Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද ඒකාධිපතියාද?-ගාමිනි වියංගොඩ ලිපිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද ඒකාධිපතියාද?-ගාමිනි වියංගොඩ ලිපිය

විටින් විට ඡන්ද පැවැත්වීමෙන් පෙන්නුම් කරන්නේ තමා ඒකාධිපතියෙකු නොවන බව යැයි ජනාධිපතිවරයා ගිය සතියේ උදම් ඇනීය. මේ කියන සමහර මැතිවරණ නියමිත කාලය ඉකුත්ව බොහෝ කල් ගොස් පවත්වන ඒවා ය. දැන් උතුරේ පැවැත්වෙන පළාත් සභා ඡන්දය ඊට උදාහරණයකි. කාලය ඉකුත් වීම, වැළැක්විය නොහැකි හේතූන් මත සිදු වූ බවත් තරමක් ඇත්තයි. එහෙත්, ඇතැම් ඡන්ද නියමිත කාලයට පෙර ද පැවැත්වුණි. එසේ නියමිත කලටත් කලින් ඡන්දයක් පැවැත්වීමට තරම් පාලකයෙකු ‘නිර්ලෝභී’ වීම, ඔහුගේ ප්රජාතන්ත්රවාදී අභිලාෂයේ තරම කියාපෑමක් වශයෙන් ද බැලූ බැල්මට පෙනේ. එහෙත් ඇත්ත තත්වය වන්නේ එහි ප්රතිපක්ෂය බව අපක්ෂපාතී ජනයා දනිති. එනම්, අදාළ මැතිවරණය තමාට වඩාත් වාසිදායක අන්දමින් පවත්වා ගැනීමට පාලකයෙකු තුළ ඇති කූට අභිලාෂය ඊට තුඩදෙන බවයි. මේ සටකපට භාවය ‘නීත්‍යානුකූල’ කර ගැනීම සඳහා ළඟදීම රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීමටත් මේ ආණ්ඩුවේ සැලස්මක් තිබේ.

මේ නිසා, යම් පාලකයෙකු මැතිවරණ නොපවත්වා සිටීම ඒකාධිපති ප්‍රවණතාවක් වශයෙන් හැඳින්විය හැකි වෙතත්, මැතිවරණ පැවැත්වීම මොන ආකාරයකින්වත් පාලකයෙකුගේ ප්රජාතන්ත්රීය සද්භාවය ප්‍රකාශ කරන්නක් වන්නේ නැති බව කිව යුතුය. ඒ සඳහා තවත් බොහෝ දේවල් අවශ්‍ය කෙරේ.

1933 දී ජර්මනියේ චාන්සලර් පදවියට පත්වීමෙන් පසු හිට්ලර් ද මහ මැතිවරණයක් පැවැත්තුවේය. එහි දී ඔහුට ලැබුණේ සියයට 44 ක ඡන්ද ප්රතිශතයකි. ඔහු කෙළේ කුමක් ද? කොමියුනිස්ට් මන්ත්‍රීවරුන් 81 දෙනෙකු හිරභාරයට ගැනීමයි. එවිට, පාර්ලිමේන්තුවේ බහුතරය ඔහු සතු විය. ඉන් පසු ඔහු මුලින්ම කෙළේ ‘බලාත්මක පනත’(ඉනේබ්ලින් ඇක්ට්) සම්මත කර ගැනීමයි. එම පනතට අනුව, ඕනෑම නීතියක් පැනවීමේ බලය හිට්ලර්ගේ තනි අයිතියට පැවරුණි.

මහින්ද රාජපක්ෂ එසේ ‘බලාත්මක පනතක්’ සම්මත කරගත්තේ ද කියා හෝ විපක්ෂ මන්ත්‍රීවරු හිර භාරයට ගත්තේ ද කියා හෝ කෙනෙකු ප්‍රශ්න කළ හැකිය. සරත් ෆොන්සේකාව හිර භාරයට ගැනීම, මෙවැනි ප්‍රශ්නයක් මතු කරන කෙනාට ප්‍රමාණවත් පිළිතුරක් නොවිය හැකිය. එසේ නම් නිවැරදි ප්රශ්නය මතු කරගත යුතුව ඇත. එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මහජන මන්ත්‍රීවරුන් 60-70 අතර ප්‍රමාණයක්, අයථා පෙළඹවීම් සහ බිය ගැන්වීම් මගින්(රාජ්‍ය සම්පත් වංචා කිරීම ගැන කෝප් වාර්තාවෙන් චූදිතයකු වන තැනැත්තෙකු, හිරේට යනවා වෙනුවට කැබිනට්ටුවට යාම ‘ප්රඥාගෝචර’ නැද්ද?) තමන්ගේ ආණ්ඩුවට ගත හැකිව තිබියදී, ඔවුන්ව හිරේ විලංගුවේ දාන්නේ කුමට? හිට්ලර් සම්මත කරගත් ආකාරයේ ‘බලාත්මක පනතක්’ මහින්ද රාජපක්ෂ සම්මත කරගත්තේ නැති බවත් ඇත්ත. ඔහු නීති හැදීම තමන්ගේ තනි අතට ගත්තේ නැත. ඒ වෙනුවට, නීති හදන සහ නීති ක්‍රියාත්මක කරන ආයතන සියල්ල තමන් ඉදිරියේ වහලූන් බවට පත්කෙළේය. එය, පාර්ලිමේන්තුවේ සහ කැබිනට් මණ්ඩලයේ සිට, අධිකරණය සහ පොලීසියේ සිට, නීතිපති, විගණකාධිපති සහ මැතිවරණ කොමසාරිස්ගේ සිට, රාජ්‍ය සේවය සහ පෞද්ගලික අංශය දක්වාම, තනි අතකට ගැනීම දක්වා අද වන විට වර්ධනය වී තිබේ. එම නීතිය හැඳින්වෙන්නේ, ‘බලාත්මක පනතක්’ වශයෙන් නොව, 18 ව්‍යවස්ථා සංශෝධනයක් වශයෙනි. මේ නිසා, හිට්ලර් විපක්ෂය හිරභාරයට ගන්නා විට රාජපක්ෂ කරන්නේ විපක්ෂය මිළට ගැනීමකැ යි, තේරුම් ගැනීමේ පහසුව තකා, සරළ සමීකරණයක් වශයෙන් අපට ගොඩනගා ගත හැකිය.

මේ දෙකේ වෙනසක් තිබේ ද? තිබෙන්නේය. ඒ, වෙන කිසිවෙකුට නොව, හිරේට යන හෝ යම් මිළකට හෝ වරයකට විකිණෙන විපක්ෂ මන්ත්‍රීවරයාට ය. එක් කෙනෙක් වධ විඳී. අනෙකා සැප විඳී. එහෙත් මේ දෙන්නාම පෙනී සිටින්නේ යම් ජනතාවක් වෙනුවෙන් යැයි කියන නිසා, ඔවුන් අභ්‍යාස කරන්නේ යම් ජනතාවකගේ ස්වෛරීත්වයක් යැයි කියන නිසා, ජනතාවගේ පැත්තෙන් මේ අවස්ථා දෙක අතරේ වෙනසක් නැත. ජර්මනියේ දී විපක්ෂය හිරේට යැවීමෙන් ජනතාව අතරමං කළ පාලකයා, ලංකාවේ දී එම විපක්ෂය ‘බා ගැනීමෙන්’(මෙය, දයාසිරි ජයසේකරට සේම රනිල් වික්‍රමසිංහට ද එක සේ වලංගුය) ජනතාව අතරමං කරයි. එවැනි වාතාවරණයක් තුළ පැවැත්වෙන මොනම මැතිවරණයක්වත් පාලකයාවම මිස ජනතාව බලගැන්වෙන අවස්ථාවක් වන්නේ නැත.

සැබෑ ප්රජාතන්ත්රවාදියා මැතිවරණ භාවිත කරයි. ඒකාධිපතියා මැතිවරණ අවභාවිත කරයි. ඒවා හැඳින්විය හැක්කේ ‘හොල්මන් මැතිවරණ’ වශයෙනි. ඇත්ත වශයෙන්ම, සැබෑ ප්රජාතන්ත්රවාදියෙකුට වඩා ශූර ආඥාදායකයෙකුට මැතිවරණයකින් ලැබිය හැකි ඵල විපුලයි. දේශපාලන ක්‍රමයක් වශයෙන් ගත් විට, සෝවියට් දේශය ඇතුළු සමාජවාදී නැගෙනහිර යුරෝපා රටවල් 80 දශකය දක්වාම නිතිපතා මැතිවරණ පැවැත්තුවේය. ඒ, විපක්ෂයකින් තොරව ය. විපක්ෂයක් සහිතව මැතිවරණ පැවැත්වූ, අත්තනෝමතික පාලකයෙකු වශයෙන් සමස්ත ලෝකයාගේ අපවාදයට සහ ගර්හාවට ලක්ව සිටින රොබට් මුගාබේ (සිම්බාබ්වේ) හත් වැනි වරටත් එරටේ බලය හොබවයි. හමුදා ඒකාධිපතියෙකු වූ පර්වේස් මුෂරාෆ් පාකිස්ථානයේ මැතිවරණ තිබ්බේය. වරක් ඔහුගේ ‘ජයග්‍රහණය’ අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කරනු ලැබූ අවස්ථාවේ ඔහු කෙළේ අගවිනිසුරුවරයාව ගෙදර යැවීමයි. ආඥාදායකයන් මැතිවරණ පවත්වන්නේ හිස් අතින් ගෙදර යාමට නොවන බව, මේ හැම ඒකාධිපතියෙකුම සහ ඒකාධිපති ක්‍රමයක්ම ඕනැවටත් වඩා ඔප්පු කොට ඇත.

ප්රජාතන්ත්රීය ආයතන පද්ධතියකින් තොරව සහ මැතිවරණවලින් ද තොරව ජනතාව පාලනය කරන රටවල් අද ලෝකයේ ඉතා අල්ප ය. සෞදි අරාබිය වැනි රටක් දෙකක් හැරුණු කොට, අනිත් හැම රටකටම ප්රජාතන්ත්රීය මුහුණුවරක් ගන්නා ආයතන පද්ධතියක් සේම මැතිවරණ ක්‍රියාවලියක් ද තිබේ. මේ නිසා මැතිවරණ පැවැත්වීම, ප්රජාතන්ත්රවාදයක් ඇති බවට හෝ ඒකාධිපතියෙකු නොවන බවට, විශේෂ සාක්ෂියක් නොවන බව දත යුතුය.

මැතිවරණයක් සාධාරණ විය යුතුය යන්නෙන් අදහස් වන්නේ, සැබෑ මහජන මතයක් නිර්ව්‍යාජව ප්‍රකාශයට පත් වීමට හැකි වන ආකාරයේ ව්‍යුහාත්මක අවකාශයක් පැවතිය යුතු බවයි. හමුදාව, පොලීසිය, මැතිවරණ කොමිසම, අධිකරණය සහ ජනමාධ්‍ය ක්‍රියාත්මක වන මූලික ව්‍යුහයන් මෙහෙයවන්නේ ජනාධිපති රාජපක්ෂ විසින් නම්, සැබෑ මහජන මතයක් නිර්ව්‍යාජව ප්‍රකාශයට පත්වීමේ ව්‍යුහාත්මක අවකාශයක් මැතිවරණයක් තුළ ඉතිරි වන්නේ නැති බව අපට කිව හැකිය. උදාහරණයකින් ගතහොත්, යම් නීති විරෝධී මැතිවරණ ක්‍රියාවකට එරෙහිව අධිකරණය ඉදිරියට ගොස් සාධාරණත්වයක් ඉටු කර ගැනීමට නොහැකි නම්, යම් මැතිවරණ ප්‍රචණ්ඩත්වයකට එරෙහිව මැතිවරණ කොමිසම හෝ පොලීසිය ක්‍රියාත්මක කැරැවීමට හැකියාවක් නැතිනම්, රාජ්‍ය බලය සහ මාධ්‍ය බලය (රාජ්‍ය මෙන්ම පෞද්ගලික) ව්‍යුහාත්මකවම සැකසී ඇත්තේ බලය හොබවන පාලකයාට කඬේ යෑම පිණිසම නම්, පාලකයා මොන තරම් ඉහළ ප්රතිශතයකියන් ජයග්‍රහණය කළත්, එය ජාතන්ත්රවාදී මැතිවරණයක් වන්නේ නැත. බලයේ සිටින පුද්ගලයාගේ හෝ පක්ෂයේ බලය වෙනස් කිරීමේ ව්‍යුහාත්මක අවකාශයක් නැත්නම් ද, පවතින අවකාශය වන්නේ, විපක්ෂයේ පරාජය ව්‍යුහාත්මකවම සහතික කරවනු ලැබීම නම් ද, එය ප්රජාතන්ත්රවාදී මැතිවරණයක් වන්නේ නැත.

ලංකාවේ අද අප ලබන අත්දැකීම මෙහි දී විශේෂත්වයක් ගනී. ඉහත කී ව්‍යුහාත්මක අවකාශය තුළ, පවතින බලය අභියෝග කිරීමේ ප්‍රායෝගික හැකියාවක් නොමැති වන විට, විපක්ෂයක් එක දිගටම පරාජය වීම තුළින් පාලකයා සහ රෙජිමය කෙරෙහි තව තවත් පරායත්ත වීමේ පරිසරයක් ජනතාවගේ පැත්තෙන් නිතැතින්ම නිර්මාණය කරනු ලැබේ. ලංකාවේ මැතිවරණ ජයග්‍රහණ තුළින් තමන් ස්ථායී වීමටත් වඩා විපක්ෂය අස්ථායි කිරීමට වැඩි වෙහෙසක් ගැනෙන්නේ එබැවිනි. එදා සෝවියට් දේශයේ විපක්ෂයකින් තොරව මැතිවරණ පැවැත්වු අවස්ථාවට, වෙනත් ආකාරයකින්, ලංකාව අද ලංවෙමින් සිටී.

මේ ව්‍යුහාත්මක බන්ධනය යම් තාක් දුරකට හෝ ඛන්ඩනය කෙරෙන අවස්ථාව වන්නේ උතුරු පළාත් සභා මැතිවරණයයි. රාජපක්ෂලා එම මැතිවරණය මේ තාක් පමා කෙළේ එම භීතිය පෙරදැරිවයි. එය පැවැත්වීම වැළැක්වීම සඳහා දහසකුත් බාධක, චෝදනා සහ අධිචෝදනා රට පුරා වපුරමින් සිටියේ ඒ භීතිය පෙරදැරිවයි.

නැවතත් අප පැමිණ සිටින්නේ හිටපු තැනටම ද? දකුණේ පාලකයාව සහ පාලන තන්ත්රය ප්‍රශ්න කිරීමේ ව්‍යුහාත්මක අවකාශය උතුරෙන්ම සැපයෙන තෙක් දකුණ බකංනිලාගෙන සිටීමෙන් සිදුවන්නේ තවත් විනාශයකට අතවැනීමක් විය නොහැකිද?

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangod

[QUOTE="amasin, post: 15568941, member: 438906"] [b]මහින්ද ඒකාධිපතියාද?-ගාමිනි වියංගොඩ ලිපිය[/b] [SIZE="4"] [IMG]http://www.vikalpa.org/wp-content/uploads/2013/09/Mahinda-Rajapaksa_2623678b-e1378447788227.jpg[/IMG] විටින් විට ඡන්ද පැවැත්වීමෙන් පෙන්නුම් කරන්නේ තමා ඒකාධිපතියෙකු නොවන බව යැයි ජනාධිපතිවරයා ගිය සතියේ උදම් ඇනීය. මේ කියන සමහර මැතිවරණ නියමිත කාලය ඉකුත්ව බොහෝ කල් ගොස් පවත්වන ඒවා ය. දැන් උතුරේ පැවැත්වෙන පළාත් සභා ඡන්දය ඊට උදාහරණයකි. කාලය ඉකුත් වීම, වැළැක්විය නොහැකි හේතූන් මත සිදු වූ බවත් තරමක් ඇත්තයි. එහෙත්, ඇතැම් ඡන්ද නියමිත කාලයට පෙර ද පැවැත්වුණි. එසේ නියමිත කලටත් කලින් ඡන්දයක් පැවැත්වීමට තරම් පාලකයෙකු ‘නිර්ලෝභී’ වීම, ඔහුගේ ප්රජාතන්ත්රවාදී අභිලාෂයේ තරම කියාපෑමක් වශයෙන් ද බැලූ බැල්මට පෙනේ. එහෙත් ඇත්ත තත්වය වන්නේ එහි ප්රතිපක්ෂය බව අපක්ෂපාතී ජනයා දනිති. එනම්, අදාළ මැතිවරණය තමාට වඩාත් වාසිදායක අන්දමින් පවත්වා ගැනීමට පාලකයෙකු තුළ ඇති කූට අභිලාෂය ඊට තුඩදෙන බවයි. මේ සටකපට භාවය ‘නීත්‍යානුකූල’ කර ගැනීම සඳහා ළඟදීම රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීමටත් මේ ආණ්ඩුවේ සැලස්මක් තිබේ. මේ නිසා, යම් පාලකයෙකු මැතිවරණ නොපවත්වා සිටීම ඒකාධිපති ප්‍රවණතාවක් වශයෙන් හැඳින්විය හැකි වෙතත්, මැතිවරණ පැවැත්වීම මොන ආකාරයකින්වත් පාලකයෙකුගේ ප්රජාතන්ත්රීය සද්භාවය ප්‍රකාශ කරන්නක් වන්නේ නැති බව කිව යුතුය. ඒ සඳහා තවත් බොහෝ දේවල් අවශ්‍ය කෙරේ. 1933 දී ජර්මනියේ චාන්සලර් පදවියට පත්වීමෙන් පසු හිට්ලර් ද මහ මැතිවරණයක් පැවැත්තුවේය. එහි දී ඔහුට ලැබුණේ සියයට 44 ක ඡන්ද ප්රතිශතයකි. ඔහු කෙළේ කුමක් ද? කොමියුනිස්ට් මන්ත්‍රීවරුන් 81 දෙනෙකු හිරභාරයට ගැනීමයි. එවිට, පාර්ලිමේන්තුවේ බහුතරය ඔහු සතු විය. ඉන් පසු ඔහු මුලින්ම කෙළේ ‘බලාත්මක පනත’(ඉනේබ්ලින් ඇක්ට්) සම්මත කර ගැනීමයි. එම පනතට අනුව, ඕනෑම නීතියක් පැනවීමේ බලය හිට්ලර්ගේ තනි අයිතියට පැවරුණි. මහින්ද රාජපක්ෂ එසේ ‘බලාත්මක පනතක්’ සම්මත කරගත්තේ ද කියා හෝ විපක්ෂ මන්ත්‍රීවරු හිර භාරයට ගත්තේ ද කියා හෝ කෙනෙකු ප්‍රශ්න කළ හැකිය. සරත් ෆොන්සේකාව හිර භාරයට ගැනීම, මෙවැනි ප්‍රශ්නයක් මතු කරන කෙනාට ප්‍රමාණවත් පිළිතුරක් නොවිය හැකිය. එසේ නම් නිවැරදි ප්රශ්නය මතු කරගත යුතුව ඇත. එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මහජන මන්ත්‍රීවරුන් 60-70 අතර ප්‍රමාණයක්, අයථා පෙළඹවීම් සහ බිය ගැන්වීම් මගින්(රාජ්‍ය සම්පත් වංචා කිරීම ගැන කෝප් වාර්තාවෙන් චූදිතයකු වන තැනැත්තෙකු, හිරේට යනවා වෙනුවට කැබිනට්ටුවට යාම ‘ප්රඥාගෝචර’ නැද්ද?) තමන්ගේ ආණ්ඩුවට ගත හැකිව තිබියදී, ඔවුන්ව හිරේ විලංගුවේ දාන්නේ කුමට? හිට්ලර් සම්මත කරගත් ආකාරයේ ‘බලාත්මක පනතක්’ මහින්ද රාජපක්ෂ සම්මත කරගත්තේ නැති බවත් ඇත්ත. ඔහු නීති හැදීම තමන්ගේ තනි අතට ගත්තේ නැත. ඒ වෙනුවට, නීති හදන සහ නීති ක්‍රියාත්මක කරන ආයතන සියල්ල තමන් ඉදිරියේ වහලූන් බවට පත්කෙළේය. එය, පාර්ලිමේන්තුවේ සහ කැබිනට් මණ්ඩලයේ සිට, අධිකරණය සහ පොලීසියේ සිට, නීතිපති, විගණකාධිපති සහ මැතිවරණ කොමසාරිස්ගේ සිට, රාජ්‍ය සේවය සහ පෞද්ගලික අංශය දක්වාම, තනි අතකට ගැනීම දක්වා අද වන විට වර්ධනය වී තිබේ. එම නීතිය හැඳින්වෙන්නේ, ‘බලාත්මක පනතක්’ වශයෙන් නොව, 18 ව්‍යවස්ථා සංශෝධනයක් වශයෙනි. මේ නිසා, හිට්ලර් විපක්ෂය හිරභාරයට ගන්නා විට රාජපක්ෂ කරන්නේ විපක්ෂය මිළට ගැනීමකැ යි, තේරුම් ගැනීමේ පහසුව තකා, සරළ සමීකරණයක් වශයෙන් අපට ගොඩනගා ගත හැකිය. මේ දෙකේ වෙනසක් තිබේ ද? තිබෙන්නේය. ඒ, වෙන කිසිවෙකුට නොව, හිරේට යන හෝ යම් මිළකට හෝ වරයකට විකිණෙන විපක්ෂ මන්ත්‍රීවරයාට ය. එක් කෙනෙක් වධ විඳී. අනෙකා සැප විඳී. එහෙත් මේ දෙන්නාම පෙනී සිටින්නේ යම් ජනතාවක් වෙනුවෙන් යැයි කියන නිසා, ඔවුන් අභ්‍යාස කරන්නේ යම් ජනතාවකගේ ස්වෛරීත්වයක් යැයි කියන නිසා, ජනතාවගේ පැත්තෙන් මේ අවස්ථා දෙක අතරේ වෙනසක් නැත. ජර්මනියේ දී විපක්ෂය හිරේට යැවීමෙන් ජනතාව අතරමං කළ පාලකයා, ලංකාවේ දී එම විපක්ෂය ‘බා ගැනීමෙන්’(මෙය, දයාසිරි ජයසේකරට සේම රනිල් වික්‍රමසිංහට ද එක සේ වලංගුය) ජනතාව අතරමං කරයි. එවැනි වාතාවරණයක් තුළ පැවැත්වෙන මොනම මැතිවරණයක්වත් පාලකයාවම මිස ජනතාව බලගැන්වෙන අවස්ථාවක් වන්නේ නැත. සැබෑ ප්රජාතන්ත්රවාදියා මැතිවරණ භාවිත කරයි. ඒකාධිපතියා මැතිවරණ අවභාවිත කරයි. ඒවා හැඳින්විය හැක්කේ ‘හොල්මන් මැතිවරණ’ වශයෙනි. ඇත්ත වශයෙන්ම, සැබෑ ප්රජාතන්ත්රවාදියෙකුට වඩා ශූර ආඥාදායකයෙකුට මැතිවරණයකින් ලැබිය හැකි ඵල විපුලයි. දේශපාලන ක්‍රමයක් වශයෙන් ගත් විට, සෝවියට් දේශය ඇතුළු සමාජවාදී නැගෙනහිර යුරෝපා රටවල් 80 දශකය දක්වාම නිතිපතා මැතිවරණ පැවැත්තුවේය. ඒ, විපක්ෂයකින් තොරව ය. විපක්ෂයක් සහිතව මැතිවරණ පැවැත්වූ, අත්තනෝමතික පාලකයෙකු වශයෙන් සමස්ත ලෝකයාගේ අපවාදයට සහ ගර්හාවට ලක්ව සිටින රොබට් මුගාබේ (සිම්බාබ්වේ) හත් වැනි වරටත් එරටේ බලය හොබවයි. හමුදා ඒකාධිපතියෙකු වූ පර්වේස් මුෂරාෆ් පාකිස්ථානයේ මැතිවරණ තිබ්බේය. වරක් ඔහුගේ ‘ජයග්‍රහණය’ අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කරනු ලැබූ අවස්ථාවේ ඔහු කෙළේ අගවිනිසුරුවරයාව ගෙදර යැවීමයි. ආඥාදායකයන් මැතිවරණ පවත්වන්නේ හිස් අතින් ගෙදර යාමට නොවන බව, මේ හැම ඒකාධිපතියෙකුම සහ ඒකාධිපති ක්‍රමයක්ම ඕනැවටත් වඩා ඔප්පු කොට ඇත. ප්රජාතන්ත්රීය ආයතන පද්ධතියකින් තොරව සහ මැතිවරණවලින් ද තොරව ජනතාව පාලනය කරන රටවල් අද ලෝකයේ ඉතා අල්ප ය. සෞදි අරාබිය වැනි රටක් දෙකක් හැරුණු කොට, අනිත් හැම රටකටම ප්රජාතන්ත්රීය මුහුණුවරක් ගන්නා ආයතන පද්ධතියක් සේම මැතිවරණ ක්‍රියාවලියක් ද තිබේ. මේ නිසා මැතිවරණ පැවැත්වීම, ප්රජාතන්ත්රවාදයක් ඇති බවට හෝ ඒකාධිපතියෙකු නොවන බවට, විශේෂ සාක්ෂියක් නොවන බව දත යුතුය. මැතිවරණයක් සාධාරණ විය යුතුය යන්නෙන් අදහස් වන්නේ, සැබෑ මහජන මතයක් නිර්ව්‍යාජව ප්‍රකාශයට පත් වීමට හැකි වන ආකාරයේ ව්‍යුහාත්මක අවකාශයක් පැවතිය යුතු බවයි. හමුදාව, පොලීසිය, මැතිවරණ කොමිසම, අධිකරණය සහ ජනමාධ්‍ය ක්‍රියාත්මක වන මූලික ව්‍යුහයන් මෙහෙයවන්නේ ජනාධිපති රාජපක්ෂ විසින් නම්, සැබෑ මහජන මතයක් නිර්ව්‍යාජව ප්‍රකාශයට පත්වීමේ ව්‍යුහාත්මක අවකාශයක් මැතිවරණයක් තුළ ඉතිරි වන්නේ නැති බව අපට කිව හැකිය. උදාහරණයකින් ගතහොත්, යම් නීති විරෝධී මැතිවරණ ක්‍රියාවකට එරෙහිව අධිකරණය ඉදිරියට ගොස් සාධාරණත්වයක් ඉටු කර ගැනීමට නොහැකි නම්, යම් මැතිවරණ ප්‍රචණ්ඩත්වයකට එරෙහිව මැතිවරණ කොමිසම හෝ පොලීසිය ක්‍රියාත්මක කැරැවීමට හැකියාවක් නැතිනම්, රාජ්‍ය බලය සහ මාධ්‍ය බලය (රාජ්‍ය මෙන්ම පෞද්ගලික) ව්‍යුහාත්මකවම සැකසී ඇත්තේ බලය හොබවන පාලකයාට කඬේ යෑම පිණිසම නම්, පාලකයා මොන තරම් ඉහළ ප්රතිශතයකියන් ජයග්‍රහණය කළත්, එය ජාතන්ත්රවාදී මැතිවරණයක් වන්නේ නැත. බලයේ සිටින පුද්ගලයාගේ හෝ පක්ෂයේ බලය වෙනස් කිරීමේ ව්‍යුහාත්මක අවකාශයක් නැත්නම් ද, පවතින අවකාශය වන්නේ, විපක්ෂයේ පරාජය ව්‍යුහාත්මකවම සහතික කරවනු ලැබීම නම් ද, එය ප්රජාතන්ත්රවාදී මැතිවරණයක් වන්නේ නැත. ලංකාවේ අද අප ලබන අත්දැකීම මෙහි දී විශේෂත්වයක් ගනී. ඉහත කී ව්‍යුහාත්මක අවකාශය තුළ, පවතින බලය අභියෝග කිරීමේ ප්‍රායෝගික හැකියාවක් නොමැති වන විට, විපක්ෂයක් එක දිගටම පරාජය වීම තුළින් පාලකයා සහ රෙජිමය කෙරෙහි තව තවත් පරායත්ත වීමේ පරිසරයක් ජනතාවගේ පැත්තෙන් නිතැතින්ම නිර්මාණය කරනු ලැබේ. ලංකාවේ මැතිවරණ ජයග්‍රහණ තුළින් තමන් ස්ථායී වීමටත් වඩා විපක්ෂය අස්ථායි කිරීමට වැඩි වෙහෙසක් ගැනෙන්නේ එබැවිනි. එදා සෝවියට් දේශයේ විපක්ෂයකින් තොරව මැතිවරණ පැවැත්වු අවස්ථාවට, වෙනත් ආකාරයකින්, ලංකාව අද ලංවෙමින් සිටී. මේ ව්‍යුහාත්මක බන්ධනය යම් තාක් දුරකට හෝ ඛන්ඩනය කෙරෙන අවස්ථාව වන්නේ උතුරු පළාත් සභා මැතිවරණයයි. රාජපක්ෂලා එම මැතිවරණය මේ තාක් පමා කෙළේ එම භීතිය පෙරදැරිවයි. එය පැවැත්වීම වැළැක්වීම සඳහා දහසකුත් බාධක, චෝදනා සහ අධිචෝදනා රට පුරා වපුරමින් සිටියේ ඒ භීතිය පෙරදැරිවයි. නැවතත් අප පැමිණ සිටින්නේ හිටපු තැනටම ද? දකුණේ පාලකයාව සහ පාලන තන්ත්රය ප්‍රශ්න කිරීමේ ව්‍යුහාත්මක අවකාශය උතුරෙන්ම සැපයෙන තෙක් දකුණ බකංනිලාගෙන සිටීමෙන් සිදුවන්නේ තවත් විනාශයකට අතවැනීමක් විය නොහැකිද? ගාමිණී වියන්ගොඩ | Gamini Viyangod[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom