Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට විවෘත ලිපියක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දට තවත් විවෘත ලිපියක්

මා මිත්‍ර මහින්ද..,

මා සහ ඔබ අතර සිදු වූ ප්‍රථම හමුව මා හට අදත් පැහැදිලිව මතකය. ඒ 1988 වසරේ කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී. ල. නි. ප. මූලස්ථානයේදීය. එය මාතර ශ්‍රී. ල. නි. ප. සංවිධායක ලෙස මා පත්වීම ලද මුල් අවධියේය. එදින පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමේදී රට පුරා පැවති පුද්ගල අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ඔබ පැවැත් වූ ආකර්ශණීය කතාවට මගේ සිත තදින් ඇදී ගියේය. එහිදී අතුරුදහන් වූ පුද්ගලයන් සොයා ගැනීමට ශ්‍රී. ල. නි. ප.ය ට පැවරී ඇති වගකීම ඔබ විසින් අවධාරණය කරන ලදී. එදින ඔබ පැවැත්වූ කතාවෙන් ධෛර්යමත්වූ මා හා ඔබ අතර දිගු කාලීන මිත්‍රත්වයක් ආරම්භ විය. රැස්වීමේ සභාපතීත්වය දැරූ බණ්ඩාරනායක මැතිණිය විසින් මහානාම සමරවීරගේ පුතා ලෙස පසුව මා ඔබ වෙත හඳුන්වා දෙන ලදී.

ලන්ඩනයේ ශාන්ත මාටින් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා සිටි මා එකල විලාසිතා සහ ඇඟළුම් නිර්මාණකරුවෙකු ලෙස ලන්ඩනයේ බොහිමියානු කලා පර්ශදයන් හි සාර්ථකත්වය ළඟා කර ගනිමින් සිටියෙමි. එහෙත් දකුණේ පැවති මහා පරිමාණ පුද්ගල අතුරුදහන් කිරීම් සහ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් නිසා මා සිටියේ කැළඹුණු සිතිනි. මාගේ උපන් ප්‍රදේශය වන මාතර හා දකුණේ ඒ අවට එවැනි අපරාධ බහුලව සිදු වූ බැවින් ඒ පිළිබඳව කටයුතු කිරීම පිණිස විලාසිතා, කලා කටයුතු සහ නිර්මාණකරණයේ සුවපහසු ජීවිතය අත් හැර පූර්ණ කාලීන දේශපාලනඥයෙකු වීමට මා හට සිදු විය.

එවැනි පසුබිමක් තුළ ඔබ විසින් සිදු කළ ප්‍රකාශ වලින් ප්‍රමුදිතව සිටි මා දේශපාලන වශයෙන් ඔබ වෙත ලං වීමි. එය දිගුකාලීන මිත්‍රත්වයක ආරම්භය විය. කාලය ගතවීමත් සමග අප දෙදෙනා සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ප්රජාතන්ත්රවාදය, ප්රගතිශීලි දේශපාලනය මෙන්ම මානව හිමිකම් පිළිබඳව එක්වී ක්‍රියාකරමින් සිටියෙමු. එය මාතර මාගේ නිවසේදී ආරම්භ වූ “මව්වරුන්ගේ පෙරමුණ” පිහිටුවීමට ඉවහල් විය. එදින මාගේ නිවස තුළදීම මව්වරුන්ගේ පෙරමුණේ සම කැඳවුම්කරු වන ලෙස ඔබට මා කළ ඉල්ලීම ඔබ විසින් සතුටින් භාර ගන්නා ලදී. මා ද, රුවන් සහ ජගත් දෙදෙනාද එක් වී වෙහෙස මහන්සි වී ගොඩනගා ගත් මානව හිමිකම්, නිදහස් මාධ්‍ය මෙන්ම කම්කරු අයිතිවාසිකම් පිළිබඳවද වූ සටන් පෙරමුණු වල ඔබ ගැලවුම්කරුවෙකු ලෙස පෙනී සිටියේය. අප දෙදෙනා කොළඹ නව නගර ශාලාවේදී පැවති නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පළමු රැස්වීමට එකට එක් වී සහභාගී වූ බව මට මතකය. “පාද යාත්‍රා” ඇතුළු පක්ෂයේ අනෙකුත් කටයුතු සඳහා ඔබ පෙරමුණ ගෙන සිටියේය. ප්‍රේමදාස පාලනයට විරුද්ධව මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව ඔබ ගෙන ගිය විරෝධතාවයන් නිසා අප දෙදෙනා අතර බැඳීම තවත් වැඩිවිය.

එහෙත් මෑත කාලීන ඔබගේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී සිත් කළකිරවන පැතිකඩක් පෙනෙන්නට තිබේ. ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිබඳව පෙබරවාරි 11 දින ඔබ විසින් දැක්වූ අදහස් දේශපාලන අවස්ථාවාදියෙකුගේ ගති ලක්ෂණ පෙන්වයි. එය නැවත නැවතත් පෙන්වා දෙන්නේ මානව අයිතිවාසිකම් හා ප්රජාතන්ත්රවාදය සඳහා කැපවූ බව පෙන්වමින් ඔබ සිදුකරන මුළු රටම රැවටීමේ විජ්ජාවයි. ඔබගේ චරිතයේ තිබෙන මෙම ප්‍රෝඩාකාරී පැතිකඩ මට ප්රත්යක්ෂ වූයේ දශකයකට පෙර ඔබ ජනාධිපති වී බලය හිමිවීමෙන් පසුය.

2008 දී මා පක්ෂයෙන් ඉවත්වී යන අවස්ථාවේදී මාගේ අත් අකුරින් ලියූ පිටු දහතුනක ලිපියක් ඔබ වෙත භාර දුනිමි. එම ලිපියේ ඔබ විසින් ප්රජාතන්ත්රවාදය විනාශ කිරීම, යහපාලනයේ මූලධර්ම උල්ලංඝනය කිරීම සහ සංහිඳියාව මඟහැර සිටීම පිළිබඳව මාගේ අවංක අදහස් දැක්වූයෙමි. ඔබගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා රටේ විනාශයද, ඔබගේ දේශපාලන කඩා වැටීමද සිදු වන බව මා එම ලිපියේ පූර්වකථනය කළෙමි. එහෙත් අතීත වැරදි වලින් ඉගෙන ගන්නවා වෙනුවට දැඩි මානය, වෛරය හා බල කෑදරකම හිස තුළ පුරවාගත් පුද්ගලයෙකු සේ හැසිරුණු ඔබ එම විනාශයේ අඩි පාරේම ගමන් කළේය.

කෙසේ වුවත් තවමත් පරණ මහින්දගේ ඉතිරි වූ ශේෂයක් හෝ ඔබ තුළ ඉතිරිව ඇතැයි මා විශ්වාස කරමි. එබැවින් මේ ලිපිය ඔබ වෙත ලිවීමට තීරණය කළෙමි.

ඔස්කාර් වයිල්ඩ් ලේඛකයාගේ “ඩොරියන් ග්‍රේගේ චරිතය” නම් පොතේ සිටිනා කතා නායකයා සදාකාලිකව සුරූපීව සිටීමට යක්ෂයා සමග ගිවිසුමක් ඇති කර ගනී. ඔබ ද එලෙසම සදාකාලිකව බලයේ සිටීම සඳහා යක්ෂයා වෙත හදවත පාවා දී ඇතිවාක් මෙන් හැසිරෙයි.

මහින්ද රාජපක්ෂ යනු මැදමූලන වලව්වේ සැඟවුනු මළබැඳුණු පිලිමයක් බවට පත්වෙමින් පවතී. ඔබ විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනා පිළිබඳව දක්වා ඇති අදහස් තුළින් ඒ බව සනාථ වේ. ආත්මාර්ථකාමී, දේශද්‍රෝහී හා අවස්ථාවාදී අදහස් වලින් පිරී ඇති ඔබගේ ප්‍රකාශය දේශපාලනඥයකු ලෙස ඔබ වැටී ඇති පහත්ම තත්වය පෙන්වා දේ. සමහරවිට ඔබ විසින් මානව අයිතිවාසිකම්, යුක්තිය සහ ජාත්‍යන්තර මැදිහත්වීම් පිළිබඳව කලකට පෙර ජිනීවා නුවර මානව හිමිකම් කොමිටියේදී, පාර්ලිමේන්තුවේදී සහ ශ්‍රේෂ්ඨාධිකරණයේදී නිර්භීතව දැක්වූ අදහස් අමතක වී ඇති බව පෙනී යයි.

දකුණේ දී අතුරුදහන් වූ පුද්ගලයන් දහස් ගණනක් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කරමින් වගවීම හා යුක්තිය ඉටුකිරීම සඳහා ඔබ ජිනීවා නුවර දී විශාල වැඩ කොටසක් ඉටු කළේය. එකල ඔබ විසින් ක්‍රමවත් ලෙස ජාත්‍යන්තර තලයේදී පැවති රජය විසින් සිදු කළ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් අහිමි කිරීම් පිළිබඳව ජිනීවා නුවරදී විශාල හඬක් නැගුවේය. එහි පැවැත් වූ රැස්වීම් ශාලාවට ඇතුල් වීම සඳහා එකල ඔබට සහය ලබා දුන්නේ එල්.ටී.ටී.ඊ හිතවාදී ක්‍රියාකාරිනියක වූ තමරා කුනනායගම් බව නොරහසකි. පසුව ජනාධිපති පදවියට පත්වූ ඔබ ඇයට කෘතගුණ සැළකීමක් වශයෙන් ජිනීවා හි නිත්‍ය නියෝජිත තනතුර ලබා දුන්නේය.

1990 ඔක්තෝම්බර් 25 දින පාර්ලිමේන්තුවේ ඔබ කළ කථාවක කොටසක් හැන්සාඩ් වාර්තාවෙන් උපුටා දක්වමි. “ආණ්ඩුව මානව හිමිකම් ලබා නොදෙන්නේ නම් අපි ජිනීවා විතරක් නෙමෙයි ලෝකෙ ඕනෙම තැනකට යාමට සූදානම්, අපායට උනත්, ගිහින් මේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න සූදානම්. මේ රටේ ඉන්න අහිංසකයින්ගේ හඬාවැළපීම් ඕන තැනකදී ඉස්මතු කරන්න අපි ලෑස්තියි”

ඔබ විසින් මානව හිමිකම් සුරැකීම පමණක් නෙමෙයි, ලංකාවට විදේශ ආධාර ලබාදීම පවා නතර කරන්නට ඒ කාලයේදී කථා කලා.

හැන්සාඩ් වාර්තාවෙන්ම එය උපුටා ගන්නට මා කැමතියි, “ආධාර දෙන රට වලින් අපි ඇහුවා ඇයි ආධාර දෙද්දි කොන්දේසි දාන්න බැරි කියලා. ඒක තමයි අපි ඉල්ලා හිටියේ, ඒක තමයි අද ඉටු වෙලා තියෙන්නේ” මෙවැනි පියවර මීට පෙර කිසිම දවසක නොකෙරුණා පමණක් නෙමෙයි, අපි වුවත් ඔබගේ රජය කොතරම් මානව හිමිකම් උල්ලංඝණය කළත් රටට ලබා දෙන ආධාර නතර කරන ලෙස ඉල්ලා නොසිටියේ එමගින් අසරණ ජනතාව පීඩනයට පත්වන බැවිනි.

ඔබගේ මතකය අපැහැදිලි නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති කුඩාහෙට්ටි හා මහින්ද රාජපක්ෂ නඩුවේ පිටපතක් ඉදිරිපත් කරන්න මා කැමතියි. එම නඩුව පැවරුණේ ඔබ විසින් අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් ලියකියවිලි 533 ජිනිවා නුවරට ගෙන යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බව මතක් කිරීමට කැමැතියි.

ඔබ විරුද්ධ පක්ෂයේ සිටියදී මානව හිමිකම්, ජිනීවා සහ ජාත්‍යන්තර ප්‍රජාව ඔබට පෙනුනේ හිතෛෂී මිතුරන් ලෙසයි. නමුත් බලයෙන් මත් වූ පසු ඔබට ඒ සියළු දෙනා අමතක විය. එකල ප්රජාතන්ත්රවාදය, මානව අයිතිවාසිකම් හෝ නීතියේ ආධිපත්‍ය වැනි විශ්වීය වටිනාකම් පිළිබඳව යම් කෙනෙකු හඩක් නැඟුවේ නම් ඔබ ඔවුන් එල්.ටී.ටී.ඊ හිතවාදීන් ලෙස හා ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා පීඩාවට පත් කළේය. දැන් බලයෙන් විසි වී ගොස් සිටින විට ඔබට ජිනීවා ජාත්‍යන්තර මිතුරන් නැවත මතක් වී ඇත. ඔබගේ හොර පොල් නඩයට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත් ලබා දී ජාත්‍යන්තර ප්‍රජාවේ අනුකම්පාව දිනා ගැනීම සඳහා පිටත්කොට යවා තිබේ. එහෙත් වරක් ඔබගේ දුෂ්ඨත්වයේ ගිනි පෙනෙල්ලෙන් බැට කෑ ජාත්‍යන්තරය ඔබ කෙරෙහි නැවත කිසිදා විශ්වාසය නොතබන බව පැහැදිලියි. එතරම් දරදඬු පාලකයෙකු වී සිටි ඔබ තමන්ගේ හමුදා ආරක්ෂාව පොලීසියට භාරදීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියාචනා කිරීමට තරම් නින්දිත තත්වයකට පත්ව ඇති බව පෙනේ.

මෙතරම් කුහක හා අවස්ථාවාදී ලෙස ක්‍රියාකරන ඔබ පසුගිය වසරේ ජීනීවා හි යෝජනා සඳහා අපගේ රජය එකඟතාවයන් ඇති කර ගැනීමට විරුද්ධ වීම පුදුම සහගතය. අත්දැකීම් ඇති මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු හා මානව හිමිකම් පිළිබඳ පාර්ලිමේන්තු කොමිටියේ ලේකම් ලෙස කලක් කටයුතු කළ මට හැඟී යන්නේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව ලංකාවටත් මෙරට ජනතාවටත් හිමි වූ ජයග්‍රහණයක් බව ඔබ හොඳින් දන්නා බවය. එය ලංකාවේ නව විදේශ ප්‍රතිපත්තියේ ජයග්‍රහණයකි. ඔබගේ පාලන කාලයේදී මානව හිමිකම් කොමිසමේ ලංකාව පිළිබඳ සැසිය හැමවිටම ජාත්‍යන්තර මතය බෙදී ගිය එකක් වූවා.

අපගේ අපනයන වෙළඳපොලෙන් 50% හිමි වී ඇත්තේ යුරෝපයට හා ඇමරිකාවටයි. ඔවුන් සමග එක් වූ අපගේ සමීපතම අසල්වාසී රටවල් ඔබගේ ආණ්ඩුව විසින් ගෙන යන ලද ප්රජාතන්ත්ර හා මානව හිමිකම් විරෝධී පාලනයකට තම පිලිකුළ පලකළා. 2015 දී මුළු ලෝක ප්‍රජාවම මානව හිමිකම් කොමිසමේදී ලංකාව පිළිබඳ යෝජනාවට සහාය පලකළා. ඉන්දියාව, චීනය, හා රුසියාව යන සියළු රටවල් එයට සහයෝගය ලබා දුන්නා.

පිළිගත හැකි දේශීය යාන්ත්‍රණයක් පිළිබඳව අපගේ යෝජනාවද ඇතුළුව සාර්ථක විදේශ ප්‍රතිපත්තිය නිසා ආර්ථික සම්බාධක හා ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන තිබුණු බිය ද පහ වුනා.

ඔබ විසින් ප්‍රචාරය කර සිටින පරිදි මෙම යෝජනාව ලංකාව මත බලෙන් පැටවූවක් නොවේ. එයට පදනම්ව ඇත්තේ අපගේ ආණ්ඩුව විසින් ලබා දුන් යහපාලනය, නීතියේ ආධිපත්‍ය පිහිටුවීම, මානව අයිතිවාසිකම් හා සංහිඳියාව ස්ථාපිත කිරීම පිළිබඳ සැලසුම්ය. ශ්‍රී ලංකාව විසින් මෙම කරුණු පසුගිය සැප්තැම්බර් මාසයේදී මානව හිමිකම් කොමිසමේ දී ප්‍රකාශ කරන ලදී. මෙම සැළසුම් සකස් කොට ඇත්තේ මාස ගණනක් අපේ රටේ සහ අනිකුත් රටවල අතීත වාතාවරණයක් පිළිබඳව කළ මනා හැදෑරීමකින් පසුවය. මෙම ක්‍රමවේදයට අදාළව ක්‍රියාකළ හොත් අපගේ අතීත බිහිසුණු යුධ අත්දැකීම් නැවත කිසිවිටක මේ භූමිය තුළ හිස නොඑසවනු ඇත. මේ රටට නිදහස හිමි වූ දා සිට අප විසින් අත් දුටු ගැටුම් ඇතිවීම මෙම ජිනීවා යෝජනා හා අළුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මගින් පහවී යනු ඇත.

[QUOTE="pmmali, post: 20160557, member: 114536"] [CENTER][B][SIZE="4"][COLOR="Red"]මහින්දට තවත් විවෘත ලිපියක්[/COLOR][/SIZE][/B][/CENTER] [SIZE="4"]මා මිත්‍ර මහින්ද.., මා සහ ඔබ අතර සිදු වූ ප්‍රථම හමුව මා හට අදත් පැහැදිලිව මතකය. ඒ 1988 වසරේ කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී. ල. නි. ප. මූලස්ථානයේදීය. එය මාතර ශ්‍රී. ල. නි. ප. සංවිධායක ලෙස මා පත්වීම ලද මුල් අවධියේය. එදින පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමේදී රට පුරා පැවති පුද්ගල අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ඔබ පැවැත් වූ ආකර්ශණීය කතාවට මගේ සිත තදින් ඇදී ගියේය. එහිදී අතුරුදහන් වූ පුද්ගලයන් සොයා ගැනීමට ශ්‍රී. ල. නි. ප.ය ට පැවරී ඇති වගකීම ඔබ විසින් අවධාරණය කරන ලදී. එදින ඔබ පැවැත්වූ කතාවෙන් ධෛර්යමත්වූ මා හා ඔබ අතර දිගු කාලීන මිත්‍රත්වයක් ආරම්භ විය. රැස්වීමේ සභාපතීත්වය දැරූ බණ්ඩාරනායක මැතිණිය විසින් මහානාම සමරවීරගේ පුතා ලෙස පසුව මා ඔබ වෙත හඳුන්වා දෙන ලදී. ලන්ඩනයේ ශාන්ත මාටින් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා සිටි මා එකල විලාසිතා සහ ඇඟළුම් නිර්මාණකරුවෙකු ලෙස ලන්ඩනයේ බොහිමියානු කලා පර්ශදයන් හි සාර්ථකත්වය ළඟා කර ගනිමින් සිටියෙමි. එහෙත් දකුණේ පැවති මහා පරිමාණ පුද්ගල අතුරුදහන් කිරීම් සහ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් නිසා මා සිටියේ කැළඹුණු සිතිනි. මාගේ උපන් ප්‍රදේශය වන මාතර හා දකුණේ ඒ අවට එවැනි අපරාධ බහුලව සිදු වූ බැවින් ඒ පිළිබඳව කටයුතු කිරීම පිණිස විලාසිතා, කලා කටයුතු සහ නිර්මාණකරණයේ සුවපහසු ජීවිතය අත් හැර පූර්ණ කාලීන දේශපාලනඥයෙකු වීමට මා හට සිදු විය. එවැනි පසුබිමක් තුළ ඔබ විසින් සිදු කළ ප්‍රකාශ වලින් ප්‍රමුදිතව සිටි මා දේශපාලන වශයෙන් ඔබ වෙත ලං වීමි. එය දිගුකාලීන මිත්‍රත්වයක ආරම්භය විය. කාලය ගතවීමත් සමග අප දෙදෙනා සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ප්රජාතන්ත්රවාදය, ප්රගතිශීලි දේශපාලනය මෙන්ම මානව හිමිකම් පිළිබඳව එක්වී ක්‍රියාකරමින් සිටියෙමු. එය මාතර මාගේ නිවසේදී ආරම්භ වූ “මව්වරුන්ගේ පෙරමුණ” පිහිටුවීමට ඉවහල් විය. එදින මාගේ නිවස තුළදීම මව්වරුන්ගේ පෙරමුණේ සම කැඳවුම්කරු වන ලෙස ඔබට මා කළ ඉල්ලීම ඔබ විසින් සතුටින් භාර ගන්නා ලදී. මා ද, රුවන් සහ ජගත් දෙදෙනාද එක් වී වෙහෙස මහන්සි වී ගොඩනගා ගත් මානව හිමිකම්, නිදහස් මාධ්‍ය මෙන්ම කම්කරු අයිතිවාසිකම් පිළිබඳවද වූ සටන් පෙරමුණු වල ඔබ ගැලවුම්කරුවෙකු ලෙස පෙනී සිටියේය. අප දෙදෙනා කොළඹ නව නගර ශාලාවේදී පැවති නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පළමු රැස්වීමට එකට එක් වී සහභාගී වූ බව මට මතකය. “පාද යාත්‍රා” ඇතුළු පක්ෂයේ අනෙකුත් කටයුතු සඳහා ඔබ පෙරමුණ ගෙන සිටියේය. ප්‍රේමදාස පාලනයට විරුද්ධව මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව ඔබ ගෙන ගිය විරෝධතාවයන් නිසා අප දෙදෙනා අතර බැඳීම තවත් වැඩිවිය. එහෙත් මෑත කාලීන ඔබගේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී සිත් කළකිරවන පැතිකඩක් පෙනෙන්නට තිබේ. ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව පිළිබඳව පෙබරවාරි 11 දින ඔබ විසින් දැක්වූ අදහස් දේශපාලන අවස්ථාවාදියෙකුගේ ගති ලක්ෂණ පෙන්වයි. එය නැවත නැවතත් පෙන්වා දෙන්නේ මානව අයිතිවාසිකම් හා ප්රජාතන්ත්රවාදය සඳහා කැපවූ බව පෙන්වමින් ඔබ සිදුකරන මුළු රටම රැවටීමේ විජ්ජාවයි. ඔබගේ චරිතයේ තිබෙන මෙම ප්‍රෝඩාකාරී පැතිකඩ මට ප්රත්යක්ෂ වූයේ දශකයකට පෙර ඔබ ජනාධිපති වී බලය හිමිවීමෙන් පසුය. 2008 දී මා පක්ෂයෙන් ඉවත්වී යන අවස්ථාවේදී මාගේ අත් අකුරින් ලියූ පිටු දහතුනක ලිපියක් ඔබ වෙත භාර දුනිමි. එම ලිපියේ ඔබ විසින් ප්රජාතන්ත්රවාදය විනාශ කිරීම, යහපාලනයේ මූලධර්ම උල්ලංඝනය කිරීම සහ සංහිඳියාව මඟහැර සිටීම පිළිබඳව මාගේ අවංක අදහස් දැක්වූයෙමි. ඔබගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා රටේ විනාශයද, ඔබගේ දේශපාලන කඩා වැටීමද සිදු වන බව මා එම ලිපියේ පූර්වකථනය කළෙමි. එහෙත් අතීත වැරදි වලින් ඉගෙන ගන්නවා වෙනුවට දැඩි මානය, වෛරය හා බල කෑදරකම හිස තුළ පුරවාගත් පුද්ගලයෙකු සේ හැසිරුණු ඔබ එම විනාශයේ අඩි පාරේම ගමන් කළේය. කෙසේ වුවත් තවමත් පරණ මහින්දගේ ඉතිරි වූ ශේෂයක් හෝ ඔබ තුළ ඉතිරිව ඇතැයි මා විශ්වාස කරමි. එබැවින් මේ ලිපිය ඔබ වෙත ලිවීමට තීරණය කළෙමි. ඔස්කාර් වයිල්ඩ් ලේඛකයාගේ “ඩොරියන් ග්‍රේගේ චරිතය” නම් පොතේ සිටිනා කතා නායකයා සදාකාලිකව සුරූපීව සිටීමට යක්ෂයා සමග ගිවිසුමක් ඇති කර ගනී. ඔබ ද එලෙසම සදාකාලිකව බලයේ සිටීම සඳහා යක්ෂයා වෙත හදවත පාවා දී ඇතිවාක් මෙන් හැසිරෙයි. මහින්ද රාජපක්ෂ යනු මැදමූලන වලව්වේ සැඟවුනු මළබැඳුණු පිලිමයක් බවට පත්වෙමින් පවතී. ඔබ විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනා පිළිබඳව දක්වා ඇති අදහස් තුළින් ඒ බව සනාථ වේ. ආත්මාර්ථකාමී, දේශද්‍රෝහී හා අවස්ථාවාදී අදහස් වලින් පිරී ඇති ඔබගේ ප්‍රකාශය දේශපාලනඥයකු ලෙස ඔබ වැටී ඇති පහත්ම තත්වය පෙන්වා දේ. සමහරවිට ඔබ විසින් මානව අයිතිවාසිකම්, යුක්තිය සහ ජාත්‍යන්තර මැදිහත්වීම් පිළිබඳව කලකට පෙර ජිනීවා නුවර මානව හිමිකම් කොමිටියේදී, පාර්ලිමේන්තුවේදී සහ ශ්‍රේෂ්ඨාධිකරණයේදී නිර්භීතව දැක්වූ අදහස් අමතක වී ඇති බව පෙනී යයි. දකුණේ දී අතුරුදහන් වූ පුද්ගලයන් දහස් ගණනක් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කරමින් වගවීම හා යුක්තිය ඉටුකිරීම සඳහා ඔබ ජිනීවා නුවර දී විශාල වැඩ කොටසක් ඉටු කළේය. එකල ඔබ විසින් ක්‍රමවත් ලෙස ජාත්‍යන්තර තලයේදී පැවති රජය විසින් සිදු කළ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් අහිමි කිරීම් පිළිබඳව ජිනීවා නුවරදී විශාල හඬක් නැගුවේය. එහි පැවැත් වූ රැස්වීම් ශාලාවට ඇතුල් වීම සඳහා එකල ඔබට සහය ලබා දුන්නේ එල්.ටී.ටී.ඊ හිතවාදී ක්‍රියාකාරිනියක වූ තමරා කුනනායගම් බව නොරහසකි. පසුව ජනාධිපති පදවියට පත්වූ ඔබ ඇයට කෘතගුණ සැළකීමක් වශයෙන් ජිනීවා හි නිත්‍ය නියෝජිත තනතුර ලබා දුන්නේය. 1990 ඔක්තෝම්බර් 25 දින පාර්ලිමේන්තුවේ ඔබ කළ කථාවක කොටසක් හැන්සාඩ් වාර්තාවෙන් උපුටා දක්වමි. “ආණ්ඩුව මානව හිමිකම් ලබා නොදෙන්නේ නම් අපි ජිනීවා විතරක් නෙමෙයි ලෝකෙ ඕනෙම තැනකට යාමට සූදානම්, අපායට උනත්, ගිහින් මේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න සූදානම්. මේ රටේ ඉන්න අහිංසකයින්ගේ හඬාවැළපීම් ඕන තැනකදී ඉස්මතු කරන්න අපි ලෑස්තියි” ඔබ විසින් මානව හිමිකම් සුරැකීම පමණක් නෙමෙයි, ලංකාවට විදේශ ආධාර ලබාදීම පවා නතර කරන්නට ඒ කාලයේදී කථා කලා. හැන්සාඩ් වාර්තාවෙන්ම එය උපුටා ගන්නට මා කැමතියි, “ආධාර දෙන රට වලින් අපි ඇහුවා ඇයි ආධාර දෙද්දි කොන්දේසි දාන්න බැරි කියලා. ඒක තමයි අපි ඉල්ලා හිටියේ, ඒක තමයි අද ඉටු වෙලා තියෙන්නේ” මෙවැනි පියවර මීට පෙර කිසිම දවසක නොකෙරුණා පමණක් නෙමෙයි, අපි වුවත් ඔබගේ රජය කොතරම් මානව හිමිකම් උල්ලංඝණය කළත් රටට ලබා දෙන ආධාර නතර කරන ලෙස ඉල්ලා නොසිටියේ එමගින් අසරණ ජනතාව පීඩනයට පත්වන බැවිනි. ඔබගේ මතකය අපැහැදිලි නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති කුඩාහෙට්ටි හා මහින්ද රාජපක්ෂ නඩුවේ පිටපතක් ඉදිරිපත් කරන්න මා කැමතියි. එම නඩුව පැවරුණේ ඔබ විසින් අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් ලියකියවිලි 533 ජිනිවා නුවරට ගෙන යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බව මතක් කිරීමට කැමැතියි. ඔබ විරුද්ධ පක්ෂයේ සිටියදී මානව හිමිකම්, ජිනීවා සහ ජාත්‍යන්තර ප්‍රජාව ඔබට පෙනුනේ හිතෛෂී මිතුරන් ලෙසයි. නමුත් බලයෙන් මත් වූ පසු ඔබට ඒ සියළු දෙනා අමතක විය. එකල ප්රජාතන්ත්රවාදය, මානව අයිතිවාසිකම් හෝ නීතියේ ආධිපත්‍ය වැනි විශ්වීය වටිනාකම් පිළිබඳව යම් කෙනෙකු හඩක් නැඟුවේ නම් ඔබ ඔවුන් එල්.ටී.ටී.ඊ හිතවාදීන් ලෙස හා ද්‍රෝහීන් ලෙස හංවඩු ගසා පීඩාවට පත් කළේය. දැන් බලයෙන් විසි වී ගොස් සිටින විට ඔබට ජිනීවා ජාත්‍යන්තර මිතුරන් නැවත මතක් වී ඇත. ඔබගේ හොර පොල් නඩයට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත් ලබා දී ජාත්‍යන්තර ප්‍රජාවේ අනුකම්පාව දිනා ගැනීම සඳහා පිටත්කොට යවා තිබේ. එහෙත් වරක් ඔබගේ දුෂ්ඨත්වයේ ගිනි පෙනෙල්ලෙන් බැට කෑ ජාත්‍යන්තරය ඔබ කෙරෙහි නැවත කිසිදා විශ්වාසය නොතබන බව පැහැදිලියි. එතරම් දරදඬු පාලකයෙකු වී සිටි ඔබ තමන්ගේ හමුදා ආරක්ෂාව පොලීසියට භාරදීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියාචනා කිරීමට තරම් නින්දිත තත්වයකට පත්ව ඇති බව පෙනේ. මෙතරම් කුහක හා අවස්ථාවාදී ලෙස ක්‍රියාකරන ඔබ පසුගිය වසරේ ජීනීවා හි යෝජනා සඳහා අපගේ රජය එකඟතාවයන් ඇති කර ගැනීමට විරුද්ධ වීම පුදුම සහගතය. අත්දැකීම් ඇති මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු හා මානව හිමිකම් පිළිබඳ පාර්ලිමේන්තු කොමිටියේ ලේකම් ලෙස කලක් කටයුතු කළ මට හැඟී යන්නේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව ලංකාවටත් මෙරට ජනතාවටත් හිමි වූ ජයග්‍රහණයක් බව ඔබ හොඳින් දන්නා බවය. එය ලංකාවේ නව විදේශ ප්‍රතිපත්තියේ ජයග්‍රහණයකි. ඔබගේ පාලන කාලයේදී මානව හිමිකම් කොමිසමේ ලංකාව පිළිබඳ සැසිය හැමවිටම ජාත්‍යන්තර මතය බෙදී ගිය එකක් වූවා. අපගේ අපනයන වෙළඳපොලෙන් 50% හිමි වී ඇත්තේ යුරෝපයට හා ඇමරිකාවටයි. ඔවුන් සමග එක් වූ අපගේ සමීපතම අසල්වාසී රටවල් ඔබගේ ආණ්ඩුව විසින් ගෙන යන ලද ප්රජාතන්ත්ර හා මානව හිමිකම් විරෝධී පාලනයකට තම පිලිකුළ පලකළා. 2015 දී මුළු ලෝක ප්‍රජාවම මානව හිමිකම් කොමිසමේදී ලංකාව පිළිබඳ යෝජනාවට සහාය පලකළා. ඉන්දියාව, චීනය, හා රුසියාව යන සියළු රටවල් එයට සහයෝගය ලබා දුන්නා. පිළිගත හැකි දේශීය යාන්ත්‍රණයක් පිළිබඳව අපගේ යෝජනාවද ඇතුළුව සාර්ථක විදේශ ප්‍රතිපත්තිය නිසා ආර්ථික සම්බාධක හා ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන තිබුණු බිය ද පහ වුනා. ඔබ විසින් ප්‍රචාරය කර සිටින පරිදි මෙම යෝජනාව ලංකාව මත බලෙන් පැටවූවක් නොවේ. එයට පදනම්ව ඇත්තේ අපගේ ආණ්ඩුව විසින් ලබා දුන් යහපාලනය, නීතියේ ආධිපත්‍ය පිහිටුවීම, මානව අයිතිවාසිකම් හා සංහිඳියාව ස්ථාපිත කිරීම පිළිබඳ සැලසුම්ය. ශ්‍රී ලංකාව විසින් මෙම කරුණු පසුගිය සැප්තැම්බර් මාසයේදී මානව හිමිකම් කොමිසමේ දී ප්‍රකාශ කරන ලදී. මෙම සැළසුම් සකස් කොට ඇත්තේ මාස ගණනක් අපේ රටේ සහ අනිකුත් රටවල අතීත වාතාවරණයක් පිළිබඳව කළ මනා හැදෑරීමකින් පසුවය. මෙම ක්‍රමවේදයට අදාළව ක්‍රියාකළ හොත් අපගේ අතීත බිහිසුණු යුධ අත්දැකීම් නැවත කිසිවිටක මේ භූමිය තුළ හිස නොඑසවනු ඇත. මේ රටට නිදහස හිමි වූ දා සිට අප විසින් අත් දුටු ගැටුම් ඇතිවීම මෙම ජිනීවා යෝජනා හා අළුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මගින් පහවී යනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom