Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහැදුරු කෝදාගොඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවසට එක කෑමවේලක් ගත් ගීත ගැයූ, ගීත ලියූ, ගීත හැදූ මහැදුරු කෝදාගොඩ

(උපුටා ගැනීමකි මුල්.රචකයා ට ස්තුතිය )

අද අගෝස්තු 02 දා .

දිනයේ සැමරුම් සටහන .

මෙම ලිපිය දේශය පුවත් පතේ පළවූ ලිපියකි.

අදට යෙදෙන මෙතුමාගේ 25 වන ගුණ සැමරුම වෙනුවෙනි .

ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එක් ශිෂ්‍යයෙක් තම පාසලේ සිංහල භාෂාව හා සාහිත්‍ය ඉගැන්වූ අරිසෙන් අහුබුදු හා ශ්‍රී චාල්ස් ද සිල්වා ගුරුවරුන්ගෙන් නිවැරදි බස් වහර ඉගෙන ගැනීම ඔස්සේ කවි, ගී ලිවීමට පටන් ගත්තේය. 1946 වසරේ හෙළ හවුල විසින් ප්‍රකාශයට පත් එඩිය පුවත්පත මගින් සංවිධානය කළ ජාතික ගී තරගයට මේ ශිෂ්‍යයා ගීයක් ලියා යැව්වේය.

සැරදේ ලක් අම්මා

බතට උදව් දී පිටරැටියනටද

පනවමු ලක් අම්මා..

ඒ ගීයට මුල්තැන හිමි විය. විශේෂය නම් ඔහු විද්‍යා විෂයයන් ඉගෙන එහි ද දක්ෂතා සහිත ශිෂ්‍යයෙක් වීමය. මේ ගීතයට සංගීතය මුසු කළේ සුනිල් සාන්තයන් වීම ශිෂ්‍යයාට මහමෙරක් විය. එතැන් සිට සුනිලුන් හා මේ ශිෂ්‍යයා අතර මනා සම්බන්ධතාවක් ඇති විය.

මේ ශිෂ්‍යයාගේ නම නන්දදාස කෝදාගොඩය.

පසු කලෙක ඔහු මෙරට ජනතාව හඳුනා ගන්නේ ලංකා විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්යවරයා ලෙසය. පසුව දේශමාන්‍ය මහාචාර්ය කෝදාගොඩ කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ද විය.

මහාචාර්ය කෝදාගොඩ ගීත රචකයකු, ගායකයකු, වයලීන් වාදකයකු, ලේඛකයකු, දක්ෂ සන්නිවේදකයකු බව දන්නේ ටික දෙනෙකි. 1979 වසරේ ඔක්තෝබර් මාසයේ දිනක නව යුගය පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ එඩ්වින් ආරියදාස මහතාගේ උපදෙස් පරිදි මම චරිත හමුව විශේෂාංගය ලිවීමට මහාචාර්යතුමා හමුවීමට කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි දැකුම්කළු චාම් නිවෙසට ගියෙමි. එතුමාගේ නිවෙස එකම කලාගාරයක් බව මට තවමත් මැවී පෙනෙයි. ඔහුගේ පුස්තකාලයේ ඇති සෝපාව මත වැතිරී තිබූ වයලීන දෙකට එදා මගේ අවධානය යොමු විය.

මම වයලීනයට හරිම කැමතියි. අනිත් වාද්‍ය භාණ්ඩ අතුරින් වයලීනයට මා ප්‍රිය කරන්නේ එය මිනිස් හඬට කිට්ටු නිසයි. වයලීනයේ නිපුණත්වයක් ලැබුවොත් අනික් වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමට පහසු වෙනවා. කලා විෂයන්ට මම කුඩා කාලයේ සිටම ආදරෙයි. සුනිල් සාන්තයන් මගේ හැකියාවන් දැකලා දිරිගැන්වූවා. මම මුලින් ඉගෙන ගත්තේ සිතාර් වාදනය. මම වයලීනය ප්‍රගුණ කළේ අමරදේවයන්ගෙන් හා ශාන්ති ගීතදේවයන් ඇසුරෙන්. වැඩිදුර වයලීනය හැදෑරුවේ සෝමසිරි ඉලේසිංහගෙන්.

මගේ බොළඳ ඉල්ලීම ඉටු කිරීමටදෝ එදා මහාචාර්යවරයා සෝපාව මත වූ වයලීනය අතට ගෙන වාදනය කළේය. මා සමඟ ගිය ජයන්ත දිවිසේකර අගනා ඡායාරෑප පෙළක් එදා තම කැමරාවට හසු කර ගත්තේය.

1929 ඔක්තෝබර් 31 වැනිදා නන්දදාස කෝදාගොඩ දකුණු පළාතේ අහංගම ඔලගම්දූව ගමේ උපත ලැබුවේය. ඔහුගේ පියා කෝදාගොඩ සුවනේරිස් ද සිල්වා ගාල්ලේ පෞද්ගලික බස් ව්‍යාපාරයක අධ්යක්ෂවරයෙකි. මව වූයේ හික්කඩුවේ උපත ලැබූ බේබි නෝනා ද සිල්වාය.

මම මුලින්ම ඉගෙන ගත්තේ අහංගම දිගරුන්දේ මිශ්‍ර පාඨශාලාවේ. කුඩා කාලෙ සිටම සොබා සෞන්දර්යයට මම කැමතියි. පුංචි කාලේ මම මඩොල් දූව බලන්න කිහිප වතාවක්ම ගියා. අපේ නිවෙසේ සිට කෙළින්ම බැලුවාම මඩොල් දූවට හැතැප්ම 2ක්වත් නැහැ.

ගමේ පාසලෙන් පස්සේ කොළඹ නාලන්දා විද්‍යාලයට මම ගියා. නාලන්දේ මගේ පන්තියේ හිටිය මිතුරන් දෙදෙනෙක් පසුව ජාත්‍යන්තර කීර්තියට පත් ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ස්ටැන්ලි ජයසිංහ හා පසුව කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයකු වූ පී.ටී. ද සිල්වා. මම නාලන්දේ ඉගෙන ගන්න කාලේ තමයි යුද්දේ ආවේ. යුද්ධයට බයේ තාත්තා මාව ගාල්ලේ මහින්ද විද්‍යාලයට ඇතුළු කළා. මහින්දේ මගේ සමකාලීන ශිෂ්‍යයෝ වුණේ එඩ්වින් ආරියදාස, සිරි ගුණසිංහ, වින්සන්ට් පණ්ඩිත, එරික් ද සිල්වා, ඒ.ටී. ආරියරත්න, ධර්ම ගුණසිංහ, තිලක් ගුණසේකර ආදීන්.

නන්දදාසගේ පියාගේ මිතුරු දොස්තර මහත්වරුන් දෙදෙනෙක් සිටියේලු. මේ දෙදෙනා නිතරම ගෙදරට ආ ගිය නිසා ඔවුන් සෞඛ්‍ය ගැන කරන කතා අසා සිටීමෙනුත් පුංචි කාලයේ තමාට ඇදුම රෝගය ඇතිවීම නිසාත් කවදා හෝ දොස්තර කෙනකු වීමට කුඩා නන්දදාස තුළ ආසාවක් ඇති විය. එහි ප්‍රතිඵලය වශයෙන් මහින්දයේ ඉගෙනගත් ඔහු 1950 වසරේ ලංකා විශ්වවිද්‍යාලයටත්, 1956 වසරේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයටත් ඇතුළත්ව M.R.C.P හා MD උපාධි ලබා එම විශ්වවිද්‍යාලයේම කථිකාචාර්යවරයෙක් ලෙස ද කටයුතු කළේය.

දිගු කලක් තිබූ ආදර සබඳතාවකින් තොරව වෛද්‍ය කෝදාගොඩ, රත්නාවලී සුනේත්‍රා මෙනෙවිය හා විවාහ වූ අයුරු දෙසතිය පුවත්පතේ විශේෂාංග ලේඛිකාවක් වූ ප්‍රියන්ති මීවැල්ල (පෙරේරා) (1981 දී) මෙසේ ලියා තිබුණාය.

ඔවුන් එක්වන දිනය වන විට ඇය වෙත වූයේ දින කිහිපයක් පමණි. විශාල වියදමක් කොට කරන ලද ඒ මංගල උත්සවය ගැන සැමියා සෑහීමට පත් නොවූයේ අනවශ්‍ය වියහියදම් හා බොරු පූචානම් එදා පවා ඔහුගේ ජීවිතයෙන් පිටුදක්නා ලද නිසාය.

තාත්තලට අනික් අයට මේ තරම් කරදර වියදම් කරන්න නොදී අපි දෙන්නා පැනල ගිහින් බඳිමුද? වරක් ඔහු අසා ඇත.

කෙසේ වෙතත් තම සිත් ගත් ගාල්ලේ රත්නාවලී සුනේත්‍රා ද කොස්තා කුලතිලක හා ඔහු අතිනත් ගත්තේ 1956 ජනවාරි 03 වැනිදාය

එදා (1981) ඔහුත් තමාත් ජීවිතයේ සන්ධ්‍යා සමයේ රුඳී සිටියත් තමාට ඔහු පරණ පුරුදු කලා රසිකයා බව කෝදාගොඩ මහත්මිය ලේඛිකාවට කියා තිබුණාය.

දහසකුත් දෙනාගේ පණ නැති සිරුරු ගවේෂණය කරමින් හේතු සොයන ඔහු ඒ සියල්ලෙන් තාවකාලිකව මිදී පවුලේ සහෘදයකු වන්නේ ඉර හැරී හෝරා හතරකට විතර ගෙවී ගිය පසු. මිහිරි රටාවකට සකස් කළ මැද මිදුලේ පළතුරු, ගස්, මල්වැල්, මුල්ලකින් කැපූ කුණු වළ, ආලින්දය හැඩ කළ එහි කෙළවර වූ පස් පියුමින් පිරි කුඩා පොකුණු. මේ සියල්ලම ඔහුගේ දෑතින් කෙරුණු විස්කම්. දිනය උදා වූ මොහොතේ නිදි ඇඳ වෙත ඇය ගෙන ගොස් දෙන තේ කෝප්පය ඔහු පානය කරන්නේත් නිදි යහන මතදිමයි. තවත් මඳ මොහොතක් අලස සුවයෙන් ගෙවන්නට මහාචාර්ය කෝදාගොඩ වෙත ඇත්තේ අපූර්ව කැමැත්තකි. ඉනික්බිති ඔහුගේ දිනචර්යාව ඇරඹෙන්නේ සුරතල් ගිරවුන් හා කරන සංවාදයෙන්.

මහාචාර්ය කෝදාගොඩ, කාර්යබුහල ජීවිතයක් ගත කරමින් වෙනත් කලා අංශවලත් යෙදීමට කාලය සොයා ගන්නේ කෙසේදැයි එදා (1979) මම ඇසුවෙමි.

මගේ දවස දිග දවසක්. උදේ ඉඳල රෑ වෙනකම්ම මම වැඩ කරනවා. මම දවසකට කෑම කන්නේ එකවරයි. උදේටවත් දවාලටවත් මම කන්නේ නැහැ. සේරටමත් එක්ක සවස පහට පමණ මම දවසේ එකම කෑමවේල ගන්නවා. ඒ නිසා කාලය ඉතුරු වෙනවා. කාලය රිසි සේ ප්රායෝජනයට ගන්නවා. ඒකාකාරී ජීවිතයට මම කැමති නෑ. ලිපිගොනුවලට යට වී සිටීමටත් මම කැමති නෑ. ඒක මානසික අවපීඩනයක්. මේ නිසා මම විවිධත්වය පතනවා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මම ගීත ලියන්නේ, ගායනා කරන්නේ, වාදනය කරන්නේ. මම විශාරද අමරදේවයන්ට ලිව්ව ගීතයක් මේ.

අතුළ සිනිඳු සුදු වැල්ලේ

පතල සිහිල් සෙවණැල්ලේ

ළකල කොමල ටිකිරි ලියා

රබන් වයන්නා

මේ හැර නිමල් ගුණරත්න ගායකයාට හෙළ ගොයමේ සිරි නරඹා නම් ගීතය මම ලියා දුන්නා. මා විසින්ම ලියූ දළදා ගීතය මා විසින්ම තනුවක් හදල මා විසින්ම ගායනා කළා. 1966 වසරේ මම ඉන්ටර්විව් නම් අමෙරිකානු නාට්‍යයේත් රඟපෑවා. ඔහු කීවේය.

වෛද්‍ය කෝදාගොඩ අමුතු චරිතයකි. ඔහු ගීත ගයන්ට, ලියන්නට, තනු දමන්නට වගේම සූප ශාස්ත්රයත් මැනවින් දැන සිටියේය.

මහත්තයා හරිම රහට උයනවා. ඒ වුණත් එයා උයපු දාට වියදම වැඩියි. කෑම තෙම්පරාදු කරන්න බටර් ඕනෑ. සුදු ලූනු, තුනපහ වැඩියෙන් ඕන. ඒවා නැත්නම් කරන්න බැහැ කියලා පැත්තකට වෙනවා. කෝදාගොඩ මහත්මිය මීවැල්ල ලේඛිකාවට කියා තිබුණාය.

රත්නාවලී - කෝදාගොඩ මහත්මිය පවසා තිබුණේ තම සැමියා ඇයව දරු ප්‍රසූතියකදී පෞද්ගලික රෝහලකට නොව රජයේ රෝහලකට ඇතුළත් කර ඇත්තේ බොරු වියදම් ඕනෑ නැහැ කියන මතයේ ඉඳගෙන බවය. තමා සේවය කළ රෝහලේ සිට විවේකයක් ගෙන ඔහු කුඩා දියණිය නෑවීමට ගෙදර එන බවය. පින්තූර ගැනීම, කාර් එක කැඩුණාම පුංචි පුංචි දේවල් හදාගැනීමට, බිරියගේ මහන මැෂින් එකේ සුළු අඩුපාඩු හදා දීම තම සැමියා සමතකු බවයි බිරිය පවසා තිබුණේ.

වෛද්‍ය කෝදාගොඩ නම් දක්ෂ සන්නිවේදකයා එදා මුළු රටම දැන සිටියේය. ගුවන්විදුලියේ වෛද්‍ය වැඩසටහන්වල එතුමා නිවැරදිව බස හසුරුවමින් කතා කළ අතර, රෑපවාහිනියෙන් ඉදිරිපත් කළ "සිරුරේ අසිරිය "වැඩසටහන නැරඹී අය මේ සිරියාවන්ත දොස්තර මහත්තයාගේ මුහුණ බලා සිටියහ.

මේ කාරුණික පියා තම පුතුන්ට කිසිම බලපෑමක් නොකොට දුන් එකම අවවාදය මෙයයි.

පුතේ.. හැමෝටම තාත්තා වගේ දොස්තර කෙනෙක් වෙන්න බැහැ. එහෙම වුණු තාත්තලා පුතාලත් ඉන්නවා. නරක දොස්තර කෙනෙක් වෙනවාට වඩා හොඳ කොන්දොස්තර කෙනෙක් වෙන්න.

කෝදාගොඩ යුවළගේ වැඩිමහල් දියණිය දීපිකා නවසීලන්තයේ වොෂිංටන් විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපතිවරියකි. අජිත් උපේන්ද්‍ර ෆිජී රටේ වරලත් ගණකාධිකාරවරයෙකි. බාල පුතා යසන්ත දේවප්‍රිය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉගෙන කොළඹ ලංකා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ජනාධිපති නීතිඥවරයෙක් විය. අද ඔහු උපරිමාධිකරණයේ විනිශ්චයකාරවරයෙකි.

වෛද්‍ය කෝදාගොඩ අධිකරණ වෛද්‍ය අංශයේ (වෝහාරික අංශයේ) මහාචාර්යවරයා ලෙස සිටියදී මට තවත් වරක් ඔහු හමුවිය.

අධිකරණ වෛද්‍ය අංශයට වෝහාරික වෛද්‍ය අංශය කියලත් කියනවා. වස විස පෙවෙන අය, ගබ්සාවට ලක්වෙන අය, දූෂණයට ලක්වූවන්ගේ මෘතදේහ පරීක්ෂා කරලා ඒ පිළිබඳ වාර්තා නිකුත් කිරීම අපේ අංශයෙන් සිදු වුණේ. එතුමා එදා කීය.

වෛද්‍ය පොත් රැසක් සිංහලට පරිවර්තනය කර ඇති ඔහු ක්ෂය රෝගය ගැනත් ඔහු හා යුග දිවිය නම් ග්රන්ථ ද ලියා ඇත.

වෛද්‍ය කෝදාගොඩත්, අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඩී.ඇෆ්. කාරියකරවන මහතාත් ගජ මිතුරන්ය. ඔවුන් දෙදෙනා අතර වූ රසවත් සංවාදයකින් මෙය අවසන් කිරීමට මට සිත් විය.

කාරියකරවන මහතා කොළඹ ගිය විටෙක වෛද්‍ය විද්‍යාලයේ කාර්යාලයට ගොස් ඇත. ඒ 1990 වසරේය. මළසිරුර වෛද්‍ය විද්‍යාලයට බාර දෙන්න පෝරම කොළයක් ගැන විමසූ ඔහුට ලිපිකරුවෙක් අංශාධිපතිගේ කාමරය පෙන්නුවේය. එහි ගිය කාරියකරවන මහතාට ප්‍රීතියක් ඇතිවූයේ නන්දදාස කෝදාගොඩ දොස්තර මහතා දක්නට ලැබුණු හෙයිනි.

මොකද අප්පේ මේ පැත්තේ? වෛද්‍ය කෝදාගොඩ අසා ඇත.

කාරියකරවන මහතා වුවමනාව කීවේය.

පිස්සු නැතුව යන්න. ඔබ දැන්ම මැරෙන්නේ නෑ.

මැරුණොත්

අපි ඒක බලාගන්නම්

මා අන්තිම කැමති පත්‍රය අදම සංශෝධනය කරලා ඒකෙ ලියනවා මගේ මිනිය වෛද්‍ය විද්‍යාලයට බාරගැනීම ප්‍රතික්ෂේප වුණොත් ඒක කෝදාගොඩ දොස්තර මහත්තයාගේ දොරකඩ තියල එන්න කියලා.

එහෙත් කාරියකරවන මහතා ජීවත්ව සිටි 1997 අගෝස්තු 02 වැනිදා දේශමාන්‍ය කෝදාගොඩ දොස්තර මහතා මිය ගියේය.

[QUOTE="toiya, post: 28045132, member: 15009"] දවසට එක කෑමවේලක් ගත් ගීත ගැයූ, ගීත ලියූ, ගීත හැදූ මහැදුරු කෝදාගොඩ (උපුටා ගැනීමකි මුල්.රචකයා ට ස්තුතිය ) අද අගෝස්තු 02 දා . දිනයේ සැමරුම් සටහන . මෙම ලිපිය දේශය පුවත් පතේ පළවූ ලිපියකි. අදට යෙදෙන මෙතුමාගේ 25 වන ගුණ සැමරුම වෙනුවෙනි . ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එක් ශිෂ්‍යයෙක් තම පාසලේ සිංහල භාෂාව හා සාහිත්‍ය ඉගැන්වූ අරිසෙන් අහුබුදු හා ශ්‍රී චාල්ස් ද සිල්වා ගුරුවරුන්ගෙන් නිවැරදි බස් වහර ඉගෙන ගැනීම ඔස්සේ කවි, ගී ලිවීමට පටන් ගත්තේය. 1946 වසරේ හෙළ හවුල විසින් ප්‍රකාශයට පත් එඩිය පුවත්පත මගින් සංවිධානය කළ ජාතික ගී තරගයට මේ ශිෂ්‍යයා ගීයක් ලියා යැව්වේය. සැරදේ ලක් අම්මා බතට උදව් දී පිටරැටියනටද පනවමු ලක් අම්මා.. ඒ ගීයට මුල්තැන හිමි විය. විශේෂය නම් ඔහු විද්‍යා විෂයයන් ඉගෙන එහි ද දක්ෂතා සහිත ශිෂ්‍යයෙක් වීමය. මේ ගීතයට සංගීතය මුසු කළේ සුනිල් සාන්තයන් වීම ශිෂ්‍යයාට මහමෙරක් විය. එතැන් සිට සුනිලුන් හා මේ ශිෂ්‍යයා අතර මනා සම්බන්ධතාවක් ඇති විය. මේ ශිෂ්‍යයාගේ නම නන්දදාස කෝදාගොඩය. පසු කලෙක ඔහු මෙරට ජනතාව හඳුනා ගන්නේ ලංකා විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්යවරයා ලෙසය. පසුව දේශමාන්‍ය මහාචාර්ය කෝදාගොඩ කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ද විය. මහාචාර්ය කෝදාගොඩ ගීත රචකයකු, ගායකයකු, වයලීන් වාදකයකු, ලේඛකයකු, දක්ෂ සන්නිවේදකයකු බව දන්නේ ටික දෙනෙකි. 1979 වසරේ ඔක්තෝබර් මාසයේ දිනක නව යුගය පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ එඩ්වින් ආරියදාස මහතාගේ උපදෙස් පරිදි මම චරිත හමුව විශේෂාංගය ලිවීමට මහාචාර්යතුමා හමුවීමට කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි දැකුම්කළු චාම් නිවෙසට ගියෙමි. එතුමාගේ නිවෙස එකම කලාගාරයක් බව මට තවමත් මැවී පෙනෙයි. ඔහුගේ පුස්තකාලයේ ඇති සෝපාව මත වැතිරී තිබූ වයලීන දෙකට එදා මගේ අවධානය යොමු විය. මම වයලීනයට හරිම කැමතියි. අනිත් වාද්‍ය භාණ්ඩ අතුරින් වයලීනයට මා ප්‍රිය කරන්නේ එය මිනිස් හඬට කිට්ටු නිසයි. වයලීනයේ නිපුණත්වයක් ලැබුවොත් අනික් වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමට පහසු වෙනවා. කලා විෂයන්ට මම කුඩා කාලයේ සිටම ආදරෙයි. සුනිල් සාන්තයන් මගේ හැකියාවන් දැකලා දිරිගැන්වූවා. මම මුලින් ඉගෙන ගත්තේ සිතාර් වාදනය. මම වයලීනය ප්‍රගුණ කළේ අමරදේවයන්ගෙන් හා ශාන්ති ගීතදේවයන් ඇසුරෙන්. වැඩිදුර වයලීනය හැදෑරුවේ සෝමසිරි ඉලේසිංහගෙන්. මගේ බොළඳ ඉල්ලීම ඉටු කිරීමටදෝ එදා මහාචාර්යවරයා සෝපාව මත වූ වයලීනය අතට ගෙන වාදනය කළේය. මා සමඟ ගිය ජයන්ත දිවිසේකර අගනා ඡායාරෑප පෙළක් එදා තම කැමරාවට හසු කර ගත්තේය. 1929 ඔක්තෝබර් 31 වැනිදා නන්දදාස කෝදාගොඩ දකුණු පළාතේ අහංගම ඔලගම්දූව ගමේ උපත ලැබුවේය. ඔහුගේ පියා කෝදාගොඩ සුවනේරිස් ද සිල්වා ගාල්ලේ පෞද්ගලික බස් ව්‍යාපාරයක අධ්යක්ෂවරයෙකි. මව වූයේ හික්කඩුවේ උපත ලැබූ බේබි නෝනා ද සිල්වාය. මම මුලින්ම ඉගෙන ගත්තේ අහංගම දිගරුන්දේ මිශ්‍ර පාඨශාලාවේ. කුඩා කාලෙ සිටම සොබා සෞන්දර්යයට මම කැමතියි. පුංචි කාලේ මම මඩොල් දූව බලන්න කිහිප වතාවක්ම ගියා. අපේ නිවෙසේ සිට කෙළින්ම බැලුවාම මඩොල් දූවට හැතැප්ම 2ක්වත් නැහැ. ගමේ පාසලෙන් පස්සේ කොළඹ නාලන්දා විද්‍යාලයට මම ගියා. නාලන්දේ මගේ පන්තියේ හිටිය මිතුරන් දෙදෙනෙක් පසුව ජාත්‍යන්තර කීර්තියට පත් ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ස්ටැන්ලි ජයසිංහ හා පසුව කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයකු වූ පී.ටී. ද සිල්වා. මම නාලන්දේ ඉගෙන ගන්න කාලේ තමයි යුද්දේ ආවේ. යුද්ධයට බයේ තාත්තා මාව ගාල්ලේ මහින්ද විද්‍යාලයට ඇතුළු කළා. මහින්දේ මගේ සමකාලීන ශිෂ්‍යයෝ වුණේ එඩ්වින් ආරියදාස, සිරි ගුණසිංහ, වින්සන්ට් පණ්ඩිත, එරික් ද සිල්වා, ඒ.ටී. ආරියරත්න, ධර්ම ගුණසිංහ, තිලක් ගුණසේකර ආදීන්. නන්දදාසගේ පියාගේ මිතුරු දොස්තර මහත්වරුන් දෙදෙනෙක් සිටියේලු. මේ දෙදෙනා නිතරම ගෙදරට ආ ගිය නිසා ඔවුන් සෞඛ්‍ය ගැන කරන කතා අසා සිටීමෙනුත් පුංචි කාලයේ තමාට ඇදුම රෝගය ඇතිවීම නිසාත් කවදා හෝ දොස්තර කෙනකු වීමට කුඩා නන්දදාස තුළ ආසාවක් ඇති විය. එහි ප්‍රතිඵලය වශයෙන් මහින්දයේ ඉගෙනගත් ඔහු 1950 වසරේ ලංකා විශ්වවිද්‍යාලයටත්, 1956 වසරේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයටත් ඇතුළත්ව M.R.C.P හා MD උපාධි ලබා එම විශ්වවිද්‍යාලයේම කථිකාචාර්යවරයෙක් ලෙස ද කටයුතු කළේය. දිගු කලක් තිබූ ආදර සබඳතාවකින් තොරව වෛද්‍ය කෝදාගොඩ, රත්නාවලී සුනේත්‍රා මෙනෙවිය හා විවාහ වූ අයුරු දෙසතිය පුවත්පතේ විශේෂාංග ලේඛිකාවක් වූ ප්‍රියන්ති මීවැල්ල (පෙරේරා) (1981 දී) මෙසේ ලියා තිබුණාය. ඔවුන් එක්වන දිනය වන විට ඇය වෙත වූයේ දින කිහිපයක් පමණි. විශාල වියදමක් කොට කරන ලද ඒ මංගල උත්සවය ගැන සැමියා සෑහීමට පත් නොවූයේ අනවශ්‍ය වියහියදම් හා බොරු පූචානම් එදා පවා ඔහුගේ ජීවිතයෙන් පිටුදක්නා ලද නිසාය. තාත්තලට අනික් අයට මේ තරම් කරදර වියදම් කරන්න නොදී අපි දෙන්නා පැනල ගිහින් බඳිමුද? වරක් ඔහු අසා ඇත. කෙසේ වෙතත් තම සිත් ගත් ගාල්ලේ රත්නාවලී සුනේත්‍රා ද කොස්තා කුලතිලක හා ඔහු අතිනත් ගත්තේ 1956 ජනවාරි 03 වැනිදාය එදා (1981) ඔහුත් තමාත් ජීවිතයේ සන්ධ්‍යා සමයේ රුඳී සිටියත් තමාට ඔහු පරණ පුරුදු කලා රසිකයා බව කෝදාගොඩ මහත්මිය ලේඛිකාවට කියා තිබුණාය. දහසකුත් දෙනාගේ පණ නැති සිරුරු ගවේෂණය කරමින් හේතු සොයන ඔහු ඒ සියල්ලෙන් තාවකාලිකව මිදී පවුලේ සහෘදයකු වන්නේ ඉර හැරී හෝරා හතරකට විතර ගෙවී ගිය පසු. මිහිරි රටාවකට සකස් කළ මැද මිදුලේ පළතුරු, ගස්, මල්වැල්, මුල්ලකින් කැපූ කුණු වළ, ආලින්දය හැඩ කළ එහි කෙළවර වූ පස් පියුමින් පිරි කුඩා පොකුණු. මේ සියල්ලම ඔහුගේ දෑතින් කෙරුණු විස්කම්. දිනය උදා වූ මොහොතේ නිදි ඇඳ වෙත ඇය ගෙන ගොස් දෙන තේ කෝප්පය ඔහු පානය කරන්නේත් නිදි යහන මතදිමයි. තවත් මඳ මොහොතක් අලස සුවයෙන් ගෙවන්නට මහාචාර්ය කෝදාගොඩ වෙත ඇත්තේ අපූර්ව කැමැත්තකි. ඉනික්බිති ඔහුගේ දිනචර්යාව ඇරඹෙන්නේ සුරතල් ගිරවුන් හා කරන සංවාදයෙන්. මහාචාර්ය කෝදාගොඩ, කාර්යබුහල ජීවිතයක් ගත කරමින් වෙනත් කලා අංශවලත් යෙදීමට කාලය සොයා ගන්නේ කෙසේදැයි එදා (1979) මම ඇසුවෙමි. මගේ දවස දිග දවසක්. උදේ ඉඳල රෑ වෙනකම්ම මම වැඩ කරනවා. මම දවසකට කෑම කන්නේ එකවරයි. උදේටවත් දවාලටවත් මම කන්නේ නැහැ. සේරටමත් එක්ක සවස පහට පමණ මම දවසේ එකම කෑමවේල ගන්නවා. ඒ නිසා කාලය ඉතුරු වෙනවා. කාලය රිසි සේ ප්රායෝජනයට ගන්නවා. ඒකාකාරී ජීවිතයට මම කැමති නෑ. ලිපිගොනුවලට යට වී සිටීමටත් මම කැමති නෑ. ඒක මානසික අවපීඩනයක්. මේ නිසා මම විවිධත්වය පතනවා. එහි ප්‍රතිඵලයක් හැටියටයි මම ගීත ලියන්නේ, ගායනා කරන්නේ, වාදනය කරන්නේ. මම විශාරද අමරදේවයන්ට ලිව්ව ගීතයක් මේ. අතුළ සිනිඳු සුදු වැල්ලේ පතල සිහිල් සෙවණැල්ලේ ළකල කොමල ටිකිරි ලියා රබන් වයන්නා මේ හැර නිමල් ගුණරත්න ගායකයාට හෙළ ගොයමේ සිරි නරඹා නම් ගීතය මම ලියා දුන්නා. මා විසින්ම ලියූ දළදා ගීතය මා විසින්ම තනුවක් හදල මා විසින්ම ගායනා කළා. 1966 වසරේ මම ඉන්ටර්විව් නම් අමෙරිකානු නාට්‍යයේත් රඟපෑවා. ඔහු කීවේය. වෛද්‍ය කෝදාගොඩ අමුතු චරිතයකි. ඔහු ගීත ගයන්ට, ලියන්නට, තනු දමන්නට වගේම සූප ශාස්ත්රයත් මැනවින් දැන සිටියේය. මහත්තයා හරිම රහට උයනවා. ඒ වුණත් එයා උයපු දාට වියදම වැඩියි. කෑම තෙම්පරාදු කරන්න බටර් ඕනෑ. සුදු ලූනු, තුනපහ වැඩියෙන් ඕන. ඒවා නැත්නම් කරන්න බැහැ කියලා පැත්තකට වෙනවා. කෝදාගොඩ මහත්මිය මීවැල්ල ලේඛිකාවට කියා තිබුණාය. රත්නාවලී - කෝදාගොඩ මහත්මිය පවසා තිබුණේ තම සැමියා ඇයව දරු ප්‍රසූතියකදී පෞද්ගලික රෝහලකට නොව රජයේ රෝහලකට ඇතුළත් කර ඇත්තේ බොරු වියදම් ඕනෑ නැහැ කියන මතයේ ඉඳගෙන බවය. තමා සේවය කළ රෝහලේ සිට විවේකයක් ගෙන ඔහු කුඩා දියණිය නෑවීමට ගෙදර එන බවය. පින්තූර ගැනීම, කාර් එක කැඩුණාම පුංචි පුංචි දේවල් හදාගැනීමට, බිරියගේ මහන මැෂින් එකේ සුළු අඩුපාඩු හදා දීම තම සැමියා සමතකු බවයි බිරිය පවසා තිබුණේ. වෛද්‍ය කෝදාගොඩ නම් දක්ෂ සන්නිවේදකයා එදා මුළු රටම දැන සිටියේය. ගුවන්විදුලියේ වෛද්‍ය වැඩසටහන්වල එතුමා නිවැරදිව බස හසුරුවමින් කතා කළ අතර, රෑපවාහිනියෙන් ඉදිරිපත් කළ "සිරුරේ අසිරිය "වැඩසටහන නැරඹී අය මේ සිරියාවන්ත දොස්තර මහත්තයාගේ මුහුණ බලා සිටියහ. මේ කාරුණික පියා තම පුතුන්ට කිසිම බලපෑමක් නොකොට දුන් එකම අවවාදය මෙයයි. පුතේ.. හැමෝටම තාත්තා වගේ දොස්තර කෙනෙක් වෙන්න බැහැ. එහෙම වුණු තාත්තලා පුතාලත් ඉන්නවා. නරක දොස්තර කෙනෙක් වෙනවාට වඩා හොඳ කොන්දොස්තර කෙනෙක් වෙන්න. කෝදාගොඩ යුවළගේ වැඩිමහල් දියණිය දීපිකා නවසීලන්තයේ වොෂිංටන් විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපතිවරියකි. අජිත් උපේන්ද්‍ර ෆිජී රටේ වරලත් ගණකාධිකාරවරයෙකි. බාල පුතා යසන්ත දේවප්‍රිය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉගෙන කොළඹ ලංකා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ජනාධිපති නීතිඥවරයෙක් විය. අද ඔහු උපරිමාධිකරණයේ විනිශ්චයකාරවරයෙකි. වෛද්‍ය කෝදාගොඩ අධිකරණ වෛද්‍ය අංශයේ (වෝහාරික අංශයේ) මහාචාර්යවරයා ලෙස සිටියදී මට තවත් වරක් ඔහු හමුවිය. අධිකරණ වෛද්‍ය අංශයට වෝහාරික වෛද්‍ය අංශය කියලත් කියනවා. වස විස පෙවෙන අය, ගබ්සාවට ලක්වෙන අය, දූෂණයට ලක්වූවන්ගේ මෘතදේහ පරීක්ෂා කරලා ඒ පිළිබඳ වාර්තා නිකුත් කිරීම අපේ අංශයෙන් සිදු වුණේ. එතුමා එදා කීය. වෛද්‍ය පොත් රැසක් සිංහලට පරිවර්තනය කර ඇති ඔහු ක්ෂය රෝගය ගැනත් ඔහු හා යුග දිවිය නම් ග්රන්ථ ද ලියා ඇත. වෛද්‍ය කෝදාගොඩත්, අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඩී.ඇෆ්. කාරියකරවන මහතාත් ගජ මිතුරන්ය. ඔවුන් දෙදෙනා අතර වූ රසවත් සංවාදයකින් මෙය අවසන් කිරීමට මට සිත් විය. කාරියකරවන මහතා කොළඹ ගිය විටෙක වෛද්‍ය විද්‍යාලයේ කාර්යාලයට ගොස් ඇත. ඒ 1990 වසරේය. මළසිරුර වෛද්‍ය විද්‍යාලයට බාර දෙන්න පෝරම කොළයක් ගැන විමසූ ඔහුට ලිපිකරුවෙක් අංශාධිපතිගේ කාමරය පෙන්නුවේය. එහි ගිය කාරියකරවන මහතාට ප්‍රීතියක් ඇතිවූයේ නන්දදාස කෝදාගොඩ දොස්තර මහතා දක්නට ලැබුණු හෙයිනි. මොකද අප්පේ මේ පැත්තේ? වෛද්‍ය කෝදාගොඩ අසා ඇත. කාරියකරවන මහතා වුවමනාව කීවේය. පිස්සු නැතුව යන්න. ඔබ දැන්ම මැරෙන්නේ නෑ. මැරුණොත් අපි ඒක බලාගන්නම් මා අන්තිම කැමති පත්‍රය අදම සංශෝධනය කරලා ඒකෙ ලියනවා මගේ මිනිය වෛද්‍ය විද්‍යාලයට බාරගැනීම ප්‍රතික්ෂේප වුණොත් ඒක කෝදාගොඩ දොස්තර මහත්තයාගේ දොරකඩ තියල එන්න කියලා. එහෙත් කාරියකරවන මහතා ජීවත්ව සිටි 1997 අගෝස්තු 02 වැනිදා දේශමාන්‍ය කෝදාගොඩ දොස්තර මහතා මිය ගියේය.[IMG]https://scontent.fpnh4-1.fna.fbcdn.net/v/t39.30808-6/296670078_475833124395281_4094683385933020807_n.jpg?_nc_cat=110&ccb=1-7&_nc_sid=5cd70e&_nc_eui2=AeGuYUvPyNiF0lac_jgPS0GukPj9gfya-2iQ-P2B_Jr7aIev4YGve6TU7V7Oapoo_NA&_nc_ohc=u_YpexlQ2kUAX9iJstX&_nc_ht=scontent.fpnh4-1.fna&oh=00_AT9-uh01Sf3WJ9xOxZnGzYyDIYxLgmjY7wWBt-gi_P6ToA&oe=62F29BBF[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom