Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්දට හා ඒකාබද්ධ විපක්ෂයට වචනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්දට හා ඒකාබද්ධ විපක්ෂයට වචනයක්

මේ ලිපිය ලිවිය යුතු දැයි කිහිප වරක් ම කල්පනා කෙළෙමි. මා කියන කිසිවක වටිනාකමක් නැතැයි දේශපාලනඥයන් ද ජනමාධ්‍යවේදීන් (රිවිර හැර) ද තීරණය කර ඇතැයි මට සිතෙයි. ඒ එතරම් දෙයක් නො වේ. තව ටික කලකින් මිය යන මට ඔවුන්ගේ පිළිගැනීම යන්න කිසිම වටිනාකමක් ඇති කරුණක් නො වේ. එවැනි පිළිගැනීමක්, කීර්තියක්, ධනය හෝ වස්තුව හෝ මෙන් ම මට පරලොව ගෙන ගිය නො හැකි ය. එහෙත් ජාතිය තව කලක් පැවතිය යුතු ය, පවතිනු ඇත. ජාතියේ පැවැත්ම සඳහා උපකාර වේ යැයි මා සිතන කරුණු කිහිපයක් ලියා පළකළ යුතු යැයි මම සිතමි. මේ ලිපි කාලය වෙබ් අඩවියෙහි ද මා නමින් ඇති මුහුණු පොතෙහි ද පළකරමි. මහින්ද සවන් දෙන්නේ සිංහල බෞද්ධ විරෝධී දයාන් ජයතිලකට, තමාට විරුද්ධ වූ සරත් සිල්වාට, තම කැබිනෙට්ටුවේ සිටි පැකේජ්වාදී ඇමතිවරුන්ට බව දැන දැන ම මේ ලිපි ලියමි. ඔවුන් නිසා මහින්ද වරද්දා ගත් තැන් ඇත. එහෙත් මම ද සර්වනිර්දෝෂි නො වෙමි. සියල්ල කල් තබා කී සර්වනිර්දෝෂි පුද්ගලයකු ගැන නො දනිමි.

අප නිතර කියන ආකාරයට ශ්‍රී ල නි පක්ෂයක් දැන් නැත. බටහිරයන්ගේ හා ඉන්දියයන්ගේ අවශ්‍යතාව පරිදි මෛත්‍රිපාල සිරිසේන තම පෞද්ගලික අභිලාෂ ඉටුකර ගැනීම සඳහා ඒ මරා දැම්මේ ය. අද තවදුරටත් ශ්‍රී ල නි පක්ෂයේ නායකත්වය දිනීම සඳහා කාලය මිඩංගු කිරීම නිරර්ථක ය. විජාතික බලවේග මෛත්‍රිපාල සිරිසේන මගින් ඒ නොකෙරෙන බවට වග බලාගනු ඇත. අද කළ යුත්තේ සිංහල ජාතිකත්වය නියෝජනය කිරීම සඳහා නව පක්ෂයක් නිර්මාණය කිරීම ය. බණ්ඩාරනායක මහතා 1932 දී පමණ සිංහල මහා සභාව පිහිටුවූයේ ඒ අරමුණෙන් ය. 1951 පිහිටුවන ලද ශ්‍රී ල නි ප මුල දී ලිබරල් පක්ෂයක් වුව ද 1952 වන විට ජාතිකත්වයේ මගට පිවිස තිබිණි. නව පක්ෂයක් බිහි කර වත්මන් ඒකාබද්ධ විපක්ෂයේ (ඒකාබද්ධ විපක්ෂය යනු මන්ත්‍රීවරුන්ගේ සංසදයක් පමණකි) මන්ත්‍රීවරුන් එහි සාමාජිකයන් වුවහොත් ඔවුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කර මෛත්‍රිපාල හිතවතුන් මන්ත්‍රීන් ලෙස පත්කිරීමට ඉඩ ඇත. අනෙක් අතට මැතිවරණ කොමසාරිස් නව පක්ෂය දැනට නොපිළිගනු ඇත. එබැවින් අද කළ යුතුවන්නේ මහින්දගේ නායකත්වයෙන් නව සිංහල සභාවක් පිහිටුවීම ය. යථා කාලයේ දී එය පක්ෂයක් ලෙස ලියාපදිංචි කරගත හැකි ය. කිනම් නමකින් පිහිටුවුවද සභාව සිංහල ජාතිකත්වය (සිංහල බෞද්ධකම) මත පදනම් විය යුතු ය. එය මූලික ව ම සිංහලයන්ගේ සංවිධානයක් විය යුතු ය. එයින් කියැවෙන්නේ ඒ දෙමළ විරෝධී හෝ මුස්ලිම් විරෝධී හෝ බව නො වේ. ඒ ජනතාවගේ ද ආරක්ෂාව හා පැවැත්ම සහතික කළ හැක්කේ සිංහල ජාතිකත්වය මත පදනම් වූ පක්ෂයකට ය. බටහිර ගැති යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ එ ජා පක්ෂයට ආරක්ෂා කළ හැක්කේ එහි නායකයන් කිහිප දෙනකු පමණ ය.

වත්මන් රනිල් සිරිසේන ආණ්ඩුව තරම් සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුවක් 1948න් පසු මෙරට තිබී නැත. මේ ආණ්ඩුව රටේ ඉතිහාසය, සංස්කෘතිය පමණක් නොව බටහිර ක්‍රමයට සකස් කරන ලද ව්‍යවස්ථාව ද සත පහකට මායිම් නො කරයි. එය මූලික වශයෙන් ම බටහිර හා ඉන්දීය ගැති ආණ්ඩුවක් පමණක් නොව වෛරීත්වය මත පදනම් වූ ද වැඩ බැරි ටාසන්ලගේ ද ආණ්ඩුවකි. එයට කළ හැක්කේ පළිගැනීම හා සිංහල ජාතිකත්වයට විරුද්ධව කටයුතු කිරීම පමණකි. මේ ආණ්ඩුව රාජ්‍ය විරෝධී ය. රාජ්‍යය ආරක්ෂා කිරීමට සිටින බුද්ධි අංශවල විරුවන් සිරකරන අතර දෙමළ ත්රස්තවාදීන් නිදහස් කරයි. නීති විරෝධීව ජාතික ගීය දෙමළෙන් ගයයි. භික්ෂූන් වහන්සේ සිරගත කරයි. ගොවියන් පාරට බස්සවයි. සිංහල වෙදකමට කිසිම තැනක් නො දෙයි. සිංහල විරෝධී ආණ්ඩුව තම නොහැකියාව වසා ගන්නේ රාජපක්ෂලාට, විශේෂයෙන් ම මහින්දට වරද පටවමිනි. විදුලිය දී ගන්නට බැරි වූ විටත්, ඩොලරයේ අගය ඉහළ ගියත් වරදකරු මහින්ද ය. පසුගිය වසරේ දරු උපත් සංඛ්‍යාව වැඩි වී ද අඩු වී ද යනු දැනගැනීමට නො හැකි ය. ඒ කුමක් වුවත් එයටත් වගකිව යුත්තේ මහින්ද විය යුතු ය.

විජාතික බලවේග පසුගිය ජනාධිපතිවරණයෙ දී ද මැතිවරණයේ දී ද මහින්දට විරුද්ධව බොරු ප්රචාරක කටයුතුවල නිරත විය. අදත් නිරත වෙයි. එහෙත් දැන් එහි සීමාවට පැමිණ ඇත. මහින්දට විරුද්ධව කරගෙන ගිය බොරු ප්‍රචාරවලට සමාජ මාධ්‍ය ද යොදා ගැණිනි. එහි දී මෛත්‍රිපාලවත් එ ජා පෙරමුණවත් විරුද්ධ නො වී ය. අද සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් තවදුරටත් සමාජ මාධ්‍ය මහින්දට විරුද්ධව යොදාගත නො හැකි ය. ඒ මාධ්‍යය අද මෛත්‍රිපාලට විරුද්ධව පෙළ ගැසී ඇත. මෛත්‍රිපාල අද නම් ඒ ගැන කියවයි. ඇතැම් විට විජාතික බලවේග එකතු වී බැළයන් ලවා නැවතත් මහින්ද විරෝධී ප්‍රචාර සමාජ මාධ්‍ය මගින් ගෙන යැමට හැකි ය. එහෙත් එමගින් තවදුරටත් ජනතාව රැවටිය නොහැකි බව අවමංගල ගොබෙල්ස්ලා දැනගත යුතු ය.

මේ තත්වය යටතේ මහින්දට (එනම් නව සංවිධානයට) සිංහල බෞද්ධ ඡන්දවලින් 85%ක් පමණ ලබාගත හැකි යැයි සිතමි. අන්තිම අවාසි සහගත අවස්ථාවේ දී ද ඔහුට සිංහල බෞද්ධ ඡන්දවලින් 60%කට වඩා ලැබිණි. පසුගිය වතාවල නායක පූජකවරුන් විසින් නොමග යවනු ලැබූ සිංහල ක්‍රිස්තියානි ජනතාව යම් ප්‍රමාණයක් නැවතත් මහින්දට ඡන්දය දීමට ඇති ඉඩකඩ වැඩි ය. සිංහල ක්‍රිස්තියානිහු වැඩි දෙනෙක් ආගමෙන් ක්‍රිස්තියානි/කතෝලික වුව ද සංස්කෘතියෙන් සිංහල බෞද්ධ වෙති. ඒ අනුව මහින්දට සිංහලයන්ගේ ඡන්දවලින් 80%ක් පමණ ලැබනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. සිංහලයන්ගේ ජනගහන ප්‍රතිශතය 75%ක් බැවින් ඒ මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් ය (ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන්නේ 66%ක් පමණ ය). මහින්දට සැමදාමත් ඉතා වැඩිපුර ලැබුණේ සිංහල බෞද්ධ ඡන්ද ය. මහින්ද ඒ බව මතක තබාගන්නේ නම් ඒ රටේත් ජාතියේත් අභිවෘද්ධියට ම හේතු වෙයි. එහෙත් මහින්දට අප කලින් සඳහන් කළ පරිදි සිංහල ක්‍රිස්තියානි ඡන්ද ද යම් ප්‍රමාණයක් ලැබෙනු ඇත. වෛරයට පදික මංතීරු කඩන්නෝ අවසානයේ දී සිංහල ක්රිස්තිියානි ජනතාවට විරුද්ධ වෙති.

මහින්ද දෙමළ හා මුස්ලිම් ඡන්ද අමතක කළ යුතු යැයි මෙයින් නොකියැවෙයි. යාපනයේ ඉතිහාසය තවමත් ලංකාවේ ඇසකින් ලියැවී නැත. මේ ඒ ගැන කෙරෙන කෙටි හැඳින්වීමක් පමණකි. යාපනයට (අලිමංකඩින් උතුරට) කෝරමණ්ඩල වෙරළෙන් වෙල්ලාලයන් ගෙන එනු ලැබුයේ ලන්දේසීන් විසිනි. ඒ වන විට එහි වැඩි ජනතාව සිංහල විය. වෙල්ලාලයන්් දකුණු ඉන්දියාවේ අයත්වූයේ බමුණු කුල ක්‍රමයට අනුව නම් ශුද්‍ර ගණයට ය. එහෙත් යාපනයේ දී ඔවුන්ට ලන්දේසීන්ගේ අනුග්‍රහය ලැබිණි. 1707 දී ලන්දේසීහු තේසවලාමේ නීතිය සංගෘහිත කිරීමෙන් වෙල්ලාලයන්ගේ තැන ආරක්ෂා කළහ. (තේසවලාමේ යනු සාම්ප්‍රදායික දෙමළ නීතියක් නොව දකුණු ඉන්දියාවේ මුස්ලිම් ජනකොටසකගේ නීතියකි). දකුණු ඉන්දියාවේ දී ඊනියා අඩු කුලයක් වූ වෙල්ලාලයන් ලන්දේසීන්ගේ ආධාරයෙන් යාපනයේ දී ඊනියා උසස් කුලය බවට පත්වූයේ එහි සිටි සිංහලයන් ඊනියා අඩුකුල බවට පත්කර දෙමළ හින්දු (ශෛව) සංස්කෘතියට අවශෝෂණය කරමිනි. පසු කලෙක කුලවාදී ආරුමුගම් නවලාර් වෙල්ලාලයන් බ්‍රාහ්මණ තත්ත්වයට ද පත්කර ඊනියා පහත්කුල තවත් පීඩනයට ලක් කෙළේ ය. සිංහල බෞද්ධයන් අතර ඇති කුල ක්‍රමය ගැන කතා කරන ඊනියා මානව හිතවාදීහු දෙමළ හින්දු සමාජයේ කුල පීඩනය ගැන මුනිවත රකිති. මහින්ද කළ යුත්තේ දෙමළ ඊනියා අඩුකුල ජනතාව සංවිධානය කිරීම ය. අද දෙමළ සමාජය බටහිරයන්ගෙන්, ඉන්දීයයන්ගෙන් පමණක් නොව වෙල්ලාල හා ක්‍රිස්තියානි සංස්කෘතික පීඩනයෙන් ද මුදාගත යුතුව ඇත.

අද නැගෙනහිර පළාතේ වෙසෙන මුස්ලිම් ජනයාගේ මුතුන් මිත්තන් එහි පදිංචි කරවනු ලැබුයේ සිංහල රජවරුන් විසින් ඔවුන් පෘතුගීසි කතෝලිකයන්ගේ පීඩනයෙන් ගලවා ගැනීමට ය. (සිංහල රජවරු සිංහල කතෝලිකයන් ලන්දේසි රෙපරමාදු පීඩනයෙන් ගලවාගැනීම සඳහා වහකෝට්ටේ වැනි ප්‍රදේශවල පදිංචි කළහ) අද මේ සියළු පදිංචිකිරීම්වල උරුමය ඇත්තේ මහින්දට ය. සිංහල විරෝධී මුස්ලිම් නායකයන් විල්පත්තුව වනසමින් එහි මුස්ලිමුන් පදිංචි කිරීමට විරුද්ධ විය හැක්කේ ද ජාතිකත්වය මත පදනම් වන මහින්දට ය. ඒ අතර ලෝකයේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය හා මුස්ලිම් සංස්කෘතිය අතර කෙරෙන සටනෙහි දී පලස්තීනය වෙනුවෙන් (ජිහාඩ්, අයිඑස්අයිඑස් වෙනුවෙන් නොව) මහින්ද මෙරට ඊනියා මුස්ලිම් නායකයන්ට ද වඩා පෙනී සිට ඇත. මහින්ද මේ සියල්ල මත පදනම් වී මුස්ලිම් ජනයා ආමන්ත්‍රණය කර ඔවුන්ට ඇත්ත කිව යුතු ය.

අද අපට අපේ රට බටහිර, ඉන්දීය ආධිපත්‍යයෙන් මුදාගැනීමට සටන් කිරීමට සිදු වී ඇත. යටත්විජිතවාදී ආණ්ඩුව එහි දී බටහිර හා ඉන්දීය ආධිපත්‍යයට (එක්ටා වැනි ගිවිසුම්) හිස නමයි. මේ ආණ්ඩුව රාජ්‍ය විරෝධී ය. (ආණ්ඩුව හා රාජ්‍යය අතර වෙනසක් ඇත. ඒ බව පඬියකු වුව ද කියනු ඇත). යටත්විජිතවාදයට විරුද්ධව හැමදාමත් සටන් කර ඇත්තේ සිංහල බෞද්ධයන් ය. මහින්ද මේ සටනේ නායකත්වයට පත්කර ගැනීමට සිංහල බෞද්ධයන් සූදානම් ය. ඒකාබද්ධ විපක්ෂය රාජ්‍ය විරෝධී ආණ්ඩුවට කිසිම සහායක් දිය යුතු නො වේ. ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයට විපක්ෂය සහභාගිවීමෙන් කරන්නේ බලවත් වරදකි. ආණ්ඩුව සූදානම් වන්නේ රාජ්‍ය විරෝධී ව්‍යවස්ථාවක් අධිකරණය ද මගහැර ගොස් ව්‍යාජ ජනමත විචාරණයක් පවත්වා සම්මත කර ගැනීමට ය. එමෙන් ම ඒකාබද්ධ විපක්ෂය අපේ සතුරා හඳුනාගත යුතු ය. කතානායකට විරුද්ධව ජෙනීවාහි අන්තර්ජාතික පාර්ලිමේන්තුවට යෑම බටහිරයන්ගේ ආධිපත්‍යය හා ඊනියා සාධාරණත්වය පිළිගැනීමකි. එයින් එතරම් දෙයක් සිදු නෙවේ. 1987- 1990 අවධියේ භිෂණයට විරුද්ධව මහින්ද ජෙනීවා ගියේ ය. ඉන් ඇති වු සෙත කුමක් ද? විජේවීරගේ හා රන්ජන් විජේරත්නගේ භීෂණයෙන් මිදීමට මම එකල මාස නවයක් පමණ එංගලන්තයේ විසුවෙමි. එහි දී ආණ්ඩුවේ භිෂණයට විරුද්ධව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ (ඇම්නෙස්ටි ඉන්ටනැෂනල්)් ලංකාව භාරව සිටි ලේකම්වරිය ද, විශේෂයෙන් ම ශිෂ්‍යයන්ට එල්ල කරන ලද භීෂණයට (ත්රිමාවිතාණ) විරුද්ධව එංගලන්තයේ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සම්මේලනයේ ලේකම් ද, කිහිප වතාවක් හමු වී මෙරට විශ්වවිද්‍යාලයීය ආචර්ය සමිති සම්මේලනයේ හිටපු ලේකම්වරයකු ලෙස කරුණු කීවෙමි. ඔවුන්ගෙන් කාරුණික වචන හැරෙන්නට වෙනත් කිසිවක් නො ලැබිණි. බටහිරයන් හා ඉන්දීයයන් ලංකාවේ දී සංවිධානය කර උපකාර කරන්නේ සිංහල බෞද්ධ විරෝධී සංවිධානවල ඊනියා විමුක්ති සටන්වලට පමණ ය. බටහිරයන්ට හා ඉන්දියාවට කරුණු කීමෙන් පලක් නැත. ඔවුන් සිංහලයන් වරදකරුවන් නොවන බව නොදන්නවා නො වේ. එහෙත් ඔවුන්ට අවශ්‍ය හැකිනම් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම ය. ඔවුන් අපට සවන් දෙනු ඇත, අපට විරුද්ධව ආයුධ දෙනු ඇත.

නලින් ද සිල්වා

[QUOTE="xcorat, post: 19969538, member: 555034"] [b]මහින්දට හා ඒකාබද්ධ විපක්ෂයට වචනයක්[/b] [SIZE="5"][B]මේ ලිපිය ලිවිය යුතු දැයි කිහිප වරක් ම කල්පනා කෙළෙමි. මා කියන කිසිවක වටිනාකමක් නැතැයි දේශපාලනඥයන් ද ජනමාධ්‍යවේදීන් (රිවිර හැර) ද තීරණය කර ඇතැයි මට සිතෙයි. ඒ එතරම් දෙයක් නො වේ. තව ටික කලකින් මිය යන මට ඔවුන්ගේ පිළිගැනීම යන්න කිසිම වටිනාකමක් ඇති කරුණක් නො වේ. එවැනි පිළිගැනීමක්, කීර්තියක්, ධනය හෝ වස්තුව හෝ මෙන් ම මට පරලොව ගෙන ගිය නො හැකි ය. එහෙත් ජාතිය තව කලක් පැවතිය යුතු ය, පවතිනු ඇත. ජාතියේ පැවැත්ම සඳහා උපකාර වේ යැයි මා සිතන කරුණු කිහිපයක් ලියා පළකළ යුතු යැයි මම සිතමි. මේ ලිපි කාලය වෙබ් අඩවියෙහි ද මා නමින් ඇති මුහුණු පොතෙහි ද පළකරමි. මහින්ද සවන් දෙන්නේ සිංහල බෞද්ධ විරෝධී දයාන් ජයතිලකට, තමාට විරුද්ධ වූ සරත් සිල්වාට, තම කැබිනෙට්ටුවේ සිටි පැකේජ්වාදී ඇමතිවරුන්ට බව දැන දැන ම මේ ලිපි ලියමි. ඔවුන් නිසා මහින්ද වරද්දා ගත් තැන් ඇත. එහෙත් මම ද සර්වනිර්දෝෂි නො වෙමි. සියල්ල කල් තබා කී සර්වනිර්දෝෂි පුද්ගලයකු ගැන නො දනිමි. අප නිතර කියන ආකාරයට ශ්‍රී ල නි පක්ෂයක් දැන් නැත. බටහිරයන්ගේ හා ඉන්දියයන්ගේ අවශ්‍යතාව පරිදි මෛත්‍රිපාල සිරිසේන තම පෞද්ගලික අභිලාෂ ඉටුකර ගැනීම සඳහා ඒ මරා දැම්මේ ය. අද තවදුරටත් ශ්‍රී ල නි පක්ෂයේ නායකත්වය දිනීම සඳහා කාලය මිඩංගු කිරීම නිරර්ථක ය. විජාතික බලවේග මෛත්‍රිපාල සිරිසේන මගින් ඒ නොකෙරෙන බවට වග බලාගනු ඇත. අද කළ යුත්තේ සිංහල ජාතිකත්වය නියෝජනය කිරීම සඳහා නව පක්ෂයක් නිර්මාණය කිරීම ය. බණ්ඩාරනායක මහතා 1932 දී පමණ සිංහල මහා සභාව පිහිටුවූයේ ඒ අරමුණෙන් ය. 1951 පිහිටුවන ලද ශ්‍රී ල නි ප මුල දී ලිබරල් පක්ෂයක් වුව ද 1952 වන විට ජාතිකත්වයේ මගට පිවිස තිබිණි. නව පක්ෂයක් බිහි කර වත්මන් ඒකාබද්ධ විපක්ෂයේ (ඒකාබද්ධ විපක්ෂය යනු මන්ත්‍රීවරුන්ගේ සංසදයක් පමණකි) මන්ත්‍රීවරුන් එහි සාමාජිකයන් වුවහොත් ඔවුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කර මෛත්‍රිපාල හිතවතුන් මන්ත්‍රීන් ලෙස පත්කිරීමට ඉඩ ඇත. අනෙක් අතට මැතිවරණ කොමසාරිස් නව පක්ෂය දැනට නොපිළිගනු ඇත. එබැවින් අද කළ යුතුවන්නේ මහින්දගේ නායකත්වයෙන් නව සිංහල සභාවක් පිහිටුවීම ය. යථා කාලයේ දී එය පක්ෂයක් ලෙස ලියාපදිංචි කරගත හැකි ය. කිනම් නමකින් පිහිටුවුවද සභාව සිංහල ජාතිකත්වය (සිංහල බෞද්ධකම) මත පදනම් විය යුතු ය. එය මූලික ව ම සිංහලයන්ගේ සංවිධානයක් විය යුතු ය. එයින් කියැවෙන්නේ ඒ දෙමළ විරෝධී හෝ මුස්ලිම් විරෝධී හෝ බව නො වේ. ඒ ජනතාවගේ ද ආරක්ෂාව හා පැවැත්ම සහතික කළ හැක්කේ සිංහල ජාතිකත්වය මත පදනම් වූ පක්ෂයකට ය. බටහිර ගැති යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ එ ජා පක්ෂයට ආරක්ෂා කළ හැක්කේ එහි නායකයන් කිහිප දෙනකු පමණ ය. වත්මන් රනිල් සිරිසේන ආණ්ඩුව තරම් සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුවක් 1948න් පසු මෙරට තිබී නැත. මේ ආණ්ඩුව රටේ ඉතිහාසය, සංස්කෘතිය පමණක් නොව බටහිර ක්‍රමයට සකස් කරන ලද ව්‍යවස්ථාව ද සත පහකට මායිම් නො කරයි. එය මූලික වශයෙන් ම බටහිර හා ඉන්දීය ගැති ආණ්ඩුවක් පමණක් නොව වෛරීත්වය මත පදනම් වූ ද වැඩ බැරි ටාසන්ලගේ ද ආණ්ඩුවකි. එයට කළ හැක්කේ පළිගැනීම හා සිංහල ජාතිකත්වයට විරුද්ධව කටයුතු කිරීම පමණකි. මේ ආණ්ඩුව රාජ්‍ය විරෝධී ය. රාජ්‍යය ආරක්ෂා කිරීමට සිටින බුද්ධි අංශවල විරුවන් සිරකරන අතර දෙමළ ත්රස්තවාදීන් නිදහස් කරයි. නීති විරෝධීව ජාතික ගීය දෙමළෙන් ගයයි. භික්ෂූන් වහන්සේ සිරගත කරයි. ගොවියන් පාරට බස්සවයි. සිංහල වෙදකමට කිසිම තැනක් නො දෙයි. සිංහල විරෝධී ආණ්ඩුව තම නොහැකියාව වසා ගන්නේ රාජපක්ෂලාට, විශේෂයෙන් ම මහින්දට වරද පටවමිනි. විදුලිය දී ගන්නට බැරි වූ විටත්, ඩොලරයේ අගය ඉහළ ගියත් වරදකරු මහින්ද ය. පසුගිය වසරේ දරු උපත් සංඛ්‍යාව වැඩි වී ද අඩු වී ද යනු දැනගැනීමට නො හැකි ය. ඒ කුමක් වුවත් එයටත් වගකිව යුත්තේ මහින්ද විය යුතු ය. විජාතික බලවේග පසුගිය ජනාධිපතිවරණයෙ දී ද මැතිවරණයේ දී ද මහින්දට විරුද්ධව බොරු ප්රචාරක කටයුතුවල නිරත විය. අදත් නිරත වෙයි. එහෙත් දැන් එහි සීමාවට පැමිණ ඇත. මහින්දට විරුද්ධව කරගෙන ගිය බොරු ප්‍රචාරවලට සමාජ මාධ්‍ය ද යොදා ගැණිනි. එහි දී මෛත්‍රිපාලවත් එ ජා පෙරමුණවත් විරුද්ධ නො වී ය. අද සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් තවදුරටත් සමාජ මාධ්‍ය මහින්දට විරුද්ධව යොදාගත නො හැකි ය. ඒ මාධ්‍යය අද මෛත්‍රිපාලට විරුද්ධව පෙළ ගැසී ඇත. මෛත්‍රිපාල අද නම් ඒ ගැන කියවයි. ඇතැම් විට විජාතික බලවේග එකතු වී බැළයන් ලවා නැවතත් මහින්ද විරෝධී ප්‍රචාර සමාජ මාධ්‍ය මගින් ගෙන යැමට හැකි ය. එහෙත් එමගින් තවදුරටත් ජනතාව රැවටිය නොහැකි බව අවමංගල ගොබෙල්ස්ලා දැනගත යුතු ය. මේ තත්වය යටතේ මහින්දට (එනම් නව සංවිධානයට) සිංහල බෞද්ධ ඡන්දවලින් 85%ක් පමණ ලබාගත හැකි යැයි සිතමි. අන්තිම අවාසි සහගත අවස්ථාවේ දී ද ඔහුට සිංහල බෞද්ධ ඡන්දවලින් 60%කට වඩා ලැබිණි. පසුගිය වතාවල නායක පූජකවරුන් විසින් නොමග යවනු ලැබූ සිංහල ක්‍රිස්තියානි ජනතාව යම් ප්‍රමාණයක් නැවතත් මහින්දට ඡන්දය දීමට ඇති ඉඩකඩ වැඩි ය. සිංහල ක්‍රිස්තියානිහු වැඩි දෙනෙක් ආගමෙන් ක්‍රිස්තියානි/කතෝලික වුව ද සංස්කෘතියෙන් සිංහල බෞද්ධ වෙති. ඒ අනුව මහින්දට සිංහලයන්ගේ ඡන්දවලින් 80%ක් පමණ ලැබනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. සිංහලයන්ගේ ජනගහන ප්‍රතිශතය 75%ක් බැවින් ඒ මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් ය (ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන්නේ 66%ක් පමණ ය). මහින්දට සැමදාමත් ඉතා වැඩිපුර ලැබුණේ සිංහල බෞද්ධ ඡන්ද ය. මහින්ද ඒ බව මතක තබාගන්නේ නම් ඒ රටේත් ජාතියේත් අභිවෘද්ධියට ම හේතු වෙයි. එහෙත් මහින්දට අප කලින් සඳහන් කළ පරිදි සිංහල ක්‍රිස්තියානි ඡන්ද ද යම් ප්‍රමාණයක් ලැබෙනු ඇත. වෛරයට පදික මංතීරු කඩන්නෝ අවසානයේ දී සිංහල ක්රිස්තිියානි ජනතාවට විරුද්ධ වෙති. මහින්ද දෙමළ හා මුස්ලිම් ඡන්ද අමතක කළ යුතු යැයි මෙයින් නොකියැවෙයි. යාපනයේ ඉතිහාසය තවමත් ලංකාවේ ඇසකින් ලියැවී නැත. මේ ඒ ගැන කෙරෙන කෙටි හැඳින්වීමක් පමණකි. යාපනයට (අලිමංකඩින් උතුරට) කෝරමණ්ඩල වෙරළෙන් වෙල්ලාලයන් ගෙන එනු ලැබුයේ ලන්දේසීන් විසිනි. ඒ වන විට එහි වැඩි ජනතාව සිංහල විය. වෙල්ලාලයන්් දකුණු ඉන්දියාවේ අයත්වූයේ බමුණු කුල ක්‍රමයට අනුව නම් ශුද්‍ර ගණයට ය. එහෙත් යාපනයේ දී ඔවුන්ට ලන්දේසීන්ගේ අනුග්‍රහය ලැබිණි. 1707 දී ලන්දේසීහු තේසවලාමේ නීතිය සංගෘහිත කිරීමෙන් වෙල්ලාලයන්ගේ තැන ආරක්ෂා කළහ. (තේසවලාමේ යනු සාම්ප්‍රදායික දෙමළ නීතියක් නොව දකුණු ඉන්දියාවේ මුස්ලිම් ජනකොටසකගේ නීතියකි). දකුණු ඉන්දියාවේ දී ඊනියා අඩු කුලයක් වූ වෙල්ලාලයන් ලන්දේසීන්ගේ ආධාරයෙන් යාපනයේ දී ඊනියා උසස් කුලය බවට පත්වූයේ එහි සිටි සිංහලයන් ඊනියා අඩුකුල බවට පත්කර දෙමළ හින්දු (ශෛව) සංස්කෘතියට අවශෝෂණය කරමිනි. පසු කලෙක කුලවාදී ආරුමුගම් නවලාර් වෙල්ලාලයන් බ්‍රාහ්මණ තත්ත්වයට ද පත්කර ඊනියා පහත්කුල තවත් පීඩනයට ලක් කෙළේ ය. සිංහල බෞද්ධයන් අතර ඇති කුල ක්‍රමය ගැන කතා කරන ඊනියා මානව හිතවාදීහු දෙමළ හින්දු සමාජයේ කුල පීඩනය ගැන මුනිවත රකිති. මහින්ද කළ යුත්තේ දෙමළ ඊනියා අඩුකුල ජනතාව සංවිධානය කිරීම ය. අද දෙමළ සමාජය බටහිරයන්ගෙන්, ඉන්දීයයන්ගෙන් පමණක් නොව වෙල්ලාල හා ක්‍රිස්තියානි සංස්කෘතික පීඩනයෙන් ද මුදාගත යුතුව ඇත. අද නැගෙනහිර පළාතේ වෙසෙන මුස්ලිම් ජනයාගේ මුතුන් මිත්තන් එහි පදිංචි කරවනු ලැබුයේ සිංහල රජවරුන් විසින් ඔවුන් පෘතුගීසි කතෝලිකයන්ගේ පීඩනයෙන් ගලවා ගැනීමට ය. (සිංහල රජවරු සිංහල කතෝලිකයන් ලන්දේසි රෙපරමාදු පීඩනයෙන් ගලවාගැනීම සඳහා වහකෝට්ටේ වැනි ප්‍රදේශවල පදිංචි කළහ) අද මේ සියළු පදිංචිකිරීම්වල උරුමය ඇත්තේ මහින්දට ය. සිංහල විරෝධී මුස්ලිම් නායකයන් විල්පත්තුව වනසමින් එහි මුස්ලිමුන් පදිංචි කිරීමට විරුද්ධ විය හැක්කේ ද ජාතිකත්වය මත පදනම් වන මහින්දට ය. ඒ අතර ලෝකයේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය හා මුස්ලිම් සංස්කෘතිය අතර කෙරෙන සටනෙහි දී පලස්තීනය වෙනුවෙන් (ජිහාඩ්, අයිඑස්අයිඑස් වෙනුවෙන් නොව) මහින්ද මෙරට ඊනියා මුස්ලිම් නායකයන්ට ද වඩා පෙනී සිට ඇත. මහින්ද මේ සියල්ල මත පදනම් වී මුස්ලිම් ජනයා ආමන්ත්‍රණය කර ඔවුන්ට ඇත්ත කිව යුතු ය. අද අපට අපේ රට බටහිර, ඉන්දීය ආධිපත්‍යයෙන් මුදාගැනීමට සටන් කිරීමට සිදු වී ඇත. යටත්විජිතවාදී ආණ්ඩුව එහි දී බටහිර හා ඉන්දීය ආධිපත්‍යයට (එක්ටා වැනි ගිවිසුම්) හිස නමයි. මේ ආණ්ඩුව රාජ්‍ය විරෝධී ය. (ආණ්ඩුව හා රාජ්‍යය අතර වෙනසක් ඇත. ඒ බව පඬියකු වුව ද කියනු ඇත). යටත්විජිතවාදයට විරුද්ධව හැමදාමත් සටන් කර ඇත්තේ සිංහල බෞද්ධයන් ය. මහින්ද මේ සටනේ නායකත්වයට පත්කර ගැනීමට සිංහල බෞද්ධයන් සූදානම් ය. ඒකාබද්ධ විපක්ෂය රාජ්‍ය විරෝධී ආණ්ඩුවට කිසිම සහායක් දිය යුතු නො වේ. ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයට විපක්ෂය සහභාගිවීමෙන් කරන්නේ බලවත් වරදකි. ආණ්ඩුව සූදානම් වන්නේ රාජ්‍ය විරෝධී ව්‍යවස්ථාවක් අධිකරණය ද මගහැර ගොස් ව්‍යාජ ජනමත විචාරණයක් පවත්වා සම්මත කර ගැනීමට ය. එමෙන් ම ඒකාබද්ධ විපක්ෂය අපේ සතුරා හඳුනාගත යුතු ය. කතානායකට විරුද්ධව ජෙනීවාහි අන්තර්ජාතික පාර්ලිමේන්තුවට යෑම බටහිරයන්ගේ ආධිපත්‍යය හා ඊනියා සාධාරණත්වය පිළිගැනීමකි. එයින් එතරම් දෙයක් සිදු නෙවේ. 1987- 1990 අවධියේ භිෂණයට විරුද්ධව මහින්ද ජෙනීවා ගියේ ය. ඉන් ඇති වු සෙත කුමක් ද? විජේවීරගේ හා රන්ජන් විජේරත්නගේ භීෂණයෙන් මිදීමට මම එකල මාස නවයක් පමණ එංගලන්තයේ විසුවෙමි. එහි දී ආණ්ඩුවේ භිෂණයට විරුද්ධව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ (ඇම්නෙස්ටි ඉන්ටනැෂනල්)් ලංකාව භාරව සිටි ලේකම්වරිය ද, විශේෂයෙන් ම ශිෂ්‍යයන්ට එල්ල කරන ලද භීෂණයට (ත්රිමාවිතාණ) විරුද්ධව එංගලන්තයේ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සම්මේලනයේ ලේකම් ද, කිහිප වතාවක් හමු වී මෙරට විශ්වවිද්‍යාලයීය ආචර්ය සමිති සම්මේලනයේ හිටපු ලේකම්වරයකු ලෙස කරුණු කීවෙමි. ඔවුන්ගෙන් කාරුණික වචන හැරෙන්නට වෙනත් කිසිවක් නො ලැබිණි. බටහිරයන් හා ඉන්දීයයන් ලංකාවේ දී සංවිධානය කර උපකාර කරන්නේ සිංහල බෞද්ධ විරෝධී සංවිධානවල ඊනියා විමුක්ති සටන්වලට පමණ ය. බටහිරයන්ට හා ඉන්දියාවට කරුණු කීමෙන් පලක් නැත. ඔවුන් සිංහලයන් වරදකරුවන් නොවන බව නොදන්නවා නො වේ. එහෙත් ඔවුන්ට අවශ්‍ය හැකිනම් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම ය. ඔවුන් අපට සවන් දෙනු ඇත, අපට විරුද්ධව ආයුධ දෙනු ඇත. නලින් ද සිල්වා[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom