Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මහින්දගේ...සම්පුර්ණ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දගේ...සම්පුර්ණ කතාව

2018/11/15

මහින්දගේ සම්පුර්න කතාව

ගරු කථානායකතුමනි,

පැවති ආණ්ඩුව විසිරුවල ඊලඟ මහ මැතිවරණය තෙක් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවපු හේතු ජනාධිපතිතුමා පැහැදිලි කරලා තියෙනවා. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා වෙනකොට ජනතාව හිටියේ විශාල පීඩනයකින්. ඉන්ධන මිල සූත්‍රය හා රුපියලේ කඩාවැටීම නිසා දිනෙන් දින වැඩිවෙන ජීවන වියදම, කිසිදාක

අත්නොදුටු ආකාරයේ බදු බර, මහ බැංකු මංකොල්ලය නිසා දෙගුණයකින් වැඩි වුණු පොලී අනුපාතය, රටේ වරායවල්, ගුවන් තොටුපොලවල්, රජයට අයත් ලාබදායි ව්‍යාපෘති, ඇතුලු සියලු රජයේ දේපොල විදේශිකයන්ට විකිනීමට සැරසීම, ඉඩම් සින්නක්කරව විදේශිකයන්ට විකිනීමට නව නීති සැකසීම, විද්වතුන් හා දේශීය ව්‍යාපාරිකයන්ගේ මතය නොසලකා විදෙස් ගිවිසුම් වලට එළැඹීම, අයෝජකයන්ගෙන් මහා පරිමාන අල්ලස් ඉල්ලීම වගේ කාරණා නිසා පැවති ආණ්ඩුව ගැන රටේ විශාල අප්‍රසාදයක් තිබුණා.

අපි දැක්කා ජනාධිපතිතුමා පසුගිය කාලේ එක්සත් ජාතික පක්ෂෙය් ආර්ථික කළමණාකරන කමිටුව විසිරුවල රටට වෙමින් තිබෙන විනාශය අවම කරගන්න යම් උත්සාහයක් ගන්නවා. මේ කාරණා ගැන අගමැතිතුමා සමඟ කැබිනට මණ්ඩලයේ බහින්බස්වීම් ගැනත් අපිට අහන්න ලැබුණා.

ඒ අවස්ථාවේ තමයි පොලීසියේ පිරිසකුත් හවුල් වෙලා ජනාධිපතිවරයාවත්, හිටපු ආරක්ෂක ලේකම්වරයාවත් ඝාතනය කරන්න එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් කුමන්ත්‍රණය කලායි කියන ආරංචිය පටිගත කරපු සාක්ෂිත් සහිතව අපිට අහන්න ලැබෙන්නේ. තත්වය එතනට ගියාට පස්සෙ තමයි, ජනාධිපතිවරයා තීන්දු කලේ ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් කරගන්න. එජනිසය ආණ්ඩුවෙන් ඉවත් වෙනවත් එක්කම පැවතුණු සභාග ආණ්ඩුව විසිරුනා. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබී ඇති බලතල අනුව මට ආරාධනා කලා අග්‍රාමාත්‍ය ධූරය භාර අරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න කියලා.

ඒ අවස්ථාවේදී මට තෝරා ගැනීමක් තිබුණා එක්කෝ ඒ ආරාධනය පිළිගන්න, නැතිනම් ප්‍රතික්ෂේප කරන්න. මට ඕනනම් කියන්න තිබුණා UNP එක අවුරුදු හතරකට කිට්ටු කාලයක් හිටපු විදියට ඉතිරි ටිකත් හිටපුදෙන් කියලා. තව අවුරුද්දයි තිබුණෙ. නමුත් අපි තමයි ප්‍රධාන විපක්ෂ බලවේගය. අපි තමයි රටේ ලොකුම දේශපාලන පක්ෂය. අපිට යුතුකමක් තියෙනවා රටේ ජනාධිපතිතුමා මුලු රටටම වෙන්න ගිය මහා වින්නැහියක් වලක්වාගන්න අපිට රට බාරදෙනකොට, ඒ වගකීම් බාරගන්න. ඒ අනුව මම ඒ වගකීම බාරගත්තා. ඒ වගේම මට තිබුණු ප්රශ්නය තමයි එජාප ආණ්ඩුව තවත් අවුරුද්දක් තිබුණනම් රටට මොනවායින් මොනව වෙලා තියෙයිද කියන එක. 2015 ජනවාරියේ ඉඳලා එජාප ආණ්ඩුව විදේශ විනිමය ණය විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 21 ක් ලබාගෙන තියෙනවා.

මේ ඉවක් බවක් නැති ණය ගැනිල්ල තමයි රටට වෙමින් තිබුණු ලොකුම විනාශය. අපි පිහිටෙවුවේ මහ මැතිවරණයක් පවත්වන තුරු අන්තර්කාලීන ආණ්ඩුවක් පමණයි. ඒ නිසා තමයි, ඒකාබද්ධ විපක්ෂෙයේ සුළු පිරිසක් පමණක් ආණ්ඩුවේ ඇමතිකම් බාර ගත්තෙ. රට ප්‍රපාතයට යනවත් එක්කම අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට පසුගිය කාලේ දිගින් දිගටම මහ මැතිවරණයක් ඉල්ලා හිටියා.

නමුත් පැවති ආණ්ඩුව මැතිවරණ සිතියම අකුළලයි තිබුණෙ. 2015 මාර්තුවේ විසිරුවපු පලාත් පාලන ආයතන වලට ඡන්ද පවත්වාගන්න අවුරුදු තුනක් ගියා. පලාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරලා, සීමා නීර්ණය ගැටළු තියෙනවය කියල ඡන්දය කල් දැම්මා. උසාවියේ නඩු දාලා පලාත් පාලන ඡන්දය නොතියන තැනට වැඩ සලස්සන්න හදන කොට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, සීමා නීර්ණ ගැටළු නැති පලාත් පාලන ආයතන සඳහා

ඡන්දය පවත්වන්න සූදානම් වුනහම තමයි ආණ්ඩුව අවසානයේදී ඒ මැතිවරණයවත් පැවැත්වූයේ. අද වෙන විට සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පලාත් සභා විසිරුවලා අවුරුද්දකට වැඩිය කාලයක් ගතවෙලා තියෙනවා. පසුගිය මාසය වන විට උතුරු පළාත් සභාව ඇතුලු තවත් පළාත් සභා තුනක් විසිරිලා ගියා, නමුත් ඡන්ද නෑ.

ජනාධිපතිතුමා තමාට ව්‍යවස්ථාවෙන් හිමි බලතල අනුව පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දයක් කැදෙවුවාම, ලංකා ඉතිහාසයේ පලමු වතාවට එජාපය, ජවිපේ ඇතුළු පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා මැතිවරණයක් පවත්වනවට විරුද්දව. මේ පාර්ශවම තමයි ගිය අවුරුද්දෙ කිසිම හිරිකිතයක්, ලැජ්ජාවක් නැතුව පලාත් පාලන ඡන්දයත් පලාත් සභා ඡන්දත් දින නියමයක් නැතුව කල් දාගන්න, වෙනත් කාරණා වලට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණු පනත් කෙටුම්පත්වලට කාරක සභා අවස්ථාවේදී පස්සා දොරෙන් සංශෝධන ගෙනල්ලා ඡන්ද ක්‍රමයත් මුලුමනින්ම අවුල් කරලා ඒ ඡන්ද කල් දාගත්තේ. මේ රටේ ජනතාවගේ ඡන්දය දැමීමේ අයිතිය එදත් මේ පිරිස විසින්ම පැහැරගත්තා.

අද මම පාර්ලිමේන්තුවට එනකොට දැක්කා පෝස්ටරයක් - “මහ මැතිවරණයකින් මූලික මිනිස් අයිතිවාසිකම් කැඩෙන්නේ කාගේද?” මේක වැදගත් ප්‍රශ්නයක්.

අපේ රටේ 1947, 1951, 1956, 1960 පත් වෙච්ච සියලුම පාර්ලිමේන්තු කලින්විසිරුවලා මහ මැතිවරණ තිබ්බේ ජනතාවට තම පරමාධිපත්‍ය බලය තුළින් තමාට කැමති ආණ්ඩුවක් පත් කරගන්න ඉඩ දෙන්නයි. ඒකෙන් තමයි ඒ කාලේ ජනතාවගෙ පරමාධිපත්‍ය බලය රැකුණෙ. පැවති ආණ්ඩුවට මේ රටේ ප්‍රශ්න විසදන්න බෑ කියලා අවබෝධ වුණු නිසා තමයි ජනාධිපතිතුමා මට රට භාර ගන්න කියලා කිවුවෙ. මම අගමැති හැටියට දිවුරුම් දීපු ගමන්ම රට පුරා නව බලාපොරොත්තු සහගත හැඟිමක් පැතිර ගියා.

අපේ කථානායකතුමා බටහිර තානාපති කාර්යාල හා තමන්ගේ පක්ෂය එක්ක එකතුවෙලා රටේ ව්‍යවස්ථාවටත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලටත් පටහැනිව මට විරුද්ධව “ශබ්දය අනුව” විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගත්තයි කියලා කියනවා. සද්දෙන් බෑ යෝජනා සම්මත කරන්න. කථානායකවරයාගේ ඊනියා විශ්වාසභංගයේන් පස්සෙ හිටපු අගමැතිතුමා නැවතත් අගමැති වෙලයි කියලා හිටපු ඇමතිවරු ඒගොල්ලන්ට කලින් තිබ්බ අමාත්‍යංශ වලටත් ගිහිල්ලා තියෙනවා. රටේ අගමැතිවරයා ඇතුලු ඇමති මණ්ඩලය පත් කරන්නෙ ජනාධිපතිතුමා. පාර්ලිමේන්තුවට හෝ කථානායකවරයාට ඒ බලය ව්‍යවස්ථාවෙන් දීල නැහැ.

නමුත් දැන් මෙතන පාර්ලිමේන්තුවේ දෙපාර්ශවයක් අතර මත ගැටුමක් තියෙනවා. මේ ආරවුල පාර්ලමේන්තුවේ ඉන්න 225 දෙනා අතරේ විසදාගන්න හදන්නේ නැතුව මේ රටේ ලක්ෂ 150 ක් ඉක්මවන ඡන්ද දායක ජනතාවට බාර දෙමුයි කියලා මම යෝජනා කරනවා. ඒකයි පාර්ලිමේන්තු සම්ප්රදාය. දේශපාලඥයෝ හැටියට අපි හැමෝම තේරුම් ගන්න ඕන, අපේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නොවෙයි, ජනතාවටයි කියන එක. මම සංතෝස වෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කිවුවා පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දයකට යන්න යෝජනාවක් අවොත් ඒගොල්ලෝ ඒකට පක්ෂ වෙනවා කියලා. එක්සත් ජාතික පක්ෂය ඒ ගැන දරණ ස්ථාවරය මොකක්ද කියලා මේ පාර්ලිමේන්තුව තුළ අද ප්‍රකාශයක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ජනතාවට තමන්ගේ අභිමතය අනුව නව රජයක් තෝරා පත්කරගන්න සාධාරණ, යුක්තිසහගත මැතිවරණයක් පවත්වන්න මා සමඟ අත්වැල් බැඳගන්නා ලෙස පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලා 225 දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා.

ස්තුතියි.

[QUOTE="6ix9ine, post: 23894375, member: 568878"] [b]මහින්දගේ...සම්පුර්ණ කතාව[/b] [CENTER] [IMG]https://gdb.voanews.com/AEA10FEB-015D-4AB3-A8A8-22E6D6E7D7D4_cx0_cy2_cw0_w1023_r1_s.jpg[/IMG] [/CENTER] [SIZE="5"][B][CENTER][COLOR="Red"]2018/11/15 මහින්දගේ සම්පුර්න කතාව [/COLOR][/CENTER][/B][/SIZE] [CENTER][SIZE="4"][B]ගරු කථානායකතුමනි, පැවති ආණ්ඩුව විසිරුවල ඊලඟ මහ මැතිවරණය තෙක් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවපු හේතු ජනාධිපතිතුමා පැහැදිලි කරලා තියෙනවා. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා වෙනකොට ජනතාව හිටියේ විශාල පීඩනයකින්. ඉන්ධන මිල සූත්‍රය හා රුපියලේ කඩාවැටීම නිසා දිනෙන් දින වැඩිවෙන ජීවන වියදම, කිසිදාක අත්නොදුටු ආකාරයේ බදු බර, මහ බැංකු මංකොල්ලය නිසා දෙගුණයකින් වැඩි වුණු පොලී අනුපාතය, රටේ වරායවල්, ගුවන් තොටුපොලවල්, රජයට අයත් ලාබදායි ව්‍යාපෘති, ඇතුලු සියලු රජයේ දේපොල විදේශිකයන්ට විකිනීමට සැරසීම, ඉඩම් සින්නක්කරව විදේශිකයන්ට විකිනීමට නව නීති සැකසීම, විද්වතුන් හා දේශීය ව්‍යාපාරිකයන්ගේ මතය නොසලකා විදෙස් ගිවිසුම් වලට එළැඹීම, අයෝජකයන්ගෙන් මහා පරිමාන අල්ලස් ඉල්ලීම වගේ කාරණා නිසා පැවති ආණ්ඩුව ගැන රටේ විශාල අප්‍රසාදයක් තිබුණා. අපි දැක්කා ජනාධිපතිතුමා පසුගිය කාලේ එක්සත් ජාතික පක්ෂෙය් ආර්ථික කළමණාකරන කමිටුව විසිරුවල රටට වෙමින් තිබෙන විනාශය අවම කරගන්න යම් උත්සාහයක් ගන්නවා. මේ කාරණා ගැන අගමැතිතුමා සමඟ කැබිනට මණ්ඩලයේ බහින්බස්වීම් ගැනත් අපිට අහන්න ලැබුණා. ඒ අවස්ථාවේ තමයි පොලීසියේ පිරිසකුත් හවුල් වෙලා ජනාධිපතිවරයාවත්, හිටපු ආරක්ෂක ලේකම්වරයාවත් ඝාතනය කරන්න එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් කුමන්ත්‍රණය කලායි කියන ආරංචිය පටිගත කරපු සාක්ෂිත් සහිතව අපිට අහන්න ලැබෙන්නේ. තත්වය එතනට ගියාට පස්සෙ තමයි, ජනාධිපතිවරයා තීන්දු කලේ ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් කරගන්න. එජනිසය ආණ්ඩුවෙන් ඉවත් වෙනවත් එක්කම පැවතුණු සභාග ආණ්ඩුව විසිරුනා. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබී ඇති බලතල අනුව මට ආරාධනා කලා අග්‍රාමාත්‍ය ධූරය භාර අරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න කියලා. ඒ අවස්ථාවේදී මට තෝරා ගැනීමක් තිබුණා එක්කෝ ඒ ආරාධනය පිළිගන්න, නැතිනම් ප්‍රතික්ෂේප කරන්න. මට ඕනනම් කියන්න තිබුණා UNP එක අවුරුදු හතරකට කිට්ටු කාලයක් හිටපු විදියට ඉතිරි ටිකත් හිටපුදෙන් කියලා. තව අවුරුද්දයි තිබුණෙ. නමුත් අපි තමයි ප්‍රධාන විපක්ෂ බලවේගය. අපි තමයි රටේ ලොකුම දේශපාලන පක්ෂය. අපිට යුතුකමක් තියෙනවා රටේ ජනාධිපතිතුමා මුලු රටටම වෙන්න ගිය මහා වින්නැහියක් වලක්වාගන්න අපිට රට බාරදෙනකොට, ඒ වගකීම් බාරගන්න. ඒ අනුව මම ඒ වගකීම බාරගත්තා. ඒ වගේම මට තිබුණු ප්රශ්නය තමයි එජාප ආණ්ඩුව තවත් අවුරුද්දක් තිබුණනම් රටට මොනවායින් මොනව වෙලා තියෙයිද කියන එක. 2015 ජනවාරියේ ඉඳලා එජාප ආණ්ඩුව විදේශ විනිමය ණය විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 21 ක් ලබාගෙන තියෙනවා. මේ ඉවක් බවක් නැති ණය ගැනිල්ල තමයි රටට වෙමින් තිබුණු ලොකුම විනාශය. අපි පිහිටෙවුවේ මහ මැතිවරණයක් පවත්වන තුරු අන්තර්කාලීන ආණ්ඩුවක් පමණයි. ඒ නිසා තමයි, ඒකාබද්ධ විපක්ෂෙයේ සුළු පිරිසක් පමණක් ආණ්ඩුවේ ඇමතිකම් බාර ගත්තෙ. රට ප්‍රපාතයට යනවත් එක්කම අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට පසුගිය කාලේ දිගින් දිගටම මහ මැතිවරණයක් ඉල්ලා හිටියා. නමුත් පැවති ආණ්ඩුව මැතිවරණ සිතියම අකුළලයි තිබුණෙ. 2015 මාර්තුවේ විසිරුවපු පලාත් පාලන ආයතන වලට ඡන්ද පවත්වාගන්න අවුරුදු තුනක් ගියා. පලාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරලා, සීමා නීර්ණය ගැටළු තියෙනවය කියල ඡන්දය කල් දැම්මා. උසාවියේ නඩු දාලා පලාත් පාලන ඡන්දය නොතියන තැනට වැඩ සලස්සන්න හදන කොට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, සීමා නීර්ණ ගැටළු නැති පලාත් පාලන ආයතන සඳහා ඡන්දය පවත්වන්න සූදානම් වුනහම තමයි ආණ්ඩුව අවසානයේදී ඒ මැතිවරණයවත් පැවැත්වූයේ. අද වෙන විට සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පලාත් සභා විසිරුවලා අවුරුද්දකට වැඩිය කාලයක් ගතවෙලා තියෙනවා. පසුගිය මාසය වන විට උතුරු පළාත් සභාව ඇතුලු තවත් පළාත් සභා තුනක් විසිරිලා ගියා, නමුත් ඡන්ද නෑ. ජනාධිපතිතුමා තමාට ව්‍යවස්ථාවෙන් හිමි බලතල අනුව පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දයක් කැදෙවුවාම, ලංකා ඉතිහාසයේ පලමු වතාවට එජාපය, ජවිපේ ඇතුළු පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා මැතිවරණයක් පවත්වනවට විරුද්දව. මේ පාර්ශවම තමයි ගිය අවුරුද්දෙ කිසිම හිරිකිතයක්, ලැජ්ජාවක් නැතුව පලාත් පාලන ඡන්දයත් පලාත් සභා ඡන්දත් දින නියමයක් නැතුව කල් දාගන්න, වෙනත් කාරණා වලට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණු පනත් කෙටුම්පත්වලට කාරක සභා අවස්ථාවේදී පස්සා දොරෙන් සංශෝධන ගෙනල්ලා ඡන්ද ක්‍රමයත් මුලුමනින්ම අවුල් කරලා ඒ ඡන්ද කල් දාගත්තේ. මේ රටේ ජනතාවගේ ඡන්දය දැමීමේ අයිතිය එදත් මේ පිරිස විසින්ම පැහැරගත්තා. අද මම පාර්ලිමේන්තුවට එනකොට දැක්කා පෝස්ටරයක් - “මහ මැතිවරණයකින් මූලික මිනිස් අයිතිවාසිකම් කැඩෙන්නේ කාගේද?” මේක වැදගත් ප්‍රශ්නයක්. අපේ රටේ 1947, 1951, 1956, 1960 පත් වෙච්ච සියලුම පාර්ලිමේන්තු කලින්විසිරුවලා මහ මැතිවරණ තිබ්බේ ජනතාවට තම පරමාධිපත්‍ය බලය තුළින් තමාට කැමති ආණ්ඩුවක් පත් කරගන්න ඉඩ දෙන්නයි. ඒකෙන් තමයි ඒ කාලේ ජනතාවගෙ පරමාධිපත්‍ය බලය රැකුණෙ. පැවති ආණ්ඩුවට මේ රටේ ප්‍රශ්න විසදන්න බෑ කියලා අවබෝධ වුණු නිසා තමයි ජනාධිපතිතුමා මට රට භාර ගන්න කියලා කිවුවෙ. මම අගමැති හැටියට දිවුරුම් දීපු ගමන්ම රට පුරා නව බලාපොරොත්තු සහගත හැඟිමක් පැතිර ගියා. අපේ කථානායකතුමා බටහිර තානාපති කාර්යාල හා තමන්ගේ පක්ෂය එක්ක එකතුවෙලා රටේ ව්‍යවස්ථාවටත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලටත් පටහැනිව මට විරුද්ධව “ශබ්දය අනුව” විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගත්තයි කියලා කියනවා. සද්දෙන් බෑ යෝජනා සම්මත කරන්න. කථානායකවරයාගේ ඊනියා විශ්වාසභංගයේන් පස්සෙ හිටපු අගමැතිතුමා නැවතත් අගමැති වෙලයි කියලා හිටපු ඇමතිවරු ඒගොල්ලන්ට කලින් තිබ්බ අමාත්‍යංශ වලටත් ගිහිල්ලා තියෙනවා. රටේ අගමැතිවරයා ඇතුලු ඇමති මණ්ඩලය පත් කරන්නෙ ජනාධිපතිතුමා. පාර්ලිමේන්තුවට හෝ කථානායකවරයාට ඒ බලය ව්‍යවස්ථාවෙන් දීල නැහැ. නමුත් දැන් මෙතන පාර්ලිමේන්තුවේ දෙපාර්ශවයක් අතර මත ගැටුමක් තියෙනවා. මේ ආරවුල පාර්ලමේන්තුවේ ඉන්න 225 දෙනා අතරේ විසදාගන්න හදන්නේ නැතුව මේ රටේ ලක්ෂ 150 ක් ඉක්මවන ඡන්ද දායක ජනතාවට බාර දෙමුයි කියලා මම යෝජනා කරනවා. ඒකයි පාර්ලිමේන්තු සම්ප්රදාය. දේශපාලඥයෝ හැටියට අපි හැමෝම තේරුම් ගන්න ඕන, අපේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට නොවෙයි, ජනතාවටයි කියන එක. මම සංතෝස වෙනවා ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කිවුවා පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දයකට යන්න යෝජනාවක් අවොත් ඒගොල්ලෝ ඒකට පක්ෂ වෙනවා කියලා. එක්සත් ජාතික පක්ෂය ඒ ගැන දරණ ස්ථාවරය මොකක්ද කියලා මේ පාර්ලිමේන්තුව තුළ අද ප්‍රකාශයක් කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ජනතාවට තමන්ගේ අභිමතය අනුව නව රජයක් තෝරා පත්කරගන්න සාධාරණ, යුක්තිසහගත මැතිවරණයක් පවත්වන්න මා සමඟ අත්වැල් බැඳගන්නා ලෙස පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලා 225 දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා. ස්තුතියි. [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom