිදු කර සුවඳ සුණු උලා සුවඳ කොට එහි චතුමධුර පුරවා මතුපිට පියුම් ගැබ් වන් ගිතෙල් ලා ඔප ගන්වා පසේ බුදුන් වහන්සේට පූජා කලේය. පූජා කර "මේ පිණ්ඩපාතය සේම මාගේ ශරීරයද උපනූපන් හැම ආත්මයේම ආලෝකවත් වේවා"යි පැතීය. ඒ අඹුසැමි දෙදනා බොහෝ පින්කම් කර නැවත දෙව්ලොව උපන්නේය.

ඒ උපාසක තෙමේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී බරණැස් නුවර අසූ කෙළක් ධනය ඇති සිටු ගෙදරක උපන්නේය. ඔහුගේ බිරියද එවැනිම ගෙදරක උපන්නේය. සුදුසු කල් පැමිණි කල්හි ඒ සිටු දියණිය ඒ සිටු පුත්‍රයාට සරණ පාවා දෙන ලදී. එකල්හි එතෙක් කල් ඇයට විපාක නොදුන් පසේ බුදුන්ගේ පාත්‍රයට මඩ දැමීමේ පාපය විපාක දෙන්නට විය. සිය සැමියාගේ ගෙදරට ගිය කල්හි ඇගේ ශරීරයෙන් වැසිකිළියක මෙන් දුඟද හමන්නට විය. මේ ගඳ කොහින් එන්නේදැයි විමසන සිටු පුත්‍රයා හට එය අලුත ගෙනා මනාලියගෙන් පැමිණෙන්නේ යැයි දැන සිටු දුවණිය නැවත හරවා යැවීය.

නැවත නැවතත් ඇය සත් තැනකට සරණ පාවා දුන් නමුත් ඒ සෑම තැනකින්ම දුඟද නිසා නැවත හරවා එවිණි. ඇය යම් ලෙසකින් නිවසේ සිටින්නේද එවිට කිසිම දුඟදක් ඇඟේ ශරීරයෙන් පිටවන්නේ නැත.

පිනෙන් පරණ පව අහෝසී වීම

එකල්හි බොහෝ සත්ත්වයින් සසර දුකින් එතෙර කරවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. උන්වහන්සේගේ ධාතූන් තැන්පත් කර රන් ගඩොලින් චෛත්‍යයක් කරන්නට විය. සිටුදූ ද "සත් තැනකින්ම හරවා එවන ලද මාගේ ජීවිතයෙන් කවර නම් ප්රයෝජනක්ද ?" යැයි සිතා තමන් සතු වූ සියළුම රන් ආභරණ උණු කරවා රන් ගඩොලක් සාදා හිරියල් මනෝසීල බදාමද මානෙල් මල් මිටි අටක්ද රැගෙන චෛත්‍ය කරන තැනට ගියේය.

එවෙලේ එක ගඩොල් පෙලක් බැඳ අවසන් කිරීමට එක ගඩොල් කැටයක් මදි වී තිබුණි. එහි ගිය සිටු දුව "මේ ගඩොල් කැටය තබා බඳින්නට" යැයි පැවසීය. ඉන්පසු සිටූ දූ තමන් විසින්ම ඒ රන් ගඩොල් කැටය චෛත්‍යයේ තබා බදාමද යොදා, මානෙල් මල් පුදා වැඳ "මේ පිනෙන් උපනූපන් ජාතියේ මාගේ කයින් සඳුන් මල් සුවඳත්, මුව්න් මානෙල් මල් සුවඳත් විහිදේවා" යි පැතීය.

ඒ මොහොතෙහිම ඇය පළමු වරට ගිය සිටු පුත්‍රයා හට ඇයව සිහි විය. ඒ නගරයෙහි නැකැත් කෙළිය ආරම්භ කරන කාලයයි. ඇය කොහිදැයි විචාළන සිටු පුත්‍රයා හට ඇය ඇයගේ නිවසේ වස්නා බව දැනගන්නට ලැබී "නැකැත් කෙළිය සඳහා ඇයව රැගෙන එනුයි" සේවකයන්ට අණ කළේය.

සේවකයෝ ගොස් ඒ පුවත ඇයට දැන්වීය. එකල්හි තමන්ට පැමණීමට ආභරණ නැති බව ඈ පැවසීය. සිටු පුත්‍රයාට ඒ කරුණ දැන ගන්නට ලැබී ආභරණ ලැබිය හැකි යැයි පවසා එන ලෙස නැවත දන්වා යැවීය. එකල්හි සේවකයෝ ඈ රැගෙන ආවේය. ඈ නිවසට පා තැබූ කල්හි මුළු ගෙයිම සඳුන් මල් සුවඳ හා මානෙල් මල් සුවඳ පැතිරෙන්නට විය. එවිට සිටු පුත්‍රයා පුදුම වී "පෙර ඈ පැමිණි කල්හී වැසිකිළියක් මෙන් දුඟද පිට වන්නට වූ මුත් දැන් ඔබගේ කයින් සඳුන් සුවඳත්, මානෙල් මල් සුවඳත් නික්මෙන්නේය, ඊට හේතු කාරණා කිමදැයි" විමසීය. එකල්හි සිටු දුව සිදුවූ සියල්ල ඔහුට පැවසීය.

එකල්හි සිටු පුත්‍රයා මේ බුදු සස්න පිළිබඳව වඩාත් පැහැදී යොදුනක් පමණ වූ ඒ ස්වර්ණ චෛත්‍ය වස්ත්‍රයෙන් වසා එහි තැනින් තැන නෙළුම් මලෙන් සැරසීය. අවසන ආයු කෙළවර නැවත දෙව්ලොව උපත ලැබීය.

සිටුපුත් දෙව්ලොවින් චුතව නැවත බරණැස් නුවරට යොදුනක් පමණ දුරින් වූ ඇමති පවුලක උපන්නේය. සිටුදූ රජ පවුලෙහි දෙටු දුවණිය වී උපන්නේය. කුමරු වැඩිවිය පැමිණි කල්හි ගමේ පැවැත්වෙන නැකැත් කෙළියට සැරසෙනු සඳහා තම මෑණියන්ගෙන් වස්ත්‍ර ඉල්ලුවේය. ඈ සෝදා පිරිසිදු කල වස්ත්‍රයක් දුන්නීය. එය රළු වැඩියැයි කියා කුමරු එය ප්‍රතික්ෂේප කළේය. එවිට මව වෙනත් සළුවක් දුන්නීය. කුමරු එයද ප්‍රතික්ෂේප කළේය. මව තවත් වෙනත් සළුවක් දුන් විට කුමරු එයද ප්‍රතික්ෂේප කළේය. එකල්හි මැණියෝ "පුතණුවනි, අපට මෙයිට වඩා සියුම් වස්ත්‍ර ලැබෙන පිනක් නැතැයි" කීය. එකල්හි කුමරු "එසේ වී නම් මෑණියනි එබඳු සළු ලැබෙන තැනකට මම යමි" යි කියා නිවසින් පිටව ගියේය.

ඇමති පුත් තමන් විසින් අතීතයේ කරන ලද්දා වූ කුශල කර්ම වල මෙහෙයවීමෙන් සිය නිවසින් නික්ම බරණැස් නුවරට ගොස් රජ උයනේ මඟුල් උයනේ ගල් පුවරුවකට වී නිදා ගත්තේය. එය බරණැස් රජු කලුරිය කර සත්වන දිනය විය. එම රජුගෙන් පසු රාජ්‍යය භාර ගැනීමට කිසිවෙකුත් නොසිටියහ. එම නිසා සම්ප්රදාය අනුව මඟුල් ඇතු සරසවා ශ්වේත්ච්ජ්ත්රය සහිත පඤ්ච රාජ භාණ්ඩ එහි තබා ඇතුට යන්නට හැරියේය. එකල්හි මඟුල් ඇතු මඟුල් උයන දෙසට යන්නට විය. ඇතැම්හු "ඇතු පුරුද්දට මඟුල් උයනට ගමන් කරනවා" යැයි කියා ඇතු නවත්වන්නට උත්සාහ කලහ. පුරෝහිත බමුණා එය වළක්වා ඇතුට යන්නට දුන්නේය. මඟුල් උයනට ගිය ඇතු කුමරු ප්රදක්ෂිණා කර ඇතු පිට නැඟීමට හැකි පරිද්දෙන් සිට ගත්තේය. එවිට එහි පැමිණි පුරොහිත තෙමේ කුමරුගේ යටි පතුල් පරීක්ෂා කර බලා මේ තෙමේ මෙ නුවර රජකමට පමණක් නොව, සතර මහද්වීපයේ රජකටම වුවද සුදුසු බව" දැන තූර්ය වාදනය කරවීය.

එකල්හි නිදා හුන් කුමරු ඇහැරී බලා "කුමට ආවේදැයි" විමසීය. ඉක්බිති කුමරු සිදු වී ඇති සියල්ල පුරෝහිත බමුණාගෙන් දැන "එසේ වී නම් රාජ්‍යය කරමියි" කියා රාජ්‍යය භාර ගත්තේය.

උතුරු සළුව පිදීමේ විපාකය පල දීම

ඉන්පසු ඒ උයනෙහිම අභිෂේක මණ්ඩපයක් තනවා කුමරිය සර්වාලංකාරයෙන් සරසා කුමරුන් හට සරණ පාවා දී රාජාභිෂේකයද කරවා රාජාභිෂේකයෙන් පසු කුමරුට හැඳීමට ලක්ෂයක් වටිනා සළුවක් දුන්නේය.එකල්හි කුමරු "මේ කුමක්දැයි" ඇසීය. "දේවයන් වහන්ස, හැඳීමට සළුවකි"යි කීහ. "මේ සළුව රළුය. මීට වඩා සියුම් වූ සළුවක් නැත්දැයි" රජු විමසීය. "දේවයන් වහන්ස මේ මිනිස් ලොව නම් මීට වඩ සියුම් වූ සළු නැතැ"යි කීහ. "නුඹලාගේ රජු හැන්දේ මෙවැනි සළුදැයි" කුමරු විමසීය. "එසේය දේවයිනි" ඇමතියෝ පිළිතුරු දුන්හ.

එකල්හි "නුඹලාගේ රජු පිනැතියෙකු නොවෙමියි සිතමි. පැන් කෙණ්ඩියට වතුර ගෙනෙව්.සළු ලබනා සැටි මම පෙන්වමි" යි කුමරු කියා ගෙනා පැන් කෙණ්ඩියෙන් මුවද, අත්ද සෝදා නැගෙනහිර දෙසට පැන් ඉස්සේය.

එකෙණෙහිම ඝන පොළොව බිඳ කප් රුක් අටක් පැන නැංගේය. කුමරු දකුණු, බස්නාහිර, උතුරු දෙසටද පැනි ඉසින්නාහු ඒ දිශා වලින්ද කප් රුක් අට බැඟින් නැංගේය.

ඉන්පසු ඔහු ඒ එක දිවසළුවක් හැඳ එකක් පොරවා "මින්පසු රාජ්‍යයේ නූල් කටිනා සිත්රීන්ට නූල් නොකටිනා ලෙස" අඬබෙරයක් යවා මහත් වූ උත්සවශ්‍රීයෙන් නුවරට ගොස් නන්ද රජු නමින් රාජ්‍යය විචාරන්නට විය. ඒ උතුරු සළුව පිදීමේ විපාකයය.

එක් දිනක් නන්ද රජුගේ දේවිය කණගාටු වනු දුටු රජු ඒ පිළිබඳ විමසන්නාහු, "තමන්ගේ අතීත පුණ්‍යක්‍රියා නිසා තමන් මේ සා මහත් වූ සැප සම්පත්තියක් විඳින බවත්, අනාගතය පිණිස පුණ්‍යකර්මයක් නොකරන බැවින්" තම දේවිය ඒ පිළිබඳව දුක් වන බවත් දැනගත්තේය.

එකල්හි රජතුමා, "දේවියනි, අපි කා හට නම් දන් දෙමුද ? මේ නුවර සිල්වතුන් නම් නැතැයි" කීහ. එවිට බිසව "දේවයන් වහන්ස, මේ දඹදිව රහතන් වහන්සේලාගෙන් නම් හිස් වන්නේ නැත. නුඹ වහන්සේ දන් පිළියෙල කරනු මැනවි. මම රහතන් වහන්සේල සොයා දෙමි" යි කීය.

රජතුමා පසු දිනම මහ දනක් පිළියෙල කළේය. බිසව සිල් සමාදන් වී ප්‍රාසාදයේ උඩුමහල් තලයට නැඟ නැගෙනහිර දිසාවට හිස ලා බිම දිගා වී නමස්කාර කොට "මේ දිසාවෙහි රහතන් වහන්සේලා වැඩ වසන සේක් නම්, හෙට දින දන්ට වැඩම කර අපගේ භික්ෂාව පිළිගන්වා සේක්වා"යි ආරාධනා කළාය. නමුත් එම දිසාවෙහි රහතන් වහන්සේලා නොවූහ. පිළියෙල කල දානය නගරයෙහි වූ දුගී මගී යාචකාදීන්ට බෙදා දුන්හ. පසු දිනද දන් පිළියෙල කල එසේ කලාය. නමුත් රහතන් වහන්සේලා නොපැමිණියහ. තුන්වන දිනද එසේම කළේය. නමුත් රහතන් වහන්සේලා නොපැමිණියහ. සතරව දින ද මහත් වූ දානයක් පිළියෙල කර උතුරු දෙසට හිස ලා බිම දිගාවී දනට ආරාධනා කළාය.

එකල්හි හිමාලය වනයේ වැඩ වසන පදුමාවතී දේවියගේ දරුවන් වන පන්සියයක් පසේ බුදුවරුන්ගෙන් වැඩිමහලු මහාපදුම පසේ බුදුන් වහන්සේට එය දැනී තම සහෝදර පසේ බුදුන් වහන්සේලා අමතා "නන්ද රජු හෙට දින ඔබ සියලු දෙනාටම දනට ආරාධනා කරන්නාහ. ඔහුගේ ආරාධනාව ඉවසන්නැයි" වදාල සේක.

පසු දින පන්සියයක් පසේ බුදුන් වහන්සේලා අනෝතත්ත විලෙන් මුව සෝදා අහසින් වැඩම කර නගරයේ උත්තරද්වාරය සමීපයේදී පොළවට වැඩම කළ සේක. මිනිසුන් ද රජු වෙත ගොස් "රජතුමනි, පන්සියයක් පසේ බුදුවරුන් වහන්සේලා වැඩම කළහ"යි දැනුම් දුන්හ.

රජතුමා සහ දේවිය එහි ගොස් මහත් වූ හරසරින් පන්සියයක් වූ පසේ බුදුවරුන් වැඩම කරවා දන් පිළිගැන්වූහ. අවසානයේදී රජතුමා පසේ බුදුවරුන්ට එහිම වැඩ වාසය කරන ලෙසට ආරාධනා කළේය. රජතුමාගේ ඒ ඇරයුම පිළිගත් පසේ බුදුන්වරුන් වහන්සේලාට රජතුමා තම උයනෙහිම වාසස්ථාන පිළියෙල කරවා දුනි.

දිනපතා පසේ බුදුවරුන්ට උපස්ථාන කරන්නාවූ රජතුමන් හට දීර්ඝකාලයකට පසු ජනපදයක ඇති වූ කැරැල්ලක් මැඬ පැවැත්වීමට යන්නට සිදු විය. පසේ බුදුන් වහන්සේලාට අප්‍රමාදීව උපස්ථාන කරන ලෙස දැන්වූ රජතුමා කැරැල්ල මැඬපැවැත්වීමට පිටව ගියහ.

පසේ බුදුවරු පිරිණිවන් පෑම

දේවියද රජතුමා ගිය දා පටන් මහත් වූ ගෞරවයෙන් යුතුව පසේ බුදුන් වහන්සේලාට ඇප උපස්ථාන කලේය. නමුත් රජතුමා නැවත් පැමිණීමට පෙර පසේ බුදුන් වහන්සේලාගේ ආයු කාලය ගෙවිණි. මහපදුම පසේ බුදුන් වහන්සේ රාත්‍රිය මුළුල්ලේ ධ්‍යාන සුඛයෙන් කල් ගෙවා අළුයම් කාලයේදී සක්මන කෙළවර හේත්තු වන ලෑල්ලට හේත්තූ වී සිට ගෙනම පිරිණිවන් පෑවාහුය. එදිනම ඒ වේලේම අනෙක් පසේ බුදුන් වහන්සේලාද පිරිණිවියහ.

පසු දින් දේවිය දන් පිළියෙල කරවා පසේ බුදුන් වහන්සේලා වඩින තුරු බලා හිඳින්නී, ඒ බවක් නොදැක, "කිමෙක්ද ? පසේ බුදුන් වහන්සේලාට යම් කිසි අපහසුවක් වීදැයි බලාගෙන එවැයි" කියා රාජපුරුෂයෙකු යැවීය. ඔහු ගොස් පසේ බුදුන් වහන්සේලා වැඩ සිටින පන්සලේ දොර හැර බලා උන්වහන්සේලා එහි නොදැක සක්මනෙහි බැලූ කල එහි හිඳිනු දැක දනට වඩින ලෙසට ආරධනා කළහ. පසේ බුදුන් වහන්සේලාගෙන් පිළිතුරක් නොලද කල්හි මුන් වහන්සේ නිදාසිටී යැයි සිතා උන්වහන්සේගේ යටි පතුල් අත ගෑවේය. සිසිල්ව, තදව පිහිටියා වූ උන්වහන්සේගේ යටි පතුල් වලින් උන්වහන්සේ පිරිනිවී බව දැන අනෙක් පසේ බුදුන් වහන්සේලා වෙත ගියේය. එලෙසම අනෙකුත් පන්සියයක් පසේ බුදුන් වහන්න්සේලා ද පිරිනිවී බව දැන රජගෙට ගොස් ඒ බව දැන්වීය. දේවියද මහත් වූ ශෝකයෙන් හඬා වැලපෙමින් පැමිණ පසේ බුදුවරුන්ගේ දේහයන් ගෙන ගොස් අදාහන කරවා චෛත්‍යයක් කරවීය.

රජු පැවිදිවීම

ජනපදයේ ඇති වූ කෝලාහලය සන්සිඳුවා එන නන්ද රජතුමා තමන්ව පිළිගැනීමට පෙර මඟට පැමිණි දේවියගෙන් පසේ බුදුවරුන් පිළිබඳ විමසා උන්වහන්සේලා පිරිණිවන් පා වඳාළ බව දැන "මෙතරම් පණ්ඩිත පසේ බුදුන් වහන්සේලාටත් මරණය පැමිණි කල්හි අපිට එයින් ගැලවීමක් කොයිදැයි "සිතා නගරයට නොගොස් තම දෙටු පුත් හට රාජ්‍ය පවරා පැවිදි විය. දේවියද "මොහු පැවිදි වූ කල්හි මම කුමක් කරම්දැයි" සිතා දේවියද මහණ විය. දෙදනාම භාවනා කර ධ්‍යාන වඩා ආයු කෙළවර බ්‍රහ්ම ලෝකයෙහි උපත් ලැබීය.

[QUOTE="hirashgeff, post: 16283992, member: 15895"] [COLOR="Magenta"][SIZE="5"]පසේ බුදුන් වහන්සේට මඩ පිලිගැන්වීම[/SIZE][/COLOR] [SIZE="5"]ඉක්බිති ඒ ඒකශාටක බමුණු තෙමේ දෙව් මිනිස් සුගතියෙහි ඉපදී, මේ කල්පයෙහි කෝණාගමණ - කාශ්‍යප බුදුවරුන් අතර කාලයේදී බරණස් නුවර කුල ගෙයක උපන්නේය. එක දිනක ගං තෙරක සිවුරක් කරමින් සිටි පසේ බුදුන් වහන්සේ නමක් නුවාවකට රෙදි මදි වීමෙන් සිවුරු හකුලනු දැක, ඒ පිළිබඳව විමසා, රෙදි මදි වීමෙන් බව දැන තමන් හැඳ සිටි උතුරු සළුව උන්වහන්සේට පූජා කලේය. පූජා කර "මේ පිනෙන් උපනූපන් සෑම ආත්මයකම මට කිසිවකින් අඩුවක් නම් නොවේවා" යැයි පැතීය. එදින ඔහුගේ නිවසෙහි ඔහුගේ බිරිය හා නැඟණිය කලහ කරමින් සිටින්නාහ. එකල්හි ඒ පසේ බුදුන් වහන්සේ පිඬු පිණිස ඒ නිවස සමීපයට වැඩම කළ සේක. නැඟණිය පසේ බුදුන් වහන්සේට පිණ්ඩපාතය පිළිගන්වා " මේ නපුරු ගැහැනියගෙන් මා යොදුන් සියයක් දුරු වේවා"යි පැතීය. මිදුලේ සිට නැඟණියගේ ප්‍රාර්ථනාව අසා සිටින්නා වූ ඔහුගේ බිරිය, "මැගේ පිණ්ඩපාතය මේ ශ්‍රමණයාට වළඳන්නට මම ඉඩ නොදෙමි"යි සිතා පසේ බුදුන් වහන්සේගේ පාත්‍රය අතින් ගෙන එහි වූ පිණ්ඩපාතය විසි කර දමා එයට මඩ පුරවා පිළිගැන්වීය. එය දැක නැඟණිය කම්පා වන්නී, "මෝඩිය, වුවමනා නම් මට බනින්න, ගසන්න. ඒත් මෙවැනි උත්තමයන් වහන්සේ නමකගේ පාත්‍රයට බත් විසි කොට මඩ දමා යුතු නොවේ" යැයි පැවසීය. එකල්හි සිහි නුවණ පැමිණියා වූ බිරිය, පසේ බුදුන් වහන්සේගේ හස්තයෙන් පාත්‍රය නැවත රැගෙන එහි වූ මඩ විසි කර දමා සෝදා පිරිසිදු කර සුවඳ සුණු උලා සුවඳ කොට එහි චතුමධුර පුරවා මතුපිට පියුම් ගැබ් වන් ගිතෙල් ලා ඔප ගන්වා පසේ බුදුන් වහන්සේට පූජා කලේය. පූජා කර "මේ පිණ්ඩපාතය සේම මාගේ ශරීරයද උපනූපන් හැම ආත්මයේම ආලෝකවත් වේවා"යි පැතීය. ඒ අඹුසැමි දෙදනා බොහෝ පින්කම් කර නැවත දෙව්ලොව උපන්නේය. ඒ උපාසක තෙමේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී බරණැස් නුවර අසූ කෙළක් ධනය ඇති සිටු ගෙදරක උපන්නේය. ඔහුගේ බිරියද එවැනිම ගෙදරක උපන්නේය. සුදුසු කල් පැමිණි කල්හි ඒ සිටු දියණිය ඒ සිටු පුත්‍රයාට සරණ පාවා දෙන ලදී. එකල්හි එතෙක් කල් ඇයට විපාක නොදුන් පසේ බුදුන්ගේ පාත්‍රයට මඩ දැමීමේ පාපය විපාක දෙන්නට විය. සිය සැමියාගේ ගෙදරට ගිය කල්හි ඇගේ ශරීරයෙන් වැසිකිළියක මෙන් දුඟද හමන්නට විය. මේ ගඳ කොහින් එන්නේදැයි විමසන සිටු පුත්‍රයා හට එය අලුත ගෙනා මනාලියගෙන් පැමිණෙන්නේ යැයි දැන සිටු දුවණිය නැවත හරවා යැවීය. නැවත නැවතත් ඇය සත් තැනකට සරණ පාවා දුන් නමුත් ඒ සෑම තැනකින්ම දුඟද නිසා නැවත හරවා එවිණි. ඇය යම් ලෙසකින් නිවසේ සිටින්නේද එවිට කිසිම දුඟදක් ඇඟේ ශරීරයෙන් පිටවන්නේ නැත.[/SIZE] [SIZE="5"][COLOR="Magenta"]පිනෙන් පරණ පව අහෝසී වීම[/COLOR][/SIZE] [SIZE="5"] එකල්හි බොහෝ සත්ත්වයින් සසර දුකින් එතෙර කරවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. උන්වහන්සේගේ ධාතූන් තැන්පත් කර රන් ගඩොලින් චෛත්‍යයක් කරන්නට විය. සිටුදූ ද "සත් තැනකින්ම හරවා එවන ලද මාගේ ජීවිතයෙන් කවර නම් ප්රයෝජනක්ද ?" යැයි සිතා තමන් සතු වූ සියළුම රන් ආභරණ උණු කරවා රන් ගඩොලක් සාදා හිරියල් මනෝසීල බදාමද මානෙල් මල් මිටි අටක්ද රැගෙන චෛත්‍ය කරන තැනට ගියේය. එවෙලේ එක ගඩොල් පෙලක් බැඳ අවසන් කිරීමට එක ගඩොල් කැටයක් මදි වී තිබුණි. එහි ගිය සිටු දුව "මේ ගඩොල් කැටය තබා බඳින්නට" යැයි පැවසීය. ඉන්පසු සිටූ දූ තමන් විසින්ම ඒ රන් ගඩොල් කැටය චෛත්‍යයේ තබා බදාමද යොදා, මානෙල් මල් පුදා වැඳ "මේ පිනෙන් උපනූපන් ජාතියේ මාගේ කයින් සඳුන් මල් සුවඳත්, මුව්න් මානෙල් මල් සුවඳත් විහිදේවා" යි පැතීය. ඒ මොහොතෙහිම ඇය පළමු වරට ගිය සිටු පුත්‍රයා හට ඇයව සිහි විය. ඒ නගරයෙහි නැකැත් කෙළිය ආරම්භ කරන කාලයයි. ඇය කොහිදැයි විචාළන සිටු පුත්‍රයා හට ඇය ඇයගේ නිවසේ වස්නා බව දැනගන්නට ලැබී "නැකැත් කෙළිය සඳහා ඇයව රැගෙන එනුයි" සේවකයන්ට අණ කළේය. සේවකයෝ ගොස් ඒ පුවත ඇයට දැන්වීය. එකල්හි තමන්ට පැමණීමට ආභරණ නැති බව ඈ පැවසීය. සිටු පුත්‍රයාට ඒ කරුණ දැන ගන්නට ලැබී ආභරණ ලැබිය හැකි යැයි පවසා එන ලෙස නැවත දන්වා යැවීය. එකල්හි සේවකයෝ ඈ රැගෙන ආවේය. ඈ නිවසට පා තැබූ කල්හි මුළු ගෙයිම සඳුන් මල් සුවඳ හා මානෙල් මල් සුවඳ පැතිරෙන්නට විය. එවිට සිටු පුත්‍රයා පුදුම වී "පෙර ඈ පැමිණි කල්හී වැසිකිළියක් මෙන් දුඟද පිට වන්නට වූ මුත් දැන් ඔබගේ කයින් සඳුන් සුවඳත්, මානෙල් මල් සුවඳත් නික්මෙන්නේය, ඊට හේතු කාරණා කිමදැයි" විමසීය. එකල්හි සිටු දුව සිදුවූ සියල්ල ඔහුට පැවසීය. එකල්හි සිටු පුත්‍රයා මේ බුදු සස්න පිළිබඳව වඩාත් පැහැදී යොදුනක් පමණ වූ ඒ ස්වර්ණ චෛත්‍ය වස්ත්‍රයෙන් වසා එහි තැනින් තැන නෙළුම් මලෙන් සැරසීය. අවසන ආයු කෙළවර නැවත දෙව්ලොව උපත ලැබීය. සිටුපුත් දෙව්ලොවින් චුතව නැවත බරණැස් නුවරට යොදුනක් පමණ දුරින් වූ ඇමති පවුලක උපන්නේය. සිටුදූ රජ පවුලෙහි දෙටු දුවණිය වී උපන්නේය. කුමරු වැඩිවිය පැමිණි කල්හි ගමේ පැවැත්වෙන නැකැත් කෙළියට සැරසෙනු සඳහා තම මෑණියන්ගෙන් වස්ත්‍ර ඉල්ලුවේය. ඈ සෝදා පිරිසිදු කල වස්ත්‍රයක් දුන්නීය. එය රළු වැඩියැයි කියා කුමරු එය ප්‍රතික්ෂේප කළේය. එවිට මව වෙනත් සළුවක් දුන්නීය. කුමරු එයද ප්‍රතික්ෂේප කළේය. මව තවත් වෙනත් සළුවක් දුන් විට කුමරු එයද ප්‍රතික්ෂේප කළේය. එකල්හි මැණියෝ "පුතණුවනි, අපට මෙයිට වඩා සියුම් වස්ත්‍ර ලැබෙන පිනක් නැතැයි" කීය. එකල්හි කුමරු "එසේ වී නම් මෑණියනි එබඳු සළු ලැබෙන තැනකට මම යමි" යි කියා නිවසින් පිටව ගියේය. ඇමති පුත් තමන් විසින් අතීතයේ කරන ලද්දා වූ කුශල කර්ම වල මෙහෙයවීමෙන් සිය නිවසින් නික්ම බරණැස් නුවරට ගොස් රජ උයනේ මඟුල් උයනේ ගල් පුවරුවකට වී නිදා ගත්තේය. එය බරණැස් රජු කලුරිය කර සත්වන දිනය විය. එම රජුගෙන් පසු රාජ්‍යය භාර ගැනීමට කිසිවෙකුත් නොසිටියහ. එම නිසා සම්ප්රදාය අනුව මඟුල් ඇතු සරසවා ශ්වේත්ච්ජ්ත්රය සහිත පඤ්ච රාජ භාණ්ඩ එහි තබා ඇතුට යන්නට හැරියේය. එකල්හි මඟුල් ඇතු මඟුල් උයන දෙසට යන්නට විය. ඇතැම්හු "ඇතු පුරුද්දට මඟුල් උයනට ගමන් කරනවා" යැයි කියා ඇතු නවත්වන්නට උත්සාහ කලහ. පුරෝහිත බමුණා එය වළක්වා ඇතුට යන්නට දුන්නේය. මඟුල් උයනට ගිය ඇතු කුමරු ප්රදක්ෂිණා කර ඇතු පිට නැඟීමට හැකි පරිද්දෙන් සිට ගත්තේය. එවිට එහි පැමිණි පුරොහිත තෙමේ කුමරුගේ යටි පතුල් පරීක්ෂා කර බලා මේ තෙමේ මෙ නුවර රජකමට පමණක් නොව, සතර මහද්වීපයේ රජකටම වුවද සුදුසු බව" දැන තූර්ය වාදනය කරවීය. එකල්හි නිදා හුන් කුමරු ඇහැරී බලා "කුමට ආවේදැයි" විමසීය. ඉක්බිති කුමරු සිදු වී ඇති සියල්ල පුරෝහිත බමුණාගෙන් දැන "එසේ වී නම් රාජ්‍යය කරමියි" කියා රාජ්‍යය භාර ගත්තේය.[/SIZE] [SIZE="4"][COLOR="Magenta"]උතුරු සළුව පිදීමේ විපාකය පල දීම[/COLOR][/SIZE] [SIZE="4"] ඉන්පසු ඒ උයනෙහිම අභිෂේක මණ්ඩපයක් තනවා කුමරිය සර්වාලංකාරයෙන් සරසා කුමරුන් හට සරණ පාවා දී රාජාභිෂේකයද කරවා රාජාභිෂේකයෙන් පසු කුමරුට හැඳීමට ලක්ෂයක් වටිනා සළුවක් දුන්නේය.එකල්හි කුමරු "මේ කුමක්දැයි" ඇසීය. "දේවයන් වහන්ස, හැඳීමට සළුවකි"යි කීහ. "මේ සළුව රළුය. මීට වඩා සියුම් වූ සළුවක් නැත්දැයි" රජු විමසීය. "දේවයන් වහන්ස මේ මිනිස් ලොව නම් මීට වඩ සියුම් වූ සළු නැතැ"යි කීහ. "නුඹලාගේ රජු හැන්දේ මෙවැනි සළුදැයි" කුමරු විමසීය. "එසේය දේවයිනි" ඇමතියෝ පිළිතුරු දුන්හ. එකල්හි "නුඹලාගේ රජු පිනැතියෙකු නොවෙමියි සිතමි. පැන් කෙණ්ඩියට වතුර ගෙනෙව්.සළු ලබනා සැටි මම පෙන්වමි" යි කුමරු කියා ගෙනා පැන් කෙණ්ඩියෙන් මුවද, අත්ද සෝදා නැගෙනහිර දෙසට පැන් ඉස්සේය. එකෙණෙහිම ඝන පොළොව බිඳ කප් රුක් අටක් පැන නැංගේය. කුමරු දකුණු, බස්නාහිර, උතුරු දෙසටද පැනි ඉසින්නාහු ඒ දිශා වලින්ද කප් රුක් අට බැඟින් නැංගේය. ඉන්පසු ඔහු ඒ එක දිවසළුවක් හැඳ එකක් පොරවා "මින්පසු රාජ්‍යයේ නූල් කටිනා සිත්රීන්ට නූල් නොකටිනා ලෙස" අඬබෙරයක් යවා මහත් වූ උත්සවශ්‍රීයෙන් නුවරට ගොස් නන්ද රජු නමින් රාජ්‍යය විචාරන්නට විය. ඒ උතුරු සළුව පිදීමේ විපාකයය. එක් දිනක් නන්ද රජුගේ දේවිය කණගාටු වනු දුටු රජු ඒ පිළිබඳ විමසන්නාහු, "තමන්ගේ අතීත පුණ්‍යක්‍රියා නිසා තමන් මේ සා මහත් වූ සැප සම්පත්තියක් විඳින බවත්, අනාගතය පිණිස පුණ්‍යකර්මයක් නොකරන බැවින්" තම දේවිය ඒ පිළිබඳව දුක් වන බවත් දැනගත්තේය. එකල්හි රජතුමා, "දේවියනි, අපි කා හට නම් දන් දෙමුද ? මේ නුවර සිල්වතුන් නම් නැතැයි" කීහ. එවිට බිසව "දේවයන් වහන්ස, මේ දඹදිව රහතන් වහන්සේලාගෙන් නම් හිස් වන්නේ නැත. නුඹ වහන්සේ දන් පිළියෙල කරනු මැනවි. මම රහතන් වහන්සේල සොයා දෙමි" යි කීය. රජතුමා පසු දිනම මහ දනක් පිළියෙල කළේය. බිසව සිල් සමාදන් වී ප්‍රාසාදයේ උඩුමහල් තලයට නැඟ නැගෙනහිර දිසාවට හිස ලා බිම දිගා වී නමස්කාර කොට "මේ දිසාවෙහි රහතන් වහන්සේලා වැඩ වසන සේක් නම්, හෙට දින දන්ට වැඩම කර අපගේ භික්ෂාව පිළිගන්වා සේක්වා"යි ආරාධනා කළාය. නමුත් එම දිසාවෙහි රහතන් වහන්සේලා නොවූහ. පිළියෙල කල දානය නගරයෙහි වූ දුගී මගී යාචකාදීන්ට බෙදා දුන්හ. පසු දිනද දන් පිළියෙල කල එසේ කලාය. නමුත් රහතන් වහන්සේලා නොපැමිණියහ. තුන්වන දිනද එසේම කළේය. නමුත් රහතන් වහන්සේලා නොපැමිණියහ. සතරව දින ද මහත් වූ දානයක් පිළියෙල කර උතුරු දෙසට හිස ලා බිම දිගාවී දනට ආරාධනා කළාය. එකල්හි හිමාලය වනයේ වැඩ වසන පදුමාවතී දේවියගේ දරුවන් වන පන්සියයක් පසේ බුදුවරුන්ගෙන් වැඩිමහලු මහාපදුම පසේ බුදුන් වහන්සේට එය දැනී තම සහෝදර පසේ බුදුන් වහන්සේලා අමතා "නන්ද රජු හෙට දින ඔබ සියලු දෙනාටම දනට ආරාධනා කරන්නාහ. ඔහුගේ ආරාධනාව ඉවසන්නැයි" වදාල සේක. පසු දින පන්සියයක් පසේ බුදුන් වහන්සේලා අනෝතත්ත විලෙන් මුව සෝදා අහසින් වැඩම කර නගරයේ උත්තරද්වාරය සමීපයේදී පොළවට වැඩම කළ සේක. මිනිසුන් ද රජු වෙත ගොස් "රජතුමනි, පන්සියයක් පසේ බුදුවරුන් වහන්සේලා වැඩම කළහ"යි දැනුම් දුන්හ. රජතුමා සහ දේවිය එහි ගොස් මහත් වූ හරසරින් පන්සියයක් වූ පසේ බුදුවරුන් වැඩම කරවා දන් පිළිගැන්වූහ. අවසානයේදී රජතුමා පසේ බුදුවරුන්ට එහිම වැඩ වාසය කරන ලෙසට ආරාධනා කළේය. රජතුමාගේ ඒ ඇරයුම පිළිගත් පසේ බුදුන්වරුන් වහන්සේලාට රජතුමා තම උයනෙහිම වාසස්ථාන පිළියෙල කරවා දුනි. දිනපතා පසේ බුදුවරුන්ට උපස්ථාන කරන්නාවූ රජතුමන් හට දීර්ඝකාලයකට පසු ජනපදයක ඇති වූ කැරැල්ලක් මැඬ පැවැත්වීමට යන්නට සිදු විය. පසේ බුදුන් වහන්සේලාට අප්‍රමාදීව උපස්ථාන කරන ලෙස දැන්වූ රජතුමා කැරැල්ල මැඬපැවැත්වීමට පිටව ගියහ.[/SIZE] [COLOR="Magenta"][SIZE="5"]පසේ බුදුවරු පිරිණිවන් පෑම[/SIZE][/COLOR] [SIZE="4"]දේවියද රජතුමා ගිය දා පටන් මහත් වූ ගෞරවයෙන් යුතුව පසේ බුදුන් වහන්සේලාට ඇප උපස්ථාන කලේය. නමුත් රජතුමා නැවත් පැමිණීමට පෙර පසේ බුදුන් වහන්සේලාගේ ආයු කාලය ගෙවිණි. මහපදුම පසේ බුදුන් වහන්සේ රාත්‍රිය මුළුල්ලේ ධ්‍යාන සුඛයෙන් කල් ගෙවා අළුයම් කාලයේදී සක්මන කෙළවර හේත්තු වන ලෑල්ලට හේත්තූ වී සිට ගෙනම පිරිණිවන් පෑවාහුය. එදිනම ඒ වේලේම අනෙක් පසේ බුදුන් වහන්සේලාද පිරිණිවියහ. පසු දින් දේවිය දන් පිළියෙල කරවා පසේ බුදුන් වහන්සේලා වඩින තුරු බලා හිඳින්නී, ඒ බවක් නොදැක, "කිමෙක්ද ? පසේ බුදුන් වහන්සේලාට යම් කිසි අපහසුවක් වීදැයි බලාගෙන එවැයි" කියා රාජපුරුෂයෙකු යැවීය. ඔහු ගොස් පසේ බුදුන් වහන්සේලා වැඩ සිටින පන්සලේ දොර හැර බලා උන්වහන්සේලා එහි නොදැක සක්මනෙහි බැලූ කල එහි හිඳිනු දැක දනට වඩින ලෙසට ආරධනා කළහ. පසේ බුදුන් වහන්සේලාගෙන් පිළිතුරක් නොලද කල්හි මුන් වහන්සේ නිදාසිටී යැයි සිතා උන්වහන්සේගේ යටි පතුල් අත ගෑවේය. සිසිල්ව, තදව පිහිටියා වූ උන්වහන්සේගේ යටි පතුල් වලින් උන්වහන්සේ පිරිනිවී බව දැන අනෙක් පසේ බුදුන් වහන්සේලා වෙත ගියේය. එලෙසම අනෙකුත් පන්සියයක් පසේ බුදුන් වහන්න්සේලා ද පිරිනිවී බව දැන රජගෙට ගොස් ඒ බව දැන්වීය. දේවියද මහත් වූ ශෝකයෙන් හඬා වැලපෙමින් පැමිණ පසේ බුදුවරුන්ගේ දේහයන් ගෙන ගොස් අදාහන කරවා චෛත්‍යයක් කරවීය.[/SIZE] [COLOR="Magenta"][SIZE="5"]රජු පැවිදිවීම[/SIZE][/COLOR] [SIZE="4"]ජනපදයේ ඇති වූ කෝලාහලය සන්සිඳුවා එන නන්ද රජතුමා තමන්ව පිළිගැනීමට පෙර මඟට පැමිණි දේවියගෙන් පසේ බුදුවරුන් පිළිබඳ විමසා උන්වහන්සේලා පිරිණිවන් පා වඳාළ බව දැන "මෙතරම් පණ්ඩිත පසේ බුදුන් වහන්සේලාටත් මරණය පැමිණි කල්හි අපිට එයින් ගැලවීමක් කොයිදැයි "සිතා නගරයට නොගොස් තම දෙටු පුත් හට රාජ්‍ය පවරා පැවිදි විය. දේවියද "මොහු පැවිදි වූ කල්හි මම කුමක් කරම්දැයි" සිතා දේවියද මහණ විය. දෙදනාම භාවනා කර ධ්‍යාන වඩා ආයු කෙළවර බ්‍රහ්ම ලෝකයෙහි උපත් ලැබීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom