Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මහින්ද පරාදයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව

ප්‍රධාන නිරීක්ෂණ හා නිර්දේශයන්හි සාරාංශය

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ආරම්භ කරන ලද IV වැනි ඊළාම් යුද්ධයට එරෙහිව ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක හමුදාව විසින් ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව විසින් නගනු ලැබූ විවිධ චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබූ උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එහි සභාපති හිටපු නීතිපති වරයකු වන සී. ආර්. ද සිල්වා මහතා විසින් 2011 නොවැම්බර් මස 20 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බාරදෙනු ලැබීය.

2002 පෙබරවාරි මස 22 වැනිදා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්සන් කළ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූදා සිට 2009 මැයි 19 වැනි දින එල්. ටී. ටී. ඊ. නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු ප්‍රධාන සාමාජිකයන් ඝාතනයට ලක් වෙමින් කොටි ත්‍රස්තවාදී ගැටුම් අවසන් වූ දිනය දක්වා උතුරු නැගෙනහිර ප්‍රදේශවල සහ දකුණේ සිදුවූ සිද්ධීන් සම්බන්ධව මෙම කොමිසම මගින් විමර්ශනය කරන ලදී.

ඒ සඳහා කොමිසමේ විමර්ශන කටයුතු 2010 අගෝස්තු 11 වැනිදා ආරම්භ විය. එහිදී කොමිසම මගින් විවිධ ක්ෂේත්රයන්හි නිරත පුද්ගලයන්ගෙන් සාක්ෂි විමසන ලදී.

මෙම සාක්ෂි විමසීමේ කටයුතු සඳහා සභාපති සී. ආර්. ද සිල්වා මහතා සමග කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කළේ නීතිඥවරියක වන මනෝ රාමනාදන්, හිටපු භාණ්ඩාගාර ලේකම්වරයකු වන සී. චන්මුගම්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එච්. එම්. ජී. එස්. පලිහක්කාර, විදේශකටයුතු අමාත්‍යාංශයේ නීති උපදේශකවරයකු ලෙස සේවය කළ රොහාන් පෙරේරා, ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ නිරීක්ෂකයකු සහ අපරාධ නීතිය පිළිබඳ ප්‍රවීණයකු වන මහාචාර්ය කරුණාරත්න හන්ගවත්ත හිටපු මහාධිකරණ විනිසුරුවරයකු වන මැක්ස්වෙල් පරණගම, හිටපු තානාපතිවරයකු වන එස්. බී. අතුගොඩ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන එම්. ටී. එම්. බෆික් යන මහත්ම මහත්මීහුය.

ඔවුන් විසින් සකස් කරන ලද වාර්තාවේ ප්‍රධාන නිරීක්ෂණ හා නිර්දේශයන්හි සාරාංශය 2011 දෙසැම්බර් මස 16 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

එම ප්‍රධාන නිරීක්ෂණ සහ නිර්දේශයන් මෙසේය.

9 වැනි පරිෙච්දය

වාර්තාවේ සඳහන් ප්‍රධාන නිරීක්ෂණ හා නිර්දේශයන්හි සාරාංශයක් පහත දැක්වේ.

02 වැනි පරිච්ඡේදය - සටන් විරාම ගිවිසුම පිළිබඳ නිරීක්ෂණ

9.1 ත්‍රස්තවාදයෙන් හා එයට එරෙහි ප්‍රචණ්ඩත්වයෙන් දශක ගණනාවක් පුරා පීඩා විඳි රටටත් ජනතාවටත් කෙටි කාලීන අස්වැසිල්ලක් සටන් විරාම ගිවිසුම මගින් ලැබුණි. කෙතරම් අස්ථිර හා අවසානයේ ඵල රහිත වුවද අවශ්‍යයෙන්ම පූර්ණ දේශපාලන හෝ ආරක්ෂක රාමුවක් සැපයූයේ නැති වුවද සාකච්ඡාමය විසඳුමක් කරා යොමු වන ක්‍රමවේදයක් සැකසීමේ පදනම සෙවීමට උත්සුක වූ සියලු පාර්ශ්වයන්ට සටන් විරාම ගිවිසුම වෙතින් අවස්ථාවක් සලසා දුනි. එහෙත් මේ කිසිවක් ඒ ආකාරයෙන් සිදු නොවුණ බව පසුකාලීන සිද්ධීන්ගෙන් පැහැදිලි වුණි.

9.2 ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ ප්‍රධානියා ලෙස එක් අතකින් ද සාම ක්රියාදාමයේ පහසුකම් සලසන්නා ලෙස අනික් අතින්ද නොර්වේ රාජ්‍යය බාරගත් තහවුරු කළ නොහැකි ද්විත්ව භූමිකාව ඇතුළු සටන් විරාම ගිවිසුමේ සංකල්පමය වැරැදි, ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු හා කල්පවත්නා සාම ක්‍රියාදාමයකට උත්තේජනයක් සැපයීමට අපොහොසත් වීම තුළ එය රාජ්‍ය හා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් අතර සාමය ඇති කිරීමේ සාර්ථක මාදිලියක් නොවුණ බව පැහැදිළි විය. තමන් විසින් ප්‍රකාශිත ඊලාම් රාජ්‍යය දිනා ගැනීමේ අරමුණින් ඔබ්බට වෙනත් කිසිදු සාකච්ඡාමය විසඳුමකට එල්.ටී.ටී.ඊ.ය දැක්වූ උදාසීනභාවය මෙන්ම රටේ ප්‍රධාන ප්රජාතන්ත්රවාදී පද්ධතියට අයත් දෙමළ දේශපාලන පක්ෂ ඇතුළු අනෙකුත් විවිධ දේශපාලන කණ්ඩායම් අතර වැදගත් ජාතික ගැටලු පිළිබඳ ප්‍රවේශයක් නොමැති වීම ද මෙම අසංතෘප්ත හා විනාශකාරී අත්දැකීමට දායක විය.

9.3 සංකල්පමය හා ක්‍රියාත්මක කිරීම යන දෙඅංශයෙන්ම සටන් විරාම ගිවිසුමේ වූ අඩුපාඩු පැහැදිලිවම තම වාසිය සඳහා උපයෝගි කර ගත් එල්.ටී.ටී.ඊ. ය එමගින් භූමිය අත්පත් කර ගැනීම හා ඔවුන්ට ලබා දුන්නා වූ පිළිගැනීම තහවුරු කර ගත්තේය. ආයුධ භාර දීම කෙසේ වුවද දේශපාලන සංවාදයක් ආරම්භ කිරීමේ කිsසිදු විධිවිධානයක් නොමැති වීම අයුතු ලෙස ප්‍රයෝජනයට ගත්තේය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නීතිමය සාමූහික ක්‍රියාකාරකම් පිළිබඳව සටන් විරාම ගිවිසුමේ ඇතුළත් නොවීම අනිසි ලෙස යොදා ගත් එල්.ටී.ටී.ඊ.ය එතුළින් දේශීය හා 2001 වසරේ 1373 දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී අවි ජාවාරම්වල නිරත විය. සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීම් වැළැක්වීමට කිසිදු විශ්වාසදායක නිවැරැදි පාලනයක් නොමැතිවීම සිය වාසියට යොදා ගත්තේය. ළමා සොල්දාදුවන් බඳවා ගැනීමේ පිළිකුල් සහගත ක්‍රියාදාමයට එරෙහි ක්‍රියාකාරී පාලනාධිකාරියක් පිළිබඳ සම්පූර්ණයෙන් නොසලකා හැර තිබීම පමණක් නොව කවර හෝ මානව හිමිකම් බැඳීමක් පිළිබඳව කිසිදු සඳහනක් නොවීම ද කපටි ලෙස අපයෝජනය කළේය.

3 වැනි පරිච්ඡේදය

සිද්ධීන්වල කථනයන් පමණි.

4 වැනි පරිච්ඡේදය

ජාත්‍යන්තර මානුෂීය නීතිය හා සම්බන්ධ අර්බුදයේ අවසාන කාලපරිච්ඡේදයට අදාළ නිරීක්ෂණ හා නිර්දේශ

සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම හා සිවිල් ජනතාවගේ ජිවිත හානි වැළැක්වීමේ පියවර

9.4 ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා හමුවේ ශ්‍රී ලංකා අත්දැකීම් ඇගයීමේ දී සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීමට ඉහළම ප්‍රමුඛත්වය ලබා දෙමින් එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට නතුව පැවැති ප්‍රදේශ මුදා ගැනීමට යොදා ගත් හමුදාමය උපාය මාර්ගය ප්රවේශම්කාරී ලෙස ක්‍රියාවට නැංවූවක් ලෙස කොමිසම සෑහීමකට පත්වේ.

එමෙන්ම අර්බුදයේ අවසාන කාල වකවානුවේදී සිය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ඉදිරියට යැම ආරක්ෂක අංශ විසින් සිතා මතාම හෙමින් සිදු කළ බව ද කොමිසම සඳහන් කරයි. එය සිවිල් ජීවිත හානි වැළැක්වීමේ හෝ අවම කිරීමේ අරමුණින් දියත් කළ උපාය මාර්ගයක් පිළිබඳ සාක්ෂියකි.

9.5 හමුදා මෙහෙයුම් ක්‍රියාවට නැංවීමේ ප්‍රතිපත්තියක් සැකසීම සඳහා සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා කිරීම එක් ප්‍රධාන සාධකයක්ය යන ස්ථාවරය මෙම සාධකයන් හා සමපාත වේ. සාමාන්‍ය ජනතාව හිතාමතා ඉලක්ක කර ගැනුම ප්‍රතිපත්තියේම අංගයක්ය යන්න එමගින් නිෂ්ප්රභා වේ. කෙසේ වුවද වැඩිදුර විමර්ශනයන් සිදු කළ යුතු විශේෂ සිද්ධීන් ඉහත 4 වැනි පරිච්ඡේදයේ දෙවැනි කොටසේ ඇතුළත්ය. 4.106, 4.107, 4.109, 4.110, හා 4.111 ඡේද බලනු.

යුද මුක්ත කලාපය

9.6 වෙඩි හුවමාරුවලදී සාමාන්‍ය ජන ජීවිතයට හානි වූ බව සත්‍යයක් වුවද ඉදිරිපත් වූ සියලු කරුණු හා සිද්ධීන් සලකා බැලීමේදී ආරක්ෂක හමුදා සිතා මතා යුද මුක්ත කලාපයේ සිවිල් වැසියන් ඉලක්ක කර නොගත් බවට කොමිසම නිගමනය කරයි. එමෙන්ම ගැටුමින් මිදී ආරක්ෂක ප්‍රදේශ කරා යැමට උත්සාහ කළ සාමාන්‍ය වැසියන් එල්.ටී.ටී.ඊ.යේ ඉලක්ක වීම හා ඔවුන්ගේ ඝාතන, බිම් බෝම්බ තර්ජන හා එමගින් සාමාන්‍ය ජනතාවට සිදු වූ ජීවිත හානි හා තුවාල, නන්දිකඩාල් කලපුව තරණය කිරීමේදී නොවැළැක්විය හැකි උපද්‍රවයන් සිවිල් ජීවිත හානිවලට සාමූහිකව දායක විය. එසේම එල්.ටී.ටී.ඊ. අවි ස්ථානගත කර ඇති ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම හමුදා ප්‍රහාරවල අරමුණට අදාළ හා අනුරූපී දායකත්වයක් වනු ඇති බවට සාධාරණ විශ්වාසයක් තැබුවා විය හැකි බව නිගමනය කිරීම ද යුක්ති සහගතය.

9.7 ඉහත නිගමනවලට එළඹීමෙන් පසු ආරක්ෂක හමුදා විසින් සිවිල් ජනතාව සිතා මතා ඉලක්ක කිරීමක් සිදු නොකළ ද, ආරක්ෂක හමුදා විසින් යුද මුක්ත කලාපයට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබීම සමානුපාතිකතාව පිළිබඳ මූලධර්මය ඉක්මවා යැමක් ද යන්න පිළිබඳව සලකා බැලීම ද කොමිසමේ වගකීමකි. ඉහත සඳහන් පරිදි එදා පැවැති තත්ත්වයේ සංකීර්ණත්වය මත සියලු අංශයන් පිළිබඳව ඉතා සුපරික්ෂාකාරී විමර්ශනයකින් පසු කොමිසමේ අදහස වන්නේ පෙර අත් නොවිඳි අත්දැකීමකට මුහුණ දුන් ආරක්ෂක අංශවලට වෙනත් විකල්පයක් නොවූ බවත්, පැවති වාතාවරණයක් තුළ ගත හැකි සියලු ප්‍රායෝගික පූර්වෝපායයන් ගෙන ඇති බවත්ය.

9.8 යුදමය මෙහෙයුම් අතරතුර සිදු වූ මරණ, තුවාල සහ දේපළ හානි ගැන රාජ්‍ය වගකීම හා බැඳුණු ප්‍රශ්න නිශ්චය කිරීමේදී සියලු සහායක සිද්ධි කාරණාවල ප්‍රමාණවත් වාර්තා කිරීමත් සමග "ප්‍රහාරාත්මක ක්‍රියාව" සිදු වූ තත්ත්වයන්, විනිශ්චය සභාවක් ඉදිරියේ ප්‍රතිනිර්මාණය කිරීම, දැනුම සහ මත අනුව විස්තර කරන ජාත්‍යන්තර අධිකරණ විසින් "කෙසේවත් සිදුවිය නොහැකි සේ පෙනෙන" බවට විස්තර කර ඇති බව මෙම පසුබිම තුළ මතකයට නැගීම ද අදාළ වේ.

9.9 කොමිසමේ අවධානයට යොමු කර තිබූ සිsවිල් ජන ජීවිත හානි පිළිබඳ නිසැක සිද්ධීන් ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කිරීමේදී මේ හා සමාන දුෂ්කරතාවයන්ට මුහුණ දීමට කොමිසමට සිදුවිය. එවැනි සිද්ධීන් හටගත්තේ කුමන නිශ්චිත වාතාවරණයන් යටතේ ද යන්න පිළිබඳව තීරණය කිරීම කොමිසමට දුෂ්කර වූ අතර (ඉහත 4 පරිච්ඡේදයේ ෂෂ කොටසේ විස්තර කර ඇති 4.106, 4.107, 4.109, 4.110 හා 4.111 ඡේද බලනු) සිවිල් ජනයාට සිදුවූ ජීවිත හානි හා තුවාල පිළිබඳව ආරක්ෂක හමුදාවන්ගේ පිළිගත හැකි සම්බන්ධයක් තිබීමේ හැකියාව වෙත කරුණු යොමු වුවද මෙය සිතාමතා සිවිල් ජනයාට හානියක් සිදු කිරීමේ අදහසින් සිදු කරන ලද්දක් විය නොහැකිය යන්නද බැහැර කළ නොහැක. මෙවන් සිද්ධීන් ඇති වූයේ ඒ නම් කුමන වාතාවරණයක් යටතේ ද යන්න පිළිබඳව පූර්ණ ලෙස විමර්ශනය කිරීම රජයේ වගකීම බව ද එවන් විමර්ශනවලින් හානිදායක චර්යාවන් හෙළිවන්නේ නම් වැරැදි කළ අයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඔවුන්ට දඬුවම් පමුණුවන ලෙසටද කොමිසම අවධාරණය කරයි. මියගිය හා තුවාල ලැබූවන්ගේ ළඟම ඥතීන්ට නිසි සහන සැලසීම සිදු කළ යුත්තේ පෞද්ගලික ෙ€දාන්තයකට මුහුණ දුන් අයට පිළිසරණක් වීමේ මානුෂීය හැඟීමෙනි. එය ඉහත සඳහන් කළ සිද්ධීන්ට මෙන්ම ඉදිරි පරීක්ෂණවලදී හෙළි වන සිද්ධීන්ට ද අදාළ වේ.

රෝහල් - තාවකාලික රෝහල්

9.10 සියලු සිද්ධීන් පිළිබඳව සුපරික්ෂාකාරී විමර්ශනයකින් පසුව දේපළ හානි සිදු කරමින් හා තුවාල සිදු කරමින් රෝහල්වලට ෂෙල් ප්‍රහාර පතිතවූ බව කොමිසම නිගමනය කරයි. එහෙත් කොමිසම හමුවේ හෙළිවූ කරුණු තුළින් මෙම සිද්ධීන්ගේ කාලය, නිශ්චිත ප්‍රදේශය හා ප්‍රහාර එල්ල වූ දිශාව පිළිබඳව සලකා බැලීමේදී සිද්ධීන්ගේ නිශ්චිත ස්වභාවය පිළිබඳව තරමක ව්‍යාකූල චිත්‍රයක් මැවේ.

9.11 මෙම පසුබිම මත කොමිසම මුහුණ දුන් අභියෝගය නම් ප්රත්යක්ෂ සාක්ෂි මත පදනම්ව මතභේදාත්මක ක්‍රියාවන්හි වගකීම නිශ්චිත කිරීමයි.

9.12 එලෙස නිශ්චය කිරීමේදී කොමිසම මුහුණ දුන් දුෂ්කරතාවන් දෙයාකාරය. එනම්,

(අ) ප්‍රශ්නගත ප්‍රදේශයේ පැවැති ගැටුමේ තීව්‍රතාවය නිසාවෙන් ප්‍රහාරයට ලක්වූ නිශ්චය ස්ථානවල විශේෂ විශ්ලේෂණයක් කර නොමැති බව කොමිසමට පැහැදිළි විය.

(ආ) සාක්ෂි දුන් කිසිවකු රෝහල්වලට එල්ලවූ ෂෙල් ප්‍රහාර පැහැදිලි ලෙසම ශ්‍රී ලංකා හමුදාව සිටි ප්‍රදේශයෙන් හෝ එල්.ටී.ටී.ඊ.ය සිටි ප්‍රදේශයෙන් හෝ පමණක් ආරම්භ වූ බවට නිශ්චිතව සහතික කිරීමේ තත්ත්වයක නොසිටියහ. කොමිසම හමුවේ සාක්ෂි දුන් සිවිල් වැසියන් පැවසුයේ දෙපාර්ශ්වයෙන්ම ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වූ බවයි. එක් සාමාන්‍ය වැසියෙකු පැවසූයේ "ෂෙල් වෙඩිල්ලක් වැටුණු විට සාමාන්‍ය පිළිගැනීම වූයේ එය හමුදාවෙන් එල්ල වූ බවත් එහෙත් එය එසේම බව නිසැකව පැවසිය නොහැකි බවත්ය". හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ඔහුගේ සාක්ෂි දීමේදී කියා සිටියේ පුදුමාතලන් රෝහලට වැරදීමකින් එල්.ටී.ටී.ඊ.යෙන් ෂෙල් ප්‍රහාර එල්ල වූ බවත් ඔවුන් පසුව ඒ ගැන සමාව ඉල්ලූ බවත්ය.

9.13 රෝහල්වලට එල්ල වූ ෂෙල් ප්‍රහාර හා ජීවිත හානි/ දේපළ හානිවලට වගකිව යුත්තේ කවරෙක්ද යන්න පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹීමට කොමිසමට අතිශය දුෂ්කර වූයේ සිද්ධිය පිළිබඳ තාක්ෂණික ස්වභාවයේ සාක්ෂි නොමැති වීම හා සාමාන්‍ය ජනතාවගේ සාක්ෂි ස්වභාවයෙන්ම උභයාර්ථ වන බැවිනි. එහෙයින් ෂෙල් ප්‍රහාරවලට එක් පාර්ශ්වයක් හෝ අනෙක් පාර්ශ්වය වගකිව යුතු බවට නිශ්චිත නිගමනයකට එළඹීමට සාක්ෂි නොමැත.

9.14 ෂෙල් ප්‍රහාර පිළිබඳව කුමන පාර්ශ්වයක් වගකිව යුතුද යන්න ගැන නිශ්චිත නිගමනයකට එළඹීමට කොමිසමට නොහැකි වුවද සිවිල් වැසියන් විසින් ඉදිරිපත් කරනු ලැබූ සාක්ෂි අනුව පෙනී යන්නේ රෝහල්වලට ෂෙල් ප්‍රහාර එල්ල වූ බවත් සමහර අවස්ථාවලදී එමගින් ජිවිත හානි හෝ තුවාල සිදුවූ බවත්ය. ප්රතිසංවිධාන ක්‍රියාදාමය පිළිබඳව විශ්වාසය ගොඩනැගෙන අයුරින් මානුෂීය පියවරක් ලෙස නිසි පරීක්ෂණයකින් පසුව ෂෙල් ප්‍රහාරවලින් පීඩාවට පත්වූවන්ට කඩිනමින් නියමිත සහන සැලසීම ගැන අවධානය යොමු විය යුතුය.

අර්බුදයට ලක්ව ඇති ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවට ආහාර, ඖෂධ ඇතුළු මානුෂීය සහනාධාර සැපයීම

9.15 2009 වසරේ මුල් භාගය තෙක් එල්.ටී.ටී.ඊ. පාලනය පැවැති ප්‍රදේශවල සිවිල් ජනතාවට සාධාරණ ලෙස ප්‍රමාණවත් ආහාර සැපයුමක් පැවැති බව කොමිසම පිළිගන්නා අතර එය සරණාගතයන්ගේ පෝෂණය සඳහා ප්‍රමාණවත් යෑයි ජාත්‍යන්තරව පිළිගත් මට්ටමකි. 2009 ජනවාරි තෙක් ගොඩබිමින් යවන ලද ආහාර සැපයුම මේ සඳහා ඉවහල් විය. කෙසේ වෙතත් ගැටුම් තීව්‍රවීමත් නන්දිකඩාල් කලපුව හරහා පුදුමාතලන් පටු භූමිභාගයේදී එල්.ටී.ටී.ඊ.ය විසින් රඳවා ගෙන සිටි විශාල ජන සංඛ්‍යාවකට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට මුහුදු සැපයුම් මාර්ගයකට අවතීර්ණ වීමට රජයට සිදු වීමත් හේතුවෙන් පෙබරවාරි, මාර්තු, අප්‍රේල් හා මැයි මුල් භාගයේදී මෙම ප්‍රමාණවත් සැපයුම අඩු වූ බවක් දක්නට ලැබිණි. පැවැති ගැටුම් මධ්‍යයේ මානුෂීය ආධාර අඛණ්ඩව ගලා යැම සහතික කිරීමට අතිවිශාල ප්‍රායෝගික ගැටලු නොතකා මෙම සැපයුම් ප්‍රවාහනය සිදු කරන ලද බව ඉදිරිපත් වූ සාක්ෂිවලින් කොමිසමට පැහැදිලි විය.

9.16 විපතට පත් සිවිල් වැසියන්ගේ තත්ත්වය නගාසිටුවීම සඳහා පැවැති සීමාවන් මධ්‍යයේ ආහාර සැපයීම් වැඩි ප්‍රමාණයක් මුහුදු මාර්ගයෙන් යෑවූ බව පිළිගත යුතුය. එසේ කළ හැකි වූයේ ප්‍රධාන වශයෙන් රජයේ, විශේෂයෙන් දිසාපතිවරුන් හා ආරක්ෂක අංශ මෙන්ම ජාත්‍යන්තර රතුකුරුස (ICRC) හා ලෝක ආහාර වැඩසටහන (WFP) සහ අවසන් යුද මුක්ත කලාපවල ස්ථානගතව පරාර්ථකාමී සේවාවක නියෑලුණු ස්වෙච්ඡා සේවකයන්ගේද සාමූහික ප්රයත්නය නිසාය.

9.17 ගැටුමේ ගතික ස්වභාවය නිසා හටගත් මෙතෙක් නොවූ විරූ බාධක ද එවන් තත්ත්වයන් හමුවේ උද්ගතවූ බෙදාහැරීම් පද්ධතියේ දුර්වලකම් ද සීමිත සැපයුම් සාධාරණ ලෙස බෙදාහැරීමේ සිට එල්.ටී.ටී.ඊ. ක්‍රියකාරකම් ද නොතකා ශ්‍රී ලංකා රජයත් විශේෂයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ඉහත සඳහන් ජාත්‍යන්තර ආයතන හා වෙනත් ස්වෙච්ඡා සංවිධාන ගැටුම් පැවති අවසාන සති කිහිපය තුළ විපතට පත් පුද්ගලයන්ට සැපයුම් උපරිම ලෙස ලබාදීම සහතික වනු පිණිස ප්‍රශංසනීය සේවාවක් සහ සහයෝගයක් ලබාදුනි.

9.18 කෙසේ වෙතත් මෙම ප්රයත්නයන් හමුවේ ගැටුම් තීව්‍රවීමත් සමගම සිවිල් ජනයාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා තිබූ ආහාර සැපයුම් ප්‍රමාණවත් නොවූ බව පිළිගත යුතු සත්‍යයකි. 2009 පෙබරවාරි මාසයෙන් පසුව පැවැති අතිශය දුෂ්කර තත්ත්වයන් ඉහත 4 වැනි පරිච්ඡේදයේ ෂෂ කොටසේ විස්තරාත්මකව සඳහන් කර ඇත.

9.19 ඉදිරිපත් වූ කරුණු පරීක්ෂා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවගේත් විශේෂයෙන් ඉහත සඳහන් කළ ආයතන මෙන්ම සිවිල් ජන කණ්ඩායම්වලත් සහයෝගයෙන් ජාත්‍යන්තර සහයෝගිතාවේ හා සාමූහිකත්වයේ හැඟීම සහිතව ක්‍රියාවලියේ සුවිශාල ප්‍රායෝගික ගැටලු නොතකා කොටුවී සිටි ජනයාට ආහාර හා වෛද්‍ය පහසුකම් ලබාදීමට හැකි සෑම පියවරක්ම ගත් බවට කොමිසම නිගමනය කරයි.

9.20 එල්.ටී.ටී.ඊ.ය විසින් යුද මුක්ත කලාපවල ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි සාමාන්‍ය ජනතාවගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් වූ සාක්ෂි තමන්ට ලැබුණු බව ද කොමිසම කියා සිටී. අදාළ සිවිල් බලධාරීන්ගේ ලේඛනගත සාක්ෂි මගින් සංඛ්‍යාවන් ඔප්පු කිරීමට කොමිසම කෙතරම් උත්සහා දැරුවා ද ඒ සඳහා අදාළ මූලික ලේඛන කොමිසමට ලබා ගැනීමට නොහැකි විය. කෙසේ වුවත් ලි�ත සාක්ෂි නොමැති වීම, පැවැති තත්ත්වය යටතේ ප්‍රායෝගිකව කළ හැකි දේ කරන ලද බවට වූ සාධකයට තීරණාත්මක බලපෑමක් ඇති කළේ නැත. ඉහත සඳහන් කළ (ICRC ල WFP) වැනි ආයතනවල සහයෝගයෙන් ශ්‍රී ලංකා රජය ගත් උද්යෝගී ප්රයත්නයන් නිසා ප්‍රහාරාත්මක ක්‍රමවේදයක් ලෙස සිවිල් ජනතාව නිරාහාරව තැබීමේ අරමුණින් එහි සිටි ජනගහනය සිතා මතා අඩුකර දැක්වීමක් සිදුවී ඇති බවට අනුමැතියක් නොලැබේ.

ඖෂධ සැපයීම

9.21 සියලු සාධක සලකා බැලීමෙන් අනතුරුව කොමිසමට එළඹිය හැකි එකම නිගමනය නම් (හතරවැනි පරිච්ඡේදයේ දෙවැනි කොටසෙහි විස්තර කර ඇති ආකාරයට) සාමාන්‍ය තත්ත්වයන්ට අදාළ විෂය මූලික සම්මතයන්ට අනුව ඖෂධ හිඟයක් තිබූ බව හා ප්‍රමාණවත් සෞඛ්‍ය සේවාවන් සැපයීමක් නොතිබූ බවයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය සලකා බැලිය යුතු වන්නේ ගැටුමේ තීව්‍රතාවය මධ්‍යයේ පැවැති අසාමාන්‍ය තත්වයන් හා ගැටුම් පැවති ප්‍රදේශ හා රෝහල් අතර ඇති සමිපත්වය යන කරුණු මතය.

9.22 කොමිසම හමුවේ ඇති සාක්ෂිවල අවිනිශ්චිත ස්වභාවය සලකන විට අර්බුදයේ අවසන් දින කිහිපයේදී සාමාන්‍ය ජනතාවගේ වෛද්‍ය පහසුකම් සැපයීම පිළිබඳ ගැටලුව ඒ හා සම්බන්ධ මානුෂීය වටිනාකම් හේතුවෙන් තවදුරටත් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව කොමිසම පිළිගනී. එවන් පරීක්ෂණයකදී තුවාල ලත් සාමාන්‍ය ජනතාවගේ සංඛ්‍යාව, තුවාලවල ස්වභාවය, තුවාල ලත් හා ප්‍රතිකාර ලත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සංඛ්‍යාව, ප්‍රතිකාර කිරීමට තාවකාලික රෝහල් සතුවූ පහසුකම් හා සත්‍ය වශයෙන්ම ලබාදුන් සැපයුම් ගැන තක්සේරුවක් යන කරුණු සැලකිල්ලට ගත යුතුය.

යටත්වීමෙන්/ අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදන් වීම් පිළිබඳ චෝදනා

9.23 යුද හමුදාව වෙත ඇතැම් පුද්ගලයන් යටත් වෙනු සෘජු ලෙස දුටුවායෑයි පවසන පුද්ගලයන් කිහිප දෙනකුගේ සාක්ෂි (4 වැනි පරිච්ඡේදයේ 11 වැනි කොටසේ 4.242 සිට 4.258 දක්වා විස්තර කර ඇති) අනුව, එවන් චෝදනා ගැන අවශ්‍ය විමර්ශන පැවැත්වීම හා යුද හමුදාවේ සාමාජිකයන් විසින් සිදුකළා යෑයි කියන කිසියම් නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳ සාක්ෂි එවන් විමර්ශනයකින් හෙළිවන අවස්ථාවලදී, වැරැදි කළවුන්ට එරෙහිව නෛතික පියවර ගෙන ඔවුන්ට දඬුවම් පමුණුවාලීම රජය සතු පැහැදිළි වගකීමක් බව කොමිසම අවධාරණය කරයි. යටත් වී නිල භාරකාරත්වයට පත්වීමෙන් පසු අතුරුදන් වීමක් පිළිබඳ චෝදනාවක් ස්ථාපනය වූ විට එය දඬුවම් ලැබිය හැකි වරදක් බව කොමිසම අවධාරණය කරයි. ඒ අනුව එවන් සිද්ධීන් පිළිබඳ පූර්ණ විමර්ශනයක් ආරම්භ කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී නෛතික පියවර ගැනීම යටත් වීමේදී හා මුදාගත් ප්‍රදේශවලට සිවිල් වැසියන් පැමිණෙද්දී ආදර්ශවත් අයුරින් මෙතෙක් බොහෝ දුරට කටයුතු කළ යුද හමුදාවේ කීර්ති නාමය රැකගැනීමේ ද අනිවාර්ය පියවරකි. සුළු සංඛ්‍යාවකගෙ ක්‍රියාවන් නිසා එම සමස්ත චර්යාවටම කැළලක් සිදුවීමට ඉඩ දිය යුතු නැත.

එල්.ටී.ටී.ඊ.ය ක්‍රියාකලාපය

9.24 එල්.ටී.ටී.ඊ. විසින් සිදුකරන ලද බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව මානව හිමිකම් පරිච්ඡේදයේ හා එහි ඇමුණුම්වල විස්තරාත්මක ලෙස සඳහන් කර ඇත.

9.25 විශේෂයෙන්ම යුද මුක්ත කලාපයෙහි එල්.ටී.ටී.ඊ.ය විසින් ජාත්‍යන්තර මානුෂීය නීතියේ හරයාත්මක මූලධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කිරීම පිළිබඳව 4 වැනි පරිච්ඡේදයේ ෂෂ කොටසෙහි සඳහන් වේ. කෙසේ වෙතත් අවසාන නිගමනය ලෙසින් කොමිසමේ වගකීම නම් පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමයි.

(අ) තම යුදමය ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට සිවිල් වැසියන් පළිහක් ලෙස යොදා ගැනීම සමගින්

(ආ) සිවිල් මධ්‍යස්ථානවල යුද උපකරණ ස්ථාපනය කිරීම හා භාවිතය

(ඇ) ආරක්ෂිත ප්‍රදේශ කරා ළඟාවීමට උත්සාහ කරන සිවිල් වැසියන්ට වෙඩි තැබීම

(ඈ) ගැටුමේ අවසන් අදියරවලදී පවා කුඩා ළමයින් සටන් සඳහා බඳවා ගැනීම

(ඉ) සිවිල් වැසියන්ට අන්තරාදායක බව දැන දැනම ගැටුම් කලාපයෙන් පිටත පවා බිම් බෝම්බ හා එල්.ටී.ටී.ඊ.ය විසින්ම සකසන ලද ක්ෂණික පිපිරුම් උපකරණ (Improvised Explosive Devices) ඇටවීම

(ඊ) තම යුදමය අරමුණ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය සේවාවන් සැපයීමට සිවිල් වැසියන් යොදා ගැනීම සහ එමගින් විශේෂයෙන් අවසන් යුද මුක්ත කලාපයන්හි තදබදව සිටි සාමාන්‍ය වැසියන් හා සටන්කරුවන් වෙන් වෙන්ව හඳුනාගැනීමට මුළුමනින්ම පාහේ නොහැකි වීම හා

(උ) අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත අහිමිකරමින් මරාගෙන මැරෙන ප්‍රහාර අඛණ්ඩව සිදු කිරීම

යන කරුණු ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලධර්ම කෙරෙහි එල්.ටී.ටී.ඊ. සංවිධානය දැක්වූ නිහීන නොසැලකිල්ල තහවුරු කරනවා පමණක් නොව හමුදාමය ජයග්‍රහණයක් අත්කර ගැනීමට සිවිල් ජීවිත කෙරෙහි කිසිදු ගෞරවයක් නොමැති සතුරෙකුට එරෙහිව සටන් කිරීමේදී ආරක්ෂක අංශවලට මුහුණ දීමට සිදුවූ යථාර්ථය ද ඉස්මතු කරයි.

9.26 පරීක්ෂණවලදී චෝදනා ඉදිරිපත් කළ හැකි යෑයි බැලූ බැල්මට පෙනෙන සාධක ඇති එල්.ටී.ටී.ඊ. සටන්කරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමේදී මූලික මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලධර්ම උල්ලංඝනය කිරීම කෙරෙහි නිසි අවධානය යොමුකළ යුතු වන්නේ එම අපරාධයේ බරපතළභාවයට සරිලන පරිදි දඬුවම් නියම කළ යුතු නිසාය.

අභ්‍යන්තර ගැටුම්වලට අදාළ ජාත්‍යන්තර මානුෂීය නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිරීක්ෂණ

9.27 රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් සම්බන්ධ වන අභ්‍යන්තර ගැටුම් පාලනයට අදාළ නෛතික රාමුවේ ප්‍රාථමික ස්වභාවය හමුවේ එවන් තත්ත්වයක දී නිරන්තරයෙන්ම පැන නගින ගැටලු. එනම් සිවිල් වැසියන්ට ලබා දෙන සාම්ප්‍රදායික ආරක්ෂාව ගැන රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම්වල නින්දාශීලී නොතැකීම.

නිදසුන්

"ආරක්ෂිත කලාපයන්" ප්‍රහාරාත්මක උපාය මාර්ගයට බද්ධ කිරීම සහ සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස යොදාගැනීම ආදිය රාජ්‍යයන් සහ රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් අතර අභ්‍යන්තර ගැටුම්වලට අදාළව පවතින නෛතික රාමුවේ නොපැහැදිලි ක්ෂේත්රයන් හෙළිකරයි. මෙහි ප්‍රතිඵලය වනුයේ සිවිල් ආරක්ෂිත කලාප තුළ පිහිටුවා ඇති හමුදා ස්ථාන අක්‍රිය කිරීමේ අවශ්‍යතාවය ඇති රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රහාරාත්මක උපාය මාර්ගයන්ට එරෙහිව ප්‍රතිප්‍රහාරවලට රජය පෙළඹීමෙන් සිවිල් වැසියා අනතුරට ලක් වීමයි.

9. 28 සිවිල් ජනතාවට ආරක්ෂාව සපයන එවන් කලාප පිහිටුවීම සංවාදශීලීව ප්‍රකාශයට පත්කිරීම සඳහා රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් කිසිසේත් එකඟ නොවන තත්ත්වයන් තුළ රජය විසින් ඒකපාර්ශ්විකව යුද මුක්ත කලාපයක් ප්‍රකාශයට පත්කළ පසු තම මෙහෙයුම් හා ප්‍රහාරාත්මක උපාය මාර්ග ප්රගමනයට ඒවා යොදා ගැනීම (නිදසුනක් ලෙස කලාපය තුළ සිsටින සාමාන්‍ය ජනතාව මිනිස් පළිහක් ලෙස යොදා ගැනීම) යනාදිය නිසා සාමාන්‍ය වැසියන් ආරක්ෂා කිරීමේ උභතෝකෝටික ගැටලුවට එක් අතකින් රජය සහ ක්ෂේත්‍ර අණ දෙන්නන් මුහුණ දෙන අතර අනෙක් අතින් යුද මුක්ත කලාපය තුළ සතුරු අවි බලය අක්‍රීය කිරීමේ ගැටලුවට ද මුහුණ දේ.

9.29 යුද මුක්ත කලාපයක් ඒකපාර්ශවිකව ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී ලංකා අත්දැකීම සාමාන්‍ය ජනතාව මධ්‍යයෙහි සිට සිය උපායමාර්ගික ශක්තිය වර්ධනය කර ගැනීමට රජය විසින් නොදැනුවත්ව එල්.ටී.ටී.ඊ.යට අවස්ථාවක් සලසා දුන්නා ද යන විවාදයට මං පාදා ඇත.

9.30 යුද මුක්ත කලාපවල මුඛ්‍ය පරමාර්ථය සුරැකීමට අදාළ ජාත්‍යන්තර මානුෂීය නීතියේ අවශ්‍යතාවලට අනුරූපීව රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය පසු විපරම් කිරීමේ ගැටලුව ඇතුළු තවත් දුෂ්කර ගැටලු රැසක් පැන නගී. එවන් තත්ත්වයක් ගැන ක්‍රියා කිරීමේදී අනුගමනය කළ යුතු නිසි ප්රමිතීන් සහ ක්‍රියාකාරකම් සම්පාදනය කිරීම ජාත්‍යන්තර ගැටලුවලට අදාළව පවතින ජාත්‍යන්තර මානුෂීය නීතියේ ක්‍රියාත්මකභාවයට බලපාන සමකාලීන අභියෝග ජය ගැනීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ.

[QUOTE="පැටියා, post: 12361189, member: 228926"] [SIZE="3"][U]උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව[/U] ප්‍රධාන නිරීක්ෂණ හා නිර්දේශයන්හි සාරාංශය එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ආරම්භ කරන ලද IV වැනි ඊළාම් යුද්ධයට එරෙහිව ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක හමුදාව විසින් ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව විසින් නගනු ලැබූ විවිධ චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබූ උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව එහි සභාපති හිටපු නීතිපති වරයකු වන සී. ආර්. ද සිල්වා මහතා විසින් 2011 නොවැම්බර් මස 20 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බාරදෙනු ලැබීය. 2002 පෙබරවාරි මස 22 වැනිදා එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ රජයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්සන් කළ සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූදා සිට 2009 මැයි 19 වැනි දින එල්. ටී. ටී. ඊ. නායක වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු ප්‍රධාන සාමාජිකයන් ඝාතනයට ලක් වෙමින් කොටි ත්‍රස්තවාදී ගැටුම් අවසන් වූ දිනය දක්වා උතුරු නැගෙනහිර ප්‍රදේශවල සහ දකුණේ සිදුවූ සිද්ධීන් සම්බන්ධව මෙම කොමිසම මගින් විමර්ශනය කරන ලදී. ඒ සඳහා කොමිසමේ විමර්ශන කටයුතු 2010 අගෝස්තු 11 වැනිදා ආරම්භ විය. එහිදී කොමිසම මගින් විවිධ ක්ෂේත්රයන්හි නිරත පුද්ගලයන්ගෙන් සාක්ෂි විමසන ලදී. මෙම සාක්ෂි විමසීමේ කටයුතු සඳහා සභාපති සී. ආර්. ද සිල්වා මහතා සමග කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කළේ නීතිඥවරියක වන මනෝ රාමනාදන්, හිටපු භාණ්ඩාගාර ලේකම්වරයකු වන සී. චන්මුගම්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එච්. එම්. ජී. එස්. පලිහක්කාර, විදේශකටයුතු අමාත්‍යාංශයේ නීති උපදේශකවරයකු ලෙස සේවය කළ රොහාන් පෙරේරා, ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ නිරීක්ෂකයකු සහ අපරාධ නීතිය පිළිබඳ ප්‍රවීණයකු වන මහාචාර්ය කරුණාරත්න හන්ගවත්ත හිටපු මහාධිකරණ විනිසුරුවරයකු වන මැක්ස්වෙල් පරණගම, හිටපු තානාපතිවරයකු වන එස්. බී. අතුගොඩ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන එම්. ටී. එම්. බෆික් යන මහත්ම මහත්මීහුය. ඔවුන් විසින් සකස් කරන ලද වාර්තාවේ ප්‍රධාන නිරීක්ෂණ හා නිර්දේශයන්හි සාරාංශය 2011 දෙසැම්බර් මස 16 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එම ප්‍රධාන නිරීක්ෂණ සහ නිර්දේශයන් මෙසේය. 9 වැනි පරිෙච්දය වාර්තාවේ සඳහන් ප්‍රධාන නිරීක්ෂණ හා නිර්දේශයන්හි සාරාංශයක් පහත දැක්වේ. 02 වැනි පරිච්ඡේදය - සටන් විරාම ගිවිසුම පිළිබඳ නිරීක්ෂණ 9.1 ත්‍රස්තවාදයෙන් හා එයට එරෙහි ප්‍රචණ්ඩත්වයෙන් දශක ගණනාවක් පුරා පීඩා විඳි රටටත් ජනතාවටත් කෙටි කාලීන අස්වැසිල්ලක් සටන් විරාම ගිවිසුම මගින් ලැබුණි. කෙතරම් අස්ථිර හා අවසානයේ ඵල රහිත වුවද අවශ්‍යයෙන්ම පූර්ණ දේශපාලන හෝ ආරක්ෂක රාමුවක් සැපයූයේ නැති වුවද සාකච්ඡාමය විසඳුමක් කරා යොමු වන ක්‍රමවේදයක් සැකසීමේ පදනම සෙවීමට උත්සුක වූ සියලු පාර්ශ්වයන්ට සටන් විරාම ගිවිසුම වෙතින් අවස්ථාවක් සලසා දුනි. එහෙත් මේ කිසිවක් ඒ ආකාරයෙන් සිදු නොවුණ බව පසුකාලීන සිද්ධීන්ගෙන් පැහැදිලි වුණි. 9.2 ශ්‍රී ලංකා සටන් විරාම නිරීක්ෂණ කමිටුවේ ප්‍රධානියා ලෙස එක් අතකින් ද සාම ක්රියාදාමයේ පහසුකම් සලසන්නා ලෙස අනික් අතින්ද නොර්වේ රාජ්‍යය බාරගත් තහවුරු කළ නොහැකි ද්විත්ව භූමිකාව ඇතුළු සටන් විරාම ගිවිසුමේ සංකල්පමය වැරැදි, ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු හා කල්පවත්නා සාම ක්‍රියාදාමයකට උත්තේජනයක් සැපයීමට අපොහොසත් වීම තුළ එය රාජ්‍ය හා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් අතර සාමය ඇති කිරීමේ සාර්ථක මාදිලියක් නොවුණ බව පැහැදිළි විය. තමන් විසින් ප්‍රකාශිත ඊලාම් රාජ්‍යය දිනා ගැනීමේ අරමුණින් ඔබ්බට වෙනත් කිසිදු සාකච්ඡාමය විසඳුමකට එල්.ටී.ටී.ඊ.ය දැක්වූ උදාසීනභාවය මෙන්ම රටේ ප්‍රධාන ප්රජාතන්ත්රවාදී පද්ධතියට අයත් දෙමළ දේශපාලන පක්ෂ ඇතුළු අනෙකුත් විවිධ දේශපාලන කණ්ඩායම් අතර වැදගත් ජාතික ගැටලු පිළිබඳ ප්‍රවේශයක් නොමැති වීම ද මෙම අසංතෘප්ත හා විනාශකාරී අත්දැකීමට දායක විය. 9.3 සංකල්පමය හා ක්‍රියාත්මක කිරීම යන දෙඅංශයෙන්ම සටන් විරාම ගිවිසුමේ වූ අඩුපාඩු පැහැදිලිවම තම වාසිය සඳහා උපයෝගි කර ගත් එල්.ටී.ටී.ඊ. ය එමගින් භූමිය අත්පත් කර ගැනීම හා ඔවුන්ට ලබා දුන්නා වූ පිළිගැනීම තහවුරු කර ගත්තේය. ආයුධ භාර දීම කෙසේ වුවද දේශපාලන සංවාදයක් ආරම්භ කිරීමේ කිsසිදු විධිවිධානයක් නොමැති වීම අයුතු ලෙස ප්‍රයෝජනයට ගත්තේය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නීතිමය සාමූහික ක්‍රියාකාරකම් පිළිබඳව සටන් විරාම ගිවිසුමේ ඇතුළත් නොවීම අනිසි ලෙස යොදා ගත් එල්.ටී.ටී.ඊ.ය එතුළින් දේශීය හා 2001 වසරේ 1373 දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී අවි ජාවාරම්වල නිරත විය. සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීම් වැළැක්වීමට කිසිදු විශ්වාසදායක නිවැරැදි පාලනයක් නොමැතිවීම සිය වාසියට යොදා ගත්තේය. ළමා සොල්දාදුවන් බඳවා ගැනීමේ පිළිකුල් සහගත ක්‍රියාදාමයට එරෙහි ක්‍රියාකාරී පාලනාධිකාරියක් පිළිබඳ සම්පූර්ණයෙන් නොසලකා හැර තිබීම පමණක් නොව කවර හෝ මානව හිමිකම් බැඳීමක් පිළිබඳව කිසිදු සඳහනක් නොවීම ද කපටි ලෙස අපයෝජනය කළේය. 3 වැනි පරිච්ඡේදය සිද්ධීන්වල කථනයන් පමණි. 4 වැනි පරිච්ඡේදය ජාත්‍යන්තර මානුෂීය නීතිය හා සම්බන්ධ අර්බුදයේ අවසාන කාලපරිච්ඡේදයට අදාළ නිරීක්ෂණ හා නිර්දේශ සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීම හා සිවිල් ජනතාවගේ ජිවිත හානි වැළැක්වීමේ පියවර 9.4 ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා හමුවේ ශ්‍රී ලංකා අත්දැකීම් ඇගයීමේ දී සාමාන්‍ය ජනතාව ආරක්ෂා කිරීමට ඉහළම ප්‍රමුඛත්වය ලබා දෙමින් එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට නතුව පැවැති ප්‍රදේශ මුදා ගැනීමට යොදා ගත් හමුදාමය උපාය මාර්ගය ප්රවේශම්කාරී ලෙස ක්‍රියාවට නැංවූවක් ලෙස කොමිසම සෑහීමකට පත්වේ. එමෙන්ම අර්බුදයේ අවසාන කාල වකවානුවේදී සිය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ඉදිරියට යැම ආරක්ෂක අංශ විසින් සිතා මතාම හෙමින් සිදු කළ බව ද කොමිසම සඳහන් කරයි. එය සිවිල් ජීවිත හානි වැළැක්වීමේ හෝ අවම කිරීමේ අරමුණින් දියත් කළ උපාය මාර්ගයක් පිළිබඳ සාක්ෂියකි. 9.5 හමුදා මෙහෙයුම් ක්‍රියාවට නැංවීමේ ප්‍රතිපත්තියක් සැකසීම සඳහා සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා කිරීම එක් ප්‍රධාන සාධකයක්ය යන ස්ථාවරය මෙම සාධකයන් හා සමපාත වේ. සාමාන්‍ය ජනතාව හිතාමතා ඉලක්ක කර ගැනුම ප්‍රතිපත්තියේම අංගයක්ය යන්න එමගින් නිෂ්ප්රභා වේ. කෙසේ වුවද වැඩිදුර විමර්ශනයන් සිදු කළ යුතු විශේෂ සිද්ධීන් ඉහත 4 වැනි පරිච්ඡේදයේ දෙවැනි කොටසේ ඇතුළත්ය. 4.106, 4.107, 4.109, 4.110, හා 4.111 ඡේද බලනු. යුද මුක්ත කලාපය 9.6 වෙඩි හුවමාරුවලදී සාමාන්‍ය ජන ජීවිතයට හානි වූ බව සත්‍යයක් වුවද ඉදිරිපත් වූ සියලු කරුණු හා සිද්ධීන් සලකා බැලීමේදී ආරක්ෂක හමුදා සිතා මතා යුද මුක්ත කලාපයේ සිවිල් වැසියන් ඉලක්ක කර නොගත් බවට කොමිසම නිගමනය කරයි. එමෙන්ම ගැටුමින් මිදී ආරක්ෂක ප්‍රදේශ කරා යැමට උත්සාහ කළ සාමාන්‍ය වැසියන් එල්.ටී.ටී.ඊ.යේ ඉලක්ක වීම හා ඔවුන්ගේ ඝාතන, බිම් බෝම්බ තර්ජන හා එමගින් සාමාන්‍ය ජනතාවට සිදු වූ ජීවිත හානි හා තුවාල, නන්දිකඩාල් කලපුව තරණය කිරීමේදී නොවැළැක්විය හැකි උපද්‍රවයන් සිවිල් ජීවිත හානිවලට සාමූහිකව දායක විය. එසේම එල්.ටී.ටී.ඊ. අවි ස්ථානගත කර ඇති ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම හමුදා ප්‍රහාරවල අරමුණට අදාළ හා අනුරූපී දායකත්වයක් වනු ඇති බවට සාධාරණ විශ්වාසයක් තැබුවා විය හැකි බව නිගමනය කිරීම ද යුක්ති සහගතය. 9.7 ඉහත නිගමනවලට එළඹීමෙන් පසු ආරක්ෂක හමුදා විසින් සිවිල් ජනතාව සිතා මතා ඉලක්ක කිරීමක් සිදු නොකළ ද, ආරක්ෂක හමුදා විසින් යුද මුක්ත කලාපයට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබීම සමානුපාතිකතාව පිළිබඳ මූලධර්මය ඉක්මවා යැමක් ද යන්න පිළිබඳව සලකා බැලීම ද කොමිසමේ වගකීමකි. ඉහත සඳහන් පරිදි එදා පැවැති තත්ත්වයේ සංකීර්ණත්වය මත සියලු අංශයන් පිළිබඳව ඉතා සුපරික්ෂාකාරී විමර්ශනයකින් පසු කොමිසමේ අදහස වන්නේ පෙර අත් නොවිඳි අත්දැකීමකට මුහුණ දුන් ආරක්ෂක අංශවලට වෙනත් විකල්පයක් නොවූ බවත්, පැවති වාතාවරණයක් තුළ ගත හැකි සියලු ප්‍රායෝගික පූර්වෝපායයන් ගෙන ඇති බවත්ය. 9.8 යුදමය මෙහෙයුම් අතරතුර සිදු වූ මරණ, තුවාල සහ දේපළ හානි ගැන රාජ්‍ය වගකීම හා බැඳුණු ප්‍රශ්න නිශ්චය කිරීමේදී සියලු සහායක සිද්ධි කාරණාවල ප්‍රමාණවත් වාර්තා කිරීමත් සමග "ප්‍රහාරාත්මක ක්‍රියාව" සිදු වූ තත්ත්වයන්, විනිශ්චය සභාවක් ඉදිරියේ ප්‍රතිනිර්මාණය කිරීම, දැනුම සහ මත අනුව විස්තර කරන ජාත්‍යන්තර අධිකරණ විසින් "කෙසේවත් සිදුවිය නොහැකි සේ පෙනෙන" බවට විස්තර කර ඇති බව මෙම පසුබිම තුළ මතකයට නැගීම ද අදාළ වේ. 9.9 කොමිසමේ අවධානයට යොමු කර තිබූ සිsවිල් ජන ජීවිත හානි පිළිබඳ නිසැක සිද්ධීන් ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කිරීමේදී මේ හා සමාන දුෂ්කරතාවයන්ට මුහුණ දීමට කොමිසමට සිදුවිය. එවැනි සිද්ධීන් හටගත්තේ කුමන නිශ්චිත වාතාවරණයන් යටතේ ද යන්න පිළිබඳව තීරණය කිරීම කොමිසමට දුෂ්කර වූ අතර (ඉහත 4 පරිච්ඡේදයේ ෂෂ කොටසේ විස්තර කර ඇති 4.106, 4.107, 4.109, 4.110 හා 4.111 ඡේද බලනු) සිවිල් ජනයාට සිදුවූ ජීවිත හානි හා තුවාල පිළිබඳව ආරක්ෂක හමුදාවන්ගේ පිළිගත හැකි සම්බන්ධයක් තිබීමේ හැකියාව වෙත කරුණු යොමු වුවද මෙය සිතාමතා සිවිල් ජනයාට හානියක් සිදු කිරීමේ අදහසින් සිදු කරන ලද්දක් විය නොහැකිය යන්නද බැහැර කළ නොහැක. මෙවන් සිද්ධීන් ඇති වූයේ ඒ නම් කුමන වාතාවරණයක් යටතේ ද යන්න පිළිබඳව පූර්ණ ලෙස විමර්ශනය කිරීම රජයේ වගකීම බව ද එවන් විමර්ශනවලින් හානිදායක චර්යාවන් හෙළිවන්නේ නම් වැරැදි කළ අයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඔවුන්ට දඬුවම් පමුණුවන ලෙසටද කොමිසම අවධාරණය කරයි. මියගිය හා තුවාල ලැබූවන්ගේ ළඟම ඥතීන්ට නිසි සහන සැලසීම සිදු කළ යුත්තේ පෞද්ගලික ෙ€දාන්තයකට මුහුණ දුන් අයට පිළිසරණක් වීමේ මානුෂීය හැඟීමෙනි. එය ඉහත සඳහන් කළ සිද්ධීන්ට මෙන්ම ඉදිරි පරීක්ෂණවලදී හෙළි වන සිද්ධීන්ට ද අදාළ වේ. රෝහල් - තාවකාලික රෝහල් 9.10 සියලු සිද්ධීන් පිළිබඳව සුපරික්ෂාකාරී විමර්ශනයකින් පසුව දේපළ හානි සිදු කරමින් හා තුවාල සිදු කරමින් රෝහල්වලට ෂෙල් ප්‍රහාර පතිතවූ බව කොමිසම නිගමනය කරයි. එහෙත් කොමිසම හමුවේ හෙළිවූ කරුණු තුළින් මෙම සිද්ධීන්ගේ කාලය, නිශ්චිත ප්‍රදේශය හා ප්‍රහාර එල්ල වූ දිශාව පිළිබඳව සලකා බැලීමේදී සිද්ධීන්ගේ නිශ්චිත ස්වභාවය පිළිබඳව තරමක ව්‍යාකූල චිත්‍රයක් මැවේ. 9.11 මෙම පසුබිම මත කොමිසම මුහුණ දුන් අභියෝගය නම් ප්රත්යක්ෂ සාක්ෂි මත පදනම්ව මතභේදාත්මක ක්‍රියාවන්හි වගකීම නිශ්චිත කිරීමයි. 9.12 එලෙස නිශ්චය කිරීමේදී කොමිසම මුහුණ දුන් දුෂ්කරතාවන් දෙයාකාරය. එනම්, (අ) ප්‍රශ්නගත ප්‍රදේශයේ පැවැති ගැටුමේ තීව්‍රතාවය නිසාවෙන් ප්‍රහාරයට ලක්වූ නිශ්චය ස්ථානවල විශේෂ විශ්ලේෂණයක් කර නොමැති බව කොමිසමට පැහැදිළි විය. (ආ) සාක්ෂි දුන් කිසිවකු රෝහල්වලට එල්ලවූ ෂෙල් ප්‍රහාර පැහැදිලි ලෙසම ශ්‍රී ලංකා හමුදාව සිටි ප්‍රදේශයෙන් හෝ එල්.ටී.ටී.ඊ.ය සිටි ප්‍රදේශයෙන් හෝ පමණක් ආරම්භ වූ බවට නිශ්චිතව සහතික කිරීමේ තත්ත්වයක නොසිටියහ. කොමිසම හමුවේ සාක්ෂි දුන් සිවිල් වැසියන් පැවසුයේ දෙපාර්ශ්වයෙන්ම ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වූ බවයි. එක් සාමාන්‍ය වැසියෙකු පැවසූයේ "ෂෙල් වෙඩිල්ලක් වැටුණු විට සාමාන්‍ය පිළිගැනීම වූයේ එය හමුදාවෙන් එල්ල වූ බවත් එහෙත් එය එසේම බව නිසැකව පැවසිය නොහැකි බවත්ය". හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ඔහුගේ සාක්ෂි දීමේදී කියා සිටියේ පුදුමාතලන් රෝහලට වැරදීමකින් එල්.ටී.ටී.ඊ.යෙන් ෂෙල් ප්‍රහාර එල්ල වූ බවත් ඔවුන් පසුව ඒ ගැන සමාව ඉල්ලූ බවත්ය. 9.13 රෝහල්වලට එල්ල වූ ෂෙල් ප්‍රහාර හා ජීවිත හානි/ දේපළ හානිවලට වගකිව යුත්තේ කවරෙක්ද යන්න පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹීමට කොමිසමට අතිශය දුෂ්කර වූයේ සිද්ධිය පිළිබඳ තාක්ෂණික ස්වභාවයේ සාක්ෂි නොමැති වීම හා සාමාන්‍ය ජනතාවගේ සාක්ෂි ස්වභාවයෙන්ම උභයාර්ථ වන බැවිනි. එහෙයින් ෂෙල් ප්‍රහාරවලට එක් පාර්ශ්වයක් හෝ අනෙක් පාර්ශ්වය වගකිව යුතු බවට නිශ්චිත නිගමනයකට එළඹීමට සාක්ෂි නොමැත. 9.14 ෂෙල් ප්‍රහාර පිළිබඳව කුමන පාර්ශ්වයක් වගකිව යුතුද යන්න ගැන නිශ්චිත නිගමනයකට එළඹීමට කොමිසමට නොහැකි වුවද සිවිල් වැසියන් විසින් ඉදිරිපත් කරනු ලැබූ සාක්ෂි අනුව පෙනී යන්නේ රෝහල්වලට ෂෙල් ප්‍රහාර එල්ල වූ බවත් සමහර අවස්ථාවලදී එමගින් ජිවිත හානි හෝ තුවාල සිදුවූ බවත්ය. ප්රතිසංවිධාන ක්‍රියාදාමය පිළිබඳව විශ්වාසය ගොඩනැගෙන අයුරින් මානුෂීය පියවරක් ලෙස නිසි පරීක්ෂණයකින් පසුව ෂෙල් ප්‍රහාරවලින් පීඩාවට පත්වූවන්ට කඩිනමින් නියමිත සහන සැලසීම ගැන අවධානය යොමු විය යුතුය. අර්බුදයට ලක්ව ඇති ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවට ආහාර, ඖෂධ ඇතුළු මානුෂීය සහනාධාර සැපයීම 9.15 2009 වසරේ මුල් භාගය තෙක් එල්.ටී.ටී.ඊ. පාලනය පැවැති ප්‍රදේශවල සිවිල් ජනතාවට සාධාරණ ලෙස ප්‍රමාණවත් ආහාර සැපයුමක් පැවැති බව කොමිසම පිළිගන්නා අතර එය සරණාගතයන්ගේ පෝෂණය සඳහා ප්‍රමාණවත් යෑයි ජාත්‍යන්තරව පිළිගත් මට්ටමකි. 2009 ජනවාරි තෙක් ගොඩබිමින් යවන ලද ආහාර සැපයුම මේ සඳහා ඉවහල් විය. කෙසේ වෙතත් ගැටුම් තීව්‍රවීමත් නන්දිකඩාල් කලපුව හරහා පුදුමාතලන් පටු භූමිභාගයේදී එල්.ටී.ටී.ඊ.ය විසින් රඳවා ගෙන සිටි විශාල ජන සංඛ්‍යාවකට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට මුහුදු සැපයුම් මාර්ගයකට අවතීර්ණ වීමට රජයට සිදු වීමත් හේතුවෙන් පෙබරවාරි, මාර්තු, අප්‍රේල් හා මැයි මුල් භාගයේදී මෙම ප්‍රමාණවත් සැපයුම අඩු වූ බවක් දක්නට ලැබිණි. පැවැති ගැටුම් මධ්‍යයේ මානුෂීය ආධාර අඛණ්ඩව ගලා යැම සහතික කිරීමට අතිවිශාල ප්‍රායෝගික ගැටලු නොතකා මෙම සැපයුම් ප්‍රවාහනය සිදු කරන ලද බව ඉදිරිපත් වූ සාක්ෂිවලින් කොමිසමට පැහැදිලි විය. 9.16 විපතට පත් සිවිල් වැසියන්ගේ තත්ත්වය නගාසිටුවීම සඳහා පැවැති සීමාවන් මධ්‍යයේ ආහාර සැපයීම් වැඩි ප්‍රමාණයක් මුහුදු මාර්ගයෙන් යෑවූ බව පිළිගත යුතුය. එසේ කළ හැකි වූයේ ප්‍රධාන වශයෙන් රජයේ, විශේෂයෙන් දිසාපතිවරුන් හා ආරක්ෂක අංශ මෙන්ම ජාත්‍යන්තර රතුකුරුස (ICRC) හා ලෝක ආහාර වැඩසටහන (WFP) සහ අවසන් යුද මුක්ත කලාපවල ස්ථානගතව පරාර්ථකාමී සේවාවක නියෑලුණු ස්වෙච්ඡා සේවකයන්ගේද සාමූහික ප්රයත්නය නිසාය. 9.17 ගැටුමේ ගතික ස්වභාවය නිසා හටගත් මෙතෙක් නොවූ විරූ බාධක ද එවන් තත්ත්වයන් හමුවේ උද්ගතවූ බෙදාහැරීම් පද්ධතියේ දුර්වලකම් ද සීමිත සැපයුම් සාධාරණ ලෙස බෙදාහැරීමේ සිට එල්.ටී.ටී.ඊ. ක්‍රියකාරකම් ද නොතකා ශ්‍රී ලංකා රජයත් විශේෂයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සහ ඉහත සඳහන් ජාත්‍යන්තර ආයතන හා වෙනත් ස්වෙච්ඡා සංවිධාන ගැටුම් පැවති අවසාන සති කිහිපය තුළ විපතට පත් පුද්ගලයන්ට සැපයුම් උපරිම ලෙස ලබාදීම සහතික වනු පිණිස ප්‍රශංසනීය සේවාවක් සහ සහයෝගයක් ලබාදුනි. 9.18 කෙසේ වෙතත් මෙම ප්රයත්නයන් හමුවේ ගැටුම් තීව්‍රවීමත් සමගම සිවිල් ජනයාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා තිබූ ආහාර සැපයුම් ප්‍රමාණවත් නොවූ බව පිළිගත යුතු සත්‍යයකි. 2009 පෙබරවාරි මාසයෙන් පසුව පැවැති අතිශය දුෂ්කර තත්ත්වයන් ඉහත 4 වැනි පරිච්ඡේදයේ ෂෂ කොටසේ විස්තරාත්මකව සඳහන් කර ඇත. 9.19 ඉදිරිපත් වූ කරුණු පරීක්ෂා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවගේත් විශේෂයෙන් ඉහත සඳහන් කළ ආයතන මෙන්ම සිවිල් ජන කණ්ඩායම්වලත් සහයෝගයෙන් ජාත්‍යන්තර සහයෝගිතාවේ හා සාමූහිකත්වයේ හැඟීම සහිතව ක්‍රියාවලියේ සුවිශාල ප්‍රායෝගික ගැටලු නොතකා කොටුවී සිටි ජනයාට ආහාර හා වෛද්‍ය පහසුකම් ලබාදීමට හැකි සෑම පියවරක්ම ගත් බවට කොමිසම නිගමනය කරයි. 9.20 එල්.ටී.ටී.ඊ.ය විසින් යුද මුක්ත කලාපවල ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි සාමාන්‍ය ජනතාවගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් වූ සාක්ෂි තමන්ට ලැබුණු බව ද කොමිසම කියා සිටී. අදාළ සිවිල් බලධාරීන්ගේ ලේඛනගත සාක්ෂි මගින් සංඛ්‍යාවන් ඔප්පු කිරීමට කොමිසම කෙතරම් උත්සහා දැරුවා ද ඒ සඳහා අදාළ මූලික ලේඛන කොමිසමට ලබා ගැනීමට නොහැකි විය. කෙසේ වුවත් ලි�ත සාක්ෂි නොමැති වීම, පැවැති තත්ත්වය යටතේ ප්‍රායෝගිකව කළ හැකි දේ කරන ලද බවට වූ සාධකයට තීරණාත්මක බලපෑමක් ඇති කළේ නැත. ඉහත සඳහන් කළ (ICRC ල WFP) වැනි ආයතනවල සහයෝගයෙන් ශ්‍රී ලංකා රජය ගත් උද්යෝගී ප්රයත්නයන් නිසා ප්‍රහාරාත්මක ක්‍රමවේදයක් ලෙස සිවිල් ජනතාව නිරාහාරව තැබීමේ අරමුණින් එහි සිටි ජනගහනය සිතා මතා අඩුකර දැක්වීමක් සිදුවී ඇති බවට අනුමැතියක් නොලැබේ. ඖෂධ සැපයීම 9.21 සියලු සාධක සලකා බැලීමෙන් අනතුරුව කොමිසමට එළඹිය හැකි එකම නිගමනය නම් (හතරවැනි පරිච්ඡේදයේ දෙවැනි කොටසෙහි විස්තර කර ඇති ආකාරයට) සාමාන්‍ය තත්ත්වයන්ට අදාළ විෂය මූලික සම්මතයන්ට අනුව ඖෂධ හිඟයක් තිබූ බව හා ප්‍රමාණවත් සෞඛ්‍ය සේවාවන් සැපයීමක් නොතිබූ බවයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය සලකා බැලිය යුතු වන්නේ ගැටුමේ තීව්‍රතාවය මධ්‍යයේ පැවැති අසාමාන්‍ය තත්වයන් හා ගැටුම් පැවති ප්‍රදේශ හා රෝහල් අතර ඇති සමිපත්වය යන කරුණු මතය. 9.22 කොමිසම හමුවේ ඇති සාක්ෂිවල අවිනිශ්චිත ස්වභාවය සලකන විට අර්බුදයේ අවසන් දින කිහිපයේදී සාමාන්‍ය ජනතාවගේ වෛද්‍ය පහසුකම් සැපයීම පිළිබඳ ගැටලුව ඒ හා සම්බන්ධ මානුෂීය වටිනාකම් හේතුවෙන් තවදුරටත් පරීක්ෂා කිරීමට අවශ්‍ය බව කොමිසම පිළිගනී. එවන් පරීක්ෂණයකදී තුවාල ලත් සාමාන්‍ය ජනතාවගේ සංඛ්‍යාව, තුවාලවල ස්වභාවය, තුවාල ලත් හා ප්‍රතිකාර ලත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සංඛ්‍යාව, ප්‍රතිකාර කිරීමට තාවකාලික රෝහල් සතුවූ පහසුකම් හා සත්‍ය වශයෙන්ම ලබාදුන් සැපයුම් ගැන තක්සේරුවක් යන කරුණු සැලකිල්ලට ගත යුතුය. යටත්වීමෙන්/ අත්අඩංගුවට ගැනීමෙන් පසු අතුරුදන් වීම් පිළිබඳ චෝදනා 9.23 යුද හමුදාව වෙත ඇතැම් පුද්ගලයන් යටත් වෙනු සෘජු ලෙස දුටුවායෑයි පවසන පුද්ගලයන් කිහිප දෙනකුගේ සාක්ෂි (4 වැනි පරිච්ඡේදයේ 11 වැනි කොටසේ 4.242 සිට 4.258 දක්වා විස්තර කර ඇති) අනුව, එවන් චෝදනා ගැන අවශ්‍ය විමර්ශන පැවැත්වීම හා යුද හමුදාවේ සාමාජිකයන් විසින් සිදුකළා යෑයි කියන කිසියම් නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳ සාක්ෂි එවන් විමර්ශනයකින් හෙළිවන අවස්ථාවලදී, වැරැදි කළවුන්ට එරෙහිව නෛතික පියවර ගෙන ඔවුන්ට දඬුවම් පමුණුවාලීම රජය සතු පැහැදිළි වගකීමක් බව කොමිසම අවධාරණය කරයි. යටත් වී නිල භාරකාරත්වයට පත්වීමෙන් පසු අතුරුදන් වීමක් පිළිබඳ චෝදනාවක් ස්ථාපනය වූ විට එය දඬුවම් ලැබිය හැකි වරදක් බව කොමිසම අවධාරණය කරයි. ඒ අනුව එවන් සිද්ධීන් පිළිබඳ පූර්ණ විමර්ශනයක් ආරම්භ කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී නෛතික පියවර ගැනීම යටත් වීමේදී හා මුදාගත් ප්‍රදේශවලට සිවිල් වැසියන් පැමිණෙද්දී ආදර්ශවත් අයුරින් මෙතෙක් බොහෝ දුරට කටයුතු කළ යුද හමුදාවේ කීර්ති නාමය රැකගැනීමේ ද අනිවාර්ය පියවරකි. සුළු සංඛ්‍යාවකගෙ ක්‍රියාවන් නිසා එම සමස්ත චර්යාවටම කැළලක් සිදුවීමට ඉඩ දිය යුතු නැත. එල්.ටී.ටී.ඊ.ය ක්‍රියාකලාපය 9.24 එල්.ටී.ටී.ඊ. විසින් සිදුකරන ලද බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව මානව හිමිකම් පරිච්ඡේදයේ හා එහි ඇමුණුම්වල විස්තරාත්මක ලෙස සඳහන් කර ඇත. 9.25 විශේෂයෙන්ම යුද මුක්ත කලාපයෙහි එල්.ටී.ටී.ඊ.ය විසින් ජාත්‍යන්තර මානුෂීය නීතියේ හරයාත්මක මූලධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කිරීම පිළිබඳව 4 වැනි පරිච්ඡේදයේ ෂෂ කොටසෙහි සඳහන් වේ. කෙසේ වෙතත් අවසාන නිගමනය ලෙසින් කොමිසමේ වගකීම නම් පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමයි. (අ) තම යුදමය ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට සිවිල් වැසියන් පළිහක් ලෙස යොදා ගැනීම සමගින් (ආ) සිවිල් මධ්‍යස්ථානවල යුද උපකරණ ස්ථාපනය කිරීම හා භාවිතය (ඇ) ආරක්ෂිත ප්‍රදේශ කරා ළඟාවීමට උත්සාහ කරන සිවිල් වැසියන්ට වෙඩි තැබීම (ඈ) ගැටුමේ අවසන් අදියරවලදී පවා කුඩා ළමයින් සටන් සඳහා බඳවා ගැනීම (ඉ) සිවිල් වැසියන්ට අන්තරාදායක බව දැන දැනම ගැටුම් කලාපයෙන් පිටත පවා බිම් බෝම්බ හා එල්.ටී.ටී.ඊ.ය විසින්ම සකසන ලද ක්ෂණික පිපිරුම් උපකරණ (Improvised Explosive Devices) ඇටවීම (ඊ) තම යුදමය අරමුණ ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය සේවාවන් සැපයීමට සිවිල් වැසියන් යොදා ගැනීම සහ එමගින් විශේෂයෙන් අවසන් යුද මුක්ත කලාපයන්හි තදබදව සිටි සාමාන්‍ය වැසියන් හා සටන්කරුවන් වෙන් වෙන්ව හඳුනාගැනීමට මුළුමනින්ම පාහේ නොහැකි වීම හා (උ) අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත අහිමිකරමින් මරාගෙන මැරෙන ප්‍රහාර අඛණ්ඩව සිදු කිරීම යන කරුණු ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලධර්ම කෙරෙහි එල්.ටී.ටී.ඊ. සංවිධානය දැක්වූ නිහීන නොසැලකිල්ල තහවුරු කරනවා පමණක් නොව හමුදාමය ජයග්‍රහණයක් අත්කර ගැනීමට සිවිල් ජීවිත කෙරෙහි කිසිදු ගෞරවයක් නොමැති සතුරෙකුට එරෙහිව සටන් කිරීමේදී ආරක්ෂක අංශවලට මුහුණ දීමට සිදුවූ යථාර්ථය ද ඉස්මතු කරයි. 9.26 පරීක්ෂණවලදී චෝදනා ඉදිරිපත් කළ හැකි යෑයි බැලූ බැල්මට පෙනෙන සාධක ඇති එල්.ටී.ටී.ඊ. සටන්කරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමේදී මූලික මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතියේ මූලධර්ම උල්ලංඝනය කිරීම කෙරෙහි නිසි අවධානය යොමුකළ යුතු වන්නේ එම අපරාධයේ බරපතළභාවයට සරිලන පරිදි දඬුවම් නියම කළ යුතු නිසාය. අභ්‍යන්තර ගැටුම්වලට අදාළ ජාත්‍යන්තර මානුෂීය නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිරීක්ෂණ 9.27 රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් සම්බන්ධ වන අභ්‍යන්තර ගැටුම් පාලනයට අදාළ නෛතික රාමුවේ ප්‍රාථමික ස්වභාවය හමුවේ එවන් තත්ත්වයක දී නිරන්තරයෙන්ම පැන නගින ගැටලු. එනම් සිවිල් වැසියන්ට ලබා දෙන සාම්ප්‍රදායික ආරක්ෂාව ගැන රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම්වල නින්දාශීලී නොතැකීම. නිදසුන් "ආරක්ෂිත කලාපයන්" ප්‍රහාරාත්මක උපාය මාර්ගයට බද්ධ කිරීම සහ සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස යොදාගැනීම ආදිය රාජ්‍යයන් සහ රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් අතර අභ්‍යන්තර ගැටුම්වලට අදාළව පවතින නෛතික රාමුවේ නොපැහැදිලි ක්ෂේත්රයන් හෙළිකරයි. මෙහි ප්‍රතිඵලය වනුයේ සිවිල් ආරක්ෂිත කලාප තුළ පිහිටුවා ඇති හමුදා ස්ථාන අක්‍රිය කිරීමේ අවශ්‍යතාවය ඇති රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රහාරාත්මක උපාය මාර්ගයන්ට එරෙහිව ප්‍රතිප්‍රහාරවලට රජය පෙළඹීමෙන් සිවිල් වැසියා අනතුරට ලක් වීමයි. 9. 28 සිවිල් ජනතාවට ආරක්ෂාව සපයන එවන් කලාප පිහිටුවීම සංවාදශීලීව ප්‍රකාශයට පත්කිරීම සඳහා රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් කිසිසේත් එකඟ නොවන තත්ත්වයන් තුළ රජය විසින් ඒකපාර්ශ්විකව යුද මුක්ත කලාපයක් ප්‍රකාශයට පත්කළ පසු තම මෙහෙයුම් හා ප්‍රහාරාත්මක උපාය මාර්ග ප්රගමනයට ඒවා යොදා ගැනීම (නිදසුනක් ලෙස කලාපය තුළ සිsටින සාමාන්‍ය ජනතාව මිනිස් පළිහක් ලෙස යොදා ගැනීම) යනාදිය නිසා සාමාන්‍ය වැසියන් ආරක්ෂා කිරීමේ උභතෝකෝටික ගැටලුවට එක් අතකින් රජය සහ ක්ෂේත්‍ර අණ දෙන්නන් මුහුණ දෙන අතර අනෙක් අතින් යුද මුක්ත කලාපය තුළ සතුරු අවි බලය අක්‍රීය කිරීමේ ගැටලුවට ද මුහුණ දේ. 9.29 යුද මුක්ත කලාපයක් ඒකපාර්ශවිකව ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී ලංකා අත්දැකීම සාමාන්‍ය ජනතාව මධ්‍යයෙහි සිට සිය උපායමාර්ගික ශක්තිය වර්ධනය කර ගැනීමට රජය විසින් නොදැනුවත්ව එල්.ටී.ටී.ඊ.යට අවස්ථාවක් සලසා දුන්නා ද යන විවාදයට මං පාදා ඇත. 9.30 යුද මුක්ත කලාපවල මුඛ්‍ය පරමාර්ථය සුරැකීමට අදාළ ජාත්‍යන්තර මානුෂීය නීතියේ අවශ්‍යතාවලට අනුරූපීව රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරීත්වය පසු විපරම් කිරීමේ ගැටලුව ඇතුළු තවත් දුෂ්කර ගැටලු රැසක් පැන නගී. එවන් තත්ත්වයක් ගැන ක්‍රියා කිරීමේදී අනුගමනය කළ යුතු නිසි ප්රමිතීන් සහ ක්‍රියාකාරකම් සම්පාදනය කිරීම ජාත්‍යන්තර ගැටලුවලට අදාළව පවතින ජාත්‍යන්තර මානුෂීය නීතියේ ක්‍රියාත්මකභාවයට බලපාන සමකාලීන අභියෝග ජය ගැනීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom