මහින්ද උපහාර කවි
පළමුව මම වැන්ඳ බුදුන් සිහිකරගෙන මේ දහ අට
දෙවනුව සත්ධර්මෙ උතුම් මුදුනත් කර දෑත හොදට
තෙවනුව මහ සංඝ රත්නෙ වැඳ පින් දී පසු සුරන්ට
කියනව අපි මුලනෙගේ විස්තර කලියෙන් අපි මරන්ට
සිරින් සපිරි අපෙ ලක්දිව අසුවුනි හොර බයි නඩේට
කෙලින් ඉන්න නොදී අපිට බලේ ගත්ත ඔවුන් අතට
පිටින් ආපු මෝඩ ගොබ්බ හැත්ත පිරුණා මැති සබේට
ඔවුන් අතරෙ ලොක්කා මුලනෙ රජා කියලා හොරෙක් ජයට
අරලියා මල් පිපුණු මැදුරේ මුලනෙ උන්නු ගෙයි විස්තර
නගින්න එහි තට්ටු හතයි යටටත් ඒ තරම් විතර
තදින්‍ම සූදුව එතනයි නිලධාරිත් ඇවිත් නිතර
පනින්න බෑ අල්ලන්නට අධිකරණෙත් බයයි මිතුර
මෙකලා වීරයෙක් උන්නෙ නෑ මිතුරනි අපෙ කරුමෙට
හිටියත් ඒ හිටපු එවුන් නැග්ගුවා සුදූ වෑන් වලට
මරලම දැම්මා සමහරු අතුරුදහන් කරා යසට
එකලා ඔහු කල මැරකම් කියනව මං පෙළින් පෙළට
අල්ලස් දී මන්තිරිලට විපක්ෂයෙන් බාලා සොඳට
මුලනෙ අය්යා සූදු කෙළිය තුනෙන් දෙකක් බාලා ජයට
ආණ්ඩුවත් සතුටු වෙලා රජෙක් වගේ උන්නු මැතිට
බල්ලො වගේ අත ඉස්සුවා ගේන ගේන පනත් වලට
එක්ක ගොසින් මෝඩ හැත්ත රට රටවල සංචාරෙට
කෝටී ගණන් වියදම් කරේ තනිකර ආතල් ගන්නට
කොමිස් දීල ඔවුන් අතට කැමති ලෙසින් රට කන්නට
ඊට පස්සෙ සිද්ද වෙච්ච දේ පුදුමයි අහං ඉන්ට
ඇඳගෙන සුදු සරම් ෂර්ට් සාටයකත් දා ගෙල වට
අරගෙන රන් වශී බෝල මිරික මිරික ගජ රාමෙට
දාගෙන දඹ රනින් කෙරූ අපල මුදුත් ඇගිලි පහට
යන යන තැන පිරිත් නූල් බැන්ඳයි මුළු අත පිරෙන්ට
යුද්ධෙ යුද්ධෙ කියලා මැතිදු බයකරගෙන අපෙ මුළු රටට
කේවට්ටයා විමලෙ දැම්මා යටි ගිරියෙන් කෑ ගසන්ට
‘කොටියා එනෝ කොටියා එනෝ’ අපෙ විමලෙත් දුන්නා එළට
රවට්ටමින් මේ බයිලෙන් කෑවයි දස වසක් යසට
පුත්තු තුනක් හිටියා එකළ ඇමතින්ටත් වඩා සැරට
උන්ගේ අනින් තීන්දු විය රට කරවන හැටි හරියට
සද්ද නැතුව උන්නු නෝනා සිරිලියටත් විද්දා තිතට
අය්යලා මල්ලිලා ඔක්කොම හරි හරියට දුන්නා රටට
පරද්දන්න මේ සූදුව නැගී හිටියා රටේ ජනයා
තවත් කන්නෙ නැතුව කොහොම කියලා ම.රා කියා හිටියා
නවත්තන්න බෑ හොරු රැුළ කොයි කවුරුත් බයේ හිටියා
යහපාලන යතුර අරන් සිරිසේන ත් නැගී හිටියා
බලන්න පුදුමයි මහතුනි මුලනෙගෙ ඒ සූදු පිටිය
එතන්ට චණ්ඩියා තමයි ඇමරිකාවේ ගෝඨා අය්යා
දිනන්ට අත ගත්තු ගමන් ජනතාවාට හොඳට කෙලියා
කොහෙන් ආපු ටොයියොන්දැයි කියලා ගෝඨා නැගිට සිටියා
රජකම හා හොරු රංචුව පරදා ජනතාව එවිට
කණින් අල්ලලා දැම්මයි මුලනේ යළි මැද මුලනෙට
දැනගල්ලා ජනබලයයි දිනන්නේ අද කිව්ව කලට
තනියෙන්මයි මුලනේ ගියේ හොරු නැවතුනා යළි කන්නට
මුලනෙට නම් නඩු දාහයි දහය බැගින් අනිත් අයට
අහුඋනි තව බොහෝ දෙනෙක් බැරිවුණි තව හොරු ටිකකට
නාමල් හා යෝෂී ෂිරා මග බලනවා පැනගන්නට
ඇත්තයි අපි නඩු දමන්න ඔ්නෙ මෙහෙම දස හොරුන්ට
ඉතින් විමලේ ඉදල මොටද කියල මුලනෙ පැන විජහට
රැස්වීමෙන් නෙමෙයි ඔන්න පන්සල් ගියෙ පච කෙලින්ට
විමලෙ බන්ධු ගම්මන්පිල වාසූවා හා දිනේෂ් එකට
යළිත් හොරා රජකරවමු කියලා ඇඩුවා මහ සද්දෙට
එතුමා කල හොරකම් නම් එක කටකට බැහැ කියන්ට
හැමදාමත් මතක් වෙන්ට ඉතිහාසෙත් තියෙයි හොඳට
හිටියා නම් අද වෙනතුරු බඩුම තමයි ලංකාවට
එතුමා ඡන්දෙට වැඩියේ අනේ තියෙන අහේතුවට...